12.30.2013

මම නම් කියන්න බැරිතරම් හොඳින්

ජෙරී කියන්නෙ ඕගොල්ලන්ට දැක්කම ඉරිසියා කරන්න හිතෙන තරමේ මනුස්සයෙක්. එයා හැමතිස්සෙම ඉන්නෙ හරිම සතුටුදායක මුහුණකින්. කොයිවෙලේ බැලුවත් මොකක් හරි හොඳ දෙයක් තියෙනවා කියන්න. කවුරුහරි "ආ.. කොහොමද යාළුවා? " එහෙමත් නැත්නම් "කොහොමද මහත්මයා සැප සනීප?" කියලා අහපුවම කවදත් දුන්නෙ එකම එක උත්තරයයි.

"මම නම් කියන්න බැරි තරම් හොඳින් යාළුවා. ඔයාට කොහොමද?"

12.27.2013

ජේසුස් වහන්සේගේ උත්ථානය

නත්තල් කාලෙ කොහොමද මේ ජේසුස් වහන්සේගේ උත්ථානයක් ගැන කතා කරන්නේ කියලා හිතෙනවද මන්දා? මේක නත්තල් කාලෙ වෙනුවෙන් ලියවෙන ලිපියක් නම් නෙමෙයි. මතකද මම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව මුල ඉඳලම කියාගෙන කියාගෙන ආවා.

මුලින්ම කිව්වෙ ජේසුස් වහන්සේ ගවමඩුවක ඉපදිච්ච හැටිනෙ. ඒ විස්තරේ මෙතනින් බලන්න. ඊළඟට කිව්වෙ උන් වහන්සේ බෞතීස්ම ස්නාපනය ලබලා ප්‍රසිද්ධ ජීවිතය පටන්ගත්තු හැටි. ඒ ටික ඔක්කොම මෙතනින්. ඊළඟට ගෝළයන් තෝරාගැනීම, ප්‍රාතිහාර්‍යය, උපමා කතා ගැන අපි කතා කළා මෙන්න මෙහෙම. ඊටත් පස්සෙ එදා ජුදා සමාජය ගැන කතාකරලා ජේසුස් වහන්සේ රජෙක් වගේ ජෙරුසලමට ආපු හැටි කිව්වා. මතකද? ඊළඟ කොටසෙදි කියවුනේ අන්තිම රාත්‍රී භෝජනය දවසෙ වෙච්ච සිද්ධීන් ටික. මෙතනින් ඒ ලිපියත් බැලුවෑකි. අන්තිමටම මම කිව්වෙ ජේසුස් වහන්සේ කුරුස ගසේදි දිවිපිදුව හැටි. එතනදී ලිපි දෙකක්ම ලියවුනා. පළමු ලිපිය දෙවන ලිපිය

ඉතින් අද කියන්න යන්නේ එතනින් එහාට වෙච්ච ටික. ඊට අමතරව පාඨකයෝ කීපදෙනෙක් කලින් ලිපියේදී අහපු ප්‍රශ්න කීපයකටත් උත්තර දෙන්න තියෙනවා.

12.23.2013

මේ පාර අපිටත් නත්තල්

හුඟ කාලෙකින් නේද? මේ ලිපිය ලියන්න කලින් මම නිකමට මගේ පරණ ලිපි ටික දිහා බැලුවා. වෙලා තියෙන දෙයක්. බ්ලොගිය පටන් ගත්තු මුල් අවුරුද්දෙ මාස කීපෙට පෝස්ට් දොළහක්ම ලියලා. ඊළඟ අවුරුද්දෙ ඒක 38ක් වෙලානෙ. ඊටත් පස්සෙ අවුරුද්දෙ 66ක්. ඉතින් මේ අවුරුද්ද පටන් ගනිද්දිම හිතුවා මේ ගාන ඩබල් වෙලා පෝස්ට් 120ක් විතර ලියවෙයි කියලා. කියන්ඩ ලැජ්ජයි 25යිනෙ ලියවිලා තියෙන්නෙ. ඇයි තුන්වෙනි සංවත්සරේ? ඒකත් මඟ ඇරිලනෙ.

මොනවා කරන්ඩද ඉතින් මේ අවුරුද්ද බොහෝම රාජකාරි බහුල අවුරුද්දක් උනා.  උදේට වැඩට ගිහින් හවස ගෙදර ආවට පස්සේ ඉතින් කාගෙහරි බ්ලොග් දෙකතුනක් කියවලා නිදාගන්නවා මිසක් ලිපියක් ලියන්න පැය පහ හයක් ගතකරන්න හිතුනෙම නෑ. පස්සෙන් පහු මම සිංහල ලියන්න පාවිච්චි කරපු qsfox ඇඩෝන් එකත් ලෙඩ දෙන්න ගත්තා. ඉස්සර F12 ගහපුවම සිංග්ලිශ් වලට මාරු උනත් දැන් එහෙම වෙන්නෙ නෑනෙ. ඒක හින්දා වෙන වැඩක් කර කර පෝස්ට් ලියන්නත් කම්මැලි. මොකෝ මම සැරින් සැරේ මීයා අල්ලන්න කැමති නෑනෙ කීබෝඩ් මාරුකරන්න. UCSC කන්වර්ටරය විසඳුමක් උනත් කොපි පේස්ට් කිරිල්ල එපා වෙනවා. ඒ වගේම මම පුරුදුවෙලා තියෙන විදිහට වඩා වෙනස් විදිහකටයි ඒකෙ ටයිප් වෙන්නෙ. ඔයින් මෙයින් බ්ලොග් ලිවිල්ල එපාම උනා. හැබැයි ලියනවා කියලා පටන් අරන් තාම ඉවර කරපු නැති ලිපි කීපයක්ම තියෙනවා. ලබන අවුරුද්දෙවත් ඒ ටික ඉවරයක් කරලා දාන්න ඕනා.

ඉතින් මේ පාර නත්තලට කරපු මුල්ම වැඩේ තමයි  සැරසිලි හදන්න කොළ හොයන්න ගිය එක. කොළ හොයන් හදනවට වඩා ලේසියෙන්ම කඩෙන් ගන්න තිබුනා. ඒත් ඉතින් එහෙම කරන්න හිත දුන්නෙ නෑනෙ. ඉතින් තකහනිය කොළඹ ගිහින් 'සරුව පිත්තල' කොළ අරගෙන ආවා සැරසිලි හදන්න හිතාගෙන. මෙන්න මේ සැරසිලි තමයි මම දැනට හදලා තියෙන්නෙ.

10.18.2013

අත්පුඩි නොගහා කොඩිගහක් ඔසවාගන්නා ආකාරය

මාතෘකාව දැකපු ගමන් සමහර අයට නම් කතාවක් මතක් වෙන්නැති. ඒත් ඉතින් මම ඒ කතාව කියන්න නෙමෙයි හදන්නෙ. ඒ කතාවට මූලික වෙච්ච කොඩිගහ ගැන කතාව තමයි අද කියන්නෙ. මොකක්ද කොඩිගහ කියන්නෙ? ඒක තමයි කියන්න යන්නෙ. එහෙනම් ලිපිය බලමු. ඊටකලින් කැමති කෙනෙකුට පුලුවන් මේ මාතෘකාවට හේතුවෙච්ච කතාවත් බලලා පොඩ්ඩක් හිනාවෙලා එන්න. තව ඔයවගේ කතා තියෙනවා එව්වා අන්තිමට. ඒක නිසා හොඳට මේ කතාව කියවන්ඩ.

9.04.2013

මරියා හා ඇලෙක්සැන්ඩ්‍රෝ

ගිය ඉරිදා වෙච්චි සිද්ධියක් තමයි අද නම් කියන්න යන්නෙ. මේක ඉතින් ඕපදූපයක්මත් නෙමෙයි පොඩි කතාවක්. පොඩි කතා කීපයක් කියලා උනත් කිව්වැකි. ඉරිදා ඉතින් නිවාඩු දවසනෙ. ඔන්න උදේ පාන්දරම නැගිටලා මම පල්ලි යන්ඩ ලෑස්ති උනා. ගිය ඉරිදාත් අනිත් ඉරිදාවලුත් අතර ලොකු වෙනසක් තිබුනා. ගිය ඉරිදා පල්ලි ගියා කියන එකටත් වඩා ගිය ඉරිදා ගියේ පල්ලියක මංගල්‍යයකටනෙ. පල්ලිය තිබුනෙ ටිකක් දුරබැහැරට වෙන්න. ඉතින් ගමන බොහොම ආශ්වාදජනක එකක් උනා.

මතකද මම සී ප්ලේන් බලන්න ගිය ගමන. ඒ ගමනේදි හැරිව්ච තැනින්ම මම හැරුණා කියමුකො අතුරු පාරකට. හරියටම කිව්වොත් කොළඹ ඉඳන් මීගමු පැත්තට යද්දී හම්බෙන දඬුගම පාලම උඩින් වමට හැරුණා. මගේ නිල රථය වමට හැරෙනවත් එක්කම මගේ මතකය මීට අවුරුදු 10කට විතර ඉස්සර අතීතයට හැරුණා. මේ මංගල්‍යයට යන්න මේ පාරෙම ඉස්සර මම කොච්චර බයිසිකල් පැදලා ඇතිද? අද රූං ගාලා යන්න කාපට් පාර තිබුනට ඉස්සර මහා මඩම මඩ පාරක්. බයිසිකලය පෙරලා නොගෙන පදින්නෙත් බොහෝම අමාරුවෙන්. හිතින් මවාගෙන බලන්නකො චිරි චිරි ගාලා ලිස්සන මඩ තියෙන බොරළු පාරක නොවැටී බයිසිකලයක් පැදගන්න තියෙන අමාරුව. පැදපු අයම තමයි දන්නෙ.

8.25.2013

මීයා ඇල්ලීමෙන් වළකිමු.

ගොඩාක් අය වගේම මමත් පටන්ගත්තු මුල්කාලෙ ඉඳලම මීයා අල්ලන්න පුරුදුවෙලායි හිටියෙ. තාමත් මතකයි ඒ කාලෙ. මීයා අල්ලගත්තාම කොච්චර ලේසිද? කොච්චර පහසුද කොච්චර ඉක්මන්ද? කියලා තමයි ඒ කාලෙ හිතුවෙ. ඒත් මිනිස්සු වයසින් මෝරද්දි මෝරද්දි මොළෙත් මෝරනවා කියනවානෙ. ඉතින් ටික ටික කල්යද්දි තේරුනා මේ මීයා අල්ලගෙන කරන වැඩ හිතන තරම් පහසුත් නෑ හිතන තරම් ඉක්මනුත් නෑ කියලා. මීයාව අතින් එහාට මෙහාට කරනවාට වඩා වෙන ක්‍රමයකින් මේ ටික කරගත්තා නම් මොකද කියලා හිතුනා. ඉතින් මම ටිකෙන් ටික මීයාගෙන් ඈතට ඈතට යන්ඩ උත්සාහ කරා. අද ඉතින් එහෙම මීයාගෙන් ඈතට යන්ඩ උදව් වෙන උපදෙස් ටිකක් තමයි දෙන්ඩ යන්නෙ. ඕගොල්ලොත් උත්සාහ කරලා බලන්න මීයාව අල්ලන්නෙ නැතුව වැඩ කරගන්න. එතකොට තේරේවි මෙච්චරකල් මොන එහෙකට අල්ල අල්ල හිටියද කියලා.

ඔන්න මට පේනවා කට්ටියක් මේක කියවන්නෙ නැතිව හැරිලා යන්න හදනවා. හෝව්.. හෝව්.. ඔයගොල්ලන්ට මීයෙක් නෑ තමයි. ඒ වෙනුවට ඇඟිලි පාවිච්චි කරනවා කියලත් දන්නවා. ඒත් ඕගොල්ලන්ටත් මේ මම කියන්න යනදේ ප්‍රයෝජනවත් වෙයි. ටිකක් ඉවසීමෙන් කල්පනාවෙන් කියවලා බලන්නකෝ.

8.11.2013

ජේසුස් වහන්සේගේ මරණය

මම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව කියමින් හිටියේ කියලා කියවන කට්ටියට මතකද මන්දා? කාලෙකින් ලියන්න බැරිවෙච්ච නිසා ගොඩක් අයට අමතකත් ඇති. අමතක කට්ටියට මතක් කරගන්නත් නොදන්න කට්ටියට දැන ගන්නත් පුළුවන් පහල තියෙන ලිපි ටික කියෙව්වානම්.

1. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)
2. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්න
3. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස
4. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස
5. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය
6. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය දෙවන කොටස

ඉහල ලිපි ටිකේ කාරණා සාරාංශයක් විදිහට ගත්තොත් මුලින්ම අපි ජේසුස් වහන්සේගේ ඉපදිම ගැන කතා කළානෙ. උන් වහන්සේට ගව මඩුවක ඉපදෙන්නට සිද්ධවෙච්ච හැටි වගේම පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ උන් වහන්සේව හොයාගෙන ආපු හැටි තිබුනෙත් පළමුවෙනි ලිපියෙ. ඊළඟ ලිපි තුනෙන්ම අපි කථාකළේ ජේසුස් වහන්සේ ප්‍රසිද්ධ ජීවිතය ගතකළ හැටි. උන් වහන්සේ සිදුකළ දේශනා, ප්‍රාතිහාර්‍යය වගේම දේශනාවලදී යොදාගත්තු උපමා ගැනත් පරිසිවරුන් වැනි ආගමික නායකයන් හා ඇති කරගත් ගැටුම් ගැනත් කියවන්න ලැබුනා.  ඉතින් අන්තිමට මම ලිව්වෙ ජේසුස් වහන්සේව තමුන්ගේම ගෝළයෙක් විසින් පාවා දීමෙන් පස්සෙ මරණ දඬුවම නියමවෙච්ච හැටි.

අද එතැන් සිට...

7.31.2013

නානමුරේ

මීට වසර දහසකට පමණ පෙර, ඉන්දියාවේ කේරළය


මුළු කේරළයටම අගරජුවූ සේරමන් රජතුමා නිදිසුව ලබමින් සිය සිරියහන් ගබඩාවේ සැතපී සිටියේය. රජු නිදනා පැය කිහිපයේදී එතුමන්ගේ ආරක්ෂාව භාරවූ රාජපුරුෂයෝ ද නිහඬව නිස්කලංකව ගබඩාවේ දොරටු රැකවලේ නිරතව උන්හ. මනාව පුහුණුවලත් කාර්‍යයශූරවූ සෙබල මුලෙන් මිදී රජුගේ නින්දට බාධා කිරීමට යාමට මැස්සෙකුටවත් ඉඩ ප්‍රස්ථාවක් තිබුනේ නැත. රජු සුව නින්දේය.

එහෙත්, ගතවූයේ නිමේෂයකි.  රජුගේ මඟුල් උයනේ මඟුල් පොකුණ අසලින් විශාල ශබ්දයක් පැන නැග්ගේය. පොකුණ අසලින් නොනැවතුණ එය උයන හරහා රජ මාළිගයටද එතනින් සිරියහන් ගබඩාවටද වැදුනේය. තවදුරටත් නතර නොවී රජුගේ කනෙන් ඇතුළු වී කන් බෙරයේ වැදුනේය. ඒත් සමගම රජුගේ ඇස් ඇරුණි. තම ජීවිතයට තර්ජනයකැයි බියෙන් තැතිගත් රජු වහා ඇඳෙන් (නෑ.. නෑ.. සිරි යහනින්) පැන්නේය. එහෙත් එය ජීවිත තර්ජනයක් නොව නිකන්ම නිකන් ශබ්දයක් බව දැනගත් හෙතෙම ලජ්ජාවට පත්විය. නිදිසුවයට බාධාවීම ගැන කෝපයෙන් දැවුනේය. "වහාම.. මේ වහාම ඒ ශබ්දය ඇතිකළ එකා රැගෙන එනු" රජුගේ විශාලවූ දෑස් සිය සෙබල මුල වෙත යොමුවුණි.

6.02.2013

බැඳලා බැඳලා මං දැන් බැඳලා...

කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. කාලෙකින් පෝස්ට් එකක් ලියන්නේ. නිතර දෙවේලෙ කතාබහකරපු අය නම් කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරිවෙච්ච හේතුව දන්නවා ඇතිනෙ. හොයාබලපු හැමෝටම ස්තුතියි.

ජීවිතය කියන්නෙත් මහා පුදුමාකාර දෙයක් නේද?  වෙලාවකට ඔහේ නිවී හැනහිල්ලෙ ගලාගෙන යනවා. තවත් වෙලාවකට නැඟගන්ඩ බැරි තරමට ගල්පර හමුවෙනවා. තවත් වෙලාවකදී දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙන්නේ දොරටත් තට්ටු කරලමයි. ඒ වෙලාවට අවුරුදු ගානකින් කරන්ඩ බැරිවෙච්ච වැඩක් පැය කීපයකින් වෙන්න පුළුවන්. ජීවිතය පුදුමාකාරයි. ඒකනෙ ඒකට ජීවිතය කියන්නෙ. ජීවිතේ සුන්දරද මෙතරම්.. කියලා කවුදෝ ගායකයෙකුත් කිව්වා වගේ හීනි මතකයකුත් තියෙනවා. නප්පියට ගහලා ඉන්න වෙලාවක වෙන්ට ඇති.

ජීවිතේට ලොකූ බලපෑමක් කරන්න පුංචීම පුංචි දේකටත් පුළුවන්. හරියටම කිව්වොත් ලෝකයක් විනාශ කරන සුනාමියක් ඇතිකරන්න පුංචීම පුංචි සමනළ තටුවකට පුළුවන් වගේ. ඒ වගේම එක දුරකථනයකින් මිදිලා දුරකථන කුළුණක් ඔස්සේ හුවමාරු මධ්‍යස්ථානයකට ඇවිත් එතනින් තවත් දුරකථන කුළුණක් ඔස්සේ වෙනත් දුරකථනයකට ඇතුළු වෙලා තත්පරයකින් දෙකකින් හෝ ඊටත් අඩු කාලයකින් වියැකී යන නන්නාඳුන ගන්ධබ්බ ඇමතුමකට අවුරුදු ගානක් නිවී හැනහිල්ලෙ ගලාගෙන ආපු ජීවිතයක් වෙනස් කරන්ඩ පුළුවන්ද? විශ්වාස කළත් නොකළත් ඒක වෙලා ඉවරයි. ඔව් ඉවරෙටම ඉවරයි. ඒ ජීවිතය දැන් වෙනස් වෙලා.

4.28.2013

පන්සලේ බණ කියූ කතෝලික පියතුමා

අද පළවෙනිපාරට පොතක් ගැන කියන්න හිතුනා. අද කියන්න හිතුනා කියලා කිව්වට මේ පෝස්ටුව සැලසුම් කරලා ටිකක් කල්. ඔන්න අද තමයි හිතුනේ ඉවරයක් කරලා දාන්න. සාමාන්‍යයෙන් බ්ලොග් එකක පොතක් ගැන කියලා ඒක හොයාගෙන කියවන්ඩ කියලනෙ කියන්නෙ. ඔන්න අද එහෙම නැතුව ඔයගොල්ලන්ට මුළු පොතම කියවන්ඩ ලැබෙනවා.

මයිකල් රුදිගු පියතුමා, සම්ප්‍රදායික කතෝලික පියතුමෙකුගේ භූමිකාවෙන් මිදිලා විප්ලවීය විදිහට ජනතාවට සේවය කරන්ඩ උත්සාහ දරපු පියතුමෙක්. සාම්ප්‍රදායික ලෝගුව අතෑරලා සරම බැනියම ඇඳගෙන දුෂ්කර ගම්මානයක දිළින්ඳන් සොයාගෙන තමයි එතුමා යන්නේ. ඒත් ඒ වෙනුවට එතුමාව සොයාගෙන එන්නෙ වෙඩි උණ්ඩයක්.  ඒ උණ්ඩය යන්නෙ එතුමාගේ ජීවිතයත් අරගෙන. මේ එතුමාගේ කතාවයි.

4.21.2013

දාවිත්ගෙ ගල්පටිය

මතකද 'පොරොන්දු වූ දේශය කරා' කතා ටික? මතකයි නේද? අර දිගට දිගට දිගට දිගට දිගට දිගට ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා අන්තිමේදි ඉවරවුනේ. එකේදි මම කිව්වෙ ජුදෙව්වන් ඇතිවුන විදිහත් ඔවුන්ට ඔවුන්ගේම කියලා රටක් හෙවත් පොරොන්දු වූ දේශය ලැබිච්ච හැටිත්නෙ. ඉතින් අද කතාව මම පටන්ගන්න හදන්නෙ පොරොන්දු වූ දේශයට ආපු ඊශ්‍රායෙල්වරුන් අතර සිද්ධ වෙච්ච සුළු සිද්ධියකින්. ඊළඟට ආයුධයක් හඳුන්වලා දීලා එයින් නතර නොවී ඒ ආයුධය හදාගන්න හැටිත් කියලා දෙන්නයි බලාපොරොත්තුව. හැබැයි ඒක භාවිතා කරන්ඩ ගිහින් සිද්ධවෙන දේවල්වලටත් අහල පහල මිනිසුන්ගෙන් එල්ලවිය හැකි ප්‍රහාරවලටත් මම වග නොකියන බව කරුණාවෙන් සළකන්න.

පොරොන්දු වූ දේශය කතා මාලාව කියෙව්වෙ නැති කෙනෙක් ඉන්නවානම් පහළ ලින්ක් වලින් බැලුවෑකි. අද කතාවට ඒ කතාවෙ සම්බන්ධයක් නැති නිසා නිවාඩු පාඩුවේ කියවලා බලන්ඩකො.

පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)        පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (6 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (12 කොටස)
                                                                      පොරොන්දු වූ දේශය කරා.... (13 කොටස)

මෙන්න අද කතාව....

4.07.2013

ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය දෙවන කොටස

මේ විදිහට
1. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)
2. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්න
3. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස
4. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස
5. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය

ජේසුස්වහන්සේගේ ජීවිත කතාව දිගටම කියවගෙන ආපු අපි දැන් අවසානයට ළඟාවෙලා.

කලින් කතාවෙදි ජේසුස් වහන්සේ තමුන්ගේ සමීපතම ගෝළයන් වෙච්ච පේදුරුත් ජාකොබුත් ජුවාමුත් කැටුව ගෙත්සෙමෙනි උයනට යන හැටිනෙ අන්තිමට කිව්වෙ. ලෝක ප්‍රසිද්ධ ද පැශන් ඔෆ් ද ක්‍රයිස්ට් (The Passion of the Christ ) චිත්‍රපටය පටන් ගන්නෙත් මෙතනින්.

3.31.2013

දූවේ පාස්කු බලන්ට ගියෙමි.

දිනය මාර්තු මාසෙ විසිනමවෙනිදා. වේලාව මධ්‍යහන දොළහට විතර ඇති. ගිනි ගහන මද්දහනෙ ඉහෙන් කෙනෙන් දාඩිය පෙරි පෙරි මම හිටියෙ මීගමුව බස් නැවතුම්පොළේ. ගමනට නියමිත බසයට නැග හිටියත් එහි ආසන ගණනටවත් සෙනඟ පිරී තිබුනේ නෑ. බස් රථ හිඟ මේ මාර්ගයේ වෙනදා නම් ඇඟිල්ලක් ගහන්ඩවත් ඉඩ නැතිවෙන තරමට සෙනඟ. ඒත් එදා සිටි ප්‍රමාණය ආසන පුරවන්නවත් ප්‍රමාණවත් උනේ නෑ. බස් රථයේ කොන්දොස්තර විටින් විට සෙනඟ අඩු බස් රථය දෙස බලමින් සාප තියන්නට වුනා. පසුව කනින් කොනින් ආරංචි වූ පරිදි පාස්කු නාට්‍යය සංවිධායකයින් විසින් එදින නොමිලයේ ප්‍රවාහන සේවයක් දියත් කරලා. නොමිලේ යන්ඩ තියෙද්දි සල්ලි ගෙවලා යන සිරිතක් නෑනෙ. ඒකයි බස් එකට සෙනඟ නැත්තෙ.

සෙනඟ පිරෙනකන් බස් රථය අඟල් කිහිපයක් ඉදිරියටත් පසුපසටත් ධාවනය වුනා. පස්සෙ නංවාගත් මඟී ප්‍රමාණයෙන් සෑහීමකට පත් රියදුරු තැන ගමන ඇරඹුවා. ටික වේලාවකින්ම මීගමුව වෙරළ තීරයට බස් රථය ඇතුළු වූ බව දැනුනෙ නහය කඩාගෙන පැමිණි මාළු පිළී ගඳත් කරවල ගඳත් නිසා. මුහුදත් කලපුවත් පිසගෙන ආපු හුළඟේත් තිබුනේ මහා කඨෝර බවක්. ඉහෙන් කනෙන් වැගිරෙන දාබිඳු නිවාදමන්න තරම් ඒ සුළඟ ප්‍රමාණවත් උනේ නෑ.

3.26.2013

ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය

මම කියාගෙන යන ජේසුස් වහන්සේගේ ජීවිත කතාව කට්ටියට මතකයි නේද? ජේසුස් වහන්සේගේ උපතේ විස්තරත් උන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ගැනත් කලින් ලිපිවල කතා කළානෙ. අද ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය ගැන කතා කරමු.
කලින් ලිපි මඟහැරුණු අය වෙනුවෙන් තමයි මේ ලින්කු ටික පළ කරන්නෙ.

1. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)
2. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්න
3. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස
4. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස

එදා අන්තිමට අපි හිටියෙ ජේසුස් වහන්සේ ජෙරුසලමට ඇතුළු වෙච්ච අවස්ථාවෙ. මතකද ඒ සිද්ධිය? ජේසුස් වහන්සේ පාස්කු මංගල්‍යය වෙනුවෙන් කොටළුවෙක් පිටේ නැගිලා ජෙරුසලමට අපු හැටිත් ජෙරුසලමේදි රජෙක් වගේ පිළිගැනීමට ලක්වෙච්ච හැටිත් කියලා තමයි එදා කතාව මම ඉවර කළේ. ගිය ඉරිදා ඒ කිව්වෙ ගොක් ඉරිදා (Palm Sunday) ලෝකය පුරා කිතුනු ජනතාව ඒ සිද්ධිය සැමරුවා.

ප්‍රැන්සිස් පාප්තුමාගේ ප්‍රධානත්වයෙන් ගොක් ඉරුදින සැමරීම

3.16.2013

අපිට පාප්තුමෙකු ලැබී තිබේ... (Habemus Papam!) + ඒ වෙනුවෙන් විශේෂ ත්‍යාගයක් (බ්ලොග් කියවන්නන්ට පමණක් බව කරුණාවෙන් සළකන්න.)


අති උතුම් දහසය වෙනි බෙනඩික් පාප්තුමා විශ්‍රාම යෑමෙන් පස්සේ හිස්වූ පාප්ධූරයට පළමුවෙනි ෆ්‍රැන්සිස් පාප්තුමා පත්වෙච්ච බව දැනටමත් හැමෝම වගේ දන්නවා ඇති. ඉතින් මේ දවස්වල පත්තර වල, ගුවන් විදුලියේ, රූපවාහිනියේ පට්ට ගහන ප්‍රවෘත්තියක් හින්දා මම නම් ඒ ගැන මොකුත් ලියන්ඩ බලාපොරොත්තුවක් නෑ. පාප්තුමා වශයෙන් පත්වුනේ කවුද? කොහොමද? කින්ද? මන්ද? ඔක්කොම ඕගොල්ලො දන්නවා ඇතිනෙ. පින්තූරයක් විතරක් දැම්මා.

3.10.2013

මම අකීකරු පුත්‍රයෙක් වෙච්ච හැටි (සාක්කිත් එක්කම)

කට්ටියට මතකද මන්දා මම මීට ටික කාලෙකට කලින් දාපු පෝස්ටුව.


ඒ කතාව බලන්ඩ යන්ඩ ඕනෙ නෑ.  ඔන්න කුට්ටි පිටින් කපලා අරන් මෙතන දැම්මා. ඒ කතාව බලපු අය ඒ ටික මඟ හැරලා පහල කොටහ බලන්ඩ.

3.03.2013

ඔරු දෙකක් රැගෙන යන ආසියාත්‍රා බලන්ට ගියෙමි.

මොනවද මේ ඔරු දෙකක් රැගෙන යන ආසියාත්‍රා කියන්නෙ? වෙන මොකුත් නෙමෙයි අර සිංහලෙන් සී ප්ලේන් (sea plane) කියන්නෙ අන්න ඒවා. ඉතින් මම දැන් ටිකකට කලින් ලංකාවෙ පළවෙනි ජලතර ගුවන්යානා නැවතුම්පොළ බලන්ඩ ගියානෙ. ඔන්න අද කියන්ඩ යන්නෙ ඒ විස්තර. විස්තරවලට වඩා තියෙන්නෙ පින්තූර ඉතින්.

2.23.2013

තවමත් පවතින ලොව ඉපැරණිම හමුදාව

නිල ධජය
මධ්‍යතන යුගයේ අවසාන භාගය (ක්‍රි.ව. 1300 -1500) වන විටත් ස්විට්සර්ලන්තය (Switzerland) දිළිඳුකමේ ගිලී පැවති රටක් විය. විරැකියාවද ඉතා ඉහළ මට්ටමක තිබුණි. කර දඬු උස්මහත්වී තමන් විසින් තමන් යැපිය යුතු වයසට පැමිණි ස්විස් තරුණයෝ රැකියා විරහිතව උකටලීව උන්හ. නමුත් ඔවුන්ට තෝරාගැනීමට එකම මඟක් ඉතිරිව තිබුණි. ඒ ස්විස් කුලී හමුදාවට බැඳී තමුන් නොදන්නා රටක් වෙනුවෙන් යුද්ධයට යාමයි. අඟ හිඟකම් ඉහවහා ගිය සමයක, යුද්ධයෙන් නොමැරුනොත් බඩගින්නේ මැරෙන්න වෙන සමයක හිත හිතා සිටීමෙන් පලක් නොවන බව තේරුම්ගත් බොහෝ තරුණයෝ ස්විස් කුලී හමුදාවට බැඳුනහ. මේ ඔවුන්ගේ කතාවයි.

2.12.2013

පාප්තුමාගේ නික්මයෑම.....

16ව්නි බෙනඩික් පාප්තුමා ධූරයට පත්වූ මොහොත
වත්මන් පාප්තුමා වන දාසය වන බෙනඩික් පාප්තුමාගේ ඉල්ලා අස්වීමත් සමඟම පාප්තුමාගේ විශ්‍රාම යෑම පිළිබඳ ලිපියක් පල කරන ලෙස ඉල්ලා දසතින්ම ඉල්ලීම් ගලා එන්නට උනා. ඉල්ලීම වගේම මරණ තර්ජනත් ආවා. ඒක නිසා ගෙදර ඇවිත් අධික වෙහෙස මහන්සිය මැද්දෙ නිදිකිරා වැටෙමින් තමයි මේ ලිපිය ලියන්නෙ. ඒක නිසා වැරදීම් වලට සමාව භාජනය කරන ලෙස ඉල්ලා සිටිනවා.
පුංචි බෙනඩික්, මේ 1932දි

2.08.2013

ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස

අපි තාමත් ජේසුස් වහන්සේගේ ජීවිත කතාව කියවලා ඉවර නැති බව කට්ටියට මතකද මන්දා? මතකනෙ මම මුලින්ම ජේසුස් වහන්සේගේ උත්පත්තිය ගැන කිව්වා. මෙතනින් ගියොත් ඒ ලිපිය කියවන්න පුළුවන් වේවි. ඊළඟට ජේසුස් වහන්සේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරපු හැටි කිව්වා. ඒ කතාවෙදිනෙ අර මසුන් වැඩි කිරීමේ ප්‍රාතිහාර්‍යය ගැනත් පියතුමෙක් පේදුරුතුමාගේ මාළු කන්න ගිහින් වෙල් බට්ටො කාපු හැටි ගැනත් කිව්වෙ. ඒ කතාව බලන්න පුළුවන් මෙතනින්. ඊළඟට අපි කතාකළා ජේසුස් වහන්සේගේ ප්‍රාතිහාර්‍යය හා උපමා ගැන. ඒ ටික මෙතනින්. වෙලාවක් තියෙනවානම් මුල ඉඳලම හිමීට බලාගෙන ආවත් වරදක් නෑ.

දැන් තියෙන්නෙ ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ ඉතුරු කොටස බලන්න නේද?  මේ කතාවෙදි මුලින්ම මම කියන්නෙ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව ලෝකෙට ප්‍රකාශවෙච්ච අවස්ථාවක් ගැන. ඊටපස්සෙ ඒ කාලෙ ජුදා සමාජය ගැන පොඩි විස්තරයකුත් කරලා අපි යනවා ජේසුස් වහන්සේ පීඩිත පන්තිය කෙරෙහි දැක්වූ ආකල්පය බලන්න. අන්තිමේදී ජේසුස් වහන්සේගේ මරණයට පාර කැපුනේ කොහොමද කියන එකත් බලන්ඩ පුළුවන් වේවි. එහෙනම් කියවාගෙන යමු.

2.03.2013

ශිෂ්‍යභටයා

ශිෂ්‍යභටයෙක් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නෑනෙ. හැමෝම දන්න කාරණාවක්නෙ. ඉස්කෝලෙ පිට්ටනියෙ උදේ ඉඳන් මහා දවාල් ගිනි අව්වෙත් 'ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් රයිට්' කිය කිය එහාටත් මෙහාටත් ගිය ශිෂ්‍යභටයින්ව නොදන්නේ කවුද? ඒ වගේම ජීවිතේ යම් කාලයකදී ශිෂ්‍යභටයෙක්ව හිටපු අයත් මේ ලිපිය කියවන්නෙ නැතෑ. ඒ අයත් තම තමුන්ගෙ කතන්දර දිග අරිවී යැයි හිතනවා. ඒ වගේම මම මෙතන කියන්නේ මම ශිෂ්‍යභටයෙක් වෙලා හිටපු කාලෙ විස්තර හින්දා පස්සෙ ශිෂ්‍යභටයින් වෙච්ච නංගිලා මල්ලිලාත් ඉස්සෙල්ලා ශිෂ්‍යභටයන් වෙච්ච අයියලා අක්කලාත් මා කියන විස්තර මගේ කාලයට අදාළ ඒවා බව සිතට ගනිත්වා. (නැත්නම් කියයි මූ බොරු කියනවා කියලා)

1.28.2013

ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා අවසාන කොටස

අපි මේ ලිපි පෙළ පටන් ගත්තෙ ලන්දේසීන් ලංකාවට ගොඩ බැහැලා රෝමානු කතෝලිකයන්ට එලව එලවා පහරදෙන්න ගත්ත තැනින්. ඔවුන් කරපු දේවල් පළවෙනි ලිපි දෙක කියවපු අය දන්නවා ඇති. ඒ විදිහේ තාඩන පීඩන වලට ලක්වෙලා තමුන්ගෙ ආගම අදහාගන්න බැරුව හිටපු රෝමානු කතෝලිකයන් හොයාගෙන තමයි ජුසේවාස් පියතුමා ආවෙ. පියතුමාගෙ ජීවිත කතාවෙ මුල් කොටසත් එතුමා ලංකාවට ආපු හැටිත් ලන්දේසීන්ගෙන් නූලෙන් ගැලවුනු හැටිත් ඒවගේම මහනුවරදි හිරබත් කාපු හැටිත් මුල් ලිපි වලින් මම කිව්වා.

ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 2 කොටස
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 3 කොටස

දැන් ඉතිරි ටික..

1.24.2013

පාප්තුමා හා මෝරා

දවසක් උදේ පාන්දර පාප්තුමා මුහුදු වෙරළක ඇවිදිමින් හිටියා. ටිකකින් පාප්තුමා දැක්කෙ ඇස් අදහාගන්න බැරි දර්ශනයක්. එංගලන්ත රගර් ජර්සියක් ඇඳගෙන හිටපු මනුස්සයෙක්ව කන්න යනවා ලොකු මෝරෙක්. දත් විලිස්සාගත්තු මෝරා මිනිහාව හපනවා. ඒ මිනිහා පුළුවන් තරම් දඟලනවා බේරෙන්න. එහෙට දඟලනවා. මෙහෙට දඟලනවා. මූදෙ වතුරත් ලේ පාට වෙලා. පාප්තුමාට කරන්ඩ දෙයක් නැතුව දුකෙන් බලාගෙන හිටියා.

මෙන්න එකපාරටම බෝට්ටුවක් කඩාගන බිඳගෙන යනවා මෝරා ඉන්න තැනට. ඒකේ හිටපු තුන්දෙනාගෙන් කෙනෙක් මණ්ඩයකින් ගහනවා මෝරට. මෝරා දඟලද්දි අනිත් දෙන්නා එංගලන්ත මනුස්සයාව බේරාගෙන බෝට්ටුව පටෝගන්නවා. ඒ වගේම මනුස්සයව කන්ඩගිය මෝරට ගහලා ගහලා ගහලා ගහලා මරලා බෝට්ටුවට දාගන්නවා.

මෝරාවයි මනුස්සයවයි දාගෙන බෝට්ටුව ගොඩට එන තැනට පාප්තුමා දිවයන්නෙ බොහොම සන්තෝසෙන්.  බෝට්ටුවේ හිටපු තුන්දෙනා ඇඳගෙන හිටපු ස්කොට්ලන්ත රගර් ජර්සි දැකපු පාප්තුමාට මාර පුදුමයි. "මම ඔබලාට ආශිර්වාද කරනවා දරුවනේ. ඔබලා කරේ ඉතා උතුම් ක්‍රියාවක්. මම අහලා තිබුනෙ ස්කොට්ලන්ත රගර් ෆෑන්ස්ලයි එංගලන්ත රගර් ෆෑන්ස්ලයි නයි වෛරයි කියලා. ඒත් ඔබලා ඒ කතාව බොරු කරා. ඔබලාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරාවි"
Rugby Shark 
පාප්තුමා ඔවුන්ට ආශිර්වාද කරලා ඒ වගේම නොසෑහෙන්න ප්‍රශංසා කරලා පිටව යනවා.

"කවුද බන් ඒ නාකි මනුස්සයා"

"අර පල්ලියේ පාප් කියන්නෙ ඒ මනුස්සයට තමයි"

"මට නම් මිනිහා කියපු මොකුත් තේරුනේ නෑ. මිනිහට මොළේ හොඳ නැද්ද?"

"හරි..හරි.. කතා ඇති. අපි අපේ වැඩේ කරමු. මොකද කියන්නේ මේ ඇමම ගහනවාද? නැත්නම් තව සුද්දෙක්ව අල්ලන් එනවද?"

-පරිවර්තනයකි-

1.21.2013

ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 3 කොටස

ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.

මේ ඇහෙන්නෙ අපේ ඇන්ටෝනියෝ අයියා දෙවෙනි විමලධර්මසූරිය රජතුමාගෙන් අවසර ගන්න හිතාන තමුන්ගෙ යාළුවෙක් හම්බුවෙන්න වෑඋඩ ඉඳලා කන්ද උඩරටට යන සද්දෙ. මොනවා? ඇන්ටෝනියෝ අයියාව දන්නෙ නෑ. වෙන්ඩ බෑනෙ. හා හා කමක් නෑ එහෙනම් පහළ තියෙන ලිපි දෙක කියවලා එන්න. හැබැයි පරක්කු වෙන්ඩ එපා. ඇන්ටෝනියෝ අයියා රජ වාසලට යන්ඩ කලින් එන්ඩ.

 
 ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්..

 එහෙනම් අද කතාව..

1.16.2013

ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 2 කොටස

කලින් කොටස අපි නැවත්තුවෙ කොහෙන්ද? ආ.. ජුසේ වාස් පියතුමාත් එතුමාගේ සහයක ජෝනුත් ලංකාවට එන්ඩ පිටත්වෙච්ච තැනින්නෙ. එහෙනම් අද එතන ඉඳන් කතාව කියවමු. ඊට කලින් නොකියවපු අය කලින් ලිපිය කියවලා එනවානම් තමයි හොඳ. ජුසේවාස් පියතුමා කියන්නෙ කවුද? ජෝන් කියන්නෙ කවුද? ඒගොල්ලො ලංකාවට ආවෙ ඇයි? කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් කලින් ලිපිය කියවන්නම වෙනවා. මෙන්න එහෙනම් ඒ ලිපියට යන පාර.


එහෙනම් අද කතාව පටන්ගමු නේද? කට්ටිය ලෑස්ති නේ?

1.14.2013

ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස

ස්ථානය : කළුතර, කලමුල්ලේ මුදලාලි කෙනෙකුගේ නිවසක්.
දිනය/වේලාව : 17 වෙනි ශතවර්ෂයේ අගභාගයේ අවුරුද්දක දෙසැම්බර් මස 24 වෙනිදා / දහවල්

වැරහැලි ඇදගත් යාචකයෙක් මුදලාලිගේ නිවස අසලට පැමිණෙයි. "මුදලාලි මහත්තයෝ කෑමට යමක් දෙන්න පුළුවන්ද?"

මුදලාලි මහ හඬින් සිනාසෙයි. "මොකද බැරි. උඹ හරිම වාසනාවන්තයි. අද මෙහෙන් විතරක් නෙමෙයි. මේ පළාතෙ ඕනෑම ගෙදරකින් කෑම හොයාගත්තැකි. අද රෑ නත්තල්නෙ මනුස්සයො. අපේ ජේසු ස්වාමිදරුවො ඉපදිච්ච දවස. අද අපේ ගෙවල්වල කෑම බීම ඕනෙතරම් " කිසිදු වෙනසක් නොපෙන්වන යාචකයා බයාදු පෙනුමෙන් බලාසිටී.

1.09.2013

ශු. බයිබලය

ශු. බයිබලය කියන්නේ කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය බව නොදන්නා කෙනෙක් ඉන්නවානම් මෙතනින් එහාට මේ ලිපිය නොකියවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින්න කැමතියි. විහිළුවට වගේ එහෙම කිව්වෙ බයිබලය කියන්නෙ කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය බව නොදන්නා කෙනෙක් නැති හන්දා. ඉතින් කාටවත් මේ ලිපිය කියවීමට අවශ්‍ය මූලික සුදුසුකම නැතැයි කියා මා හිතන්නේ නෑ. එහෙනම් වැලවටාරම් කියවන්නේ නැතුව ලිපිය කියවමු.

1.05.2013

ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස

 ජේසුස් වහන්සේගේ ජීවිත කතාව බොහෝම සරලව කෙටියෙන් කියාගෙන යන අතරෙ, මේ වෙනකොට කොටස් දෙකක්ම කියලා ඉවරයි. මම මුලින්ම මේ කතාව කොටස් හතරකට බෙදුවා.

1. ජේසුස් වහන්සේගේ උපත (මෙතනින් කියවන්න.)
2. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය
3. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය
4. ජේසුස් වහන්සේගේ මරණින් පසු ජීවිතය හා දෙවන පැමිණීම පිළිබඳ විශ්වාසයන්

ලිපි හතරකින්ම දාන්න පොරොන්දු උනාට දෙවෙනියට ලියවුනු ලිපිය බොහොම දිග වෙච්ච නිසා කොටස් දෙකකට කඩන්න උනා. ඒත් ඒ දාපු මුල් ලිපිය නම් ටිකක් සංකීර්ණ පාටයි. මටම ඒක තේරුණා. ලිපිය දිගු වෙන නිසා විස්තර කිරීම් අඩුවීමත් එක්ක තේරුම් ගැනීමේ හැකියාවත් අඩුවෙලා තිබුනා. ඒ ගැන සමාව ඉල්ලන අතර ඉතුරු ටික සංස්කරණය කරලා පළකරන්නයි යන්නේ. එම නිසා මේ ලිපියේදී හැකිතරම් සරලව විස්තර කිරීමට යාමෙන් වචන ගණන වැඩි විය හැකි බව කරුණාවෙන් සළකන්න.

එකම ලිපියක් තුළ ශෛලීන් දෙකක් භාවිතා කළේත් කියවීමේ ඒකාකාරීත්වයෙන් මුදවන්න.  ඒක සාර්ථකද මන්දා. කලින් ලිපියේදී බොහෝදෙනා ඉල්ලූ පරිදි තේරුනේ නැති දේවල් පැහැදිලි කිරීමට වෙනම ලිපි ලියවේවි. ඒවගේම මේ ලිපිය නම් ඉතාම සරල බසින් ලියන්නයි බලාපොරොත්තුව.

 මේ ප්‍රසිද්ධ ජීවිතය ගැන ලියවුනු පළමු ලිපිය

එහෙනම් අද කතාව..
Related Posts Plugin for WordPress, Blogger...