3.25.2012

පාප්තුමා 6 - දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමාව ඝාතනය කිරීමට දැරූ උත්සාහය

මේ ලිපි පෙළේ 6වැනි ලිපියයි ලියවෙන්නෙ. අද කියන්න යන්නෙ මුලු ලෝකයම සසල කළ,  1981දී දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමාව ඝාතනය කිරීමට දැරූ උත්සාහය( Pope John Paul II assassination attempt)ත් ඒ ආශ්‍රිත සිදුවීම් පෙළත් පිළිබඳව. මීට කලින් ලිපි 5ක්ම ලියපු පාප්තුමා කතා මාලාව අදින් ඉවර කරන්නයි හිතාන ඉන්නෙ. කලින් ලිපි ටික බැලුවෙ නැති කෙනෙකුට කැමතිනම් ඒ ලිපිත් බලන්න පුලුවන්. මම ලියාගෙන ගිය ක්‍රමේ අනුව ඒවා නොබැලුවා කියලත් ප්‍රශ්නයක් නෑ. මොකද එක එක ලිපිවල තියෙන්නෙ වෙන වෙන කතා. නමුත් ඔක්කොම ලිපි එකට ගත්තාම එකම කතාවක් වෙන විදිහටයි ලියලා තියෙන්නෙ. ඔන්න පහළ ලින්ක් වලින් යන්න.

5. නිල ලාංඡන

එහෙනම් අපි  අද ලිපියට යමු. ලිපිය පොඩ්ඩක් දිගයි. අමාරුවෙන් ලියපු නිසාම ඉවසීමෙන් කියවන ලෙස ඉල්ලා සිටිනවා.

සාන්ත පීතර බැසිලිකාව හා චතුරස්‍රය
1981  අවුරුද්දෙ මැයි මාසෙ 13වෙනිදා බදාදා දවසක්. ඒවගේම පාතිමා මෑණියන්ගේ මංගල්‍යය දිනය. රෝම නුවර වතිකානු රාජ්‍යයේ සාන්ත පීතර චතුරස්‍රයට විවිධ රටවලින් පැමිනි 20,000 කට අධිම ජනතාවක් රැස්වී සිටියා. වතිකානුව බලා පැමිණි කිතුනු නොකිතුනු හැමෝගෙම බලාපොරොත්තුව වුනේ කතෝලික සභාවේ නායකයාව සියසින් දැකගෙන උන් වහන්සේගේ ආශිර්වාද ලබාගැනීම.

පුල පුලා බලා සිටි මොහොත එළඹුණා. කිතුනු සභාවේ අසාහය නායකයා සුදෝසුදු ඇඳුමින් සැරසී තම සුදුපැහැ විවෘත නිල රථයේ නැගී ජනතාව වෙත පැමිණියා. හැමෝගෙම ඇස් වල සතුටු කඳුළු. ජනතාවගේ ප්‍රීති ඝෝෂා මැද පාප්තුමා තම සැදැහැවතුන්ට ආශිර්වාද කළා. පොඩි දරුවන් සිප වැළඳ ගත්තා. නමුත් ඒ සතුටු කඳුළු ප්‍රීතිඝෝෂා, දුක් කඳුළු අඳෝනා බවට පත්වන්නට ගතවූයේ සුළු මොහොතයි. ඇස් පිල්ලන් ගහන නිමේශයෙන් ජනතාව දැක්කේ තමුන්ගේ නායකයා තම රථය තුළ ඇදවැටෙන අවස්ථාවයි. දසතින්ම නැගෙන දුක්කඳුළු අදෝනා මැද එතුමාගේ පෞද්ගලික ආරක්ශකයින් වහා ක්‍රියාත්මක වී එතුමාව රෝහල කරා රැගෙන යනවා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මුහමත් අලි අග්කා (Mehmet Ali Ağca) උපතින් තුර්කි ජාතිකයෙක්. ළමාවියෙන් යොවුන්වියට එළඹෙමින් සිටින අග්කා යොමුවෙන්නේ දුසිරිත පැත්තටමයි. යොවුන්වියේ එළිපත්තේ සිටින ඔහු තමුන්ගේ නගරයේ විවිධ කල්ලි වලට එකතුවී දුරාචාරයේ යෙදෙනවා. විවිධ අපරාධ වලට සම්බන්ධ වෙනවා. ඔහුට මුදල් ගලාඒමට පටන් ගන්නෙ තුර්කියත් බල්ගේරියාවත් අතර කෙරෙන ජාවාරම් කටයුතු වලින්.

බල්ගේරියානු කොමියුනිස්ට් ආණ්ඩුවේ මුදල් යෙදවීම මත පලස්තීන විමුක්තිකාමී සංවිධානයකට  (Popular Front for the Liberation of Palestine) මාස දෙකක අවි පුහුණුවකුත් යුධ පුහුණුවකුත් ලැබෙන්නෙ ඔය අතරෙදි. එම සංවිධානයේ සාමාජිකයෙකු ලෙස මේ පුහුණුවට සහභාගි වෙන අග්කා ඉන්පසු ග්‍රේ වුල්ව්ස්(Grey Wolves) නම් ත්‍රස්තවාදී කල්ලියට එකතු වෙනවා. තම කල්ලියේ මෙහෙයවීම මත Abdi İpekçi නම් පුවත්පත් කලාවේදියා මරාදැමීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුනත් Abdullah Çatlı නම් ග්‍රේ වුල්ව්ස් සංවිධානයේ ඉහළපෙළේ නායකයෙකු හා අයත් තුර්කි මාෆියා රජෙකු විසින් හයමසකට පසු ඔහු හිරෙන් ගලවා ගන්නවා. බොහෝ දෙනාගේ අදහස වන්නේ Abdullah Çatlıගේ යටිහිතේ තිබුනු අදහසක් මතම අග්කාව සිරභාරයෙන් මුදවාගත් බවයි.

ඔය අතර අග්කාට ඔහු ලෝක ප්‍රසිද්ධ කිරීමට සමත්වන මීළඟ මිනීමැරීමේ කොන්ත්‍රාත්තුව ලැබෙනවා. එය තුර්කියෙන් පිට එකක්. ඔහුට අණලැබෙන්නේ රට රටවල දේශසීමා පසුකරමින් ඉලක්කය සොයාගොස් විනාශ කරන්න. ඉහළින් ලැබුනු අණත් උදව් උපකාරත් රැගෙන අලි අග්කා මේ ගමන අරඹන්නේ 1980 අගෝස්තු මාසෙ. දේශසීමා පනිමින් විවිධ නම් වලින් පෙනී සිටිමින් තමන්ට ලැබුනු හොර පාස්පෝට්, හොර අයිඩෙන්ටි පාවිච්චි කරමින් ඉතාලියේ මිලාන් නුවරට පැමිණෙන අග්කාට පුලුවන් වෙනවා රෝමය බලා යන කෝච්චියකට නැගගන්න. ඒ කෝච්චිය අග්කාවත් රැගෙන 1981 මැයි 10 වෙනිදා රෝමයට එන්නෙ ඉදිරියේදී සිදුවීමට යන කිසිවක් දැනගෙන නොවේ.

සිද්ධියෙන් පසුව ලබාගත් අග්කාගෙ කට උත්තරයට අනුව රෝමයේදී මේ මෙහෙයුමට සම්බන්ධ  තවත් තිදෙනෙක් මුණගැහෙනවා. එක් අයෙක් තුර්කි ජාතිකයෙක් අනික් දෙදෙනා බල්ගේරියානුවන්. අග්කා වරක් කී පරිදි මෙහෙයුම මෙහෙයවන්නෙ Zilo Vassilev විසින් ඔහු ඉතාලි හමුදාවට අනුයුක්තව සිටි බල්ගේරියානු හමුදා සාමාජිකයෙක්(Bulgarian military attaché in Italy). අග්කා කියන ආකාරයට මෙහෙයුම සංවිධානය කරන්නෙ Bekir Celenk නම් තුර්කි ජාතික මාෆියාවෙක්. නමුත්  Le Monde diplomatique පුවත්පත කියන්නෙ මේක සංවිධානය කරන්න ඇත්තෙ Bekir Celenkගෙන් ලබාගත් මාක් මිලියන 3 ක් වෙනුවෙන් Abdullah Çatlı බවයි.

අග්කා තවදුරටත් කියන ආකාරයට ඉද්ධිය සිදුවූ අවස්ථාවේ ඔහුත් සමඟ තවත් තුර්කි ජාතිකයෙක් සහයක තුවක්කුකරුවෙක් වශයෙන් ඉඳලා තියෙනවා. ඔවුන්ගේ උපාය වී ඇත්තෙ පාප්තුමාට වෙඩි තැබීමෙන් පසු සුළු පිපුරුමක් කර වෙඩි තබමින් පලායාමට. පිපිරුම කිරීමටත් දෙවැනි වෙඩිතැබීමටත් සූදානමින් ඉඳලා තියෙන්නෙ අනෙක් පුද්ගලයා. නියම කරගත් දින, එනම් මැයි මස 13වෙනි දින, පාප්තුමා ජනතාව අතරට එනතුරු වතිකානුවෙන් මිළදීගත් සුභපැතුම් පත් ලියමින් තමයි ඔවුන් ඉඳලා තියෙන්නෙ.

ජනතාව අතරට ආ පාප්තුමා ජනතාවට ආශිර්වාද කරමින් පැමිණ ඔවුන් පසු කර යද්දීම ක්‍රියාත්මක වන අග්කා තමන්ගේ Browning Hi-Power වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලය ගෙන වෙඩි පහර කීපයක් පාප්තුමා දෙසට එල්ල කරනවා. මෙයින් දෙකක් පාප්තුමාගේ කුඩාබඩවැලත් මහාබඩවැලත් පසාරු කරගෙන යනවා. තවත් දෙකක් වදින්නෙ අත් දෙකට. ළඟපාත සිටි දෙදෙනෙකුත් තුවාල ලබනවා. අග්කාට අනුව ඉන්පසු කළයුත්තේ  පිපිරුම සිදුකර වෙඩි තබමින් පැනයාම වුවත් කිසිම පිපිරුමක්වත් වෙඩි තැබීමක්වත් සිදුවෙන්නෙ නෑ. ඒත් සමඟම අසල සිටි කන්‍යා සහෝදරියක් ඇතුළු පිරිසකගේ මැදිහත්වීම මත අග්කාට පැන යන්න ලැබෙන්නේ නෑ. අග්කා කියන විදිහට Oral Çelik නම් සහයකයෙක් හිටියානම් කලබල අස්සේ  තමාට බාරවූ කාර්‍යයත් නොකර Çelik අග්කාව දමා පැන යනවා.

සිද්ධිය කැමරා කාචයක සටහන්වී තිබූ අයුරු

වෙඩි පහරින් තුවාල ලැබූ පාප්තුමාව මුලින්ම ගෙනියන්නෙ එතුමාගේ වාසස්ථානයට. එයට හේතු වන්නේ එතුමාගේ තුවාල පිටතට එතරම් බරපතල ලෙස නොපෙනීම. නමුත් හෘදස්පන්දනයත් රුධිර පීඩනයත් පවතින්නේ භයානක මට්ටමක නිසා වහාම  ගෙම්ලි ( Gemelli ) රෝහලට ඇතුළත් කරනු ලබනවා. සිද්ධිය තවත් බරපතල වෙන්නෙ රෝහලේ ශල්‍ය වෛද්‍ය Francesco Crucitti මහතා ඒ වනවිට රෝහලේ නොසිටීමයි. හදිසි කැඳවීමකින් ඔහු පැමිණෙන නමුත් ආරක්ෂක නිලධාරීන් ඔහුට ඇතුල්වීමට අවසර නොදෙන්නෙ තත්වය තවත් බරපතල කරමින්. නමුත් ආරක්ෂකයින්ගේ සැකය දුරුවීමෙන් පසු ඔහුට වරම් ලැබෙනවා ඇතුළට යන්න. ඒ වනවිට පාප්තුමා අති බරපතල තත්වයකයි පසුවෙන්නෙ.

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් ඔහුගේ රුධිරයෙන් භාගයක් හෝ වැඩිම වුනොත් තුනෙන් දෙකක් ඉවත් වුවොත් මරණයට පත් වෙනවාලු. නමුත් ඒවනවිට පාප්තුමාගේ රුධිරයෙන් හතරෙන් තුනක්ම ඉවත්වෙලා මරණාසන්න තත්වයට පත්වෙලයි තිබුනෙ. පාප්තුමාට සිහිය නොතිබුනත්  ජීවිතය බේරාගතහැකිවෙතැයි විශ්වාස කළ නිසා එතුමාට පැය 6ක ශල්‍යකර්මයක් නියම වුනා. සමහර තැන්වල කියවෙන පරිදි ශල්‍ය කර්මයට පෙර මඳ සිහිය ලැබූ එතුමා තමුන් පැලඳ සීටි දුඹුරු පැහැති scalpar එක ඉවත් නොකරන ලෙස ඉල්ලා සිටියෙ පාතිමා මෑණියෝ තම ජීවිතය ගලවාදේවි යැයි අධික විශ්වාසයෙන්ලු. වෛද්‍යවරුන්ගේ නොපසුබට උත්සාහයත් පාප්තුමාගේ අචල විශ්වාසයත් පලදරමින් ආශ්චර්යමත් ලෙස එතුමා නැවත ජීවිතය ලබනවා.

පහතින් දැක්වෙන්නෙ පාප්තුමාට වෙඩි තැබීමේ අවස්ථාව දැක්වෙන වීඩියෝවක්. කාලය මිනිත්තු දෙකයි. සිද්ධිය පිළිබඳ ලොකු වැටහීමක් වගේම මම මේ ලිපි මාලාව තුළ කියපු දේවලින් සමහර දේවල් දැකගන්න මෙය ප්‍රයෝජනවත් වේවි. වෙඩි තැබීමේ සිද්ධියක් වුනත් මෙහි සංවේදී දර්ශන නෑ. හැමෝටම බලන්න පුලුවන්.

 

මුලින් සඳහන් කළ පරිදි නම සඳහන් නොවූ කන්‍යා සහෝදරියකගේත් අසල රැස්ව සිටි ජනතාවගේත් ක්‍රියාකලාපය නිසා 23 හැවිරිදි අග්කා කොටු වෙනවා  පොලිස් අත්ඩංගුවට පත්වෙනවා..   ඊළඟට සිදුවෙන්නෙ අග්කාගෙන් කට උත්තර ගැනීම. අග්කාගේ කට උත්තර ගැන නීතිවේදී Antonio Marini කියන්නෙ මෙහෙමයි. "අග්කා අපි ඔක්කොම අල්ලෙ නටෝනවා. එක එක වෙලාවට කියන්නෙ එකිනෙකට වෙනස් සීයක් විතර බොරු. මේක නිසා අපිට සිද්ධවෙලා තියෙනවා පැති දහයකින් විතර පරීක්ෂණ කරන්න" ඉතාලි පොලීසිය කියන්නෙත් අග්කා පළපුරුදු බොරුකාරයෙකු බවයි. සත්‍යම කතාව ලෙස පෙනෙන විදිහට එක් එක් කණ්ඩායම් ඉලක්ක කරමින් සම්පූර්ණ බොරුවක් කියන්න අග්කාට පුලුවන්. කලින් සඳහන් කළ පුවත්පත් කලාවේදියා මරාදැමීමෙ සිද්ධියෙදිත් අග්කා යොදාගෙන තිබුනෙ මේ උපාය. අග්කා සෘජුවම වැරදිකාරයා වුවත් ඔහු පසුපස සිටින්නේ කවුදැයි සොයාගැනීම ඔහු මේ අවස්ථාවේදීත් වළක්වනවා. ඊට අමතරව විටින් විට දෙවියන් වහන්සේ විසින් තමාව එව්වා යැයිද ප්‍රකාශ කර තිබෙනවා.

අග්කා සිද්ධිය කෙතරම් පටලවනවාදැයි කිව්වොත් අවසාන වශයෙන් 2010දීත් අලුත් කතාවක් පවසා තිබෙනවා. අග්කා කියූ කරුණු අනුවත් යම්යම් පුද්ගලයින්ගේ පරීක්ෂණ අනුවත් සිද්ධිය පසුපස සිටියේ කවුදැයි සෙවීම පසෙක තබා අපි ඊළඟට සිදුවූයේ කුමක්දැයි බලමු.

අග්කාට සමාව දෙමින්
අග්කාගෙන් සිද්ධිය පසුපස සිටින්නේ කවුදැයි වැටහීමක් ලබාගැනීමට නොහැකිමුත් සෘජුවැරදිකරු වශයෙන් ඉතාලි අධිකරණය අග්කා ජීවිතාන්තය දක්වා සිරදඬුවමට යටත් කරනවා. තුවාල ලබා සිටියදී පවා "මගේ සහෝදරයා(අග්කා) වෙනුවෙන් යාච්ඤා කරන්න. මම ඔහුට සමාව දී අවසන් " යැයි පැවසූ පාප්වහන්සේ 1983 නත්තලට පසු අග්කා හමුවීමට රෝම නුවර සිරමැදිරියට යනවා. පාප්තුමා සිරමැදිරියෙන් එළියට එන්නෙ  මිනිත්තු 20ක පමණ කතාබහකින් පස්සෙ අග්කා පාප්තුමාගෙ මුදුව සිඹීමෙනුත් පසුව. පාප්තුමා ඉතාලි රජයෙන් ඉල්ලා සිටිනවා තමා අග්කාට සම්පූර්ණ සමාව දානය කරැති බැවින් ඔහු මුදාහරින ලෙස.  සිරමැදිරිය ඇතුළේ සිදුවූ සාකච්ඡාව ගැන පාප්තුමා කියන්නෙ මෙච්චරයි.
"ඒ කතාවෙච්ච සේරම දේවල් අපි දෙදෙනා අතර රහසක්ව තිබුනාවෙ. මම ඔහුට කතා කලේ මගේ සහෝදරයෙකුට වගේ. මම ඔහුට සමාව දුන්නා. මට ඔහුව විශ්වාසයි."

"What we talked about will have to remain a secret between him and me. I spoke to him as a brother whom I have pardoned and who has my complete trust.″

අග්කාගේ මව හමුවීම
නමුත් ඉතාලි රජයෙන් අග්කාට සමාව ලැබෙන්නේ නෑ. අග්කා පාප්තුමාගේ මිත්‍රයෙකු ලෙස ඉතාලි සිරමැදිරියක ජීවත්වෙනවා. 1987 දී අග්කාගේ මවත් 1997දී අග්කාගේ සහෝදරයාත් පාප්තුමා මුණගැසී තිබෙනවා. මේ අතර 1997දී ගුවන්යානයක් පැහැරගන්නා පිරිසක් තමුන්ගේ කප්පම ලෙස අග්කා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියත් ඔවුන් සියලුදෙනා අත්ඩංගුවට පත්වෙනවා. වසර 2000 දක්වාම අවුරුදු 19ක් ඉතාලියේ සිරබත් කන අග්කාට නිදහස ලැබෙන්නේ පාප්තුමාගේ ඉල්ලීමට ඉතාලි ජනපති Carlo Azeglio Ciampi එකඟ වීමෙන් පසුයි. 2000 ජුනි මාසයේදී පාප්තුමා ඝාතන උත්සාහයෙන් අග්කා නිදොස්කොට නිදහස් කරන ඉතාලි රජය අග්කාව තුර්කියට පිටුවහල් කරනු ලබනවා.

පාප්තුමාගෙන් සමාව ලැබුනත් ඊට පෙර සිදුකළ වැරදි තවත් ඔහු පසුපස පන්නනවා. ඔහු කළ පෙර වැරදි නිසා තුර්කි අධිකරණයකින් වසර දහයක සිර දඬුවමක් ලැබෙනවා, ඒ 2000 වසරේදි..  බල්ගේරියානු අධිකරණයකින් ද ඔහුට මරණ දඬුවම ලැබුනත් කුමක් හෝ නීතිමය ගැටළුවක් මත එය ක්‍රියාත්මක නොකළහැකි බවයි පැවසෙන්නෙ. තුර්කි අධිකරණයෙන් නියමවූ දසවසරක සිරදඬුවම අවසානයේ අග්කා 2010දී නිදහස් වෙන්නෙ 1981සිට අඛණ්ඩව ලැබූ අවුරුදු 29ක සිරදඬුවමකින් පස්සෙ. 2005දී මරණාසන්නව සිටි පාප්තුමාට සුවය පතා ලිපිත් යැවූ නමුත්  තම රහස රැකගෙන ඔහු තවමත් ජීවත් වෙනවා. කලින් වතාවකදී ජනතාවගේ මෙසියස් වහන්සේ තමාබව කී නමුත්  2007දී  ඔහු කිතුදහම වැළඳගන්නවා. ඔහු මානසික රෝගියෙක්ද නැතිනම් උවමනාවෙන්ම මෙසේ හැසිරෙනවාදැයි කවුරුත් දන්නෙ නෑ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

පාතිමා සිද්ධස්ථානයෙදී
සුවය ලබමින් සිටි පාප්තුමා
තමන් වහන්සේගේ රුධිරයෙන් හතරෙන් තුනක් ඉවත්ව තිබියදීත් ආශ්චර්යවත් ලෙස සුවය ලබන පාප්තුමා ඊළඟ අවුරුද්දෙ පෘතුගාලයේ පාතිමා මෑණියන්ගේ සිද්ධස්ථානය වෙත යන්නේ තම ජීවිතය රැකදීම වෙනුවෙන් එතුමියට ස්තුති කිරීමට. තමුන්ගේ ඝාතන උත්සාහයෙන් හරියටම අවුරුද්දකට පසු 1982 මැයි 13 වන දින පාතිමා සිද්ධස්ථානයට යෑමට බලාපොරොත්තුවෙන් සිටි පාප්තුමාට ඊට පෙර දින නොසිතූ කරදරයකට මුහුණපෑමට සිදුවෙනවා.  සාම්ප්‍රදායික කතෝලික දහම අගය කළ, නව වෙනස්වීම්වලට අකැමති, ස්පාඤ්ඤ ජාතික Juan Maria Fernandez y Krohn  නම් පියනමක් පිහියක් රැගෙන පාප්තුමා ඝාතනය කිරීමට පැමිණෙනවා. නමුත් පිහි පාරෙන් පාප්තුමා ගැලවෙනවා. වාර්තාවල දැක්වෙන පරිදි 1978ත් 1989ත් අතර මෙබඳු ඝාතන උත්සාහයන් 22ක් වාර්තාවී තිබෙනවා.

කෙසේ හෝ පාප්තුමා නැවත රෝමයට යන්නෙ පාතිමා සිද්ධස්ථානය වන්දනා කිරීමෙන් පසුවයි. තමන් වහන්සේට වැදුන වෙඩි උණ්ඩවලින් එකක් පාතිමා මෑණියන්ගේ ඔටුන්නේ රඳවන්නෙ එතුමියට කරන ගෞරවයක් හැටියට. ආශ්චර්යමත් ලෙස සුවය ලැබුවත් ඒ සිද්ධියෙන් වූ හානි හේතුකොටගෙන ජීවිතය පුරාම පීඩා විඳීමට එතුමාට සිදුවුනා.    
 
පාප්තුමා ඝාතන උත්සහයේ 30වෙනි වසර වෙනුවෙන් නිකුත් කරපු වීඩියෝවක් තමා පහළ තියෙන්නෙ. මිනිත්තු 3ක වීඩියෝවක්. බැලුවනම් තමා හොඳ. සංවේදී දර්ශන නැත. පාප්තුමාට වෙඩි තැබීමේ සිද්ධියේ සිට පාතිමා සිද්ධස්ථානයට වන්දනා ගමනත් අලි අග්කාට සමාව දීමත් විනාඩි 3ක් තුළ නැරඹීමට හැකිවේවි.


ඝාතන උත්සාහය හා ඉන් අනතුරු සිදුවීම්  විස්තර කරන්න තියෙන්නෙ ඔච්චරයි. දැන් බලමු අලි අග්කාගෙ කට උත්තර අනුවත් විවිධ කණ්ඩායම් විසින් මෙහෙයවූ පරීක්ෂණ අනුවත් සිද්ධිය පිටුපස සිටියේ කවුදැයි කියා.

මුලින්ම චෝදනාව යන්නෙ අග්කා අයත්ව සිටි ග්‍රේ වුල්ව්ස් සංවිධානයට.  Le Monde diplomatique  පුවත්පතට අනුව ග්‍රේ වුල්ව්ස් නායකයෙකුවූ Abdullah Çatlı අග්කාව හිරෙන් නිදහස් කරගන්නේ මේ මෙහෙයුමට යැවීමටමයි. 1985දී Abdullah Çatlı ගෙන් ලබාගන්නා කටෞත්තරයකදී ඔහු පවසන්නෙ ඔහුට මේ කොන්ත්‍රාත්තුව ලැබෙන්නෙ BND ය ( Bundesnachrichtendienst ) මඟින් බව හා ඒ වෙනුවෙන් විශාල මුදලක් ගෙවීමට ඔවුන් පොරොන්දුවූ බවත්. BND යනු ජර්මනියේ රහස් බුද්ධි අංශයක්. නමුත්  පසුව 1996දී Çatlı මියයන්නෙ අභිරහස් මෝටර්‍රථ අනතුරකින්. විශේෂම සිද්ධිය අනතුරට ලක්වූ මෝටර් රථය තුළ තිබී අග්කා වෙනුවෙන් සෑදූ ව්‍යාජ හැඳුනුම්පතක් හමුවීමයි.

ඊළඟට ඇඟිල්ල දික්වෙන්නෙ බල්ගේරියාවට.  අග්කා නිතරම බල්ගේරියාවට ගිය බවටත් එහි හෝටලයක නැවතී සිටිබවටත් සාක්ෂි ලැබුනා. කොමියුනිස්ට් පාලනයක් තිබූ බල්ගේරියාව විසින් පාප්තුමා ඝාතනයට ග්‍රේ වුල්ව්ස් සාමාජිකයෙක් යොදවන්න ඇත්තෙ තමුන් පිළිබඳ සැකය වෙනතක හැරවීමට බවයි පැවසෙන්නෙ. මීට අමතරව බල්ගේරියානු ගුවන් සේවයේ රෝමනුවර කාර්‍යාල සේවකයෙකු සමඟ අග්කා සම්බන්ධතා පැවැත්වූ බවත් හෙළිවුනා. අග්කා විසින් ඒ බව හෙළිකිරීමත් සමඟ ඔහු අත්ඩංගුවට ගැනුනත් මේ සිද්ධියට ඔහුගේ සබඳතාවක් නැතිබව හෙළිවුනා. ඒ නිසා 1986දී ඔහුට නිදහස ලැබුනා. පාප්තුමා 2002දී බල්ගේරියාවට ගිය අවස්ථාවේදී පවා පවසා තිබුනා මේ සිද්ධියට බල්ගේරියානු සම්බන්ධයක් තිබුන බව තමුන් විශ්වාස නොකරන බව. නමුත් පරීක්ෂකයන් පවසන්නෙ පසුව ඡායාරූප විශ්ලේෂනයෙන් හඳුනා ගත් පරිදි Sergei Antonov නම්  චෝදනාලත් ගුවන් සේවකයා අදාළ අවස්ථාවේ සාන්ත පීතර චතුරස්‍රයේ සිටි බවයි. නමුත් මේ වනවිට ඔහුත් මිය ගිහින්.

2005 මාර්තු 31වෙනිදා පාප්තුමා මියයෑමට දින දෙකකට පෙර ඝාතන උත්සහය පිළිබඳව අග්කා කියන්නෙ වෙන කතාවක්. La Repubblica නම් ඉතාලි පුවත්පතට ඔහු කියන්නෙ තමා මේ සිද්ධිය ගැන පොතක් ලියමින් සිටින බවත් යක්ෂයා සිටින්නේ වතිකානුව ඇතුලෙම බවත්.

 අග්කා: "කපටි දේශපාලඥයෝ වද වෙනවා ඇත්ත හෙලිවෙයි කියලා. සමහරු බය වෙලා ඉන්නෙ ජර්මනියට  වෙච්චදේ වතිකානුවටත් වෙයි කියලා. මම අහනවා ඇයි සීඅයීඒ එක හරි වෙනත් සංවිධානයක් හරි Orlandi සිද්ධිය ගැන ඇත්ත හෙළි නොකරන්නෙ"
           "Many calculating politicians are worried about what revealing the complete truth would do. Some of them fear that the Vatican will have a spiritual collapse like the Berlin Wall. Let me ask, why don't the CIA, the Sismi, the Sisde and other intelligence agencies reveal the truth about the Orlandi case?"

වාර්තාකරු : "ඔවුන් තවම ඒ ගැන පරීක්ෂණ පවත්වනවාලු"
                    They say it's because there is still some uncertainty in the Emanuela Orlandi case.

අග්කා: අසූ ගණන්වල වතිකානුවෙ සමහරු විශ්වාස කළා මම නව මෙසියස්වහන්සේ බව. ඔවුන් තමයි මා බේරාගැනීමට Orlandi සිද්ධිය වගේ දේවල් කරන්නෙ.
           "In the 1980's, certain Vatican supporters believed that I was the new messiah and to free me they organized all the intrigue about Emanuela Orlandi and the other incidents they won't reveal."

Emanuela Orlandi කියන්නෙ වතිකානු සේවකයෙකුගේ 15 වියැති දැරියක්. 1983 සිට අතුරුදහන්වී ඇති ඇය වෙනුවට අග්කාව ලබාදෙන ලෙස ඉල්ලා වරින්වර නිර්නාමික දුරකථන ඇමතුම් ලැබී තියෙනවා. පසුව මේ සම්බන්ධව අගරදගුරු Paul Marcinkus ට චෝදනා එල්ල වුනා. නමුත් එතනින් එහාට සිදුවූයේ කුමක්දැයි පැහැදිලි නෑ. නමුත් විශේෂම කාරණය තමා මෙවැනිදෑ  එම පුවත්පතට කී බව සතියකට පසු අලි අග්කා  විසින්ම ප්‍රතික්ෂේප කිරීම.

අග්කාගේ ඊළඟ නාට්‍යය පිටපත එළියට එන්නෙ  2010 නොවැම්බර් මාසෙ. ඔහු කියන්නෙ ඝාතන සිද්ධිය මෙහෙයවූයේ Agostino Casaroli කාදිනල්වරයා බවයි. කාදිනල්වරයා හා කොමියුනිස්ට් ආණ්ඩුව අතර තිබූ රහස් ගණුදෙණු මෙයට හේතුවුන බව අග්කා කියනවා.

මේ විදිහට නොයෙක් කතන්දර තිබුනත් වැඩිදෙනා පිළිගන්නෙ පහත කතාවයි. 

සෝවියට් සංගමයේ බුද්ධි තොරතුරු අංශයක් තමයි KGB කියන්නෙ. එවකට KGB අධ්‍යක්ෂ Yuri Vladimirovich Andropov කියන්නෙ 1978දී පාප්තුමා ලෙස පෝලන්ත ජාතිකයෙක් පත්කිරීම බ්‍රිතාන්‍යයේත් ජර්මනියේත් කුමන්ත්‍රණයක් බවයි. අදේවවාදී කොමුයුනිස්ට්වාදී සෝවියට් සමූහාණ්ඩුවේ බලය හීන කිරීම සඳහා කතෝලිකයන් වැඩිපිරිසක් වාසය කරන කොමියුනිස්ට් ආණ්ඩුවක් ඇති පෝලන්තයෙන් පාප්තුමෙකු පත්කිරීම ඔහු හෙලා දකිනවා. මෙමඟින් කොමියුනිස්ට් ආණ්ඩුවට පෝලන්තය පාලනය කළ නොහැකිවන බවත් එය කොමියුනිස්ට්වාදයේ මෙන්ම සමස්ත සෝවියට් සමූහාණ්ඩුවේම බිඳවැටීමට හේතුවිය හැකි බවත් ඔහු අනතුරු අඟවනවා. පාප්තුමාගේ වොර්සෝ(Warsaw) ගමන නියමවෙන්නෙත් මේ කාලයේ. මේ නිමිත්තෙන් Andropov විසින් සෝවියට් ගුරුවරුන්ට රහස් නිවේදනයක් නිකුත් කරනවා.

 පාප්තුමා අපගේ සතුරෙකි. ඔහුගේ අසාමාන්‍ය හැකියාවන් හා සුහදශීලීබව නිසාම ඔහු භයානකයි. ඔහු හැමෝවම වශී කරගන්නවා. විශේෂයෙන් මාධ්‍යවේදීන්. පොඩි පොඩි දේවලිනුත් ඔහු ජනතාවට සමීප වෙනවා. අත් අල්ලනවා. ළමයින්ව ඉඹිනවා. ඒක නිකන් ඇමරිකා ජනාධිපතිවරණෙ වගේ. පල්ලිය පෝලන්තෙ කරන මේ වගේ වැඩ නිසා තරුණයො අතරෙ අදේවවාදය අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ.

The Pope is our enemy. . . . Due to his uncommon skills and great sense of humor he is dangerous, because he charms everyone, especially journalists. Besides, he goes for cheap gestures in his relations with the crowd, for instance, [he] puts on a highlander's hat, shakes all hands, kisses children, etc. . . . It is modeled on American presidential campaigns. . . . Because of the activities of the Church in Poland our activities designed to atheize the youth not only cannot diminish but must intensely develop. . . . In this respect all means are allowed and we cannot afford sentiments.

නියම කරගත් විදිහට පාප්තුමා වොර්සෝවටත් තමුන්ගෙ ගම්පළාත වෙච්ච පෝලන්තයේ ක්‍රැකෝව් වෙතත් යනවා. එහිදී ආගමික නිදහස සීමා කරන කොමියුනිස්ට් පාලනය විවේචනය කරන උන්වහන්සේ තමුන්ගේ ආගමික නිදහස රැකගන්නා මෙන් පෝලන්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.  මෙය පෝලන්ත ජනතාවට ලොකු පෙළඹවීමක් කරනවා. වර්ෂය 1979.

මෙයින් ඔදවැඩී සිටි පෝලන්ත ජනයා 1980දී Solidarity Movement නම් කම්කරු සංවිධානය පිහිටුවා ගන්නවා. මේක තමයි සෝවියට් සමූහාණ්ඩුවේ අවසානයේ ආරම්භය වෙන්නෙ.  පාප්තුමා විසින් මේ සංවිධානයට උදව් කිරීම තමයි සෝවියට් සංගමයට එතුමා සමඟ තිබූ ලොකුම තරහා.

කතාවෙ හැටියට කරදරකාරී පාප්තුමා විනාශ කිරීමට තීරණය කළ සෝවියට් සංගමයට අනුබද්ධ KGB ඒජන්තවරුන් කරන්නෙ බල්ගේරියානු  KGB සාමාජිකයන්ට වැඩේ පවරනු ලැබීම. ඔවුන් තුර්කියේ ග්‍රේ වුල්ව්ස් සංවිධානය මේ සඳහා යොදාගන්නවා. අලි අග්කාව සම්බන්ධ වන්නේ ග්‍රේ වුල්ව්ස් හරහා.  මේ සිද්ධියට බල්ගේරියානු සම්බන්ධයට තියෙන ලොකුම සාක්ෂිය තමයි අග්කා නිතරම බල්ගේරියාවට යාම.  එමෙන්ම හැමවිටම KGB සංවිධානය පවත්වාගෙන යන හෝටලයක නැවතී සිටීම. එමනිසා බහුතර පිළිගැනීම මෙය සෝවියට් සංගමයේ ක්‍රියාවක් බවයි.

පාප්තුමා  Memory and Identity  නමින් තමන් වහන්සේගේ අවසාන පොත එළිදක්වන්නෙ 2005දී. එතුමා එහිදී කියා සිටින්නේ මෙය අග්කාගෙ තනි මතයට කළ වැඩක් නොවන බවයි. යම් කිසිවකුගේ බලපෑම මත සිදුකළ දෙයක් බවයි. නමුත් එහිදීද කවුදැයි සඳහන් වනේ නැහැ.

පාප්තුමාගේ මරණින් පසු, එතුමාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ  Stanisław Dziwisz  කාදිනල්වරයා විසින් A Life with Karol  නමින් පොතක් ලියා පළකරනවා. එහි සඳහන් වන පරිදි තමන් වහන්සේගේ ඝාතන ප්‍රයත්නය පිටුපස සිටියේ සෝවියට් සමූහාණ්ඩුව බව උන් වහන්සේ දැනගෙන තිබෙනවා. ඊට අමතරව දෙවෙනිවර පිහි පාරක් එල්ලවුන අවස්ථාවේදීත් උන් වහන්සේ තුවාල ලබනවා. ලේ වසන්කොටගෙන සිට ඇත්තේ සිද්ධිය දුරදිග යන බැවින්.

වෙඩි පහර එල්ලවූ ස්ථානයේ ඇති ස්මාරකය
කෙසේවෙතත් අදටත් මේ ඝාතන තැත අභිරහසක්. උණ්ඩ පිටවූ පිස්තෝලය පසුපස භෞතිකව සිටියේ අලි අග්කා පමණක් වුවත් සැබෑවටම ඔහු කාගෙ අල්ලෙ නැටූ රූකඩයක්දැයි කවුරුත් නොදනී. සමහරවිට අග්කාද නොදන්නවා විය හැක.

මූලාශ්‍ර: Pope John Paul II assassination attempt
           Pope John Paul II
           Papal Assassination: Did Agca Act Alone? 
           The Attempt of Assassination of Pope John Paul II
           "A True Believer of Forgiveness & Compassion"
           The Papal Assassination Attempt 
           The Papal Assassination Attempt 

ප.ලි: මීට අමතරව මේ ලිපි මාලාව පුරාවටම Wikipedia ලිපි යොදාගත් බව මතක් කරන්න කැමති. ඒවගේම ලිපි මාලාව අවසාන වන මේ මොහොතේ හසිත වත් මතක් කරන්න ඕනෙ. ඔහු තමයි මේ ගැන ලියන්න මා පෙළඹවූයේ.

 ප.ප.ලි: විචාරක මතත්මයා කියපු නිසාම පාප්තුමා නමින් පොත් පිංචක් සකස් කරා. කැමති අය මෙතනින් ගිහින් ඒක බා ගන්න. මම සෑහෙන්න ලියලා තියෙනවානෙ.

78 comments:

  1. ස්තුතියි. විශාල දැනුම් සම්භාරයක් අපිත් එක්ක බෙදා ගත්තාට...... විශේෂයෙන් සිංහලෙන් මේ වගේ විශාල විස්තරයක් අන්තර්ජාලයේ තිබීම කිතුණුවන්ට වගේම අන්‍යාගමිකයන්ටත් විශාල හයියක්....

    ඒ වගේමයි නැවත වතාවක් මාවත් මතක් කිරීම ගැනත් ස්තුතියි :))

    ReplyDelete
    Replies
    1. මේකේ තියෙන දැක්කාම ප්‍රශ්නේ ආවේ...

      පාප්තුමාගේ පෞද්ගලික ආරක්ෂකයන්ට කියන්නේ ස්ව්ස් ගාඩ්ලා කියලා නේද ??? බොහොම වර්ණවත් ඇඳුමක් නේ එයාලට තියෙන්නේ.

      ඒත් පාප්තුමාට වෙඩි වැදුණු සිද්ධිය වෙලේ වටේම ඉන්නේ කළු කෝට් දාගත්තු පිරිසක්නේ.

      ඒ වගේමයි මරියාතුමීට නේද ෆාතිමා මෑණියෝ කියන්නේ ? ඇයි එහෙම කියන්නේ ෆාතිමා කියන්නේ මුස්ලිම් නමක් නේ

      Delete
    2. මරියතුමි ලෝකේ විවිද තැන් වල දර්ශනය වෙලා තියෙනවා.. ඉතින් එතකොට ඊට සම්බන්ද නමක් එතුමියට භාවිතවෙනවා.. හරියට ලංකාවේ මඩු දේවස්ථානයේ ඉන්න දේව මෑණියන්ට මරුද මඩු මෑණියෝ කියලා කියනවා.. ඉන්දියාවේ..වෙලක්කන්නිවල කියනවා.. ලුර්දු දේව මෑණියෝ කියලා.. ෆාතිමා මෑණියෝ කියලා නම වැටිලා තියේන්නේ ඇයි කියලා මට හරියට මතක නැහැ..

      Delete
    3. @Budditha Fernando

      ස්තුතියි ඔබට. බලමු මේකට උත්තරේ හරී අයියා දන්නවා ඇති

      Delete
    4. මරියතුමී දර්ශනය උනු නගරේ නම දාලා තමා ඒ විදිහට නම් වැටිලා තියෙන්නේ,,ඇත්තටම ඔය ෆාතිමා නගරය කියලා පෘතුගාලේ නගරයක් තියනවා ඒ නගරේ තිබුනු ස්තානයක දර්ශනය උනු නිසා තමා එහෙම නම වැටුනේ,මේ විදිහටයි ඒ නගරේ ලියවෙන්නේ fàtima

      Delete
    5. @ හසිත,

      ඔයාටත් ස්තුතියි. ඔන්න ඔයාගේ ඉල්ලීමට ලිපි 6ක්ම ලිව්වා :)

      මේක මම ලියපු දිගම ලිපි මාලාව.. සමහර වෙලාවට මට හිතුනා ලිපි එක පිට එක වැටුණු එක ඉක්මන් වැඩිද කියලත්.. සමහර අය කිව්වත් එක්ක.. එක පිට එක වැටෙන නිසා කියවන්න වෙලා නෑ කියලත්..

      නමුත් ලිපි මාලාවක් ලියන්න ගත්තාම මට තියෙන ප්‍රශ්නයක් තමයි එක දිගටම ලියාගෙන යන්න හිතීම.. මුලින් දෙකකින් නවත්වනවා කියලා දෙකයි ලිව්වෙ.. ඊට පස්සෙ 3,4,5,6 එක දිගටම ලිව්වා.. ඊට පස්සෙ AutoPublish වෙනකන් බලන් ඉන්න බෑ :)

      කිවන්න බැරි වෙච්ච අය හිමීට කියවන්න..

      "මේකේ තියෙන දැක්කාම ප්‍රශ්නේ ආවේ..."
      මම ඒත් හිතුවා ලින්ක් එක ක්ලික් කරපු වෙලාවයි..කමෙන්ට් එක දැම්ම වෙලාවයි අතර කාලයේදී ලිපිය කියවලා වීඩියෝ දෙකත් බලන්න බෑනෙ කියලා...
      වීඩියෝ දෙක බැලුවානම් ලිපියෙ එව්වා හොඳටම වදිනවා..

      "පාප්තුමාගේ පෞද්ගලික ආරක්ෂකයන්ට කියන්නේ ස්ව්ස් ගාඩ්ලා කියලා නේද ?"
      ඔව් බොහොම වර්ණවත් ඇඳුමක් තියෙන ස්විට්සර්ලන්ත හමුදාව තමයි පාප්තුමාගේ සාම්ප්‍රදායික ආරක්ෂකයො විදිහට ක්‍රියාකරන්නෙ.. කොච්චර සාම්ප්‍රදායිකද කියනවානම් තවමත් අඳින්නෙ ඒ කාලෙ යුධ ඇඳුම වගේම ආයුධ විදිහට තියෙන්නෙත් කඩු කිනිසි හෙල්ල..

      නමුත් කාලයට ඔබින ආකාරයේ ආරක්ෂාවක් දෙන්නෙ Corpo della Gendarmeria නම් වතිකානු පොලීසිය.. ඔවුන් තමයි පාප්තුමාගේ නිල රථයේ ගමන් කරන්නෙ..

      1970 දී Palatine Guard හමුදා සේනාංකය විසුරුවා හැරීමෙන් පසු වතිකානුව කියන්නෙ හමුදාවක් නැති රටක්.. නමුත් ඉතාලි හමුදාවත් පොලීසියත් අධිකරණයත් වතිකානුවේ නීතිය, සාමය හා ආරක්ෂාව ගැන බලනවා...

      වීඩියෝ එක හොඳට බැලුවොත් සිවිස් ගාඩ්ලාව පෙනෙයි..

      "මරියාතුමීට නේද ෆාතිමා මෑණියෝ කියන්නේ ? " උත්තරය බුද්ධිතත් ඩිලානුත් දීලා තියෙනවානෙ..

      Delete
    6. @ Budditha Fernando,

      ඔයා කියන එක හරි මරියතුමී දර්ශනය වුනු තැන්වල නම් එතුමියට ගෞරවයක් විදිහට පාවිච්චි වෙනවා..

      හැමෝටම දැනගන්නත් එක්ක පොඩි විස්තරයක් කියන්නම්..

      මරියතුමී කියන්නෙ ජේසුස් වහන්සේගේ අම්මා.. ඒ නිසා කතෝලික ස්භාව එතුමියට විශේෂ ගෞරවයක් දක්වනවා.. එතුමියගේ ආරක්ෂාවට විවිධ රටවල්, නගර, දේවස්ථාන කැපකරනවා..

      ඒවගේම තමයි එතුමිය ලෝකයේ තැන් තැන්වල දර්ශනය වෙලා තියෙනවා කියලා කතෝලිකයෝ විශ්වාස කරනවා... නමුත් කවුරුත් කිව්ව පළියට කතෝලික සභාව ඒක නිල වශයෙන් පිළිගන්නෙ නෑ.. ඒ සඳහා විද්‍යාත්මක පරීක්ෂණ මෙන්ම විවිධාකාරයේ සොයා බැලීම කෙරෙනවා.. පිළිගැනීම් කොච්චර දුර්ලභයිද කියනවා නම් මේ වනවිට අනුමත වී ඇත්තේ 5ක් පමණයි.. එයිනුත් විශාල පිළිගැනීමක් තියෙන්නෙ සිද්ධි දෙකකට පමණයි..

      කලින් සඳහන් කළ කැපකිරීම් වගේම දර්ශනය වීම් වලදීත් මරියතුමීව විවිධ නම් වලින් හඳුන්වනවා..ඒ වගේම එතුමියගේ චරිත ලක්ෂණ නිසා ලැබුණු ගෞරව නාමද තිබෙනවා..
      කැපකිරීම් වලට උදාහරණ හැටියට ලංකාවේ අප ස්වාමිදූ (Our Lady of Lanka), මාතර අප ස්වාමිදූ (Our Lady of Matara) හඳුන්වන්න පුලුවන්..
      පාතිමා මෑණියො, ලූර්දු මෑණියො නම් ලැබිලා තියෙන්නෙ දර්ශන නිසා..

      Delete
    7. @ ඩිලාන්,

      හරියටම හරි...

      Delete
  2. මේ විදිහට නොයෙක් කතන්දර තිබුනත් වැඩිදෙනා පිළිගන්නෙ පහත කතාවයි. //

    නමුත් ඒ කතාව මට හිතෙන්නෙ පිලිගන්න ඕනේ නෑ කියලයි. ඒ කතාව අග්කා ගොතපු නැති එකක් වෙන්න ඇති. ඒත් ඒක වෙන අරමුණකින් වෙනත් කණ්ඩායමක් ගොතපු එකක් වෙන්න ඇති කියලා මට හිතෙනවා.

    කොහොමත් මේ ලිපි මාලාවෙන් නොදන්න තොරතුරු ගොඩක් එලියට ආවා. ස්තුතියි හරී

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි බුද්ධි...

      ඔව් එක් එක් පාර්ශ්ව විවිධ ඕනෑකම් මත විවිධ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්.. නමුත් මේ සිද්ධියෙන් එක් දෙයක් පැහැදිලියි.. පාප්තුමාගේ ඝාතන උත්සහය පිටිපස තිබ්බෙ දේශපාලනික හේතු..

      තවමත් පරීක්ෂණ කටයුතු සිදුවන නිසා හරියටම කියන්න බෑ කවුද වැරදිකාරයා කියලා..

      Delete
  3. නොදැන සිටි කරුණු ගොඩාක් දැනගත්තා . මගේ මවත් කිතුණුවෙක්. මම ඇයටත් ලිපිය පෙන්වන්නම්. ඔබට බොහොම ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. ගිම්හානි අක්කව සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගියට..

      ස්තුතියි.. ආයෙත් මේ පැත්තෙ එන්න..

      Delete
  4. ඔය පොත කට්ටිය අතරේ ෂෙයාර් කරන්ඩ ඕනා.
    නොදන්න කරුණු ගොඩක් එකතු කරගත්තා !!
    ඔන්න ඊලඟට පටන් ගමු පල්ලි ගැන ලියන්න !
    පුලුවන් නම් පල්ලියේ මංගල්ලෙට කලින් කොඩිගහ හැදිච්ච හැටි ලියන්ඩ !

    ReplyDelete
    Replies
    1. "ඔය පොත කට්ටිය අතරේ ෂෙයාර් කරන්ඩ ඕනා." ඔව් බ්ලොග් නොකියවන අය අතර බෙදාහරින්න තියෙනවානම් හොඳයි..

      "නොදන්න කරුණු ගොඩක් එකතු කරගත්තා !!" බොහොම සංතෝසයි..

      "ඔන්න ඊලඟට පටන් ගමු පල්ලි ගැන ලියන්න !" පොඩි විරාමයක් ගමු..

      "පුලුවන් නම් පල්ලියේ මංගල්ලෙට කලින් කොඩිගහ හැදිච්ච හැටි ලියන්ඩ !" මංගල්ලෙ කාලෙ වෙද්දි කැමරාවක් ගන්න ලැබුනොත් ලියන්න පුලුවන් වෙයි... කොඩිගහ එසවීම ලංකාවෙ දෙයක් නිසා ජංජාලෙ පින්තූර හොයාගන්න නෑනෙ.. මම හිතන්නෙ ඉන්දියාවෙත් ටිකක් තියෙනවා..

      Delete
    2. බටගම පල්ලියෙ මංගල්ලෙට කොඩි ගහ උස්සපු හැටිත් ලියන්න

      Delete
    3. හි..හි.. කොඩිගහ උස්සලා අත්පුඩි ගහපු හැටිද?

      මම දැක්කා බටගම කතා සෙට් එකම තියෙන බටගම එකෙක්ම කාලෙකට කලින් ලියපු බ්ලොගක්...

      Delete
  5. හරී,
    වැරදි කිරීම මිනිස් ගතියක්, සමාව දීම දේව ගතියක් කියනවානෙ. මට යන්තමින් මතකයි ඔය සිද්ධිය. පාප් වහෙන්සේට සුවය පතා අන්‍යාගමිකයොත් පූජා හෙම කලා මට මතකයි.
    එක දෙයක් තිබ්බා මම නෝට් කරපු. පලස්තීන විමුක්ති සංවිධානය කියන්නෙ Palestine Liberation Organization. හරී කියලා තියෙන Popular Front for the Liberation of Palestine කියන්නෙ ඒ සංවිධානය මොකක්ද කියලා විස්තර කරන පාඨයක්.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අපි නම් ඒ කාලෙ ඉපදිලත් නෑනෙ... ඉතින් සිදිධිය ගැන දන්නෙ පස්සෙ.. වැඩිහරියක් කරුණු දැනගත්තෙ මේ ලිපිය ලියන්න ගිහින්..

      දෙවෙනියට කියාපු කාරණාව මම දන්න විදිහට මෙහෙමයි.. පලස්තීන විමුක්තිකාමී සංවිධානය (Palestine Liberation Organization) කියන්නෙ තවත් සංවිධාන කිහිපයක සංධානයක්..

      මෙතන බලන්නකො..

      ඒකෙ හැටියට Popular Front for the Liberation of Palestine කියන්නෙ පලස්තීන විමුක්තිකාමී සංවිධානයට එකතු වෙච්ච තවත් කුඩා සංවිධානයක්.. ඒකයි මම "පලස්තීන විමුක්තිකාමී සංවිධානයකට" කියලා ලිව්වෙ..

      Delete
    2. ඇත්තද? එහෙනම් හරී හරි ඇති.

      Delete
  6. තෑන්ක්ස් මචං... පට්ටම වටින පෝස්ට් ටිකක්....

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි..

      ඔන්න ප්‍රසන්න හැමදාම කියනවනෙ.. PDF දෙන්න කියලා.. ඔන්න මේ පාර එකක් දුන්නා..

      Delete
  7. නැවතත් බොහොම ස්තුති අයියේ.. අද ලිපියේ තිබුන බොහෝ දේවල් මම කලින් දැනගෙන හිටියෙත් නැහැ.. ඔයා දැකලා තියෙනවද දන්නේ නැහැ පාප්තුමා වෙඩි පහරින් ඇද වැටෙද්දී ගත්ත පින්තුරෙයක් ගැන.. එකේ දේව මෑණියෝ දර්ශනය වෙලා තියෙනවා...

    දෙවෙනි ජුවාම් පාවුළු පාප් තුමන් කෙතරම් කාරුණික අයෙක්ද කිවහොත් එයාව මරන්න ආපු අයට සමාව දෙන්න තරම් කාරුණික වුනා.
    මට මතකයි මෙතුමා සුවර්ගස්තවූ වෙලාවේම මෙතුමාව ශුද්ධ වරයට ඔසවන කියා ඉල්ලීම් ඉදිරිපත් වුනා.. තව සිදුවීම් කිහිපයක් මට මතකයි මෙතුමා 2000 වර්ෂයේදී කතෝලික සභාවේ ගත් සමහර තිරන පිළිබඳවත් මුළු ලෝකයෙන්ම සමාව ඉල්ලුවා.. සැබවින්ම මෙතුමා.ශ්‍රේෂ්ඨ පුත්ගලයෙක්...

    ReplyDelete
    Replies
    1. @Budditha Fernando

      දේව මෑණියෝ දර්ශනය වෙන ඡායාරූපයේ ලින්ක් එකක් දෙන්න පුලුවන් නම් වටිනවා

      Delete
    2. @ Budditha ,

      අගය කිරීමට ස්තුතියි මල්ලී.. පින්තූරය කලින් දකලා තිබුනෙ නෑ.. ඔයා කියපු නිසාම හොයා බැලුවා..

      මෙන්න ලින්ක් එක..

      මේක නිල පිළිගැනීමක් තියෙන පින්තූරක්ද කියලා විස්තර නම් හොයාගන්න බැරිවුනා.. ඒක ගැන යමක් දන්නවා නම් කියන්න..

      එතුමාගේ සුහදත්වය කාරුණික බව වගේම වෙනත් පාප්තුමන්ලා නොකරපු විදිහට ජනතාවට ගොඩක් සමීපවීමත් වැදගත්..

      ඒවගේ ගොඩාක් ජනප්‍රිය ප්‍රසිද්ධ අය මියගිය වහාම ශුද්ධවරයට ඔසවන්න කියලා හැඟීම්බර ජනතාවගෙන් ඉල්ලීම් එනවා..තෙරේසා මව්තුමිය මියගියවෙලේත් ආවා... නමුත් ක්‍රියාවලිය කාටත් සමානයි.. මම ලියපු ශුද්ධ්වරයට එසවීම ගැන ලිපිය කියෙව්වානම් තේරෙයි..

      2වන ජුවාම් පාවුළු පාප්තුමාව මේ වනවිට භාග්‍යවරයට ඔසවා තිබෙනවා..

      Delete
  8. මේ ලිපි මාලාවම ඉතා වැදගත් කමකින් යුක්තයි. අන්තිම ලිපිය සුපිරියි.. දැන ගත්තු කරුණු බොහොමයි.

    ලියලා තියන විදිහත් නියමයි..

    මේක සමාජයට, විශේෂයෙන්ම කතෝලිකයන්ට කරපු ලොකු මෙහෙයක් කියලා තමා මට හිතෙන්නේ. පුළුවන් කමක් තියනවනම් මේ ලිපි මාලාවම ඥානාර්ත ප්‍රදීපයේ පලකරන්ඩ බලන්න. එතකොට ජාල පහසුකම් නැති අයත් මේක කියවාවි.

    බොහොම ස්තූතියි කියන ගමන් තවත් මේ වගේ දෙයක් ගැන ලියන්න කියල ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට මගේ අවංක ස්තුතිය සෙන්නා..

      "ලියලා තියන විදිහත් නියමයි.." මේකෙ රටාව සෙන්නා ලිපි ලියන රටාවමයි.. ඓතිහාසික සිද්ධියක් විස්තර කිරීම සුදුසුම රටාවක් කියලා හිතනවා...

      ඥානාර්ත ප්‍රදීපයේ පළ කලොත් කතෝලිකයන්ට විතරයි.. වෙන එකක පළ කලොත් හැමෝටම.. කොහොම වෙතත් මේ ලිපිය පුවත් පතක පළකිරීමට සුදුසුද? මොනම හෝ පුවත්පතක් පළකිරීමට භාරගනීද? යන සැකය නම් තියෙනවා.. එතරම් හොඳ ලිවීමක් මෙතන නෑ වගේ..

      බලමු වැරදිලාවත් ඊට සම්බන්ධ කෙනෙකුගේ ඇස ගැටෙයිද කියලා... :)

      කොහොම වුනත් වැඩි දෙනෙකුට කියවීමට සලස්වනවා කියන්නෙ වැඩි දෙනෙකුට දැනුම ලැබෙනවා කියන එක..

      ආයෙ හොඳ අල්ලලා යන මාතෘකාවක් ලැබුනොත් බලමු..

      Delete
  9. Replies
    1. ප්ලේයර් මේ පැත්තෙ ප්ලේ කළේ පළවෙනි පාරට නේද?

      සාදරයෙන් පිළිගන්නවා.. ඒවගේම දිරිමත් කළාට ස්තුතියි

      Delete
  10. එල එල ස්ටඩි කරන අයට නම් එලම ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඇයි අනිත් අයට හොඳ නැද්ද? :)

      අගය කිරීමට ස්තුතියි නිශාන්..

      Delete
  11. නිවාඩු පාඩුවෙ කියවලා බලන්න බුක්මාර්ක කරගත්තා. වැදගත් ලිපියක් බව පේනවා. :)

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගයට සාදරයෙන් පිළිගන්නවා..

      කියවලා බලලා ඔයාගෙ අදහසුත් කියන්නකො.....

      Delete
  12. ජුවාම් පාවුලු පාප්තුමා මිනිස්සුන්ගේ හිත ගත්තු විදිහට මම හිතන්නේ කිසිම නායකයෙක්ට මිනිස්සුන්ගේ හිත දිනා ගන්න බෑ,,ඇත්තටම පාප්තුමත්,අග්කාවත් එදා ඒ කතා කලේ මොනාද කියලා එලියට දැම්මේ නෑ,,,සමහරවිට අග්කා කියන්න ඇති ඇයි වෙඩි තිබ්බේ,කවුද ඒක පිටු පස්සේ හිටියේ කියලා

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කතාවට 100%ක් එකඟයි. පාප්තුමාගේ සුහදත්වය නම් පුදුම එලවන සුළුයි... වතිකානුවෙ හිරකාරයෙක් නොවී ලෝකෙපුරා ගියෙත් ජුදා සිනගෝගයකට මෙන්ම ඉස්ලාම් පල්ලියකටත් ගිය පළමු පාප්තුමා වුනෙත් එතුමායි.

      මටත් හිතෙනවා අග්කා පාප්තුමාට ඇත්ත කියන්නැති කියා..

      Delete
  13. වෙහෙස මහන්සිවී කරුණු හොයාගෙන, ඒවා නිසි පරිදි ගොනුකොට සකසා ඉදිරිපත් කල, හරවත් සංවාදාත්මක ලිපි මාලාවක් බව, හද පිරි සතුටෙන් කියනවා. මේ තමයි ඔබවැනි විද්‍යාර්ථියකු ලොවට දායාද කලයුතුදේ. බොහොමයක් බ්ලොග්වල තියන අශ්ලීල, අශෝබන, පල්හෑලි, ඒවා ලියන අයට පමණයි හොඳ. පාප් වහන්සේ ඝාතනයට ලක්නොවුයේ උන්වන්සේගේ මහා පින් බලයත් දෙවියන්වහන්සේගේ ආරක්ෂාවත් නිසා යයි මා විශ්වාස කරනවා. මේ පිළිබඳව අන්තර්ජාලයේ මා සොයා බැලූ කරුණු අතර ආගම් භේද ඇතිකිරීමේ චේතනාවෙන්ම ලියන ලද ලිපිද දුටුවා. ඔබ එවැනි පටු තත්වයට පත්නොවී ඇත්ත තත්වය සමබරව ඉදිරිපත් කර තිබෙනවා. ලිපි මාලාවටම නැවත වරක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හොඳ අගය කිරීමක්.. බොහොම ස්තුතියි ඔබතුමාට..
      මෙවැනි දිරිමත් කිරීම් තව තවත් වෙහෙස මහන්සිවී ලිපි ලියන්නට මා පොළඹවාවී.. ඇත්තටම කියවන්නන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත තමයි ඕනෑම බ්ලොග් කරුවෙක් තව තව ලියන්න පෙළඹෙන්නෙ..

      "බොහොමයක් බ්ලොග්වල තියන අශ්ලීල, අශෝබන, පල්හෑලි, ඒවා ලියන අයට පමණයි හොඳ." මේ ගැන මගේ අදහස නම් මෙහෙමයි. එක් එක් අයගේ රසඥතාව විවිධයි. ඒ වගේම එක් එක් අය බ්ලොග් කියවන්නෙ විවිධ පරමාර්ථ වලින්. සමහරු දැනුම ලබා ගන්න. සමහරු විනෝදය ලබාගන්න. සමහරු කාලය ගෙවා දමන්න.. ඉතින් විවිධාකාර බ්ලොග් වටා විවිධ පිරිස් එකතුවී තිබෙනවා... කෙනෙකුට ජරාව කියලා හිතෙන දේ තව කෙනෙකුට හොඳ වෙන්න පුලුවන්.. කොහොමටත් යම් සංයමයක් තිබිය යුතුයි කියලා නම් මම හිතෙනවා.. නමුත් සීමාවන් දැමිය නොහැකියි..ඒක බ්ලොග රචකයන් තමුන්ටම දමා ගත යුතු දෙයක්..

      මම මේ වගේ කතා ලියන අරමුණ ඔබතුමා දන්නවානෙ..ඒකයි සමබර..

      නැවත වරක් ස්තුතියි!

      Delete
    2. හරී, පාප් වහන්සේට මරණීය තුවාල ඇති කරන්නට අග්කා ට නොහැකි වුනේ, දෙවියන්වහන්සේ විසින් එය වැලැක්වූ නිසායයි මට හිතෙනවා. ඔච්චර හොඳ පුහුණුවක් ලැබූ වෙඩික්කාරයා, අන්තිමට වෙඩි තියලා තියෙන්නේ තනි අතින්. පිස්තෝල කරුවන් පුහුණු කරන්නේ අත්දෙකම ආධාර කරගෙන වෙඩි තියන්නයි මෙවැනි වෙඩි තැබීමකදී. ඒ වගේම සෙනග ගොඩක තෙරපෙන අතර වෙඩි තැබීමට යාම නිසයි උන්වහන්සේගේ හිසට හෝ පපුවට වෙඩි නොවැදුනේ. එය දෙවියන්වහන්සේ විසින් පාප් වහන්සේව බේරාගැනීමක් කියා මට හිතෙන්නේ.

      Delete
    3. අවි ආයුධ ගැන ඔබතුමා විශේෂඥයෙක්නෙ... මම් හිතාන හිටියෙ එක අතින් වෙඩි තියන්නයි පිස්තෝලය තියෙන්නෙ කියලා..පිස්තෝල දෙකකින් වෙඩි තියන අවස්ථාත් තියෙනවා නේද?

      අරුම පුදුම බේරීමක් තමයි.. අග්කා වුනත් වරින් වර ප්‍රශ්න කරලා තියනවා ඇයි තමන්ට මේ ඉලක්කය ලබාගන්න බැරිවුනේ කියලා..

      පාප්තුමාගේ හිස බේරිලා තියෙන්නෙ හදිසියේම එතුමා පහත්වීම නිසයි.. එතුමා පහත්වෙලා තියෙන්නෙ ළමයෙකුගේ කරේ තිබුනු බොරලික්කමක් බලන්න කියලයි සමහර තැන්වල සඳහන් වෙලා තිබුනෙ...

      Delete
    4. කියන්න අමතක වුනා...

      ඔබතුමා කියපු විදිහටම පෝස්ට් 6ම එකතු කරලා පොත් පිංචක් හැදුවා..

      Delete
    5. පොතක් හදපු එකනම් බොහොම වටිනවා. ඔයාලගේ පල්ලියේ මංගල්ලයක් තියන දවසක එලි දක්වන්න. මීසම භාර පූජා ප්‍රසාදීන් වහන්සේලාගේත් ආශිර්වාදය ඇතුව. ඒවා මේ ආත්මෙදිම පල දෙන පින්කම්. හරී, මම සතුරු ස්නයිපර් ප්‍රහාරයකින් බේරුනා 1992 දී. වවුනියාවට කිලෝමීටර් 7 ක් විතර උතුරෙන් ඒ 9 පාරේ තියනවා කොක්කුවේලි කියලා ප්‍රදේශයක්. ඒ කාලේ එතනින් තමයි උතුරේ සිට දකුණට එන මහජනතාවත්, දකුණේ සිට උතුරට යන මහජනතාවත් පාලනය කලේ. එහිදී සිදුවූ රසවත් සිදුවීම් අනාගතේදී මගේ බ්ලොග් එකෙන් කියවන්න. ඔන්න ඉතින් එක දවසක් මම එතන ඉදිරියෙන්ම තිබුණු බංකරයත් පහු කරලා පාර මැද හිටගෙන උතුරු දෙසින් එන මහජනතාව දෙස බලා හිටියා අපේ කට්ටිය කිව්වා සර් ඔතනනම් ඉන්න එපා කියලා. එකවරම මගේ කැප් එක සුළගේ ගියා. මම එය ගන්න පහතට නැවුණු ගමන් වෙඩි හඬක් ඇසුනා. මගේ ආරක්ෂාවට පැමිණ මා පසුපසින් සිටි සොල්දාදුවෙක් එක වරම මැරී වැටුනා. මට එල්ල කල එල්.ටී.ටී.ඊ. ස්නයිපර් ප්‍රහාරයට ගොදුරු වුනේ ඔහුයි.මා ඉතා දැඩිසේ කම්පනයට පත්වූ සිද්ධියක් ඒ. ඒ සොල්දාදුවාගේ බිරිඳ කුළුඳුල් දරුවා ලැබෙන්නයි හිටියේ. ඊට පහුවදා නිවාඩු යන්න මම ඔහුගේ නිවාඩුව අනුමත කරලයි තිබුනේ. පාප් වහන්සේගේ සිද්ධිය ගැන ඔබ කියා තිබුණු දේ සමග එකවර එය මගේ මතකයට ආවා.

      Delete
  14. මේ ලිපි මාලාවෙ මුල් ලිපි 05 වඩා වෙනස් හය වෙනි ලිපිය . පාප්වහන්සේ ඝාතනය කරන්න දෙවරක් උත්සාහ දරන හැටිත්, එයින් උන්වහන්සේ සතුව තිබූ යම් අදෘෂ්යනමාන ශක්තියක් උන්වහන්සේ ආරක්ෂා කරන හැටිත් පුදුමයි.

    සමහර විට මේ උන්වහන්සේ සතුව තිබූ පුණ්යෂ ශක්තිය වෙන්න ඇති. උන්වහන්සේ මරණයෙන් ගැලෙව්වේ.

    අනික තමයි "අග්කා" අග්කාගේ කතා පැටලුණු නූල් බෝලයක් වගේ. මේක තමයි ලෝකයේ මාෆියා සංවිධානවල ශක්තිය. කිසිම තැනක අගක් මුලක් නෑ. කෙලවරක් අහු වුණත් මුල හොයාගෙන යන්නත් බෑ. අනෙක් අතට ලෝකයම අල්ලෙ නටවන්න පුළුවන් ශක්තියක් මේ සංවිධාන වටා තියෙන බව නම් පැහැදිලියි.

    පාප්වහන්සේ සමහර විට දැනගෙන ඉන්න ඇති මේ සිද්ධියේ අග මුල. සමහර විට ඒ තොරතුරු එලි කලා නම් රට රටවල් අතර තවත් යුද්ධයක් ඇති වෙන්න තිබුනා කියල උන්වහන්සේට දැනෙන්න ඇති. එවැනි සිද්ධියක් වලක්වා ගැනිම වඩා වැදගත් නිසා හෙළි නොකර ඉන්න ඇති.

    මේ වීඩියෝ දෙකත් නියමයි. ඔබ ඉදිරිපත් කල අදහසට ගැලපෙනවා.

    මේ සිද්ධිය ඇසුරින් චිත්ර්පට නිෂ්පාදනය වෙලා නැද්ද? සාමාන්යියෙන් මේ වගේ සිද්ධින් යුරෝපා සිනමාවට නැගෙනවා.

    කොහොම වුණත් නියම පෝස්ට් 06 ක් කියෙව්වා ලොකු දැනුමක් සහ අවබෝධයක් ලබා ගත්තා. ස්තුතියි හරී...ඔබට

    ReplyDelete
    Replies
    1. "මේ ලිපි මාලාවෙ මුල් ලිපි 05 වඩා වෙනස් හය වෙනි ලිපිය" ඔව් දයා අයියෙ මේ ලිපි පෙළේ දිගම ලිපිය වගේම වැඩිපුරම මහන්සි වෙච්ච ලිපියත් මම හිතන හැටියට හොඳම ලිපියත් මේකයි... මේක ආගමික සිදුවීමකටත් වඩා ඓතිහාසික සිදුවීමක්නෙ.. ඒක නිසා වෙනස්ම ආරකට ලියවුනේ..

      දයා අයියා දකින්න ඇති උඩ ලින්ක් එකක් දීලා තිබුන පින්තූරය.. ගොඩක් අය විශ්වාස කරන්නෙ (පාප්තුමා පවා) පාතිමා මෑණියෝ එතුමාගේ ජීවිතය බේරාගත් බවයි.. වීඩියෝවේ කිහිප තැනකදිම ඇහෙන්න ඇති.. අග්කා තෝරාගත්තේ වැරදි දිනයක් යැයි සටහන් වෙනවා..

      "මාෆියා සංවිධානවල ශක්තිය" මේ ගැන නම් මට හිතාගන්නවත් බෑ.. මෙච්චර ලොකු දෙයක් කරලත් ලෝකෙපුරා ඉන්න අතිදක්ෂ පරීක්ෂකයින් සිද්දිය පිළිබඳ පරීක්ෂණ කරලත් රහස රැකගෙන අග්කා යහතින් ඉන්න හැටි... ඒවගේම සිද්ධිය වටා සිටි පුද්ගලයිනුත් එකා දෙන්නා අඩු වෙනවානෙ..
      මේ අහුවුන දෙයක්නෙ.. අහුවෙන්නේ නැතිව මේ වගේ දේවල් කොච්චර වෙනවා ඇද්ද?

      මමත් හිතනවා අග්කා ඇත්ත කියන්න ඇති කියලා..

      වීඩියෝ දෙක බැලුවානම් පෝස්ට් එක හොඳට හිතට කාවදිනවා..

      "මේ සිද්ධිය ඇසුරින් චිත්ර්පට නිෂ්පාදනය වෙලා නැද්ද?" සිද්ධිය පමණක් නම් තියෙන චිත්‍රපට නම් නෑ වගේ..

      නමුත් Pope John Paul II චිත්‍රපටිය පටන් ගන්නෙ ඔය දර්ශනයෙන්ලු...පුලුවන්නම් බාගෙන බලන්න..

      දිරිමත් කිරීමට ස්තුතියි! නැවත හොඳ මාතෘකාවක් හමුවුනොත් හොඳ ලිපි පෙළක් ලියන්නම්..

      Delete
  15. ස්තුතියි වටිනා ලිපි පෙලට. මේ විස්තර, පින්තූර, වීඩියෝ හොයලා පෙළ ගස්වන්න වුන මහන්සිය අපතේ ගියේ නැහැ. කමෙන්ට් නොකරට මේ ලිපි කියෙව්ව ගොඩක් අය ඉන්නවා. ඒ හැමෝම වෙනුවෙන් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ටිකක් මහන්සි වුනා තමයි ඒත් කියවන අය ඉන්නකන් ඒක අපතේ යන එකක් නෑ..

      හැමෝම වෙනුවෙන්ම නික්කි කමෙන්ට් කරලා තියෙන්නෙ.. ස්තුතියි!

      Delete
  16. බොහොම වටිනා ලිපි පෙළක් වගේම ඉතාම හොඳ අවසන් ලිපියක් හරී... තවත් විස්තර ගොඩක් දැනගන්න ලැබුනා මේ ලිපියෙන්.

    ස්තුතියි! ඒ වගේම තවත් මේ වගේම ලියන්න ශක්තිය ලැබේවා කියලා පතනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගීතක... ඔයාලා වගේ කට්ටිය ලිපිපෙළ එක්ක දිගටම රැඳිලා හිටපු නිසා තමයි මෙච්චර දිගට ලියන්න ලැබුනෙ..

      දිරිමත් කිරීමට ස්තුතියි!

      ප.ලි. : Angels & Demons පොත වෙනි අයියා දෙන්නම් කිව්වා කියවන්න.. ආ..තව දෙයක් අග්කා Dan Brown එක්ක පොතක් ලියන්න යනවාලු..

      Delete
  17. දෙවැනි ජුවාම් පාවුලු පාප්තුමාව ඝාතනය කිරීමට උත්සාහ දැරීම ලාවට වගේ මතකයි. ස්තුතියි මතකය අලුත්කරන ගමන්ම දැනුමත් අලුත් කලාට.

    ප.ලි.
    අඩේ උඹ මේ බ්ලොග අද්‍යාපන පැත්තටම ගෙනියනවද ???

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඕනෙ අයියා එක හුස්මට හයම කියෙව්වනෙ...

      "අඩේ උඹ මේ බ්ලොග අද්‍යාපන පැත්තටම ගෙනියනවද ???" නෑ නෑ.. අනික් එව්වත් ලියනවා... ඒවුනාට ගොඩාක් ඉල්ලීම් තියෙන්නෙ මේ පැත්තටනෙ.. ඒකයි මේ වගේ එව්වටම ඇදිලා යන්නෙ..

      Delete
  18. පොත ඒ තරම් වටින එකක් නොවේවි... කෝකටත් දැන්නම් හිතෙනවා හුඟක් කතෝලිකයොත් නොදන්න මේ ටික පත්තරයකවත් දැම්මා නම් හරි කියලා..

    ඔබතුමාගෙ කතාවට මම ගල්ගැහුනා.. තමුන්ගෙ මරණය පෙනි පෙනි ගැලවුනාම මොන වගේ හැඟීමක් දැනෙනවා ඇත්ද? මට නම් හිතාගන්නවත් බෑ.. අනික තමුන් ළඟ හිටපු සෙබලෙක් ඒ පාරෙන්ම මැරෙනවා දැකීම.. මම හිතන්නෙ ඒ මොහොත ඔබතුමාගෙ හොඳ වෙලාවකුත් අනික් සෙබලාගෙ නරක වෙලාවකුත් වෙන්නැති.. කැප් එක හුළඟෙ නොගියානම් අද අසමි දකිමි සොයමි අපිට කියවන්න ලැබෙන්නෙ නෑ...

    ඔබතුමාගේ අත්දැකීම් ලියන්න අපි එනවා කියවන්න...

    ReplyDelete
    Replies
    1. මොනවා වෙලාද මන්දා නියම තැන රිප්ලයි එක වැටෙන්නෙ නෑ...

      මේ රිප්ලයි එක විචාරක මහත්මයාට..

      Delete
  19. අයියේ පාප්තුමාව ඝාතනය කලාම අග්කාට හෝ ඊට සම්බන්ධ අයට ලැබෙන වාසිය මොකක්ද?? තවත් සුදුස්සෙක් ඊළඟ පාප් ධුරයට පත්වෙනවනේ... අමන මෝඩ වැඩක් විදියට තමා මම මේක දකින්නේ සමහර විට අග්කාට මානසික ආබාධයක් තියෙන්නම ඇති මොකද එක එක වෙලාවට එක එක බොරු කියලා තියෙනවනේ... පාප්තුමා කරපු සමාව දීම සෑහෙන්න වටින ක්‍රියාවක් ආදර්ශයක්... ඒ වගේ කටයුත්තකින් ඒ පුද්ගලයට තමා ගැනම කලකිරිමක් එනවනේ මේ මොකක්ද කරගත්තේ කියලා... අසල්වැසියට ප්‍රේම කරන්න කියලා තියෙනවනේ ජේසුස් වහන්සේ ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා.....

    බොහෝම වටිනා ලිපි මාලාවක් අයියේ එකක් නෑර කියෙව්වා... පහුගිය ලිපිය කියෙව්වෙත් මේ දැං... අරූ වෙඩි තියන වෙලාවේ ෆොටෝ එකක් ගත්ත කෙනා තුවක්කුව දැක්කේ නැතුවා පුදුමයි...

    ReplyDelete
    Replies
    1. ගැමියා තාම පොඩි කොල්ලනෙ රටේ ලෝකෙ දේශපාලනේ ගැන ඒතරම් දැනුමක් නෑ වගේ... මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්කො එහෙනම්.. කොහෙන්හරි ඉගෙන ගන්නත් ඕනනෙ.. තාම කවුද ඇත්තටම සිද්ධිය පිටුපස හිටියෙ කියලා ඔප්පු වෙලා නැති වුනත් වඩා පිළිගත් කතාව, මේක පිටිපස හිටියෙ සෝවියට් රුසියාවයි කියන එක හරියි කියලා හිතාගෙන පැහැදිලි කරන්නම්..

      මලයා දන්නවා ඇතිනෙ සමාජවාදය, කොමියුනිස්ට්වාදය, ප්‍රජාතන්ත්‍රවාදය කියලා එක එක දේශපාලන ක්‍රම තියෙනවා.. ඔය කොමියුනිස්ට්වාදය කියන එකේදී රටේ වැසියන්ට ආගම් ඇදහීම තහනම්.. ඒ කිව්වෙ ඒ ගොල්ලෝ කියන හැටියට රට අදේවවාදී වෙන්න ඕනෙ..

      සෝවියට් සංගමය කියලා තිබුන රටවල් වල එකතුව මල්ලි දන්නවා ඇතිනෙ.. සෝවියට් සංගමය කොමියුනිස්ට්වාදී.. ඒවගේම තමයි ඒ අවට සමහර රටවලත් කොමියුනිස්ට් ආණ්ඩු තිබුනෙ.. විශේෂයෙන් පෝලන්තයේ තිබුනෙ කොමියුනිස්ට් ආණ්ඩුවක්.. ඒක ඒ රටේ බහුතරක්වූ කතෝලිකයන්ට පීඩා කළා..

      ඔය අතර තමයි පෝලන්ත ජාතිකයෙක් පාප්තුමෙක් වෙන්නෙ.. ඊටපස්සෙ තමුන්ගෙ රටේ ආගමික නිදහස වෙනුවෙන් එතුමා පෙනී හිටිනවා.. මේ විදිහට කොමියුනිස්ට් රටක ජනතාව ආණ්ඩුවට විරුද්ධව ආගමික නිදහස ඉල්ලීමෙන් කොමියුනිස්ට්වාදය බිඳවැටෙනවානෙ.. අනික කොමියුනිස්ට් රටවල ජනතාවත් පෙළඹෙනවා තමුන්ගෙ ආගමික නිදහස ඉල්ලන්න..

      ඉතින් පාප්තුමා ආගමික නිදහස ඉල්ලන කණ්ඩායම් වලට සහය දැක්වීම නවත්වන්න තමයි එතුමාව මරන්න හැදුවෙ.. තව පාප්තුමෙක් පත්වෙනවා තමයි.. ඒත් එතුමා වෙන රටක ප්‍රශ්නයකට අත දාන්නෙ නෑනෙ..

      "එක එක වෙලාවට එක එක බොරු කියලා තියෙනවනේ..." ඕක මාෆියා සාමාජිකයන්ට ලැබෙන පුහුණුවක්..

      Delete
    2. මැද පෙරදිග පැත්තටත් ඔය අහස පොලොව නූහුලන අපරාදේ වලිග කොට ගෑවෙනවෝ . . . .මගෙත් කට ඇවිස්සුනොත් ලෝක යුද්ධයක් ආවත් කමක් නෑ කියලා දිග අරිනවා ඔක්කොම.

      Delete
  20. අනර්ගයි . හරියට නොදැන සිටි දෙයක් . මම ෆිල්ම් එකක් බැලුව පිරිමියෙක් වගේ වෙස්වලාගෙන පාප් තනතුරේ කෙටිකලක් සිටි කාන්තාවක් ගැන . Joan තමයි නම . ඒගැන ලියනවද පොඩ්ඩක් ඔයා දන්නවා නම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      ඒ කතාව මධ්‍යතන යුගයේදී ඇතිවූ ප්‍රබන්ධයක් කියලා තමයි සඳහන් වෙන්නෙ.. රොබින් හුඩ් පුරාවෘත කතාව වගේ ලේඛකයන් කීපදෙනෙකුම ලිවීමෙන් ඒ කතාව ඇත්තයයි විශ්වාස කරන තරමටම ප්‍රචාරය වෙලා තියෙනවා..

      බොහෝදෙනා පිළිඅරගෙනත් තියෙනවා.. ඒ කතාවෙන් සිදුවූ බලපෑම කොතෙක්ද කියනවානම් 1601දී කතෝලික සභාව නිල වශයෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා.. පාප්ධූරයට පත්වූ කාන්තාවකගේ කතාව බොරුවක් කියලා

      Delete
  21. මේ ලිපි හයෙන් නොදන්න දේවල් හුගක් දැනගත්තා.. ස්තූති

    ReplyDelete
    Replies
    1. ලිපි හයේම කමෙන්ට් දාලා තියනවා දැක්කා.. බොහොම ස්තුතියි අගය කිරීමට..

      දැනුමට අලුත් දෙයක් එකතු කරන්න පුලුවන් වුනා නම් ඒක තමා මගේ සතුට

      Delete
  22. thawath mewani lipi magin minisun danuwath kirimata dewidunge ashirwadaya labewa kiyala mama praththana karanawa,jesu pihitai

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි! ජේසු පිහිටයි

      Delete
  23. I just saw your blog. great work.
    කතෝලිකයන් ගැන මෙහෙම සිංහලෙන් ලියන එක ඉතාමත් අගය කල යුතු දෙයක්. We thank u for doing this. Keep it up buddy!

    ReplyDelete
  24. @ Dulaj Asiri,

    Thank you very much!

    ReplyDelete
  25. එක හුස්මට කියෙව්වේ ! ඒ කලේ තිබ්බ සීතල යුද්දේ හැටියට පාප්තුමා කිව්වනම් කව්ද මේකේ පිටිපස්සේ හිටියේ කියල අනිවාර්යයෙන්ම තුන්වන ලෝක යුද්දේ පටන් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. පාප් වහන්සේ එවලෙ කරන්න තිබ්බ හොඳමදේ කළා..

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. I saw your article today. You should be commended for writing about something related to a religion, but without any partiality. Most articles related to religions are to attack other religious activists. In yours; not only, you have not attacked a religion but also you have not gone to create a bad picture even on the assassin. Hats off to you. You have stated only the facts in a way that reader cannot understand whether you are a Christian or a non-Christian even. Thanks for your writing.

    ReplyDelete
    Replies
    1. This is one of the best appreciations I got for my writings. Thank you very much. These kind of comments motivates me to write more. Thank you again.

      Delete
  28. keep up the good work!

    ReplyDelete
  29. මං අහල තියනවා මේ පාප් වහන්සේ වැටෙද්දී ගත්තු පින්තුරේක මරියතුමිය වගේ කෙනෙක් අල්ලගන්නවා තියනවා කියල. ඇත්තටම එහෙම දෙයක් වෙලා තියනවද හරි?

    ReplyDelete
    Replies
    1. http://www.turnbacktogod.com/wp-content/uploads/2008/10/john-paul-n-mother-mary.jpg

      ඔය ලින්ක් එකේ තියෙන පින්තූරෙ ගැන තමයි ගොඩක් අය කතාවෙන්නෙ.. ඕක හදපු එකක්ද? ඇත්ත එකක්ද මන්දා?

      Delete
  30. ගොඩක් උවමනාවෙන් කියවපු ලිපි පෙලක් .කාලයක් තිස්සෙ දැන ගන්නට උවමනාවෙන් හිටපු බොහොමයක් දේවල් දැන ගත්තා.මුලු බ්ලොග් එක පුරා කියවන්න දේවල් බොහෝයි. කතෝලික සභාව ගැන ආගම් බේදයක් ඇති නොවන ලෙස පරිස්සමට අර්ථවත්ව ලියවිලා තියෙනවා .
    ඔබට බොහොම ස්තූතියි !!
    ජේසුපිහිටයි!

    ReplyDelete
    Replies
    1. නිශි කිව්වා වගේම කොනක ඉඳන් කියවනවා වගේ.. හොඳ.. හොඳයි.. අගය කිරීමට ස්තුතියි..
      ජේසු පිහිටයි!

      Delete
    2. ඔක්කොම කියෙව්වා හරී, එකින් එක කම්න්ට් කලේ නැති උනාට. අර විටෙන් විට දීලා තියෙන පොරොන්දු ඉෂ්ට කරනකන් ඔන්න අපි බලන් ඉන්නවා. ශු.අන්තෝනි මුනිතුමා ගැන වගේම ශු.සෙබස්තියන් මුනිතුමා ගැන කියවන්නත් නොඉවසිල්ලෙන් ඉන්නෙ .

      Delete
    3. එකින් එකට කමෙන්ට් කරන්ඩ අමාරුයිනෙ.. කියවන බව අහන්ඩ ලැබීම සතුටක්..

      පොරොන්දු නම් ගමකට.. :) ඉටු කරන්ඩ කාලෙ තමයි නැත්තෙ..

      වෙලාව තියෙන හැටියට ලියන්නම්කො..

      Delete
  31. මං ඔය කතාව අහලා තියෙනවා.හැබැයි ඔච්වර දෙවල් දැනන් හිටියේ නැ. ගොඩක් ස්තුති හරී අන්කල්.

    ReplyDelete
  32. මං ඔය කතාව අහලා තියෙනවා.හැබැයි ඔච්වර දෙවල් දැනන් හිටියේ නැ. ගොඩක් ස්තුති හරී අන්කල්.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...