11.16.2010

තැන නොතැන නොබලා කතා කල මාලිංගට තරඟ තහනමක්........

මාලිංග කිව්වම කවුරුත් දන්නවනෙ කා ගැනද කියන්නෙ කියල.මාලිංග කියන්නෙ ශ්‍රී ලංකා ටීම් එකේ ඉන්න හොඳ බෝලර් කෙනෙක්නෙ. එතකොට මාලිංගගෙ පිතිකරන හපන්කමුත් අපි ඊයෙ පෙරේදා තිබ්බ ඕස්ට්‍රේලියන් මැච් එකේදි දැක්කනෙ.  එදා තමා නියම මැච් එක මාලිංගයි මැතිව්සුයි කොහොමහරි වැඩේ ගොඩ දැම්මනෙ.
ඒ ලසිත් මාලිංගනෙ. හැබැයි  මේ කියන්න යන්නෙ එයා ගැන නෙමේ වෙනත් මාලිංග කෙනෙක් ගැන. මේකට අදාළ මාලිංගව නම් මම පෞද්ගලිකව අදුනන්නෙ නෑ. මේ කතාව මට කිව්වෙ මගෙ යාලුවෙක් එයාගේ මාලිංග කියල යාලුවෙක් ගැන.

මාලිංගත් ඉඳලා තියෙන්නෙ අපෙ යාලුවගෙ සෙට් එකේමයි. මාලිංගයි මගේ යාලුවයි දෙන්නම ගිහින් තියෙන්නෙ එකම දහම් පාසලට. මේ සිද්ධිය වෙච්ච කාලෙ මගේ යාලුව 10 වසර ඉඳල තියෙන්නෙ.

ඔන්න ඉතින් ඒ පැත්තෙ තිබ්බ දහම් පාසලකින් භක්ති ගීත ගායනා තරඟයක් සංවිධානය කරාලු. එකට ඉතින් කවදා කොතන ගියත් මුල්තැන ගන්නා මගෙ යාලුවයි, මාලිංගයි, තවත් කොල්ලො සෙට් එකකුයි තමයි සෙට් වෙලා තියෙන්නෙ.

ඔන්න ඉතින් තරඟෙ තියෙන දවසෙ උදේ කට්ටිය සුදු සරොම් එහෙම ඇඳගෙන ආවලු තරඟෙ තියෙන පන්සලට. ආතල් එකට වැඩේට එන්ටර් වුනාට මොකද කට්ටියටම හොඳටම මහන්සිලු. නිදිමතත් එක්ක මොකද සුමානයක් තිස්සේ හරියට නිදියගන්න ලැබිලා නෑ මේ වැඩේ හින්දා.

අපේ කතානායකයා මාලිංග තමයි භක්ති ගීත කණ්ඩායමේ සර්පිනා වාදකයා වෙලා ඉඳල තියෙන්නෙ. ඉතින් මිනිහට හොඳටම මල පැනල ඉඳලා තියෙන්නෙ. බාරගත්තු වැඩේ බෑ කියන්න බැරිකමට හිටියා මිසක් රිදෙන ඇඟිලි ටිකත් උස්සගෙන බොහොම අමාරුවෙන් ඉඳල තියෙන්නෙ. ඔය වගේ වෙලාවක භක්ති ගීත පුරුදු කරපු අයියා ඔතෙන්ට ඇවිත් තියෙනවා. එයා ඇහුවලු කට්ටියගෙන් "කොහොමද මල්ලී දැන් තත්වේ?" කියලා. මල පැනලා හිටපු මාලිංගයා එකපාරටම කිව්වලු "තත්වෙ ඉතින් හුටු හුටු තමයි අයියෙ "කියලා.මාලිංගගෙ අවාසනාවට ඕක දඩස් ගාල වැටෙනව වෙන දහම් පාසලකින් ආපු ගුරුවරයෙක්ගෙ කනකට. කට්ටිය දැක්කෙ නැති වුනාට ගුරුවරයෙක් ඒ ලඟම ඉඳලා.

ගුරුතුමා:- මොකක්ද ලමයො ඒ කිව්වෙ?
මාලිංග :- මොකක්ද සර්?
ගුරුතුමා:-මම අහන්නෙ ඔය ලමයා මොකක්ද කිව්වෙ කියල.
මාලිංග :- මොකුත් නෑ සර්
ගුරුතුමා:- මොකුත් නෑ? හිතුවද මගේ කන් ඇහෙන්නෙ නෑ කියලා. ඔය ලමයා දහම් පාසල් යන ලමයෙක් විදිහට ඔහොම කතාවක් කියන එක හරිද?

මේ වෙලාවෙ මාලිංග වගේම අනිත් කට්ටියත් හොඳටම බයවෙලා ඉඳලා තියෙන්නෙ.

ගුරුතුමා:- ඔය ලමයා දන්නවද ඒකෙ තේරුම?
මාලිංග :- නෑ සර්.කට්ටිය කියන නිසා කිව්ව
අපේ ලොක්කා නිකම්ම වරද පිලි අරගෙන.
ගුරුතුමා:- මොකක්ද දහම් පාසල?

මුලින් කට අරිනකොට නොතිබිච්ච නුවණ පහලවෙලා තියෙනවා පස්සෙ. මාලිංගය බොරු නමක් කියලා වැඩේ ගොඩදාගෙන.ඊට පස්සෙ  ගුරුතුමා යන්න ගිහිල්ලා.දැන් මේක කියවන ඕගොල්ලෝ වගේම එවලෙ මේ කතාව අහපු මමත් හිතුවෙ කතාව ඉවරයි කියලා.

දැන් තමයි හොඳම සීන් එක.

දැන් තරඟෙ පටන් අරන් ඊලඟට යන්න ඉන්නෙ අපේ කණ්ඩායම.කට්ටිය වාදක භාන්ඩ එහෙම ලෑස්ති කරල වේදිකාවට යනකොටම දැකලා තියෙන්නෙ පුදුම සීන් එකක්. අර කලින් කියපු ගුරුතුමා විනිශ්චය මණ්ඩලයෙ ඉන්නවලු. කට්ටියට හොඳටම දාඩිය දාලා දැන් දිනුම කෙසේ වෙතත් ඇඟ බේරගෙන වත් යන්න වෙන්නේ නෑ කියලා හිතුනලු.

"අපි සර්පිනාව නැතුව භක්ති ගීත කියමු." මොනව කරන්නද අන්තිමට තැන නොතැන නොබලා කතා කල මාලිංගට තරඟ තහනමක්
දාලා කට්ටිය භක්ති ගීත කිව්වලු.


පසුවදන :- මාගේ ලිපි පිළිබඳ ඔබගේ අදහස් මම ඉතා අගය කරමි. අන් අයටත් කියවීමට සලස්වන්නේ නම් මැනවි.
                                                    
                                                              -හරී-


9 comments:

  1. monawa wunath honda title ekak nam dala thiyenawa...

    mama wena deyak hithe thiyan meka balanna awe...

    ela ela...

    ReplyDelete
  2. ඇත්තම මාලිංගත් ඔය වගේ තමයි.......

    ReplyDelete
  3. @ Anonymous : Thank you

    @ Nethmi : ඔයාට හිතෙන හැටි

    ReplyDelete
  4. නියමයි... මේ ඒ කණ්ඩායමට කී වෙනි ස්ථානයද දන්නේ නෑ හිමිවුනේ? හී හී...

    ReplyDelete
  5. @prasanna86k :මම යාලුවගෙන් අහල කියන්නම්.........

    ReplyDelete
  6. හොඳට නරකට දෙකට කටමය... :D

    ReplyDelete
    Replies
    1. මාලුවා නහින්නෙත් කට හින්දා කියනවනෙ..

      Delete
  7. හරීගේ මාකටින් පාර නම් නියමයි ඈ.. අර උඩ ඇනෝ කියල තියෙන්නේ. මටත් ඔහොම දෙයක් වුනා නේ. හැබැයි දහම්පාසල් තරඟ වලදී නෙවෙයි. දුවන්න ගිහින්. වෙන ඉස්කෝලෙක නමක් කියලා මාරු වෙලා ඇවිත් බලද්දී උන්ගේ ඉවෙන්ට් එක හේතු රහිතව කැන්සල් කරලා.

    ReplyDelete
    Replies
    1. මතකද මාලිංගගෙ බැට් එක නැතිවෙලා හොයපු දවස. මේ ලිපිය මම ලිව්වෙ ඒ කාලෙමයි. ගොඩක් අය මේ ලිපිය කියවන්න එන්න ඇත්තෙ ඒ මාලිංගට තරඟ තහනමක් දාලා කියලා හිතාන වෙන්නැති.

      ස්තුතියි!

      අපරාදෙ ඒ ඉස්කෝලෙ උන්.. පව් වැඩේ..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...