5.20.2011

සරල රොබොට්ටෙක් හදමු....... 4 කොටස

කලින් post  එකට comment වැටෙන්නත් කලින්ම හිතුනා ඔන්න ඔය ඉතුරු ටිකත් ඉවර කරනවා කියලා. කලින් post  කියවපු නැති අය පේලියට කියවගෙන එන්න.

සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටස
සරල රොබොට්ටෙක් හදමු....... 2කොටස
සරල රොබොට්ටෙක් හදමු....... 3 කොටස


දැන් අපි ගාව ඉන්නවා මේ වගේ රොබෙක්. ඌට ඇඳුමක් අන්ඳලා රොක් කරලා ගන්නයි යන්නේ.

11 පියවර - on/off ස්විච්චය දැමීම.
ඕනවෙලාවට බැටරි දානයි එපා වෙලාවට ගලවන්නයි මල කරදරේනෙ. ඒක නිසා අපි රොබාට on/off ස්විච් එකක් දාමු. ඒකට කරන්න ඕනෙ හරිම සුලු දෙයක්. පහල රූපෙ විදිහට මෝටර් එකක ඉඳන් බැටරි එකට යන වයර් එක කපලා ඒ මැද්දට ස්විච් එක සවිකිරීම. හරිම ලේසියි.


ඒකත් බැටරි කේස් එකටම තියලා අලවගන්න.

12 පියවර - ඇඳුම් ඇන්දීම

පරණ ප්ලාස්ටික් පියනක් ඕනෙ මේ වැඩේට නම්. ජෙල් එකක හරි ක්‍රීම් එකක හරි පියනක් නම් වඩා හොඳයි.


ඊට පස්සෙ ඒක තුන් පැත්තකින් කපා ගන්න. මෝටර් දෙකට හිල් දෙකකුයි ස්විච් දෙකට හිලකුයි එන විදිහට.


කැමති විදිහකට පාට කරගන්න.


දැන් ඉතින් super glue ටිකක් දාලා අලවගන්න.




 ඔන්න වැඩේ ඉවරයි.

දැන් හොයාගන්න බාධක ටිකක්. වතුර බෝතල් ටිකක් ගන්නකෝ. ඊට පස්සෙ ස්විච් එක දාන්නයි තියෙන්නෙ. කොහොමද රොබා බාධක මග ඇරගෙන යන අපූරුව.

ඔන්න මගේ වැඩේ ඉවරයි. මම ඔයාලට මම ඉගෙන ගත්තු දෙයක් කියලා දුන්නා. දැන් ඔයාලා කැමතිනම් පහත තියෙන ඒවා කරන්න පුලුවන්.

1) ප්‍රතිචාරයක් හරි like එකක් හරි දීලා යන්න පුලුවන්.
2) තව කෙනෙකුට කියවන්න සලස්වන්න.
3) රොබෝ හදලා ඉස්කෝලෙ ප්‍රදර්ශනයකට තියන්න.
4) බ්ලොග් නොකියවන ඔයාලගෙ යාලුවෙකුට, නංගියෙකුට මල්ලියෙකුට කියලා දෙන්න.
5) ඔයාලා හදපු රොබෝගෙ පොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි මට එවන්න. (hareenlaks@gmail.com) මම ඒවා වෙනම post එකක් දාන්නයි ඉන්නේ.

මේකත් බලන්නකෝ.

සරල රොබොට්ටෙක් හදමු....... කට්ටිය හදපු රොබෝලා...


තව රොබෝ කෙනෙක් අරගෙන එන්නම්.

-හරී-

31 comments:

  1. අඩෙ මරුනෙ.. :P :P........මෙ පුහුනුවද මොකක්ද එක ඉවර උනාම හදන්න ට්‍රයි එකක් දාන්න ඕනි :P :P

    ReplyDelete
  2. niyama wadak, ela. Thawath robowek enakam api innawo

    ReplyDelete
  3. සිරා රොබොට්ටා... ඔන්න මමත් ඕනකරන අඩුම කුඩුම ටික ගෙන්න කඩේ යන්නයි ලෑස්තිය :) :)

    ReplyDelete
  4. එල ලිපියක් මචෝ.. තව මේ වගේ ඒවා දාන්න.

    ReplyDelete
  5. @ මදුශාන් :පුහුණුවට ගිහින් ඇවිත් හදමු එහෙනම්... හදලා ඉවරවෙලා මට mail එකකුත් දාන්න ඕනෑ හොඳද.

    @ Ano :අනිත් රොබා එනකම් නිකා ඉන්න එපෝ.... ඕකව හදන්න try එකක් දෙන්ඩෝ....

    @ ප්‍රභාත් චාමික:හරියට හරි... හදමු රොබා...
    ප්‍රතිචාරයට තුති.......

    @ Kanishka | කණියා :ස්තුතියි සහෝදරයා... ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර තමයි මාව දිරිමත් කරන්නෙ...

    බුකියෙ like දාපු tweet කරපු හැමෝටම පින්...

    ReplyDelete
  6. අනිවා අනිවා!!!

    ReplyDelete
  7. මේක මම හදල දෙනවා මගේ පොඩි එකාට ..........

    ReplyDelete
  8. @ කල්හාර දිසානායක :අහන්නත් සංතෝසයි....
    හදපු එකාගෙ පොටෝ එකක් එවන්න ඕනෙ මතක් කරලා...

    ReplyDelete
  9. accept my congratulations on the completion of the article series. ළඟදීම තවත් gadjematics ලිපි පෙළක් බලාපොරොත්තු වෙමි. !!

    ReplyDelete
  10. @ TechConsultLK :බොහොම ස්තුතියි සුභපැතීමට....
    මම බොහොම සන්තෝසෙන් ඒක බාරගන්නවා...

    ඊලඟට එකක් දානවද කියලා තීරණය වෙන්නේ කට්ටිය මේකෙන් ප්‍රයෝජනයක් ගත්තාද කියන එක මත තමයි....

    කවුරුත් වැඩක් ගන්නේ නැත්නම් දාලා වැඩක් නෑනෙ සහෝ.....

    ReplyDelete
  11. මචෝ... තරහ නැතුව මේ රොබාගේ පෝස්ට් ටික PDF කරලා දාහංකෝ බං...

    prasanna86knew@gmail.com කියන එකට ඈහැක් නම් මේල් කරපං.

    ReplyDelete
  12. හරී සහෝ මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. බැරිවෙලාවත් මෙ රොබොට්ටා කෙලින්ම ගිහින් කොහේ හරි හැපුනොත් ස්විච් 2න ඕෆ් වෙනවනේ... :|

    ReplyDelete
  13. මචන් නියම post එක.....තව ඔයවගේ රොබට් ලා හදන හැටි තියන වෙබ් සයිට් දන්නවනම් මට ලින්ක් එක එවපන්කෝ බන්....මම reload දාගෙන internet එන නිසා ඔයාගේ comment එක බලන්න බැරිවෙයි.....මෙන්න number එක 0771496499.....ස්තුති...... :D

    ReplyDelete
  14. ඔන්න මම රොබොට්ටා හදල ඉවරයි :) :) තව වැඩි දියුණු කිරීම් කරන්න තියෙනව. ඒව virtion 2.0 එකේදි ආයෙත් නිවාඩු වෙලාවක් ලැබුනම කරන්නම්. ඔන්න මම photo ටිකක් e-mail කරා ඒ උනත් මම ගාව camera වක් වත් camera phone එකක්වත් නැති නිසා lap එකේ web cam එකෙන් තමයි photo ගත්තේ. quality යනම් ටිකක් බාලයි. එහෙනම් සහෝ තව මේවගෙ රොබොට්ටෙක් එනකම් බලන් ඉන්නවා.ආ කියන්න අමතක උනානෙ, බවුත් එක හැර අනිත් සේරම අරගෙනත් ගියේ රුපියල් 250 ක් විතරයි :)

    ReplyDelete
  15. හා....ඩේ!
    හදලත් ඉවරයි!
    එහෙනම් වැඩේ පටාංගන්න ඕනෙ!
    මම බලාගෙන හිටියෙ ඔක්කොම ලිපි ටික දාල ඉවර උනායින් පස්සෙ හදන්න ගන්න, එහෙනම් දැං බඩු ටික හොයාගෙන වැඩේට බහින්න ඕනෙ :D (අපරාදෙ මේකෙ වීඩියෝ එක්කුත් දාන්නනෙ තිබුනෙ අයිය!)

    ReplyDelete
  16. එලකිරි මමත් හදලා දාන්නම්. බොහොම ස්තූතියි සහෝ මේ පෝස්ට් සෙට් එකටම !!!!

    ReplyDelete
  17. @ prasanna86k : හරි මම කරන්නම්.. e-mail කරන්නත් ඇහැක් වෙයි ...

    ප්‍රතිචාර දැක්වීම ගැන සතුටුයි සහෝදරයා....

    ReplyDelete
  18. @ ප්‍රභාත් චාමික :ඒක ඇත්ත සහෝ... ස්විච් දෙකම tik වෙනවා කියන්නෙ මෝටර් දෙකම කැරකෙන පැත්ත මාරු වෙනවා කියන එකයි... එතකොට රොබා කෙලින්ම පිටිපස්සට යාවි....

    මට බොහොම සංතෝසයි සහෝදරයා ඔයා රොබෝ හදපු එක ගැන...

    මට e-mail එක ලැබුනා...මම ඒ ගැන post එකක් දාන්නම්....

    ඊළඟ රොබෝ ළඟදීම දෙනවා....

    ReplyDelete
  19. @ DULA :සිංහල බ්ලොග් අවකාශයේ නම් ඔය වගේ ඒවා ගොඩක් අඩුයි මල්ලී...මම ටිකක් හොයලා ඔයාට කියන්නම්..... ස්තුතියි ප්‍රතිචාරයට...

    ReplyDelete
  20. @ සසීන්ද්‍ර :හරිම සංතෝසයි මට... හොඳයි හොඳයි දැන්මම වැඩේ පටන් ගත්තනම්......ප්‍රභාත් චාමික මට එවපු video එකක් තියෙනවා ඒක ඊලඟ * එකට දාන්නම්කො...

    ReplyDelete
  21. @ මධුරංග :එලම කිරි....ප්‍රතිචාරයට ස්තුතියි... රොබා හදන්න බැලුවනම්....

    ReplyDelete
  22. දෙවනි රොබා දෙනවා නේද..........

    ReplyDelete
  23. @Ano :දෙනවා දෙනවා... තාම පරීක්සන මට්ටමේ...

    ReplyDelete
  24. නියමයි මරැ වැඩක්.කරන්න කාලය ෙහායාගන්න ඒක තමයි අමාරැ.උත්සහ කරන්නමර්‍

    ReplyDelete
    Replies
    1. හදලා කරලා පිංතූරයක් එවන්නකො මටත්...

      Delete
  25. සිරා මචං.. මම බුකියේ ෂෙයාර් කලා උබේ බ්ලොග් එකේ ලින්ක් එක දාලා..

    ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම පින්..

      වැඩි වැඩියෙන් ලැබේවා!

      Delete
  26. හදන්න ඕනේ. මදලම කියන්නම් :)

    ReplyDelete
  27. මරු මරු... වෘත්තිමය විදිහටම රොබෝවගේ වැඩ නිම කරලා තියෙනවා... ජය වේවා එහෙනම් ඈ...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...