8.07.2015

කුලේ මාමා සමඟ නැගිටිමු

'කුලේ මාමා', නම කියූ සැණින් අහල පහල ගමේ ගොඩේ කොයි කවුරුත් ඔහු හඳුනයි. ගමේ තිබූ එක් වෙළඳසලක හිමිකාරීත්වය දැරීමටත් වඩා ගමේ තිබූ එකම එක මරණාධාර සමිතියේ සභාපති වීම ඔහුගේ ප්‍රසිද්ධියට බලපෑ විශාලම කාරණාව විය. මීට අවුරුදු කීපයකට පෙර කුලේ මාමා  ඇතුළු ගමේ කීපදෙනෙකුගේ යෝජනා ස්ථිරත්වයෙන් ආරම්භ වූ මරණාධාර සමිතියේ මුල්ම සභාපතිවරයා වූයේ කුලේ මාමාය.

සමිතිය ආරම්භ කිරීම සඳහා ඔහු ගත් අපමණ වෙහෙස දුටු ජනතාව නිතරඟයෙන් සභාපති පුටුවේ වාඩිවීම වරදක් ලෙස නොදැක්කෝය. එමෙන්ම මාසික සාමාජික මුදල් අය කරගැනීමද කුලේ මාමා කරන්නට යෙදුණු විට භාණ්ඩාගාරික තැන වත් ඊට විරුද්ධව කට නොසෙල්වූයේය. කුලේ මාමා තමන්ට රිසි පරිදි වසර කීපයක්ම සභාපති තනතුර දරමින් භාණ්ඩාගාරික තනතුරේ වැඩත් කළේය. සෑම වාර්ෂික මහා සභා රැස්වීමකදීම ඔහු ඊළඟ වසර සඳහා නිතරඟෙන් පත්වූ සභාපතිවරයා විය.

කාලයාගේ අවෑමෙන් සමිතිය මඳින් මඳ වර්ධනය විය. කුලේ මාමා සමිතියේ මුදල් වෙළඳසලේ කටයුතු සඳහා පාවිච්චි කරන බවට තැන තැන කසුකුසු මතුවිය. අවුරුදු දහයක් දොළහක් තිස්සේ නිතරඟයෙන් පත්වීමත් විවේචනයට ලක්විය. ඒත් කුලේ මාමාගේ හිතවතුන් කියාසිටියේ කුලේ මාමා සමිතිය ආරම්භ කිරීමට ගත් මහන්සිය නිසා එසේ සිටීම සාධාරණ බවයි. එමෙන්ම සභාපති තනතුරට තරඟයක් පැවැත්වීම අවනම්බුවක් බවටත් ඔවුන් විශ්වාස කළෝය.

ඒත් කුලේ මාමාට වැඩිකල් මේ සෙල්ලම කරන්න ලැබුනේ නැත. ගමේ සිටි මැදිවියේ රජයේ සේවකයෙකු වූ රන්ජිත් අන්කල් මේ ගැන සමිති වාර කීපයකදීම තම විරුද්ධත්වය පළ කළේය. ඔහු වටා සිටි එම මතයම දැරූ වැඩිහිටි පිරිස කෙමෙන් වර්ධනය විය. නැඟී එන කුඩා ව්‍යාපාරිකයෙකු වූ රතු මහත්තයා ඇතුළු තරුණ පිරිසද එක හඬින් කුලේ මාමාගේ සභාපති කෙරුවාවට විරුද්ධ විය.

අවසානයේදී බහුතර මතයට හිසනමා කුලේ මාමා පල්ලම් බැස්සේ කිසිවක් කරකියාගත නොහැකිවීමෙනි. තරඟ කර පුටුව ලබාගැනීමේ අදහසද ඔහු අතහැර තිබිණි. සිදුවූ ලජ්ජාව ගැන තරහින් පුපුරමින් සිටි ඔහුගේ ඉහමොළ රත්වූයේ සභාපතිකම නැතිවුවොත් වෙළඳසල පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් නොලැබෙන බව සිහිපත් වීමෙනි. මෙතෙක් යෙදවූ මුදල් ඉක්මණින් නැවත දියයුතු බවත් නැවත පොලී රහිතව මුදල් ලබාගත නොහැකි බවත් සිහිවී ඉහෙන් කනෙන් දහදිය ගලන්නට විය.

 "මෙදත් සභාපති මම තමයි" ඔහු වෙළඳසලට පැමිණෙන සැමටම මතක් කර සිටියේය.

සභාපති තනතුරට රන්ජිත් අන්කල් සුදුසු බව ගමේ වැඩිහිටි පිරිසකගේ මතය විය. ඒ ආරාධනාව පිළිගත් ඔහු සභාපති තරඟය සඳහා ඉදිරිපත් වීමට කැමැත්ත පළ කළේය.

රන්ජිත් අන්කල්ගේ ආගමනයත් ඔහුගේ පිරිසත් දැකීමෙන් වඩාත් කලබල උනේ කුලේ මාමා නොව රතු මහත්තයාය. ගම්මු තමන් තෝරාගනු ඇතැයි බලාපොරොත්තුවෙන් කෑමොර දුන් ඔහුට මෙය අතුල් පහරකි.

රන්ජිත් අන්කල්ට විරුද්ධව රතු මහත්තයාගේ කුටු කුටු ගෑම අවසන්වූයේ ඔහුව පත්කරගැනීමට පිරිසක් කැමති වීම මඟිනි. වැඩිහිටි පිරිස රන්ජිත් අන්කල් තෝරාගද්දී තරුණයෝ රතු මහත්තයා අසල නැවතුණහ.

ඉතිහාසයේ පළමුවරට මරණාධාර සමිතියේ සභාපති තනතුරට ඡන්ද විමසීම කතිකා කරගත් පරිදිම සිදුවූයේය. සියල්ල අවසානවී ඉතිරිව තිබුනේ අවසාන ප්‍රතිඵල ප්‍රකාශ කිරීම පමණි.

ගමේ වැඩිහිටියන්ගේ සහයෝගයෙන් රන්ජිත් අන්කල් ලබාගත් ඡන්ද ප්‍රමාණය ඉක්මවා යාමට කෑ මොර දුන් රතු මහත්තයාට නොහැකිවී තිබිණි. නමුත් කුලේ මාමා පහසුවෙන්ම ඒ දෙදෙනා ඉක්මගොස් තිබුණේ වෙළඳසලෙන් ණයට බඩු ගත් බඩු ගන්නා සියල්ලන්ගේම ඡන්ද කවදත් පහසුවෙන්ම ඔහු කරා ඒම නිසාය.

26 comments:

  1. ණයට ගත්තොත් ඉතිං අනිවාර්යෙන්ම කඹුරන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ණයා ගැනීමෙන් මිතුරාත් මුදලුත් දෙකම නැතිවෙනවලු.

      Delete
  2. හිකිස්..මං හිතුවෙ මරා ගැනවත් කියයි කියලා

    ReplyDelete
    Replies
    1. මරාගන්න හොඳ නෑ... :)

      Delete
    2. මරා ගැනීම "හරී" නෑ!

      Delete
  3. සියලු දෙනාටම වැදගත් වන්නේ මරණාධාර සමිතියේ මුදල් පිලිබදවය. සමිතියේ සාමාජිකයන්ට වඩාත් හොදින් පහසුකම් දෙන්නේ කෙසේද යන්න කිසිවකු සාකච්ජා නොකරන අතර ඒ වෙනුවට කුලේ මාමා, රන්ජිත් අංකල් සහ රතු මහත්තයා පිලිබදව කතා කරමින් සිටියි.
    කුලේ මාමා, රන්ජිත් අංකල් සභාපති වුවද රතු මහත්තයා සැලකියයුතු බලයක් ලැබුනද දුෂණය වංචාව මෙන්ම සමිතිය තුල අසාධාරණ සැලකීමද දිගටම පවතිනු ඇත.මේ සාධාරණත්වය පිලිබද සමිතියතුල කතාකිරීම පටන්ගත යුතුව ඇත.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ නම් හරියට හරි හිතන්න ඕනෙ ලොකුම ප්‍රශ්නෙ ඉස්සරට සමිතියේ සාමාජිකයන්ගේ ජීවන තත්වය නංවන එක ගැන තමයි.

      මෙතෙක් ඒක නොකරපු කුලේ මාමා ගැන නම් හිතලා බලන්නවත් බෑ ඒ ගැන නම්..

      Delete
  4. 'ණය කාර සමිති සාමාජිකයන්' මේ සැරේවත්, ණය අමතක කර, කුලේ මාමා පැරැද්දුවොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙ ගොඩක් ණයකාරයො ඉන්නවද?

      Delete
  5. කාලීන ලිපියක් :)

    ReplyDelete
    Replies
    1. මේක අපේ ගෙවල් කිට්ටුව වෙච්ච ඇත්තම සිද්ධියක් ආශ්‍රයෙන් තමයි කාලීන කරලා ගත්තෙ

      Delete
  6. මේ කියන්න හදන්නෙ කුලේ මාමාට එරෙහි පළමු වෙඩි මුරය පත්තු කරපු රන්ජිත් අන්කල්ට තරගයක් දෙන්න රතු මහත්තයා ආපු එකෙන් කුලේ මාමාට අවසානයේදී වාසියක් වුනා කියන එකයි.
    දේශපාලනය ගැන ඔය විදිහට හිතන එක වැරදියි. රතු මහත්තයා ආපු නිසා කුලේ මාමට විරුද්ධ ඡන්ද කැඩෙන බව ඇත්ත. ඒත් රතු මහත්තයාට බැරිනම් හිතට එකඟව රංජිත් අංකල්ගෙ පැත්තට වැඩ කරන්න එළිපිටම විරුද්ධ වෙන එක හොඳයි කකුලෙන් අදින්නෙ නැතිව.

    ReplyDelete
    Replies
    1. මටනම් හිතුනේ පරණ ණය කාරයෝ හින්දා කුලේ මාමා ආයෙත් දිනනවා කියලයි..

      Delete
    2. @ශණි,

      මට නම් හිතෙන්නෙ තම තමුන්ගෙ මති මතාන්තර කෙසේ වෙතත් එක අරමුණක් වෙනුවෙන් වැඩ කළයුතුයි කියන එක. මෙතන අරමුණ කුලේ මාමා අයින් කරන එකනෙ. ඊට පස්සෙ රන්ජිත් අන්කල් ගැන බලාගත්තැකි.

      @සෙන්නා,

      සමහරු නම් කියනවා එහෙම වෙන එකක් නෑ කියලා. ගොඩක් ණයකාරයො රැස්වීමට එන එකක් නෑලු.

      Delete
  7. ඔය දීලා තියෙන්නේ නොදැනෙන්නම.

    ReplyDelete
  8. කොච්චර කාලයක් තව ණයට කඩෙන් කන්ද පුළුවන් වෙයිද කියල එකෙක්වත් හිතන්න නැතුවැති චන්දෙ දෙනකොට.. සැක්..

    ReplyDelete
    Replies
    1. කුලේ මාමාට කෙළවුනොත් ණය අරන් හමාරයිනෙ.

      Delete
  9. දන්න කියන තොරතුරුවලට අනුව රන්ජිත් අoකල්ද පට්ට නරියෙකි.
    ටෙම්පරි තනතුරක් ලෑබී හිටි ටිකකාලෙට අල්ලපු ගමේ මහෙන්දරා නම් දෙමළමුදලාලිකෙනෙක් සමිතියේ අරමුදල් පිල්ලිගසා ඈත.මුදලාලිගේ ජාතිය හෝ ගම කිසිම ප්‍රශ්නයක් නෑතත් කරපු වෑඩේ නම් අන්තිම කුජීතය.
    නමුත් රoජිත් අකල් නම් කියන්නේ මුදලාලි අහින්සක කුක්කු පෑටියෙක් බවය.
    බලාගෙනයන විදියට රන්ජිත් අකල්ද කුලේ මාමාට නොදෙවනි බඩුවකි.කුලේ මාමා වගේම හරි අපූරුවට හොරු හුරතල්කරයි.

    අවුරුදු 67ක් කුලේ අoකල්ලෑ සෙට් ඵකත් රoජිත් මාමලෑ සෙට්ඵකත් මාරුවෙන් මාරුවට ගමේ උන්ව රෑවෑට්ටුවේය.
    ඵ් නිසා ''රතු මහත්තයාට'' බලය දුන්නානම් හොද බව මගේ අදහසය.
    රතු මහත්තයාද ඉස්සර අහින්සක චරිතයක් නොවූ නමුත් පොරගේ අන්තීම අවුරුදු 25 අන්තීම හොදය.
    අවoකය.
    ගමට වෑඩදායී ය.

    ඵ්වගේම ගමේ හිටි මoකොල්ලකාර මෑරයා වූ ''ක්ලේමෝ බෝම්බයාව'' පරසක්වල ගසා වෑඩපෙන්වූ ගමේ සුපිරි වීරයා ''සරත් රාළහමි'' වීරයාටද සෑලකියයුතු බලයක් ලබාදී ගමේ උන් කලගුණ දන්නා බුද්දිමතුන් බවත්, කුලේ මාමාල රoජිත් අකල්ලා වගේ පට්ට කපටින්ට රෑවටෙන ගොoබූරුවන් නොවනාබවත් රටටම පෙන්වාදියයුතුය.

    -ගමේ ඵකෙක්

    ReplyDelete
    Replies
    1. //ඵ් නිසා ''රතු මහත්තයාට'' බලය දුන්නානම් හොද බව මගේ අදහසය.// රතු මහත්තයාද හොඳ විකල්පයකි. ඒත් රතු මහත්තයාට මේ ඡන්දයේදී ලොකුම ගොඩ ගන්නට බැරි බව ඉරහඳ වගේ පැහැදිලිය. රතු මහත්තයාගේ පහුගිය චන්ඩිකම් නිසා වයසක උදවියද තනතුරු ලැබ වැඩ නොකළ නිසා මෑත පරම්පරාවද රතු මහත්තයා සමඟ අමනාපය.

      මූලික අරමුණ වියයුත්තේ කුලේ මාමා එළැවීමයි.

      Delete
    2. රතුමහත්තයාගේ පරණ චන්ඩික ගෑන මතුරමතුර ඉන්න ඔල්මාදකාරයෝ ටිකක් ගමේ ඉන්නවා.උන්ට රතුමහත්තයාගේ වෑඩ ඔක්කොම මතකයි හෑබෑයි රoජිත් අoකල් මිනීමරපු හෑටි අමතකයි.රoජිත් අoකල්ට මිනීමරන්න ඔත්තු දුන්න කුලේ මාමා ගෑන අමතකයි.කුලේ මාමා ඊයේ පෙරේදා ගමේ මාලුකාරයන්ට ඉගනගන්න ලමයින්ට කම්කරුවන්ට පත්තරේට ලියන ඈයින්ට වතුර ඉල්ලපු ගමේ උන්ට ගිනිබිදපු හෑටි අමතකයි.

      රතු මහත්තයා තනතුරු නොගෙන ස්වේච්චාවෙන්ම ගමට වෑඩ කරපු කෙනෙක්.මිනිහා වෑඩකරන්නේ අතින් කයිට් කරගෙන.කුලේ මාමයි රජිත් අකලුයි කොහොමද බෑනර් ඵකක් ප්‍රින්ට්කලත් ඵකෙනුත් කීයක් හරි ගහගන්නවා.
      රතු මහත්තයා තනතුරු අරගෙන වෑඩකලේ නෑ කියන්නේ කුලේ මාමට කලින් හිටපු සබාපතිනිය ''චන්දාවතී ඈන්ටි''.ඵ්යා කට ඈරියොත් කියන්නේ බොරු කියලා කවුරුත් දන්නවා.ඵයා ඵ් කාලේ රතු මහත්තයාගේ කට්ටියට වෑඩකරන්න දුන්නේ නෑ ඵයාට කෙලවෙයි කියා බයට.රතුමහත්තයාලා වෑඩපෙන්නුවොත් චන්ද්‍රාවතීලටයි රජිත්ලටයි යනඵනම නෑතිවෙනවා කියලා දන්න නිසා තමා ඵයා ඵහෙම කලේ.කකුලෙන් ඈදපු ඵක තමා කලේ.අන්තිමට රතුමහත්තයාව ඵලවගන්න ඔන කමට ''ක්ලේමෝ බෝම්බයාට'' සල්ලි දෙන්න ගිවිසුමකුත් ගෑහුවා.ඵ් කාලේ චන්ද්‍රාවතී ඈන්ටිගේ චක්ගෝලයා දෑන් අනුශාසකතුමා අපේ ''මාතුපාල මාම'' කිව්වා මරනාදාරසමිතියේ බලේ තියාගෙන ඉන්නවාට වෑඩිය ක්ලේමෝ බෝම්බයාට සල්ලි දෙනඵක වටිනවා කියලා.අන්තිමට රතුමහත්තයාගේ කට්ටිය සමිතියෙන් ඵලියට බෑහෑල තමා චන්ද්‍රාවතී ඈන්ටිගේ පිස්සුව හොදකලේ.කොහොම උනත් අපිට මතකයි ගමේ උන් රු25ට හාල් ගත්තේ රතුමහත්තයාලගේ කාලේ.ගමේ කුඹුරුවලවෑඩිම වී අස්වෑන්න ලෑබුනේ ඵ් කාලේ.ගමේ කිරි ගොවියට මාලු කාරයට තෑනක් ලෑබුනේ ඵ් කාලේ....................කුලේ මාමානම් මාලු කාරයන්ට වෙඩිත් තිබ්බා.
      දෑන් ගමේ උන්ට මේවා මතකනෑ.ඉතින් කොහෙද ගම හදන්නේ.රoජිත්ලා කුලේලා චන්ද්‍රාවතීලා මාතුපාලල කියන ඔනම බොරුවකට රෑවටෙනවා.
      අවුරුද් 10ක් කුලේමාමට රෑවටිලා හිටියා...දෑන් රoජියට රෑවටෙන්න හදනවා.රoජියගේ උන් බලේ ගත්තත් මොනරකොල මිටියක් පෙන්නපුගනම් කුලේමාමාගේ පෑත්තට පනිනවා සිකුරුයි.ඉතින් තවත් තවත් රoජියගේ උන්ට දීලානම් වෑඩක් නෑ.

      මචන් ගමේ උන් මහ මෝඩයි මාරුවෙන් මාරුවට රෑවටෙනවා. මටනම් හිතෙන්නේ මේ ගම හදන්න බෑ කියලයි.

      -ගමේ ඵකෙක්

      Delete
    3. ඔවුන් සේරම සැට් වෙන්නේ මරණාධාර සමිතියේ මුදල් ටික අපයෝජනය කරන්නට බව තේරෙන්නේ මැරුණ වුන්ට විතරද?

      Delete
    4. @Ano,
      //කුලේ මාමා ඊයේ පෙරේදා ගමේ මාලුකාරයන්ට ඉගනගන්න ලමයින්ට කම්කරුවන්ට පත්තරේට ලියන ඈයින්ට වතුර ඉල්ලපු ගමේ උන්ට ගිනිබිදපු හෑටි අමතකයි.// මොනා කතාකළත් ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ රජෝ. කුලේ මාමා ඔලු හෝදපු උන් ටික මේ කපේදි නම් ගොඩගන්න වෙන එකක් නෑ.

      හොඳයි කියලා තේරුනත් මිනිස්සුන්ට රතු මහහ්තයලාට ඡන්දය දෙන්න තරම් ගටක් නෑ. උන්ට ඕන දිනන පැත්තට ඡන්දය දෙන්න. එහෙම නැත්නම් පරම්පරාවෙන් කරගහගෙන ආපු එකාගෙ පැත්තට දෙන්න. ඒක හදවතෙයි මොළයෙයි තරඟයක් වගේ. (උපකල්පනය: මිනිස්සු බුද්ධිමත් )

      හැබැයි එහෙම මිනිස්සුන්ට වාරයක් ආවා 2004දි. මිනිස්සු ඒකනෙ හැම දිස්ත්‍රික්කයෙන්ම රතු මහහ්තයලගෙ කට්ටිය උඩින්ම එව්වෙ. එහෙම කළේ ලොකු බලාපොරොත්තුවක් එක්ක. රට අනිහ් පැත්ත පෙරළෙයි තරමෙ එකක් ඒක. ඒත් එහෙම උනේ නැති එකෙන් ගොඩක් කළකිරුණා.

      ගමේ උන්ව එළවන්න වෙනවා. නැහ්නම් අපි වෙන ගමකා යන්න ඕනා.

      කහන්දර,
      මැරිච්ච එකෙක් වළෙන් නැගිඅලා ආවත් තේරුම් ගන්න එකක් නෑ.

      Delete
    5. // හොඳයි කියලා තේරුනත් මිනිස්සුන්ට රතු මහහ්තයලාට ඡන්දය දෙන්න තරම් ගටක් නෑ. උන්ට ඕන දිනන පැත්තට ඡන්දය දෙන්න. එහෙම නැත්නම් පරම්පරාවෙන් කරගහගෙන ආපු එකාගෙ පැත්තට දෙන්න. //
      ගමේ උන්ගේ කාලකන්නි කම.ඔය ගම හෑදෙන ගමක් නෙවේ.


      //හැබැයි එහෙම මිනිස්සුන්ට වාරයක් ආවා 2004දි. මිනිස්සු ඒකනෙ හැම දිස්ත්‍රික්කයෙන්ම රතු මහහ්තයලගෙ කට්ටිය උඩින්ම එව්වෙ. එහෙම කළේ ලොකු බලාපොරොත්තුවක් එක්ක. රට අනිහ් පැත්ත පෙරළෙයි තරමෙ එකක් ඒක. ඒත් එහෙම උනේ නැති එකෙන් ගොඩක් කළකිරුණා. //

      හාල් 25ට දුන්නේ රතු මහත්තයාගේ කාලේ.ගමේවෑඩිම වී අස්වෑන්න තිබ්බේ රතු මහත්තයාගේ කාලේ.තනතුරු 4ක් අරන් මුලු ගමක්ම හදන්න බෑ.අනික ''චන්දාවතී ඈන්ටිලා'' ''මාතුපාල මමලා'' කකුලෙන් ඈදපු හෑටි අපිට මතකයි.රතු මහත්තයාගේ අයට වෑඩක් කරන්න සල්ලි පාස් කරන්නේ නෑ.ප්ලෑන් පාස්කරන්නේ නෑ.මේ හෑම අමාරුකමක් මෑද්දෙම රතු මහත්තයාගේ අය හොද වෑඩ ටිකක් කලා.අපි කවුරුත් කන්නේ බත් නේ.හාල් මිල අඩුකලා.අස්වෑන්න වෑඩි කලා.ගොවියට පොහොර සහනාදාරේ දෙන්න ඔන කියලා සටන්කලෙ කවුද?රතු මහත්තයා නෙවෙයිද්?කිරි ගොවි ප්‍රදේශ හෑදුවා.වෑවු අමුනු බෑන්දා.වෑදගත්ම දේ රoජිත් අකල්ලා චන්ද්‍රාවතී ඈන්ටිලා ''ක්ලේමෝ බොම්බයා'' ඵක්ක මගුල් නටන කාලේ ඔය නාඩගo වලට විරුද්දව කතාකරලා බෝම්බයාගෙන් රට බේරගන්න ඔන කියන මතය හෑදුවේ රතු මහත්තයාලගේ කට්ටිය.
      වෑඩක් කලේ නෑ කියලා කියන්නේ කොහොමද?වෑඩක් කලේ නෑ කියනවානම් ඵ්ක අමු කුහක කම.ඵහෙම ගමකට කවදාවත් දියුනු වෙන්න බෑ.මතකතියාගන්න මේ හෑම දෙයක්ම කලේ මාස 14ක් ඈතුලේ.

      රතු මහත්තයාලට විනය තියනවා උගත්කම තියනවා කෑපවීම තියනවා.ඵ්යාලට විතරයි ගම හදන්න පුලුවන්.ගමට සුනාමිය ආපු දවසේ රතු මහත්තයාගේ අය ගමට කරපු සේවය අපිට තාමත් මතකයි.කුලේ මාම සුනාමියෙනුත් ගානක් ගහගත්තා.ගමට වෑඩක් කරන්නනම් රතුමහත්තයාට දෙකතුනක් දීලා අනිත් හෑම මගුලමයි සබාපතිකම් ලේකම්කම් බාන්ඩාගාරිකකම් ඔක්කොම රoජිත් අoකල්ගෙ නරින්ටයි කුලේ මාමගෙ හොරුන්ටයි දීලා වෑඩක් නෑ.වෑඩක්කරන්න පුලුවන් බලයක් දෙන්න ඔන ගමේ උන්.

      රතුමත්තයලගෙන් ලොකු දෙයක් කරගන්නනන් ඔන නම් ලොකු බලයක් දෙන්න ඔන.ඵහෙම නෑත්නම් කුලේමාමලට රoජිත් අකල්ලට ලොකු ගනo වලින් චන්දේ දීලා උන් ලග කන්කෙදිරි ගාන්නයි පස්සේ උන්ගෙන්ම වෙඩිකාලා මෑරෙන ඵකයි ඈත්තේ.මුලු ගමේම උන්ට රoජියලව කුලයලව හොදනම් අපිට මොකද?


      -ගමේ ඵකෙක්

      Delete
  10. // හොඳයි කියලා තේරුනත් මිනිස්සුන්ට රතු මහහ්තයලාට ඡන්දය දෙන්න තරම් ගටක් නෑ. උන්ට ඕන දිනන පැත්තට ඡන්දය දෙන්න. එහෙම නැත්නම් පරම්පරාවෙන් කරගහගෙන ආපු එකාගෙ පැත්තට දෙන්න.
    ගමේ උන්ගේ කාලකන්නි කම.ඔය ගම හෑදෙන ගමක් නෙවේ. //


    //හැබැයි එහෙම මිනිස්සුන්ට වාරයක් ආවා 2004දි. මිනිස්සු ඒකනෙ හැම දිස්ත්‍රික්කයෙන්ම රතු මහහ්තයලගෙ කට්ටිය උඩින්ම එව්වෙ. එහෙම කළේ ලොකු බලාපොරොත්තුවක් එක්ක. රට අනිහ් පැත්ත පෙරළෙයි තරමෙ එකක් ඒක. ඒත් එහෙම උනේ නැති එකෙන් ගොඩක් කළකිරුණා. //

    හාල් 25ට දුන්නේ රතු මහත්තයාගේ කාලේ.ගමේවෑඩිම වී අස්වෑන්න තිබ්බේ රතු මහත්තයාගේ කාලේ.තනතුරු 4ක් අරන් මුලු ගමක්ම හදන්න බෑ.අනික ''චන්දාවතී ඈන්ටිලා'' ''මාතුපාල මමලා'' කකුලෙන් ඈදපු හෑටි අපිට මතකයි.රතු මහත්තයාගේ අයට වෑඩක් කරන්න සල්ලි පාස් කරන්නේ නෑ.ප්ලෑන් පාස්කරන්නේ නෑ.මේ හෑම අමාරුකමක් මෑද්දෙම රතු මහත්තයාගේ අය හොද වෑඩ ටිකක් කලා.අපි කවුරුත් කන්නේ බත් නේ.හාල් මිල අඩුකලා.අස්වෑන්න වෑඩි කලා.ගොවියට පොහොර සහනාදාරේ දෙන්න ඔන කියලා සටන්කලෙ කවුද?රතු මහත්තයා නෙවෙයිද්?කිරි ගොවි ප්‍රදේශ හෑදුවා.වෑවු අමුනු බෑන්දා.වෑදගත්ම දේ රoජිත් අකල්ලා චන්ද්‍රාවතී ඈන්ටිලා ''ක්ලේමෝ බොම්බයා'' ඵක්ක මගුල් නටන කාලේ ඔය නාඩගo වලට විරුද්දව කතාකරලා බෝම්බයාගෙන් රට බේරගන්න ඔන කියන මතය හෑදුවේ රතු මහත්තයාලගේ කට්ටිය.
    වෑඩක් කලේ නෑ කියලා කියන්නේ කොහොමද?වෑඩක් කලේ නෑ කියනවානම් ඵ්ක අමු කුහක කම.ඵහෙම ගමකට කවදාවත් දියුනු වෙන්න බෑ.මතකතියාගන්න මේ හෑම දෙයක්ම කලේ මාස 14ක් ඈතුලේ.

    රතු මහත්තයාලට විනය තියනවා උගත්කම තියනවා කෑපවීම තියනවා.ඵ්යාලට විතරයි ගම හදන්න පුලුවන්.ගමට සුනාමිය ආපු දවසේ රතු මහත්තයාගේ අය ගමට කරපු සේවය අපිට තාමත් මතකයි.කුලේ මාම සුනාමියෙනුත් ගානක් ගහගත්තා.ගමට වෑඩක් කරන්නනම් රතුමහත්තයාට දෙකතුනක් දීලා අනිත් හෑම මගුලමයි සබාපතිකම් ලේකම්කම් බාන්ඩාගාරිකකම් ඔක්කොම දීලා වෑඩක් නෑ.වෑඩක්කරන්න පුලුවන් බලයක් දෙන්න ඔන ගමේ උන්.

    රතුමත්තයලගෙන් ලොකු දෙයක් කරගන්නනන් ඔන නම් ලොකු බලයක් දෙන්න ඔන.ඵහෙම නෑත්නම් කුලේමාමලට රoජිත් අකල්ලට ලොකු ගනo වලින් චන්දේ දීලා උන් ලග කන්කෙදිරි ගාන්නයි පස්සේ උන්ගෙන්ම වෙඩිකාලා මෑරෙන ඵකයි ඈත්තේ.මුලු ගමේම උන්ට රoජියලව කුලයලව හොදනම් අපිට මොකද?


    -ගමේ ඵකෙක්

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...