11.27.2010

මැති ඇමතිවරුන්ටත් අධ්‍යාපන සුදුසුකම් අනිවාර්යයි.............

 Title එක දැක්කම හිතෙයි ලංකාව ආසියාවේ ආශ්චර්ය්‍ය වෙන්න යනවා කියලා. දිගටම කියවලා බලන්නකෝ.
 


මගේ කලින් ලිපියේ අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි දේශපාලනය එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් politics.නැත්නම් වෙන මොකක්ද ලංකාවේ අධ්‍යාපන සුදුසුකමක් නැතිව කරන්න පුලුවන් රස්සාව. මම ඉතින් හීනලන්තයේ කතා කියනවා කියලා ලොකුවට පටන් ගත්තට මොකද එක හීනලන්තයේ කතාවයි ලියන්න ලැබුනේ. ලියපු අනික් ලිපි ඔක්කොම තවත් කතානෙ.(Hareeගේ හීනලන්තය හා තවත් කතා කියන එක තවත් කතා හා Hareeගේ හීනලන්තය කියලා වෙනස් කරන්න වෙයිද මන්දා) ඔන්න ඉතින් මම අද තවත් හීනලන්තයේ කතාවක් කියන්න යන්නේ.

සුදුස්සාට සුදුසු තැන හීනලන්තයේ තියෙනව කියලා මම මුලින්ම කිව්වනේ. ඒක හීනලන්තයේ ලොකු පුටුවෙ ඉඳලා පොඩි පුටුවටම තියෙනවා. ලොකුම පුටුව කිව්වේ අගමැතිගෙ ඉඳල පහල කම්කරුවා වෙනකන් තමුන්ගෙ තියෙන සුදුසුකම් අනුව තමයි රැකියාව ලැබෙන්නේ. අපේ රටේ වගේ කාටවත් පන්දම් අල්ලලා කැන්වසින් ගිහිල්ලා හීනලන්තයේ රැකියා ගන්න බෑ.ඒ වගේම තමයි එහෙ පාර්ලිමේන්තු යන්න නියමිත සුදුසුකම් තියෙන්න ඕනේ ආවට ගියාට සල්ලි තිබ්බ පලියට ජනප්‍රියකම් තිබ්බ පලියට හා මැර බලය තිබ්බ පලියට පාර්ලිමේන්තුව තියා එහෙ අහලකටවත් යන්න බෑ.

හීනලන්තෙ පාර්ලිමේන්තු මැතිවරනයකට ඉදිරිපත් වෙන්න නම් අඩුම ගානෙ එරට පිලිගත් විශ්ව විද්‍යාලයකින් ගත්තු ප්‍රථම උපාධියක් වත් (උදා:B.Sc.) තියෙන්න ඕන. හරියට පාකිස්ථානෙ වගේ. ඒ වගේම පළාත් සභා මැතිවරනයකට ඉදිරිපත් වෙන්නත් අඩුම ගානෙ ප්‍රථම උපාධියක් වත්  තියෙන්න ඕන. ප්‍රාදේශීය සභා වලට නම් උසස් පෙළ කරලා තිබ්බම ඇති. මේවා ඒ රටේ තදින්ම ක්‍රියාත්මක වෙනවා. ආවට ගියාට නෙමේ මැතිවරනෙට නාම යෝජනා දුන්නම මැතිවරන කොමසාරිස් පත් කරපු මණ්ඩලයකින් සුදුසුකම් පරීක්ෂා කරලා තමයි නාම යෝජනා අනුමත කරන්නේ.

ඉතින් හීනලන්තෙ තියෙන ඔය ක්‍රමේ නිසා ආවට ගියාට ජනප්‍රිය වූ පමණින් හෝ සල්ලි හෝ මැර බලය තිබ්බ පමණින් කාටවත් පාර්ලිමේන්තු හෝ අඩුම ගානෙ දේශපාලනේට එන්න බෑ. කට්ටිය හිතාවි මේ වගේ ඉහල අධ්‍යාපන සුදුසුකමක් දැමීම ගොඩක් අසාධාරණයි කියලා. එහෙම නම් අනිත් රැකියා වලට අධ්‍යාපන සුදුසුකම බලන්නේ මොකද?  තමුන්ගේ රැකියාව හරියට කරන්න පුලුවන්ද කියල බලන්නනෙ. ඉතින් රටම හසුරවන රැකියාව හරියට කලහැකි පිරිස තෝරගන්න ඔය වගේ අධ්‍යාපන සුදුසුකමක් දැමීම නරකද?

කොහොමද ලංකාවෙත් මේ වගේ සුදුසුකමක් ඕනා කියලා ව්‍යවස්ථාගත කලොත්? ඔයාලගෙ අදහස් පහලින් comment කරන්නකො.

හැබැයි එහෙම වෙයිද කියලා නම් සැකයි. මොකද එහෙම වුනොත් ලංකාවෙ ගොඩක් කට්ටියකට රැකියා නැතිවෙයිනෙ. එකක් කියන්න ඕනේ අපේ ජනාධිපතිතුමයි විපක්ෂ නායකතුමයි දෙන්නටම ඔය සුදුසුකම තියෙනවා. ඉතින් ඒ දෙන්නවත් එඩිතරවෙලා මේ වගේ ක්‍රමයක් ඇතිකලොත් රට මීට වඩා හොඳ වෙයි.


තවමත් මේක අසාධාරණයි කියනවනම් එක එක මැති ඇමතිල ගොල්ල කරන වැඩයි එයාලගෙ අධ්‍යාපන සුදුසුකමයි ටිකක් හොයලා බලන්නකො.

පසුවදන: මෙය කියවූ සහෝදර සහෝදරියන්ටයි, මට  comment හම්බෙනවා බොහොම අඩුයි.එතකොට මට හිතෙනවා මම කියන ඒවා මෙලෝ රහක් නැතුව ඇති කියලා. ඒක නිසා මට ප්‍රතිචාරයක් දීලා යන්න. අඩුම ගානෙ ඔය පහල තියෙන වැකිය copy කරල  comment එකක් විදිහට  paste කරලා යන්නකෝ.

                                                                                                                      -හරී-

"අනේ සහෝදරයා ඔයාගේ බ්ලොග් එක නම් මෙලෝ රහක් නෑ. ආවටත් පාඩුයි.කරුණාකරලා අපිට වද නොදී බ්ලොග් ලියන එක නවත්තන්න. ස්තුතියි."

11 comments:

  1. saho, mamath kalayaka idala ay lankawe ohoma law ekak genna bari kiyala hithala thiyenawa, mona unath hariyata implement karanna puluwan nam saahena watinawa.
    eth pakistan wala oya law eka implement karala una de saho dannawa athi kiyala mama hithanawa. mokada salli walata upadi dena university kada ona tharam loke thiyenawa. ehema unoth ara anaacharya marvin silva illai president kamath.

    anith karanaya thamai aththatama ugath minissu oya deshapalanayata enna kisima kamaththak na. e minissu sadharanawa jeewath wela marenna kamathi..

    anthima washayen kiyanna one ape president thumata mama danna tharamin nam upadiyak na. ethuma widyodaya wishwa widyalaye pusthakaala sahayaka (Assistant librarian) kenek widihata kalak wada karala thiyenawa. eth dan kiyanne upadiyak kala kiyala.

    ReplyDelete
  2. @ snooper:මුලින්ම snooper සහෝදරයගේ ප්‍රතිචාරයට ස්තුතියි...

    ඇත්තම තත්වය හිතුවොත් සහෝදරයා මේක කරන්න අමාරුයි තමයි. මොකද ඔය ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සන්නත් ඕනෙ ඕකෙ ඇතුලෙ දැන් ඉන්න කට්ටියනෙ...ඒත් ඉතින් ජනතාවගෙ පැත්තෙන් මොකුත් කරන්න පුලුවන් නම් තමා හොඳ...අවාසනාවකට රටේ ජනතාවගේ ඇසුත් පාට කණ්ණාඩි වලින් වැහිලා තියෙන්නේ...

    පාකිස්ථානෙ තත්වය ඇති නොවෙන්න නම් කරන්න ඒවා ගොඩක් තියෙනවා..ඒවා මං ඊලඟ post වලින් කියන්නයි ඉන්නෙ...

    උගත් මිනිස්සු දේශපාලනයට එන්නේ නැති එකම හේතුව තමයි දැන් දේශපාලනය කියන්නේ තනිකර මඩ ගොඩක් වීම... ඒත් ඔක්කොම උගත්තු වෙලා හිටියොත් තවදුරටත් ඕක මඩ ගොඩක් වෙන එකක් නෑ...එතකොට උගත්තු දේශපාලනයට එන්නත් පස්ස ගහන එකක් නෑ...

    ඊලඟට මට සමාවෙන්න මම හරියට දන්නේ නෑ ජනාධිපතිට degree එකක් නැති බව (ඔයා කියන විදිහට ) මම අහලා තිබුනා ජනාධිපතිට ජ'පුරේ degree එකක් තියෙන්නේ කියලා...විපක්ෂනායකට නම් degree එකක් තියෙනවා කියලා මම හරියටම දන්නවා..

    මම ජනාධිපතිට degree එකක් තියෙනවා කියලා ඇහුවේ 2005හේ ජනාධිපතිවරණය කාලෙ...මට මතකයි ටියුෂන් සර් කෙනෙක් කියනවා මෙදා නම් දෙපැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලින් degree ගත්තු උගත්තු දෙන්නෙක් කියලා..

    කොහොමවුනත් මට නම් කියන්න තියෙන්නේ මේ යන ක්‍රමේ වෙනස් වෙන්න ඔනෙ කියලා..

    ReplyDelete
  3. @ snooper:මම හොයාගත්තා ..හැබැයි wikipedia එකෙන් තමයි...

    මෙන්න ලින්ක් එක...

    http://en.wikipedia.org/wiki/Mahinda_Rajapaksa

    "He was conferred with two Honorary Doctorates. First one is a Doctor of Law by the University of Colombo on September 6, 2009.Second degree was awarded by the Peoples’ Friendship University of Russia on February 6, 2010 for his contribution for world peace and outstanding success in defeating terrorism."

    degree දෙකයි තියෙන්නෙ. එකක් law college අනික රුසියාවෙන් දීපු එක..

    දෙකම වැඩක් නැති ඒවා..

    ඔබ හරි "worked as a library assistant at Vidyodaya University"

    ReplyDelete
  4. අපොයි... ඇමති වරුන්ටත් අධ්‍යපන සුදුසුකම් අනිවාර්ය කලොත් අපිට ආයෙත් මන්ඩලයක් පත් කර ගන්නයි වෙන්නේ. ඇයි දැන් ඉන්න ඔක්කොටම සුදුසුකම් නැහැනේ.

    ReplyDelete
  5. @ මධුරංග : ප්‍රතිචාරයට ස්තුතියි සහෝ...

    ඒකනෙ රට තාම මේ තත්වෙන් ඉන්නෙ....

    ReplyDelete
  6. අන්තිමට කීයෙන් කී දෙනාද ඉතුරු වෙන්නේ................

    ReplyDelete
  7. මේ කතාව සහතික ඇත්ත ඇමති මන්ඩලෙන් බාගයක්ම කරන වැඩ දැක්කම ..හිතෙන්නේ වැස්සකටවත් ඉස්කෝලේ නොගිය අය කියලයි ! ඇත්තටම එහෙම අයත් ඇති ..

    නියම පෝස්ට් එක

    ජයවේවා !!

    ReplyDelete
  8. @ Hasitha : ප්‍රතිචාරයට ස්තුතියි...
    මොනව කරන්නද ඉන්න එවුන් එක්ක කකා ඉන්නවට වඩා අලුත් කට්ටියක් දාගත්තනම් හරි...

    @ හිස් අහස : ප්‍රතිචාරයට ස්තුතියි...
    ඔව් ඔව්....අධ්‍යපන සුදුසුකම් පෙන්නන්න කිව්වොත් ගොඩක් අයගේ රෙදි ගැලවෙයි.

    ReplyDelete
  9. මෙහෙම බෑලුවොත් ලංකාවේ දේශපාලනයක් නෑ ... , ආදි කාලේ වගේ ඒකාධිපති පාලනයක් තමා යන්න වෙන්නේ ..... හපොයි ....

    ReplyDelete
  10. @ Unknown_User/හිඟන්නා : ඔබගේ ප්‍රතිචාරය මට ගොඩක් වටිනව හිඟන්නා... (හිඟන්නා කිව්වට සමාවෙන්න. අපහාසයට නෙමෙයි ඔයා පාවිච්චි කරන නම නිසයි එහෙම කිව්වෙ )

    ඒත් සහෝදරයා අධ්‍යාපන සුදුසුකමක් තියන අය දේශපාලනයට ආවාම රට ඒකාධිපති වෙන්නේ කොහොමද කියලනම් මට තෙරෙන්නෙ නෑ.

    ස්තුතියි...

    ReplyDelete
  11. dan oya amathi mandale inna,aththatama upaadi thiyena aacharya mahacharya waru(G.L,wage)okkotoma wada mongalne.nadda hodai?

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...