3.03.2015

නයාගේ කුණු කෑ දයා

"ගරුතර ස්වාමින්වහන්ස, අන්‍යාගමික පූජකවරුනි, මා හිතවත් මන්ත්‍රීවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, ආදර දරු දැරියනි, වසර ගණනාවක් තිස්සේ අපිට ප්‍රශ්නයක් වෙලා තිබ්බ කුණු ප්‍රශ්නය ධන උල්පතක් කරගැනීමට අවස්ථාව දැන් අපිට උදාවෙලා තියෙනවා. මෙතෙක් කලක් අපි කුණු කුණු කියලා එළියට විසිකරපු කුණු, සල්ලි කරගැනීමට අවස්ථාවක් උදාවෙලා තියෙනවා.

අපි, ඒ කිව්වෙ ඔබත් මාත් ඇතුළු අපේ ප්‍රාදේශීය සභාව මේ සංවිධානයත් එක්ක එකතුවෙලා අද ඉඳන් කැළි කසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. එහි සමාරම්භක කටයුත්ත හැටියට තමයි මේ වෙන් වෙන්ව කුණු දැමිය හැකි බහාලුම අපි ඔබගේ මංසංධියේ පිහිටුවන්නෙ.

අපි ඔක්කොම කැපවෙලා ගමක් ගමක් ගානේ මේ විදිහේ බහාලුම් සවිකරලා මේ කාර්‍යය පටන්ගන්නවා. ඒත් ඒ කාර්‍යය ඉදිරියට ගෙන යාමේ වගකීම තියෙන්නෙ ඔබගේ අතේ. මීටපස්සෙ කවුරුත් ගෙදර ඔක්කොම කුණු එකට එකතු කරන්න එපා කියලා ආයාචනය කරන්න කැමතියි. ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් වෙනම එකතු කරගෙන ඇවිත් ඔය කහ පාටින් තියෙන කුටියට දාන්න. වීදුරු කෑලි කොළ පාට එකටත් කඩදාසි නිල් එකටත් දාන්න. අනික් ඔක්කොම අළු පාට කුටීරයට දාන්න.

අපේ ප්‍රාදේශීය සභාවෙන් වෙන් වෙන් වශයෙන් මේවා එකතු කරගෙන යන්නයි කටයුතු යොදලා තියෙන්නෙ. ඒවා අපි මුදල් කරලා ප්‍රදේශයේ යටිතල පහසුකම් නැංවීමට අපි කටයුතු කරනවා. එතකොට ප්‍රතිපාදන නෑ කිය කිය ලත වෙවී ඉන්න දෙයක් නෑ. කාණු පද්ධතියක් ඕනා පිරිසකට කාණු පද්ධතියක්, පාරට තාර ටිකක් දාගන්න ඕනා කෙනෙකුට තාර ටිකක් එතකොට ඉක්මණින්ම ලබාදෙන්න අපිට පුලුවන් වේවි. "

නයා( නයන )  සභාපති තුමාගේ එවදන් රැව්පිළිරැව් දුන්නේ අසල මංසන්ධියක කසල බහාලුමක් විවෘත කළ දිනයේදි. පැමිණ සිටි බොහෝ දෙනා සභාපතිතුමාගේ වදන් වලින් උද්දාමයට පත්වූ බව පෙනෙන්නට තිබුණි. දින කිහිපයක් ගතවද්දී එක් එක් වර්ගයන්ට අයත් කසල වෙන වෙනම කුටීර තුළ තැන්පත් වන්නට විය. සතියක් දෙකක් පමණ ජනතාව නියමාකාරයෙන් කටයුතු කළහ.

එහෙත් ඊළඟ සතිය වනවිට මුළු බහාලුමම එකම කුණු ගොඩකි. වර්ගීකරණය කැලේ ගොස් තිබුණි. 'ලංකාවෙ මිනිස්සුන්ට ඕනෑම දෙයක් මතක හිටින්නෙ සති දෙකයි.' එසේ කියා සිත සනසාගත නොහැකි වූයේ ප්‍රදේශයේ ජනතාව වෙනත් කතාවක් කී බැවිනි. 

"මොන වියාර්පුතිද පුතේ. අපි පණ දාගෙන වෙන් කොරලා කොරලා කුණු දානකන් ඉඳලා අර පහල ගෙදර දයාරත්නයයි ගෑණියි රෑට ඕකට බහිනවා. උදේට යකඩ, පොලිතින්, කාඩ්බෝඩ් පටෝගෙන යනවා විකුණන්ඩ. අනේ අපිට අමාරුවක් තියෙනවයැ නිකන් ඉන්න ඌව පෝසත් කරන්න."

නොබෝ දිනකින්ම ව්‍යාපෘතිය අල වීම ගැන නයා කිපී තිබිණි. කුණු බහාලුම එතන තවත් නොතිබුණු අතර සති කිහිපයකට කුණු ලොරියේ පැමිණීමද නවතා දමන ලදී. සමහරවිට නයා දයාගේ වැඩ නොදැන සිටියා වන්නටද පුළුවන.

20 comments:

  1. නයාට කියන්න තිබුණනේ, කුණු බක්කි ළඟ මග රැකගෙන ඉඳලා, දයාට දෂ්ට කොරන්ඩ කියලා.

    S 5 ක්‍රමයට, ගොඩනැගිල්ලක බිම ඊතල ඇඳලා, මේ පැත්තෙන් යන්න කියලා තියනකොටත්, අනික් පැත්තෙන් යන අපේ උන්නැහේලා, කුණුටික හරියට දමයිද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ නයා දැනගෙන හිටියෙ නෑ වැඩේ අල කළේ දයා බව. මිනිහා හිතන්න ඇත්තෙ මිනිස්සුන්ගේ නොසැළකිල්ලෙන් එහෙම කරනවා ඇති කියලා.

      ඔය මොන ක්‍රම ගෙනාවත් අපේ මිනිස්සු ඒවට අනුව වැඩ කරන්න ලෑස්ති නෑ. මම ඕනතරම් දැකලා තියෙනවා ගොඩාක් කාර්‍යාල, කම්හල් වල S5 කියලා ලොකුවට බෝඩ් ගහලා එහෙම පටන්ගන්නවා ඒත් කරන දෙයක් නෑ. ඉඳලා ඉඳලා එන දවසකදී ඔක්කොම කුණු කියලා තොගයක් විසි කරනවා. ආයෙ දවස් කීපෙකින් කුණු කඳු ගොඩගැහිලා.

      අපේ ගෙදරත් මම ගොඩක් උත්සාහ කළා. මොන S5ද?

      Delete
  2. අන්න අපේ කස්ටියගේ හැටි... පට්ට පොරවල් ඉන්න තැන් වලට ඔය ක්‍රම හරියන්නෑ.. මුංට කුණු කන ක්‍රමයක්ම තමයි සෙට් කරන්න වටින්නේ

    ReplyDelete
    Replies
    1. පිදුරු ටිකක් ගෙනත් දෙන්න ඕනා කාපියව් කියලා..

      Delete
  3. සමහර තැන් වල (ඉස්පිරිතාල වල වගේ) මම දැකලා තියනවා කොරිඩෝවේ යන්න සහ එන්න ඕන පැති පෙන්නන්න අඩි සළකුණු ඇඳලා තියනවා බිම. අපේ මිනිස්සු ඒක බලාගෙනම වැරදි විදිහට යනවා.

    හැබැයි දකුණු ඉන්දියාව එක්ක බලද්දී නම් අපේ රට පිළිවෙල අතින් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා.

    හරී ගේ කතාවෙන් නම් ගන්න තියෙන්නේ, දයා, යකඩ, පොලිතීන් ගෙනියලා විකුණනවා දැක්කා නම් ජනතාවට කරන්න තිබුණේ තමුන්ගේ තියෙන ඔය ජාතියේ කුණු වෙන වෙනම එකතු කරලා ගිහිල්ලා විකුණ ගන්න එක.

    ReplyDelete
    Replies
    1. //සමහර තැන් වල (ඉස්පිරිතාල වල වගේ) මම දැකලා තියනවා කොරිඩෝවේ යන්න සහ එන්න ඕන පැති පෙන්නන්න අඩි සළකුණු ඇඳලා තියනවා බිම. අපේ මිනිස්සු ඒක බලාගෙනම වැරදි විදිහට යනවා.// හරියට යන මිනිහෙකුට වත් යන්න බෑ.

      //හැබැයි දකුණු ඉන්දියාව එක්ක බලද්දී නම් අපේ රට පිළිවෙල අතින් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා.//සමහර කතාවලින් අහලා තියෙනවා.

      අපේ මිනිස්සු ඉතින් බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ ජාතියෙනෙ. තමුන්ට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැති උනත් අනිත් උන්ගේ සැපතට ඉරිසියාවෙන් එක එක දේවල් කරන මිනිස්සු ඉන්නෙත් මේ ලෝකෙනෙ.

      මිනිස්සුන්ට කරන්න තිබ්බ හොඳම දේ ඒක කියලා තමා මාත් හිතන්නෙ.

      Delete
  4. දයා දියුණු වෙනවාට තියෙන ඉර්සියව නේ ඔය.

    ReplyDelete
    Replies
    1. මිනිහාට හරියනවට අකමැති මිනිස්සුන්ට කරන්න තිබුනේ ගෙදරම කුණු විකුණගන්න එක.

      Delete
  5. නයානෙ වරද්දගෙන තියෙන්නෙ. මිනිහ රතුපාට එකට දාන්නෙ මොනවද කියල කියල නෑනෙ. :D

    අර ගිහාන් කිවුව ‍වගේ දයා දිහා බලා ඉඳල තමංගෙ කුණු තමංම විකුණගත්තනං කාටවත් කරදරයක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ගිය පෝස්ට් එකේ කොමෙන්ට් රිප්ලයි ටික ඉන් බාස්කට් ද? :D

      Delete
    3. රතුපාට එකට යකඩ.

      අපේ කැම්පස් එකෙත් මේ වගේම කුණු වැඩක් අල උනා. මුලින් මුලින් වෙන වෙනම දැම්මත් මාසයක් යන්න කලින් ඔක්කොම එකට.

      ඔන්න ඒ කමෙන්ට් වලටත් උත්තර බැන්ඳා.

      Delete
  6. මෙතන තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම තව එකෙක් හැදෙනවට අපේ උන්ගේ තියෙන ඉරිසියාව සහ කුහකකම.
    මිනිස්සුන්ට කුණු වෙන් කරලා වෙන වෙනම භාජන වලට දාන්න තියෙන වගකීම ඒකෙ කුණු ටික වෙන එකෙක් හොරකම් කලා කියන එකෙන් අහෝසි වෙන්නේ නැහැ.

    කරන්න තිබුනේ දයා කරන වැඩේ නවත්වන එකයි. ඒ නැතත් කුණු වෙන් කලාට පස්සේ ප්‍රයෝජනවත් දේවල් ටික දයා විකුණ ගත්තත් ඉතුරු වෙන්නේ බොහෝ දුරට දිරන කුණු කොටස් පමණයි.
    ඒ ටික අරගෙන ගිහින් නගර සභාවෙන් පරිසරයට මුදා හැරියත් වෙන පරිසර හානිය ගොඩක් අඩුයි.
    අපේ මිනිස්සු පරිසරය ගැන හිතන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. //මෙතන තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම තව එකෙක් හැදෙනවට අපේ උන්ගේ තියෙන ඉරිසියාව සහ කුහකකම.//ඕක සිංහලකමත් එක්කම එන දෙයක්ද මන්දා?

      දයා කරන වැඩේ නවත්වනවටත් වැඩිය තමුන්ගෙ කුණු තමුන්ව විකුණගත්තානම් සල්ලිත් ලැබෙනවා.

      පරිසරය ගැන හිතනවට වඩා පාඩුවේ ඉන්න එකෙකුට කරදර කරන්නෙ කොහොමද හිතන උන් එහෙ ඉන්නෙ. කුණු වෙන්කිරීම කෙසේවෙතත් කුළු වලටවත් ගිහින් නොදා ගඳ ගස්ස ගස්ස පුච්චන එවුන් ඉන්නවා.

      Delete
  7. අන්තිමට කුණු ප්‍රොජෙක්ට් එකත් නෑ. දයාගෙ බිසිනොස් එකත් නෑ. ඒකට කොක්ක දාපු උන් තම තමන්ගෙ ගෙවල්වල දයාගෙ බිසිනොස් අයිඩියා එක ක්‍රියාත්මක කරන්නෙත් නෑ.

    බලු වලිගෙ උණ පුරුකෙ දැම්මට ඇදේ ඇරෙන්නෙත් නෑ.

    ReplyDelete
  8. දායා බලාගෙන යද්දී නියම මිනිහෙක්නේ.. තව කාලයක් ගියානම් මිනිහා නියම පොහොසතෙක් වෙනවා වැඩිය කරදර නොවීම..

    ReplyDelete
  9. ඊර්ෂ්‍යාව නෙහ්... !

    ReplyDelete
  10. සිරිිලංකාව වගේ රටක ඔය වගේ සිදුවීම් භෞමික අඛන්ඩතාවයටම ඇලිලා තියෙන්න‍ෙ...ගලවන්න අමාරුයි...

    ReplyDelete
  11. මෙතන දයාට ඇත්තටම පව්. මේ ඇත්ත කටහ්වක්ද කියල බැලුවේ?

    ReplyDelete
  12. ඇත්ත බං. අපේ එවුන් එක්ක ටිකක් අමාරුයි ඔය වගේ වැඩ කරන්න. ඒකට හේතුව අපේ ආකල්ප.
    අපේ ගේ ලඟත් ඔය වගේ වර්ගීකරණය කරපු කුණු බක්කි සෙට් එකක් හයි කරලා ලස්සනට වැඩේ පටන් ගත්තා. මමත් ඕකට නියම පිළිවෙලට කුණු ගිහින් දැම්මා. මෙන්න ඊ ලඟ නිවාඩුවේ යනකොට ව්‍යාපෘතිය කැළේ. ඒකට හේතුව ඒකේ තියෙන සනීපාරක්ෂක තුවා හෙම බල්ලෝ අරන් ගිහින් ලඟ තියෙන ගෙදරක මිදුලේ දාන එකලු කියලා ඒ ගෙදර පොර කිව්වා. කොහොම හරි වැඩේ එතනින්ම ඉවරයි.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...