12.13.2012

නත්තල් කන්නේ කොහොමද?

පාසල් මවගෙන් සමුගෙන බොහෝ කල් ගතවී තිබේ. එකල දැනසිටි බොහෝ මිතුරන් දැන් තාත්තලාය. දරුවන්ගේ වැඩකටයුතුත් රාජකාරී කටයුතුත් අතර හිරවී ඇති වැඩිහිටි ජීවිතය විරාමයකින් තොරව ඔහේ ගලායමින් තිබිණි. නමුත් හදිසියේ සියල්ල වෙනස් විය. ඇත්තෙන්ම මොහොතකට ලද විරාමයක් සියල්ල වෙනස් කළේය. හදිසියේම මාගේ පැරණි මිතුරන් කිහිපදෙනෙක් හමුවීමට, ඔවුන් සමඟ සල්ලාපයේ යෙදීමට හා උගුරක් තොල ගෑමට  අවස්ථාව පෑදිණි.

 මෙදින කලකින් ලද විරාමයෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ අපි සියලුදෙනා මුහුදු හුළඟේ පහස විඳිමින් අරලියා ගස් සෙවණක වාඩිවී සිටියෙමු. අප වටකරගෙන මේසය මත තිබූ බෝතලයෙන් වීදුරුවලට වැක්කෙරෙන්නාවූ රත් පැහැ දියරයට කොළපැහැති බෝතලයකින් ස්වල්පයක්ද එක්වේ. ඉන්පසු එය මුඛය ඔස්සේ ආමාෂගතවන්නේ මනසද වෙනත් ලොවකට ගෙන යමිනි. මේ අමුතු රත්පැහැ දියරය මඳින් මඳ අවසන් වෙද්දි එකිනෙකා කෙරෙහි පෙර නොවූ විරූ අපූරු ලෙංගතුකමක් මනසට කාවදින්නට විය. අප අතරින් කටකාරයා වූ මහේන්ද්‍ර හෙවත් මහියා කතාව වෙනත් ඉසව්වකට යොමු කළේය.

"මචං හරී, උඹ දන්නවද ලබන විසිපස් වෙනිදා අපි සෙට් වෙන තැන"

සිහිය හොඳින් තිබුනත් එකවරම ඇසූ ප්‍රශ්නයෙන් මට කිසිවක් සිතාගත නොහැකිවිය. "ම්හ්හ්"

"උඹ දන්නෙ නෑ. උඹට දැනගන්න ඕනකමකුත් නැද්ද? " මහියා එන්නේ මොකාටදැයි නොදත්  මම වික්ෂිප්ත වී බලා සිටියෙමි.

"මචං ලබන විසිපහ අපි උඹලගෙ ගෙදර. උඹ දන්නෙ නැත්නම් දැනගනින් ලබන විසිපහ උඹලට නත්තල්. උඹට නත්තල් කියන්නෙ අපිටත් නත්තල්. උඹලා නත්තල් කනවනෙ. අපිටත් දීලා කාපන්."  මහියා තවත් උගුරක් මුඛයට හලාගෙන කඩල අහුරක් අතට ගත්තේය.

"මොන නත්තල් කනවද මහියෝ? මේ ආර්ථිකේත් එක්ක. එදා වේල කන්නෙත් ලෙවකාලා" මම කලකිරුණු ස්වභාවයකින් කිව්වෙමි. 

"හා.. හා.. මචෝ. එකට කාලා බොක්ක වෙනස් කතා කියන්නෙපා. කොහෙද ආර්ථිකේ නරක? කියපන් බලන්න." කුකුල් අණ්ඩක් හපමින් කතා කළේ  බැච්චාය.

"පලයන් බැච්චො යන්න. ආර්ථිකේ හොඳයි? මම කිව්වා කියලා හිතාගනින්." මම එකහෙලා විරුද්ධත්වය ප්‍රකාශ කළෙමි.

ඒ ඇසිල්ලේ "ඔය කඩල පීරිසිය මෙහාට එවපන්"යැයි ගෝතා අත දිගු කළේ වීදුරුවක් පුරවාගන්නා ගමන්ය. මහේන්ද්‍ර තමා අසල තිබූ කඩල පීරිසිය ඔහුගේ අත රැඳවීය. එයත් ළඟින් තබාගෙන වීදුරුව අතට ගත් ඔහු ඉතා සන්සුන්ව එහෙත් ගැඹුරු ස්වරයෙන් කටහඬ අවදි කළේය.

"මචං, මේ අහපන්කො. එදා වේල කන්ඩ අමාරු එක ඇත්ත. මාත් පිළිගන්නවා. ඒත් බලපන්කො දැන් උඹලට බය නැතුව ඉන්න පුළුවන්. කෝ බෝම්බ පිපිරෙනවද? මිනිස්සු මැරෙනවද? හා කියපන්කො බලන්ඩ.  රූකාන්තට පුළුවන්ද කටක් ඇරලා කියන්න 'පොඩ්ඩක් හිතන්ඩ සුමිතුර අපේ රටේ උතුර' කියලා"

"රූකාන්තට දැන් කට අරි.." කියන්න ගිය දේ කියන්න ලැබුනේ නැත. මැද්දට පැන්නේ චමියාය. චමියා අප අතර සිටි අඩුවෙන්ම කතා කරන පුද්ගලයා වුවත් වාදයක් ඇවිලෙන්න යන විටම එය නිවා දැමීමේ ගජ හපනෙකි. අප අතර වාද සිදුවෙන හැමවිටම එය පාලනය කළේ චමියාය.

"හරී, වෙනසකටත් එක්ක කියපන්කො උඹලා නත්තල් කන හැටි" චමියා කතාව යවන්න යන්නේ වෙන පාරකය. 

"මම කිව්වෙ දැන් ලෙව කන හැටි" මම තරහින් කීවෙමි.

"ඔය බහුභූත වලින් වැඩක් නෑ බන්. උඹලා කරන චාරිත්‍ර වාරිත්‍ර ගැන කියපන්" චමියා අතට ගත් කඩල අහුර ඇටය බැගින් කටට විසිකරයි.

"ඕන නෑ බන්. මම දන්නවා මම කියන්ඩද?" ඒ මේ වෙනවිටත් පදමට වැදී සිටි මහියාය. බැච්චාද ගොතා ද වීදුරු පුරවාගෙන පීරිසි ළඟට ගෙන හරිබරි ගැසී වාඩි වූයේ කතාව ඇසීමටය. මහියාගේ උනන්දුවක් නොතිබුනත් අනිත් තිදෙනාගේ උනන්දුව දුටු මම කතාව පටන්ගත්තෙමි.

"මචන්, නත්තල් කියලා ඉස්සෙල්ලම අපිට මතක් වෙන්නෙ දෙසැම්බර් පළවෙනිදට"

"ඒ මොකෝ"

"දෙසැම්බර් පළවෙනිදා පාන්දර වෙඩි සද්දෙ උඹලා අහලා නැද්ද?"

"ආ ඔව්.. ඔව්.. " චමියා වීදුරුව මේසය මත තැබුවේය. "ඉතින්"

"ඊටපස්සෙ විසිපහ වෙනකන්ම ශොපින් යන්ඩ තියෙන්නෙ. අලුත් ඇඳුම් ගන්නවා. කන බොන ජාති ගන්නවා. සල්ලි අතේ මිටේ යහමින් තියෙනවා නම් නත්තල සරුයි. නත්තල් සීට්ටුවක් දාලා තිබ්බොත් ඉතින් වියදම් වෙන ගානෙන් ටිකක් ශේප්"

"මොකක්ද බන් නත්තල් සීට්ටු කියන්නෙ" 

"නත්තල් සීට්ටු කියන්නේ අවුරුද්ද පුරාවට මාසෙ ගානෙ ගානක් ගෙවලා අවුරුද්ද අන්තිමට ඒවා ආපහු ගන්ඩ පුළුවන් ක්‍රමයක්. මගේ බ්ලොග බලපන්කො" (මෙතනින්)

"අම්මද බොල උඹට බ්ලොගකුත් තියෙනවාද?" මෙතෙක් වේලා පුටුවට වී දෙනෙත් පියා සිටි මහියා අවදි වූයේ හීනයකින් බය උනාක් මෙනි.  "මගෙ යාලුවෙකුත් බ්ලොගක් ලියනවා උඹ කියන්නෙ ඒක ගැනද? ඒකෙත් සීට්ටු ගැන තිබ්බා. ආ.. මම තව එකෙක් දන්නවා. උඹ අඳුරනවාද අර ඕස්ට්‍රේලියාවෙ ඉන්න තට්ට පොර? මිනිහාගෙ බ්ලොග තමා මම වැඩිපුර කියවන්නෙ" මහියාගේ කටට බ්‍රේක් නැත. 

මම හඳුනන තට්ටයෙකු නොවන බැවින් මම නැතැයි කියන්නට හිස දෙපසට වැනීමි.  

"නෙදකින් ඉතරක්. ඒකව දන්නෙ නෑ කියන්නෙ උඹ මොන කබ්බෙක්ද බන්?" මහියා මට සවුත්තුවට හිනාවෙන්නට විය. එහෙත් චමියා මා බේරාගත්තේය. 

"මේ මහියා. උඹ නම් ඔහොමමයි. මොකක් හරි අංචියක් ඇදලා කරගෙන යන කතාව වහන්නමයි යන්නෙ. උඹ කියපන් හරී." එයින් මහියා පසුබා ගියාය නොව ගියේය. 

ගෝතා වීදුරුව අතින්ගෙන මා දෙස බලාසිටිද්දීත් බැච්චා ලොකු කෑලි ඉවරවූ පිරීසියේ කුඩා කැබලි පීරද්දීත් මම යලිත් කටහඬ අවදි කළෙමි. "වැඩ වැඩිවෙන්නේ විසි හතර වෙනිදට බන්. එදාට කොහොමහරි පහුවදාට කන බොන ජාති එකතු කරගන්නත් තියෙනවා. "

"ඇයි උඹලා හරක් මඩුවක් ගෙදර හදනවා නේද? ඇයි ගහකුත් සරසන්නේ"

"ඔව් බන් ඒකට කියන්නෙ ගවලෙනේ. අපි පොඩිකාලෙ නම් හැදුවා. ඒත් දැන් කොහෙද බන් වෙලාවක්. ඔන්න ඔහේ කඩෙන් එකක් අරන් තියනවා බන්. ගවලනේ ගැනත් මම බ්ලොගේ ලියලා ඇති" (මෙතනින්)

"එතකොට ගහ"

"කවුද ඩෝ ගහගන්න එන්නෙ" නැවතත් නිදෙන් අවදි වූයේ මහියාය. "අපි මෙව්වත් එක්ක තරහයි. ඒක හින්දා මෙව්වට යහතින් ඉන්න ඉඩ තියන්නේ නෑ" මහියා තවත් වීදුරුවක් වක්කළේ සෙස්සෝ එපා කියද්දීය. 

"නත්තල් ගහ ගැන බ්ලොගෙන් කියෝපන් බන්" (මෙතනින්)මමත් අවස්ථාව ලද තැන ලිස්සීමි.

"කවුද බං අර කඩ සාප්පු ඉස්සරහා නත්තල් කාලෙට ඉන්න නාකි මනුස්සයා. ඇයි බන් අර රතු ඇඳුමක් ඇඳන් ඉන්නෙ"

"ඒ නත්තල් පප්පානෙ" මටත් කලින් උත්තර දුන්නේ බැච්චාය.

"ඔව් නත්තල් පප්පා තමයි. සැන්ටා කියන්නෙත් උන්දැටම තමා. ඒකත් බ්ලොගෙන් බලපල්ලා" (මෙතනින්) ගෝතා මුහුණ අඳුරු කර ගත්තේය. "තව එකක්. නත්තල්දාට ගමේ කොල්ලො කුරුට්ටෝ කැරොල් යනවා. මම කට රිද්දගන්නෙ මොකටද ඒකත් බ්ලොගේ ඇති. " (මෙතනින්)  මම සිනාසුනෙමි.

"හරි. හරි බ්ලොගේ නැති දේවල් කියපන්කො" ඒ සීමාව ඉක්මවමින් සිටි චමියාය.

"දැන් ඔක්කොම බඩු මුට්ටු ලෑස්තියි කියමුකො. නත්තල් ගහත් හැදුවා ගවලෙනෙත් හැදුවා."

"කේක් වයින්??"

"මෙහෙමයි බන්. කේක් වයින් හදනවා කිව්වට හැමෝම හදන්නේ නෑ බන්. බටර් කේක් නම් හැමෝම වගේ හදනවා. ඒත් වයින් හදනවාද කියන්න මම දන්නෙ නෑ. අපිනම් කඩෙන් ගන්නවා"

"වැල්වටාරම් නැතුව ඉක්මනට කියපන් බන්. සින්දුවක් කියලා ෆන් එකක් දාන්නෙ නැතුව උඹගේ බණ අහන්නද කියන්නෙ"

"අනේ මහී. හැමදාම බයිලා කියන උඹට අදත් බයිලාම ඕනෙ නෑනෙ. පොඩ්ඩක් ඉඳපන් මේක අහගන්නකන් "

"කියපන් හරී. මට නම් නිදිමතත් වගේ" බැච්චා අඩවන් දෑසින් පැවසුවද රහසින් නෙමේය.

"ඉතින් විසිහතර වෙනිදා රෑ දොළහා වෙද්දී අපි හැමෝම පල්ලි යනවා. හැමෝම අලුත් ඇඳුම් ඇදගෙනයි යන්නෙ. බලන්නෙපායැ සුරදූතිකාවන්ගෙ ලස්සන"

"මාත් අහලා තියෙනවා එදාට පල්ලියෙ දේවදූතයින්ට (මෙතනින්) ඇදපු ළමයි ඉන්නවා කියලා"

"ඔව්. ළමයි දෙන්නෙක් ජුසේතුමාටයි මරියතුමීටයි ඇඳලා තවත් ළමයි දේවදූතයන්ට ඇඳලා ඉන්නවා තමයි. ඒත් මම කිව්වෙ ඒ ගොල්ලො ගැන නෙමෙයි. මිහිපිට සුරදූතියො ගැන. බලන්නෙපායැ. එහෙන් පලලා මෙහෙන් පලලා ඇන්ඳම තියෙන ලස්සන" සියල්ලෝම ගල්ගැසී මා දෙස බලා සිටිති. 

"ඔය කෙළ පෙරෙනවා පිහ ගනින්" උන් මගේ මිතුරන් බැවින් එසේ කිව්වේ කාටදැයි නොලියමි. 

"අපි වගේ වැඩ තියෙන උන් කොහේ හැමදාම පල්ලි යන්නද බන්. මම නම් නත්තලට විතරයි යන්නෙ. ඒ නොයන උනුත් ඉන්නවා. උන්නෙ ගෙදර ඉඳන් පලාතම දෙදරන්න වෙඩි පත්තු කරන්නෙ. ගිය පාරත් මම වෙඩි වලට බර ගානක් වියදම් කළා"

"ඉතින් බන් අවුරුද්දට එක දවසක් ගිහින් ඇතිද?"

"ඒ ගියත් වැඩක් නෑ බන්. එහෙන් මෙහෙන් කිරි ගරුඬ ගල් කණු පේද්දි මොන හිතකින්ද කියහන්කො නිවී හැනහිල්ලෙ පූජාවක් අහන්නෙ. "  මම අන්තිම වීදුරුව දමලා ඇරීමි.

"ඊටපස්සෙ ඉතින් පහුවදා ඉඳලා පාටි තමයි. ඒ සුමානෙම කෙරෙන්නෙ නෑයොන්ගෙ ගෙවල් වල යන එක. අපි නම් ඔය දුප්පත් එවුන්ගෙ ගෙවල් වල යන්නෙ නෑ බන්"

"ඇයි බන්. දුප්පතුන්ට සළකන්ඩ කියලා නේද ඔය කාලෙට පත්තරවල යන්නෙ"

 "අනේ බන් ඔව්වා පත්තරවලට විතරයි. දැන් නත්තලට බොන්න එපා කියනවා. කෝ අපි නොබී ඉන්නවද?. උන්ව අතේ දුරින් තියාගන්න තරමට තමයි හොඳ. අතේ තියෙන තුට්ටු දෙක එහා මෙහා කරලා නත්තල් කනවා මදිවට වෙන එවුන්ටත් දීපන්කො"

ඒ ඇසිල්ලේ කරදරකාරී මහියා නැවත අවදි විය.  මේ වනවිට සියල්ල අහවර වී තිබිණ. "මේ සින්දුවක් කියන්නෙ නැද්ද බොලව්. හරී, දැන්වත් නවත්තපන් ඔය බණේ. පටන් ගනින් හොඳ බයිලයක්. "

"ආ. ඊට කලින් මට මේකට උත්තර දීපන්. උඹ ඇත්තටම අර තට්ට බුවාව දෙන්නෙම නැද්ද? " මම කිසිවක් නොකිමී. "බොරු කියන්නෙපා බන්. දන්නෙ නැත්තම් කොහොමද බුවා වගේම ලින්ක් දාලා පෝස්ටුවක් ලිව්වෙ? "

මම නෑසූ කන් ඇතිව බයිලයක් පටන් ගතිමි. "ආයුබෝ වේවා...♯ ♬ ♫ ♪"

65 comments:

  1. මූ බ්ලොගේ ප්‍රමෝට් කරලා ඒ අස්සෙත්... ඒ මදිවට අර තට්ටයටත් හීනියට ෂොට් එකක් දීලා.... හි හි ( අම්මපා මේක නම් ඒකගේ පෝස්ට් එකක් වගේ තමයි... හි හි)

    බීම නැතුව මොන නත්තලද නේද හරියෝ.. හි හි

    ReplyDelete
    Replies
    1. බ්ලොගේ ලියලා තියෙද්දි මොකටද කට රිද්දගන්නෙ අප්පා.. අනේ මම අහිංසකයා කාටවත් ශොට් නම් දුන්නේ නෑ පොඩි පහේ විහිළුවක් කළා මිසක්.. :)

      ඒකනෙ අප්පා බීම නැතුව මොන නත්තල්ද? නොබිව්වොත් විජලනය හැදේවි..

      Delete
  2. ඔන්න ඔහොමයි හරී " නත්තල් කන්නේ "...

    අනේ ඇත්තට කවුද අර අපි නොදන්න තට්ට බුවා ?

    ReplyDelete
    Replies
    1. ආන්න ළිහිණි අක්කට වැඩේ තේරුනා.. නත්තල 'කන' හැටි තමයි මට කියන්න ඕනෑ වුනේ..

      තට්ට බුවා නම් මම නොදනී.. මට සැක එක්කෙනෙක්වත් තට්ට බුවාගේ බ්ලොග බලනවයි කිව්ව මනුස්සයව අඳුනගත්තද කියන එක?

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා නම් වයින් හදනවා බන් ගෙදර.උඹ දැන් කකාව ෆලෝ කරනවා වැඩියි කොල්ලෝ.

      මම එක කියලා කොමන්ට් කරලා බලද්දී උඩ ඇන්ටිලා දෙන්නෙක් කොමන්ට් කරලා ඉවරයිනේ යකෝ.අපිට චාන්ස් එකක් දෙන්නෙම නැහැනේ.

      Delete
    2. ඇයි මල්ලි මකන්නේ අරයා තරහාවෙයි කියලද

      Delete
    3. කව්රු තරහා වෙන්නද මා එක්ක?බොලා ඇර :D

      Delete
    4. @මනි,

      අපේ ගෙදර නම් වයින් හදලා නෑ බන්.. මෙදා නත්තලට හදන්නත් දැන් කල් මදිනෙ..

      "උඹ දැන් කකාව ෆලෝ කරනවා වැඩියි කොල්ලෝ." උඹ මේ මොකක් කියනවද කියලා මට තේරෙන්නේ නෑ.. මොකෝ කතන්දර මා මේ දවස්වල ආගමික පෝස්ට් ලියනවද නැත්නම් මම කතන්දර මාමගේ ටයිප් කතා ලියනවද?

      කොහොමත් කතන්දර මා කියන්නෙ නම් දක්ෂයෙක් ඉස්සර ලියලා තියෙන කතා හරිම අර්ථවත් වගේම රසවත්.. දැන් මොනාවෙලාද මන්දා ලියන එව්වා මට නම් මෙලෝ රහක් නෑ..

      ඇන්ටිලා එක්කම බලා ගනින් මම ඔව්වට නෑ.. උඹ ඔතන එක උනත් ඊට කලින් මේ පෝස්ට් එකට කමෙන්ට් 11ක්ම වැටිලා තිබුණා...

      Delete
    5. @ ලක්මාල් කන්දෙවිදානෙ,

      කව්ද ඒ අපි නොදන්න බ්ලොග් කියවන අරයා?

      Delete
  4. මේ ලිපියට ලැබුනු ප්‍රතිචාර කිහිපයක්..

    දයානන්ද රත්නායකDecember 10, 2012 10:03 PM

    කෝ මේකෙ මොකවත් නෑනේ. අදහසක් ඉදිරිපත් කරන්න.

    ඒත් මම බෞද්ධයෙක් වුණත් මගේ හිතවත්තුන් කිපදෙනෙක්ම ඉන්නවා නත්තල සමරන බැතිමතුන්. ඒ නිසා නත්තල් දවසට කනබොන දෙයින් අඩුවක් නම් නෑ.

    සමනළීDecember 10, 2012 10:33 PM

    ඈ.... කෝ මේකේ මුකුත් නෑනේ? හෙඩිම විතරයිද???

    Naleen DilrukshaDecember 10, 2012 11:23 PM

    නත්තල කන්න උඹලැ දිහා එන්නද. එතකොට උඹ කන විදියටම මටත් කන්න ඇහැකිනේ.
    මම සමකය වටේ ලියන නලින්

    සෙන්නාDecember 10, 2012 11:45 PM

    නත්තල් කෙසේ වෙතත් තෝව කන්ඩ හිතුනා මේ සාරගර්භ ලිපිය කියෙව්වට පස්සෙ..

    විචාරක WicharakaDecember 11, 2012 12:30 AM

    යකෝ සෙන්නට තද වෙන තරම්. මෙහෙන් එවන්නද කොහිල කැඳ?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    සෙන්නාDecember 11, 2012 12:43 AM

    මට විතරයැ.. අර කවදාවත් කේන්ති නොයන ඉතිහාස මිස්ටත් තද වෙලා.. පේන්නැද්ද විචාරක මහත්තයෝ... :-)

    සයුරිDecember 11, 2012 12:55 AM

    :D

    http://www.mashguru.com/December 11, 2012 12:11 AM

    පුක සුදුද

    http://www.mashguru.com/December 11, 2012 12:12 AM

    පුක සුදුද

    විචාරක WicharakaDecember 11, 2012 12:33 AM

    උඹලා නත්තල් කන්නේ කොහොමදැයි අපි නොදනිමු. නමුත් අපි නත්තල් කන්නේ, වසර ගානකට පාරු මේ රටට සාමය උදාවූ දිනයේ පටන්, නත්තල් කන අය අපිටත් ඒ සඳහා ආරාධනා කරන නිසාය.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    සයුරිDecember 11, 2012 12:33 AM

    ඇයි මොකෝ කවන්ටද අහන්නේ?

    ලිපියේ ඉතුරු ටික නත්තලට කන්න තියාගත්තද ? :)

    ReplyDelete
    Replies
    1. පොදුවේ කිව්වොත් මට වැරදීමකින් තමයි මේ ලිපිය කලින් පළවෙලා තිබුනේ.. මම වැඩට ගිහින් ඇවිත් කෙලින්ම වාඩිවෙන්නෙ බ්ලොගේට තමයි.. එදා මට නින්ද ගිහින්.. නිදිමතෙන්ම තමයි වැරදිලා පබ්ලිශ්වෙලා තිබුනෙ.. උදේ අහම්බෙන් මේල් බලනකන් මේ බව දැනහිටියේ නෑ..

      බ්ලොගයට පැමිණි ඔබලා මේ නිසා අපහසුතාවයට පත්වීම සම්බන්ධව සමාව ඉල්ලමි.

      කමෙන්ට් දැක්කම නම් මට සසරකලකිරුණා.. බ්ලොගේ නවත්තලා දාන්නත් හිතුනා.. :)

      Delete
    2. //කමෙන්ට් දැක්කම නම් මට සසරකලකිරුණා.. බ්ලොගේ නවත්තලා දාන්නත් හිතුනා.. :)//

      යන්ට මෙයා යන්ට :) අර සුදුද කියලා අහපු එකට නේද තද උනේ? කවුද අප්පා ඒ :ඩි

      Delete
    3. "අර සුදුද කියලා අහපු එකට නේද තද උනේ? " තේරුනේ නෑ..

      Delete
    4. ආ..ගණන් ගන්න එපා. මගෙත් ඇස් පිහාටුවලට මුක්කු ගහල තියෙන්නේ මේ වෙලාවේ

      Delete
    5. ඔය පැත්තට දැන් උදේනෙ.. 10ට විතර ඇති..

      Delete
    6. දැන් 11.30 යි. ඊයේ නිදාගත්තේ 4 ට විතර

      Delete
    7. 4 වෙනකම් බ්ලොග් වල සැරිසැරුවද ? උත්තරය ඔව් නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. :-)

      Delete
    8. හෙහෙ..නැත නැත. :)) අසයිග්න්මන්ට් එකක් මස් කෙරුවෙමි. මේ විබහග කාලේ නෙව. බ්ලොග් වල සැරිසැරීමේ ප්‍රතිඵල තමයි ඊයේ අත්වින්දේ..හිහි

      Delete
    9. හෑ..අසයිග්න්මන්ටුත් මස් කරන්න පුළුවන්ද? මම හිතුවෙ සත්තු විතරයි කියලා..

      මම හිතානහිටියෙ සයුරි ලොකු එක්කෙනෙක් කියලා.. බලාගෙන යනකොට ඉස්කෝලෙ යන කෙනෙක්නෙ..

      Delete
    10. හිහ් හිහ්..කපලා කොටලා බැරි තැන මස් කරලා දානවා.

      Delete
  5. කෑමෙන් හොඳ කෑම නත්තල් කෑම....

    කවුද බන් ඕස්ට්‍රේලියාවෙ ඉඳන් බ්ලොග් ලියන තට්ට බුවා ??

    ReplyDelete
    Replies
    1. ඇයි සෙන්නො 'පරිප්පු කෑම' :)

      අනේ මන්දා බන්.. මම නම් දන්නෙ නෑ..

      Delete
    2. පිස්සාගේ පල මල්ලද.මොකද එයත් කොන්දේ කොට වෙන්න කපල තියෙනවා ලු..

      Delete
  6. 1. දැන් ඔතන අර රතුපාට බෝතලේ තියන ඒවා කොලපාට බෝතලේ තියන ඒවා එක්ක කලවම් කරගෙන බිව්වේ අනික් කට්ටිය. හරී බිව්වේ කොලපාට බෝතටේ තියන අර 7අප් ද හතප් ද කියන වර්ගය විතරයි. අනික් අයගේ වාෂ්ප වැදිලා තමයි හරී වැනෙන්න පටන් අරන් තියෙන්නේ. 'අපි නොදන්න හතප්'

    2. ජාතික සහ ආගමික උත්සව මේ තරම් විකුණාගෙන කන රටක් මේ සක්වලේම නැද්ද මන්දා.



    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයා නම් අද කළා හොඳ වැඩක්..

      'අපි නොදන්න හතප්' කියලා දැක්ක ගමන් මම කළේ hathap, hatap, hataf, කිය කිය සර්ච් කරලා බැලුවා එහෙම බීම වර්ගයක් තියේද කියලා.. මේ කියන්නෙ සෙවනප් බව වැටහෙන්න ටිකක් වෙලා ගියා.. මොකද මම කමෙන්ට් එක බැලුව ඔෆීසියෙ කොපීටරේ සිංහල නෑ.. 7 ඉලක්කම කොටුවකින් වැහිලයි තිබ්බෙ..

      මම නම් හිතන්නෙ කොහෙත ඔහොම තමයි.. වෙළෙන්ඳො තමයි උත්සව නග්ගලා ගන්නෙ.. දැන් බලන්ඩකො විචාරක මහත්මයා දෙන්නෙක් කසාද බඳින්නෙත් වෙළෙඳන්ට ඕන විදිහටනෙ.. අන්තිමට ඒක මඟුලක් නෙමෙයි වෙළඳ දැන්වීමක්..

      කතෝලිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවය නත්තල නෙමෙයි.. ඒත් බලන්නකො ප්‍රධාන උත්සවය මොකක්ද කියන්න බොහෝ දෙනෙක් නොදන්නා තරමටම වෙළෙන්ඳෝ නත්තල මාකට් කරලා තියෙන හැටි..

      Delete
    2. කියන්න අමතක උනා.. හෙට ඇනිවසරිය සමරමුද? :D

      Delete
    3. අනිවසරි ලිපිය ඔන්න තියනවා. ඇවිත් බලන්න. මට අමතක වුනා ඔය 'හතප්' කතාව හමුදාවේ එකක්. බාගෙට ඉංගිරිසි දැනුම තියන එක්කෙනක් තමයි ඔහොම කියලා තියෙන්නේ.

      වෙසක් උත්සවය, සිංහල අවුරුද්ද, නත්තල, ජනේරුව, ලං වෙනකොට, ඒ ඒ ආගමික නායකයන්ගේ මණ්ඩලයක් විසින්, සියලුම ජන මාධ්‍ය ප්‍රබල ලෙස යොදාගෙන, මහජනතාවට කිව යුතුයි, කෑවට කමක් නෑ ආගම කන්න එපා කියලා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    4. මම කියෝලා කමෙන්ට් කරත් එක්කනෙ..

      "වෙසක් උත්සවය, සිංහල අවුරුද්ද, නත්තල, ජනේරුව, ලං වෙනකොට, ඒ ඒ ආගමික නායකයන්ගේ මණ්ඩලයක් විසින්, සියලුම ජන මාධ්‍ය ප්‍රබල ලෙස යොදාගෙන, මහජනතාවට කිව යුතුයි, කෑවට කමක් නෑ ආගම කන්න එපා කියලා.
      "

      ජනතාව අහයිද කියන එක තමයි අවුල විචාරක මහත්මයා.. මේ රටේ හාමුදුරුවරු උදේ හවහා කොච්චර නම් බණ කියනවද? කෝ..

      Delete
  7. හලේ...ඉතුරු ටික දාල තියෙන්නේ. මාත් බැලුවා මේ වැරදිලා තට්ට බ්ලොග් එක පැත්තේ ගිහිල්ලවත්ද කියලා :)

    ReplyDelete
    Replies
    1. ඒ තරමටම සමානද?.. වෙන්ඩ බෑ..

      Delete
  8. දැන් හැම එකාටම කියන නම් දැම්මා උන් උඹට කියන නම මොකක්ද

    ReplyDelete
    Replies
    1. "මචං හරී, උඹ දන්නවද ලබන විසිපස් වෙනිදා අපි සෙට් වෙන තැන"

      ඔය තියෙන්නෙ...

      ඔය අනිත් උන්වත් උඹ අඳුරනවා අයියේ..

      Delete
  9. නත්තලුත් එනවා නේ. වයින්...... මෙදා පාර වෙඩින් එකට බෝතල් පහලවක්ම හැදෙනවා.

    ReplyDelete
    Replies
    1. මිදි? තැඹිලි? දෙහි? ඕකෙන් කොයිකද?

      වෙඩින් වලදී වයින් දෙන්නෙ හරිම ටිකයිනෙ අක්කේ.. කට තෙමෙන්නෙත් නෑ..

      Delete
  10. නත්තල් ගැන අද්දැකීම් මටත් තියෙනවා. අපි බෞද්ධ වුනාට නත්තල් කාලෙට යන්නෙ කතෝලික නෑයින්ගෙ ගෙවල් වල.

    ReplyDelete
    Replies
    1. බුද්ධිලාගේ පැත්තෙ ඉතින් ජයටම නත්තල් සමරනවානෙ..

      Delete
  11. කෝ බං කලින් එද්දි උඹ ලිපිය දාලා අස්කරගෙන තිබුණනේ.

    සල්ලි තියෙනව නම් අපිටත් හැමදාම නත්තල් බං. ආගමික උත්සව උනත් අද ඉතිං නිකම්ම වාණිජකරණය වෙලානේ.

    උඹ කියන්නත් කලින්ම ලින්ක් ටික දකිද්දිම මටත් ඔය ඕස්ට්‍රේලියාවෙ ඉඳන් බ්ලොග් ලියන තට්ට පොර මතක් උනා. :)

    ReplyDelete
    Replies
    1. ඒක හීනෙන් බන් පබ්ලිශ්වෙලා තිබුනෙ.. සමහරවිට හීනෙන් ලියපු පළවෙනි බ්ලොග් ලිපිය වෙන්නැති.. :)

      හැම උත්සවයම වෙළෙන්ඳො අල්ලගෙන ආයෙ ගන්ඩ දෙයක් නෑ.. ආගමික සංකල්ප ඔක්කොම කැලේ..

      "උඹ කියන්නත් කලින්ම ලින්ක් ටික දකිද්දිම මටත් ඔය ඕස්ට්‍රේලියාවෙ ඉඳන් බ්ලොග් ලියන තට්ට පොර මතක් උනා. :) " උඹ පොරව අඳුරනවද?

      Delete
  12. මට මේ ලිපිය කියෝගන යනකොට එකවතාවෙම හිතුනේ කතන්දරයගේ බ්ලොග් එකද මේ කියලා.
    ඇයි වදේ වචනයක් නෑරම ලින්ක් නේ.

    ඔන්න මචං මාත් මෙදා නත්තලට උබලෑ දිහෑවේ එනෝ !

    ReplyDelete
    Replies
    1. ඉඳපන්කො ලියනවා එකක් හැම වචනෙටම ලින්ක් දාලා..

      වරෙන් වරෙන් මතකනෙ ගල් බෝතලෙයි රෝස් කුකුලයි..

      Delete
    2. මං රෝස් කුකුල්ලු කන් නෑ යකෝ !!!
      බ්වෑක්... ඕක්.. ඕක්.. ක්‍රෑක් තුහ්ඃ

      Delete
  13. නත්තල් / අවුරුදු අපි කනවද ඒව අපිව කනවද කියල හිතෙනව වෙලාවකට. මෙහේ මාතර පල්ලියත් නත්තල් දවසට මිනිස්සු පිරෙන්නෙ වැඩිපුර ෂොපිං කරන්න. සල්ලි නෑලූ.. ඒත් අනවශ්‍ය දේවල් වලට ඕන තරම් වියදම් කරනව..

    ReplyDelete
    Replies
    1. ඇත්ත යසිත් ඕනෑම ආගමික උත්සවයදී ආගමික සංකල්පවලට අනුව ජීවත් වෙනවට වඩා පුහු ආටෝපයට මිනිස්සු කැමතියි..

      Delete
  14. මේ තියෙන්නේ..අර හොයාගන්න බැරිවුන එක..

    අපරාදේ කියන්න බෑ යාලුවෝ ටික කලින්ම නත්තල සමරන්න පටන් අරන්..මූදු හුළ‍ඟේ සරුවටම වැඩේ තිබිල තියෙනවා එහෙනම්. බොහොම වැදගත් හරබර සාකච්චජා ටිකක් එක්කම

    ReplyDelete
    Replies
    1. නිදිමතේ සිදුවූ වැරදීමක් දයා අයියෙ..

      දයා අයියාවත් කියන්ඩකො ඔය යාළුවන්ව අඳුරනවද කියලා..

      Delete
    2. මම බ්ලොග් ලියන අයගෙන් කීපදෙනයි පුද්ගලිකවම අදුනන්නේ ඒ අයත් බස්නාහිර පලාතෙන් බැහැරව ඉන්නනේ..

      Delete
    3. ඒ ගොල්ලො බ්ලොග් ලියන අය නෙමෙයි.. සමාගමක කට්ටිය..

      Delete
  15. එතකොට දැන් කට්ටිය හරී ට කියන නම මොකද්ද. මට ප්‍රශ්නේ ඒකයි

    ReplyDelete
    Replies
    1. ඇයි බොලේ 'හරී' කියලා කතාකරපු හැටි කීපාරක් නම් ලියලා තියෙනවද?

      මට දුක මේ ලිපිය ඉන්න හතරදෙනාව මෙලෝ යකෙක් අඳුනාගෙන නෑනෙ.. එක්කො කියෝපු ඔක්කොම ටියුබ් ලයිට් නැත්නම් මට හරියට ලියන්න බෑ..

      කෝ බං මාළු ටැංකිය ලියන්නෙ නැද්ද?
      මම සුද්ද කරපු ටැංකි දෙක එහෙමමම්..

      Delete
    2. ඉරුවා රදේ හැදුනා.ඒකයි නැවැත්තුවේ. අද පෝස්ටෙකක් දැම්මා. ආයෙම හෙට පෝස්ට් එකක් වැටෙයි :)

      Delete
  16. මම දවස් දෙක තුනක් බැලුවා පොස්ට් එක එතකොට ඩිලීට් කරලා තිබුනේ...
    පොස්ට් එක අස්සේ ලින්ක් ගොඩකුත් ලස්සනට දාලා තිබුනා ...කාකා

    ReplyDelete
    Replies
    1. හීනෙන් ඒ ලිපිය පබ්ලිශ් වෙලා තිබුනෙ.. මේ හීනලන්තෙනෙ..

      Delete
  17. මේ තියෙන ආර්ථිකයත් එක්ක ආගමේ චාරිත්‍ර හරියට කරන්න අමාරුයි..

    ලියපු කතාව මාරු නිකන් ad ගොඩාක් තිබ්බ වගේ.:P

    ReplyDelete
    Replies
    1. "මේ තියෙන ආර්ථිකයත් එක්ක ආගමේ චාරිත්‍ර හරියට කරන්න අමාරුයි.." ඒ උනාට බැච්චා කියන්නෙ ආර්ථිකේ අවුලක් නෑ කියලා..

      Delete
  18. යකෝ මූටත් ඇඩ් ලින්ක් ලෙඩේ බෝ වෙලා වගේ,,ඉස්සර වගේ නෙමේ බන් දැන් එන්න එන්නම නත්තල කියන්නෙත් අපේ පර්ස් වලට තට්ටු කරන දෙයක් වෙලා...

    ReplyDelete
    Replies
    1. අපි පොඩිකාලෙ ආසාවෙන් බලා ඉඳපු නත්තල ආයෙ එන්නේ නෑ..

      Delete
  19. මගේ ත් හිතවතුන් කිහිප දෙනෙක් කතෝලික.හරිට සුභ නත්තලක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගයානි..

      Delete
  20. කෝ තට්ට බුවා ඇවිත් නෑනේ මේ පැත්තේ :D

    ReplyDelete
  21. හරියෝ උඹ UNP ද බං......ඇත්තටම නත්තලට පාටි නැද්ද යකෝ......අපිටත් කියපල්ලා...කන්න බොන්න විදිහක් නැතුව ඉන්නේ මේ....

    ReplyDelete
    Replies
    1. හැක්..හැක්.. කන්න බොන්න විදිහක් නැතුව.. අනේ පලයන් යන්ඩ බොරු නොකියා.. ඉස්සරහට වටේ තියෙන දුප්පත් රටවලට කන්ඩ දෙන්නෙත් අපි..

      Delete
  22. ම්..සිරාවට මේ පොස්ටුවේ ලින්කු හැටියට මටත් හිතුනා වැරදි බ්ලොගේකටවත් ආවද කියලා..හික්ස්..

    සුභ නත්තලක් වේවා..හරී.. (බයවෙන්න එපා පොස්ටුවේ කියලම තියන නිසා අපි පාටි ඉල්ලන්නෑ..)

    ReplyDelete
    Replies
    1. හි..හි..

      බොහොම ස්තුතියි රූ අක්කේ.. මොකක්ද පෝස්ටුවේ කියලා තියෙන්නෙ? :)

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...