6.13.2016

මාළුවෙක් බේක් කරමු

ඉරිදා ඉතින් නිවාඩු දවසනෙ. වෙනදා නම් ඉතින් පල්ලි ගිහින් ගෙදර ඇවිල්ලා උයන පිහන මොනාහරි කරලා පොඩ්ඩක් විවේක ගන්න එකනෙ කරන්නෙ. ඉතින් ඊයෙ පොඩි වෙනසකටත් එක්ක මීගමුව පැත්තෙ රවුමක් දාලා එන්න ගියා. කලින් දැකලා තිබුන මීගමු කොටුව ආයෙත් වතාවක් දැක්කා. කොටුව පහුකරගෙන ගියා වාහනේ නැවැත්තුවෙ මීගමු ලෙල්ලමේ. ලෙල්ලම කියන්නෙ මාළු විකුණන තැන.

එනගමන් අපි දෙන්නා කතා උනේ හැමදාම වගේ බතුයි හොදියි කන්නෙ නැතුව වෙනසකටවත් එක්ක මාළු බේක් කරලා කන්න. මෙන්න මෙහෙමයි අපි මාළුවා බේක් කරගත්තේ.

හරස් අතට කැපුම් කීපයක් දාන්න
මුලින්ම මාළුවාගේ බොකු බඩවැල්, කරමල්, කොරපොතු, වරල් අයින් කරලා ගන්න ඕනෑ. අන්තර්ජාලෙ සමහර තැන්වල නම් තිබ්බෙ මාළුවාගේ පෙනුම තියාගන්න ඕන හින්දා වරල් ඉවත් කරන්න එපා කියලයි. ඒ වගේම බඩ හරහා කැපුමක් කරලා මාළුවාගේ ඇතුළෙ තියෙන එව්වා සුද්ද කරන්න කියලායි. මේක ඉතින් ගෙදර අපිම විතරක් කන හින්දා මම වරල් ටිකත් කපලාම දැම්මා. මම කියලා කරේ මාළුවා සුද්ද කරන එක විතරයි.

ඊටපස්සෙ මාළුවාගේ ඇඟේ පින්තූරෙ පේන විදිහට හරස් අතට කැපුම් කීපයක් දාන්න. 

දැන් ළුුණු, සුදුළුුණු, ඉඟුරු, රම්පා, කරපිංචා, කෑලි මිරිස්, තුනපහ කුඩු, ලුණු ටිකක්, කහ ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කුරුඳු පොත්තක් අරගෙන හොඳට අඹරා ගන්න තලපයක් වගේ වෙන්න. මෙතනදි මම ප්‍රමාණ සඳහන් නොකළේ තමුන් ගන්න මාළුවාට ඇතියි කියලා හිතෙන ප්‍රමාණ ගන්න ඕන නිසා. මතක ඇතුව කහත් ඉඟුරුත් වැඩිපුර දාන්න එපා.

දැන් තියෙන්නෙ මිශ්‍රණය හොඳින් තවරාගන්න එක. පස්සෙ මාළුවාව මේ විදිහට කෙලින් හිටවලා තෙල් ටිකක් වක්කරන්න. 

දැන් තියෙන්නෙ 200 C වල මිනිත්තු 30ක් විතර හොඳින් බේක් කරගන්න එක.


මෙන්න මාළු දෙන්නා මේසෙ උඩ.



21 comments:

  1. ම්හු, මෙහෙම බෑ. මං දවසක ඔය පැත්තේ එඤ්ඤං. හරී නෝනට කියමු මේ වැඩේ කියලා දෙන්න කියලා. එතකල් අපි දෙන්නා ඒ වැඩේ නිරීක්‍ෂණය කරමින්, යමක් කරමු.

    ReplyDelete
    Replies
    1. යමක් කරනවනං කරන්න ඕන මාළුව දීසියට ආවට පස්සෙ නොවෙයි ද?

      Delete
    2. @විචාරක,
      මම කිව්වා බේක් කරපු මාළු කනකොට බොන්න ඔනවාහරිත් ඕනා. නැත්නම් වැඩක් නෑ කියලා. කොහෙද ඇහුනෙ නෑ වගේ හිටියනෙ. ඇත්තටම නිකන් කනවා කියන්නෙ අච්චර මහන්සිවෙලා හදපු කෑමට කරන අගෞරවයක්.

      විචාරක මහත්තයාට හොඳ මඩු මාළු කෑල්ලක් ගන්න තිබ්බා මීගමුවෙන්.

      @ ප්‍රසන්න,
      ඒකත් ඇත්ත.

      Delete
    3. විචාරක තුමා යද්දි මටත් කියන්න..මමත් එන්නං පත්තර කොලේකින්...අරවා එකක් ඔතානගෙනම...

      Delete
    4. මාලුවා දැනගත්තොත් උඹලගෙ කැපවීම, හරී සන්තෝස වෙයි.

      Delete
  2. මරු මරු. ට්‍රයි එකක් දාලා බලන්න ඕන නිවාඩු වෙලාවක.

    ReplyDelete
    Replies
    1. මට මතකයි ඉස්සර දිනේශ් ලියනවා ලොක්කා මාළු අල්ලපු කතා එහෙම. ඒ වගේ වෙලාවක ට්‍රයි කරලා බැලුවැකිනෙ.

      Delete
  3. DIY ප්‍රොජෙක්ට් එකක්.
    දැක්කමනං වැඩේ කරල බලන්න ආස හිතුන.

    ReplyDelete
    Replies
    1. කඩෙන් අරගෙන කනවට වඩා වෙනසක් තියෙනවා ගෙදරම හැදුවාම.

      Delete
  4. මමත් ඉඳල හිටලා මේ වගේ ගේම් දෙනවා...

    ReplyDelete
  5. කටට කෙළත් උනනවා.කරලා බලන්න ඕනේ වැඩේ හරි යන්නත් එක්ක.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ. දැන් මාළුවව කාලා ඉවරනෙ. බඩේ අමාරු හැදෙන එකක් නෑ. :)

      Delete
  6. දික්වැල්ල,මාතර හිටපු කාලෙ හවසට බෝඩිමට යන්නෙ මාළුවෙක් දෙන්නෙක් අරගෙන.දන්න දහ වද ඔක්කොම දීල කන්න පුළුවන් කරලා ගන්නකොට ටිලිං ටිලිං ගාලා බෝතල් හෙලවෙන සද්දෙ ඇහෙනවා.හැබැයි කවදාවත් කට්ටක් වත් අහක දාන්න ඉතුරු උනේ නෑ නෙව.. හෙහ් හෙහ් (බේක් කරේ නම් ලිප් බොක්කෙ.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රමෙත් මරු මම ඉන්දියාවෙ බුවාලා ටිකක් කුකුල්ලු ඒ ක්‍රමේට රෝස්ට් කරන පින්තූරු ටිකක් දැක්කා. තව ඇමරිකාවෙ ඉඳලා ආපු මගේ යාලුවෙකුත් ඌරෙක්ව එහෙම පිටින්ම ගිනිමැලයක් උඩ රෝස්ට් කරලා පින්තූර දාලා තිබ්බා. බලන්නත් පොඩ්ඩක් අවුල් වගේ.

      හැබැයි මට නම් ඔය ක්‍රමයට යන්න ටිකක් බය අමු මස් කාලා ඉස්පිරිතාලෙ යන්න වෙයිද කියලා හිතෙන හින්දා.

      Delete
  7. අම්මේ ඒකෙ රස පාට!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රහයි. හදලා බලන්න.

      Delete
  8. ඔහොම තෙල් දාල අවන් එකේ එබුවම බේක් වෙනවා ද , බැදෙනව ද ?
    මොකක්ද බේක් කරනව කියන කන්සෙප්ට් එක හරියටම.
    BBQ කරද්දී නං ඇලුමිනියම් ෆොයිල් එකක ඔතල තියනවා නෙ තෙල් නැතුව.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...