2.14.2011

මොකක්ද මේ වැලන්ටයින් දිනය කියන්නේ...


වැලන්ටයින් තුමා කියන්නෙ ක්‍රි.ව. 3වන සියවසේ රෝමෙ හිටපු පූජකවරයෙක්.ඔය කාලෙම තමයි 2 වන ක්ලෝඩියස් කියන රෝම අධිරාජ්‍යයා ඉඳලා තියෙන්නෙත්. ඔය කියන අධිරාජ්‍යයාට ලොකු උණක් තිබිලා තියෙනවා අධිරාජ්‍යය ලොකු කරගන්න.ඒක ඉතින් ඒකාලෙ හැම අධිරාජ්‍යයාටම තිබ්බ උණක්නෙ.ඔය පහල පින්තූරෙ තියෙන්නෙ එයා නිකුත් කරපු කාසියක්.


ඉතින් මිනිහා කල්පනා කරාලු මේක කරන්න නම් මට ලොකු හමුදාවක් හදාගන්න වෙයි කියලා. ඉතින් රටේ මිනිස්සුන්ට හමුදාවට බැඳෙන්න නියෝග කලාලු. ඒත් රටේ මිනිස්සු කොහොමද පවුල් පන්සල් දාල යුද්දෙට එන්නෙ.(පන්සල් කිව්වට එහෙ පන්සල් තිබිල නෑ ඕං :D) අනික ලොක්කට තේරුනාලු තනිකඩයො යුද්දෙට ගත්තොත් උන්ට පවුල් බර නැති හින්දා හොඳට කඩේ යවන්න පුලුවන් කියලා. ඒත් ඉතින් අද තනිකඩයෝ හෙට හිරකාරයෝ වෙනවනෙ. ඉතින් ක්ලෝඩියස් ලොක්කත් නිකන් ඉඳලා නෑ දෙන්නම් වැඩේ කියලා තහනම් කලාලු ඔක්කොටම කසාද බඳින්න. (photo ගන්න කට්ටියට video කරන කට්ටියට catering service වලට වැඩ නැතුව යන්නැති :) )

මං කලිනුත් කිව්වනෙ වැලන්ටයින් පියතුමා හිටියෙත් ඔය කාලෙ කියලා. ඉතින් එතුමාට තේරිලා මේ නීතිය හින්දා couple විඳින දුක. ඉතින් පියතුමා කරලා තියෙන්නෙ එහෙම කසාද බඳින්න කැමති අයව ගෙන්නලා හොරෙන් කසාද බන්ඳවපු එක. ඒත් ඕක වැඩිකල් කරන්න ලැබිලා නෑ ක්ලෝඩියස් ලොක්කට ආරංචි වෙලා. ඉතින් මිනිහට මල පැනලා තමුන් දාපු නීතියක් කඩකිරීම ගැන. ඊටපස්සෙ වැලන්ටයින් පියතුමාව හිර කරලා. පස්සෙ පෙබ්‍රවාරි 14වෙනිදාවක එතුමාගෙ හිස ගසා දාලා.

ඊට කාලෙකට පස්සෙ කතෝලික සභාව තීරණය කරලා තියෙනවා වැලන්ටයින් පියතුමාගේ සේවය අගය කිරීමක් වශයෙන් එතුමාව ශුද්ධවරයට ඔසවන්න. ඉතින් ක්‍රි.ව. 496දී ග්ලාසියස් කියන පාප්තුමා වැලන්ටයින් තුමාව ආදරවන්තයන්ගේ සාන්තුවරයා වශයෙන් නම් කරලා තියෙනවා.

සාන්ත වැලන්ටයින් දිනය පටන් අරන් තියෙන්නෙ යහපත් චේතනාවකින් හැබැයි දැන් ඒක marketing දිනයක් වෙලා.

ඕං කතාව කිව්වා දැන් ඔයගොල්ලන්ගේ අදහස් කියන්නකො.

16 comments:

  1. හොඳ වටින දෙයක් කරලා තියෙන්නෙ මේ පෝස්ට් එකෙන්.. වැලන්ටයින් සමරන අය වැලන්ටයින් සාමිවරයාටත් පින් පමුණුවන්න ඕනෙ..

    ඒ වගේම හැමෝටම happy valentine එකක් වෙවා.. ආදරවන්තියක් ආදරවන්තයෙක් ඉන්න, නැති, තනිඋන ඔක්කොටමත් එක්කයි මේ...

    ReplyDelete
  2. වැලන්ටීනෝ කියන්නෙ එක්තරා කාලෙක බොහොම නමගිය ප්‍රේමවන්තයෙක් එයා නිසා මේ දිනේ ඇති උනා කියලත් සමහරු කියනවා...

    ReplyDelete
  3. @තාරා :බොහොම ස්තුතියි තාරා මේ පැත්තෙ ඇවිත් comment එකක් එහෙම දාලා යනවට...

    කතාව ඇත්ත කට්ටිය පිං දෙන්න ඕනා...

    ඔයාටත් happy valentine..

    @ indi :මම අදයි ඔය කතාව ඇහුවෙ indi. මම ටිකක් ඒ ගැන හොයලා බලන්නම්..

    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට..

    ReplyDelete
  4. "ශුද්ධවරයට ඔසවනවා" කියන්නේ මොකක්ද කියලා පැහැිලි කරන්න පුළුවන් නම් ​නියමයී... :)

    @indi - මමත් ඔය කථාව ඇහුවෙ අදමයී..

    ReplyDelete
  5. @ සෝරෝ :ඒක කෙටියෙන් කියන්න අමාරුයි වගේ...
    හරි මම ඊලඟ post එකට ඔය ගැන දාන්නම්...

    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට..

    ReplyDelete
  6. "සාන්ත වැලන්ටයින් දිනය පටන් අරන් තියෙන්නෙ යහපත් චේතනාවකින් හැබැයි දැන් ඒක marketing දිනයක් වෙලා"
    සහතික ඇත්ත, Radio, TV Channel හරිහරියට වැලන්ටයින් විකුනනව.

    ReplyDelete
  7. @ Saranga Rathnayake :ඔව් සහෝදරයා..මුදලාලිලා බලන් ඉන්නෙ කොහොමහරි සල්ලි හොයන්නනෙ... ඒවට අහුනොවී ඉන්න අපි කල්පනාකාරී වෙන්න ඕනා..

    ස්තුතියි..

    ReplyDelete
  8. මම නම් කවදාවත් වැලන්ටයින් සමරලාත් නෑ. මේ කතාව මීට කලින් අහලත් නෑ. ගොඩක් වටිනවා මචං මේ කතාව.

    ReplyDelete
  9. @මධුරංග :ඇයි අලිගැටපේර බිව්ව කාලෙ? :P

    ReplyDelete
  10. හැමදෙයක් වාණිජකරණය වෙද්දී වැලන්ටයින් දිනයට විතරක් එහෙම නොවී ඉන්න අමාරුයිනේ. දැන් හුඟක් සැමරීම් වෙළෙන්දන්ගේ :))

    ReplyDelete
  11. @Hasitha :ඒක ඇත්ත ගොඩක් දිනවල සැබෑ අරමුණ වෙලඳ අරමුණුවලින් වැහිලා...අන්තිමට වෙලෙඳුන් පෝසත් කිරීම තමයි වෙන්නේ.. වෙඩින් වල වෙන්නෙත් ඕකමනෙ..

    ReplyDelete
  12. නියමයි...........................

    ReplyDelete
  13. ස්තුතියි යාලුවා..

    ReplyDelete
  14. පරණ ඒවා ආයි දාලනේ :P

    //..(පන්සල් කිව්වට එහෙ පන්සල් තිබිල නෑ ඕං :D) ...//

    පන්සල් කියන එකෙන් දැන් බෞද්ධ පූජනීය ස්ථානය කියන අදහස ගත්තත් පවුල් පන්සල් වෙනවා කියන එකෙන් ස්ථාවර ජීවිතයක් ගත කිරීම ආරම්භ කරනවා කියන අදහස ගම්‍ය වෙනවා. භික්ෂූන් වහන්සේලා මුල් කාලීනව සංචාරක දිවියක් ගත කරලා තියෙන්නේ. පස්සේ තමා ස්ථාවර ආරාම පිහිටුවාගෙන කටයුතු කරන්නේ. ඒ අනුව තමා පන්සල් කියන යෙදුම ඇතිවෙලා තියෙන්නේ.

    //..ඉතින් මිනිහා කල්පනා කරාලු මේක කරන්න නම් මට ලොකු හමුදාවක් හදාගන්න වෙයි කියලා. ඉතින් රටේ මිනිස්සුන්ට හමුදාවට බැඳෙන්න නියෝග කලාලු...//

    මේ විදිහටම ලොකු හමුදා හදාගෙන තමන්ගේ බලය ව්‍යාප්ත කරන්න හදපු බෙනිටෝ මුසලෝනි කියන ඉතාලි ආඥාදායකත් මරු ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ තමා කාන්තාවට්‍අ මාතෲත්වය සේම පුරුෂයාට යුද්ධය අනිවාර්යයි කියලා :D

    //..ඉතින් මිනිහට මල පැනලා තමුන් දාපු නීතියක් කඩකිරීම ගැන. ඊටපස්සෙ වැලන්ටයින් පියතුමාව හිර කරලා....//

    මේ ඊයේ පෙරේදා පත්තරේක තිබුණා වැලන්ටයින් පියතුමා සිරගෙදර ලොක්කාගේ දියණියට පෙනීම ලබාදුන්නා කියලා

    ReplyDelete
    Replies
    1. පත්තරවල නම් කතා ගොඩයි හසිත.. හසිත මෙච්චර දිග කමෙන්ටුවක් දැම්මත් අද නම් මට කියන්ඩ දෙවල් නෑ.. කරුණු එකතුකළාට ස්තුතියි කියලා විතරයි කියන්ඩ වෙන්නෙ..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...