10.22.2014

හුහ්.. අපේ එකිත් ගියානෙ ඌට පෙන්නන්ඩ


"උඹ මහා මෝඩියෙක්. උඹ කළේ වටින වැඩක්ද? උඹ අපිව කෑවා. උඹ ඔහොම කළේ නැත්නම් අද අපිට කොහොම ඉන්න තිබුනද?" දවසක් මම මාමලාගේ ගෙවල් පැත්තෙ යනකොට ඔය වගේ කතාවක් ඇහෙනවා ගේ ඇතුළෙන්. ගෙදර රණ්ඩුවක්ද කොහෙද? මේ වගේ වෙලාවට ගෙට යන එක හොඳ නැති හින්දා මම ටිකක් එළි පහළියෙ සද්ද නොකර හිටියා. ඒකත් ඉතින් වැරදි වැඩක් තමයි. ඒත් ඉතින් වහලෙ උළු දෙදරන තරම් සද්දෙන් රණ්ඩුවක් යනකොට කාටද බය නැතිව ගෙට යන්න පුළුවන්. කතාවෙ හැටියට බනින්නෙ ඒ ගෙදර අක්ක කෙනෙකුට වගේ.

"උඹට වටිනවද ගිහින් ඕක ඌට පෙන්වන්ඩ? උඹ නම් මහ මෝඩියක්. උඹට ඉවසලා ඉන්ඩ බැරිඋනානෙ." තත්වය ටිකක් බරපතලයි වගේ. අනුන්ගෙ කුණු ඇඟේ දාගන්න හොඳත් නෑ. අනුන්ගෙ සීනි කිරන්න යන්න හොඳත් නෑ. මම හෙමින්ම මාරුවෙලා එන්නයි හැදුවෙ. ඒත් ගේට්ටුව ගාව හොරගල් අහුලලා ආපහු යන්න හැරෙන මාව මාමා දැක්කා.

"ආ.. පුතා." මාමාගෙ කටේ සද්දෙ අඩුවෙලා. "එන්න ගෙට. පොඩි කේස් එකක් පුතා. අක්කා අර අල්ලපු ගෙදර දෙමළාට පෙන්වලානෙ"

මගෙ ඇස් උඩගියා. අක්කත් මූණ ඇඹුල් කරගෙන මම දිහා බලන් හිටියෙ එයා අතේ වැරැද්දක් නෑ කියන්න වගේ. මටත් හිතාගන්න බෑ මොනවා කියනවාද කියලා. මේ වගේ ප්‍රශ්න කෑකෝ ගහලා විසඳන්න පුළුවන් ඒවා නෙවෙයිනෙ. ඒත් මාමා මගේ වචන අහන තත්වෙක නෙමෙයි හිටියෙ. ඊටත් අනුන්ගෙ පවුල් ප්‍රශ්නවලට අතදාන එක හොඳ වැඩකුත් නෙමෙයි. මම හිස් හැඟීමක් හිතේ පුරවගෙන මාමාගෙ මූණ බැලුවා.

"මගේ බලාපොරොත්තු සේරම ඉවරයි පුතා. සේරම වතුරෙ ගියා" මාමා මගේ මූණ දිහා බැලුවෙ ලෝකෙම කඩාවැටිච්ච ගානට. "රටටම පේන්න ලොකු මඟුලක් කාලා දීග යන්න තිබ්බ වාසනාව උඹ නැතිකරගත්තා කියලා හිතපන්. මෝඩි" මාමාගෙ සද්දෙ ආයෙම වැඩි වේගන එනවා.

පරක් තෙරක් නොදැන ඒගොල්ලන්ගේ පෞද්ගලික ප්‍රශ්නයකට මැදිහත් වන එක නුවණට හුරු නැති නිසා මම වචනයක්වත් කතා කරන්න ගියේ නෑ. මාමා අක්කට දෙස් දෙවොල් තියෙන එක නැවැත්තුවෙත් නෑ. අක්කත් කඳුළු පෙර පෙර හොටු හූර හූර බැනුම් ඔක්කොම අහගෙන හිටියා.

"අර යන්නෙ හැඩි දෙමළා" මාමා පාරෙ යන කාර් එකකට අත දික්කරා.

"ඒ අර දෙමළ මහත්තයා නේද?"

"දෙමළ මහත්තයා?? මොන මහත්තයෙක්ද ඌ? පර දෙමළෙක් මිසක්. මේකිව මට මරන් කන්න හිතෙන්නෙ"

මාමා එකදිගට කියෝනවා ආවේස වෙච්ච කපුවෙක් වගේ. මට තවත් එතන ඉන්න බෑ බෑ වගේ හිතුනා.

"එහෙනම් මම ගිහින් එන්නම් මාමේ" මම යන්න එළියට බැස්සා.

"දුවේ. ඕක මල්ලිට පෙන්වන්නකෝ. එයත් දන්නවා ඇතිනෙ ඔව්වා ගැන" කුස්සිය පැත්තෙන් නැන්දගෙ සද්දෙ ඇහුන මාව නිකම් කරකවලා අතඇරියා වගේ. මොන අණ්ඩර දෙමළයක්ද මේ කියන්නෙ?

මෙතෙක් වෙලා අඬ අඬ හිටපු අක්කා ජංගමෙත් අරගෙන මා ළඟට ආවා. "බලන්නකො මල්ලි මේ මැසේජ් එක."

You have Won 1,000,000$ from Nigerian mobile company. We kindly request your bank details to deposit that. Further details please Log in to our website www.abc.com. This is valid only two weeks. (ඔබට නයිජීරියානු දුරකථන සමාගමකින් ඩොලර් මිලියනයක දිනුමක් ලැබී තියෙනවා. ඒ මුදල තැන්පත් කිරීම සඳහා ඔබගේ බැංකු ගිණුම් විස්තර අවශ්‍යයි. වැඩි විස්තර සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න. මෙය වලංගු වන්නේ සති දෙකක් පමණයි. )

"ඉතින් මොකක්ද දැන් ප්‍රශ්නෙ?" මම මාරුවෙන් මාරුවට ගෙදර අයගෙ මූණ බැලුවා. ඒ අයත් හරිම පුදුමයෙන් මා දිහා බලාඉන්නෙ ජෝක් එකක් කළාම හිනානොවෙන ටියුබ් ලයිට් එකක් දිහා බලන ගානට. මම ඒගොල්ලො දිහා ඊටත් වඩා පුදුමෙන් බලන්ඩ ඇති.

"මෙයා ඕක මොකක්ද කියලා අහන්න අර දෙමළාගෙ ගෙදර ගිහින්. ඌ කියලා තියෙනවා 'ඕක බොරුවක්. අපේ අකවුන්ට් එකේ විස්තර ගන්න කරපු වැඩක්' කියලා"

"ඉතින්?"

"ඕකා උගතා උනාට මහ කට්ටයා. මේකිව අන්ඳලා ඌ ගොඩගියා. නෙදකින් අපේ වැස්සි. මේකිත් ගියානෙ ඌට පෙන්වන්ඩ" ආයෙමත් මාමාගෙ දත් කිරි කිරි ගාන්න ගත්තා.

"හෑ. ඒ කොහොමද මාමෙ? මේක බොරුවක් කියලා තමයි මටත් කියන්න තියෙන්නෙ"

ඒ පාර මාමා මා දිහා බලන්නෙ මෝඩයෙක් දිහා බලන ගානට. මාමා සද්දෙ හිමීට අඩුකළා මට රහසක් කියන ගානට.  "පුතාලා අපි නොදන්නවා උනාට උන් හෙන කට්ටයෝ. දැක්කා නේද ගිය උජාරුව මගේ සල්ලිවලින් ගත්තු කාර් එකේ" හිනාව මගෙ කටින් පැන්නා. 

"නෑ.. මාමේ මේක බොරුවක්" මම කිව්වෙ හිනාවේවී. ඒත් ඒක පිළිගැනීමේ සූදානමක් මාමගේ හිතේ නැති බව මූණෙන් පෙනුනා. 'දෙමළට කලින් මූට පෙන්නුවා නම් මූයි මගෙ සල්ලි වලට විදින්නෙ' මාමා එහෙමත් හිතන්න ඇති.

මම ගැන වැරදියට හිතුවත් ගෙදර රණ්ඩුව නැවතුන එකම මදෑ කියලා හිතාගෙන මම ආපහු ආවා. මේ වගේ මිනිස්සුන්ව මුලා කරලා ක්‍රෙඩිට් කාර්ඩ් තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු වගේම යූසර් නේම් පාස්වර්ඩ් ගන්න එකට කියන්නෙ Phishing කියලා. අන්තර්ජාලයට ආගන්තුක අය වගේ එදිනෙදා අන්තර්ජාලය පාවිච්චි කරන අපි වගේ අය වුනත් මේකෙ ගොදුරක් වෙන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලන්ටත් මේ වගේ තොරතුරු ඉල්ලලා ලැබෙන ඊමේල් හා කෙටි පණිවිඩ නොසළකා හරින එක තමයි වඩා හොඳ. 

52 comments:

  1. අප්පෝ අපිටත් හම්බ වෙනවා නිතරම ඔය වගේ මෙසේජ්. :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. බේරිලා ඉන්න ඕනා ඒවායින්.

      Delete
  2. ඒ සල්ලි හම්බුනානං දැං ගේකුත් හදලා වාහනේකුත් අරං කකුල් දෙකතත් උඩ තියං ඉන්නේ..

    ජ ය

    ReplyDelete
    Replies
    1. හි. හි. විදානෙගෙ හීන. :)

      Delete
  3. මේවා දැන් සාමාන්‍ය msg වෙලා...... අදයි..... ඔබේ අඩවියට ගොඩ උනේ.....

    ReplyDelete
    Replies
    1. ඔව්. නිතරම එනවා මේ වගේ මැසේජ්.

      සාදරයෙන් පිළිගන්නවා මගේ අඩවියට.

      Delete
  4. මගේ පන්ති මිතුරියක් ඉන්නවා කතරගම ප්‍රදේශයේ පදිංචි. දැනට මාස තුනකට විතර ඉස්සර රෑ 10.00 විතර ඒ මිතුරිය මට කතාකළා. 'අනේ බලන්නකො මගේ ෆෝන් එකට මෙන්න මෙහෙම එස් එම් එස් එකක් ඇවිත් තියනවා. අරයානම් (එයාගේ මහත්තයා) කියනවා විස්තර යවමු කියලා. (මේ දෙන්නම් විශ්‍රාමිකයෝ. ඒ දෙන්නගේ විශ්‍රාම පාරිතෝෂිකය බැංකුවේ ස්ථිර තැන්පතු වල දාලා එන ආදායමෙන් තමයි ජීවත් වෙන්නේ) මටනම් හිතෙන්නේ මේක බොරුවක් කියලා. ඔයා මොකද කියන්නේ' කියලා මගෙන් ඇහුවා. මම කිව්වා 'ඔයාගේ මහත්තයට දෙන්නකෝ ෆෝන් එක' කියලා. මිනිහා ෆෝන් එක ගත්තම මම ඇහුවා, 'ඈ යකෝ, උඹ පිරිස් කළමනාකරණය අරක මේක දන්න ලොක්කෙක් නේද? උඹ අහලා නැද්ද මේ ෆෝන් වලින්, ඊ මේල් වලින් මිනිස්සුන්ව ගසාකනහැටි. අම්මපා උඹේ මොලේ තියෙන්නේ කොහෙද? බලපන් උඹට අං තියනවද කියලා' කිව්වා. ඊට පස්සේ මේ කපටිකම ගැන දීර්ඝ විස්තරයකුත් කියලා දුන්නා.

    හැබැයි මම හිතනවා ලෝකෙපුරාම මේ කපටිකමට අහුවෙන සෑහෙන ගණනක් ඉන්නවා.

    අර පිතූරේ ඉන්න එක්කෙනා වැරදි පැත්තට හැරිලනේ පෙන්නන්නේ

    ReplyDelete
    Replies
    1. ඒවගේ දැනුම් තේරුම් තියෙන මිනිස්සුත් අහුවෙනවානම් කවර කතාද?

      මම හිතන්නේ සල්ලි පේනකොට මිනිහගෙ බුද්ධියද, දැනුමද, ස්ථානෝචිත ප්‍රඥාවද, අරකද මේකද ඔක්කොම යටවෙලා තන්හාකම පෙරේතකම ඔළුවට ගහනවා.

      අහුවෙන අය නම් ඕන තරම් ඇති.

      අනික් පැත්තෙන් ගිහිල්ලයි බලන්න ඕනා.

      Delete
  5. බැක් ලින්ක් ටිකක් හලාගෙන යන ගමන් අහම්බෙන් දැක්කේ බ්ලොග් එක. ඕක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ඒත් තවමත් ඕවට අහුවෙන කට්ටිය ඉන්නවා. මොනවා වුනත් ලස්ණට ඕනැම කෙනෙක්ට තේරැම් ගන්න පුලුවන් විදියට දැනුවත් කරපු එකට ස්තුතියි. නිකන් ඉන්න ගමන් ඕප දූපයක් එහෙම බලන්න ඕන නම් Gossip Lanka News/ පැත්තටත් ඔලුව දාලා යන්න.

    ReplyDelete
    Replies
    1. ලින්ක් හලාගෙන යන එකත් මේ වගේම වැඩක් තමයි. ;)

      Delete
  6. අනේ මාමේ...අපොයි මාමේ....

    ReplyDelete
    Replies
    1. මාමාට මොළේ දෙන්න බෑනෙ.

      Delete
  7. මට එක පාරක් බහමාස් දූපතේ දවස් තුනක නිවාඩුවක් ගතකරන්න අවස්ථාවකුත් හම්බ වුණානෙ ඔය විදිහටම. SMS එකක් නෙවෙයි, කෙලින්ම call කරල කිව්වෙ. සම්පූර්ණයෙන්ම free ද කියල ඇහුවහම කියනව ටිකට් එකට ඩොලර් 50 ක් ගෙවන්න ඕනෙ, එච්චරම තමයි මගෙ අතින් වියදම් වෙන්නෙ කියලා. අපි අහු වෙයි ඕවට...... :D

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ඔයා ඒ චාන්ස් එක මිස්කරගත්තද , මම නං ගියමාසේ ගිහිල්ලා ආවා

      Delete
    2. ඒක නම් මොකද්ද.. ගිය මාසෙ තව පොඩ්ඩෙන් ඩොලර් 100,000 ක ලොත‍රැයියකුත් ඇදෙනවා. සල්ලි ටික කෙලින්ම අපේ එකවුන්ට් එකට එවන නිසා එකවුන්ට් එක වැඩද කියල බලන්න ඩොලර් 40ක් එයාලගෙ එකවුන්ට් එකකට මාරු කරන්න කියල විතරමයි කිව්වෙ.

      Delete
    3. උදිත,
      කෝල් නම් තාම මට හම්බවෙලා නෑ. අපරාදෙ කෝල් කරලම කිව්ව එකේ බහමාස් ගිහින් එන්නනෙ තිබ්බෙ. :D

      දෙවෙනි කේස් එකේදි මුලින් උන්ගෙන් 40ක් එවලා පස්සෙ ඉතුරු ටික එවන්න කියන්න තිබ්බෙ.

      @අටම්,
      කමෙන්ට් එක දාලා තියෙන්නෙත් මහ දවල්. දවල්ට නිදාගත්තම ඔය වගේ හීන පේනවා. :D

      Delete
  8. උඩ දාලා තියෙන පින්තූරේ අපූරුයි හරී....:D

    ReplyDelete
  9. මම දිනලා තිබ්බා එකසැරයක් , ප්‍රයිවට් ජෙට් එකක් , අපරාදේ ගන්න යන්න බැරිවුනා නේ , ඉල්ලලා තිබ්බේ ක්‍රෙඩිට් කාඩ් විස්තර විතරයි . අපරාදේ දුන්නේ නැත්තේ , නැත්තම මේ බ්ලොග් බලන වෙලාවේ ජෙට් එකේ නැගලා රවුමක් ගහන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. ඒක නොගත්තු එකමයි හොඳ ඉවාන්. නැත්නම් ඕක මෙහෙට ගේන්න ගියවෙලේට කීයක් නම් ටැක්ස් ගහයිද අපේ උන්දලා. ඒත් කමක් නෑ කියමුකො. ඊටපස්සෙ නෑදෑයින්ව යාළුවන්ව දාගෙන රවුම් යන්න උනාම. කාටද ඔය හැටි වෙලාව තියෙන්නෙ.

      Delete
  10. මුලිං කියාගෙන ආපු හැටියට මං හිතුවෙ අලි ගිනි විජ්ජුම්බරයක් වෙලා හරී ටත් හරී කියලා. චැහ් විතරක්!

    ReplyDelete
    Replies
    1. :) ඕකකට අහුවුනා කියන්නෙත් අලි ගිනි විජ්ජුම්බරයක් තමා.

      Delete
  11. චැහැ,අපිට ඔය ඩොලර් වලින් තියා රුපියල් දහයේ මහජන සම්පතක්වත් ඇදෙන්නේ නැහැනේ මලාට.ඒ නිසා බය වෙන්ට ඕනේ නැහැ.:D

    ReplyDelete
    Replies
    1. ස්විප් ඇදුනත් ලෙඩේලු බන්. එක එකා කුට්ටි කඩාගන්න බලන් ඉන්නවලු. මේ ළඟදි මගේ යාලුවෙක්ට රුපියල් දෙදහක් ඇදිලා. ටිකට් පහක් ගන්නකම් දෙදෙහේ සල්ලි දෙන්න බෑ කියලා ස්විප් කාරයො තග දානවලු.

      Delete
  12. පහුගිය කාගෙ බුකියට ආව ඔය වගේ මැසේජ් කරං සෑහෙන්න පුලුවං තරං බ්ලොක් කලා අන්න දැං ඊමේල් කරන්නත් පටං ඇරං කරුමයක් වෙලා ඒක නං...
    දැක්ක ගමං තේරෙනව මේක ඇන්දිල්ලක් කියල මොකද පිටරට ඉන්න උංගෙ *ක කහනවයැ අපිට සල්ලි එවන්න...
    ;නැද්ද හරි අයය්

    ReplyDelete
    Replies
    1. මට අර මොබිටෙල් ඇඩ් පවා මල වදයක්. වැඩ ගොඩක් හිරවෙලා ඉන්නකොට කෙහෙල්මල් කෝල් ආපුවම කියලා වැඩක් නෑ. ඊ-මේල් කරදරෙත් එහෙමයි. හැබැයි දැන් දැන් ශේප්. ගොඩාක් ඒවා ස්පෑම් වලට අහුවෙනවනෙ.

      Delete
  13. මාත් දැං කෝටිපතියෙක්.. මේ විදියට මේක දාපු එකහොදයි.. නොදන්න උන්ට දැනගන්න...

    ReplyDelete
    Replies
    1. මේ විදිහට දැම්මා නෙමෙයි දේශා මේක ඇත්ත සිද්ධියක්. ඕන නම් චුට්ටක් ලුණු ඇඹුල් දාන්න ඇති. තාමත් මෙව්වට අහුවෙන උන් ඉන්නවා.

      Delete
  14. █ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න

    ReplyDelete
    Replies
    1. සින්ඩි නම් දැන් එපාවෙලා රජෝ. තව ටික කාලයක් යද්දි සිංහල බ්ලොග් වලටත් වැඩියෙ සින්ඩි තියෙයි.

      Delete
  15. මේ ළඟදී අපේ අයියා කෙනෙකුට මයික්‍රොසොෆ්ට් එකේ කවුද ලොක්කෙක් කියල පොරක් තෑගී දිනපු සහතිකෙකුත් එක්කම ඊමේල් එකක් දාල තිබ්බ . ඩොලර් මිලියන ගානක් අපිට දෙන්න ඇමරිකාවේ ආණ්ඩුවට ඩොලර් 560ක පොඩි බද්දක් ගෙවන්න ඕනේ කියල. ඒ සල්ලි ටික විතරක් අපි දුන්නනම් ඇති ලු... මේ ඇමරිකන් කාරයෝ හරි ජොලි පොරවල් අප්පා .. :)

    ReplyDelete
    Replies
    1. බද්ද ගානෙන් අඩු කරලා සල්ලි ටික එවන්න කියන්න එපාය. :)

      Delete
  16. පහුගිය කාලෙ මටත් දෙපාරක් ඔය වගේ මෙසේජ් ඇවිත් තිබුනා. මම කලින් ඔය බොරුව ගැන අහල තිබුනු නිසා බලල නිකන් හිටියා.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලේට. ඔය ගැන නොදන්න කෙනෙකුට මැසේජ් එකක් ආපුවම මුලින්ම කලබල වෙනවා. මොකද මිනිහාට මේක ඇත්තද කියලත් සැකයි. කල් ගියොත් අතට ආපු චාන්ස් එක මිස්වෙයි කියලත් බයයි.

      කාටත් හොරා මේ වගේ ඒවට සල්ලි යවන උනුත් ඇති බන්. පස්සෙ ලජ්ජාවට සද්දෙ නැතුව ඉන්නවත් ඇති.

      Delete
    2. ඇයි බන් ඉස්සර මිනිස්සු කියන්නෙ පැනයන මුවන් දැක නොදමව් නෙළූ පළා කියල. මොනව හරි ඇදිල තියෙනව නම් ගෙදරටම ගෙනත් දෙන්නෙ නැතෑ. ඒක නම් ඉතිං කවදාවත් වෙන්නෙ නෑනේ. කාටද බං සල්ලි තියෙන්නෙ ඔය ඉල්ලන දාස් ගණන් මුලින් යවන්න. ඔය සීන්කෝන් ගැන දැනගෙන හිටියත් නැතත් එහෙම කවුරුහරි සල්ලි දෙනව නම් ඌ බත් කන හරකෙක්නේ.

      Delete
  17. මීට අවුරුදු තුන හතරකට කලින් ඔය සෙල්ලම පටං ගත්ත මුල් කාලේ අපේ 'මිතුරි'ට මොකෙක්ද කොම්‍යුනිකේශන් එකක හු@#$% කෝල් එකක් දීල මොබිටෙල් එකෙන් රී ලෝඩ් දාපු එකකට ලක්ශ 25ක් වටින ඇල්ටෝ කාර් එකක් ඇදිල කියල.. කලින් මැසේජ් එකකින් දැනුං දීල තිබුනා කිව්වලු.. ප්‍රතිචාරයක් දක්වපු නැති නිසාත් එදා හවස් වෙනකොට එක්ස්පයර් වෙන නිසා කතා කලේ කිව්වලු. රුපියල් තුන්දාස් හයසිය ගානක මුද්දර ගහල එදා වෙනකොට වෙන්කර ගත්තෙ නැත්නං කෙල වෙනව කිව්වලු.. එදා සෙනසුරාද දවසක්.. මන් උන්නෙ ගාල්ලේ.. මිතුරි කොළඹ ඉඳල කි.මි. දෙසීය ගානක් දුර.. අපේ මෝඩ මිතුරි කතා කරපු පලවෙනි වතාවෙම ඔක්කොම විස්තර දීල.. ගෙදර ඇඩ්‍රස් ටැලිපෝන් නොම්මර ඔක්කොමත් එක්ක.. මට හෙන වදේ මේක කියල.. කොච්චර කිව්වත් විස්වාස කරන්නෙත් නෑ.. 'ලොකු එකී' කරා වගේ අපේ මිතුරිත් මේක රට වටේටම කියල..දැන් හැමෝගෙන්ම මට බර බරේ මෙච්චර අවස්ථාවක් හම්බෙලත් ඒ ගැන කිසි උනන්දුවක් නෑ කියල. අපිට කොළඹ එන්න අමාරු (බැරි ) නිසා මූ කරන ක්‍රමේකුත් කියල දීලා. අදාල ගානට හරියන්න මොබිටෙල් කාඩ් අරන් ඒ වයේ තියෙන නොම්මර ටික ඌට කියන්න කිව්වලු.. එතකොට මිනිහ වැඩේ කරන්නං කියල.. විශ්වාස කරන්ඩ මට තිබ්බ කරදරේ හැටියට මං කීප සැරයක්ම කල්පනා කරා ඔය තුන්දාස් ගානට කෙළවුනාට කමක් නෑ මුන්ටම ඕක තේරුං ගන්ඩ අරින්ඩ ඔය කාඩ් කෙරුවාවට කැමති වෙලා ඒ විදියට කරන්න කියන්න.. ඒත් අපරාදෙනෙ..රුපියලක්වත් වංචාකාරයෙකුට දෙනව කියන්නේ.. මං මගෙ ඔය සම්භන්දයෙං දන්න යාලුවෙකුටත් කෝල් එකක් දීල හරියටම විස්තර දැනගෙන මිතුරිට කිව්ව ඒ කතා කරපු එකාට මට කෝල් කරන්න කියල.. අපරාදේ කියන්න බෑ මූ පණිවුඩේ කියනකොටම මිතුරිත් ලයින් එකේ ඉද්දිම කෝල් කොන්ෆරන්ස් වලින් මට කතා කලා. මං උගෙන් ප්‍රශ්ණ දෙක තුනක් ඇහුවා.. මුළින්ම ඇහුවේ ඇල්ටො කාර් එකක් ලක්ශ 25ක් වෙන්නෙ කොහොමද කියල..ඒකට මූ මොකක්ද බහුබූත උත්තරයක් දුන්න. තව දෙක තුනක් අහනකොට මූ දැන ගත්ත මං ගල් ආඳෙක් මගෙන් වැඩේ වෙන්නේ නෑ කියල.. ඊට පස්සේ මූ එච්චර වෙලා කතා කරපු මල් ටෝන් එක වෙනස් කරල ලොකු සීන් දෙන්න ගත්තා.. මං මිතුරිට එහා පැත්තෙන් ෆෝන් එක තියන්න කියල උගේ වරිගේ විස්තරේ තාත්තගේ දණිහේ ඉඳන් කියල දුන්න.. මූත් මට බැනගෙන ආවට මූ අම්බානට බය උනා කියල මට තේරුනා.. පස්සෙ පස්සෙ මූ අපේ මිතුරිට කතා කරල කියනවලු ඌ ගැන පොලීසියට කියල තිබ්බොත් ගෙදර ඇඩ්‍රස් එක හොයාගෙන ඇවිත් ලමයි උස්සනව.. බෝම්බ ගහනව අරව මේව හෙන ගොඩක්.. මට තේරුනා මූ මේ බයට දොඩවන්නේ කියල.. මං ඒ පාර ඌට බොහොම හොඳින් කතා කරල දවසක් කිව්ව..මන් ඒක අමතක කරල ඉන්නේ.. උඹ හැබැයි ආයෙත් ඔය වගේ කෝල් දීල තිබුණොත්.. මං අනිවාර්යෙන්ම උඹව හොයාගෙන එනව පුතේ කියලා.. එදයින් පස්සෙනං කරදරයක් උනේ නෑ දෙයියනේ කියල.. මේ කතාවත් ලියුවෙ මුන්ගේ සිස්ටම් කට්ටියට දැන ගන්න.. දිග වැඩි උනාද මංදා.. මතක තියා ගන්න ඔය වගේ උන්ට මොනම වෙලාවකවත් ගෙවල් වල විස්තර දෙන්න එපා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කිව්වට විශ්වාස කරපන් මිත්‍රයෝ ඕකම මටත් උනානෙ. හැබැයි ඔච්චර දුර ගියේනම් නෑ.
      මීට අවුරුද්දකට විතර කලින් මොබිටෙල් එකෙන් ඇල්ටො එකක් ඇදුනා කියලාත් මැසේජ් එකට රිප්ලයි නැති නිසා කෝල් කලා කියලාත් අපේ උන්දෑට කතාකරලා තිබුනා එකෙක්. එදා සෙනසුරාදාද කියලා මතක නෑ මට. කොහොමහරි නමයට විතර කෝල් කරලා තිබුනෙ දොළහට වැඩේ එxපයර් වෙනවා කියලා. මේකෙදි නම් සල්ලි ඉල්ලලා තිබුනේ නෑ. කොහෙද තැනකට එන්න කියලා තිබුනෙ.

      කලබල වෙච්ච පාර මෙයා දුවලා කෙලින්ම බොසී ගාවට. ඇයි පැය තුනෙන් කොළඹ යන්නත් ඕනනෙ. හික්..හික්..මෙහෙම දෙයක් උනා ඉක්මනට නිවාඩුවක් දෙන්න කියලා. :) පස්සෙ බොසී කියලා කෝකටත් මොබිටෙල් එකට කතාකරලා ඇත්ත නැත්ත බලන්න කියලා ඔක්කොටම කලින්.

      එහෙන් එහෙම එකක් නෑ කියපුවම 'අපරාදෙ කාර් එක' කිය කිය හිටියෙ. :P

      Delete
  18. මටත් ආවා කොර්නේලියා ඩෙසර්ට් කියලා අධිමානසික බලයක් තියෙන ඕලන්ද ගෑනු කෙනෙක්ගේ උපදෙස් මත ක්ලබ් ඔෆ් මල්ටි මිලියනර් කියලා ඇමරිකන් මිතුරු සමාජයෙන් ලිපියක් ඔයාට ඩොලර් 20 000 දෙනවා කියලා
    මේ ලියුම ආපු වෙන අය ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. එහෙම ලියුමක් නම් ආවෙ නෑ. ඒත් මේක මෙච්චර පිටපත් ගණනක් ගහලා යවන්න. යැව්වෙ නැත්නම් මැරෙනවා වගේ ලියුම් නම ආවා. මීට අවුරුදු 15කට විස්සකට කලිනුත් මට එහෙම එකක් ආවා.

      Delete
    2. //ඒත් මේක මෙච්චර පිටපත් ගණනක් ගහලා යවන්න. යැව්වෙ නැත්නම් මැරෙනවා වගේ ලියුම් නම ආවා.//

      මම 7 වසරෙ විතර ඉද්දි ඔහොම ලියුමක් ලැබුනා. ඒකම ලියුම් හතක් නැවත අත්අකුරින් ලියල හත්දෙනෙක්ට තැපැල් කරන්න කියල. එහෙම නොකරපු අයට වෙච්ච අලකලංචි ටිකකුත් ඒකෙ තිබුනා. ඒක එව්වෙ මගෙ යාළුව කවුද කියල මට හොඳටම ෂුවර් නිසා මම ඒ ලියුමම ආයෙ ඌට තැපැල් කළා. ඌ ඒක හොඳටම විශ්වාස කරන නිසා නේ මට එව්වෙ, පොර දෙවෙනි පාරටත් ආයෙ ලියුම් ලිව්වද මන්දා.

      Delete
  19. අයියෝ ඕවා මදිවට නයිජීරියන් කෑලි වලින් ෆේස් බුක් රික්වෙස්ට් එන එකත් ඉවසන්න අමාරු කාරණයක් අප්පා....බලාගෙන යනකොට අක්කා අරක දෙමළට පෙන්නලා නෑ එහෙනං...

    ReplyDelete
    Replies
    1. උන් කියන්නෙ උන් ඒ රටේ හෙන සල්ලි කාරයෝලු. සල්ලි ටික පන්නගන්න උදව් කරන්නලු.

      පෙන්නලා.. පෙන්නලා. ඒකෙ සල්ලි වලින්නෙ දෙමළා කාර් ඒක් ගත්තෙ. :D

      Delete
  20. අපේ සිංහල එවුං වගේ නෙමෙයි දෙමල අය හරි හොඳයි මීට පස්සෙ දෙමලෙක් දැක්කාම කානුවට බැහැල අමුඩ ලේන්සුව අතට ගනිං

    ReplyDelete
    Replies
    1. ඒක නම් කරන්න වෙන්නෙ නෑ ඇනෝ. මම අමුඩ ගහන්නෙ නෑනෙ. :D

      Delete
  21. හෙහ් මෙයත් මාර පින්තුර තමයි හොයා ගන්නේ... :)

    ReplyDelete
    Replies
    1. ඇයි හොඳ නැද්ද? ;)

      Delete
  22. ඔතෙලෝ සහ වැනීසියේ වෙලෙන්දා කියන්නේ විලියම් කෙෂ්ශ්පියරගේ නාට්‍ය දෙකක් මෙයින් ඔතෙලෝ නාට්‍යයේ කියවෙන්නේ සුලු ජාතිකයෙක්ට මහ ජාතියේ අය අපහාස කරන ආකාරය එතන දුෂ්ඨයා මහ ජාතියෙ කෙනෙක්
    වැනීසියේ වෙලෙන්දා නාට්‍යය ඒකෙ අනිත් පැත්ත ඒකෙදී දුෂ්ටයා සුලු ජාතිකයෙක්
    වැදගත්ම දෙය මේ නාට්‍යය දෙකමලිව්වේ එකම පුද්ගලයා
    ඒ වගේම කෙෂ්‍ශ්ස්පියර් වැනීසියේ වෙලෙන්දා නාට්‍යයේදී ශෙයිලොක් නරක වුනාට අනිත් යුදෙව් අය හරි හොඳයි කියන්න ගියෙත් නෑ
    ඔයා මේ ලියපු ලිපිය ඔතෙලෝ ගේ ගොඩට දාන්න පුලුවන් එකක්
    ඔයාට පුලුවන්නම් දෙමල දුශ්ඨයෙක් ඉන්න ලිපියකුත් ලියන්න (වැනීසියේ වෙලෙන්දා වගේ) එහෙම නැත්නම් සලකන්න වෙන්නේ මේ ලිපියෙන් සිංහල ජාතියට අපහාසයක් වුනා කියලයි

    ReplyDelete
    Replies
    1. යන්නෙ කොහේද මල්ලේ පොල් කිව්වලු.

      Delete
    2. ලිපියෙ මාථෘකාවට අදාල නැති ඊලාම් පාර්ට් එකක් දැම්මෙ කවුද?

      Delete
  23. මචං................. හරී ............... අදද කොහෙද අපි මේ පැත්තට අාවේ.................... බ්ලොගය නියමයි........ දිගට ම ඒන්නම්.............. පාර හදාගත්තා..............

    ReplyDelete
  24. තාම නම් ඔය වගේ කෝල් එකක්වත්, ටෙක්ස්ට් එකක්වත් මේ විභීෂණ ට ලැබුනේ නැහැ.
    එත් ඔය වගේ එව්වා අවිල්ල් රැවටිච්ච එවුන් ගැන කීප විටක් ම දැක්ක.

    මොනා කරන්න ද බන්. අපේ මිනිස්සුන්ගේ මෝඩකම තමයි.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...