5.11.2011

සරල රොබොට්ටෙක් හදමු....... 2 කොටස

දැන් අපි රොබොට්ටා හදන්නයි යන්නෙ. මගේ රොබොට්ටා හදන පලවෙනි post එක කියෙව්වද? නැති අය පහල link එකෙන් ගිහින් කියවලා එන්න. නැති අය කිව්වෙ කියවපු නැති අය. ඒකෙ තමයි අවශ්‍ය කරන බඩු ගැන දාලා තියෙන්නෙ. ඒක කියවන්නෙ නැතුව රොබා හැදිලි බොරු ඔන්න.

සරල රොබොට්ටෙක් හදමු....... 1කොටස

එහෙනම් ඔක්කොම බඩු හරිනෙ. පටාන්ගමු. මේකත් මතක තියාගන්න මම පිලිවෙලට දිගටම කියාගෙන යනවා. සමහරවිට ඔයාලගෙ parts වැඩ කරන්නෙ නැති වෙන්න පුලුවන්. එතකොට ඉතින් ගම් ගාලා අලවපුවා ගලවන්න බෑනෙ. ඒකනිසා සර්කිට් එක අමුනලා ඉවර වෙලා ඇලෙව්වනම් තමයි වඩා හොඳ. ඒ වුනාට මම පිලිවෙලට කියන්නම්.



2 වෙනි පියවර - SPDT ස්විච් ඇලවීම.

මුලින්ම කරන්න ඕනෙ ඉහල පින්තූරෙ විදිහට බැටරි කේස් එකට SPDT දෙක  ඇලවීම. අංශක 45ක් ඇල කරන්න ඕනෙ. මේක අලවද්දී ලීවර් දෙකේ පිහිටීම ගැන සැලකිලිමත් වෙන්න.

පේනවා නේද මම රූපෙ C,NO,NC කියලා අග්‍ර 3ක් නම් කරලා තියෙනවා. ඒවා ඒ විදිහටම තියෙන්න ඕනා. NC කියන්නෙ උඩම එක.

රතු කරලා තියෙන රවුමෙ විදිහට අග්‍ර දෙක සම්බන්ධ කරන්න. එකක NC එකයි අනිකෙ NC එකයි.
3 වෙනි පියවර - ටයර් සවිකිරීම.

මේ රොබාට රෝද අමුතුවෙන් හයි කරන්නෙ නෑ. මෝටරේ කූරු දෙක රිම් විදිහට සලකලා ටයර් හයි කරන එක තමයි කරන්නෙ. ටයර් විදිහට ගන්නෙ කලින් කියපු හීට් ශ්‍රින්ක් තමයි. පහල රූපෙ විදිහට කූරෙ දිගට දශමයක් වැඩි වෙන විදිහට කපා ගත්තු හීට් ශ්‍රින්ක් කෑලි දෙක කූරු ඇතුලට දාන්න.

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඒ කෑලි දෙක ඇකිලෙන විදිහට රත් කරන්න තමයි. ඒවට ඕනෙ professional බඩු නැතුව ඇතිනෙ. අපිට කොහෙන්ද බූල් බල්ලො නේද?

බවුත් එක චුට්ටාක් විතර රත් කරලා හීට් ශ්‍රින්ක් දෙක රළු කර ගන්න. ලිස්සන්නේ නැතුව පොලොවේ යන විදිහට. පහල රූපෙ තියෙනවා නියම විදිහට ටයර් දැම්මාම පේන හැටි.


දැන් ඔන්න ටයරුත් හරි.

4 වෙනි පියවර - මෝටර් සවි කිරීම.

මුලින්ම තහඩු හරි අලුමීනියම් කෑල්ලක් හරි හොයාගන්න කිව්වා මතක ඇතිනෙ.

දැන් ඒ ඇල්මීනියම් කෑල්ල මෝටර් දෙක හයි කරන්න කැමති angle එකට නවා ගන්න.


ඊට පස්සෙ ටේප් වලින් මෝටර් දෙක අලුමීනියම් කෑල්ලෙ හයි කරන්න.

ඊට පස්සෙ තියෙන්නෙ මෝටර් දෙක අලවපු තහඩු කෑල්ල බැටරි කේස් එකේ අලවන්න.


කියන්න අමතක වුනා. මෝටර් දෙක ඔය විදිහට + - බලලා අලවන්න ඕනෙ වුනාට වෙසක් මෝටර් වල + - හොයන්න බෑ. ඒක හින්දා මෝටර් අලවන්න කලින් මෝටර් කැරකෙන දිශාව අඳුනාගන්න. (බැටරියකට තියලම තමයි ඉතින්)ඊට පස්සෙ විරුද්ධ දිශාවලට කැරකෙන විදිහට හයි කරන්න.


5 වෙනි පියවර- පසුපස රෝදය හැදීම

දැන් කට්ටිය අතට ගන්නකො අර ලොකු ක්ලිප් එක හරි කම්බි කෑල්ල හරි. ඊට පස්සෙ රෝදෙ හරි බෝලෙ හරි අරගෙන ඉහල රූපෙ විදිහට හදා ගන්න.

ඊට පස්සෙ පහල විදිහට ගම් ගාලා අලව ගන්න.


කොහොමද රොබා පට්ට නේද? දැන් ඉතින් සර්කිට් එක පාස්සන්න තමයි තියෙන්නෙ.

මම ඊලඟ post එකෙන් ඒක කරන හැටි කියලා දෙන්නම්කො.

සරල රොබොට්ටෙක් හදමු....... 3 කොටස

ඔයාලගෙ යෝජනා, චෝදනා, ප්‍රශ්න,ගල්, මුල්, මල් හැම එකක්ම ඔය පහල කොටුවට හලලා යන්නකො.

-හරී-

ප.ලි. : ඔය Like button එක තියෙන්නෙ ඔබන්න. බය නැතුව ඔබපල්ලා කැඩෙන්නේ නෑ.

17 comments:

  1. ඉක්මනට දාන්න කිව්වට මෙච්චර ඉක්මනට ම පෝස්ට් එක ලියයි කියලා හිතුනේ නෑ.කමක් නෑ. බඩු ටික හොයා ගන්නත් වෙලාව මදි උනා. කොහොමද මූ බාධක මග ඇරලා යන්නේ ??? මොකද්ද ඕකේ සෙන්ස් වෙන්නේ ?

    ReplyDelete
  2. @ මධුරංග: හදලා ඉවර නෑ බං ... තව post එකක් දාන්න වෙනවා... මට හදිස්සියෙ වැඩක් සෙට් වෙලා ... පස්සෙ ඉතුරු එක දාන්නම්....

    ReplyDelete
  3. කෝ මගේ ප්‍රශ්නෙට උත්තර ????

    ReplyDelete
  4. හිටු අදම ගිහිං පටන් ගන්නවා...

    ReplyDelete
  5. @ මධුරංග :ඉඳපන් දෙන්න උත්තර... ඕකට tactic sensor එකක් තියෙනවා... ඒකට බාධකයක් අහුවුනාම හැරිලා යනවා...බඩු ටික ගෙනත් හදන්න ගත්තනම්.....

    @ prasanna86k :හදමු හදමු...හැදුවට පස්සෙ රොබාගෙ පින්තූරයක් දාන්න ඕනා හරිද?
    ස්තුතියි..

    ReplyDelete
  6. tactic sensor එක පළවෙනි පෝස්ට් එකෙං ගත්තද දැං?

    ReplyDelete
  7. @ සසීන්ද්‍ර වීරසිංහ :අහන දේ තේරෙන්නෙ නැතෝ... කොහොම වුනත් ඕනා ඔක්කොම දේවල් මම පලවෙනි post එකට දාලා ඇති...

    ReplyDelete
  8. oya kola patata thiyenne tactic thama

    ReplyDelete
  9. @Anonymous :ඔව්..ඔව්...

    ReplyDelete
  10. තෑන්ක්ස් හරී ..........

    ReplyDelete
  11. @ කල්හාර දිසානායක: ස්තුතියි ප්‍රතිචාර දක්වලා යනවාට...

    ReplyDelete
  12. මාත් එකක් හදල බලන්න ඕනෙ. බොහොම ස්තූතියි ! ලිපියට

    ReplyDelete
  13. @෴ .:GiniMakara :.෴ :ගිනි මකරාගෙ වැඩ පෙන්නන්න ඕනෙ එහෙනම්... ස්තුතියි...

    ReplyDelete
  14. නිර්මාණය ගොඩක් හොඳයි. AA බැටරි වෙනුවට මම NOKIA BL-5C බැටරියක් දැම්මා. පරණ පෝන් එකකින් බැටරි කන්ටැක්ට්ස් දෙකක් ගලවාගෙන වෙරෝ කෑල්ලකට පාස්සලා ගත්තා. බැටරි බැස්සම මල්ටි චාජරයෙන් චාප් කරගන්නවා.
    -පොඩි එකා-

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි.. දැන් කුරුමිණියා ගානට වැඩද?

      Delete
  15. ඒ .. මේක ෂෝයි අනේ.. බඩු ටික හොයන හදනවා මමත්..

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...