මම ලියන ඒවා කියවන, ඒවාට ප්‍රතිචාර දක්වන නොදක්වන හැමෝටම හිස නමා ආචාර කරලා දාන්නයි යන්නේ අලුත් පෝස්ට් එකක්. කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. ලියන්න පටන් ගත්තට නිකං හුරු නැති ගතියක් එනවා. කාලෙකින් ලියන නිසාද මන්දා. කාලෙකින් ලිපියක් නොලිව්වත් ඉතින් හැමදාම කරක් ගැහුවෙ බ්ලොග් අවකාසෙම තමයි.
නොවැම්බර් මාසෙ කතෝලික කට්ටිය හඳුන්වන්නෙ මළවුන්ගෙ මාසෙ කියලා. "මොකද ඔය මාසෙට මළවුන්ගෙ මාසෙ කියන්නෙ එතකොට අනිත් මාසවල මිනිස්සු මැරෙන්නේ නැද්ද? " කාටහරි එහෙම හිතෙන්න පුලුවන්. මට මතකයි අපේ ගමේ ක්‍රිස්තියානි( රෙප්‍රමාදු ) පල්ලියේ පියතුමාට ඔහොම හිතුනා විතරක් නෙමෙයි කිව්වත් එක්ක. ඒ සෑහෙන කාලෙකට කලින්. මගෙ මතකයේ හැටියට නම එතුමා කිව්වෙ මළවුන්ගේ මාසේ නොකියා මළවුන් සිහිපත් කිරීම මාසෙ කියන්න ඕනෙ කියලා.
කතෝලික සම්ප්‍රදාය හැටියට මළවුන්ගෙ මාසෙ යොදාගෙන තියෙන්නෙ මළාවූ අය සිහිපත් කරන මාසෙ හැටියට. තමුන් අතර මෙලොව ජීවිතය ගත කරලා පිටවෙලා ගිය අයව සිහිපත් කරලා යාච්ඥා කිරීම දාන ධර්ම දීම මේ කාලෙ සුලභයි.
මළවුන් සිහිපත් කිරීම පටන් ගන්නෙ ඔක්තෝම්බර් මාසෙ අන්තිම සතියෙ විතර. ඉතින් ඔය සතියෙදි කතෝලික මිනී පිට්ටනියකට යන පාරක හිටියොත් බලාගන්න පුලුවන් උදලු එහෙම අතේ තියන් යන කට්ටිය. ඒ ගොල්ලෝ යන්නේ මිනීවල් කපන්න නෙමෙයි. තමුන්ගෙ මියගිය නෑයින්ගෙ මිනීවල් සුද්ද කරන්න. ඒවා උදලු ගාලා සමතලා වෙච්ච තැන් ආයෙ හරිගස්සනවා. මල්පැල හිටවනවා. අලුතින් වැලි ගෙනත් දානවා. එක එක වැඩ. නොවැම්බර් දෙවෙනිදා වෙද්දී මිනීවලවල් නම් හැම එකක්ම වාගෙ සුද්ද වෙනවා. බලන්න ලස්සනේ බෑ. මෙච්චර කල් කැලේ වැවිලා තිබ්බේ මෙතනද කියලා හිතෙනවා.
මළාවූ අය සිහිකිරීමේ ප්‍රධාන පූජාව තියෙන්නේ නොවැම්බර් දෙවෙනිදා මිනී පිට්ටනියෙ. ඊට අමතරව මාසෙ ඇතුලත පවත්වන හැම පූජාවකදීම විශේෂයෙන් මළවුන් සිහිකිරීම සිදුවෙනවා. නොවැම්බර් දෙවෙනිදා කියන්නේ මළවුන්ගේ මංගල්‍ය දිනය (All Souls' Day) විදිහට තමයි සලකන්නේ. ඉතින් තම තමුන්ගෙ ඥාතීන් භූමදාන කරලා තියන මිනී පිට්ටනියට තමයි බොහෝ දෙනා යන්නේ. මට නම් එදාට මිනී පිට්ටනි දෙකකට යන්න වෙලා. ඊටපස්සෙ මිනීවල ගාව මල් තියලා ඉටිපන්දම් පත්තු කරලා මියගිය ඥාතීන්ගේ ආත්ම ශුද්ධිගිනිස්ථානයෙන්* මිදිලා ස්වර්ගයට යන්න කියලා යාච්ඥා කරනවා.
* කතෝලික කට්ටිය විශ්වාස කරන හැටියට කෙනෙක් මියගියාට පස්සෙ තැන් තුනකට යන්න පුලුවන්.
අපාය රන් කරන සාතන් අයියා යුද්ධෙන් පැරදිච්චදා |
2. ස්වර්ගය (Heaven) - දෙවියන් වහන්සේ, සුරදූතයෝ, ශුද්ධවන්තයෝ ඉන්න තැන. හොඳ වැඩ කරොත් මෙතනට යන්න වීසා ලැබෙනවා.
3. ශුද්ධිගිනිස්ථානය(Purgatory) - කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග තියෙනවනෙ. ඉතින් ඔය හුණු ටික අයින් කරගෙන ස්වර්ගෙට යන්න චාන්ස් එකක් තමයි ශුද්ධිගිනිස්ථානයට යනවා කියන්නෙ. උදාහරණයකින් කිව්වොත් පුනරුථාපන කඳවුරක් වගේ. තමුන් කරපු සුළු පව් වලට වන්දි ගෙවනකන් මෙතන ඉන්න වෙනවා. මෙතෙන්දි පින් කරන්න අවස්ථාව නෑ. ඒත් කාගෙ හරි යාච්ඥාවක දාන ධර්මයක පින ලබාගන්න පුලුවන්.
නොවැම්බර් දෙක පහුවෙනවාත් එක්කම මළවුන්ගෙ දානෙ සීසන් එක පටන් ගන්නවා. තමුන්ට හොඳයි කියලා හිතෙන දිනේක කවුරුහරි නැතිබැරි කන්න නැති කෙනෙකුට තමාගේ මළගිය ඥාතීන් සිහිකරලා කෑමවේලක් දෙන එක තමයි කෙරෙන්නේ. දුප්පත් මනුස්සයා තවත් දුප්පතෙකුට තමුන්ට පුලුවන් විදිහට උයලා දෙන බත් පාර්සලයේ සිට පෝසත් මුදලාලි කෙනෙක් මුලු ගමටම දෙන දානයක් දක්වා ඕක විචලනය වෙන්න පුලුවන්.
ඔය විදිහට මළවුන්ගේ මාසෙ පිහිටෙන් ශුද්ධිගිනිස්ථානයේ ඉන්න කීපදෙනෙකුට ස්වර්ගෙට යන්න චාන්ස් එක හම්බෙනවා වගේම අපි වෙනුවෙන් දහඩිය හෙලපු අපේ ඥාතීන්ට කෘතගුණ සලකන්නත් හොඳ අවස්ථාවක් ලැබෙනවා.
-හරී-
ප. ලි. : නොවැම්බර් දෙවෙනිදා මළවුන්ගේ දිනය සැමරීමට කලින් නොවැම්බර් පළමුවෙනිදා සියලු සාන්තුවරයින්ගේ මංගල්‍යය( All Saint's Day) පවත්වනවා. මම කලිනුත් සාන්තුවරයෙක් ගැන කිව්වා මතක ඇති. සාන්තුවරයෙක් කියන්නෙ මෙලොව හොඳින් ජීවත් වෙලා දැන් ස්වර්ගයේ ඉන්නවා කියලා පිළිගතහැකි සාක්ෂි තියෙන කෙනෙක්. එහෙම අය කතෝලික සභාවෙන් නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. ඊට අමතරව චූටිම කාලෙ මැරුණු ළමයිත් කාටවත් වරදක් කරලා නැති නිසා සාන්තුවරු විදිහට තමා සලකන්නේ. ඉතින් චූටිකාලෙ තමුන්ගෙ ලමයෙක් නැතිවෙච්ච දෙමව්පියො කරන්නෙ ඒ චූටි සාන්තුවරයා සිහිකරලා නොවැම්බර් පළමුවෙනිදට දානයක් දෙන එක. බොහෝවිට කිරිබත්.
ප. ප. ලි. :කලින් පෝස්ට් එක කියවන්න ගිහින් දැක්කේ. දුන්න පොරොන්දුවක් ඉස්ට කොරලා නෑනෙ. ඉස්සරහට කොරංඤං. බාලගිරි දෝසි අද නෙමෙයි හෙට.
ප. ප. ප. ලි. : මේ ගැන කලින් ලියවුන ලිපි තුනක් තියෙනවා. කැමතිනම් කියවලා බලන්න.
1. නොවැම්බර් 2 දා මළවුන් සිහිපත් කරන දා
2. මළවුන්ගේ මාසය
3.මළවුන් සිහි ගන්වන නොවැම්බරය
ප. ප. ප. ප. ලි. : මේ මාසෙ මළවුන්ගෙ මාසෙ නිසා මැරිච්ච අය ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා.
ප. ප. ප. ප. ප. ලි. : මේ පොපි මල් පිපෙන මාසෙ. මම කලින් ඒ ගැන ලියලා තියෙන නිසා ආයෙ ලියන්නේ නෑ. හැබැයි මේක මෙලෝ රහක් නැති ලිපියක්. ලියන්න පටන් ගත්තු මුල් කාලෙනෙ. එතකොට සින්ඩි ගැන දන්නෙත් නෑ. ඊ ව්‍යාපෘතියකින් තමයි මාර්කටිං කරන්න ගියේ.
ප. ප. ප. ප. ප. ප. ලි. : මගේ බ්ලොගයටත් අවුරුද්දක් පැන්නා ගිය සැප්තැම්බර් මාසෙ. ඒක තමයි ඔය නමෝ විත්තියෙන් කට්ටියට ඔලුව නමලා එහෙම පටන් ගත්තෙ. :D
අම්මෝ පලි ගොඩයි !!
ReplyDeleteමේ ලිපිය අපේ අම්මටත් කියවන්න දුන්නා. අම්මත් සතුටු උනා මෙහෙම ලිපියක් කියවන්න ලැබුන එකට.
අපේ අම්මා කියනවා ස්වාමිනි නිත්‍යා සැතපීම යාච්ඥාවයි නමෝමරියකුයි කිව්වම ශුද්ධිගිනිස්ථානයේ එක ආත්මයක් මුදවා ගන්න පුලුවන් කියලා ආගම් පොතක දැක්කයි කියලා.
අපේ අම්මා කියපු දේවල් වල සමහරම් මග ඇරුන දේවල් ගොඩක් මේ ලිපියෙන් මම් දැනගත්තා. කොටින්ම අර කිරිබත් උයන කතාව එහෙම.
ප.ලි. - කියවන්න පරක්කු උනේ රස්සාවට ගිහින් එන්න රෑ උන නිස බව කරුනාවෙන් සලකන්න.
ReplyDeleteස්තුතියි
මැක්සා ලිපියක්...
ReplyDelete@මධුරංග :එකකට එකක් වෙනස් එව්වා ගොඩක් නිසා ඉතින් ප.ලි. ගොඩක් දාන්න වුනා...
ReplyDeleteඅම්මා කියවලා මොකද කිව්වෙ... සමහර දාලා තියෙන වචන නම් ඉතින් නොගැලපෙනවා ඇති... ඒත් ඉතින් සම්භාව්‍ය විදිහට කියන්න කියොත් කියවන මිනිස්සුන්ටත් එපා වෙනවා ඇතිනෙ...
ඔයාගෙ අම්මා කතෝලික කෙනෙක්ද?
මේක කියවලා නොදන්න දෙයක් කවුරුහරි දැන්ගන්නවනම් ඒක තමා මගෙ සතුට...
අයියෝ කියවන්න පරක්කු වුණාට මොකෝ ඕක ඉතින් කවදත් කියවන්න බැරියැ... :D
@Prasanna :බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිල්ලා ගියාට...
ReplyDeleteමමත් ඔයාගෙ හැම ලිපියක්ම කියවනවා... යශෝධරාවත තමයි නැඟලා යන්නෙ...ප්‍රතිචාර දෙනවා නම් අඩුයි...මොකද ඒක wordpress නෙ ඉතින් නම ගම ආගම ඔක්කොම කොටලා ඉන්න ඕනෙ comment එකක් දාන්න.. අනික subscribe කරගන්නත් accept කරන්න ඕනනෙ.....
මේක සාතන්ගේ ෆොටෝ එක යටින් "යුද්ධය පැරදුණු දා" කියලා දාලා තියෙන්නේ, මොකක්ද වුණු යුද්දේ ???
ReplyDelete@Hasitha :ලෝකය පටන් ගන්න කලින් සුරලෝකෙ ඇතිවෙච්ච යුද්ධයක්...සුරලෝකෙ දේවදූතයෝ අතර ඇතිවෙච්ච කැරැල්ලක්....
ReplyDeleteමේ ගැන බයිබලයේ සඳහනක් නෑ...නමුත් වාචිකව පැවතෙන කතාවල තියෙනවා...
මගෙන් යාලුවෙක් ඇහුවා "කාටද බං ඔය උඹලගේ ආගමේ තටු තියෙන්නෙ?" කියලා ඒකට උත්තරේ විදිහට පෝස්ට් එකක් ලියන්න ඉන්නෙ...වැඩි විස්තර එදාට කියන්නම්...
අනිවාර්යයෙන්ම ඒක කියවන්න ඉන්න අයගේ ලිස්ට් එකට මාවත් දාගන්න :)
ReplyDeleteසුරදූතයන්ගේ වුණු අයහපත් හැසිරීම් නිසා ඒ කණ්ඩායමේ නායකයා වුණු සාතන් ඇතුළු තව සුර දූතයෝ කණ්ඩායමක් දෙවියන් වහන්සේ අපායට තල්ලු කළා කියලා කතාවක් මාත් අහලා තියෙනවා
@Hasitha :ඔන්න සහෝ කතාව දැම්මා බලන්න...
ReplyDeleteස්තුතියි :)
ReplyDeleteමම යුරෝපේ හිටි කාලේ සුසානභුමියක් ඉස්සෙල්ලම දැක්ක දවසේ මට පුදුම හිතුන. ඒ මොකද එක ඒ තරමට ලස්සනයි.. හැම සොහොන් කොතක් ලඟම මල් තියල. මල් වත්තක ඇවිදිනවා වගේ ඇවිදින්න පුළුවන්.. ඉතින් මම කැම්පස් ඉවරවෙලා සමහර දවස්වලට ඔහේ ඇවිද්දත් එක්ක. මලාට පස්සේ පහුවදාම මල මිනිස්සු අමතක කරන ලෝකෙක මේක හොඳ චාරිත්‍රයක්.. මිනිස්සුන්ට තමනුත් මැරෙනවා කියලා තේරෙන්නේ එතකොටයි.. හැමෝම තමුන් මැරෙන මිනිස්සු කියලා අවුරුද්දකට එකම එක පාරක්වත් තේරුම් ගත්තොත් මේ ලෝකේ මීට වඩා හොඳ තැනක් වෙනවා සිකුරුයි..
ReplyDeleteඅවුරුද්දට එක දවසක් හරි මේ විදිහේ සැමරුමක් කරන එක හරිම වටිනවා..
Deleteකුඩා වයසෙදි මිය යන්නෙ කලින් ආත්ම භාවයන් වල සත්ව ඝාතනය කල අය ලෙස බුදුන්ගේ ධර්මයේ මම අසා තිබෙනවා...
ReplyDeleteමම නම් මගේ බෞද්ධ මිත්‍රයන්ගෙන් අහලා තියෙන්නෙ මෙහෙමයි.. යම් මිනිසෙක් ඉපදෙන තැන තීරණය වෙන්නෙ මරණ මංචකයේදි ඇතිවන සිතිවිලිලු.. ජීවිතයම පව් කරපු කෙනෙක් උනත් මරණ මංචකයෙදි කරපු එක පිනක් මතක් වුනොත් හොඳ තැනක ඉපදෙනවාලු.. ඒත් ඒ සැප ලබන්න තරම් කුසලය මදි හින්දා අකාලයේ මිය යනවාලු.. අනික් අතට මුළු ජීවිතයම පින්කරලා අන්තිම මොහොතේ නරක සිතිවිල්ලකින් මැරෙන කෙනෙක් නරක තැනක ඉපදුනත් ඒ පින් බලය නිසාම අකාලයේ මියයනවාලු..
Deleteඅපාය රන් කරනවා. සාතන් අයියා. වීසා ලැබෙනවා. පොට් එක එතන වගේ ගොන්පාට් වචන නැතුව මේවගේ වැදගත් දෙයක් වැදගත් විදිහට ලියනවා නම් විටනවා. අපිට ඔයාට ලියන එක නුපුරැදු බව කලන්තෙ ගතිය කම්මැලි කම් ලිපියට වැඩක් නෑ. හොදට ලියන ලිපිය ඔයාම සවුත්තු කරගන්නවා. මේ ගැන තවත් හොද විස්තරයක් තියෙන ලින්ක් එකක් දෙන්නම්.
ReplyDeletehttp://vidasaradio.com/136/
මලීෂ කියන දේ මම පිළිගන්නවා. ඒවගේ වචන යෙදීම මම ගොඩාක් දුරට අඩු කරලා තියෙන්නෙ. මේවා ඉතින් මුල් කාලෙ ලිපිනෙ.
Deleteහැබැයි පිරිසක් ඔය වගේ වචන යෙදීම විවේචනය කරන අතරෙ තවත් අය බර වචන යෙදීමෙන් කියවීම එපා වෙන බව කියනවා. මධ්‍යස්ථව යන්න බලන්නම්..
ස්තුතියි ලින්ක් එකට.