tag:blogger.com,1999:blog-48800752852756143822024-03-13T23:58:27.513+05:30හරීගේ හීනලන්තයහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger219125tag:blogger.com,1999:blog-4880075285275614382.post-37722704188367213862017-04-25T09:14:00.002+05:302017-04-25T09:14:51.184+05:30අගමුල නැති වැල් (Cuscuta)මේ සිදුවීම සිදුවූයේ දහය වසරේදී කියලා තමයි මතක. කොහොමහරි එදා විද්‍යාවට තිබ්බ පාඩම තමයි පරපෝෂිත ශාක.
හොස්ස ළඟින් මැස්සා ගියත් කේන්ති යන අපේ විද්‍යාව ගුරුතුමා එදත් පන්තියට ආවේය. ගුරු ආචාරයෙන් පසු පාඩම ආරම්භ විය.
පාඩම කැරකී කැරකී ගොස් අගමුල නැති වැල් ගැන කතාකරන්න ආවේය. විස්තරය අවසානයේ "අග මුල නැති වැල් නම් මේ එහා පැත්තෙ වැට මායිමෙත් ඇති. අපිට ඕනෙනම් ගෙන්නල්ලම බලන්න පුළුවන්" ගුරුතුමාම යෝජනා කළේය.
"කවුරුහරි ගිහින් එහෙනම් වැලක් අරන් එනවද? විස්තරේ කියෙව්වාම අඳුරගන්න පුළුවන්නෙ"
"ඔය ළමයා ගිහින් අරන් එන්න" ගුරුතුමා සමීරට ඇඟිල්ල දිගු කළේය. මොහොතින් සමීර අගමුල නැති වැල් සොයා පාසල පිටුපස ට ගියේය.
ගුරුතුමා ළමයින් සඟ ඉතිරිය සාකච්ඡා කරගෙන ගියේය. මොහොතකින් සමීර පන්තියේ අනික් පැත්තේ ජනේලෙ එල්ලෙමින් හති දාන්නට විය.
"හොයාගත්තද?"
"ඔව්.. සර් .... ඔව්.. මේක නේද?" ඔහු ජයග්‍රාහීව තම අත පෑවේය.
"මේ මොනාද මනුස්සයෝ මේ කුප්පමේනියානෙ" ගුරුතුමාගේ කටින් පිටවෙනවාත් සමඟ පන්තිය එකම හූ හඬකින් ගිගුම් දුන්නේය.
ඊළඟට සිදුවූයේ සමීර පන්තිය ඇතුළට යාමත් සෙස්සෝ පන්තියෙන් එළියට යාමත්ය. අගමුල නැති වැල් පාඩම අවසාන වූයේ විදුහල්පතිතුමාගෙන් ගුටිය ගානේ ලැබීමෙනි.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com15tag:blogger.com,1999:blog-4880075285275614382.post-75616544078703545702017-04-25T08:43:00.001+05:302017-04-25T08:43:49.584+05:30කාක්... කාක්..කාක්..
"ට්‍රීං....ට්‍රීං.....ට්‍රීං....." දවසේ වැඩ මුරය අවසන් වන සීනු නාදය නැඟේ.
"කාක්... කාක්..කාක්.."
"කාක්... කාක්..කාක්.."
"කාක්... කාක්..කාක්.."
"කාක්... කාක්..කාක්.."
"කාක්... කාක්..කාක්.."
හතරවටින්ම කාක් කාක් හඬ නැඟෙද්දි මොහොතකින් පේන්න ගන්නෙ ගලකුත් අතින් ගෙන, තරහින් පුපුර පුපුර එහා මෙහා දුවන රාමුව.
"පොන්නයෝ.. යෙපිලගෙ අම්මලාට්ට.." රාමු බෙරිහන් දෙන්නෙ කෑගහන එවුන්ව මරන් කන තරම් කේන්තියෙන්. එවන් විටෙක වටේ පිටේ ඉන්නෙ කවුද වෙන්නෙ මොනවාද කියා මිනිහාට වගේ වගක් නැත. කේන්තියත් සමඟ උතුර දකුණ මාරුවූවෙකු මෙන් තැන තැන දුවන්නේ කෑගසන එවුන් සෙවීමටය. කෑගසන එවුනුත් ගස් ගල් වලට මුවාවී ජයටම වැඩේ කරයි.
පොඩිකාලයේ ද ගමේ කොළු රංචු කවුරුන් හෝ වැඩිහිටියෙක් අල්ලාගෙන ඔහුගේ හෝ ඇයගේ කෝපයෙන් සතුටක් ලබන අයුරු දැක තිබූ මට මෙය අරුමයක් වූයේ නැත. මට එදත් අදත් එකසේම වැඩිහිටියා ගැන කණගාටුවක් දැනිණි. තවදුරටත් කණගාටුවක් දැනුණේ මෙතරම් වයස් ගතවීත් වැඩිහිටියෙකුගෙන් ලාමක සතුටක් ලබනා උන් ගැනය. උන්ගේ ළමා මනස් තාම මෝරා නැත.
පසුගියදාක දවල් ආහාරයෙන් පසු නැවතත් මට පහළින් කාක්.. කාක්.. හඬක් ඇසුණි. මේ වෙලාවේත් රාමුව විහිළුවකට ගෙන ඇතැයි සිතුවත් ඒ කාක් හඬ සමාන වූයේ බලු කපුටු දානයකට ආරාධනා කරනා හඬකටය. මම ජනේලයෙන් පහළ බැලීමි.
ඉඳුල් බත් වගයක් රැගෙන රාමු "කාක්.. කාක්.." කියමින් යයි. පසුව දැනගත් ආකාරයට හැමදාම දිවා ආහාරයෙන් පසු රාමු වටේ පිටේ සිටිනා කපුටන්ටත් බල්ලන්ටත් ආහාර සපයයි.
"කාක්..කාක්.." කියමින් ඔහුව සමච්චලයට ලක් කිරීමට තරම් මෙය හේතුවක්ද? කිසිවෙක් කිසිම කෙනෙකු අතින් සමච්චලයට ලක්විය යුතු නැත.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com1tag:blogger.com,1999:blog-4880075285275614382.post-77642354666386429082017-04-23T15:12:00.004+05:302017-04-23T15:20:01.515+05:30යාළුවාගේ නංගීආයෙ හිතේ තියාගෙන ඉන්න සැලසුම් වලට කාලෙ යොදෝලා මිසක් මේ බ්ලොග් පැත්තෙ පස් පාගන්නේ නෑ කියලා හිතාගෙන ගියාට මොකද හිතේ තියන් හිතපු දේවල් ඒ ඒ විදිහට කරගන්න හම්බුනෙත් නෑ තවම. අනික හිතපු නැති විදිහට වෙන වෙන කරදර කඩාගෙන පාත්වුනා. ඉතින් 'බ්ලොග් වසන්තය'ත් ලබපු හින්දම ඔන්න ඔහේ කාන්සිය මාන්සිය යන්නත් එක්ක බ්ලොග් පෝස්ට් දෙක තුනක් කොටලා දාන්නයි මේ ලෑස්ති වෙන්නෙ.
මේ යාළුවාගෙ ගෙවල් තිබුනෙත් අපේ වි.වි.ය අහල පහළමයි. ඉතින් ඒක හින්දම අපි වගේ බෝඩිම් බත් කන්න, තමුන්ගෙ දේවල් තමුන්ම කරගන්න ඌට සිද්ධවෙලා තිබුනේ නෑ.
උගේ ගෙවල් අහල පහල තිබ්බ හින්දම අපි එක එක වැඩවලට එහෙ යන්න පුරුදුවෙලා තිබුනා. සමහරවෙලේට කණ්ඩායම් වැඩක් කරන්න උනාම ඌට අපේ බෝඩිම්වල ලගිනවට වඩා උගේ ගෙදරම ඉන්න එක හොඳ හින්දා අපිවත් ගෙදරටම කැන්දා ගත්තා. අපිත් ඉතින් වෙනසකටත් එක්ක ඒ පැත්තෙ ගියේ බෝඩිමේ හිරවෙලා ඉන්නවාට වඩා ඒක දාහෙන් සම්පතක් හින්දා.
මේ ගිය වෙලේට දකින්න තිබ්බ දෙයක් තමයි උගේ කාමරේ තිබ්බ පිළිවෙල. පිළිවෙල කොච්චරද කියනවානම් ඒ තරමටම අපිළිවෙළයි. ඇඳුම් කැඩුම්, පොත්, තේ බීපු කෝප්ප අනං මනං හැමතැනම. ඉඳගන්න ඉඩක් හොයාගන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ. ගොඩක් කොල්ලන්ගේ කාමරවල තත්වෙ ඕක උනාට අපි බෝඩිමේ ඌට වඩා පිළිවෙලට හිටියා.
ඌ හිනාවෙවී කියන්නෙ උගෙ ඔක්කොම ලට්ට ලොට්ට දවල්ට තියෙන්නේ ඇඳ උඩ කියලාත්, රෑට නිදාගනිද්දි ඒ ඔක්කොම මේස උඩ කියලාත් තමයි.
උන්ගෙ අම්මා අපි ගියවෙලේටත් ඌට කෑගහනවා පිළිවෙලක් නැතිකම ගැන. අම්මා කොච්චර කාමරේ අස්පස් කරදුන්නත් මුගේ කිසි ඕනකමක් නැති එක ගැන අම්මා මූට දොස් කිව්වා. ඒ වෙලාවට මූ කරන්නේ "නංගී කෙල්ලෙක් වෙලාත් ඒකිගෙ කාමරේ ඔයානෙ අස් කරන්නේ" වගේ දේවල් කියලා වෙනම රෝලක් කරකවන එක.
ඔහොම කාලයක් යද්දි උන්ගෙ අම්මාට රට යන්න සිද්ධ වුනා කෙටි කාලෙකට. මතක හැටියට මාසෙකට දෙකකට විතර තමයි. රට ගිහිල්ලා අම්මා ආපහු ආපු දවසක අපිට එහෙ යන්න සිද්ධ වුණා. ගෙදර යද්දි එකම යුද්ධයයි. උන්ගෙ අම්මා බැන බැන අරූගේ කාමරේ අස් කරනවා. ඌටත් ඇඩ්රස් නැතිවෙලා තිබ්බෙ අම්මා එනකොට නංගීගෙ කාමරේ කිරි ටොයියා වගේ තිබ්බ හින්දා.
එතන වැඩ කරන වාතාවරණයක් නොතිබ්බ හින්දා අපි ආපහු ආවා වගේ තමයි මතක. කොහොමහරි දවස් තුනකට පස්සෙ අපි උගෙන් ඇහුවා කාමරේ කුණු ඇදලා ඉවරද කියලා.
"දැන් නංගීගේ කාමරේ එව්වා අදිනවා" ඌ කිව්වෙ හිනාවෙවී.
"මොකක්? එදා උඹට අම්මා බැන්නේ නංගිව බලාගෙනවත් හැදෙන්න කියලා නේද?"
"හි..හි.. ඒකි ඔක්කොම කුණු දාලා තියෙන්නෙ අල්මාරිය පිටිපස්සට. අතුගාලා තියෙන්නෙත් අල්මාරිය යටට. දැන් මම කනක් ඇහිලා ඉන්නවා"
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com9tag:blogger.com,1999:blog-4880075285275614382.post-66053132355962250222016-12-23T15:13:00.000+05:302016-12-23T15:13:21.182+05:30තව එක අවුරුද්දයි
"කියන්න කණගාටුයි මහත්මයා. ඔබට තියෙන්නේ මොළයේ පිළිකාවක්. ඔබට තව අවුරුද්දක් විතර ජීවත්වෙන්න පුළුවන් වේවි" වෛද්‍යවරයාගේ කියමන ඇන්තනි බර්ජෙස්ගේ (Anthony Burgess) ජීවිතයම කඩා බිඳදැමීමට සමත් වුණා.
"තව එක අවුරුද්දයි"
"ඔව්. තව එක අවුරුද්දයි"
තමා ඉපයූ සියල්ලම තමන්ගේ රෝගය වෙනුවෙන් වැයකොට අවසන්. තව අවුරුද්දකින් තනිවෙන බිරිඳ කෙරෙහි ඔහුට ඇතිවුනේ ඊටත් වඩා කණගාටුවක්. ඇය වෙනුවෙන් ඉතිරි කර යන්නට කිසිවක් ඔහු සතුව තිබුනේ නෑ.
ඒත් ඔහු හිතට දහිරිය ගත්තා. තමුන්ගේම අන්තිම අවුරුද්ද ඇතුළතදීවත් යමක් කර යම් මුදලක් ඉතිරිකරයාමට ඔහු හිතාගත්තා. ඒ වනවිටත් යම් යම් ලේඛන වැඩකටයුතු කරතිබුනත් ඔහු ලේඛකයෙකු ලෙස නමක් දිනා සිටියේ නෑ. ඔහු යතුරු ලියනයට කොළයක් දමා ලිවීමට පටන් ගත්තා. ඔහුට යමක් ලියාගන්න පුළුවන් වෙයිද ලියපුදේ ප්‍රකාශයට පත්කර ගෙන මුදල් සෙවිය හැකිවෙයිද කියලා විශ්වාසයක් නොතිබුනත් වෙන කළ හැකි කිසිවක් ඔහු දැනසිටියේ නෑ. ඔහු ලිව්වා. දිගටම ලිව්වා.
"ඒ 1960 ජනවාරි මාසයේ. මට ජීවත් වීමට තිබුනේ තවත් එක් ශීත සෘතුවකුත් වසන්ත සෘතුවකුත් ගිම්හාන කාලයකුත් පමණයි. හේමන්තයේදී කොළත්
එක්කම මගේ ජීවිතය හැලිලා යන්නයි තිබ්බේ."
බර්ජෙස් පුළුවන් තරම් වීර්යෙන් පුළුවන් තරම් ඉක්මණින් ලිව්වා. එකක් නෙමෙයි. නවකතා පහ මාරක්ම. සමහර රචකයෝ ජීවිත කාලයටම ලිව්වාටත් වැඩිය.
ඒත් හේමන්තයේදී කොළත් සමඟ බර්ජෙස් හැලී ගියේ නෑ. ඔහුගේ පිළිකාව පහව ගොස් තිබුනා. ඔහුට සාමාන්‍ය ආයුකාලයක්ම ජීවත්වීමේ හැකියාව ලැබුණා. ඒ කාලයේදී ඔහු පොත් 70කටත් වඩා ලිව්වා. එදා පිළිකාව පිළිබඳ අනතුර නොවෙන්නට සමහරවිට ඔහු මේ එකක්වත් ලියන එකක් නෑ. එහෙම කෙනෙක් හිටියාදැයි මිනිසුන් නොදැන සිටීවි.
අපිත් ගොඩක් වෙලාවට ඇන්තනි බර්ජෙස් වගේ. අපේ ඇතුලේ දක්ෂතා, හැකියා තියාගෙන මොකක් හරි පිටතින් තල්ලුවක් එනකම් බලාගෙන ඉන්නවා. හැමදේකටම කල් ගන්නවා. තමුන්ගෙන්ම අහලා බලන්න තමුන්ට ඒ වගේ දෙයක් අහන්න ලැබුනොත් මොනවද කරන්නෙ කියලා.
ඔයාට ජීවත් වෙන්න තියෙන්නෙ තව එකම එක අවුරුද්දක් නම් ඔයා මොකද කරන්නෙ?
තම තමුන්ගේ හැංගිච්ච, හංගපු හැකියා එළියට අරන් දුර ගමනක් යෑමට ලැබෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!
ප.ලි.: මේ ලිපියත් සමඟ මගේ හය අවුරුදු බ්ලොග් ගමනට තාවකාලික විරාමයක් දෙන්නයි හිතාගෙන ඉන්නෙ. පහු පහු වෙද්දි එක දිගට නොලිව්වත් මම දිනපතාම බ්ලොග් කියෙව්වා. මෙතනින් එහාට ඒකත් නවතීවි. ආයෙ යම් ස්ථාවරත්වයකට ආපුවාම හමුවෙමු! එතකන් හැමෝටම ආයුබෝවන්! ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com8tag:blogger.com,1999:blog-4880075285275614382.post-3918380294359083972016-12-09T11:54:00.001+05:302016-12-09T11:56:10.664+05:30ජූරියේ තීරණය
එක ජූරියක්. පුද්ගලයන් දොළොස් දෙනෙක්. එක තීරණයක්. ළමයෙකුගේ ජීවිතය හෝ මරණය තීරණය වෙන තීරණයක්. මම මේ විදිහට හැඳින්වූයේ 1957 වර්ෂයේ විකාශනය වෙච්චි 12 Angry Men (1957) කියන චිත්‍රපටිය ගැන.
කාලයකට කලින් බලන්න කියලා අරන් තියාගත්තේ IMDB ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් තියෙන චිත්‍රපට මම එකින් එක බලාගෙන යමින් තියෙන හින්දා. රූපරාමු දැක්කම නම් මට හිතුනේ එච්චර සාර්ථක චිත්‍රපටියක් කියලා නෙමෙයි. ඒත් අන්තිමේදී කතාව රසවත්.
පොතේ ලියවී ඇති නීතිය රීතිය කුමක් වුවත් එකිනෙකාගේ තීරණ වලට ඔවුන්ගේ පෞද්ගලික මතය එහෙම නැත්නම් අභ්‍යන්තරයෙන් එන සිතුවිල්ල කොතරම් බලපානවද කියන එක මනාව ප්‍රදර්ශනය වන තැනක් තමයි මේ චිත්‍රපටිය.
ඕගොල්ලොත් වෙලාවක් තිබුනොත් බලන්න.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com15tag:blogger.com,1999:blog-4880075285275614382.post-5420373222024333982016-11-20T11:14:00.001+05:302016-11-20T11:14:27.226+05:30වාහනයට සේෆ්ටි සමඟ මගේ ෆෙංශුයි රහස්
අද නොවැම්බර් 20 වෙනි ඉරිදා උදේ පාන්දරම පල්ලි ගිහිල්ලා එන ගමන් ගත්තා මව්බිමක්. ගෙදර ඇවිල්ලා උදේට කන ගමන් ඒකේ මාතෘකා ටික කියවගෙන යන්න පටන්ගත්තා. මෙන්න තරුපති කියලා අතිරේකයක මේ දවස්වල බුකි තරුවකගෙ ලිපියක් තියෙනවා ෆෙංශුයි ගැන. ෆෙංශුයි වලට කුරුල්ලො යොදාගන්න හැටි. ඔන්න මම ඒක කියවන්න පටන් ගත්තා.
ටිකක් කියවගෙන යද්දි ටිකක් වැදගත් තැනක් හම්බුනා. වාහනේ රිය අනතුරු වලින් ආරක්ෂාවෙන්න කුරුළු පිහාටු එල්ලන්නලු. මට මතක උනේ මරුටියේ එයාර් බෑග් නෑ, සේෆ්ටි නෑ කියලා කියන අපේ අයියලාව. දැන් උන්දැලා ඔක්කොටම පේන්නත් එක්ක එල්ලනවා වටේටම කුරුළු පිහාටු.
පිහාටු ටික එල්ලලා ගෙට ආවට පස්සෙයි මතක් උනේ පත්තරේ නොතිබ්බ ෆෙංශුයි ක්‍රමයක් මමත් දන්නවා නේද කියලා. මේ ක්‍රමය වැදගත් වෙන්නේ ඕගොල්ලොන්ට මොනවාහරි දෙයක් අව්වේ දාලා වේලාගන්න ඕනෑ නම් තමයි. අපි හිතමුකො ගේ ඇතුළෙ පුස්කාලා තියෙන කරෝල ටිකක්, නැත්නම් අග්ගලා හදන්න බත් ටිකක් වගේ වේලාගන්න ඕනෙ කියලා. එතකොට කරන්න තියෙන්නෙ කලින් අහුලගෙන තියාගත්තු කාක්පිහාටුවක් එතන එල්ලන්න. ආපහු සැරින් සැරේ කාක්කො එලව එලවා ඉන්න ඕනෙ නෑ.
මීටපස්සෙ කාක් පිහාටුවක් වැටිලා තිබුනාම අහක බලන් යන්න එපා. විශ්වාස කරන්න ඔබේ ජීවිතයේ දේවල් ආරක්ෂා කරන්න දෙයියෝ එවපු තෑග්ගක් කියලා.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com21tag:blogger.com,1999:blog-4880075285275614382.post-75433410268070138502016-08-22T19:28:00.003+05:302016-08-22T19:28:48.569+05:30හීනලන්තයෙන් හීන කේක්
මීට අවුරුදු කීපයකට කලියෙන් මම වැඩකරේ ඩෙනියෙක් එක්ක. මතකද මට ජෙරී වෙන්න උදව් වෙච්චි සුද්දො දෙන්නා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ කියන ඩෙනියා. මිනිහා පරිගණක දැනුමට අමතරව රටේ ලෝකෙ වෙන දේවල් ගැන කල්පනාවෙන් හිටපු, එක එක දේවල් ගැන දැනගන්න ආසාවෙන් හිටපු කෙනෙක්. මම වගේම. ;)
දවසක් කෑම බීම ගැන කතාවක් ඇදිලා ආවා. ඒ කතාව දිගටම යද්දි අපි ලංකාවෙ එක එක කෑම බීම ගැන එව්වා මිලදී ගන්න තියෙන තැන් එහෙම ගැන කතාවුණා. කතාව අන්තිමේදි හැරවුනේ ඩෙන්මාර්කයේ කෑම බීම දිහාවට. නානාප්‍රකාර ඩෙන්මාර්ක් කෑම අතර එයා බොහෝම හොඳින් විස්තර කරපු කෑමක් තමයි 'හීන කේක්' එහෙම නැත්නම් Dream Cake කියන්නෙ.
කියපු විස්තරේට අනුව නම් මේක නිකම් මිහිරි හීනයක් වගේ. වැනිලා මිශ්‍ර පොල් වලින් රස කවපු අතුරණයක් එක්ක මෘදු මෙලෙක් කේක් කන්න ඕනෙ කෙනෙක් ආසයි කියලයි එයා කිව්වෙ. මම දිගටම විස්තර අහලා බලපු හින්දා මට කෑම වට්ටෝරුවකුත් හොයලා දුන්නා හදලා බලන්න කියලා. ඉතින් ඒ විදිහට ලැබිච්ච වට්ටෝරුව අවුරුදු කීපයක් හැංගිලා ඉඳලා පස්සෙ දවසක ඇත්තටම හීන කේක් එකක් උනා.
ඉතින් මම මේ හදන්නෙ අනික් ඔක්කොටම හීන කේක් කවන්න මං ගානෙ. දහදෙනෙකුට විතර ඇතිවෙන්න හදන්න ඕනෙ වෙන ද්රව්ය්ය කියලයි තිබුනෙ. ඒත් එක් එක්කෙනාගෙ බඩේ හැටියට ඒක වෙනස් වෙයි මම් හිතන්නෙ.
මේ තියෙන්නෙ කේක් එකට ඕනෙ කරන දේවල්.
බටර් ග්‍රෑම් 75
කිරි මිලි ලීටර් 100ක් එහෙම නැත්නම් කෝප්ප බාගයක්
තිරිඟු පිටි ග්‍රෑම් 125
බේකින් පවුඩර් තේ හැඳි 1
බිත්තර 2
සීනි ග්‍රෑම් 125
වැනිලා ස්වල්පයක්
ලුණු තේ හැඳි 1/4
අතුරණයට ඕනෙ දේවල්
බටර් ග්‍රෑම් 150
දුඹුරු සීනි ග්‍රෑම් 250
කිරි මිලි ලීටර් 50ක් (කෝප්ප 1/4)
හීනියට ගාගත් පොල් ග්‍රෑම් 200
මුලින්ම කරන්න තියෙන්නෙ අවන් එක පොඩ්ඩක් රත්කරගන්න එක. සෙල්සියස් අංශක 195ට එහෙම නැත්නම් ෆැරන්හයිට් අංශක 380ට විතර අවන් එක රත්කරගන්න. ඒ අතරෙ අඟල් 9X9 විතර තැටියක් අරගෙන බටර් ටිකක් පිටි ටිකක් දාලා කාරිය කේක් එක දාන්න සූදානම් කරගන්න.
ඊටපස්සෙ පොඩි සාස්පානක් අරගෙන ඒකට බටරුයි කිරියි දාලා මඳගින්නෙ රත්කරගන්න බටර් ටික මෙලෙක් වෙනකම්. දැන් මෙලෙක් වෙච්ච බටර් කිරි මිශ්‍රණය තියන්න පැත්තකින්.
ඊළඟට පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි හොඳට කලවම් කරගෙන ඒක පෙනේරෙකින් හලාගෙන පැත්තකින් තියන්න.
දැන් තමයි ඔන්න අපි වැඩේට බහින්න යන්නෙ. ලොකු බෝල් එකක් අරගෙන බිත්තර ටිකයි සීනියි එකට දාලා හොඳට බීට් කරගන්න. මුළු මිශ්‍රණයම ලා කහපාටට ඝන වෙනකම්ම බීට් කරගන්න. මේකට විනාඩි පහක් දහයක් යයි බීටරයකින් කරනවා නම්. ඊටපස්සෙ වැනිලා ටිකයි ලුණු ටිකයි දාලා හොඳට කලවම් වෙනකම් ආයෙ බීට් කරන්න.
දැන් මේ මිශ්‍රණයට හලාගත්තු බේකින් පවුඩර් හා පිටි මිශ්‍රණයෙන් බාගයක් දාන්න. ඔක්කොම එකපාර දාන්න එපා. හැන්දකින් ටික ටික දාන ගමන් හොඳට කලවම් කරගන්න. පිටි මිශ්‍රණයෙන් බාගයක් ඉවර උනාට පස්සෙ පිටි දාන එක නවත්වලා ගන්න බටර් මිශ්‍රණය ඒකෙත් බාගයක් වෙනකම් ටිකෙන් ටික දදා කලවම් කරගන්න. ඊටපස්සෙ මිශ්‍රණ දෙක ඉවර වෙනකම් ටික ටික දදා කලවම් කරගන්න.
දැන් මිශ්‍රණය පදමට ඇවිල්ලා නම් ඒක බේක් කරගන්න වෙලාව හරි. කලින් ලෑස්තිකරගත්තු තැටියට මිශ්‍රණය දාලා මිනිත්තු 20ක් විතර බේක් කරගන්න. මිශ්‍රණය හොඳට බේක් වෙලාද බලන්න පුළුවන් ටූත්පික් එකකින්. ඇතුළට දාපු ටූත්ප්ක් එකක් කිසිවක් නොගැවී එළියට එනවා කියන්නෙ කේක් එක බාගන්න කාලෙ හරි කියලයි.
අපිට පුලුවන් කේක් එක බේක් වෙනකම් උඩට දාන අතුරණය හදාගන්න. ඒකට අතුරණය සඳහා වෙන්කරපු බටර්, දුඹුරු සීනි, කිරි ටික ඔක්කොම සාස්පානකට දාලා මඳගින්නෙ රත්කරන්න. මේ මිශ්‍රණය සැරෙන් සැරේ හැඳි ගාන්න මතක තියාගන්න. මිශ්‍රණය නටාගෙන එද්දි ඒකට පොල් ටික දාලා විනාඩියක් තියලා ලිපෙන් බාගන්න.
දැන් ඉතින් කේක් එක එළියට එනකන්නෙ අපි බලන් ඉන්නෙ. කේක් එක එළියට ගත්තු ගමන්ම අවන් එක සෙල්සියස් අංශක 210ට එහෙම නැත්නම් ෆැරන්හයිට් 410 රත්කරගන්න පටන්ගන්න. අවන් එක රත්වෙනකම් අපිට පුළුවන් අතුරණය ටිකෙන් ටික කේක් එක උඩ අතුරන්න. කේක් එක උඩට ඔක්කොම දාලා වණ කරගන්නෙ නැතුව ටිකෙන් ටික දාන්න.
අවන් එක නියමිත උෂ්ණත්වයට ආවට පස්සෙ කේක් එක මිනිත්තු 5ක් විතර බේක් කරගන්න.
ඔන්න තියෙනවා හීන කේක්.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com17tag:blogger.com,1999:blog-4880075285275614382.post-29779747355219939862016-07-10T20:41:00.001+05:302016-07-10T20:43:57.973+05:30හැත්තෑගණන්වල මිහිරි මතක ( පින්තූර කතාව )
අම්මා සන්තකව එකදාස් නවසිය හැටගණන්වල සිට මේ දක්වා සුරැකිව තිබූ පින්තූර එකිනෙක විනාශ වී යාමට පටන්ගෙන ඇතිබව දුටුවිට මා තුළ ජනිතවූයේ ශෝකයකි. අප කුඩා කාලයේ පටන් ඒ පින්තූර පෙන්වමින් කළ විස්තර ඊළඟ පරපුරට අහිමිවනු ඇතැයි සිතූ නිසා විනාශවීගෙන යන පින්තූර මම නැවත ඡායාරූපගත කළෙමි. අද ඔබට ගෙනෙන්නේ එයින් කිහිපයකි.
මෙම ලිපියට එකතුකළ පින්තූර සියල්ලම මඩු වන්දනා ගමන් දෙකකදී ලබාගත් ඒවාය. අද මෙන් ඡායාරූපගතකරණය සුලභ නොවූ එකල, මේ පින්තූර ලබාගෙන ඒවා සුරැකිව තබාගනිමින් කළ මෙහෙවරට ඔවුන්ට කෘතඥ වියයුතුය.
මේ පින්තූරත් ඒ සමඟම දෙමාපියන් පැවසූ විස්තරත් එකල අතිශය වැදගත් වූයේ යුද්ධය හේතුකොටගෙන තිස් වසරක් පුරාවට මඩු වන්දනාව ඇනහිට තිබූ බැවිනි. හැබැහින් යාමට නොහැකිවූ කල මේ පින්තූර වල මතකය ඔස්සේ ඔවුන් මඩු වන්දනාවේ යද්දී අපි කිසිදා නොදුටු මඩු පල්ලිය පින්තූරයකින් දුටුවෙමු. ඒ හා සම්බන්ධ විනෝදජනක, ත්‍රාසජනක කතා ඇසීමු.
මුලින්ම පළකරැති කළු සුදු පින්තූර, ඡායාරූප ක්ෂණිකව මුද්‍රණය වන කැමරාවකින් ගත් ඒවාය. ඒ පන්නයේ යැයි සිතියහැකි කැමරාවක පින්තූරයක් දැමූයේ මා මෙන් එම වර්ගයේ කැමරා හැබහින් දැක නොමැති අයගේ ප්‍රයෝජනය පිණිසයි. මේ පින්තූර අඟල් දෙකහමාර පමණ දිගැති සමචතුරස්‍රාකාර ඝන කඩදාසියක මුද්‍රණය කර තිබේ.
1. පාලමක දර්ශනයක්. මෙතැන කොතනදැයි හරියටම කීමේ මතකයක් මව්පියන්ට නැත. එක්කෝ ඔවුන් කියූ විස්තරය මට මතක නැත. දන්න ඇත්තෝ කියත්වා!
2. වන්දනා ගමන් විනෝද ගමන් යන අපි ඇළක දොළක බැස ජලස්නානය කිරීමට බොහෝ මනාපය. මේ මාගේ පියාත්, මාමලාත්, බාප්පලාත් දිය සොයා ගිය ගමනකි. මේ පින්තූරය පෙන්වන සෑමවිටකම පාහේ පසෙකින් පෙනෙන ගල් පාලමේ (බොහෝදුරට සොරොව්වේ) කැබලිවත් තිබේදැයි නොදන්නා බව අම්මා කියන්නීය. යුද්ධයෙන් මේ සියල්ල සුණුවිසුණු වන්නට ඇතැයි ඇය සිතන්නීය. එහෙත්..
3. මේ පින්තූරය ලැබුනේ අභීතගේ අඩවියෙනි. පාලම තවම යහතින්. [උපුටා ගැනීම]
4. මාගේ මව්පියන් මවගේ ඥාති සහෝදරියක සමඟ. පින්තූරයේ දකුණු පසින් පෙනෙනුයේ වන්දනාකරුවන් නවාතැන් ගැනීම සඳහා ඉදිකරන ලද කූඩාරමකි. ගෝනි, ඉටිරෙදි, රෙදි, සාරි ආදී නානා ප්‍රකාර අමුද්‍රව්‍යය යොදාගෙන ඉදිකරන මෙම පන්නයේ කූඩාරම් අදටත් සුලභය.
5. සුඛෝපභෝගී ප්‍රවාහන සේවා නොතිබූ ඒ කාලයේ වන්දනා කරුවන්ගේ හිතවතා වූයේ ලෑලි බොඩි ලොරියයි. ලොරියේ ඉහළ හෝ ලොරිය තුළ බඩු පුරවා, වන්දනාකරුවන් ලොරිය තුළ වාඩිලන්නේ පැදුරු එලාගෙනය. ඇතැමෙක් බංකු යොදාගනිති. එහෙත් එය කිසිවිටකත් සුවපහසු ආසනයක් නොවන්නේ මාර්ග පද්ධතියද අදමෙන් සුමට නොවූ නිසාය.
කොලු කොරුට්ටෝ පොරකන්නේ ලොරියේ දොර අල්ලා ගැනීමටය. වෙනදා වසාගෙන යන දොර වන්දනා ගමනකදී පාත්කර එල්ලනු ලැබේ. එමෙන්ම හොඳ ශක්තිමත් කඹ කිහිපයක් යොදා සවිගන්වන්නේ හදිසි අනතුරු වළක්වාගැනීමටය. ලොරිය මැදින් කඹයක්ද අසලින් බංකුවක්ද වේ. වැඩිමහල් උදවිය මෙන්ම කාන්තාවන් ලොරියට නඟින්නේ ඒ දෙක ආධාරයෙනි.
කෙතරම් විනෝදජනක වුවත් මෙය ඉතාම සෙමින් ගමන් කරන, 'ඇන්ජිම බොයිල් කරනවා රෝද රත්වෙනවා' කියමින් විටින් විට නවත්වන, ලොරියක දූවිලි කාගෙන පැය ගණනාවක් යායුතු ගමනකි.
6. පසුකාලයක රටට සාමය පතා දකුණට රැගෙන ආ ඓතිහාසික මරුද මඩු දේවමාතා ප්‍රතිමාව.
7. පැහැදිලි පින්තූරයක්. [උපුටා ගැනීම]
8. මඩු දේවස්ථානයේත් වන්දනාකරුවන්ගේත් පානීය ජල අවශ්‍යතාව සපුරාගන්නේ අසල පිහිටි වැව් දෙකක ජලයෙනි. එම නිසා එම වැව් වලට බැසීම එකල සපුරා තහනම් වූ බව මගේ මව පවසයි. මේ පින්තූරයේ දැක්වෙන්නේ ඒ වැව් ආශ්රිත වාන් දොරටුවකි.
9. A3 මාර්ගයේ මඩු බලායන සමහර වන්දනාකරුවන් පාලාවි හන්දියෙන් වමට හැරෙන්නේ එක ගමනින්ම තලවිල සාන්ත ආනා සිද්ධස්ථානයත් වැඳපුදා ගැනීමටය. මේ පින්තූරය තලවිල වෙරළේදී ගනු ලැබූවකි. පින්තූරයේ මැද සිටින්නේ අපේ තාත්තාගේ ලොකු අම්මාය ( ආච්චි ). දෙදහස් තුන හෝ හතර වර්ෂය වෙනතුරුම ජීවත්වූ ඇය සැබවින්ම දිරිය මවකි. තම දෑතින් පරපුරකටම යුතුකම් ඉටුකළාය. ඇය මියයනතුරුත් උපැස් යුවළක් භාවිතයෙන් තොරව හොඳින් පොතපත කියවූවාය.
10. මඩු සිද්ධස්ථානය එදා.
11. මෙය ලොරි රථයක්ද බස් රථයක්ද කුමන වර්ගයට අයත්දැයි කීමට මම නොදනිමි. මාගේ මාමා සතුව තිබූ මෙය යොදාගෙන ඇත්තේ මගී ප්‍රවාහන කටයුතු වලටයි. දෙපස ආසන සවිකර තිබී ඇත.
මේ ලොරියේ(?) ගිය ගමනත් එය අනතුරට ලක් වී මහ කැලෑව මැද රාත්‍රිය ගත කරන්නට සිදුවූ ආකාරයත් කොටින් (කකුල් හතරේ) දුටු හැටිත් ගැන ත්‍රාසජනක කතා මාගේ මව්පියන් සතුව ඇත.
පින්තූරයේ සිටින මාමා පසුව ලොරිය විකුණා දමා විදේශගත වන්නේ අසූගණන්වල මුලහරියේය. කණගාටුවට කරුණ නම් සෞදි අරාබියට ගිය ඔහු ගැන මේ වනතුරුත් කිසිම ආරංචියක් නැතිවීමයි.
12. පොඩ්ඩන් ලෙස පෙනුනාට මාගේ මාමලාය.
13. හැමතැන හැමදෙනා සිනහා ගැන්වීමේ හැකියාවකින් යුතු බාප්පා දැන් අප හැරගොසිනි. මේ ඔහු තමන්ගේ වාඩියේ එදා ඉඳි ආප්ප පිළියෙල කළ හැටියි.
14. එදා දුම්රිය මාර්ගය තලෙයි මන්නාරම දක්වා වැටී තිබුණි. ඉන්දියාව වෙත ගෙන යායුතු මඟීන් භාණ්ඩ රැගෙන තලෙයි මන්නාරම් ජැටිය වෙත ගිය දුම්රිය නැවත ආවේ ඉන්දියාවේ සිට නැව් මඟින් පැමිණි ජනතාවත් භාණ්ඩත් පුරවාගෙනය.
මේ පින්තූරය ලබාගෙන ඇත්තේ මඩු වන්දනා ගමන අතරතුර තලෙයි මන්නාරමට ගිය අවස්ථාවකි. අම්මා කියූ ආකාරයට මෙය කුණාටුවකට හසුවී මාර්ගය වැරදී වැල්ලේ එරී තිබූ නැවකි.
15. තවත් නාන තොටුපළක් සොයාගිය ගමනක්. සංගිලි පාලම උඩ සිටින්නේ තාත්තා හා ලොකු මාමාය.
16. පාලම තවමත් ඉතිරිව ඇත.[උපුටා ගැනීම]
17. ඉහත දැක්වූ සංගිලි පාලම මත සිට ලබාගත් ඡායාරූපයකි.
18. මඩු මංගල්‍යය අවසානයේ ප්‍රතිමාව වීදි සංචාරය කිරීම.
19. මඩු වන්දනාවේ පැමිණි අගමැතිතුමා. ජෝශප් මයිකල් පෙරේරා මන්ත්‍රීතුමා ඔහුට පිටුපසින් සිටියි.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com38tag:blogger.com,1999:blog-4880075285275614382.post-8580230147862462602016-06-30T15:16:00.001+05:302016-07-01T13:15:17.823+05:30White Fang
අප අවට වටපිටාව, අපේ අවට සිටින පුද්ගලයින්, සිදුවන සිදුවීම්, අපේ ජීවිතයට කොතරම් බලපෑමක් කරනවාද අපේ ජීවිතය කොතරම් වෙනස් කරනවාද කියලා හිතුනේ ඇමරිකානු ලේඛක ජැක් ලැන්ඩන්ගෙ වයිට් ෆෑන් පොත කියවනකොට.
වයිට් ෆෑන්ගේ බිහිවීමේ සිට මරණය දක්වාම කියවගෙන යද්දි ඒ කතාව අතරින් මට මැවිලා පෙනුනෙ අන්ත අසරණව මේ ලෝකෙට බිහිවෙන වීදි දරුවෙක්ව. වයිට් ෆෑන්ගේ ජීවිතය තුළ සිදුවන සිදුවීම් මම වීදි දරුවෙකුගේ ජීවිතය තුළින් දකින්න උත්සාහ කරා.
ඔයගොල්ලොත් කියවලා බලන්න.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com20tag:blogger.com,1999:blog-4880075285275614382.post-88008148031087426462016-06-13T15:08:00.000+05:302016-06-13T15:08:59.007+05:30මාළුවෙක් බේක් කරමු
ඉරිදා ඉතින් නිවාඩු දවසනෙ. වෙනදා නම් ඉතින් පල්ලි ගිහින් ගෙදර ඇවිල්ලා උයන පිහන මොනාහරි කරලා පොඩ්ඩක් විවේක ගන්න එකනෙ කරන්නෙ. ඉතින් ඊයෙ පොඩි වෙනසකටත් එක්ක මීගමුව පැත්තෙ රවුමක් දාලා එන්න ගියා. කලින් දැකලා තිබුන මීගමු කොටුව ආයෙත් වතාවක් දැක්කා. කොටුව පහුකරගෙන ගියා වාහනේ නැවැත්තුවෙ මීගමු ලෙල්ලමේ. ලෙල්ලම කියන්නෙ මාළු විකුණන තැන.
එනගමන් අපි දෙන්නා කතා උනේ හැමදාම වගේ බතුයි හොදියි කන්නෙ නැතුව වෙනසකටවත් එක්ක මාළු බේක් කරලා කන්න. මෙන්න මෙහෙමයි අපි මාළුවා බේක් කරගත්තේ.
හරස් අතට කැපුම් කීපයක් දාන්න
මුලින්ම මාළුවාගේ බොකු බඩවැල්, කරමල්, කොරපොතු, වරල් අයින් කරලා ගන්න ඕනෑ. අන්තර්ජාලෙ සමහර තැන්වල නම් තිබ්බෙ මාළුවාගේ පෙනුම තියාගන්න ඕන හින්දා වරල් ඉවත් කරන්න එපා කියලයි. ඒ වගේම බඩ හරහා කැපුමක් කරලා මාළුවාගේ ඇතුළෙ තියෙන එව්වා සුද්ද කරන්න කියලායි. මේක ඉතින් ගෙදර අපිම විතරක් කන හින්දා මම වරල් ටිකත් කපලාම දැම්මා. මම කියලා කරේ මාළුවා සුද්ද කරන එක විතරයි.
ඊටපස්සෙ මාළුවාගේ ඇඟේ පින්තූරෙ පේන විදිහට හරස් අතට කැපුම් කීපයක් දාන්න.
දැන් ළුුණු, සුදුළුුණු, ඉඟුරු, රම්පා, කරපිංචා, කෑලි මිරිස්, තුනපහ කුඩු, ලුණු ටිකක්, කහ ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කුරුඳු පොත්තක් අරගෙන හොඳට අඹරා ගන්න තලපයක් වගේ වෙන්න. මෙතනදි මම ප්‍රමාණ සඳහන් නොකළේ තමුන් ගන්න මාළුවාට ඇතියි කියලා හිතෙන ප්‍රමාණ ගන්න ඕන නිසා. මතක ඇතුව කහත් ඉඟුරුත් වැඩිපුර දාන්න එපා.
දැන් තියෙන්නෙ මිශ්‍රණය හොඳින් තවරාගන්න එක. පස්සෙ මාළුවාව මේ විදිහට කෙලින් හිටවලා තෙල් ටිකක් වක්කරන්න.
දැන් තියෙන්නෙ 200 C වල මිනිත්තු 30ක් විතර හොඳින් බේක් කරගන්න එක.
මෙන්න මාළු දෙන්නා මේසෙ උඩ.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com21tag:blogger.com,1999:blog-4880075285275614382.post-43124157824388204402016-06-11T15:02:00.000+05:302016-06-11T15:04:05.262+05:30වැඩ කල් දමන්නන්ගේ සංගමයෙන් මිදීමට කාලයයි. (How to Stop Procrastinating)
මතකද මම කාලෙකට කලින් පොතක් ගැන විස්තර කිව්වා? පොත් කීපයක් ගැනම කියලා තියෙන නිසාද කට්ටිය හිතනවා ඇති මොන පොත ගැනද මම කියන්නෙ කියලා. මතකද වැඩ කරන්න හිතෙන්නෙ නැති අයට කියවලා හැදෙන්න කියා දෙන පොත. පෝස්ට් එක අන්තිමේ සමහරු ඇහැව්වා පොත කියවන්නවත් හිතෙන්නෙ නෑ. ඒකට මොකක්ද කරන්න ඕනෙ කියලා.
ඉතින් මම නම් දන්නෙ නෑ ඒ පෝස්ට් එක කියවපු කීදෙනෙක් මේ වෙනකොට ඒ පොත කියවලා ඉවර කලාද කියලා. පොත කියවපු කීදෙනෙක් දැන් වැඩ කල් නොදා සාර්ථක වෙලා තියේවද කියලත් මම දන්නෙ නෑ තමයි. ඉතින් මොකටත් කියලා හිතුවා වැඩ කල් දාන එක නවත්ත ගන්න පුළුවන් වෙන්න පුංචි කාරණා ටිකක් පෙන්වලා දෙන්න.
මෙව්වා කිව්වා කියලා හිතන්න එපා මම සර්ව සම්පූර්ණ පුක්ගලයෙක්, මමත් මේ ඔක්කොම පිළිපදිනවා කියලා. හැබැයි මම මෙව්වා පිළිපදින්න උත්සාහ කරනවා. ඔව්. අඩුම ගානෙ අද ඉඳලවත්. ඉතින් හැමදාම වැඩ කල්දැමීම නවත්වන ක්‍රම හොයන්න බෑනෙ. ඉතින් මම කරුණු ටිකක් මෙතනට එකතු කරනවා. කවුරුහරි කෙනෙක් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් මට සතුටුයි.
අපි අතරින් ගොඩාක් දෙනාට අපේ එදිනෙදා ජීවිතයේ කරන්න වැඩ ගොඩාක් තියෙනවා. සමහරුන්ට ජීවිතයේ ඉලක්ක තියෙනවා. සමහරුන්ට නෑ. (මම නම් හිතෙනවා හැමෝටම ඉලක්කයක් තියෙන්න ඕනෙ කියලා. ) ඒ කොහොම උනත් කරන්න තියෙන වැඩ නම් ඉවරයක් නෑ. ඒත් අපෙන් ගොඩක් දෙනා මොකක්ද කරන්නෙ. තමුන්ට අච්චර වැඩ කන්දරාවක් කරන්න තියෙනවා අච්චර දේවල් ගොඩක් පාඩම් කරන්න තියෙනවා කියලා දැන දැනම ඔන්න කියෝනවා ඊ-මේල් එහෙම නැත්නම් බුකියට ගිහින් උඩටයි පහළටයි රෝල් වෙනවා, එහෙමත් නැත්නම් තියෙන තරම් බ්ලොග් ඔක්කොම බලනවා මේ දැන් කරනවා වගේ.
අපිට හිතෙන්නෙ අපි වැඩ කරනවා කියලා ඒත් කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. කරන්න තියෙන වැඩ එහෙමත් නැත්නම් පාඩම් වැඩ අන්තිම මොහොත වෙනකන් පස්සට දදා ඔහේ ඉන්නවා. ඔන්න ටික ටික අන්තිම දවස ළංවෙද්දි අපිව ගැහෙන්න ගන්නවා. ඒකට තව මාසයයි, තව සතියයි, තව දවසයි. ඇයි දෙයියනේ මම මෙව්වා මෙච්චර කල් නොකර හිටියේ? අපේ හිතම අපිට බනින්න ගන්නවා.
මෙතන තියෙන වැදගත්ම දේ තමයි වැඩ නොකර කල් මැරුව කාලය අපි කිසිම ප්‍රයෝජනවත් දේකට යොදා නොගැනීම. අපි වැඩ ගැන යටි හිතින් හිත හිත හිටපු හින්දා අපි ඒ කාලය අඩුම තරමේ සැහැල්ලුවෙන් විනෝදයෙන්වත් ඉඳලා නෑ. වැඩ කල් දැමීමට ඇබ්බැහි උනාම වැඩ කල් දාන කාලෙත් වැඩ කරන කාලෙත් ඉන්පස්සෙ කල් දැමීම ගැන පසුතැවෙන කාලෙත් ඉන්න වෙන්නෙ පසුතැවිල්ලෙන් තමයි.
ඉතින් හිතන්නකො මේ වගේ අපි අවුරුදු ගණන් පස්සට දාපු වැඩ නැද්ද? හැමදාම "හෙට හෙට පස්සෙ පස්සෙ" කිය කිය. එතකොට අපි අවුරුදු ගාණක්ම එව්වා ගැන හිත හිත පසුතැවිලා නේද? සමහර දේවල් නැවත හරිගස්සන්න බැරිවිදිහට වෙනස්වෙලා. සමහර දේවල් නැත්තටම නැතිවෙලා.
ඉතින් මේ විදිහට අපිව කාලා දාන වැඩ කල්දැමීමේ නරක පුරුද්ද නැතිකරගන්න තමයි මේ හදන්නෙ.
1. To Do ලිස්ට් එකක් හදා ගන්න.
කරන්න තියෙන ලොකු පොඩි හැම වැඩේම මේකට දාගන්න. ඒ වගේම මතක ඇතුව දිනපතා කල් දමන මඟ අරින එව්වට ප්‍රමුඛත්වය දෙන්න දිනපතාම කෙරෙන දේවල්වලට වැඩිය.
අනිත් එක තමයි කරන්න තියෙන වැඩ පුළුවන් තරම් කොටස් වලට කඩාගන්න. ඒ කඩාගත්තු කොටසකුත් කරන්න හිතෙන්නෙ නැත්නම් ඒ කියන්නෙ තව කොටස්වලට වැඩේ කඩන්න පුළුවන් කියන එකයි.
හිතන්නකො පස් කන්දක් එක තැනක ඉඳන් තව තැනකට අදින්න ඕන උනාම "කොහොමද දෙයියනේ මේ මුළු කන්දම අදින්නෙ?" කියලා හිත හිත හිටියට එක වැලි ඇටයක්වත් එහාට මෙහාට වෙන්නෙ නෑ. විල්බැරෝ එක ගානෙ අදින්න බලන්න. ඒකත් අමාරුයි නම් බාල්දියකින් අදින්න බලන්න. ඒකත් අමාරුනම් කෝප්පයක් ගන්න. කෝප්පෙකින් හරි පස් කන්ද නොඅදින තාක් එක වැලි ඇටයක්වත් හෙල්ලෙන්නෙ නෑ.
ඉතින් කෙරෙන කෙරෙන වැඩේ ලකුණු කරගන්න. දවසෙ භාගයක් විතර ගියාම තමුන් මෙච්චරවෙලා කරපුවා බලලා ආයෙ ලැයිස්තුව එහා මෙහා කරගන්න පුළුවන් නම් දන්නෙ නැතුව වැඩ ගොඩක් කෙරිලා තියේවි. තමුන් හෙට දවසේ කරන්න තියෙන වැඩ ලැයිස්තුව හදන එක අද දවසේ කරන අවසාන වැඩය විදිහට කරන්න පුළුවන් නම් ගොඩක් ප්‍රතිඵලදායකයි.
2. අමාරුම වැඩක් මුලින්
මේ කියන්නෙ උදේ පාන්දර ගෙම්බෙක් කන්න කියලා. ඇත්තටම කියන්නෙ තමුන් කරන්නෙ නැතුව කල් දදා ඉන්න අහෙම නැත්නම් අමාරු වැඩක් මුල්න් කරන්න කියලා. එතකොට අපිට පුළුවන් උදේ පාන්දර මුළු ශක්තියම දාලා ඒක කරන්න. ඊටපස්සෙ ඒක කළාම ඇතිවෙන උත්තේජනයත් එක්ක අනික් වැඩ කිරීමට ශක්තිය හම්බවෙනවලු.
3. මිනිත්තු දෙකේ වැඩ
මේක මම කියවන්න කිව්ව කලින් පොතෙත් තිබ්බා. යම් වැඩකට යන්නෙ මිනිත්තු දෙකක් නම් ඒක ලිස්ට් එකට දාන්නවත් යන්න එපා. ඒක හිතිච්ච ගමන් ඊළඟ තත්පර 120 ඇතුළත කරලා දාන්න.
4. එක එක වැඩවලට කාලයක් වෙන්කරගන්න
කොහෙටහරි වෙලා ඤංඤුං ගගා ඉන්නෙ නැතුව වැඩක් කරන්න නම් කරන්න තියෙන්නෙ යම් වැඩක් මේ කාලය ඇතුළත කරනවා කියලා හිතාගෙන වැඩට බැහීම. කාලය තියෙන වැඩ ප්‍රමාණයත් එක්ක ප්‍රායෝගික වෙන්න ඕනෙ හොඳද?
මෙහෙම හිතන්න පුළුවන් මම මගේ මේසෙ පැයකාලකින් අස් කරනවා කියලා ඒක පටන් ගන්න පුළුවන්. ඒත් මතක තියාගන්න ඒ පැය කාල ඇතුළත වෙන කිසිම දේකට හිත යොමුකරන්න එපා. පුළුවන් තරම් ඉක්මණින් ඒක කරන්න බලන්න.
මේ විදිහට කළාම දන්නෙම නැතුව ගොඩක්වැඩ කෙරිලා තියේවි.
5. කෙටි විවේක ගන්න
තමුන්ට එක වැඩකට අවදානය යොමු කරගෙන ඉන්න බෑ කියන්නෙ විවේකයක් ඕනෑවෙලා කියන එක. එතකොට කෙටි විවේකයක් ගන්න. ඒ වෙලාවෙදි අර වැඩය ගැන අමතක කරලා සැහැල්ලු වෙන්න සතුටු වෙන්න පුළුවන් දෙයක් කරන්න. දිගටම වැඩ කරනවාට වඩා වැඩි දෙයක් කෙටි විවේක අරගෙන කරන වැඩ වලින් කරන්න පුළුවන්.
මතක තියාගන්න විනාඩි දහයේ විවීකයක් ඉලාස්ටික වෙලා පැයක් වෙන්නත් පුළුවන්. විනාඩි දහය ඉවර වෙද්දි තව විනාඩියෙන් යනවා කියලා හිතනවා නම් ඔයා අයෙත් පුරුදු වලේම වැටෙන්නයි යන්නෙ.
6. බාධා ඉවත් කරන්න
හිතන්නකො අපි වැඩ කරන අතරෙ අපි හවසට කරන්න තියෙන දෙයක් හෝ කියවන්න තියෙන පොතක් ගැන හෝ වෙන යමක් මතක් වෙනවා කියන්නෙ කරගෙන යන වැඩේට ලොකු බාධාවක්. ඒක නිසා කරන වැඩේ ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන කල්පනා නොකරන්න පරිස්සම් වෙන්න ඕනෙ. එහෙම කරන්න ගියොත් වෙන්නෙ නොදැනුවත්වම අපි කර කර ඉන්න වැඩේ අතපසු වෙන එක.
දහසක් වැඩ තියෙද්දි කොම්පීටරේ ඉස්සරහ වාඩි උනාම බුකියට යන්න එහෙම නැත්නම් ගොසිප් බලන්න නැත්නම් වෙන මොනාහරි කරන්න හිතෙන එක නවත්වා ගන්න ඕනෙ. ඒකට හිත පාලනය කරගන බැරිනම් මොකක් හරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් දාලා හරි බ්ලොක් කරගන්න.
7. වටපිටාව සර්ව සම්පූර්ණ වෙනකන් ඉන්න එපා.
සමහරු වැඩක් කරන්න ගියාම මේක හරිගියාම මේක කරනවා. නැත්නම් මේ මේ මේවා හම්බෙච්ච දාට මේක කරනවා. ඔය වගේ වැඩ කල් දාන්න මොකාක් හරි හේතුවක් හිතෙන් හදාගන්නවා. ඒත් තියෙන දෙයින් මොනාහරි කරන එක තමයි වටින්නෙ.
8. වැඩක් කළාම තමුන්ටම පොඩි තෑග්ගක් දීම
අපි කවුරුත් ආසයිනෙ අපිව කවුරුහරි අගය කරනවා නම්. ඉතින් වැඩක් කරාම තමුන්වම අගය කරගන්න එක බොහොම හොඳ වැඩක්. ඉතින් වැඩක් ඉවර කළාම ඒකට තෑග්ගක් දෙන එකත් නොකරම දඬුවමක් දෙන එකත් අපි අපිවම වැඩ කල්දාන එකෙන් ගලවගන්න හේතුවක් වේවි.
අපිට හිතන්න පුළුවන් මේ වැඩ ටික ඉවර කළාම මම චිත්‍රපටියක් බලන්න යනවා, නැත්නම් මොනාහරි මම ආසා කරන කෑමක් ගන්නවා වගේ දෙයක් ඒ වගේම නොකළ දෙයක් වෙනුවෙන් අපි ආසා දෙයක් කැප කරන්න පුළුවන්.
තමුන් වැඩක් නොකළාම යම් මුදලක් කාටහරි පරිත්‍යාග කරනවා වගේ දෙයක් කළානම් ගොඩක් දුරට මේක සාර්ථක වේවි.
9. පස්සෙන් අනින්න පුළුවන් කෙනෙක්
තමුන්ට පස්සෙන් ඇනලා වැඩකරන්න මතක් කරන්න වැඩ කරන්න උනන්දු කරවන්න කෙනෙක් ඉන්නවා කියන්නෙ ඒක ඔයාට හම්බෙන ලොකු සම්පතක්. හැබැයි ඒ කෙනා වැඩ කල් නොදමන කෙනෙක් වෙන්න ඕනෙ. ඒ වගේම කරපු දේවල් අගය කරන කෙනෙක් වෙන්නත් ඕනෙ.
හැබැයි දෙන්නම වැඩ කල්දානවා නම් දෙන්නටම පුළුවන් එකිනෙකාට පස්සෙන් ඇනගන්න.
10. ප්‍රතිලාභය විඳින්න
වැඩක් නොකරන වෙලාවට, කල් නොදමා වැඩ කිරීමෙන් ඔබට ලැබීමට යන ප්රතිලාභ ගැන හිතන්න පුළුවන් නම් ඔබ වැඩ කල් දැමීම අඩු කිරීමට හේතුවක් වේවි. වැඩ ඉක්මණින් කිරීමෙන් අනාගතයෙ ලැබෙන සැහැල්ලුව දියුණුව හිතෙන් අත්විඳලා බලන්නකො.
11. එක පාර එකක් කරන්න
සමහරු හිතනවා එකපාර වැඩ ගොඩකට හිත යොමු කළාම ඉක්මණින් ඒ ඔක්කොම කරන්න පුළුවන් කියලා. ඒක වැරදියි. එහෙම කළාම අපි එක වැඩකට හිත යොමු නොකිරීමෙන් ඔක්කොම වැඩ පැටලෙන්න පුළුවන්.
ඔන්න මීටපස්සෙ මේ ලියපු මමත් කියවපු ඔයාලත් මේ විදිහට කරනවලු.
මූලාශ්‍ර :
http://www.wikihow.com/Stop-Procrastinating
http://jamesclear.com/how-to-stop-procrastinating
http://www.lifehack.org/articles/featured/11-practical-ways-to-stop-procrastination.html
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com21tag:blogger.com,1999:blog-4880075285275614382.post-50477671525444206252016-05-23T14:21:00.001+05:302016-05-23T16:06:06.426+05:30අපායට බැස්සෙමි
ගත්තෙ මෙතනින්
මීට දශකයට දශක එකහමාරකට පමණ පෙර අතීතයේ 'හොල්මන් මන්දිර' යනු මහා පහන් කූඩු, මහා තොරණ්, මහා දන්සල් මෙන් වෙසක් මංගල්‍යයටම ඈඳුණු තවත් එක් සංස්කෘතිකාංගයක් විය. ගමේ ගොඩේ, පාර තොටේ, තැන තැන ඉදිවුන හොල්මන් මන්දිර නරඹන්නන්ට විනෝදයට අමතරව සංවිධායකයන්ට ටිකට් පතක් විකුණා ගානක් හම්බකරගත හැකි ආදායම් මාර්ගයක්ද විය. වැය අවමය.
මා අසා ඇති පරිදි ප්‍රවේශ පත්‍රයක් මිලදීගත් පසු එක් කොනකින් ඇතුළුවී අනික් කොන දක්වා සාදා ඇති මාර්ගයක් ඔස්සේ යායුතුය. සාමාන්‍යයෙන් මේ මාර්ගය කුඩා ඉඩකඩක් තුළ හතර අතේ කරකවා හැදූ වංකගිරියකි. බොහෝ පෙදෙස් අඳුරුය. ඇටසැකිළි මිනීඔළු ආදියෙන් ගහනය. ඒ අතර මැද නොයෙකුත් ස්ථානවලින් යකුන් ලෙස වෙස්වලාගත් කොලු කුරුට්ටෝ කඩා පනිති. සමහර තැන්වල හොල්මන් නැගිටින්නේ මිනීවල් පෙරලාගෙන මිනී පෙට්ටි ඇරගෙනය. තවත් තැනෙක හිස සුන් මිනිසෙකි. මා දැනගත් විස්තර එසේවුවත් මට කවදාවත් හොල්මන් මන්දිරයකට යාමට නොහැකිවුනේ මා සමඟ වෙසක් බලන්නට ගිය වැඩිහිටියන් කිසිවෙක් හොල්මන් මන්දිර වලට මනාපය දරන්නන් නොවූ නිසාවෙනි.
හොල්මන් මන්දිර හා සමාන නොවෙතත් අපාය යනු වෙසක් සමයේදී කරලියට එන තවත් මාතෘකාවකි. අපි පුංචි සංදියේ වැඩිහිටියන් සමඟ අඟුරුකාරමුල්ල පන්සල, ලංසියාවාඩිය පන්සල නැරඹීමට ගියෙමු. බැලුවේ අපායද බුද්ධ චරිතයේ විවිධ තැන්වල හමුවන ආලවකයා ආදී යකුන්ගේ රූපද කියා හරියටම මතක නැතත් ඒ රූපවල යකුන් සිටි බව හොඳින් මතකය. අප සමඟ ගිය සමහරු මැටි යක්කු දැක මරහඬ තැලූහ. මේ මොහොතේ මට සිතුනේ නොගිණිය හැකි තරම් වාර ගණනක් ඒ පන්සල් අසලින් ගියත් තේරුම් ඇති කාලයේ ගොඩ නොවැදුනේ ඇයි යන්නයි.
මේ වෙසක් සමයේ කූඩු කීපයක් හදන්නට සිතා සිටියද බටගස් කපා වැඩේට ලෑස්ති වුවද දින කිහිපයකට කලින් මගේ වම් අත ඇදුණි. පහුවදා තෙල් බේත් බැඳගත් මට වෙසක් දින කිහිපයේ එක තැනකට වී සිටින්නට සිදුවිය. එහෙත් මම එසේ නොසිටියෙමි. අපායට බැස්සෙමි. අපායේ සැරිසැරුවෙමි. දාන්තේගෙන් මඟ අසා ඩෑන් බ්‍රවුන් පෙන්වූ මඟ ඔස්සේ රොබර්ට් ලැන්ග්ඩන් සමඟ අපායේ සැරිසැරීමි.
සරල සිංහලෙන් කිවහොත් ඩෑන් බ්‍රවුන්ගේ ඉන්ෆර්නො (Inferno) කියවීමි. කතාව රසවත්ය.
ඩෑන් බ්‍රවුන්, ඔහු මා සිත්ගත් ලේඛකයෙකි. ඩෑන් බ්‍රවුන්ගේ කතාවල මා දැක ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ ඔහුගේ කතා සත්‍ය සිදුවීම්, සත්‍ය ස්ථාන, සත්‍ය තොරතුරු මත පදනම්ව තිබීමයි. ඒ සත්‍යයේ පදනම ප්‍රබන්ධය ද සත්‍යයැයි පිළිගැනීමට මිනිසුන්ට බල කරන බව හැඟේ. ඔහු බොහෝ සරල සිදුවීම් සරල නාමකරණයන් පවා ඊට හේතුබූතවූ නිධාන කතාවද සමඟ විස්තර කරයි. බොහෝ සුළු සිද්ධීන් වලටත් විශාල තර්කයන් තිබේ. සමහර ඒවා අනවශ්‍ය විස්තර යැයි මට හැඟුණ අවස්ථාද නැත්තේ නොවේ.
එහෙනම් ඔබත් අපායේ සැරිසරා එන්න.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com26tag:blogger.com,1999:blog-4880075285275614382.post-5173328328260501902016-04-26T16:56:00.000+05:302016-04-26T16:56:13.877+05:30මං ආදරෙයි ලැපී.
ලැපී, ලැපා, ලැප්පුව වගේ වචනයකින් අප හුරතලේට ආමන්ත්‍රණය කරන්නෙ අපත් එක්ක යන යන තැන්වල එන, අපේ වැඩ පහසු කරන, අපට විනෝදය සපයන, හෙළුවෙන් 'උකුළ් පරිගණකය' විදිහට හඳුන්වන, අපේම හුරතල් ලැප්ටොප් එකට.
ඕනෑම ලැපී කෙනෙක් ගනිද්දි කිරි ටොයියා වගේ බැබළි බැබළි තිබුනට, ගිනි කසයා වගේ වැඩ කළාට කාලයක් යද්දි ටිකෙන් ටික අබල දුබල වෙලා සදහටම අපිව හැරදාලා යනවා. ලෝකෙ හැමදේම අනිත්‍යය නම් ලැපීටත් ඉතින් එහෙම වෙන්න එපැයි. ඒත් ඕනෑවට එපාවට පාවිච්චි නොකර ආදරයෙන් ලැපීව බලාගත්තොත් එයා හිටපු විදිහටම වැඩි කාලයක් අපි ළඟම ඉඳී. ඉතින් මම අද කියන්න යන්නෙ ලැපීට ආදරය කරන්න පුළුවන් ක්‍රම විස්සක්. මේ ක්‍රම විස්සෙන් අඩුම ගානෙ කීපයක් හෝ අනුගමනය කළොත් ලැපීට දීර්ඝායු ලැබේවි.
කරුණු විස්සට කලින් ලැපී කෙනෙක් අයිති කරගන්න යන කෙනෙකුට වැදගත් වෙන කරුණක් කියන්නම්. ලැපී කෙනෙක් ගන්න යද්දි ගොඩාක් දෙනෙක් හිතනවා පුළුවන් උපරිම අංගෝපාංග තියෙන එකක් ගන්න. හැබැයි ඒක නම් මුදල් අතින් වාසිදායක කාරණාවක් නෙමෙයි. පුලුවන් තරම් උපරිම වැඩ කෑලි තියෙන එකක් ගන්න යන්නෙපා. තමුන් ඒකෙන් කරන්න බලාපොරොත්තු වෙන වැඩේට අදාළ එකක් ගන්න. අපි ඉතින් ආසයි තමයි මගේ ලැපීගේ මේ මේ ෆීචර්ස් තියෙනවා කියලා කියන්න. ඒත් ඒවායින් ඇත්තටම වැඩක් ගන්නෙ නැතිනම් අපරාදෙ ඔයා වියදම් කරන සල්ලි. මම හිතන්නෙ ජංගම වලටත් මේක අදාළයි. මෙතන ඒවගේ තව කාරණාවක් තියෙනවා ලැපී කෙනෙක් ගනිද්දි සැළකිලිමත් වෙන්න ඕනා.
1. අමුතු සද්ද
ලැපී පණගන්වද්දි එක එක අමුතු සද්ද එනවා නම් ඔයාට පුළුවන් වෙච්චි ඉක්මනටම ඒක පළපුරුදු කාර්මිකයෙකුට (ලැප්ටොප් හදන්න දන්න කෙනෙකුට) පෙන්වන්න. වගකීමක් තියෙනවා නම් ගත්තු තැනින්ම ඒ ගැන විමසන්න පුළුවන් වේවි.
පළපුරු කාර්මිකයෙක් කිව්වම මතක් උනේ මගේ පරණ කම්පියුටරේ තියෙන කාලෙත්, පරණ ලැපී තිබ්බ කාලෙත්, දැනුත් හොඳයි කියලා බය නැතුව කියන්න පුළුවන් කෙනෙක් නම් හම්බෙලා නෑ. එක්කෝ හරි කියලා දුන්නම ගෙදර ගිහින් වැඩ කරන්නේ නෑ. නැත්නම් පොඩි දෙයක් උනත් හදන්න අවුරුදු ගානක් යනවා. නැත්නම් අද හදන්නම් හෙට හදන්නම් කියලා කල් අරන් අන්තිමට වැඩේ කෙරෙන්නෙත් නෑ. ඒක නිසා කාවහරි රෙකමදාරු කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් මෙතන සඳහන් කළාට වරදක් නෑ.
ඕනෑම උපකරණයක් ලෙඩ දීගෙන එද්දි පිළියම් නොකර දිගටම දුවනවා කියන්නෙ තවත් ලෙඩ ගොඩකට අත වැනීමක්. ඒක හින්දා සද්ද බද්ද ඇහෙන්න ගත්තු ගමන් කාරණාව හොයලා බලන්න.
2. බැටරිය
අන්තර්ජාලය පිරික්සද්දී ලැපීගේ බැටරි භාවිතය ගැන එකිනෙකට ප්‍රතිවිරුද්ධ කතා දෙකක් තිබුනා.
එකක තිබුනේ බැටරිය සීයට සීයක් චාර්ජ් උනාම විදුලි සැපයුම නවත්වන එකයි, ආයෙ බින්දුවට ගියාම සම්බන්ධ කරන එකයි පලකට නැති දෙයක් විදිහට. එතන කියලා තිබ්බෙ අලුතෙන් එන ලැප්ටොප් වල ඕනෑවට වඩා චාර්ජ් වෙන එක නවත්වන්න ක්රමෝපායන් අඩංගු හින්දා සැපයුම විසන්ධි කරන එක තේරුමක් නෑ කියලායි. ඔවුන්ට අනුව බැටරියකට ඇත්තේ නියත චාර්ජ්-ඩිස්චාර්ජ් වෙන වාර ගණනක්. ඉතින් මේ විදිහට කලොත් ඉක්මණින්ම ඒ වාර ගණන අවසන් වෙනවලු.
නමුත් මගේ යාලුවො කීපදෙනෙකුගේම ලැපීලා විදුලි සැපයුමේ තියාගෙනම පාවිච්චි කරලා ටික කාලෙකින් ඒක නැතුවම බැරිවෙච්චි හින්දා මම විශ්වාස කරන්නෙ අනික් මතය. ඒ කිව්වෙ සම්පූර්ණයෙන් චාර්ජ් උනාම ගළවන එකයි, චාර්ජ් අඩු උනාම ආයෙ සම්බන්ධ කරන එකයි. මේ මතය වෙනුවෙන් පෙනී හිටින අය කියලා තිබුනෙ මෙතනදි සම්පූර්ණයෙන් චාර්ජ් වෙනකන් තියෙන එකත් සම්පූර්ණයෙන් ඩිස්චාර්ජ් වෙනකන් තියෙන එකත් දෙකම වැරදි කියලා. ඔවුන්ට අනුව සීයට අසූවක් පිරුනම විසන්ධි කරන්න ඕනා. සීයට හතලිහකට අඩු උනාම ආයෙම සම්බන්ධ කරන්න ඕනා විදුලි සැපයුම.
ඉතින් මගේ ලැපීගෙ අනතුරු ඇඟවීමේ මැසේජ් එක සීයට හතලිහේදි එන්න හදලා තියෙන්නෙ. එතකොට විදුලි සැපයුම විසන්ධි කරනවා. ඒත් සම්පූර්ණයෙන් චාර්ජ් උනාම මැසේජ් එකක් එන්නෙ නැති හින්දා මම මෙහෙම වැඩක් කළා.
ඉතින් මම තවදුරටත් හොයාගෙන යනවා හරි ක්‍රමය මොකක්ද කියලා.
3. අමතර කී බෝර්ඩ් එකක් මවුස් එකක්
කී බෝර්ඩ් ආවරණයක්
ලැපීගේ ගොඩක්ම හානියට පත්වෙන තැනක් තමයි කී බෝර්ඩ් එක. මේ දවස්වල තියෙන දූවිල්ලත් එක්ක මගෙ ලැපීත් කොච්චර පිහ දැම්මත් දවසින් දෙකෙන් ආයෙ දූවිලි පිරිලා. ඉතින් මේ දූවිල්ලෙන් වෙන හානිය අවම කරගන්නත් ඇඟිලි වල තැවරිලා ඇති කුණු, දූවිලි, දහදියෙන් වෙන හානිය අවම කරගන්නත් කී බෝර්ඩ් ආවරණයක් යොදාගන්න එක තමයි හොඳම දේ.
ඊට අමතරව වෙනත් කී බෝර්ඩ් එකක් මවුස් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් ආරක්ෂිතයි. රුපියල් දාහක් වගේ මුදලකට හොඳ තත්වයේ කී බෝර්ඩ් එකක් මවුස් එකක් ගන්න පුළුවන්. මමත් අමතර කී බෝර්ඩ් එකක් මවුස් එකක් පාවිච්චි කළත් සමහර වෙලාවට එව්වා සවිකරගන්න කම්මැලි හිතෙනවා. ඒත් ලැපීට ආදරෙයි නම් ඒවගේ කම්මැලිකම් කරන්න බෑ.
4. කෑම බීම
ලැප්ටොප් එක එක්ක වැඩකරද්දි කෑම බීම ලං නොකර ගන්නවා නම් තමා වඩාත් හොඳ. අපි කොච්චර පරිස්සමෙන් කෑවත් බිව්වත් අපිට නොපෙනෙන කූඹීන්ට පේන තරම් කුඩා කැබලි ලැප්ටොප් එක මත රැඳෙන්න පුළුවන්. අනික අතේ ගෑවෙන එව්වා ඉබේම කී බෝර්ඩ් එකෙයි මවුස් එකෙයි තැන්පත් වෙනවා. ඒ වගේම හදිසියේ බීමක් එහෙම පෙරලුනොත් ආයෙ ගන්න දෙයක් නෑ.
5. ඇත්තටම එහා මෙහා ගෙනිච්චැකිද?
මේක ඇහුවමනම් පුදුම හිතෙයි. ලැපී ඔන් කරගෙන එහා මෙහා ගෙනියන එක චලනය කරන එක හොඳ නෑලු. මේක මම නිතරම කරන දෙයක්. අනික ලැප් එකක් කියන්නෙ එහා මෙහා ගෙනියන දෙයක් හින්දා එච්චර හිතුවෙත් නෑ. ඒත් ඔන් කරගෙන එහා මෙහා යන්න එපාලු.
6. Defragmentation
අපේ ලැපීගේ ෆයිල් සිස්ටම් එක වැඩකරන විදිහ අනුව කාලයක් යද්දි හාර්ඩ් ඩිස්ක් එකේ කාර්යක්ෂමතාව අඩුවෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් කාලෙකට සැරයක් Defragmentation කරන්න පුළුවන් නම් මේ අපහසුතාවයෙන් මිදෙන්න පුළුවන්. හැබැයි මෙහෙම කරන්න කලින් බලන්න ඕනෙ ඔයාගෙ ලැපට තියෙන්නෙ SSD හාර්ඩ් ඩිස්ක් එකක්ද කියලා. එහෙම නම් ඒකෙන් වෙන්නෙ හාර්ඩ් ඩිස්ක් එකේ ආයු කාලය අඩුවෙන එක.
වෙනත් වචනවලින් කිව්වොත් SSD එකක් නම් කරන්න හොඳ නෑ.
7. පවර් ඔප්ශන් හරියට පාවිච්චි කරන්න
පවර් ඔප්ශන් හරියට පාවිච්චි කරන්න දැනගෙන හිටීමත් ගොඩක් වැදගත්. ඒක ලැපීගෙ බැටරියේ ආයු කාලය විතරක් නෙමෙයි හාර්ඩ් ඩිස්ක් එකේ, ඩිස්ප්ලේ එකේ වගේම CPU එකෙත් ආයු කාලය වැඩි කරනවා.
දැන් හැමෝම දන්න කාරණයක්නෙ ස්ක්‍රීන් සේවර් එක බලශක්තිය අපතේ යවන බව. සමහර කාර්යාල වල පාවිච්චි කිරීම තහනම් කරලාත් තියෙන්නෙ.
වර්තමානයේ ඩිස්ප්ලේ එක ආයේ පණගැන්වෙන්න වැඩි විදුලියක් නොගන්නා නිසා කිසිඳු ක්‍රියාකාරකමක් නැති විනාඩි පහකට පස්සේ ඉබේම ක්‍රියාවිරහිත වෙන්න සකසන එක හොඳයි. විනාඩි පහළවකින් පසු ස්ලීප් වෙන්නත් තිහකින් පසු හයිබර්නේට් වෙන්නත් සැකසීම ලැපීගේ ආයු කාලය වැඩිකරනවා.
8. නැමුවා දැම්මා
වැඩ රාජකාරි අධික, කම්මැලි අපි ගොඩක් වෙලාවට කරන්නෙ වැඩ ඉවරකරපු ගමන් එක්කො ලැපී ශට් ඩවුන් වෙන්න දාලා, ශට් ඩවුන් වෙන්න කලින්ම නමලා බෑග් එකට දාන එක. නැත්නම් නිකම්ම නමලා බෑග් එකට දාන එක. ඒකත් හරියට වැඩ කරන ලැප්ටොප් එකක් අරගෙන එහා මෙහා යනවා වගේ වැඩක් තමයි.
මීට පස්සෙ ලැපී සම්පූර්ණයෙන් ශට් ඩවුන් වෙලා ටිකක් රස්නෙ පිටවුනාට පස්සෙ බෑග් එකට දාන්න.
9. ලෙඩ හෙවීම
මේක ලියන මමත් බොහෝ වෙලාවට කියවන ඔයාත් පුරුදු වෙලා ඉන්නෙ ලැපීට ලෙඩක් හැදුනාම බේත් හොයන්න යන්නනෙ. ඒත් ඇත්තටම ආදරේ නම් ලෙඩවෙනකම් ඉන්න එපාලු. ලෙඩක් තිබ්බත් නොතිබ්බත් කාලෙකට සැරයක් (මාස 6කට පාරක්) පළපුරුදු කෙනෙක් ලවා ලැපී පරීක්ෂා කරවා ගන්නලු.
10. සමතල මතුපිටක්
අමතර සිසිලන පංකා
වැඩකරගෙන යනකොට ලැපී රත්වෙන එක හැමෝම දන්න දෙයක්නෙ. සමහර එව්වල රොටී පුච්චගෙන කන්නත් පුලුවන්. සමහර එව්වා උෂ්ණත්වය යම් මට්ටකදි ඉබේම ඕෆ් එනවා. සමහර එව්ව නිහඬවම අවසන් ගමන් යනවා.
ඉතින් ලැපී පාවිච්චි කරද්දි සිසිලන පංකා අවහිර වෙන විදිහට පාවිච්චි කරන්න එපා. එතකොට සිසිල් වෙන ටිකත් සිසිල් වෙන්නෙ නෑ. සමහරු අමතර සිසිලන පංකාත් සවිකරනවා.
අමතර පංකා පාවිච්චි කළත් නැතත් විශේෂයෙන් සමතල මතුපිටක් නැති තැන්වල තියාගෙන පාවිච්චි කරන්න එපා. අනික තමයි ඇඳන් උඩ, රෙදි වගේ සුමුදු මතුපිටක් උඩ තියාගන්න හොඳම නෑ. පුළුවන් තරම් හොඳින් වාතාශ්‍රය ලබෙන තැනක ඉඳන් පාවිච්චි කරන්න.
11. ඇකිලීම දිග ඇරීම
ඊළඟ වැදගත්ම දේ තමයි ලැපී නියමාකාරයට අකුලනවද දිග අරිනවද කියන එක. ඒක බලන්න පුළුවන් පහළ වීඩියෝ එකෙන්.
ඒ කොහොම වෙතත් විශේෂයෙන්ම කියවෙන කාරණාව තමයි ලැපීගෙ ස්ක්‍රීන් එක අල්ලන්න එපා කියන එක. ඒ වගේම අනවශ්‍ය නැමීම් දිග ඇරීම් හින්දා ලැපීගේ සරනේරු වලට හානි සිද්ධවෙලා කෑලි දෙක අතට එන්න පුළුවන්. එහෙම වුනා මගෙ යාළුවෙකුගෙ ලැප් එකකටත්.
12. පවර් කෝඩ් ඇඹරිල්ල
ඔයා ලැපීගේ පවර් කෝඩ් එක එහෙට මෙහෙට නමන අඹරන එක එක දේවල් වල ඔතන කෙනෙක් නම් ළඟදීම ඔයාට ඒකට විපාක විදින්න වෙයි. ලැප් එහා මෙහා ගිනියන්න පහසුවෙන්න බර අඩුකරගන්න ඕනෑ හින්දා වයරුත් පුලුවන් තරම් තුනී කරලා හදලා තියෙන්නෙ. ඉතින් හිතෙන හිතෙන විදිහට අඹරන්න දිග අරින්න ගියාම හිතනවාට වඩා කලින් වයර් ටික සෙට්ටපෝච්චි වෙයි.
පාවිච්චියෙන් පස්සෙ වෙල්ක්රො කෑල්ල පාවිච්චි කරලා, ගනිද්දි තිබ්බ විදිහටම වයර් ටික අකුලලා තියන්න ඕනා. සමහරු power adapter එක වටේට කේබල් ඔතලා කරගන්නෙත් මේ ටිකම තමයි.
13. ආරක්ෂිත බෑග් එකක දාගන්න
ලැපී කොහෙහරි ගෙනියනවා නම් ආරක්ෂිත බෑග් එකක් හොඳින් අසුරලා ගෙනියන එක තමයි වඩාත් හොඳ. ආරක්ෂිත බෑග් එකක් කිව්වෙ ලැප්ටොප් එකක් දාගෙන යන්න පුළුවන් ඕනෑම බෑග් එකක් මේකට හරි යන්නෙ නෑ. ලැප්ටොප් බෑග් එකක් කියලා කඩේ විකුණන්න තිබ්බත් අපි බලන්න ඕනෙ ඇත්තම ආරක්ෂාවක් බෑග් එකෙන් ලැබෙනවද කියලා.
මේ වගේ එකක් හොඳයි
සමහර බෑග් කුශන් කරලා තිබ්බට ගොඩක් වෙලාවට උඩිනුයි යටිනුයි ආරක්ෂාවක් දෙන්නෙ නෑ. හිතන්නකො එහෙම බෑග් එකක් එල්ලගෙන ඉද්දි කඩන් වැටුනොත් මොනවගේ තත්වයක් උදාවෙයිද කියලා.
ඒක නිසා බෑග් එකකට දාන්න පෙර ප්‍රමාණවත් තරම් කුශන් කරපු වෙනම කවරයක දානවනම් ගොඩක් හොඳයි. එතකොට බෑග් එක ඇතුලෙ තියෙන වෙනත් දේවලින් හානියක් වෙන්නෙත් නෑ. මොකද ලැපීගෙ බෑග් එක කිව්වට සමහරු රටේ නැති දේවල් ඔක්කොම මේකට ඔබනවා.
ලැපී ගෙනියද්දි මට අමතකම වෙන දෙයක් තමයි වාහනේ සීට් එක උඩ තියන් යන එක. හදිසි බ්රේක් පාරකින් බිම වැටුනම තමයි මතක් වෙන්නෙ.
14. සීරු මාරු කිරීම
15. අවශ්‍ය දේවල් විතරක්
බලන් යද්දි බබෙක් බලනවටත් වඩා අමාරුයි ලැපීව බලාගන්න එක.
මූලාශ්‍ර :
http://www.itbusinessedge.com/<wbr></wbr>slideshows/show.aspx?c=81768&<wbr></wbr>slide=2
http://www.makeuseof.com/tag/<wbr></wbr>5-ways-utterly-destroy-laptop-<wbr></wbr>slowly-surely/
http://news.bbc.co.uk/2/hi/<wbr></wbr>7377002.stm
http://www.makeuseof.com/tag/<wbr></wbr>spring-cleaning-checklist-pc-<wbr></wbr>part-1-hardware-cleaning/
http://www.inc.com/guides/<wbr></wbr>201102/how-to-extend-your-<wbr></wbr>laptops-life.html
http://www.pcworld.com/<wbr></wbr>article/2137500/laptop-<wbr></wbr>makeover-5-ways-to-extend-its-<wbr></wbr>useful-life.html
http://www.pcworld.com/<wbr></wbr>article/2137366/7-easy-tips-<wbr></wbr>to-extend-your-pcs-lifespan.<wbr></wbr>html
http://www.pcmag.com/article2/<wbr></wbr>0,2817,2329548,00.asp
https://callnerds.com/<wbr></wbr>increase-laptop-lifespan/
http://www.thewindowsclub.com/<wbr></wbr>increase-lifespan-laptop
http://www.wikihow.com/Extend-<wbr></wbr>Laptop-Battery-Life
http://www.wikihow.com/Extend-<wbr></wbr>Your-Computer's-Life
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com26tag:blogger.com,1999:blog-4880075285275614382.post-67729450615692971422016-04-19T22:07:00.001+05:302016-04-19T22:07:38.064+05:30ඉන්නන් යන්නන් කරමු
මීට ටික කාලෙකට කලින් අපේ අම්මගෙ අතේ ඉන්නෙක් ඇතිවෙලා තිබුනා. අම්මා නම් කිව්වෙ ඉන්නෝ තිබ්බ කාගෙන් හරි බෝවෙලා කියලා. බෝවීම බෝ නොවීම කෙසේවෙතත් තියෙන ඉන්නෙක් යවාගන්න තියෙනවා නම් ඒක ලොකු දෙයක්නෙ නේද? මම අහලා තියෙනවා සමහරු ඉන්නන් යවාගන්න රුපියල් දහස් ගණන් වැය කරන බව.
අපේ අම්මා මේ ඉන්නට ප්‍රතිකාර ගන්න දන්න හඳුනන වෙද මහත්මයෙක් ළඟට ගියාම එයා ඉන්නෝ වෙදකමේ පළපුරුදු වෙනත් වෙද මහත්මයෙක් ළඟට යන්න උපදෙස් දීලා තිබුණා. ඒත් අම්මලා පාර වැරදිලා ගිහින් තියෙන්නෙ වෙනත් වෙද ගෙදරක. ඒ කොහොමවෙතත් හම්බුන වෙද මහත්මයා දුන්න ප්‍රතිකාරෙන් පැය විසිහතරක් යද්දි ඉන්නා හිටපු තැනක්වත් හොයාගන්න බැරිවෙන්නම අතුරුදහන් උනා.
ඒ වෙදමහත්මයා දුන්න ප්‍රතිකාරය තමයි අනිත්ත කොළ ටිකක් අරගෙන දෙහි ඇඹුලෙන් උඅරච්චි කරලා ඉන්නා ඉන්න තැන දවසක්ම බැඳලා තියාගන්න එක. අම්මා නම් කිව්වෙ එහෙම කළාම ටිකක් ඔළුව කැක්කුම වගේ ගතියකුත් ආවා කියලා ඒකෙ සැරට. කොහොම උනත් ප්‍රතිකාරය හරියටම හරි.
පහළ පින්තූරෙ තියෙන්නෙ අනිත්ත ගහක්. මේ ගහ හඳුනාගන්න තියෙන ලේසිම විදිහය තමයි සුදු පාට තාරාවෙක් (හංසයෙක්, පාත්තයෙක්) වගේ මලක් පිපෙන එක.
කැමති කෙනෙක් ඉන්නවා නම් අත්හදා බලන්න.
අනිත්ත මල්
අනිත්ත ගහ
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com27tag:blogger.com,1999:blog-4880075285275614382.post-30040180859857398252016-03-17T19:12:00.001+05:302016-03-17T19:12:52.704+05:30කුළුඳුල් කොණ්ඩ කැපීම
පහුගිය ඉරිදා උදේ වටින් ගොඩින් එළිය වැටීගෙන එද්දි අපි හැමෝම ලෑස්ති උනේ විශේෂ ගමනක් යන්න. අපේ චුටි පුතාගෙ කොණ්ඩෙ කපාගෙන එන්න යන්න. කොණ්ඩ කපාගෙන එන්න යන එක විශේෂ ගමනක් වෙන්නෙ කොහොමද කියන එක ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. මේක එයාගෙ පළමුවෙනි කොණ්ඩ කැපීම. ඒ උනත් ඒකෙත් විශේෂයක් නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් මේ කෙටි ලිපිය ලියන්නෙ ඒ ගන පොඩි විස්තරයක් කරන්න.
සම්ප්රදායක් විදිහට කතෝලිකයෝ තමුන්ගෙ දරුවන්ගෙ කොණ්ඩෙ කපන්නෙ පල්ලියකදි. මේක පොඩි කාලෙ බව්තීස්ම කරනවා වගේ කතෝලිකයන් අනිවාර්යෙන් කළයුතු දෙයක් හෝ නිල වශයෙන් පිළිගන්නා දෙයක් හෝ නෙමෙයි. මේක පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්රදායක් විදිහට කරගෙන යන දෙයක් වගේ. මේ විදිහට පල්ලියකදී මුලින්ම කොණ්ඩෙ නොකපන අයත් ඇති.
ගොඩක් දෙනෙක් මේ සඳහා තෝරාගන්නෙ ගර්භවාස දේවමාතාවන්ට (Mother of Expectation) කැපකළ දේවස්ථානයක්. මීගමුව කොච්චිකඩේ පැත්තෙත් ළදරුවන්ගේ කොණ්ඩ කැපීමට ප්‍රසිද්ධ දේවස්ථානයක් තිබුනත් අපේ පරම්පරාවෙම කොණ්ඩෙ ඉස් ඉස්සෙල්ලාම කපලා තියෙන්නෙ මට්ටක්කුලියේ ගර්භවාස පල්ලියේ තමයි.
මට්ටක්කුලියේ ගර්භවාස පල්ලිය
මට්ටක්කුලියේ ගර්භවාස පල්ලිය අවුරුදු එකසිය පනහකට වඩා ඉතිහාසයක් තියෙන පල්ලියක්. කුඩා ළමුන්ගෙ කොණ්ඩා කැපීමට පැමිණෙනවාට අමතරව දරු ප්‍රසුතීන් සඳහා පිහිට උපකාර පතාත් ජනතාව මේ පල්ලියට එනවලු.
ළමුන් තබන තොටිල්ල
අපි යනකොටත් ළමුන් කිහිපදෙනෙකුගේ කොණ්ඩ කපනු දකින්නට තිබුණා. අපේ පුතාගේ කොණ්ඩ කැපීමෙන් පස්සෙ වී කුරුල්ලො රංචුවක් නිදහස් කරන්නත් අමතක කෙළේ නෑ. එහෙම කරන්නේ ඇයි කියන්න හේතුවක් දන්නේ නැතත් කාලයක ඉඳන්ම මිනිස්සු කුරුල්ලො නිදහස් කරනවාලු. වී කුරුල්ලො ටිකට ඉගිල්ලිලා නොපෙනී යන්න තත්පර දෙකක්වත් යන්න නැතුව ඇති.
ගර්භවාස දේවමාතා පිළිරුවක්
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com35tag:blogger.com,1999:blog-4880075285275614382.post-16021320993416955722016-02-14T11:01:00.004+05:302016-02-14T11:01:40.158+05:30බලාපොරොත්තු
බලාපොරොත්තු, මම කොහෙන් හෝ අහලා තියෙන විදිහට බලාපොරොත්තු මිනිසුන්ව ජීවත් කරවනවා. එහෙම නැත්නම් මිනිසුන් ජීවත් වෙන්නේ බලාපොරොත්තු මත. ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම්ම මිනිසුන්ට කියලාත් කොච්චර නම් බලාපොරොත්තු තියෙනවාද? තමුන්ට ජීවත් වෙන්න ඕනෙ මව්කිරි ටික පොඩි එකෙක් බලාපොරොත්තු වෙන්නෙ මෙලෝ දෙයක් ගැන තේරුම් ගන්නත් ඉස්සරවෙලා. ඒ එක්කම අම්මගෙ තාත්තගෙ උණුහුමත් රැකවරණයත් ආදරයත් බලාපොරොත්තු වෙන්නෙ තමන්ට ඉන්න එකම පිළිසරණය ඔවුන් බව කවුරුහරි තේරුම් කරලා දීලා වගෙයි.
ඇබින්දක් ලොකු වෙච්චි ගමන්ම සෙල්ලම් බඩු, ආසාකරන කෑම බීම, ලස්සන ඇඳුම් පැළඳුම් බලාපොරොත්තු වෙනවා. ඇයි? වැඩට ගිය තාත්තා ගෙදර එන්නෙ කොයි වෙලාවෙද කියලා බලාපොරොත්තුවෙන එක. ඊටත් වඩා තාත්තා මොනවද අද අරගෙන එන්නෙ කියලා බලාපොරොත්තු වෙන එක.
චූට්ට චූට්ට ලොකුවෙලා අවුරුදු තුන හතරක් වෙද්දි ඉස් ඉස්සෙල්ලම මොන්ටිසෝරි, ඉස්කෝලෙ යන එක ගැන හීන මවනවා. පස්සෙ කාලයක් යනකොට ඉස්කෝලෙ කීයටද ඉවරවෙන්නෙ අද අහවල් ටීචර් නො ඒවා කියලා බලාපොරොත්තු ඇති කරගන්නවා. ප්‍රාර්ථනා කර්නවා. එයිනුත් පස්සෙ විභාග සමත් වෙන්න, හොඳ රැකියාවක් කරන්න, කසාදයක් බැඳගන්න ආදී මෙකී නොකී කාරණා ගොඩක් ගැන අපි බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නවා.
මුළු ජීවිත කාලය පුරාවටම බලාපොරොත්තු වල නිමක් නෑ. එහෙම බැලුවම ජීවිත ජීවත් කරන්නෙ බලාපොරොත්තු නෙවෙයිද?
බලාපොරොත්තුත් ලොකු, පොඩි; වැදගත්,නොවැදගත් ආදී වශයෙන් වර්ග කරන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේදි ඇතිවන සුළු සුළු බලාපොරොත්තු ඇරුණාම ජීවිතයට අරමුණක් දෙන, ජීවිතය අලුත් කරන ජීවිතය වෙනස් කරන වැදගත් බලාපොරොත්තුත් තියෙන්න පුළුවන්.
දරුවෙකුගේ අම්මෙක් තාත්තෙක් වෙනවා කියන්නෙත් අන්න ඒ වගේ ඉතා වැදගත් බලාපොරොත්තුවක්. කොටින්ම තව ජීවිතයකට ජීවය දෙන, තව බලාපොරොත්තු ගොන්නක් උපද්දවන බලාපොරොත්තුවක්. තමුන් මවෙක් හෝ පියෙක් වෙන්න යනවා කියලා හරියටම දැනගත්තු මොහොතේ ඉඳන් ඒ දෙමව්පියෝ තමන් ගැනත් තම දරුවා ගැනත් මොන මොන දේවල් හිතනවා ඇද්ද? දැරුවා කරදරයකින් තොරව මෙලොවට බිහිවේවා කියලා හිතන එක ඇරුණාම මොන මොන දෙවල් බලාපොරොත්තු වෙනවා ඇද්ද?
දරුවා අනාගතයේදී මොනවගේ දරුවෙක් වෙයිද? අම්මගෙත් තාත්තගේත් ලක්ෂණ කොයි කොයි විදිහට පිහිටයිද? කියලාත් හිතෙනවා ඇති. කොටින්ම මුහුණුවර මොනවගේ වෙයිද? හමේ පාට මොනවගේ වෙයිද? කොණ්ඩේ මොන වගේ වෙයිද? දරුවාගේ ආශාවන් මොනවගේ වෙයිද? ඉස්සරහට මොනවා කරයිද? මේ වගේ සිතුම් පැතුම් රාශියක් ඇති. හැම දෙමාපියෙක්ම දරුවන්ගේ යහපතම පතනවා කියලා හිතුවොත් මේ ඔක්කොම සුන්දර අහිංසක යහපත් බලාපොරොත්තු.
දරුවෙක් ලැබිලා හැදිලා වැඩිලා ලොකු මහත් උනාට පස්සෙ, ඒ දරුවාත්, ඒ දරුවා බලාපොරොත්තු වෙද්දි හෝ කුඩා කාලයේදී ඔහු හෝ ඇය ගැන තිබූ බලාපොරොත්තුත් සංසන්දනය කරලා බලන්න පුළුවන් නම් ඒක දෙමව්පියෙකුට ලබන්න පුළුවන් අපූරු අත්දැකීමක් කියලායි මට නම් හිතෙන්නෙ.
මට අහන්න ලැබුණා එවැනි කතාවක් කියවෙන සුන්දර අර්ථාන්විත ගීතිකාවක්. ගායකයා විමසන්නෙ ජේසුස් වහන්සේගේ අම්මාව. ඔහු අහනවා මරියා ඔබ දැන සිටියාද? එහෙම නැත්නම් ඔබ බලාපොරොත්තු උනාද? ඔබේ කොළු පැටියා මේ මේ දේවල් කරන බව. ඔබේ කොළු පැටියා නිසා ඔබට මේ මේ දේවල් වෙන බව. හරිම ලස්සනයි. අර්ථාන්විතයි.
මරියා ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා ජලය මත ඇවිදින බව
මරියා ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා අපගේ දූ පුතුන් ගළවාගන්නා බව
ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා ඔබව අළුත් කරන බව
ඔබ බිහිකළ දරුවා ඔබවත් ගළවාගන්නා බව
මරියා ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා අන්ධයන්ට පෙනීම දෙන බව
මරියා ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා කුණාටු නවත්වන බව
ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා ආවේ දේව දූතයන් අතරින් බව
දරුවා සිපගන්නා විට සිපගත්තේ දෙවියන් වහන්සේගේ මුහුණ බව
අන්ධයන් පෙනීම ලබාවි
බිහිරන් ඇසීම ලබාවි
මළවුන් නැවත නැගිටීවි
කොරු ඇවිදීවි
ගොළුවන් කතා කරාවි
බැටළු පෝතකයාණන්ගේ ගුණ වයාවි
මරියා ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා මුළු මැවිල්ලේ අධිපතියාණන් බව
මරියා ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා රාජ්‍යයන් පාලනය කරන බව
ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා ස්වර්ගයෙන් පැමිණි බැටළු පෝතකයාණන් බව
ඔබ තුරුලේ නිදන්නේ දෙවියන් වහන්සේ බව
ඔබ හැමගේ සුන්දර අහිංසක යහපත් බලාපොරොත්තු ඉටුවේවා!
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com20tag:blogger.com,1999:blog-4880075285275614382.post-14431953541218536112016-02-10T13:24:00.000+05:302016-02-10T13:25:37.396+05:30දකුණත කරන දෙය වමතට නොදැනේවා
අද අළු බදාදා. කිතුනුවන්ට විශේෂ දවසක්. ඒ ගැන විස්තරය කාලෙකට කලින් මධුරංග කියලා තියෙන නිසා ආයෙ කියන්න යන්නෙ නෑ. ඒත් අදට නියමිත ශු. බයිබල් පාඨය දැකපු වෙලාවෙ මට හිතුනා ඒක හැමෝම එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා.
මෙතන තියෙන්නෙ ජේසුස් වහන්සේ කරපු ප්‍රකාශයක්. හොඳ දේවලට ආගම් බේදයක් නෑනෙ.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com20tag:blogger.com,1999:blog-4880075285275614382.post-45362455453984306272016-02-07T22:45:00.000+05:302016-02-07T22:51:44.766+05:30ලුණුදෙහි නොමිලේ
ගියපාර කෑම වට්ටෝරුව කීදෙනෙක් හදලා බැලුවද? ඕන ඔට්ටුවක් ඒ පෝස්ට් එක කියවපු අයගෙන් සීයට එකක්වත් හදලා බලන්න නැතුව ඇති. කමක් නෑ. එක එක මස් ජාති නොකන/කන එක එක්කෙනාගෙ කැමැත්තනෙ. ඉතින් ඒක හරි හෝ වැරදි කියලා තව කෙනෙක්ව විවේචනය කරන එක හෝ විනිශ්චය කරන එක හරි දෙයක් නෙමෙයි. ඒක නිසා ඒ කෑම හදපු නොහදපු හැමෝටම මෙන්න තවත් කෑමක්. මම හිතනවා ගොඩක් දෙනෙක් හදලා බලන්න උත්සාහ කරයි කියලා.
[1]
ලුණුදෙහි, නම ඇහුවාමත් කටට කෙළ උනනවා නේද? ලුණුදෙහි කියන්නෙ කවුරුත් එපා නොකියන කටට කෙළ උනන කෑමක්. ලුණුදෙහි හදන විදි කීපයක්ම තියෙනවා. ඒත් අද මම කියලා දෙන්න යන්නෙ ,සමහරවිට දන්නවාත් ඇති, කොහොමද ඉවත දමන දෙහි වලින් ලුණුදෙහි හදන්නෙ කියලා. කවුද බොලේ මේ දෙහි ගණන් කාලෙ දෙහි අහක දාන්නෙ? වැරදුනා. ඉවත දමන දෙහි වලින් නෙමෙයි දෙහි ලෙලි වලින්.
ඊට කලින් අපි බලමු ලුණුදෙහි හදන අනෙකුත් ක්‍රම. ඒ කිව්වෙ සාම්ප්‍රදායික ක්‍රම.
අව්වේ වේලන ලුණු දෙහි
මේ ක්‍රමයෙදි කරන්නෙ දෙහි ගෙඩි හතරට පලලා මැද්දට ලුණු කැට පිරවීම. ඊට අමතරව ගෙඩි කීපයක් මිරිකලා අරගෙන දෙහි ඉස්ම ටිකකුත් එකතු කරගන්නවා.
දෙහි ගෙඩි හතරට පලලා මැද්දට ලුණු කැට පිරවීම [2]
ඊළඟට මේ ඔක්කොම හොඳින් වේලෙනකම් දවස් කීපයක් සමහරවිට සති කීපයක් අව්වේ තියනවා. ඊටපස්සෙ දෙහි ඉස්ම හොඳට කැකෑරිලා දෙහිගෙඩි වේලුනාම ඒ ඔක්කොම එක බෝතලේකට අඩුක් කරලා කාලයක් තියෙනවා හොඳට පදම් වෙන්න.
මේ ක්‍රමයෙන් හැදෙන ලුණුදෙහි මට නම් ටිකක් තිත්ත වගේ. ඉතින් මම එච්චර කැමති නෑ මේ ක්‍රමයට.
ක්ෂණික ලුණුදෙහි
මේ ක්‍රමයෙදි දෙහි කිලෝ එකකට ලුණු ග්‍රෑම් 500කුයි සීනි ග්‍රෑම් 250කුයි ඕනෑ. දෙහි ටික පොඩියට කපලා ලුණුයි සීනියි කලවම් කරලා ලිපේ තියනවා. දෙහි ටික බෙරි වෙනකන් හොඳට හැදිගාලා ඊටපස්සෙ උණුවෙන්ම බෝතල්වල අසුරනවා.
සීනි දාන හින්දමද මන්දා මේ ලුණුදෙහි වල මිහිරි රසයකුත් තියෙනවා ඇඹුල් රහත් එක්කම.
මේ තියෙන්නෙ දෙහි ලෙලි ක්‍රමය හෙවත් නොමිලේ ලුණුදෙහි ක්‍රමය
මේ ක්‍රමයෙදි වීදුරු බෝතලයක් අරගෙන ඒකට කෑලි මිරිස් ලුණු විනාකිරි දානවා බාගයක් විතර වැහෙන්න. ඊටපස්සෙ දවස ගානෙ මිරිකන දෙහි ලෙලි ටික දවසින් දවස අර බෝතලේට දානවා.
අපේ ගෙදර බෝතලේ
කාලයක් ගියාටපස්සෙ බෝතලේ පිරුනම ආයෙ කලවම් කරන්න තියෙන්නෙ. නිකම්ම ලුණුදෙහි. හැබැයි සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වෙනවා.
හදලා බලමුද?
පින්තූර
[1]http://srilankans.com.au/sites/default/files/recipe/limepickle.jpg
[2]http://exploresrilanka.lk/wp-content/gallery/lunu-dehi/6-copy.jpg
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com31tag:blogger.com,1999:blog-4880075285275614382.post-74143819017599406832016-02-05T16:10:00.000+05:302016-02-07T22:45:32.059+05:30තහනමට පෙර, කමු.
අපේ රටේ හරක් මැරිල්ලත් තහනම් කරලා පිටරටින් මස් ගෙන්වන්න හදන එකේ දැන්ම මේ කෑම නොකෑවොත් ආයෙ පස්සෙ කන්න වෙන එකක් නෑ. ඉතින් ඒක හින්දා පහුගිය සති අන්තයේ හදපු කෑමක් තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍යය:
1.හරක් මොළ එකයි. උදෙන්ම ගියොත් මස් කඩෙන් ගත්තැකි.
2.බිත්තර දෙකයි
3.කිරි කෝප්ප බාගයයි
4.විස්කෝතු කුඩු කෝප්ප බාගයයි
5.ලුණු ස්වල්පයයි
6.පොල්තෙල්
මුලින්ම වතුර කෝප්ප දෙකක් විතර නටන තෙක් උණුකරගන්න.
ඊටපස්සෙ හොඳට හෝදගත්තු මොළය අරගෙන හිමීට නටන වතුර එකට දමන්න. මේ විදිහට විනාඩි 10ක් විතර මොළය හොඳින් තම්බාගන්න.
ඊටපස්සෙ වතුරෙන් ගොඩ අරගෙන හොඳට නිවෙන්න තියන්න.
ඒ අතරෙ කෝප්ප තුනක් අරගෙන එකකට පාන් පිටිත් අනිකට බිත්තර හා කිරිත් අනිකට විස්කොතු කුඩුත් දාගන්න.
ඊටපස්සෙ කරන්න තියෙන්නෙ මොළය අඟල් දෙකේ දෙකේ කෑලිවලට කපාගන්න එක.
අඟල් දෙකේ දෙකේ කෑලිවලට
කපාගත්තු කෑලි එකින් එක පිටි තවරලා, ඊටපස්සෙ බිත්තර මිශ්‍රණයේ තවරලා විස්කොතු කුඩු දවටාගන්න.
විස්කෝතු කුඩු දැවටීමෙන් පස්සෙ
අන්තිමට හොඳට ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැදගන්න. මතක ඇතුව උණු උණුවෙම ලුණු ටිකක් ඉහළා කෑමට ගන්න.
ම්ම්ම්ම්ම්
මේ තියෙන්නෙ අපි හදපුවා.
පින්තූර ගත්තෙ මෙතනින්
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com25tag:blogger.com,1999:blog-4880075285275614382.post-33873445485751076532016-01-09T11:18:00.001+05:302016-01-09T11:18:16.363+05:30නත්තලේ මෝඩකම්
මීට අවුරුදු ගණනාවකට ඉස්සර අසල්වාසීන් අතර එකමුතුකමක් තිබුන, අසල්වාසීන් හා එකමුතුව නත්තල් අවුරුදු වගේ විශේෂ දවස් බෙදාහදාගෙන සමරපු, කාගෙහරි වැඩකදී අසල්වාසීන් සියලුදෙනාම පාහේ එකතුවෙච්චි, ළමයෙකුව අහළ පහළ ගෙදරක තියලා ගමනක් බිමනක් යන්න පුළුවන්වෙලා තිබ්බ කාලෙ කතාවක් තමයි මේ.
කවදත් හිත හොඳ මනුස්සයෙක් වෙච්ච නිහාල් මාමා ඒ කාලෙ කසාද බැඳලා හිටියෙත් නෑ. ඒ වගේම හතරවටේම ගෙවල්වල ළමයි ලොකු මහත්වෙලා තිබුනෙත් නෑ. නිහාල් මාමලාගේ පවුලෙ අය පොඩි ළමයින්ට ගොඩක් ආදරෙයි. ඉතින් ඒ වටේ පිටේ කවුරුහරි දෙමාපියෙක් ගමනක් බිමනක් යනවා නම් ළමයින්ව නවත්වලා ගියෙ නිහාල් මාමලාගෙ ගෙදර. මමත් පොඩි කාලෙ අම්මලා තාත්තලා නැතිවෙලාවට එහෙ ගෙදර තමයි හිටියෙ.
මට මතකයි දවසක් මම නත්තලට එහෙ ගෙදර ගියා. ඒ ගෙදර නත්තල් ගහ නම් සරසලා තිබ්බා. ඒත් අපේ ගෙදර වගේ ගව මඩුවක් හදලා සුරුවම් තියලා තිබුනෙ නෑ. මම ගවලෙන හොයද්දි නිහාල් මාමා පෙන්නුවා එයාලගෙ ගවලෙනේ. කැඩිච්ච පුටුවක් උඩට පිදුරු දාලා ඒ උඩ ගවලෙනක පින්තූරයක් තියෙන නත්තල් කාර්ඩ් එකක් තියලා තිබුනා. ඒක දැකලා මට හිනා. මට තාම මතකයි මම ඒ දිහා බලපු අවඥාසහගත බැල්ම. මම ගෙදර ඇවිල්ලත් ඒ ගැන කිව්වම අම්මලා කිව්වෙත් ඒ තරම් දෙයක් කරන්නවත් උවමනාවක් නැතිකම හෝ ඔය වගේ ආසන්න හේතුවක් වෙන්න ඕනෙ.
කාලය ගෙවිලා ගියා. 2015 අවුරුද්දෙ නත්තල ලැබුවා. අපේම ගෙදරක හදන පළමුවෙනි ගවලෙන අපි හදමින් හිටියා. හැමදාම පිදුරු මිටි ගෙනැල්ලා කෝටු කෑලි හොයාගෙන ගව මඩුවක් හදලා ඒකෙ සුරුවම් ටික තැන්පත් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද? මම කල්පනා කළා.
ඒ මොහොතෙ තමයි මගේ මතකයට ආවෙ නිහාල් මාමගෙ ගවලෙන. මම මෙච්චර කාලයක් පහුවෙලා හදන්න හිතන වෙනස්ම තාලෙ ගවලෙන නිහාල් මා ඒකාලෙම හදලා තිබුණා නේද කියලා මට හිතුණා. ජේසු උපත නිරූපණය කිරීම තිබෙනවානම් ඕනෑම විදිහක ගවලෙනක් හොඳයි කියලා තේරුම්යන්න ගොඩක් කල් ගිහිල්ලා.එදා මම නිහාල් මාමගෙ ගවලෙනට හිනාවීම ගැන ඇතිවෙන්නෙ දුකක්. කුමන හෝ කාරණාවක් නිසා නිහාල් මාමා ඒ විදිහේ ගවලෙනක් හදන්න ඇති. මට ඒකට සමච්චල් නොකර ඉන්නයි තිබුනෙ.
මේ තියෙන්නෙ ඒ වගේම වෙනත් විදිහෙ ගවලෙන්.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com37tag:blogger.com,1999:blog-4880075285275614382.post-69151477324023013532016-01-06T23:44:00.000+05:302016-01-06T23:44:11.037+05:30පහුගිය අවුරුද්දේ - මෙහෙමයි වැඩ කළේ
මතකද මම ගිය අවුරුද්දෙ ඔයගොල්ලන්ට පොතක් ගැන විස්තරයක් අරගෙන ආවා. පොතේ නම තමයි Getting Things Done. ඒ කිව්වෙ කොහොමද අපි අපිට තියෙන වැඩ අපි ලව්වාම කරවාගන්නෙ කියන එක. මට මතකයි ප්‍රතිචාර දක්වපු සමහර අය ඉල්ලීමක් කරලා තිබුනා වැඩ කරවා ගන්න කලින් පොත කියවා ගන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන ලෙස. පොතේ කතාව පැත්තකින් තියලා, පොත කියෝපු නොකියෝපු හැමෝටම මම පහුගිය අවුරුද්දෙ වැඩ කරගෙන ගියේ කොහොමද කියලා කෙටි සඳහන් කිරීමක් තමයි මේ කරන්න යන්නෙ.
මමත් ඕගොල්ලෝ වගේම මේ පොළවේ පය ගහලා ඉන්න තවත් එක් ජීවියෙක්, මටයි කියලා වෙනසක් නෑ. වැඩක් පටන් ගන්න යද්දි ඒක දැන් කරන්න බෑ පස්සෙ කරමු කියලා හිත කියන වාර ගණන එමටයි. සමහර විට ඔයගොල්ලන්ගේ හිත් එහෙම කියනවට වඩා මගෙ හිත එහෙම කියනවා ඇති. කොහොම උනත් මේ කියන වැඩ පස්සට දැමීමේ සහජ ගතිගුණය නිසාම මම ගොඩාක් වෙලාට වැඩ කලින්ම සැලසුම් කරනවා. ඒක හින්දාම දැන් අවුරුදු කීපයක ඉඳලා මම අවුරුද්දෙ මුලදිම වැඩ ලැයිස්තුවක් හදාගන්නවා. ගොඩක් වෙලාවට ලැයිස්තුව හදලා සමීපතමම අය එක්ක ඒ ගැන සාකච්ඡා කරනවා.
කලින් කලට ඒකට වැඩ එකතු උනත් සමහර වැඩ සෑහෙන කාලෙක ඉඳලා අතපසුවෙවී ආවත් ඒ ලැයිස්තුව නිසා යම් අරමුණක් අවුරුද්දට එකතුවෙනවා කියලයි මට නම් හිතෙන්නෙ. අවුරුද්ද අන්තිමේදි කරලා ඉවර කරපු වැඩ ගැන සතුටකුත් කරන්න බැරිවෙච්චි දේවල් ගැන පුංචි දුකකුත් හිතට ඇතිවෙනවා. මේ තාක් නම් මට සම්පූර්ණයෙන් සතුටුවෙන්න පුළුවන් අවුරුදු නම් ඇවිල්ලා නෑ. ඒත් මම හිතනවා ගොඩාක් උත්සාහ කළොත් හා හොඳින් සැලසුම් කළොත් ඒවාගේම ඒවා අනිවාර්යයෙන් ඉවර කළයුතු දේවල් කියලා හිතුවොත් අවුරුද්ද අවසානයේ හිතට දුකක් ඇති වෙන එකක් නෑ කියලා.
අවුරුද්දෙ වැඩ වගේම දවසේ වැඩ සැලසුම් කිරීමේදීත් මට එල්ලවෙන ලොකුම චෝදනාව තමයි මම මහෞෂධ පණ්ඩිතයෝ වගේ එක දවසකින් නව කෝටියක් වස්තු හොයන්න යනවා කියන එක. ඒ කිව්වෙ පමණට වැඩි එහෙම නැත්නම් ප්‍රායෝගිකව කරන්න බැරිතරම් වැඩ මගේ දෛනික ලැයිස්තුවට එකතු කරගැනීම. ඒක තාමත් මට හදාගන්න බැරිවුන මගේ අතින් වෙන ලොකුම වැරැද්දක්. මේ නිසාම ගොඩාක් මහන්සි උනත් දවස අන්තිමේදී තවත් වැඩ ගොඩක් ඉතිරි බව තමයි ඔළුවට දැනෙන්නෙ. හරියට සුදු පසුබිම නොදැක කළු තිත හොයනවා වගේ. ඒ වැරැද්ද මේ අවුරුද්දෙ නොකරන්න හිතට ගන්න ඕනෙ.
මම සාමාන්‍යයෙන් දෛනිකව මගේ ලැයිස්තුව බලනවා. මට ඕනතැනක ඉඳන් පහසුවෙන් බැලීමේ හා කැපීකෙටීමේ පහසුවට Google Doc එකක් විදිහට තමයි ලැයිස්තුව තියෙන්නෙ. මෙදා ඊටවඩා සාර්ථක ක්‍රමයකට යන්න ඕනා කියලයි හිත කියන්නෙ. මොකද කාලෙන් කාලෙට එකම ලැයිස්තුවට වැඩ එකතු වීමත් එක්ක අවුරුද්ද අවසානයේ නොකළ වැඩ රාශියක් තියෙන්නෙ පුළුවන්, ඒවා කරන්න තරම් ප්‍රමාණවත් කාලයක් නොලැබිච්ච නිසා. ඒක නිසා සිතට දැනෙන දුක අසාධාරණ විදිහට වැඩිවෙන්න පුළුවන්.
ඊළඟට මම ගොඩක් දිනවලට දෛනිකව කළයුතු වැඩ ලැයිස්තුවක් හදාගන්නවා. මේක මම විශ්ව විද්‍යාලයේ යන කාලෙ ඉඳන් උත්සාහ කරලා යන්තම් ගිය අවුරුද්දෙ විතර සෑහෙන සාර්ථකව කළා කියලා කියන්න පුළුවන්. වැඩ සම්පූර්ණ කිරීම නෙමෙයි මම අදහස් කළේ, දිනපතා, දෛනිකව වැඩ ලැයිස්තු ගත කිරීම.
බොහොම ආසාවෙන් බොහෝ වෙලාවට කරගන්න බැරිතරම් වැඩදාලා ලැයිස්තු හැදුවට කරන්න ගියාම තමයි රඟේ තේරෙන්නෙ. හිත එකලාසයක් කරගන්න විදිහක් නෑ සමහර වෙලාවට. කරන්න වැඩ දාහකින් ලැයිස්තුව පිරිලා තියෙද්දිත් එකක්වත් කරන්නට හිතක් නැතුව ඔහේ 'බඩ උලාගෙන' හිටපු දවස් වගේම සතියක වැඩ එක දවසින් කරපුවාත් පහුගිය අවුරුද්දෙ තිබුනා.
මම යූටියුබ් වීඩියෝවක් බැලුවා මොනාද මේ හිත ඇතුලෙන් එන කම්මැලිකම නවත්වන්න කරන්න තියෙන්නෙ කියලා. ඒකෙ හැටියට නම් 'මම මේක අද කරන්නම ඕනෑ මම මේක අද නොකළොත් මට ඒකෙ විපාක හම්බෙයි' කියලා හිතන්නලු තියෙන්නෙ. එක සැරයක් නෙමෙයි වැඩේ කරන්න හිතෙනකම්ම. මුලදි නම් අමාරුවෙයි කියලා තිබ්බා. පස්සෙ හරියයිලු. ඒත් වැඩේ වෙන්නෙ ටික දවසක් යනකොට ඒකත් අමතක වෙන එකනෙ. :)
මම කිව්වනෙ මම දෛනික ලැයිස්තුවක් හදාගන්නවා කියලා. මේකට මම පාවිච්චි කළේ Anydo කියන Android app එක. ඒකෙන් පුළුවන් තමුන්ගෙ වැඩ වර්ගීකරණය කරලා සිහි කැඳවීම් එක්කම තියාගන්න. හැබැයි මම ඊටත් වඩා කොළකෑලි මෙතඩ් එක පාවිච්චි කළා. පැන්සලකුයි පොඩියට ඉරාගත්තු කොළ කෑල්ලකුයි අරගෙන ලියාගන්නවා දවසේ කරන්න ඕනා දේවල්. ඒක ලේසියි මොබිය ඔබ ඔබ ඉන්නවටත් වඩා. අනික අතටත් දැනෙනවා. වෙනස හරියට කිව්වොත් ඊ-බුක් එකකුයි ඇත්ත පොතකුයි කියවනවා වගේ.
Anydo
ඔන්න ඔහොමයි ඉතින් ගිය අවුරුද්දෙ තිබ්බ වැඩ කන්දරාව ටික ටික කරේ. මම ගිය අවුරුද්දෙ ලැයිස්තුව කොතරම් දුරට සාර්ථකද බලලා මේ අවුරුද්දට ලැයිස්තුවක් හදන්න යන ගමන්. ගිහින් එන්නම්.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com20tag:blogger.com,1999:blog-4880075285275614382.post-622612125160206622016-01-04T08:24:00.000+05:302016-01-04T08:24:49.827+05:30අතීතයට මා ගෙනගිය අපූරු භාණ්ඩය
රේසර් පෙට්ටි සිල්වා කොම්පාසුව
පරණ අවුරුද්දේ ගොඩ ගැහිලා තිබ්බ පරණ කුණුකන්දල් හලලා දාලා අලුත් අවුරුද්දට යන්න හිතාගෙන ගෙදර පරණ කුණු කන්දල් අස්පස් කරනකොට 'ටක ටකස්' හඬකුත් එක්ක මොකක්ද මන්දා බිමට වැටුනා. මොකක්ද බැලින්නම් රේසර් පෙට්ටියක් එහෙම නැත්නම් ජංගම රැවුල බෑමේ කට්ටලයක්.
මම ඒක අතට අරගෙන පිහදාලා දිග අරිනකොටම මම හිටියෙ අවුරුදු දහයකට එහා අතීතයේ.
ඒ කාලේ කැඩෙට් උන නහුතෙටම තිබ්බ කාලෙ මම හිටියෙ අපේ ඛන්ඩයේ සැරයන් වෙලා. ඛන්ඩය සමඟ රන්දෙණිගල-රන්ටැඹේ වාර්ෂික ඇගයීම් කඳවුරට සහභාගී වීම සිහිනයක් වගේම අරමුණක් වෙලා තිබුනෙ. ඇගයීම් කඳවුරට සමත්වීමේ පරීක්ෂණයට මුහුණ දීමට අපි බොහෝම කැපවීමෙන් පුහුණුවීම් කළා.
ඒ බොහෝම අමාරුකම් මැද්දේ. ශාරිරික අමාරුකම් වලටත් වඩා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන බවත් හමුදාවට ළමයි යැවෙනු ඇති බවත් කියමින් දෙමව්පියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඇතිවූ බලපෑම් තමයි ගොඩක්ම තිබ්බෙ. ඒ කාලෙ වගේම දැනුත් මට හිතෙන්නෙ අපේ ඛන්ඩභාර ආචාර්යවරයා තත්වය මනාව කළමනාකරණය කලේ නෑ කියලයි. ඒ කොහොම වෙතත් අපේ තිබ්බ ආසාව හින්දම අපි පුහුණුවීම් කරගෙන ගියා.
සරඹ, ශාරිරික අභ්‍යාස වලට අමතරව ශිෂ්‍යභටයින් තව බොහෝ කරුණු කාරණා දැනගෙන ඉන්න ඕනෑ. ඒ අතරින් එකක් තමයි කොම්පස් මාර්ච්. මෙහිදී දෙන ලද දිශාව නිවැරදිව මාලිමාවෙන් සොයාගැනීමත් ඒ ඔස්සේ නියමිත පියවර ගණනක් ගොස් දෙන ලද ඉලක්කය හොයාගැනීමටත් ශිෂ්‍යභටයාට හැකිවියයුතුයි.
කොම්පස් මාර්ච් ගැන විචාරක මහත්මයා ලිවූ මෙම ලිපියේ වැඩිදුර විස්තර ඇති. අපිට ඒ කාලෙ නිර්දේශ වෙලා තිබ්බෙ සිල්වා කොම්පාසුව. කොම්පස් මාර්ච් ගැන ඉගෙන ගැනීමේදී ඛන්ඩයක් මුහුණදෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කොම්පාසු නැතිකම. එක්කෝ කොම්පාසුවක් දෙකක් ඛන්ඩයට මිලදී ගන්න ඕනා නැතිනම් ශිෂ්‍යභට මූලස්ථානයෙන් එකක් අරගෙන ඇවිත් ආපහු භාරදෙන්න ඕනෙ.
විචාරක මහත්මාගෙන් උස්සපු මාලිමාව
සැරින් සැරේ ඔය දෙකම කරනවා කිය කිය හිටපු සෑර් පරීක්ෂණ දිනයට කලින් දවස වෙනතුරුත් කොම්පාසුවක් පැත්ත පළාතෙ අරගෙන ආවෙ නෑ. කොහොමින් කොහොමහරි පහුවෙනිදා මට පරීක්ෂණයට අරගෙන යන්න තිබුණු ඛන්ඩයෙන් බාගෙට බාගයක් කොම්පාසු කියවනවා තියා කොම්පාසුවක් ඇහැකටවත් දැකලා තිබ්බෙ නෑ.
ගෙදර ආපු මට හෙට මාලිමා පරීක්ෂණය අසමත් වෙලා ගිලිහෙන්න නියමිත ලකුණු ගැන ලොකු දුකක් ඇති උනා. මම කල්පනා කළා මාලිමාවක් නැතිඋනත් ඒ වගේ එකක් හරි පෙන්නුවොත් කවදාවත් දැකලා නොතිබ්බ උන්ටත් යමක් කමක් කරන්න පුළුවන් වෙයි කියලා.
එයින් පස්සේ ඇතිවෙච්චි ප්‍රතිඵලේ තමයි උඩ පින්තූරෙ දකින්න තියෙන්නෙ. ඒක හැබෑ එකක් කියලා හිතාගෙන කරපු පුහුණුවීම් නිසා මාලිමා පරීක්ෂණය අපි ගොඩදාගත්තා.
ප.ලි. කලින් ලියපු ශිෂ්‍යභට ලිපිය.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com36tag:blogger.com,1999:blog-4880075285275614382.post-38960000860060789412016-01-02T11:59:00.000+05:302016-01-02T11:59:37.609+05:30කළු තිත (The black dot)
ඉහළ තියෙන පින්තූරය දැක්කාම ඔබට හිතෙන්නෙ මොනවාද? මොහොතක් නිස්කලංකව හිතුවොත් මොනවගේ දේවල් සිතේවිද? ඒ සියල්ල හිතේ තියාගෙන අපි යමු පහළට.
දිනක් සුපුරුදු පරිදි දේශන ශාලාවට පැමිණි මහාචාර්යයවරයා තමුන්ගේ සිසුන් ආමන්ත්‍රණය කළා.
"අද මම ඔයගොල්ලන්ට ක්ෂණික ඇගයීමක් දෙන්න යන්නෙ. ඒකට ලෑස්ති වෙන්න මම විනාඩි 5ක් දෙන්නම්"
කවදත් ඇගයීම් වලට බය සිසුන් වහ වහා එයට සූදානම් උනා. ඊළඟට මහාචාර්යවරයා කළේ ආවරණය කරන ලද ප්‍රශ්න පත්‍ර සිසුන් අතර බෙදාදීමයි.
අවසානයේ ප්‍රශ්න පත්‍රය පෙරළා බලා පිළිතුරු ලිවීම ආරම්භ කිරීමට විධානය ලැබුණා. ඒත් සිසුන් සැවොම පුදුමයට පත්කරමින් එහි තිබුනෙ එක කළු තිතක් පමණක් ඇති හිස් කඩදාසියක්.
සිසුන් ප්‍රශ්නාර්ථයක් ප්‍රදර්ශනය කරමින් මහාචාර්යවරයාගේ මුහුණ බැලුවා. "ඔබට දකින්න තිබෙන දේ විස්තර කරන්න" සිසුන්ට ලැබී තිබුනේ අමාරුම කාර්යයක්. කට පාඩම් කරගත් විෂය කරුණු ලියනවාටත් ගැඹුරින් තේරුම්ගත් විෂය කරුණු ලියනවාටත් වඩා අමාරු වැඩක්.
නියමිත කාලය අවසානයේ මාහාචාර්යතුමා පිළිතුරු පත්‍ර එකතුකරගත්තා. සුපුරුදු පරිදි ඒවාට ලකුණු දීම වෙනුවට ඔහු එකින් එක පිළිතුරු පත්‍රය සිසුන් මැද කියවන්නට උනා.
සිසුන් සියලු දෙනාම කළු තිත බොහොම අපූරුවට විස්තර කර තිබුනා. කළු තිතේ පිහිටීම, හැඩය යනාදිය බොහෝ සිසුන් විශ්ලේෂණය කර තිබුනා.
පිළිතුරු පත්‍ර කියවීම අවසානයේ සිසුන් සාවධානව මහාචාර්යවරයා දෙස බලාසිටින මොහොතක ඔහු තම කටහඬ අවදි කළා.
"මම මේ ඇගයීමට ලකුණු ලබාදෙන්න බලාපොරොත්තු වන්නේ නෑ. ලකුණු වලට වඩා හිතන්න යමක් දෙන එකයි මගේ බලාපොරොත්තුව උනේ. කෝ මේ ළමයි කවුරුත් ලියලා නෑනෙ මේ කඩදාසියේ සුදුවට පේන කොටස ගැන. හැමෝම දැකලා තියෙන්නෙ මේ කළු තිත. හරියට අපි අපේ ජීවිතය ගැන හිතනවා වගේමයි. අපි හිතන්නේම කළු පැල්ලම් ගැන. අපිට තියෙන ලෙඩරෝග, මුදල් හිඟකම, පවුලෙ ගැටළු, යාළු මිත්‍රාදින් සමඟ වන ආරවුල්. ඇත්තටම හිතලා බැලුවොත් මේ කළු පැල්ලම් බොහෝම පොඩියි නේද? අපිට හිමිවෙලා තියෙන දේවල් එක්ක බැලුවාම. තම තමුන්ගෙ ඇස් පොඩ්ඩක් ඔය කළු තිතෙන් එහාට අරගෙන සුදු පාට දිහා බලන්න. තම තමුන්ට ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙන්න. ජීවිතේ හැම මොහොතක්ම සතුටින් බාරගන්න. ජීවිතෙම සතුටින් ඉන්න."
මම ඒ ගෙනාවෙ කාලෙකට කලින් මම අහපු ඉංග්‍රීසි කතාවක සිංහල පරිවර්තනයක්. පෝස්ට් එක අවසාන කරන්න යද්දි තව කතාවක් මතක් උනා.
දවසක් මගේ සගයෙකුයි එයාගෙ අයියයි වාදයක් කළාලු 'ජීවිතයට අවශ්‍යම දේ මොකක්ද? කියලා'
සගයා කියලා තිබුනේ 'නීරෝගිකම' කියලා. කෙතරම් ධනය, දැනුම, සැප සම්පත් කොච්චර තිබුනත් ඒවා විඳින්න තරම් නීරෝගි නොවුනොත් වැඩක් නෑලු.
ඒත් සගයගෙ අයියගෙ මතය 'හිතේ සතුට' කියන එකයි. අයියා යාළුවව පරද්දලා තිබුනේ රෝගීවෙලා හරි හිතේ සතුටින් සැනසීමෙන් ඉන්න පුළුවන් නම් වෙන දෙයක් ඕනෙ නෑ කියලයි.
ඉතින් ඔයාලා හැමොටම කළු තිතෙන් ඇස් පොඩ්ඩක් එහාට අරන් සුදු පැත්ත බලලා සතුටු වෙන්න පුළුවන් සුබ නව වසරක් වේවා!
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com17tag:blogger.com,1999:blog-4880075285275614382.post-45724598708351205122015-11-27T13:38:00.000+05:302015-11-27T13:38:00.408+05:30Hard Work
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com18tag:blogger.com,1999:blog-4880075285275614382.post-80008738537465943392015-10-26T17:21:00.002+05:302016-02-07T22:46:08.970+05:30පාවෙන පොත් නැව
මට මීට ටික කාලෙකට කලින් බුකියේ 'පොත් කියවන අය'ගෙන් හොඳ ඔත්තුවක් ලැබුණා. පොත් ප්රදර්ශනාගාරයක් සමඟ ලොව වටා සැරිසරන 'ලෝගෝස් හෝප්' කියන නැව ඔක්තෝම්බර් මාසෙ 22 වෙනිදා කොළඹ වරායට එනවා කියන එකයි ඒ ආරංචිය.
පොත් නැවක් ඇවිත් ගියා කියන ප්‍රවෘත්තිය කීපපාරක්ම අහලා තිබුනත් කවදාවත් යන්න ලැබුනේ නෑ. මොකද රූපවාහිනී ප්රවෘත්ති වලට උනත් කියන්නෙ 'ප්‍රදර්ශනය හෙටින් අවසන් වේ' කියලනෙ. එක්කෝ ආරංචිය ලැබෙනකොට නැව මූද මැද්දෙ. ඉතින් මේ පාර ආරංචිය දැනගත්තු ගමන්ම ඒ කට්ටියගෙන්ම වැඩි විස්තර අහගත්තා. නැවට යන්නේ කොහොමද? පොත් ලාභද? මොන මොන වේලාවල්වලද ප්‍රදර්ශනය විවෘතව තියෙන්නෙ? ආදී දේවල්. මේ ඔක්කොම විස්තර දැනගත්තට පස්සෙ අපි දෙන්නත් අම්මලාවත් ගමනට එකතු කරගත්තා.
චෛත්‍යය මාවත
පහළින් මම පොඩි සිතියම් කෑල්ලක් දැම්මා නොදන්න කෙනෙකුට දැනගන්න පහසුවෙන්න. නැව බලන්න යනවානම් වරායට ඇතුළුවෙන්න ඕනෙ චෛත්‍යය මාවත පැත්තෙන්. එතන තියෙන ටිකට් කවුන්ටරයෙන් ටිකට් එකක් ගන්න ඕනෙ රුපියල් 100කට. තමුන් පෞද්ගලික වාහනේක යනවානම් ඒ අහළ පහළ වාහනේ ගාල් කරලා නොමිලේ සේවය සපයන බස් රථයකට ගොඩවෙන්න ඕනෙ. මම මෙතනදි දැක්ක දෙයක් තමයි බස් රථයේ සීට් ගානට සෙනඟ පිරෙන්නෙ ඔන්න මෙන්න තියෙද්දි පිටත්වෙලා යන එක. කලින් මේ වගේ ප්‍රදර්ශනවලට යන බස්වල නගින්න ගිහින් පොරකාලා එල්ලිලා යන්න වෙච්ච අත්දැකීම් තිබ්බ මට ඒක නම් ලොකු දෙයක් කියලා හිතුනා. අනිත් එක තමයි වයස 65ට වැඩි අයට මුදල් අය කරන්නෙ නෑ.
බස් එක අපිවත් අරගෙන වරාය තුළට ඇතුළු උනා. ටික වෙලාවකින් මෙන්න තියෙනවා නැව, 'ලෝගෝස් හෝප්'. බස් එකෙන් බැහැලා හිමීට හිමීට පඩිපෙළ දිගේ ජීවිතේ පළවෙනි වරට නැවකට නැග්ගා. නැවට නැග්ගට පස්සෙ පැද්දි පැද්දි යන්න වෙයි කියලා හිතුවට මේ ඉන්නෙ නැවකද කියලා හිතාගන්න බැරිතරමට ස්ථාවරයි. :) මදෑ හෙල්ලි හෙල්ලි පොත්ගන්න ආවා.
නැවේ තිබුනේ පොත් හා සිහිවටන තමයි ගොඩක් දුරට. මිල නියම කරලා තිබුනේ වෙනම ඒකක වලින් ඒ එක් ඒකකකයක් ලංකාවේ මුදල් වලට හරවන්න 3න් වැඩි කරන්න ඕනෙ.
නැවේ තිබුනු බහුතරයක් පොත් ඉංග්‍රීසියෙන් ලියවෙච්චි එව්වා. අතරින් පතර සිංහල පොත් කිහිපයක් තිබුනත් ඒ සියල්ලම පාහේ ක්‍රිස්තියානි ආගමික ග්රන්ථ. මෙතන පොත් අතර තිබුනු විශේෂත්වය තමයි ප්‍රබන්ධ කතා වලට වඩා වෙනත් පොත් බහුලව දකින්නට ලැබීම. පුංචි ළමයින්ගේ පොත් එකතුවේ ඇරෙන්න අනික් තැන්වල ප්‍රබන්ධ ලෙස සැළකිය හැකි කතා තිබුනෙ ඉතා ස්වල්පයයි.
පොත්
බහුලවම තිබුනෙ වෙනත් පොත්. ඒ කිව්වෙ උද්‍යාන අලංකරණය , විලාසිතා , සෞඛ්‍යය , ක්‍රීඩා, විනෝදාංශ, ආගමික, සුපශාස්ත්‍ර, කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ගණනාවක වෛවර්ණයෙන් මුද්‍රණය වෙච්ච පොත් ගණනාවක්ම තිබුනා. මට හිතුණු හැටියට නම් ඒ පොත්වල මිල ලංකාවේදී ඒ පොත් මිලදී ගැනීමට යන මුදලට වඩා අඩුයි. ඒත් සාමාන්‍යයෙන් එවැනි විෂයන් සම්බන්ධ පොත්පත් ලාංකිකයන් පරිහරණය කරනවා අඩුයි කියලයි මට හිතෙන්නෙ. සරලවම කිව්වොත් නිකම් කියවලා රසවිඳිනවාට වඩා ඒ පොත උපකාරී කරගෙන යම් ක්‍රියාවක් කරන්න ඕනෙ පොත් පත් තමයි බහුලවම තිබුනෙ.
පොත් හැරුනාම එතන තිබුනු සිහිවටන වල මිල ගණන් නම් වැඩී කියලයි මට හිතෙන්නෙ. සාමාන්‍ය පින්තූර පෝස්ට්කාර්ඩ් එකකුත් රුපියල් 75ක් විතර උනා.
මමත් පොත්පත් කිහිපයක්ම මිලට ගත්තා. විශේෂයෙන් මිලදී ගත් විශ්වකෝෂය රුපියල් 1500කට වඩා වැඩි දැනුමක් ලබාදෙනු නොඅනුමානයි.
පොත්පත් මිලදී ගැනීමේ කුටියෙන් පස්සෙ තිබුනෙ පින්තූර කතාවක් සහිත කුටියකට. එතන මුළු කතාවම අහන්න නොහිටියත් පින්තූර වලින් තේරුනේ වර්තමාන අකීකරු පුත්‍රයෙකුගේ කතාවක් වගේ. ඊළඟට තිබුනේ ආපනශාලාව. එතනදී අපි අසලට ආපු නැවේ කාර්යය මණ්ඩලයේ පුද්ගලයෙක් බොහොම සුහදව විස්තර ඇහුවා. ඔහු කියූ පරිදි නැවත නැව මෙහි පැමිණීමට තව අවුරුදු හයක් හෝ හතක් ගතවේවි.
ඔක්කොම ඉවරවෙලා නැවෙන් එළියට එද්දිම තිබ්බ ධාරානිපාත වර්ෂාව හින්දා වරාය අවට වැඩියමක් බලාගැනීමට ලැබුනේ නෑ.
තව කල් තියෙන නිසා කැමති අයට පුළුවන් නැව බලන්න යන්න. එහෙම බැරි අය මෙතනින් නැව ඇතුලේ සවාරියක් ගිහින් එන්න.
හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com39