මළවුන්ගෙ මාසෙ ඉතින් මළවුන්ට සම්බන්ධ ලිපි දානවා කිව්වනෙ. අදත් ඒවගේ ලිපියක් තමයි දාන්න
යන්නේ. මේක නම් කතන්දරයක් නෙමෙයි බුද්ධියට යමක්. කියවලා බලමු. කතන්දර කියවන්න වැඩිපුර කැමති කට්ටියට කලින් දාපු මළවුන්ගෙ කතා තුන මෙතනිනුයි මෙතනිනුයි මෙතනිනුයි බලන්න පුලුවන්.
අද කියන්න යන්නෙ කෙනෙක් මරණාසන්න වුනාම කතෝලික ආගමේ කෙරෙන චාරිත්‍රයක් ගැන. මම දන්නා තරමින් නම් අපේ රටේ තියෙන වෙනත් ආගම් වල මෙවැනි චාරිත්‍රයක් නෑ. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්.
අන්තිම ආලේපයෙන් කෙරෙන්නෙ මරණාසන්න කෙනෙක්ව එයාගෙ මරණයට සූදානම් කිරීම. මට හිතෙන හැටියට ආගමික චාරිත්‍රයකටත් වඩා මානසික ප්‍රතිකාරයක් තමයි එතනදි සිද්ධ වෙන්නෙ. කතෝලික කෙනෙක් මරණාසන්න වෙලාවක නැදෑයන්ගෙ හෝ අසල්වාසී කෙනෙකුගෙ යුතුකමක් තමයි හැකි ඉක්මණින් පියතුමෙකු කැඳවන එක. මේ මරණාසන්න අවස්තාව ලෙඩ දුකක් නිසා ඇතිවන මරණාසන්න අවස්තාවක් හරි වයස්ගත වීමෙන් ඇතිවෙන මරණාසන්න අවස්තාවක් වෙන්න පුලුවන්. ඉතින් ඔය කොයික වෙතත් එහෙම මරණාසන්න රෝගියෙකු බලන්න එන්න ඕනෙ වෙලාවක පියතුමෙක් බෑ කියන්නෙ නෑ. මහ රෑ වුනත් පාන්දරක වුනත් එනවා. පියතුමා ආවට පස්සේ බලනවා අදාළ පුද්ගලයාගෙ රෝගී තත්වය. රෝගියාට සිහිය තිබෙනවානම් පාපෝච්චාරණය කිරීමත් දිව්‍ය සත්ප්‍රසාදය දානය කිරීමත් ශුද්ධවූ තෙලින් ආලේප කිරීමත් සිදු කරනවා. රෝගියාට සිහිය නැත්නම් ඔහුව ශුද්ධවූ තෙලින් ආලේප කරලා ඔහු කර ඇති පව් වලට සමාව ඉල්ලලා යාච්ඤා කරනවා.
අන්තිම ආලේපය ලබා දීමෙන් රෝගියාට තමන්ගේ මරණයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. තමුන් මෙලොව ජීවිතයේදී කරපු පව් ගැන පසුතැවිලා සමාව අරන් තමුන් ස්වර්ගයට යනවා කියලා සතුටින් යෑමේ මානසික තෘප්තියත් ලැබෙනවා කියලා කියන්න පුලුවන්. කතෝලික විශ්වාසයට අනුව නම් සිහිය නැති රෝගියෙකුට අන්තිම ආලේපය ලබාදුන්නත් පාපෝච්චාරණයක් නැතිවම ඔහු කර ඇති සුළු වැරදි වලට සමාව ලැබෙනවා. ඒක නිසා හදිසි අනතුරකින් මියගිය පුද්ගලයෙකුට පැය තුනක් ඇතුලත ලබා දෙන අන්තිම ආලේපය වලංගු හැටියට පිළිගන්නවා.
ඒත් පස්සෙ කාලෙක මතයක් ආවා. අන්තිම ආලේපය නිසා රොගීන්ගේ මානසිකත්වය බිඳවැටෙනවා කියලා හරියට ඉස්පිරිතාලෙ වටේ තියෙන මල්ශාලා දැක්කම වගේ. දැන් දැන් මල්ශාලා අයින් කරගෙන යනවා වගේ කතෝලික සභාවත් මීට කාලෙකට කලින් තීරණය කළා අන්තිම ආලේපය දීම නතර කරන්න. ඒ වෙනුවට දැන් රෝගීන්ගේ ආලේපය(Anointing of the Sick) තමයි දානය කරන්නෙ. රෝගීන්ගේ ආලේපය ලබාගන්න මරණාසන්න වෙන්නම ඕනෙ නෑ. තමුන්ට අසාධ්‍ය රෝගයක් තියෙනවානම් ලබාගන්න පුලුවන්. කරන දේවල් නම් අන්තිම ආලේපය වගේමයි. ඒත් රොගීන්ගේ ආලේපය ලැබීමෙන් තමුන්ගේ රෝගය සුව වීමට ශක්තිය වගේ මෙලොවින් යන්න වුනොත් ඒ සඳහා සූදානමද ලැබෙනවා.
ප.ලි.: හැමෝටම තේරුම් ගන්න පහසුවෙන්න චාරිත්‍රයක් කියලා භාවිතා කරාට කතෝලික සභාවේ භාවිතා වෙන්නේ සක්‍රමේන්තුව කියන වචනෙ. සක්‍රමේන්තුවක් කියන්නෙ ජීවිතයේ විවිධ අවස්තා වලදි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම් කියලා කිව්වොත් තේරෙයි මම හිතන්නෙ. අපිට ලබාගන්න පුලුවන් ඒවගේ සක්‍රමේන්තු හතක් තියෙනවා. කෙටියෙන් කියන්නම්.
1.ප්‍රසාද ස්නාපනය - කතෝලික සභාවට කෙනෙක් ඇතුලත් කරගැනීම.
2.පාපෝච්චාරණය - තමුන්ගෙ පව් වලට සමාව ලබාගැනීම.
3.දිව්‍ය සත්ප්‍රසාදය - ජේසුස් වහන්සේව ලබා ගැනීම.
4.අභිවෘද්ධි ආලේපය - වැඩිහිටියෙක් බවට පත් වීම. කනේ පාරකුත් කන්න වෙන වැඩක්.
5.ආශිර්වාදකාර බන්ධනය - විවාහය.
6.පූජාත්වරය - පියතුමෙක් වීම.
7.රෝගීන්ගේ ආලේපය - කියපු එක.
ප.ප.ලි.: කාටහරි මේ ලිපියෙ තියෙන දෙයක් නිවැරදි කරන්න. එයට යමක් එකතු කරන්න. ප්‍රශ්නයක් තියෙනවානම් අහන්න අයිතිය තියෙනවා.

මේ ලිපිය කියෙව්වම තමා මතක් උනේ අපේ ගෙවල් ලඟ අංකල් කෙනෙක් මැරෙන්න හැදුවා ෆාදර්ව ගෙදර ගෙනාවයි කියලා. ඊට පස්සේ අන්තිම ආලේපය නොදී ෆාදර්ව යැවුවා. නැත්නම් අර මිනිහා කෑ ගහලාම මැරෙනවා.
ReplyDeleteනියම ලිපියක්. මේ ටිකත් අපේ අම්මට කියවන්න දෙන්න ඕනා.
මේ පැත්තෙ ආවෙ අද.... අන්තීම ආලේපය හෙවත් රෝගීන්ගේ ආලේපයෙන්.මමහිතන්නෙ රෝගියාටත් වඩා ඒ පවුලේ අයගෙ හිත්වල සුවයක් ඇතිකරනව. ගොඩක් වෙලේට වයසක කෙනෙක්ට මේ සක්‍රමේන්තුව ලබාදෙන්න බැරි උනොත් පවුලෙ අය හිතින් හරියට දුක්වෙනව. මම හිතන්නෙ. බෞද්ධ අය රෝගීන්ට හො මරණාසන්න අයට පිරිත් කියනව...අනිත් ආගම් ගැනනම් ඒතරම් දන්නෙ නෑ.
ReplyDelete@ මධුරංග :මැරෙන්න යන මිනිහා ආයෙත් මැරෙන්න හැදුවද? ඇත්තටම ඕකට බය වෙන්න ඕනෙ නෑ... අන්තිම ආලේපය ලැබුවා කියලා මැරෙන්නෙ නෑනෙ...
ReplyDeleteමමත් ලබලා තියෙනවා...දවස් 14දී...
@ රෝස කුමාරි:හීනලන්තෙට රෝසකුමාරිව සාදරයෙන් පිළිගන්නවා...මේ පැත්තේ විටින් විටේ ඇවිල්ලා යන්න එන්නකො...
ReplyDeleteහ්ම්.. ඒක ඇත්ත මට මතකයි... අපේ සීය කෙනෙකුට ඕක දීගන්න බැරුව ගිහින් ඒ කට්ටිය දුක් වෙච්ච හැටි...
බෞද්ධ අය මළ පොත කියවනවා කියන්නෙ මොකක්ද?
2.පාපෝච්චාරණය - තමුන්ගෙ පව් වලට සමාව ලබාගැනීම.
ReplyDeleteඔන්න ඔය නිසයි මම මේ ආගමට කැමති....
මරණාසන්න වුණු කෙනෙක් අවසන් ආලේපය ගත්තාට පස්සේ එයාට සුවය ආවොත් නැවත වරක් එයා මරණාසන්න වුණාම අවසන් ආලේපය ගන්න පුලුවන්ද ???
ReplyDelete@ඔබ නොදුටු ලොවක්.....:ඔබ නොදුටු ලොවක් මේ පැත්තෙ දුටුව පලවෙනි පාර වෙන්න ඕනෙ...බොහොම ස්තුතියි ප්‍රතිචාරයක් දීලා යනවට....
ReplyDeleteසහෝදරයා ඔහොම කිව්වෙ මොන අදහසකින්ද කියලා මම හරියටම දන්නේ නෑ... මට හිතෙන විදිහට අදහස් දෙකකින් ඔහොම කියන්න පුලුවන්.......
1.කරන්න පුලුවන් ජරා වැඩ ඔක්කොම කරලා එව්වා ගිහින් කියපු පමණින් ඔක්කොම හරි කියා සිතීම....
2.පව් කරපු කෙනෙක් පසුතැවිලිවෙලා අද ඉඳලා වත් හොඳ මිනිහෙක් වීමට අවස්තාව ලබා දීම..
ඔය පලවෙනි විදිහේ දෙයක් නම් පාපොච්චාරණයෙන් සිද්ධ වෙන්නේ නෑ...පස්සේ පාපොච්චාරණයකින් ගොඩ දාගන්නවා කියලා වැරදි කරන්න අනුබලයක් ඔතනින් ලැබෙන්නේ නෑ...
හොඳ පාපොච්චාරණයක් නම් තමුන්ගේ වැරදි ගැන අවංකව පසුතැවිලි විය යුතුයි. ආයෙ එම පාපය නොකිරීමට ඉටා ගත යුතුයි වගේම යම් අගතියට පත් පාර්ශවයක් ඉන්නවානම් ඒ අයට වන්දි ගෙවන්නත් ඕනෙ ....
උදාහරණයක් හැටියට කිව්වොත් අපි හොරකම් කරපු දෙයක් ලඟ තියාගෙන... ඒ ගැන පසුතැවුනා කියලා සමාව ලැබෙන්නේ නෑ...
@Hasitha: ඔවු පුලුවන්....
ReplyDeleteමමත් පොඩිකාලෙ අන්තිම ආලේපය ලබපු කෙනෙක්...
මම අහල තියනවා පියතුමෙක් වීම අත්‍යවශ්‍ය නැහැ කියලා රෝගීන්ගේ ආලේපය දෙන්න. කෙනෙක් මරණාසන්න නම් ළඟ ඉන්න ඒ ගැන දැනුමක් තියන ඕන කෙනෙකුට දෙන්න පුළුවන්, ඒ හදිස්සියේ පියතුමෙක්ව කැඳවන්න බැරිනම්.
ReplyDeleteපියතුමෙක් හොයාගන්න බැරිනම් එහෙම කරන්නත් පුලුවන්..
Deleteබෞද්ධයෝ මරණාසන්න අය වෙනුවෙන් වගේම අසාධ්‍ය රෝගීන් වෙනුවෙනුත් පිරිත් කියවනවා. මේ වගේ අවස්ථාවක පිරිත් කියන්න යන්න ඕනම පන්සලක ඕන වෙලාවක ස්වාමීන්වහන්සේ කෙනෙක් නැතිවෙන්නෙ නෑ.
ReplyDeleteමරණාසන්න අවස්ථාවක නම් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ චුති සිත (මැරෙන මොහොතේ සිතිවිලි) යහපත්ව තැබීම... හැබැයි මේක සිද්ධවෙන්නේ මරණාසන්න පුද්ගලයා හොඳ සිහියෙන් හිටියොත් පමණයි!
මළ පොත කියවන්නේ අවමංගල්‍යක් අවසාන වෙන දවසේ රෑ ඉඳන් හත් දවසේ දානයට කලින් දවසේ රෑ වෙනකන්... මළ පොතේ තියෙන්නේ වෙස්සන්තර ජාතක කතාව කවියෙන්! ජාතක කතාවක් කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන උන්වහන්සේගේ පෙර ආත්ම කතාවලට බව දන්නව ඇති මං හිතන්නේ... එහෙම කතා 545 ක් ග්‍රන්ථාරූඨව තියෙනවා, එයින් වෙස්සන්තර ජාතකයම තෝරගන්න හේතුවවත් මෙහෙම මළ පොත කියවන්න හේතුවවත් මම නං දන්නේ නෑ...
කොහොම වුනත් දැං මේ චාරිත්‍රය සිද්ධවෙනවා කියලා මං හිතන්නෙ නෑ! මම නං කවදාවත් මේක හැබැහින් අහලා දැකලා නෑ...
බොහොම ස්තුත්යි නොදන්නා යමක් කියලා දුන්නට...
Deleteඔහොම පිරිත් කියන බව නම් ඇහුවෙත් අදයි..පින්පොත කියවනවා කියලා එකක් තියෙනවද? චුති සිත යහපත්ව තැබීම කියනකොටයි මතක් වුනේ..
මළපොත් කියවන බව අහලා තිබ්බත් වෙස්සන්තර ජාතකය බව දැනගෙන හිටියෙ නෑ...
"දැං මේ චාරිත්‍රය සිද්ධවෙනවා කියලා මං හිතන්නෙ නෑ" මමත් බෞද්ධ ගෙවල්වල මේක වෙනවා දැකලා නෑ..
බෞද්ධ ගෙවල්වල ඔය විදියට පිරිත් කියන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒක සිද්ධ වෙන්නේ ඒ අයගේ කැමැත්ත අනුව තමා... මං අදහස් කරන්නේ ඔය විදියට පිරිත් කියන එක ආගමික වශයෙන් අනිවාර්ය දෙයක් නෙවෙයි! බුදුන් වහන්සේ ජීවමාන කාලයේ පවා මරණාසන්න/ රෝගී අයට පිරිත් දේශනා කිරීම සිදුවෙලා තියෙනවා.
Deleteපින්පොත කියන එක මෙහෙමයි... ඔය සංකල්පය මං හිතන්නේ ඇතිවෙන්න ඇත්තේ දුටුගැමුණු රජතුමාගේ කතාවෙන්. ඒ චරිත කතාවේ තියෙනවනේ (මට මතක හැටියට මහාවංශයෙත් සඳහන්) දුටුගැමුණු රජතුමා ජීවිතකාලයේදී කරපු පින්කම් පොතක සටහන් කලා කියලා. ජීවිතේ අවසාන කාලෙදි මේ පොත කියවලා හිත පහදවා ගන්න එක තමා අවසාන අරමුණ. මොකද මම අර කලින් කියපු චුති සිත වැදගත්වෙනවනේ ඊලඟ ජන්මයට බෞද්ධ දර්ශනය අනුව...
කොහොම වුනත් මෑතකාලීනව නං ඔය කියන පින් පොත් පවත්වාගෙන යන අය නෑ... කොහොමවුනත් පහුගිය අවුරුද්දේ නැතිවුන මගේ අත්තම්මා එහෙම පින්පොතක් ලියලා තියෙන බව ඇගේ මරණින් පස්සේ අපේ අම්මා කිව්වා!
උත්තරේට ස්තුතියි සහෝ...
Deleteගීතක - ඇත්ත කතා...
ReplyDelete"එහෙම කතා 545 ක් ග්‍රන්ථාරූඨව තියෙනවා, එයින් වෙස්සන්තර ජාතකයම තෝරගන්න හේතුවවත් මෙහෙම මළ පොත කියවන්න හේතුවවත් මම නං දන්නේ නෑ... "
මම දන්නා තරමින් ජාතක කතා පොතේ කතා 547 ක් තියෙනවා. ඒ වගේම වෙස්සන්තර ජාතකය මළ ගෙවල්වල කියවන්න හේතුව වෙස්සන්තර ජාතකයෙන් කියවෙන්නේ වෙස්සන්තර රජතුමා තමන්ගේ වස්තුව, රාජ්‍යය වගේම අවසානයේදී තමන්ගේ දරුවොත්, බිරිඳත් දන් දෙන නිසා ඒ තරමටම බෝසතාණන් වහන්සේ අත් හැරීම කරලා තියෙන නිසා මියගිය ඥාතියා වෙනුවෙන් කම්පා වීමේ දුක තුනී කරවන්න
ස්තුතියි හසිත තොරතුරු වලට..
Deleteඑතකොට මළ පොත කියවන්නෙ ගෙදර අය නෙමෙයිද?
වෙස්සන්තර ජාතකය කියවන්නේ කවුරුන් හෝ වැඩිහිටියෙක්, ගෙදර අයට වගේම මළ ගෙදරට පැමිණෙන අයට තියෙන්නෙ ඒක අහගෙන ඉන්න
ReplyDeleteමට දැන ගන්න ඕන වෙලා තියනව මේ ආගම සම්බන්දව විස්තර ටිකක් ඔබට පුලුවන්ද මගෙ ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න
ReplyDelete