5.11.2011

සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටස


හදන්න යන එකා
 මම මේ ළඟදි හැදුවා චූටි රොබොට්ටෙක්. සරලව කිව්වොත් මූ රොබෝ කුරුමිණියෙක්. ඇත්ත කුරුමිණියෙක් වගේ පියාඹන්න බැරිවුනාට මූට පුලුවන් උගෙ ඉස්සරහට බාධකයක් හම්බුනාම පොඩ්ඩක් පස්සට වෙලා වෙන පැත්තකට හැරිලා ලිස්සලා යන්න. බ්ලොග් අවකාසෙත් කට්ටිය ඇතිනෙ ඔය චූටි චූටි ට්‍රොනික් වැඩ වලට කැමති. ඔන්න ඒ කට්ටියට තමයි මේ post එක. මුල ඉඳන්ම කියලා දෙන්නයි යන්නෙ මම රොබෝ ටික්කා හැදුව හැටි. මේ වැඩේට ආසාවක් තියෙන කට්ටිය නමෝ විත්තියෙන් අතගැහුවානම්  ඕං.... බයවෙන්න කාරියක් නෑ. මූලික දැනුම ඕනෙම නෑ. මොලෙත් ඕනෙම නෑ. බඩු ටික හොයාගන්න පුලුවන්නම් ගොඩ. 

1 වෙනි පියවර - බඩු ටික හොයා ගැනීම.
මේ රූපෙ තියන බඩු ටික තමයි ඕනෙ.


1) 1.5v මෝටර් දෙකක්  - මේ මෝටර් කඩෙන් ඉල්ලද්දී වෙසක් මෝටර් කියලා ඉල්ලන්න. හරි විදිහට  කියන්න ගියොත් ලෙඩ ගොඩයි.

2) මෙටල් ලීවරයක් තියෙන SPDT ස්විච් දෙකක් ඕනෙ. (SPDT ( single pole double throw ) switches with a metal lever )  - මේක ගැන නම් විශේෂයෙන් කියන්න ඕනෙ මොකද මේක හොයන්න ගිහින් මම ලොකු කට්ටක් කාපු නිසා. SPDT ස්විච් කියලා ඉල්ලුවට කවදාවත් ඕක ලැබෙන්නේ නෑ. ඒක නිසා ලීවර් ස්විච් කියලා ඉල්ලන්න. ස්විච් එක ගැන විස්තරෙත් කියන්න. පහල තියෙනවා ලංකාවේ හොයාගන්න තියෙන SPDT ස්විච් එකක පිංතූරයක් පුලුවන්නම් ඒක කඩේට පෙන්නලා අහන්න. නැත්නම් ඊටත් පහල රූපෙ කොලයක ඇඳගෙන යන්නකො. ඕක අහපු ගමන් නෑ කිව්වත් හොඳට විස්තර කරලා කියන්න.
SPDT switch


ස්විච් එක වැඩ කරන හැටි

3) Terminal connector 2ක් ඕනෙ. පහල පිංතූරෙ තියනවා මම දාපු connector එකක්.

 

4) පෙන්ටෝච්(AA) බැටරි හෝල්ඩර් එකක් ඕනෙ.

5)මොකක් හරි කැරකෙන පබළු ඇටයක් වගේ එකක් ඕනෙ. බොබින් එකක් වුනත් කමක් නෑ.

6) on/off කරන්න ස්විච් එකක්. මෙන්න මේ වගේ.

7) ලොකු ක්ලිප් කටු කීපයක්. හොයාගන්න නැත්නම් ටිකක් හයිය කම්බියක් ගන්නකො.

8) සර්කිට් වයර් යාර දෙකක් විතර

9) හීට් ශ්‍රින්ක්(Heat shrink) පොඩි කෑල්ලක්. Heat sink නෙමෙයි හරිද. මුදලාලි දන්නෙ නැත්නම් කියන්න වයර් දෙකක් ජොයින්ට් කරද්දි මැද්දට දාලා රත් කරන වයර් එකක් වගෙ දිග එකක්. හරියටම කිව්වොත් ප්ලාස්ටික්වලින් හදපු වෑල්ව් ටියුබ් එකක් වගේ එකක්. මෝටරේ කූරට දාන්න ගැලපෙන තරම් චූටි හිලක් තියෙන එකක් තමයි ඕනා.

10) 1"පළල 3"දිග ඇලුමීනියම් කෑල්ලක්. නිකං තහඩු කෑල්ලක් වුනත් කාරි නෑ.

11) පෙන්ටෝච් බැටරි(AA) දෙකක්.

12) ටේප් රෝලක්.

13) බවුත් එකක් හා ඊයම්. අහල පහල කෙනෙක්ගෙන් ඉල්ලා ගන්න.

14) අහක දාන පියනක්. ජෙල් එකක ක්‍රීම් එකක පියනක්.

15) super glue එකක්.

16) අවශ්‍ය පමණට උනන්දුව .

ඔන්න දැන් බඩු ටික හරි. ඊලඟට රොබා හදන්න තමයි තියෙන්නෙ.ඔක්කොම මේ post එකේම කියන්න ගියොත් දිග වැඩි වෙයි නේද? බඩු ටික හොයා ගන්න.ඉතිරි ටික ඊලඟ post එකට දාන්නම්.

සරල රොබොට්ටෙක් හදමු....... 2 කොටස

ඔයාලගෙ අදහස් මට කියන්නකො. මොකක් හරි ප්‍රශ්නයක් හරි තේරෙන්නේ නැති දෙයක් හරි තියෙනවනම් මට කියන්න.

-හරී -

ප.ලි. : කියන්න අමතක වුනා මේ බඩු වලට එච්චර වියදමක් යන්නේ නෑ. මෝටරයක් රු.30ක් විතර වෙයි. SPDT එකක් රු.10යි. connector එකක් 5යි. බැටරි හෝල්ඩර් එකක් රු.20ක් විතර. Heat shrink නිකනුත් දෙයි.

17 comments:

  1. ෂහ් එල වැඩක්නෙ ......... බලන්න ඕන ට්‍රයි කරලා .........

    ReplyDelete
  2. මමත් බඩු ටික එකතු කරගෙන එන්නම් රොබෝවා හදන්න. නියම පෝස්ටුවක්.මේක නම් හරිම සරල පාටයි. එල එල

    ReplyDelete
  3. එළ එළ, හරී පට්ට ඩයල් එකක්නෙ.

    ReplyDelete
  4. @ කල්හාර දිසානායක :ට්‍රයි කරමු ට්‍රයි කරමු වැඩේ අමාරු නෑ....

    @ මෝල්ඩර් ෆයිල්ස් :ස්තුතියි සහෝ...

    @ මධුරංග :සරලයි සුගමයි....බඩු ටික හොයාගන්නකො මම කියලා දෙන්නම් හදන හැටි...

    @ Saranga Rathnayake :පට්ට ඝනය හරිද?.....
    එච්චර අමාරු දෙයක් නෙමෙයි සහෝ.... ඕනෙම කෙනෙක්ට කරන්න පුලුවන්....ඔයත් උත්සාහ කරලා බලන්න...

    ReplyDelete
  5. ඉක්මනට ඒ ලිපියත් දාන්න සහෝ. නැත්නම් කඩුව ගිල්ලා වගේ තියෙයි.

    ReplyDelete
  6. @ මධුරංග: හරි හරි උඹලගෙ කරදරේ, ඔන්න දැම්මා...

    @ චතුරංග පෙරේරා | chathuranga Perera :ඔන්න දැම්මෝ....

    ReplyDelete
  7. නියමය්. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙය්.

    ReplyDelete
  8. @ TechConsultLK :අනිවාර්යෙන් කට්ටිය රොබා හදන්න ඕනෙ.... එහෙම නොකලොත් මම මේක ලිව්ව එකත් අපරාදෙනෙ....

    ස්තුතියි සහෝ........

    ReplyDelete
  9. එල රොබෝ ටික්කා!
    මමත් හදන්න ඕනෙ මේකව

    ReplyDelete
  10. @සසීන්ද්‍ර වීරසිංහ :හදමු හදමු......ලේසි වැඩක්......

    ReplyDelete
  11. හරී මරු වැඩක්, මචං!!!

    ReplyDelete
  12. @Madhuka :බොහොම ස්තුතියි ප්‍රතිචාරයට... ඔයත් රොබෝ හදන්න ගත්තා නම්....

    ReplyDelete
  13. අඩේ මට මේක මිස් වෙලානේ.. ස්තුති හරි !

    ReplyDelete
  14. අඩේ... මාත් හදනෝ...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...