tag:blogger.com,1999:blog-4880075285275614382.post6891566281306091174..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: ජේසුස් වහන්සේගේ මරණයහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-4880075285275614382.post-32748808480987411392013-09-09T19:22:21.363+05:302013-09-09T19:22:21.363+05:30Holy Chalice හා Holy Grail සම්බන්ධ කතා ඔක්කොම වගේ ...Holy Chalice හා Holy Grail සම්බන්ධ කතා ඔක්කොම වගේ පුරාවෘත්ත මට්ටමේයි පවතින්නෙ.

Holy Chalice කියලා හඳුවන්නෙ ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී වයින් බොන්න පාවිච්චි කරපු භාජනයටයි. ඇත්තම භාජනය කොහේ තියෙනවාදයි කියන්න හරියටම දන්නේ නැති වුනත් පුරාවෘත්ත වල ඒ සම්බන්ධ කතා රාශියක් තියෙනවා. එ වගේම Holy Chalice තමන් සතු යැයි කියන අයත් ඉන්නවා.

Holy Grail කියන්නෙත් කුසලානක්. මේක Holy Chalice එකට වඩා මධ්‍යතන යුගයේ පුරාවෘහ්ත වල යෙදිලා තියෙනවා. නයිට්වරු, රජවරු ඒක ලබාගන්න උත්සාහ කළ හැටි ගැනත් ආරක්ෂා කරන්න උත්සාහ කරපු හැටි ගැනත් කතා තියෙනවා. Holy Grail කියන්නෙ ජේසුස් වහන්සේ ම්යයන මොහොතේදී වෑස්සුන රුධිරය එකතු කරගත්තු කුසලානයක්ලු.

සමහරු නම් කියන්නෙ මේ දෙකම එකක් කියලායි.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-4882982089918482332013-09-09T19:02:34.458+05:302013-09-09T19:02:34.458+05:30ලොකු විස්තරයක්. ඒ වගේම ශු. ත්‍රිත්වය පැහැදිලි කරන්...ලොකු විස්තරයක්. ඒ වගේම ශු. ත්‍රිත්වය පැහැදිලි කරන්න පුළුවන් හොඳ උදාහරණයක් බව පේනවා.. කලනයේදී කුඩා පරිමාව නොසැළකිය හැකි තරම් කුඩායි කියලානෙ ගන්නෙ..

හැබැයි නිවන කියන කාරණාව නම් මට ටිකක් පැටළිලි සහගතයි.. සමහර බෞද්ධ යාළුවෝ නම් කිව්වෙ නිවන යනු නැති වීම බවයි.. අපිට ගෙවන්න දෙයක් නැති වුනාම අපි කියලා කෙනෙක් මේ විශ්වයෙන් තුරන්වෙලා යනවලු.. ඒක සැපතක්ලු..

කතෝලිකයන් සතුන්ගේ මරණයක් දකින්නෙත් ඒ විදිහටනෙ. මේ හිටියා මරණයෙන් පසු නැත්තටම නැති වුනා.. නැවත ඉපදීමක් හෝ මරණයෙන් පසු සිදුවන දෙයක් නෑ.. ඒත් කතෝලික මිනිසුන් ප්‍රාර්ථනා කරන්නෙ මරණින් පස්සෙ සදාකාලික සැපතක් ලබා ගැනීමට.. එතකොට නිවන කියන්නෙ ශුන්‍යයක් වෙනවා නම් ඔවුන්ට අනුව ඒක නිශ්ප්රයෝජන දෙයක්.

විස්තරයට ගොඩාක් ස්තුතියි! හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-77682908809458902322013-09-09T18:52:14.967+05:302013-09-09T18:52:14.967+05:30විස්තරයට ස්තුතියි සහෝදරතුමා.. හැඩ ටික ලස්සනට දාලා ...විස්තරයට ස්තුතියි සහෝදරතුමා.. හැඩ ටික ලස්සනට දාලා තියෙනවානෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-54781010988611961572013-08-24T21:53:49.488+05:302013-08-24T21:53:49.488+05:30ජේසුස් වහන්සේව මරණයට පත් කළ කාලයේ දී කුරුස වර්ග 3ක...ජේසුස් වහන්සේව මරණයට පත් කළ කාලයේ දී කුරුස වර්ග 3ක් භාවිතා කරලා තියනවා. එකක් † හැඩය, අනෙක්වා T හැඩය සහ X හැඩය. මෙතනින් ජේසුස් වහන්සේව මරණයට යොදා ගෙන තියෙන්නේ † හැඩයේ කුරුසයයි. ඒ වගේම ඇන්ඩෲ මුණිතුමාව ඇණ ගහලා තියෙන්නේ X හැඩයේ කුරුසයකයි.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-21427449064111447012013-08-24T07:08:27.007+05:302013-08-24T07:08:27.007+05:30mata danaganna puluwanda holy chalice holy grail k...mata danaganna puluwanda holy chalice holy grail kiyanne mokakda kiyala?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-64983369570028125342013-08-22T09:13:14.611+05:302013-08-22T09:13:14.611+05:30ශුද්ධ වූ ත්‍රිත්වයට සමාන දෙයක් ගැන බුද්ධාගමෙත් තිය...ශුද්ධ වූ ත්‍රිත්වයට සමාන දෙයක් ගැන බුද්ධාගමෙත් තියෙනවා
මිහිදු හාමුදුරුවෝ දේවානම්පියතිස්ස රජ්ජුරුවන් ගෙන් ඇහුවා
ඔබට නෑයෝ සිටිද්ද කියලා
ඊට පස්සෙ ඇහුවා ඔබට නොනෑයෝ සිටිද්ද කියලා
ඊට පස්සෙ ඇහුවා නෑයෝත් නොනෑයෝත් නොවන අය සිටිත්ද කියලා
රජ්ජුරුවෝ කිව්වා එක්කෙනෙක් ඉන්නවා ඒ මමයි කියලා
අපි සාමාන්‍ය තර්කනයේදී ඔව් නෑ කියන අවස්ථා මෙතනදී ඔව් සහ නෑ කියන 3වන අවස්ථාව ගැන කතා කරනවා
ගණිතයේදීත් මේක පාවිච්චි කරනවා
x=5
x≠5
කියන අවස්ථා වලට අමතරව කලනයේ (Calculas) දී
x→5 කියලා අවස්ථාවක් ගැනත් සඳහන් වෙනවා මේක ඉහත අවස්ථා දෙකම එකවිට සිදුවීමක්
උදාහරනයක් ලෙස කලනය යොදා ගෝලයක පරිමාවට සූත්‍රයක් තැනීමේදී ගෝලයඉතා තුනී පෙති ගනනාවකට
බෙදලා එම එක් එක් පෙත්තක් සිලින්ඩරයක් ලෙස සලකා එම පෙතිවල පරිමාවල එකතුව ගෝලයේ පරිමාව ලෙස ගන්නවා
නමුත් මෙහිදී පෙතිවල ඝනකම 0 නොවිය යුතුයි වගේම 0 විය යුතුයි
ශුද්ධ වූ ත්‍රිත්වය 3ක් ද 1ක්ද කියන එකත් ඒ වගේ ප්‍රශ්නයක්
බුද්ධාගමෙත් ඔයට සමාන දෙයක් තියෙනවා
බුද්ධාගමට අනුව නිවන කියන්නේ ලෝකෝත්තර තත්වයක් සිද්ධාර්ථ තාපසතුමා වයස 35දී නිවන් අවබෝධ කරගත්තා (බුදු වුනා)
පස්සේ වයස 80 වන තුරු මනුශ්‍යෙයක් හැටියටත් හැටියටත් ජීවත් වුනා ඉන් පස්සේ පිරිනවන් පෑවා
ඒ කියන්නේ වයස 35 - 80 අතර කාලය ලෞකික ලෝකෝත්තර අවස්ථා දෙකේම සිටියාanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-25375601511041705912013-08-20T08:20:43.779+05:302013-08-20T08:20:43.779+05:30ජේසුස් වහන්සේ ඇණ ගැසූ කුරුසියේ හැඩය ගැන මතිමතාන්තර...ජේසුස් වහන්සේ ඇණ ගැසූ කුරුසියේ හැඩය ගැන මතිමතාන්තර බොහොමයයි. මෙතන නම් තියෙන්නෙ ඓතිහාසික කාරණාවකට වඩා භාෂා ප්‍රශ්නයක්. භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය වීමේදි වගේම කාලයත් සමඟ සමහර වචනවල අර්ථයත් වෙනස්කම් වලට භාජනය වෙනවනෙ..

මුලින්ම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව ලියවිලා තියෙන්නෙ ග්‍රීක භාෂාවෙන්.. ඊටපස්සෙ ලතින් භාෂාවෙන්. එතනදී ජේසුස් වහන්සේගේ මරණය සිදුවෙච්ච වස්තුව stauros කියලාත් xylon කියලාත් පාවිච්චි වෙලා තියෙනවලු. xylon කියන වචනය ගහක් හඳුන්වන්නත් ලී හඳුන්වන්නත් ලීයෙන් හදපු දෙයක් හඳුන්වන්නත් පාවිච්චිවෙලා තියෙනවා. stauros කියන වචනය කෙලින් හිටවපු කඳක් එහෙමත් නැත්නම් කනුවක් හඳුවන්න වගේම කුරුසියක් හඳුන්වන්නත් යොදාගෙන තියෙනවා. ඉතින් මේ අපහැදිලිතාව මත තමයි කනුවක්ද කුරුසියක්ද කියන ගැටළුව ඇතිවෙලා තියෙන්නෙ.

ඒත් ඒ කාලෙ සංකේතාක්ෂර යොදාගනිද්දි ජේසුස් වහන්සේගේ මරණය දක්වන්න ග්‍රීක ටෝ අකුර යොදාගත්තෙ (T) ජේසුස් වහන්සේගේ මරණය කුරුසියක සිදුවුන නිසා බවත් කියවෙනවා..

වැඩි විස්තර පහල ලින්ක් එකෙන් බැලුවැකි..

http://en.wikipedia.org/wiki/Dispute_about_Jesus%27_execution_method
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-74116757539817415102013-08-20T07:51:08.219+05:302013-08-20T07:51:08.219+05:30ස්තුතියි.. මම කියවලා නෑනෙ.. මරිය මග්දලේනා ගැන කියව...ස්තුතියි.. මම කියවලා නෑනෙ.. මරිය මග්දලේනා ගැන කියවෙන කතාවක් කියලා හිතෙනවා නම දැක්කාම..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-78417116776706941472013-08-20T07:49:53.762+05:302013-08-20T07:49:53.762+05:30මම හිතන්නෙත් එහෙමයි.. ඒ ඒ සාස්තෲවරුන්ගේ ජීවිත කතා ...මම හිතන්නෙත් එහෙමයි.. ඒ ඒ සාස්තෲවරුන්ගේ ජීවිත කතා දැනගෙන ඉන්න එක හොඳයි.. හැබැයි ඒ ඒවා විවේචනය කරන්න නෙමෙයි.. කතාවක් හැටියට.. වඩා වැදගත් වන්නේ ධර්මය පිළිපැදීම..

ඉක්මණින් ඊළඟ ලිපිය ලියන්නම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-86709747140195022542013-08-20T07:46:53.825+05:302013-08-20T07:46:53.825+05:30ඉක්මනටම ලියන්නම්.. කොහෙද මේ වැඩත් එක්ක බෑනෙ..ඉක්මනටම ලියන්නම්.. කොහෙද මේ වැඩත් එක්ක බෑනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-46493049446257419012013-08-20T07:46:15.902+05:302013-08-20T07:46:15.902+05:30සමාව ඉල්ලන්න ඒක වරදක් නෙමෙයිනෙ :) මම ස්තුති කරන්න ...සමාව ඉල්ලන්න ඒක වරදක් නෙමෙයිනෙ :) මම ස්තුති කරන්න ඕනා මෙතරම් උනන්දුවෙන් හා අමාරුවෙන් ප්‍රතිචාර දැක් වීම ගැන.. ප්‍රශ්න වලට උත්තර සහිත ලිපිය ඉක්මණින් ලියන්නම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-82207425598625789532013-08-20T07:44:41.182+05:302013-08-20T07:44:41.182+05:30මුලින්ම පිළිතුරු දීමට ප්‍රමාද වීම ගැන කණගාටුව ප්‍ර...මුලින්ම පිළිතුරු දීමට ප්‍රමාද වීම ගැන කණගාටුව ප්‍රකාශ කරන්නම්.. මේ දවස්වල වැඩ අධිකයි..

ඒත් ඔබතුමාගේ/තුමියගේ ප්‍රශ්න ඔක්කොටම මම ජේසුස් වහන්සේ ගැන ලියවෙන ඊලඟ ලිපියෙදි උත්තර දෙන්නයි ඉන්නෙ.. අමනාප වෙන්න එපා.. ඒ ප්‍රශ්න වලට ලිපියකින්ම පිළිතුරු දෙන එක හොඳයි කියා සිතුනා..

ඔබට ස්තුතියි!

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-18251886507561613682013-08-20T07:39:44.815+05:302013-08-20T07:39:44.815+05:30ජේසුස් වහන්සේ මැරිලා තුන්වෙනි දවසේ නැගිට්ටා.. ඒත් ...ජේසුස් වහන්සේ මැරිලා තුන්වෙනි දවසේ නැගිට්ටා.. ඒත් පෝස්ට් එක ලියන්න පරක්කු වෙයි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-81927744314599685242013-08-20T07:38:15.641+05:302013-08-20T07:38:15.641+05:30"පියා, පුත්‍රයා දෙන්නම එක්කෙනම් "පියාණනි..."පියා, පුත්‍රයා දෙන්නම එක්කෙනම් "පියාණනි ඔබ මා අත් හැරියේ මංද ? " කියලා අහන්නෙ ඇයි ඒ ?" මටත් තියෙන ගැටළුවක් තමයි තුන්දෙනා වහන්සේලා එක්කෙනෙක් නම් මේ විදිහට වෙන් වෙන්ව පවතින්නේ කොහොමද කියන එක.. ඒක පැහැදිලි කරගෙන උත්තර දෙන්නම්කො.. මෙතනදි නම් ජේසුස් වහන්සේ එහෙම කෑගහන්නේ මනුස්සයෙක් විදිහට ලොකු අසාණකමක් දැනුන නිසාලු..

"අඩු ගානෙ මරණින් පස්සෙවත් ඊශ්‍රායෙල්වරු විශ්වාස කරනවද ජේසුස් කියන්නෙ දෙවියන්වහන්සේ පොරොන්දුවුන සිය පුත්‍රයා කියලා ? එහෙම නැත්නම් ඔවුන් තාමත් බලන් ඉන්නවද ගැලවුම්කරු එනතෙක් ?"
නැහැනෙ.. ඊශ්‍රායෙල්වරු මෙසියස් වහන්සේ එහෙමත් නැත්නම් ගැලවුම්කාරයා කියලා බලාපොරොත්තු වෙන්නේ ඊශ්‍රායෙල් ජාතිය ලෝකයේ බලවත්ම ජාතියක් කරන්න පුළුවන් කෙනෙක්ව.. ඒ කාලෙ බලාපොරොත්තු වෙලා තියෙන්නෙ රෝම අක්‍රමණයෙන් තමුන් බේරාගත හැකි කුමාරයෙක්ව.. ඉතින් වඩුවෙකුගේ පුතෙක් තමුන් ගැලවුම්කරු කියද්දී මරන්න හිතෙන්නැති..

ඒත් මට නම් හිතෙන්නෙ මෙතනදි ගැළවුම්කරු කළේ නීතියේ බැමි වලින් තොරව මානුෂිකව ආගමක් ඇදහීමේ නිදහස ලබාදීම..

ඉතින් ඊශ්‍රායෙල් වරු පස්සෙ පිළිගත්තා ජේසුස් වහන්සේ නිර්දෝශී, ගෞරවයට ලක්විය යුතු පුද්ගලයෙකු බව.. නමුත් ඔවුන්ට අනුව ජේසුස් වහන්සේට ලෝකයම රැවටිලා මුලාවෙලා ඉන්නෙ.. නියම ගැලවුම්කරු තවම පැමිණ නෑ..

ඒත් සමහර ජුදා නිකායන් ගැලවුම්කරුගේ පැමිණීම පිළිබඳ බලපොරොත්තු අතඇරලාලු..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-12724280278762411772013-08-20T07:28:38.504+05:302013-08-20T07:28:38.504+05:30මේ ලියන්නෙ :Dමේ ලියන්නෙ :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-45467987221953534852013-08-20T07:28:15.495+05:302013-08-20T07:28:15.495+05:30"Passion of Christ" චිත්‍රපටයේ තනිකරම ති..."Passion of Christ" චිත්‍රපටයේ තනිකරම තියෙන්නෙ ජේසුස් වහන්සේ දුක් විඳපු හැටිනෙ.. ඒ චිත්‍රපටියේදි බයිබලයේ තියෙන විදිහට වගේම චිත්‍රපටියක් බවට පත්කරන්න යොදපු කොටසුත් තියෙනවා. අනික සමහර කරුණු සංකේතාත්මකව පෙන්වනවානෙ.. ඇහේ සිද්ධියක් බයිබලයේ නෑ..

ඔය චිත්‍රපටිය බලලා ගොඩ දෙනෙක් ඇඬුවා කියලා ආරංචියි.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3591304651903183682013-08-20T07:25:07.705+05:302013-08-20T07:25:07.705+05:30මරණයෙන් නැගිටීම කියලා අදහස් කරන්නේ අර මැරෙන්නම ගිය...මරණයෙන් නැගිටීම කියලා අදහස් කරන්නේ අර මැරෙන්නම ගිය කෙනෙක් ආයෙ ජීවතුන් අතරට පැමිණීම වෙන්නැති.. හැබැයි මෙතන ඔබ කියන ජේසු කියන පුද්ගලයා මියගිය බවටත් පුදුම සහගත ලෙස අතුරුදහන් වූ බවටත් සාක්ෂි තියෙනවානෙ.. ඒවා ඊළඟ ලිපියෙන් කියන්නම්..

"කොහොම උනත් ජේසු කියන පුද්ලයාගේ මරණයෙන් හෝ නැගිටීමෙන් පස්සෙ සිද්ධ වුනේ එයාට විර්ද්ධව කටයුතු කරපු රජතුමාගේ වැඩසටහනමයි." ඔව් ඒක ඇත්ත. ජේසුස් වහන්සේ තමුන්ගේ බලයට එරෙහිවෙයි කියලා උන් වහන්සේව මරපු ජුදාවරුන් වගේම පහුකාලීනව හිටපු කතෝලික සභාවේ නායකයිනුත් තමුන්ට එරෙහි වූවන් ඝාතනය කළා..

ඉන්දියාවේ කතාව නම් මතභේදාත්මකයිනෙ.. ජේසු ඉන්දියාවට ගියාද නැද්ද කියන එක කවුරුත් දන්නෙ නෑනෙ..

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-41817828304346483002013-08-20T07:20:00.141+05:302013-08-20T07:20:00.141+05:30හිටපු ගමන් වැඩ වැඩි වුනානෙ.. කාලයක් නොලියා හිටියම ...හිටපු ගමන් වැඩ වැඩි වුනානෙ.. කාලයක් නොලියා හිටියම ආයෙ එකක් ලියන්න ගන්න හරිම අමාරුයි.. ලියන්නම්කො.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6953513842517200512013-08-20T07:18:57.055+05:302013-08-20T07:18:57.055+05:30ඇයි විචාරක මහත්මයෝ, මීට කලින් එකක් ලිව්වේ? :) පුළ...ඇයි විචාරක මහත්මයෝ, මීට කලින් එකක් ලිව්වේ? :) පුළුවන් තරමින් උත්සාහ ගන්නම් ලිපි ලියන්න...

ජේසුස් වහන්සේගේ ජීවිත කතාවේ යම් යම් සිද්ධි මෙන්ම මේ ගල්ලෙනේ පිහිටීමත් විවාදාත්මකයි.. ඒත් දැනට පිළිගැනීමට ලක්වෙන්නේ මම ලිපියෙදී කියූ ස්ථානය තමයි.. ඒ ගැන වැඩි විස්තර මෙතනින් බලන්න පුළුවන්..

http://www.bibleistrue.com/qna/pqna1.htm

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-11627211631741151532013-08-18T15:05:28.086+05:302013-08-18T15:05:28.086+05:30ෙයෙහව් වා ෙග් සාක්ෂි කාරෙයා් කියන්ෙන කනුවක තියලා අ...ෙයෙහව් වා ෙග් සාක්ෂි කාරෙයා් කියන්ෙන කනුවක තියලා අැන ගැහුවා කියල ඒ් ගැන ඔෙබ් මතය ෙමාකක්දanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-29065461269330467532013-08-14T14:49:46.074+05:302013-08-14T14:49:46.074+05:30ලිපි මාලාවම කියෙව්ව. හරී කියවල තියනවද මීහයිල් බුල්...ලිපි මාලාවම කියෙව්ව. හරී කියවල තියනවද මීහයිල් බුල්ගාකොව්ගෙ මාස්ටර් සහ මාගරීටා කියන නව කතාව. යේසුස්ගෙ මරණය ගැන ටිකක් විස්තර දැනගත්තෙ ඒකෙන්(කාලෙකට උඩදි). බරබ්බස් නිදහස් කිරීම වගේ දේවල් තිබුන. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-22569941477536331322013-08-13T23:25:01.725+05:302013-08-13T23:25:01.725+05:30"ජේසුස්වහන්සේගෙ කතාව කතාවලටම ගැලපෙන එකක්. අර..."ජේසුස්වහන්සේගෙ කතාව කතාවලටම ගැලපෙන එකක්. අර වීරය ගැන අපේ තියෙන නිරපේක්ෂ ආශාව අවුළුවන එකක්. " දුප්පත්ම පවුලකින් ඉපදෙන හැටි, සමාජ අසාධාරණයට විරුද්ධව කතාකරන හැටි, ඒ නිසාම මරණයට පත්වෙන හැටි වීර කතාවක් වගේමයි.

මම ඒ පොත කියවලා නෑ.. හැබැයි 'මහා ධීවරයානෝ' නමෙන් කියවෙන විදිහට නම් ජේසුස් වහන්සේගේ අග්‍රශ්‍රාවකයා වෙච්ච පේදුරු තුමා ගැන කියවෙන එකක් වගේ.. දුන්න ඔත්තුවට ස්තුතියි... දැක්කොත් මම ගන්නම්...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-27670885734058680902013-08-13T23:21:19.187+05:302013-08-13T23:21:19.187+05:30ඔව්, පොඩි කාලෙ එහෙම මේ කතා ඇහෙද්දි හිතෙන්නෙ ජුදයෝ ...ඔව්, පොඩි කාලෙ එහෙම මේ කතා ඇහෙද්දි හිතෙන්නෙ ජුදයෝ කියන්නේ මහා කුරිරු මිනිස්සු කොඨ්ටාසයක් කියලා.. හැබැයි ඒ වෙලාවට අමතක වෙනවා ජේසුස් වහන්සේත් ජුදෙව්වෙක් නේද කියලා.. අනික මෙතනදී ජේසුස් වහන්සේව මරණයට යොමු කරන්නේ ජුදයෝ උනත් වද දෙන භටයෝ රෝමානු භටයෝ.. ඒ උනාට අපි පොඩි කාලෙ ඉඳන්ම ඇහුවේ "දුෂ්ඨ ජුදයෝ ජේසුස් වහන්සේගේ කරපිට කුරුසිය තබති" කියලායි..

"පහුකාලෙක ලෝක ජනයා ජුදෙව්වො පිළිකුල් කරන්නෙ, කොන්කරපු ජාතියක් විදියට සලකන්නෙ ජේසුස් වහන්සේව වධ බන්ධනයට ලක්කරල කුරුස ගතකරපු නිසාද. " ඔව් ඒකත් හේතුවක් තමයි ජුදයින්ව කොන් කරන්න.. තවත් සමහරු කියන කාරණාවක් තමයි ජුදෙව්වන්ට තවමත් සැනසිල්ලක් නැත්තෙ එදා කරගත්තු පාපය නිසා කියන එක.. "ඒ ලේ වල ඵල විපාක අප පිටද අප දරුවන් පිට ද වේවා" කියලා කිව්වලු මරණයට නියම කරන වෙලාවෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26202832735705532042013-08-13T23:03:57.699+05:302013-08-13T23:03:57.699+05:30@ පොඩ්ඩි,
ඔව් පොඩ්ඩි, ඒ කාලෙ තිබුනු දරුණුම දඬුවම ...@ පොඩ්ඩි,

ඔව් පොඩ්ඩි, ඒ කාලෙ තිබුනු දරුණුම දඬුවම තමයි මේක.. ජේසුස් වහන්සේ දෙවි කෙනෙකු උනත් 100%ක්ම මනුෂ්‍යය ලක්ෂණ තිබිච්ච බව පෙන්වනවාලු මේ කියමන නිසා.. තමුන්ගෙ මරණ මොහොතෙදි තමුන් ගැනම මනස්ථාප වෙන්න ඇතිලු.. මතකනෙ කලින් ජෙත්සෙමෙනි උයනෙදිත් මේ විදිහට ඇඬුවා..

දෙවියන්ගේ පුත්‍රයා තමයි.. ඒත් ජේසුස් වහන්සේව දෙවියෝ මේ ලෝකෙට එවන්නෙ මිනිසුන්ගේ පාප වෙනුවෙන් වන්දි ගෙවන්නලුනෙ.. ඔන්න ඒ ගැන වැඩි විස්තර ඊළඟ ලිපියේ..

"මම හිතුවේ හරී බැඳලා හනිමූන් ගිහින් කියලා . ඒ හන්දා මේ පැත්තේ ආවෙත් නෑ. ඇයි ඉතින් බැඳලා කියලා පෝස්ට් දැම්මනේ...:D:D" කෝ පොඩ්ඩි ලියලත් නෑනෙ.. පොඩ්ඩිත් හනිමූන් ගියාද? :D ඒක තමයි පහුගිය දවස්වල පේන්න නොහිටියේ..

@ ඉන්දික උපශාන්ත,

:Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-83947026861958524902013-08-13T22:58:40.773+05:302013-08-13T22:58:40.773+05:30මැලේ රාළව සාදරයෙන් පිළිගන්නවා.. එහෙනම් නිවාඩු පාඩු...මැලේ රාළව සාදරයෙන් පිළිගන්නවා.. එහෙනම් නිවාඩු පාඩුවෙ ඉතුරු ටික කියවලා බලන්න.. ඔන්න මම ඒ පැත්තෙත් ආවා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com