"ගරුතර ස්වාමින්වහන්ස, අන්‍යාගමික පූජකවරුනි, මා හිතවත් මන්ත්රීවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, ආදර දරු දැරියනි, වසර ගණනාවක් තිස්සේ අපිට ප්‍රශ්නයක් වෙලා තිබ්බ කුණු ප්රශ්නය ධන උල්පතක් කරගැනීමට අවස්ථාව දැන් අපිට උදාවෙලා තියෙනවා. මෙතෙක් කලක් අපි කුණු කුණු කියලා එළියට විසිකරපු කුණු, සල්ලි කරගැනීමට අවස්ථාවක් උදාවෙලා තියෙනවා.

අපි ඔක්කොම කැපවෙලා ගමක් ගමක් ගානේ මේ විදිහේ බහාලුම් සවිකරලා මේ කාර්යය පටන්ගන්නවා. ඒත් ඒ කාර්යය ඉදිරියට ගෙන යාමේ වගකීම තියෙන්නෙ ඔබගේ අතේ. මීටපස්සෙ කවුරුත් ගෙදර ඔක්කොම කුණු එකට එකතු කරන්න එපා කියලා ආයාචනය කරන්න කැමතියි. ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් වෙනම එකතු කරගෙන ඇවිත් ඔය කහ පාටින් තියෙන කුටියට දාන්න. වීදුරු කෑලි කොළ පාට එකටත් කඩදාසි නිල් එකටත් දාන්න. අනික් ඔක්කොම අළු පාට කුටීරයට දාන්න.
අපේ ප්‍රාදේශීය සභාවෙන් වෙන් වෙන් වශයෙන් මේවා එකතු කරගෙන යන්නයි කටයුතු යොදලා තියෙන්නෙ. ඒවා අපි මුදල් කරලා ප්‍රදේශයේ යටිතල පහසුකම් නැංවීමට අපි කටයුතු කරනවා. එතකොට ප්‍රතිපාදන නෑ කිය කිය ලත වෙවී ඉන්න දෙයක් නෑ. කාණු පද්ධතියක් ඕනා පිරිසකට කාණු පද්ධතියක්, පාරට තාර ටිකක් දාගන්න ඕනා කෙනෙකුට තාර ටිකක් එතකොට ඉක්මණින්ම ලබාදෙන්න අපිට පුලුවන් වේවි. "
නයා( නයන ) සභාපති තුමාගේ එවදන් රැව්පිළිරැව් දුන්නේ අසල මංසන්ධියක කසල බහාලුමක් විවෘත කළ දිනයේදි. පැමිණ සිටි බොහෝ දෙනා සභාපතිතුමාගේ වදන් වලින් උද්දාමයට පත්වූ බව පෙනෙන්නට තිබුණි. දින කිහිපයක් ගතවද්දී එක් එක් වර්ගයන්ට අයත් කසල වෙන වෙනම කුටීර තුළ තැන්පත් වන්නට විය. සතියක් දෙකක් පමණ ජනතාව නියමාකාරයෙන් කටයුතු කළහ.
එහෙත් ඊළඟ සතිය වනවිට මුළු බහාලුමම එකම කුණු ගොඩකි. වර්ගීකරණය කැලේ ගොස් තිබුණි. 'ලංකාවෙ මිනිස්සුන්ට ඕනෑම දෙයක් මතක හිටින්නෙ සති දෙකයි.' එසේ කියා සිත සනසාගත නොහැකි වූයේ ප්‍රදේශයේ ජනතාව වෙනත් කතාවක් කී බැවිනි.
"මොන වියාර්පුතිද පුතේ. අපි පණ දාගෙන වෙන් කොරලා කොරලා කුණු දානකන් ඉඳලා අර පහල ගෙදර දයාරත්නයයි ගෑණියි රෑට ඕකට බහිනවා. උදේට යකඩ, පොලිතින්, කාඩ්බෝඩ් පටෝගෙන යනවා විකුණන්ඩ. අනේ අපිට අමාරුවක් තියෙනවයැ නිකන් ඉන්න ඌව පෝසත් කරන්න."
නොබෝ දිනකින්ම ව්‍යාපෘතිය අල වීම ගැන නයා කිපී තිබිණි. කුණු බහාලුම එතන තවත් නොතිබුණු අතර සති කිහිපයකට කුණු ලොරියේ පැමිණීමද නවතා දමන ලදී. සමහරවිට නයා දයාගේ වැඩ නොදැන සිටියා වන්නටද පුළුවන.
නොබෝ දිනකින්ම ව්‍යාපෘතිය අල වීම ගැන නයා කිපී තිබිණි. කුණු බහාලුම එතන තවත් නොතිබුණු අතර සති කිහිපයකට කුණු ලොරියේ පැමිණීමද නවතා දමන ලදී. සමහරවිට නයා දයාගේ වැඩ නොදැන සිටියා වන්නටද පුළුවන.