11.11.2012

ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)

එක්තරා ඉතිහාස කතාවක් කියන්ඩ යද්දි (මේක බ්ලොගයේ කෙනෙක් අහපු ප්‍රශ්නයකට පිළිතුරක්) මට තේරුනා ඒ ඉතිහාස කතාව හොඳින් තේරුම් ගන්න නම් ජේසුස් වහන්සේගේ ජීවිත කතාව දැනසිටීම හොඳ බව. ඉතින් ඒ ඉතිහාස කතාවට මූලාරම්භයක් විදිහට තමයි මේ කතාව කියන්නෙ. මේ කතාව කොටස් හතරයි.

1. ජේසුස් වහන්සේගේ උපත
2. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය
3. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය
4. ජේසුස් වහන්සේගේ මරණින් පසු ජීවිතය හා දෙවන පැමිණීම පිළිබඳ විශ්වාසයන්

මේ ලිපි හතර ලියද්දි ශු. බයිබලයේ කතාව වගේම වටපිටාවෙ විස්තරත් කියන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ජේසුස් වහන්සේගේ ධර්ම දේශනා, ප්‍රාතිහාර්‍යය, උපමා ආදිය ඇතුළත් නොකරන්නයි බලාපොරොත්තුව. එව්වත් කියන්න ගියොත් කතාව හොඳටම දිග්ගැස්සේවි. කියවන්න කම්මැලි හිතේවි. අද පළමුවැනි කොටසින් මම කියන්න යන්නෙ ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව.

-------------------------

ජේසුස් වහන්සේ, ජේසුන් වහන්සේ, යේසුස් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස්, ක්‍රිස්තුස් වහන්සේ, නාසරෙත්හි ජේසුස්, ජේසු නසරේනු ආදී එකී මෙකී නම් බොහොමයකින් අමතනු ලබන්නාවූ ජේසුස් වහන්සේගේ ජීවිත කතාවයි මේ.
විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මංගල වේ

වර්ෂය ක්‍රි. ව. 0, එකල රෝම අධිරාජ්‍යය අගෝස්තුස් අධිරාජ්‍යයාගේ පාලනයට නතුව පැවතුණි. දේශ දේශාන්තර කරා පැතිරුණු රෝම අධිරාජ්‍යය ආසියානු මහාද්වීපයත් ආක්‍රමණය කොට තිබිණි. මේ කාලයේදී ආසියානු මහාද්වීපයේ ගලීලයට අයත් නාසරෙත් නම් නගරයේ 'මරියා' නම් යුවතියක් වාසය කළාය. ඉතා දැහැමි යුවතියක්වූ ඇය ආගමට දහමට ලැදි යහපත් ජීවිතයක් ගත කළාය. ඒ වනවිටත් ඇය ජෝශප් නම් පුද්ගලයෙකු හට තීන්දුකොට තිබිණි.

දිනක් ඇය යාච්ඤා කරමින් සිටියදී හදිසි ආලෝකයක් ඇතිවිය. හිස ඔසවා බැලූ ඈ දුටුවේ ඈ ඉදිරිපිට සිටින දේව දූතයෙකි.  "විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මංගල වේ. ස්වාමීන් වහන්සේ ඔබ සමඟය" දේවදූතයා ඈ ඇමතුවේය.

නමුත් මේ හදිසි දර්ශනයෙන් ඇය බොහෝ සේ තැතිගත්තාය.  "මරියාණෙනි, බිය නොවන්න. ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාද ලද්දෙහිය. ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නේය. උන්වහන්සේට ජේසුස් යන නාමය තබන්න"

"මට පුරුෂයෙකු නැති නිසා මෙවැන්නක් වෙන්නේ කෙසේද?" මරියතුමී දේවදූතයාගේ කියමන විශ්වාස නොකළාය. ඇය තමන්ට මතුවූ පැනය එක එල්ලේම දේව දූතයා වෙත යොමු කළාය.

"දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක. උපදින පාරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යැයි කියනු ලබන්නේය. දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැත." දේව දූතයා සියල්ල පැහැදිලි කළේය.

දෙවියන් වහන්සේට කීකරු දිවියක් ගතකළ මරියා දේව කැමැත්ත සතුටින් භාර ගත්තාය. මේ නිසා තමන්ට මුහුණපාන්නට සිදුවිය හැකි නින්දා අපහාස ඈ ගනනකට ගත්තේ නැත. "මම ස්වාමින් වහන්සේගේ දාසිය වෙමි. ඔබ කී වචනය ලෙස ඉටු වේවා" පණිවිඩය ඇය භාරගත් බව දැනගත් දේවදූතයා අදර්ශනය විය.

------------------------- 

මුලින්ම නම ගැන කතා කරොත් ගොඩාක් නම් වලින් ජේසුස් වහන්සේව අමතනවා. සිංහලෙන් 'ජේසුස්' හා 'යේසුස්' නමින් දෙවිදිහකට යෙදුනත් ඉංග්‍රීසියෙදි නම් 'Jesus' ම තමයි. 'ජේසුස්' යන්න පාවිච්චි කරන්නෙ බහුතරයක් වූ රෝමානු කතෝලිකයෝ. අනිකුත් ක්‍රිස්තියානි සභා සියල්ලම පාහේ පාවිච්චි කරන්නෙ 'යේසුස්' යන්නයි. ඊට හේතුව හරියටම කියන්න මම දන්නෙ නෑ. බොහෝදුරට භාෂා ප්‍රශ්නයක් හෝ පරිවර්තන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද රෝමානු කතෝලිකයො පාවිච්චි කරන සමහර වචන උදාහරණයකට කිව්වොත් ජෙරමියා, ජොහාන්, ජෙරුසලම, ජෙරිකෝව ආදී වචන ක්‍රිස්තියානින් වහරන්නේම යෙරමියා, යොහාන්, යෙරුසලම, යෙරිකෝව විදිහටයි.

ඉතිහාසඥයෝ කියන විදිහට නම් Yeshua එහෙම නැත්නම් Jeshua කියන හෙබ්‍රෙව් නම ජේසුස් වහන්සේ ජීවත්වූ කාලයේ පාවිච්චිවෙච්ච නමක්. සමහර මතවලට අනුව නම් ජෝෂුවා (Joshua ) කියන නම යම් වෙනස් වීමකට භාජනය වීමක්ලු. මතකනෙ ජෝෂුවාව අර පොරොන්දුවූ දේශයට ජනතාව එක්කගෙන ආවෙ.

එතකොට ක්‍රිස්තුස් කියන්නෙ? ඒක නිකන් ආරූඪ නමක් වගේ. ජුදා ජනතාව තමුන්ව ගළවාගන්න දෙවියන් වහන්සේ තමුන් පුත්‍රයාගේ පැමිණීම බලාපොරොත්තුවුනානෙ. ඒ ගැන කාලෙන් කාලෙට ජුදාවරුන් අතර බිහිවෙච්ච දිවැසිවරු අනාවැකි කියලත් තියෙනවා. ඉතින් මේ එන තැනැත්තාට 'ආලේප කළ තැනැත්තා/අභිශේකලත් තැනැත්තා' යන අර්ථයෙන් හෙබ්‍රෙව් වචනයක් වෙන 'මෙසියස්'( Messiah) යන වචනය භාවිතා උනා. ඉතින් මේ අර්ථය ග්‍රීක භාෂාවට ගියේ 'Christós' විදිහට. ඒක ඉංග්‍රීසි භාෂාවෙදි 'Christ' උනා. ඉතින් ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේගේ පුත්‍රයා හැටියට එහෙම නැත්නම් මෙසියස් වහන්සේ හැටියට පිළිගන්නා ජනතාව 'Christians' හෙවත් ක්‍රිස්තියානිකාරයෝ උනා. ඉතින් ඔය Christ කියන වචනය තමයි 'ක්‍රිස්තුස්' උනේ. නාසරෙත්හි ජේසුස් එහෙම නැත්නම් ජේසු නසරේනු කියන්නෙ ජේසුස් වහන්සේගේ ගම නාසරෙත් නුවර නිසා.

ජේසුස් වහන්සේ ඉපදුනකාලෙ රෝම අධිරාජ්‍යය
ඊළඟට මම මෙතනදි ජේසුස් වහන්සේගේ උපත ක්‍රි.ව. 0 කියලා කිව්වට ඒක මතභේදාත්මකයි. ජේසුස් වහන්සේගේ ජීවිත කතාවේ දැක්වෙන යම් යම් සිද්ධි වගේම විස්තර වෙන යම් යම් පාලකයින් ගැන විශ්ලේෂණය කරන ඉතිහාසඥයෝ නම් කියන්නෙ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න ඇත්තෙ ක්‍රි.පූ. 6ත් ක්‍රි.ව. 4ත් අතර කාලයක බවයි. ඒ ගැන වැඩි විස්තර කියන්ඩ ගියොත් පෝස්ටුව දිගුවෙනවා වගේම ඒ සිද්ධි ආගන්තුක කෙනෙකුට තේරෙන එකකුත් නෑ. කොහොම වෙතත් ජේසුස් වහන්සේ ඉපදෙනකාලයේ රෝමයේ පාලකයා වෙලා ඉඳලා තියෙන්නෙ අගෝස්තුස් අධිරාජ්‍යයා. තේරෙන විදිහට කිව්වොත් ඔගස්ටස් සීසර්. ඒ කාලෙ ජේසුස් වහන්සේ උපන් රට හෙවත් ජුදයාව (Judea) ඒවගේම ගලීලය ආදී ප්‍රදේශ යටත්වෙලා තිබිලා තියෙන්නෙ රෝම අධිරාජ්‍යයට. ජේසුස් වහන්සේ ඉපදුනකාලෙ රෝම අධිරාජ්‍යය දැක්වෙන සිතියමක් ඇති.  ඒක බැලුවොත් පැහැදිලි වේවි රෝම අධිරාජ්‍යයේ ව්‍යාප්තිය.

ආසියාව
අනික් කාරණාව තමයි ජේසුස් වහන්සේ යුරෝපීයෙක් නෙවෙයි. ආසියාතිකයෙක්.  මම දැක්කා සමහර තැනවල තියෙනවා ජේසුස් වහන්සේව චිත්‍ර ශිල්පීන් විසින් යුරෝපීයයෙක් කරන්න හැදුවාට ආසියාතික රූපයක් තිබිය යුතු බව. කොහොමත් ආගමික කර්තෘකෙනෙක් හෝ වෙනත් කෙනෙකු ඒ ඒ රටවල් වලදී ඒ ඒ රටේ ආභාෂය ලැබීම වලක්වන්ට බෑ. අප්‍රිකාවෙදි ජේසුස් වහන්සේ කළු ජාතික මුහුණුවරක් වෙනකොට චීනෙදි චීන මුහුණුවරක් ඒවි. ජේසුස් වහන්සේ ජීවත්වූ පෙදෙස ආසියාව බව ඔය අනිත් සිතියම බලන ඔයාලට පේනවා ඇතිනෙ. අද වෙනකොට යුරෝපයම කිතුනුවන් උනාට, වතිකානුව කතෝලික සභාවෙ මූලස්ථානය උනාට ජේසුස් වහන්සේ කියන්නෙ ආසියානුවෙක්. ලෝකයට බිහිවූ සෑම ආගමික කර්තෘවරයෙක්ම පාහේ ආසියානුවන් වීම පුදුමයි නේද?

හරි දැන් කතාවට එමුකො. ඔය ඉහළින් ලියලා තියෙන සිද්ධියට කියන්නෙ 'මරියතුමියට මංගලම් කීම' කියලා.  ආපු දේවදූතයා තමා ගාබ්‍රියෙල් දේවදූතයා. (දේවදූතයින් ගැන ලියවුන පෝස්ටුව කියවන්ඩ). අදටත් රෝමානු කතෝලිකයෝ දවසට තුන්වරක් මේ සිද්ධිය සිහිපත් කරනවා. කතෝලික පල්ලියක් කිට්ටුව ඉන්න කෙනෙකුට නම් උදේ 5.30 ට දවල් 12.00ට හවස 6.30ට සීනු හඬ ඇහෙනවා ඇති.   මේ සීනු හඬ ඇහෙනකොටම ඒ සිද්ධිය සිහිපත් කරලා යාච්ඤා කිරීම කතෝලික සම්ප්‍රදායක්.

 -------------------------  

තමා විවාහ ගිවිසාගෙන සිටි යුවතිය ගැබ්ගෙන ඇති බව දැනගැනීම ජෝශප්ව කලකිරීමට හේතුවක් විය.  මෙයින් කලබලයට පත්වූ නමුත් නීතිය ඉදිරියට ගොස් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට පත් කිරීමට, ඇයව ගල්ගසා මැරවීමට තරම් ජෝශප් අදමිටුවෙකු වූයේ නැත. යහපත් මනුෂ්‍යයෙකු වූ ඔහු රහසේම ඇය අත්හැරදැමීමට තීරණය කළේය. එහෙත් එයට ඉඩ නොතබා දේව දුතයෙක් සිහිනෙන් ඔහුට දර්ශනය විය. සියල්ල පැහැදිලි කළේය.

රෙදිවලින් ඔතා ගව ඔරුවේ නිදි කෙරෙව්වාය
කාලය කෙමෙන් ගෙවී ගොස් මරියාගෙ ප්‍රසව කාලය සම්පූර්ණ වීමට ආසන්නව පැවතිණි. ඒ කාලයේදීම  තම යටත් වාසීන්ගෙන් අයබදු එකතු කිරීම ක්‍රමවත් කිරීමට සිතූ අගෝස්තුස් අධිරාජ්‍යයා ජන සංගණනයක් පැවැත්වීමට නියම කර තිබිණි. සියලුදෙනාම සංගණනය සඳහා තම තමුන්ගේ නුවරවලට යාම අනිවාර්‍යය විය. දාවිත්ගේ වංශයට අයත්ව සිටි ජෝශප්ට තමුන්ගේ වංශයට අයත් නගරය වන බෙත්ලෙහෙමට යාමට සිදුව තිබුණි. අපහසුතා තිබුනත් රාජ අණ කඩකළ නොහැකිය. එම නිසා මේ ගමනට ඔහු සමඟ ගැබ්බර මරියාද එක්වූවාය.

බෙත්ලෙහෙමට ළඟා වනවිට රෑබෝවීමට ආසන්න විය.  ඔවුහු ගමනින් විඩාපත්ව සිටියහ. රාත්‍රී නවාතැනක් සොයාගතයුතුව ඇත. එහෙත් බෙත්ලෙහෙමට දුරබැහැරින් පැමිණි ජනතාවගෙන් ලැඟුම්හල්, තානායම් පිරී පැවතිණි. නෑදෑ හිතමිත්‍රාදීන්ගෙන් පිරීගිය නිවාස වලද ඉඩක් කටක් නොවීය. ගැබ්බර මරියා සමඟ කොහේ නවතින්නද? ජෝශප් ලතැවෙන්නට ඇත. අන්තිමේදී ගවමඩුවක් ඔවුන්ට හමුවූයේ මරියාගේ ප්‍රසව වේදනා උත්සන්න වේගන එද්දීය. සීතලෙන් පිරුණු රාත්‍රියේ එළු බැටළුවන්ගෙන් පිරි මඩුවේ පිදුරු අතර ඔවුන් නවාතැන් ගත්හ. රාත්‍රියේ මරියාට ප්‍රසව වේදනා ඇතිවිය. ඇය පුතෙකු බිහිකොට රෙදිවලින් ඔතා ගව ඔරුවේ නිදි කෙරෙව්වාය. 
-------------------------  

සංගණනය සඳහා නාසරතයේ සිට බෙත්ලෙහෙමට ගිය මාර්ගය
මම කිව්වා මතකනෙ පොරොන්දුවූ දේශයේ කතාව. ජුදා ජාතිකයො භාවිතා කරන්නෙ මෝසෙස්ගේ නීතිය. ඒ නීතියට අනුව අනියම් ගැබ්ගැනීමක් පැමිණිලි කළොත් ඒ හින්දා අදාළ තැනැත්තියව නින්දාවට පත්කරලා ගල් ගසා මරාදමන්නටත් පුළුවන්. ඒකනිසා තමයි යහපත් මනුස්සයෙක් වෙච්ච ජෝශප්, සිංහල විදිහට කියනවා නම් ජුසේතුමා ඒ ගැන පැමිණිලි නොකර මරියාව අතහැරදමන්න කල්පනා කළේ.

ජෝශප් කියන්නෙ දාවිත් රජුගෙ පරපුරට අයිති මනුස්සයෙක්.  රැකියාව උනේ වඩු කර්මාන්තය. ඒකනෙ ජුදා ආගමික නායකයො ජේසුස් වහන්සේට 'වඩුවාගේ පුතා' කියලා සමච්චල් කළේ. ජෝශප්ගේත් මරියාගේත් විවාහ ගිවිසගැනීම ගැනත් රසවත් කතාවක් තියෙනවා. ඒක කියන්නෙ පස්සෙ. සංගණයේදි තමුන්ගේ වංශයට අයිති නගරයට යන්ඩ උනා. ඒකයි බෙත්ලෙහෙමට යන්නෙ.  ඒත් සමඟම අතීතයේ දිවැසිවරු කියපු ගැළවුම්කාරයා ඉපදෙන්නෙ බෙත්ලෙහෙමේ කියන දිවැස් වැකියත් ඉටුවුනා.

ජේසුස් වහන්සේ උපන් ස්ථානය අද දවසේදී
කිතුනු ජනතාව මේ සිද්ධියනෙ නත්තල කියලා සමරන්නෙ.  ඒක නම් හැමෝම දන්නවා. ගවමඩුවක් කියලා කිව්වට බොහෝ දෙනා කියන්නෙ එය හරකුන් ලැඟුම් ගත් ලෙනක් කියලායි.
 -------------------------  
ඒ යාමයේ එඬේරු තමුන්ගේ බැටළුවන් රකිමින් අසල තණ පිට්ටනියක ගිනිමැලයක් වටා රැස්වී සිටියහ.  හදිසියේ ඔවුන් මැදට ආවේ දේවදූතයෙකි. "බිය නොවන්න. මුළු ජනතාවටම ප්‍රීතියට හේතුවන පුවතක් ගෙනාමි. දාවිත්ගේ නුවර ඔබ හට ගැළවුම්කාරයෙක් උපන්නේය. යන්න රෙදිවලින් ඔතා ගවඔරුවක තබා ඇති බිළිඳෙක් ඔබට සම්බ වේවි."

මෙයින් පුදුමයට පත්වුන එඬේරු කතාවේ ඇත්ත නැත්ත බැලීමට තීරණය කළහ.  රාත්‍රිය පුරා අහසේ දේව දූතයන්ගේ ගායනා හඬ ඔවුන්ට ඇසිණි. දෙවදූතයෝ "අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහිපිට දේව ප්‍රසාදය ලත් ජනතාවට සාමය ද වේවා" යි ගැයූහ. දේවදූතයා කියූ සළකුණු ඔස්සේ පැමිණි එඩේරු බිළිඳා දැකගත්හ. තමන් දුටු සියල්ලද පැවසුවෝය.
බිය නොවන්න. මුළු ජනතාවටම ප්‍රීතියට හේතුවන පුවතක් ගෙනාමි
එදින රාත්‍රියේ කවදාවත් නොදුටු තාරකාවක් අහසේ පායා තිබිණි. එය දුටු පෙරදිග ශාස්ත්‍රවන්තයෝ තිදෙනෙක් තම ශ්‍රාස්ත්‍රයේ අරුතින් එය වටහාගෙන ගලීලය වෙත ආහ.  එහිදී ඔවුන් එහි පාලකයා වූ හෙරෝද් වෙත යොමුකරවන ලදී. "ජුදෙව්වරුන්ට රජව උපන් උතුමාණෝ උපන්නේ කොහේද? අපි එතුමාගේ තාරුකාව පෙරදිගදී දැක එතුමාට නමස්කාර කිරීමට ආවෙමු"

හෙරෝද් රජ තමුන්ගේ පූජකයන්ගෙන් විමසූ විට ඔවුහු "දිවැසිවැකි අනුව නම් ඉපදිය යුත්තේ බෙත්ලෙහෙමේ" යැයි පැවසූහ. "ඔබ ගොස් තැන හරියට දැනගෙන එන්න. ඉන්පසු මටත් ගොස් නමස්කාර කළ හැක" හෙරෝද් රජු ශාස්ත්‍රවන්තයන් බෙත්ලෙහෙම කරා පිටත් කළේය.

මඟදී ඔවුන්ට තරුව නැවත දර්ශනය විය.  ඔවුහු ඒ අනුව ගොස් බිළිඳා දැකගත්හ. ගෙනා පඬුරු වූ රන් ද, තුවරලා ද, ගන්ධරස ද පූජා කළහ. එහෙත් නැවත හෙරෝද් වෙත නොයෑමට සිහිනයකින් දන්වනු ලැබූ  සියරටවල් බලා ගියේ වෙනත් මඟකිනි.

පෙරදිග ශාස්ත්‍රවන්තයෝ තිදෙනෙක්
හෙරෝද් මඟබලා සිටියේය.  ශාස්ත්‍රවන්තයෝ පැමිණෙන පාටක් නැත. ඔහු පුල පුලා බලා සිටියේ ජුදෙව්වරුන්ගේ රජු උපන් ස්ථානය නිවැරදිව දැනගැනීමටය. ඒ නමස්කාර කිරීමට නම් නොවේ, තම රාජ්‍යයට තර්ජනයක් වීමට පෙර වහාම ක්‍රියාත්මක වන පරිදි මරාදැමීමටය. "ඉවසුවා ඇති. ශාස්ත්‍රවන්තයෝ එන පාටක් නෑ. ඔබලා ගොස් බෙත්ලෙහෙමේ සිටින අවුරුදු දෙකට අඩු සියලු දරුවන් මරා දමන්න" ඔහු තම සෙබළුන් බෙත්ලෙහෙම දක්වා පිටත් කළේය.

එහෙත් දෙවියන් වහන්සේගේ දූතයා සිහිනෙන් ජෝශප්ට දර්ශනයවී මවත් බිළිඳාත් රැගෙන මිසරයට පලායාමට අණ කළේය. මෙසේ සෙබළුන් පැමිණ බෙත්ලෙහෙමේ අවුරුදු දෙකට අඩු සියලු දරුවන් මරාදැමුනු නමුත් ජේසුස් වහන්සේ ඉන් ගැළවිණි. ඔවුහු හෙරෝද් මිය යනතුරුම මිසරයේ සිටියහ.
-------------------------  

කට්ටකුමංජල්
ජේසුස් වහන්සේ උපන් පණිවිඩය මුලින්ම දැනුම් දීලා තියෙන්නෙ දුප්පත් එඬේරුන්ටලු. ඔවුන් එද්දි දේවදූතයන්ගේ ප්‍රශංසා ගීත ඇහුනලු. මීට කාලෙකට කලින් අපි පොඩිකාලෙ දැනගෙන හිටියෙ පෙරදිගින් ආවෙ රජවරු කියලයි. "රජතුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී" කියලා අහලා ඇතිනෙ. ඒත් ඉතින් කියලා තියෙන කාරණා අනුව ඒ කිව්වෙ තාරකා ශාස්ත්‍රයෙන් තැන හොයාගෙන ආවානම් ශාස්ත්‍රවන්තයෝම වෙන්න ඕනනෙ. සාමාන්‍යයෙන් ඔටුවො පිටේ යන ශාස්ත්‍රවන්තයො ඉන්න රූප දැකලා ඇතිනෙ.
ගස්වල මැලියම් වලින්

මේ ශාස්ත්‍රවන්තයො ගෙනාවා කියන පඬුරු ගැනත් කතාවක් තියෙනවා.  එක්කෙනෙක් ගෙනත් තියෙන්නේ රත්‍රං. මොකද එයා ශාස්ත්‍රය අනුව හිතලා තියෙන්නෙ මහා බලසම්පන්න රජෙක් පහළවෙන බවලු. දෙවෙනියා ගෙනල්ලා තියෙන්නෙ තුවරලා (Frankincense). ඒ කියන්නෙ කට්ටකුමංජල් එහෙම නැත්නම් සුවඳලාටු ජාතියක්. Boswellia කියන කුලයට අයිති ගස්වල මැලියම් වලින්ලු සුවඳලාටු හදන්නෙ. ඉතින් තුවරලා ගෙනාපු ගෙනා හිතලා තියෙන්නෙ දෙවිකෙනෙක් පහළවුනා කියලලු. තුන්වෙනියා ගෙනත් තියෙන්නෙ ගන්ධරස. Commiphora කුලේ ශාකවලින් හදන තෙල්වර්ගයක්ලු.  තේරෙන විදිහට කිව්වොත් මිනිසුන් ඇඟ සුවඳවත් කරන්න පාවිච්චි කළ දෙයක්. හිතමුකො ෆර්ෆියුම් කියලා. මේ ශාස්ත්‍රවන්තයා හිතුවේ උතුම් මිනිසෙක් ඉපදිලා කියලලු. ඇත්තටම ජේසුස් වහන්සේට ඔය තුනම අදාළයි. රජෙක්, දෙවිකෙනෙක්, මිනිසෙක්.
ගන්ධරස

ඔවුන් එන්නෙ එවකට ගලීලයේ පාලකයා වෙච්ච හෙරෝද් ළඟටනෙ. ඔය හෙරෝද් කියන නමත් පාරාවෝ වගේම රජුට අන්වර්ථ නමක් වෙන්න ඕනෙ. තරුව ගැන කියනවා නම් සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නෙ වල්ගා තරුවක් කියලයි. නත්තල් කාලෙට සමහර කතෝලික ගෙවල්වල, දෙවස්ථානවල වල්ගාතරුවක් ඉදිකරන්නේ මේ නිසයි. 

ශාස්ත්‍රවන්තයො
මේ ගැන තියෙන තාරකා විද්‍යාඥයින්ගේ අදහසුත් බලමු. Johannes Kepler කියන හැටියට ක්‍රි.පූ. 7දි  සෙනසුරු හා බ්‍රහස්පතිගෙ ග්‍රහයින්ගේ ළංවීමක් ඇතිඋනාලු. මේ විදිහේ ළංවීමකින් නෝවා (nova) තත්වයක් ඇතිවෙන්න පුළුවන්ලු. මම නම් දන්නෙ නෑ ඒ මොකක්ද කියලා. මොකක් නමුත් අහසේ යම් දිලිසීමක් වෙන්න ඇතිනෙ. ඉතින් කෙප්ලර් කියන්නෙ ජේසුස් වහන්සේ ඉපදුන දවසෙ වෙන්න ඇත්තෙ මේ සිද්ධිය බව.

 සමහරු කියන්නෙ හෙලීගේ වල්ගාතරුව කියලා. හැබැයි ගණන් හදලා බැලුවම ඒක පෙනෙන්න ඕනෙ ක්‍රි.පූ. 12දි. චීන හා කොරියානුවන්ට කුමක් නමුත් වල්ගා තරුවක් පෙනුනා කියලා වාර්තාවල තියෙනවාලු. ඒ ක්‍රි. පූ.5දි.  තවත් සමහරු කියන්නෙ මිනිස් ඇසට දැකිය හැකි අති දුර්ලභ දර්ශනයක් වූ යුරේනස් ග්‍රහයා දර්ශනය වන්නට ඇති බව. ඉතින් හරියටම මොකක්ද කියලා නම් විද්‍යාඥයෝ කියලා නෑ. හැබැයි සමාජ විද්‍යාඥයෝ නම් කියන්නෙ එදා ඇතිවුනේ වල්ගා තරුවක් නම් මේ වගේ සුභ සිද්ධියක් කියලා ශාස්ත්‍රවන්තයෝ හිතන එකක් නෑලු. මොකද ඒකාලෙ වල්ගා තරු පෑයීම මහා අවානාවක පෙර නිමිත්තක් හැටියටලු සැළකුවේ.

-------------------------  
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා
ජේසුස් වහන්සේගේ කැපකිරීමේ කාලය ළංවිය.  එකල සිමියොන් නම් ඉතා දැහැමි මිනිසෙක් ජෙරුසලමේ විසීය. දෙවියන් වහන්සේ විසින් ආලේප කළ තැනැත්තා හෙවත් මෙසියස් වහන්සේ දෑහින් දකිනතුරු ඔහු නොමියෙන බවට දෙවියන් වහන්සේ පොරොන්දුවී තිබිණ. ජේසුස් වහන්සේ දේව මාළිගාවේ ඔප්පුකරන දිනම සිමියොන් දේව මාළිගාවට ආවේය. ඔහු ජේසුස් වහන්සේ දැක මහත් ප්‍රීතියෙන් වඩා ගත්තේය.

"දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මම ගැළවීම මගේ දෙනෙතින් දකිමි"

ඔහු දරුවා නැවත මවට දෙමින් මෙසේ කීය.  "මේ දරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේප වෙන දේව සළකුණක් වෙන පිණිසත් නියමව සිටී. ඔබේ හදවත කඩුවකින් ඇන්නාක් මෙන් තුවාල වනු ඇත"

නියමිත වත්පිළිවෙත් සියල්ල ඉටුකළ දෙමව්පියෝ  තමුන්ගේ ගම වන ගලීලයේ නාසරෙත් වෙත හැරී ආහ. 'මෙසියස් වහන්සේ නාසරීයකුය' යන දිවැස් වැකිය මෙයින් ඉටු විය.

ජේසුස් වහන්සේගේ දෙමව්පියෝද සිරිතක් වශයෙන් අවුරුදු පතා පාස්කු උත්සවය වෙනුවෙන් ජෙරුසලමේ දේව මන්දිරයට වන්දනාවේ ගියෝය.  මෙසේ ගිය එක්තරා අවස්ථාවක දොළොස් හැවිරිදි ජේසුස් වහන්සේ අතුරුදහන්විය. දින කිහිපයකට පසු මව්පියන්ට දක්නට ලැබුනේ ජෙරුසලම් දේව මන්දිරයේ පඬිවරයන් මැද ඔවුන්ට සවන් දෙමින් ඔවුන්ට යම් යම් දේ පැහැදිලි කරමින් ප්‍රශන නඟිමින් සිටි තමුන්ගේ පුත්‍රයාවයි. "පුතා, මොකක්ද මේ කළේ? අපි ඔයාව කොච්චර හෙව්වද? "

"මාව මොකට හෙව්වද? මම ඉන්න ඕනෙ පියාණන්ගේ මන්දිරයේ බව ඔබලා නොදන්නේද?" නමුත් මේ කියමන දෙමව්පියන්ට වැටහුනේ නැත. ඔවුහු පෙරලා නාසරෙත් නුවරට ආහ. ජේසුස් වහන්සේගේ ළමා කාලය හා තරුණ කාලය ගෙවීගියේ නාසරෙත් වලය.
 -------------------------  

කැප කිරීම කියලා කියවෙන්නෙ ජේසුස් වහන්සේගේ චර්මඡේදනය වෙන්න ඕනෙ. පාස්කුව කියපුවාම සමහර අය හිතන්න පුළුවන් ජේසුස් වහන්සේ මැරුණාට පස්සෙනෙ පාස්කුව එන්නෙ කියලා. ඒත් මේ කියන්නෙ ජුදාවරුන්ගෙ පාස්කුව ගැන.  අර පොරොන්දුවූ දේශය කරා කතාවෙදි කිව්වෙ. ජේසුස් වහන්සේ ළමා කාලය ගැන තියෙන අන්තිම විස්තරය තමයි වසර දොළහේදී නැතිවී නැවත හමුවීම. එතනින් පසු අවුරුදු තිහ වෙනතුරු උන් වහන්සේ සම්බන්ධ දේවල් කතුවරු ලියා නෑ. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ මේ කාලය ඉන්දියාවේ, ටිබෙටයේ ගතකළ බවට විවිධාකාර මත තියෙන්නෙ. ඒවගේම එංගලන්තයේ හිටියා කියලත් සමහර මත තිබෙනවා.

මේ තියෙන්නෙ අද කතාව ගීතයකින්ම.

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ
ජේසු මෙලොවට බිහිවුණේ
පුංචි ගව මඩුවේ

උඳුවප් මාසේ සීතල දවසක
මැදියම් රෑ යාමේ
දෙව්මව් තුරුළෙ උණුසුම ලබමින්
මේ ලෝකෙට ආවේ

සීත සුළං රැළි දසත හමද්දී
සැතපීලයි උන්නේ
දුප්පත් එඩේරු ඒ බව දැනගෙන
ගවලෙන වෙත යන්නේ

මරියතුමීගේ පෙම්බර මුහුණේ
එළියක් දිස්වූයේ
ජුසේතුමා කිසිදාකත් නෑ
දෙව් අණකට පිටුපෑවේ

වටපිට රොක්වී උම්බෑ ගාමින්
හරකුන් කෑ ගසති
රජතුන් කට්ටුව බිලිඳා ළඟ වැටී
පඬුරු ඔප්පු කරති

මිනිස් සමාජය පාපෙන් බේරා
ගන්නට මෙහි ආවා
දිවැස්වරුන් බොහෝ කලකට පෙර
කී දේ ඉන් ඉටුවූවා

පද රචනය :- මෙල්රෝයි ධර්මරත්න
සංගීතය සහ ගායනය :- ධර්මරත්න සහෝදරයෝ

එහෙනම් ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ විස්තර අරන් එනකම් ආයුබෝවන්!
මූලාශ්‍ර :
http://en.wikipedia.org/wiki/Jesus
http://en.wikipedia.org/wiki/Nativity_of_Jesus
http://en.wikipedia.org/wiki/Star_of_Bethlehem
http://en.wikipedia.org/wiki/Adoration_of_the_Magi
http://en.wikipedia.org/wiki/Frankincense
http://en.wikipedia.org/wiki/Myrrh
http://en.wikipedia.org/wiki/Jesus_%28name%29#Other_languages
http://en.wikipedia.org/wiki/Christ
http://en.wikipedia.org/wiki/Anointing
http://www.silumina.lk/2011/12/25/_art.asp?fn=av11122514&p=1

105 comments:

  1. ස්තුතියි විස්තරයට..!

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසත් කියවන්න එන්න..

      Delete
    2. අනිත් කොටසෙ ලින්ක් එකත් දාන්න පුලුවන්නම් ස්තූතියි

      Delete
    3. මෙතන ලින්ක් තියෙනවා

      http://dreamsofharee.blogspot.com/2013/12/blog-post_27.html

      Delete
    4. සර්ව බලධාරී කියන්නේ මාර බ.... කාරයෙක්. ජෝසප් මැරි කරන්න හිටපු බ....ඌට කලින් ගහලා දැම්මා. ඒවා කැත වැඩ.
      මේ දවස්වල සර්ව බලධාරී වෙනුවෙන් කෑ ගහන මරි මොංගල් හු.... ඉන්න රටවල් වල කොරෝනා නිසා මිනිස්සු මැරෙනවා. සර්ව බලධාරී කොහේද නෑ.
      ලෙඩක් දුකක් ඇති වෙලාවට නැති ඔය කියන අපතයා මොකෙක්ද මන්දා?
      තූ නොදකින්.

      Delete
    5. කට වහගෙන ඉදපිය සමිදුන්වහන්සේ තම දරුවන් වන ක්‍රිස්තියානින්ව ගලවා ගනී තෝ කලබලවෙන්නේ අනේ සමිදුනි මේවාගේ නරුමය්න්ව විනාස කල මැන

      Delete
    6. ජේසුස් වහන්සේ ට අ ප හා ස කර න apa

      Delete
  2. නත්තල කිට්ටු කරලම මේක පටන් ගත්තනම් හොඳයි කියලා හිතෙනවා.

    ජේසු ඉපදුනේ ක්‍රි.ව. 5-6 දි වගේ නම් ඇයි බන් 0 ඉඳන් ගනින්නෙ. ඒකට බලපාපු මොකක් හරි හේතුවක් තියනවද ?

    වල්ග තරුනම් ඔය දැනුත් ඉඳලා හිටලා එන්නෙ. මේකත් ඒ වගේ එදාට ආපු එකක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මගේ වෙන්ඩ බ්ලොග් පෝස්ට් ලෑස්තුවේ මේක තිබ්බේ ඒ කිට්ටුව තමයි.. ඒත් ඉතින් මට හිතුනද ලිව්වා.. :)

      "ඇයි බන් 0 ඉඳන් ගනින්නෙ" ඒක වෙන්නෙ මෙහෙමනෙ සෙන්නා.. අතීතයේ කවදාවත් ක්‍රි.පූ. භාවිතා කරපු යුගයක් තිබුනෙ නෑනෙ.. තේරෙන විදිහට කිව්වොත් අපේ කැලැන්ඩරයේ ක්‍රි.ව. උනාට ඒ කාලෙ මිනිස්සු එහෙම පාවිච්චි කළේ නෑ..

      ක්‍රි.ව. 525 දි තමයි Dionysius Exiguus විසින් මේ ක්‍රමය හොයාගත්තෙ.. ඉතින් ඊට කලින් වෙච්ච සිදුවීම් ඔක්කොම ඉතිහාස වාර්තා අනුව ආපස්සට ගැනලා තමයි මොන වර්ෂෙද උනේ කියන්නෙ.. ඉතින් Dionysius Exiguus හොයාගෙන තියෙන විදිහට ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා තියෙන්නෙ ඊට වසර 525කට කලින්... ඒක නිසා ක්‍රමය හොයාගත්තු වර්ෂය ක්‍රි.ව. 525 උනා.. ඒත් පස්සෙ සමහර ඉතිහාසඥයො කියනවා දැනට අපි ක්‍රි.ව. 0 වර්ෂය ලෙස සළකන වර්ෂය ක්‍රිස්තුස් වහන්සේ ඉපදුන වර්ෂය නෙමේ වෙන්නත් පුළුවන් කියලා.. පොඩ්ඩක් පැටලෙනවා වගේ නේද?

      වැඩේ කියන්නෙ ඒ කාලෙ මිනිස්සු වල්ගාතරුවක් කියන්නෙ මහා අසුභ දෙයක් පෙර නිමිත්තක් හැටියට සළකපු එකනෙ..

      Delete
  3. මොකෝ මේ නත්තල වේලාසනම ගෙනල්ලා,,,තාම දාන කාලා ඉවර නෑ බන්..
    පොඩි කාල වකවානු ප්‍රශ්න කොහොමත් තියනවා නේ,,ඔය අතෑරුනු කාලය ගැනත් එක එක කතා ලගදී මම දැක්කා චීනේ උන්නා කියලා,චීනෙදී යම් ලිය කියවිලි වගයක් හමු උනාලු ඒවා විනාශ කලාලු,,අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. ජේසුස් වහන්සේ ඉන්දියාවට ගිහින් භාවනාව පුරුදු උනු බවක් මම අහලා තියනවා. කතෝලික ආගමෙත් පුජකවරු භාවනා කරනවා නේද? මම මේ කියන්නේ හොඳ නැති වගේ දේවල් නම් සමාවෙන්ට ඕනි. දන්නේ නැති කමටයි අහන්නේ.

      Delete
    2. @ ඩිලාන්,

      මළවුන්ගෙ දානෙ සීසන් එක තාම ඉවර නෑනෙ.. ඒ උනාට මට නම් එකම එක දානෙමුලයි බන් හම්බුනේ.. දැන් මිනිස්සුන්ට දානෙ දෙන්නත් සල්ලි නෑ බන්..

      ඔය වගේ තැන තැන උන්න කතා නම් ගොඩායි..

      @ Podi Kumarihami,

      ජේසුස් වහන්සේ ඉන්දියාවට ආවා කියලා මත තියෙනවා වගේම වෙනත් රටවලත් ගිය බවට මත තියෙනවා.. හැබැයි ඒවා ඔප්පුවෙච්ච කාරණා නෙමෙයි..

      "කතෝලික ආගමෙත් පුජකවරු භාවනා කරනවා නේද?" ඔව්.. කතෝලික ආගමේත් භාවනාව හොඳ දෙයක් හැටියට සළකනවා.. භාවනාමය ජීවිත ගෙවන තාපසවරුත් ඉන්නවා..

      "මේ කියන්නේ හොඳ නැති වගේ දේවල් නම් සමාවෙන්ට ඕනි. දන්නේ නැති කමටයි අහන්නේ." අයියෝ ඕන දෙයක් අහන්ට.. :)

      Delete
  4. ජේසුස් වහන්සේ ඉපදුනේ මැද පෙරදිග නෙමේද?

    හැම ආගමික නායකයෙක්ගේම කතා කියවන කොට මට නම් දැනෙනේ එක්තරා අන්දකම භක්තියක්. මේ කතාව කියවාගෙන යනකොටත්, ඇඟේ හිරිගඬු පිපුනා. ආගම් ගැන මොන තරම් මත ප්‍රවාද තිබුනත්, ඉන් ගතයුතු හරය ගෙන, සරලව එය ඇදහීම කරන අපේ මුතුන් මිත්තන්ට තුති පුදන්ටත් හිතුනා.

    හැබෑට හොඳ කාලෙට මේ ලිපි මාලාව පටන් ගත්තේ.:)

    ReplyDelete
    Replies
    1. මැදපෙරදිග කියන්නෙත් ආසියාවම තමයි...

      Delete
    2. මම හිතාගෙන හිටියේ 'මැද පෙරදිග ' කියන්නේ යුරෝපා මහාද්වීපය සහ ආසියා මහාද්වීපය වෙන් කරන කොටස කියලා. පෙරදිග රටවල් කියන්නේ ලෝකයේ නැගෙනහිරින් පිහිටා තියන රටවල්නේ. ඒකෙන් ආසියාව කියලා කියවෙනබවක් දැන හිටියේ නෑ.:)

      Delete
    3. @ Podi Kumarihami,

      මැදපෙරදිගත් ආසියාව.. බලන්ටකො අක්කෙ උඩ තියෙන ආසියාවෙ සිතියම..

      "ආගම් ගැන මොන තරම් මත ප්‍රවාද තිබුනත්, ඉන් ගතයුතු හරය ගෙන, සරලව එය ඇදහීම කරන අපේ මුතුන් මිත්තන්ට තුති පුදන්ටත් හිතුනා." සහතික ඇත්ත..

      හොඳ කාලෙ කිව්වෙ?

      @ Vidula Hasaranga,

      yep..

      Delete
    4. ඇයි අනේ නත්තල ලඟනේ. :D

      Delete
    5. නොදන්නා නොපෙනෙන බලවේගයකට තම ස්වාධීන චින්තනය පාවා දීම සුළු පටු දෙයක් නොවේ.
      දෙවියන් වහන්සේ යනු.... යල් පැන ගිය අදහසක්. එය ඔබ අන්ධ භක්තිකයෙක් බවට පත් කරයි.

      Delete
    6. ඔබතුමා බෞද්ධාගමිකයෙක්ද මොන ජාතියේ කෙනෙක්ද කියන්න මම දන්නෙ නෑ. නමුත් අපි ජේසුගෙ, උන්වහන්සේගෙ නමින් අපි සාක්ශි දරන්න ඕනා.
      ඔබතුමා අපේ ආගමේ කෙනෙක් නොවේවා කියලත් මම ප්‍රාර්තනා කරනවා.
      අපි කතෝලික බැතිමත්තුන්

      Delete
  5. ජේසුතුමා ඔබ හා මා මෙන් පාපී ස්වNdjයෙන් උපන් කෙනෙක් නොවේ .පාපය නිසා අදුරු වq අපගේ ජිවිත එලිය කරන්නට වෙනත් මාර්ගයක් නොවq නිසා දේව පුත්‍රයාණන්වq එතුමා අපට ඇති කරුණාවෙන් කලකට දෙව් සැප අත්හැර මිනිසත් බව ගත් සේක .පාපයක් නැති එතුමා කුරුසියේ මරණය වින්දේ ඔබගේත් මගෙත් පාපය උදෙසා පූජා වීමටය . එතුමා කල්වාරි කුරුසේ තමාම පූජා වq කල ,අපගේ දඩුවම මුළුමනින්ම ගෙවා දමනු ,eìh
    ජේසුතුමා මගේ පාපයේ දඩුවම ගෙවා දැමු බව දිනක් මට අසන්නට ,enqKs ජේසුතුමා මගේ පාප දඩුවම ගෙව බැවින් මම නිදහස් hh අසන්ට ලැබීමෙන් මගේ සිතට දැනුනු සැහැල්ලුව කියා නිම කල නොහැකි විය .
    ඒ ප්‍රීතිය -ඒ සැහැල්ලුව ලබන්නට ඔබත් කැමතිද ?ඔබ නොදෙන සිටියත් ඔබගේ පාපයේ දඩුවම ජේසුතුමා මුළුමනින්ම ගෙවා දමා තිබේ
    අපව නිදහස් කිරීමට පුජාවක් වීමට එතුමා මරණය වින්ද සේම එතුමා දේව පුත්‍රයාණෝ බැවින් දින තුනකට පසු මරණයෙන් නැගිටු සේක .එබැවින් අද අපට අපගේ දුක දැනෙන ජීවමාන ගe,jqïකරයෙක් සිටි එතුමා ගැන ඇසු කල මා නොපමාව එතුමා වෙත ගොස් පසුතැවිලිව මගේ පාප කමd කරගෙන මගේ ජිවිතයේ පාලනය එතුමාට භdර දුන් බැවින් මම දැන් අනාගතයට බිය නොවෙමි .මේ වර්ෂයත් ,ඉදිරි වර්ෂයත් පමණක් නොව fldhs කවදත් ජිවත් වීම මටනම් ප්‍රීතියකි .ඔබටත් ඒ ප්‍රීතිමත් ජීවිතය ලබන්නට පුළුවන .අලුත් -මිහිරි ජීවිතයකට දොරටු ඔබටත් විවරව තිබේ

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තුතියි.. ඊළඟ කොටසුත් කියවන්න එන්න..

      ඔබගේ කමෙන්ටුවේ සමහර වචන පැහැදිලි නෑ..

      Delete
    2. Romanu katholikayan yesus kiyala neme kiyanne jesus kiyala

      Delete
  6. මේක දැම්ම එක ගොඩක් වටිනවා බං. මුල ඉඳන්ම විස්තර දැනගෙන බලද්දී තමයි අනිත් දේවල් තේරුම් යන්නේ.

    ReplyDelete
    Replies
    1. මචං මට මේකත් ටිකක් පැහැදිලි මදියි. දැන් අපි දන්න විදිහට ජේසු තුමානේ කතෝලික ආගමේ ආරම්භකයා. එතකොට ඔය පොඩි කාලේ පල්ලි ගියා කියලා මේකේ විස්තර වෙන්නේ මොන ආගමක් ගැනද?

      උඹ ලිපි පෙළ අපිටත් තේරෙන විදිහට ලියලා තියෙනවා. ඒක ගොඩක් වටිනවා බං. තව එකක්, කතෝලික, ක්‍රිස්තියානි වගේ ආගම් අතර තියෙන වෙනස මොකක්ද කියලත් පෝස්ටුවක් දාපං.

      Delete
    2. "මුල ඉඳන්ම විස්තර දැනගෙන බලද්දී තමයි අනිත් දේවල් තේරුම් යන්නේ." ඒක හිතලා තමයි 0 ඉඳන්ම ලියන්නෙ..

      "ඔය පොඩි කාලේ පල්ලි ගියා කියලා මේකේ විස්තර වෙන්නේ මොන ආගමක් ගැනද? " ජේසුස් වහන්සේ ජුදා ජාතිකයෙක්.. ඒ වගේම ජුදා ආගමිකයෙක්.. ජුදා ආගමේ බයිබලයේ තමයි තියෙන්නෙ දෙවියන් වහන්සේ ලෝකය මවපු හැටි, ඉශ්‍රායෙල් ජනතාවට පොරොන්දු වූ දේශය ලැබිච්ච හැටි ආදී කතා. දස පනත හම්බුනෙත් ඉශ්‍රායෙල් ජාතිකයන්ට..

      ඉතින් ජේසුස් වහන්සේ ඉපදෙන්නෙ ඒ වගේ ඉතිහාසයක් තිබුන වගේම ඒ වෙනකොටත් දේව මන්දීර වල දෙවියන් වහන්සේට යාච්ඤා කරපු ජුදා ආගමිකයෙක් විදිහට.. ඉතින් ඒ ජුදෙව් පල්ලිවලට තමයි ගියෙ.. ඔය ජුදා ආගමිකයන්ටම තමයි දෙවියන් වහන්සේ පොරොන්දුවෙලා තිබුනෙ ගැලවුම්කාරයායෙක් එවන්න.. ඒත් ජුදා ආගමික නායකයො කැමති උනේ නෑ වඩුවෙකුගෙ පුතෙක් තමුන්ගෙ ගැළවුම්කාරයා කියලා හිතන්න..

      ඒත් ගැළවුම්කාරයා ජේසුස් වහන්සේ බව පිළිගත්තු පිරිස තමයි කිතුනුවන් උනේ.. පැහැදිලියි නේද?

      අගය කරාට ස්තුතියි. ඒ වගේම ආගම් භේද නොතකා මේවා කියවන හා කමෙන්ට් කරන අයටත් ස්තුතිවන්ත වෙන්න ඕනෙ..

      "කතෝලික, ක්‍රිස්තියානි වගේ ආගම් අතර තියෙන වෙනස මොකක්ද කියලත් පෝස්ටුවක් දාපං." මේක ලියන්න කියලා ආපු පස්වෙනි ඉල්ලීම.. ළඟදීම..

      Delete
    3. අඃ... රිප්ලයි එකක් වැටෙනකන් තමයි හිටියේ! :-)
      ජුදා ආගම කියන එක තාමත් තියෙනවද බං??
      මම අහලා තියෙන විදිහට යෙහෝවාගේ ශාක්ෂිකරුවෝ කියන එක නේද යුදෙව්වන් ඇදහුවේ?

      Delete
    4. "රිප්ලයි එකක් වැටෙනකන් තමයි හිටියේ" සමාවෙන්ඩ.. වැඩ වැඩි නිසා පොඩ්ඩක් ප්‍රමාද උනා..

      "ජුදා ආගම කියන එක තාමත් තියෙනවද බං?" ජුදා ආගම තියෙනවා විතරක් නෙමෙයි.. ඔවුන් තවමත් ගැළවුම්කරුවාව බලාපොරොත්තු වෙනවා.. Judaism කියලා බලන්නකො..

      "යෙහෝවාගේ ශාක්ෂිකරුවෝ කියන එක නේද යුදෙව්වන් ඇදහුවේ?" නෑ... යෙහෝවාගේ ශාක්ෂිකරුවෝ කියන්නෙ මෑතක බිහිවෙච්ච කුඩා ආගමික කණ්ඩායමක්.. ගෙවල් ගානේ ආගම් ප්‍රචාරයට එන බහුතරයක් යෙහෝවාගේ ශාක්ෂිකරුවෝ..

      Delete
  7. මම නොදැන සිටි කරුණක් දැනගත්තා. ජුසේ තුමා මරියව අත්හැර දැමීම.. ඒත් ජේසුතුමා උපත ලද වෙලාවෙ ඔහු ඇය සමග සිටියා නේද ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ සරත් අයියට වචනයක් මිස් වෙලා..

      "ඔහු රහසේම ඇය අත්හැරදැමීමට තීරණය කළේය. එහෙත් එයට ඉඩ නොතබා දේව දුතයෙක් සිහිනෙන් ඔහුට දර්ශනය විය. සියල්ල පැහැදිලි කළේය. "

      එයට ඉඩ නොතබා

      Delete
  8. මෙතුමාගෙ ජීවිත කථාවෙ වසර 15 ක පරිඡේදයක් නෑ කියලා මම අහලා තියෙනවා... ඒ අතරතුර කාලය ඉන්දියාවට හෝ ඒ ආසන්නයට ඇවිත් භාවනාව ප්‍ර‍ගුණ කලා කියලයි කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. අවුරුදු 12 ඉඳන් 30 වෙනකන් අවුරුදු 18ක කාලයක විස්තර තමයි නැත්තෙ.. ඒ කාලෙ ගැන නම් මතිමතාන්තර බොහොමයි..

      Delete
  9. අගමන කාලෙත් කිට්ටු වෙන නිසා මෙහෙම පෝස්ට් ලියන එක හොඳයි. එතකොට කතෝලික නොවන අයට මේ ගැන දැනුවත් වෙන්න පුලුවන් නේ. මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ මතක් උනේ අපේ පල්ලියේ නත්තලට හදන ගවලෙනේ. කන්දක් උඩ සීතල පරිසරේක තියෙන පල්ලියක ගවලෙනක් !
    දිගටම ලියන්න හරී..

    ReplyDelete
    Replies
    1. ආගමන කාලය කිව්වම මතක් වුනේ 'කතෝලිකයන්ගේ ධර්ම චක්‍රය' ගැනත් ලියන්න ඉන්නෙ..

      කොහෙහ්ඩ අප්පා සීතල පරිසරේ.. මට හිතාගතෑකි කොච්චර ලස්සනට තියෙයිද කියලා..

      මේ තියෙන්නෙ මම ගවලෙන ගැන ලියපු කතාව..

      http://dreamsofharee.blogspot.com/2011/12/blog-post_22.html

      Delete
  10. //....දාවිත්ගේ වංශයට අයත්ව සිටි ජෝශප්ට....//

    කවුද මේ දාවිත් ???

    //....අතීතයේ දිවැසිවරු කියපු ගැළවුම්කාරයා ඉපදෙන්නෙ බෙත්ලෙහෙමේ කියන දිවැස් වැකියත් ඉටුවුනා....//

    අනාගත ගැළවුම්කාරයා ගැන දිවැසිවරු කිව්වේ මොනවාද ? යුදෙව්වන් ජේසුතුමාගේ තමන්ගේ ගැළවුම්කාරයා විදිහට පිළිගන්නේ නැත්තේ ඒ දිවැස් වැකි එක්ක ජේසුතුමාව ගැළපෙන්නේ නැති නිසාද ?? මේ දිවැස්වරු කවුද කියලත් පොඩ්ඩක් කියන්න

    //...එය දුටු පෙරදිග ශාස්ත්‍රවන්තයෝ තිදෙනෙක් තම ශ්‍රාස්ත්‍රයේ අරුතින් එය වටහාගෙන ගලීලය වෙත ආහ...//

    මේ ශාස්ත්‍රවන්තයන් තුන් දෙනාගෙන් එක් කෙනෙක් ලාංකිකයෙක් කියලා මම අහලා තියෙනවා

    //...මොකද ඒකාලෙ වල්ගා තරු පෑයීම මහා අවානාවක පෙර නිමිත්තක් හැටියටලු සැළකුවේ....//

    ලංකාවේත් එහෙම තමා. දෙවෙනි රාජසිංහ රජ්ජුරුවන්ට විරුද්ධව නිල්ලඹේ කැරැල්ල පටන් ගන්නේ 1664 වල්ගා තරුවක් පෑයීමෙන් පස්සේ. වල්ගා තරුව පෑයීමත් එක්ක රට වැසියෝ ඔක්කොම කලබල වෙනවා මොකක් වෙන්න යන විනාශේ කියලා.

    ප්‍රමාද වෙලා හරි පටන් ගත්තු එළකිරි වැඩක් තමා මේක නම්. සුභ පැතුම් අයියණ්ඩි :)

    ReplyDelete
    Replies
    1. "කවුද මේ දාවිත් ???" දාවිත් කියන්නෙ David ගේ සිංහල නම.. ඇයි අර යෝධයෙකුට කැටපෝලෙන් විඳලා මරපු ළමයව දන්නවා නේද? ඒ තමා දාවිත්.. පොරොන්දු වූ දේශයට ආවට පස්සෙ ඊශ්‍රායෙල්වරුන්ගේ රජෙක් තමයි දාවිත් කියන්නෙ.. දාවිත්ගෙ කාලෙත් ඔහුගෙ පුතා සලමොන්ගෙ කාලෙත් තමයි ඊශ්‍රායෙල් ජාතියේ ස්වර්ණමය යුගය තිබිලා තියෙන්නෙ.. ඉඩක් ලැබුනොත් ඒ කතාත් කියන්නම්කො..

      "අනාගත ගැළවුම්කාරයා ගැන දිවැසිවරු කිව්වේ මොනවාද ?" හපොයි බයිබලයේ වැඩිහරියක්ම තියෙන්නෙ දිවැස්වැකි.. ඒක නිසා කියන්ට අමාරුයි.. ඒත් මෙහෙම කියන්නම්කො.. ගැළවුම්කාරයා ඉපදෙන තැන, ජීවත්වෙන තැන වගේ ගොඩාක් විස්තර තියෙනවා.. ජුදා දේව මන්දිරේදි ජේසුස් වහන්සේ තමන් ගැන බයිබලයේ තියෙන දිවැස් වැකියක් කියවලා 'දැන් ඔබ ඉදිරියේ මෙය සැබෑවිය' කිව්වම මිනිස්සු මොකද කරේ කියලා ඉස්සරහට බලන්න බැරියැ..

      "ගැළවුම්කාරයා විදිහට පිළිගන්නේ නැත්තේ ඒ දිවැස් වැකි එක්ක ජේසුතුමාව ගැළපෙන්නේ නැති නිසාද ?" ඒකට හේතුව ඔවුන් ගැළවීම කියලා හිතන් ඉන්නෙ අධ්‍යාත්මික ගැළවීමක් නෙවෙයි.. ඔවුන්ට ඕනෑ ගැළවුම්කාරයා රජ කුමාරයෙක් වගේ ඇවිත් අනිත් ජාති යටත් කරගෙන තමුන්ට අනිත් ජාතිවලට යටත් නොවී ඉන්න ඉඩ සළසන ගැළවීමක්.. ජේසුස් වහන්සේ හිටිය කාලෙදි නම් රෝම අධිරාජ්‍යයෙන් තමුන්ව ගලවාගතහැකි නායකයෙක්.. ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කළේ ඇයි? ඉදිරි ලිපිවලින් බලමු..

      මේ දිවැස්වරු කවුද කියලත් පොඩ්ඩක් කියන්න .. දානියෙල්, එසකියෙල්, යෙසායා, ජෙරමියා, හග්ගයි, හබක්කුක් ආදී විශාල පිරිසක් ඉන්නවා..

      "මේ ශාස්ත්‍රවන්තයන් තුන් දෙනාගෙන් එක් කෙනෙක් ලාංකිකයෙක් කියලා මම අහලා තියෙනවා " මම ඒක දන්නෙ මේ කමෙන්ට් එකෙන්..

      "වල්ගා තරු පෑයීම මහා අවානාවක පෙර නිමිත්තක් හැටියටලු" මේ කතාව මම හසිතගෙ බ්ලොගෙන් කියෙව්වා..

      ස්තුතියි.. ප්‍රමාද වෙලා කියන්නෙ මොකෝ..

      Delete
    2. තැන්කු පිළිතුරුවලට :)

      Delete
  11. අඩේ අප්පා... අද උදේ තිබ්බ සීතලත් එක්ක මතක් උනේ නත්තල් සීත.
    මේන් එතකොටම හරි සර් නත්තල ගැන ලියලා. මේක දෙසැම්බර් 25 පටන් ගන්න තිබ්බා නම් මරු. ඒක නෙමේ මෙදාපාර නත්තලට හරීලෑ ගෙවල් පැත්තේ එන්ඩත් හිතෙනවා. :)

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන් ගිය පාර නත්තලට හම්බෙච්ච බෝතලයක් බොන්න කෙනෙක් නැතුව පල් වෙවී තියෙනවා.. ඒක කඩලා රෝස්ට් කරපු කුකුලෙකුත් එක්ක දෙන්නම්..

      Delete
    2. බයිබලය හා තෙස්තමේන්තු ගෙන ටිකක් පැහැදිලි කරන්නකො

      Delete
  12. "1. ජේසුස් වහන්සේගේ උපත
    2. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය
    3. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය
    4. ජේසුස් වහන්සේගේ මරණින් පසු ජීවිතය හා දෙවන පැමිණීම පිළිබඳ විශ්වාසයන්"

    ජේසුස් වහන්සේගේ අප්‍රසිද්ධ ජීවිතය ගැන කතෝලික, ක්‍රිස්තියානි අය කථා කරන්ෙන් නැත්ෙත් අැයි?
    සැබෑ ජේසුස් වහන්සේ වූ කලී බුද්ධ ශ්‍රාවකයෙකි
    BY රංග ජයවර්ධන, ON DECEMBER 23RD, 2010
    නවතම සොයාගැනීම් අනූව සැබෑ ජේසුස් වහන්සේ වූ කලී බුද්ධ ශ්‍රාවකයෙකි. එතුමන්ගේ විසින් දේශනා කරන ලද සැබෑ ධර්මය විකෘති කර මැතිව්, මාක් සහ ඉගැලතියෙන්ස්‍ විසින් “බයිබලය” ලිවීමෙන් සිදුකලාවූ මේ මහා අපරාධය යලි නිවැරද කොට අප ක්‍රිස්තු භක්තික සොයුරන් වෙත සැබෑ ධර්මය හදුන්වාදිය හැකි නම් මේ උතුම් වූ නත්තල් සමයේදී ආර්ය පුද්ගලයෙකු වශයෙන් ඔබට කල හැකි ඉහලම දානය වනු නිසැකැයි.

    ජේසුස් වහන්සේ යනු බුද්ධ ශ්‍රාවකයෙක් බව පසක් කිරීමට මම දන්නා සාධක කිහිපයක් දක්වමි. ඒ සඳහා මීට වඩා සාක්ෂි තිබිය හැකි අතර ඔබ දන්නා දේවල්ද පහලින් ලියන්න.

    (1) ජේසුස් වහන්සේව හූමදානය කර ඇත්තේ ජපානයේ ෂින්ගෝ නම් ගමේය. ඒ ඔහු බෞද්ධයෙකු වූ නිසා ඔහුගේ අනුගාමිකයින් ඔහුව ජපානයට ගෙන ගොස් ඇත. වැඩි විස්තර සදහා http://en.wikipedia.org/wiki/Shingo,_Aomori

    (2) බුදුරජානන් වහන්සේ ජේසුස් වහන්සේට වඩා වසර පන්සියයකට පෙර ජීවත් වූවෙකි. ජේසුස් වහන්සේගේ කාලයේදී පෙරදිග ප්‍රසිද්ධ වී තිබුනේ විද්‍යාව, දැණුම සහ බොහෝ දර්ශනයන්ටය. එනිසා බටහිර උදවිය පෙරදිගට පැමිණ ඉගෙන ගෙන ඇත. එනිසා බුදු දහමේ ආභාසය ජේසුස් වහන්සේ ගත්තා යැයි සිතිය හකි නමුදු බුදු දහම කිතු දහමෙන් පැවතෙන්නක් නොවේ. බුදුරජානන් වහන්සේගේ දේශනා වල සහ බයිබලයේ ඇති කරුණු වල සමානතාවයන් කිහිපයක් මෙලෙස දැක්වීමට කැමතිය. බයිබලයේ ඇති කරුණු එලෙසම දැක්වීම පිණිස පරිවර්තනයකින් තොරව ඉංග්‍රීසි බසින් දක්වමි. එනම් පහළ ඇති කරුණු වලින් පෙනෙන්නේ ජේසුතුමා බුදු දහමෙන් ආභාෂය ගත් බවය.

    වර්තමාන ජීවිතය පිළිබඳ සමානතාවයන් – බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
    බුදුරදුන්: අතීතයේ ජීවත්ව නොසිටින්න. අනාගතය ගැන සිහින නොදකින්න. වර්තමානය පිළිබඳව අවධානය යොමු කරන්න.
    Matthew 6: 34 Take therefore no thought for the morrow: for the morrow shall take thought for the things of itself.

    ReplyDelete
    Replies
    1. // ජේසුස් වහන්සේගේ අප්‍රසිද්ධ ජීවිතය ගැන කතෝලික, ක්‍රිස්තියානි අය කථා කරන්ෙන් නැත්ෙත් අැයි?//

      මම මේකට විතරක් දන්නා විදියට උත්තර දෙන්නම්කො .
      අප්‍රසිද්ද ජීවිතය කියන්නේ එතුමා.. ප්‍රසිද්ද ජීවිතය පටන් ගැනීමට පෙර අවුරුදු 20 පමණ කාලයක්.. ඒ කාලේ එයා සාමාන්‍ය විදියට ජිවත් වුන කෙනෙක්.. ඒ කාලයේ වය උනේ ධර්මය ඉගෙන ගැනීමට සහා සාමාන්‍ය වැඩකටයුතු වලට (එතුමා වඩු වැඩ කරපු කෙනෙක් )ඒ වගේම ඒ කාලයේ එතුමා ඔහුට පැවරී තිබුණු කාර්යය කරීමට සුදානම් වෙමින් සිටි අවදිය..බයිබලයේ ලියලා තියෙන්නේ අවශ්‍යම කරුණු විතරයි හැම දෙයක්ම ලිව්වනම් කොයිතරම් දේවල් ලියන්න වෙයිද එහෙමනම් ඔය වගේ පොත් කොච්චරක් ලියන්න වෙයිද .. මම දන්නා තරමින් ඒ හේතුන් උඩ තමයි ඔහුගේ ළමා කාලයත් ප්‍රසිද්ධ ජීවිතයත් පමණක් ලියවිලා තියෙන්නේ ..

      ජේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් කියන්න තරම් ඔප්පු වූ සාධක නැහැ.. ගොඩාක් තියෙන්නේ ගොතපු කථා. ජේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් නම් ක්‍රිස්තු ධර්මය සහ වත් පිළිවෙත් මෙයිට වඩා ගොඩක් වෙනස් වෙන්න ඉඩ තිබුනා ..

      මේ මගේ අදහස මේ ගැන වැඩි විස්තර "හරි " දක්වයි ..

      Delete
    2. ජේසුස් යනු ජීවමාන දෙවියන් වහන්සේගේ {මැව්ම්කරු } ඒකජාතක පුත්‍රයන්ය මිනිසුන් පාපයෙන් ගලවගන්නට ආ තැනැත්තාය එතුමා දින 3 කින් මලව්න්ගෙන් නැගිට්ටය අවුරුදු 2500 වැඩි ඇත ඇටකටු සොයා ගත්තත් එතුමාගේ කීසිවක් සොයා ගැනීමට නොහැකි විය .ක්‍රිස්තියානුවන් හා ඉස්ලාම් භක්තිකයන් පිළිගන්නා එකම දේයනම් ජේසුස් ගේ දෙවෙනි පැමිණිමයි .එතුමා පැමිණෙන විට ලොව 2/3ක් එතුමා අදහන්නොය එය දැන් වෙමින් පවතී එය කිසිවෙකුට නැවතිය නොහැක

      Delete
    3. ආගමක් ගැන වගේම පුද්ගලයන් ගැන උනත නොයෙකුත් මත තියෙනවනෙ සහෝදරයා.

      ඒවා ගොතපුවාද ඇත්ත ඒවාද කවුද දන්නෙ.

      කට්ටියක් ජේසුස් වහන්සේව බෞද්ධයෙක් කරන්ඩ හදන අතරෙ කට්ටියක් හින්දු භක්තිකයෙක් කරන්ඩ යනවා.

      තවත් කට්ටියක් ඉස්ලාම් භක්තිකයෙක් කරන්ඩ යනවා.

      තව කට්ටියක් ජේසුස් වහන්සේ මිත්‍යාවක් ලෙස සළකනවා.

      කුමක්ද අප පිළිගතයුත්තෙ? රංග ජයවර්ධනගේ ධර්ම දාන ගැන අන්තර්ජාලයේ සිටිනා හැමෝම වගේ දන්නවා.

      මෙතනත් රංග ජයවර්ධන ධර්ම දානයක් විදිහට කියන්නෙ 'උඹලා අපෙන් කොපිකරා' කියලනෙ.

      ජේසුස් වහන්සේ ප්‍රචාරය කරන්නේත් බෞද්ධ ධර්මය නම් ඇයි ආගම් වලට හරවාගන්නවා කියා කෑගසන්නේ.

      එකම ධර්මය නම් ප්‍රශ්නයක් නෑ නේද?

      Delete
    4. @Niroshan Buddhika
      මෙහෙමයි බං ඔය දාල තියෙන පොස්ට් එකේ තියෙන දේ මතයක් විතරයි. ඕක කතෝලික කෙනෙක්ම (මතක විදිහට ඉංග්‍රීසි ජාතිකයෙක්) කරපු රිසර්ච් එකක්. අපිට ඒකෙන් ඔප්පු කරන්න බැහැ ජේසුස් වහන්සේව බෞද්ධයෙක්මයි කියලා. ඕවා දිහා විවෘත මනසින් බලන්න ඕන.

      අනිත් එක ඔය සිද්ධිය පරික්ෂා කරන්න ඕන පුරාවිද්‍යාත්මක වශයෙන් මිසක් ආගමික වශයෙන් නෙමෙයි. අපේ අයත් ඉතිං කොහේ හරි මෙහෙම දෙයක් දැක්කම ඒක ඇත්තමයි කියලා ඔප්පු කරන්න හදනවා!

      @චමී4යූ~chami4u
      //ජේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් කියන්න තරම් ඔප්පු වූ සාධක නැහැ.//
      මචං මම බලපු පොතේනම් ගොඩක් කරුණු විද්‍යාත්මකව පහදලා තිබ්බ. කඩ්ඩෙන් තිබ්බ නිසාත්, මට කතෝලික දහම ගැන ලොකු දැනීමක් නැති නිසාත් හරි වැරදි නම් දන්නේ නැහැ. ඔයාල කියෙව්වනම් ඔයාලටනම් තේරෙයි.

      ++++++

      මමනම් ආස මේ වගේ දේවල් තර්කානුකුලව බලන්න මිසක් අදහන්න නෙමෙයි. උදාහරණයක් පයිතගරස් කියන්නේ සුනාපරන්ත දේශයට වැඩම කල පුණ්ණ (නම හරිද මන්ද) තෙරුන් කියලත් මතයක් තියෙනවා. ඒක මතයක් විතරයි. ඔප්පු කරලා නැහැනේ. ඕක අපේ FB බව්ද්ධයෙක් දැක්කනම් ඉතිං ඒක ඇත්තමයි කියල පෝස්ට් එකක් දාල සාධු කාරයකුත් දෙනවා!

      Delete
    5. @ Niroshan Buddhika

      "ජේසුස් වහන්සේගේ අප්‍රසිද්ධ ජීවිතය ගැන කතෝලික, ක්‍රිස්තියානි අය කථා කරන්ෙන් නැත්ෙත් අැයි?"
      කතා නොකරන්නේ ඒ ගැන මතභේදයකින් තොරව පිළිගත හැකි සාක්ෂි නැති නිසා.. ඔබ මෙතනදී සඳහන් කර තිබෙන්නේ ජේසුස් වහන්සේගේ ජීවිතයේ අවුරුදු දොළහා හා තිහ අතර කාලය පිළිබඳ තිබෙන එක් මතයක් පමණයි..

      කෙටියෙන් කිව්වොත්
      1.ජේසුස් වහන්සේ ඉන්දියාවෙන් ථෙරවාද බුදු දහම උගත් බව..
      2.Nicolas Notovitch කියන විදිහට කාශ්මීරයේ Ladakh නගරයේ ආරාමයක වාසය කළ බව..
      3.ජේසුස් වහන්සේ යනු සැබෑ චරිතයක් නොව ක්‍රිෂ්ණා දෙවියන්ගේ චරිතය අනුකරණය කර ගොඩනැංවූ මන:කල්පිත චරිතයක් බව..
      4. Bhavishya Maha Purana ග්‍රන්ථයෙ තියෙන සටහන්..
      5. ජේසුස් වහන්සේ නොමැරී තමුන් අතර සිටි බවට අහමදියා මුස්ලිම්වරුන්ගේ අදහස්..
      6. ජේසුස් වහන්සේ බ්‍රිතාන්‍යයට ගිය බව..
      7. ජෙඋසුස් වහන්සේ ඇමරිකාවට ගිය බව..

      මේ ආකාර මතවාද බොහෝමයක්ම බැලූ බැල්මට සත්‍යය යැයි පෙනෙන නමුත් දීර්ඝ විමසා බැලීම් වලදී මුසාවන් බවට පත්ව තිබෙනවා..

      උදාහරණයක් හැටියට කිව්වොත් මේ කතාව මුලින්ම ලෝකයට ගෙනාවෙ Nicolas Notovitch.. ඔහු තමයි මෙයට විශාල ප්‍රචාරයක් දීලා ලොකු ප්‍රසිද්ධියක් ලබාගත්තෙ.. නමුත් Ladakh නගරයේ ආරාමයක පුස්කොළ පොත් කියවනවා තබා ඔහු Ladakh නගරයටත් නොගිය බව සොයා ගැනුනා.. එම ආරාමයේ හිමියන් ද එය ප්‍රතික්ෂේප කළා..

      මාගේ පෞද්ගලික අදහස නම් ජේසුස් වහන්සේ එවැනි තැනකට ගියද ඒ ගැන ආරාමවල වාර්තාකොට තැබීමට තරම් වැදගත් සිද්ධියක් වීමට නොහැකියි.. මොකද ඒ කාලෙ එතුමා නිකම් පුද්ගලයෙක් විනා ආගමික කතුවරයෙක් නෙමේනෙ..

      ජේසුස් වහන්සේ අවු. 12-30 අතර කාලයේ ඉන්දියාවට පැමිණීම හෝ නොපැමිණීම ද වෙන කොහේට හෝ යාම හෝ නොයෑමද උන් වහන්සේගේ ධර්මයට අනුව ජීවත් වීමට බාධාවක් නොවේ..

      Delete
    6. @ චමී4යූ~chami4u,

      බයිබලයේ ජේසුස් වහන්සේගේ චරිත කතාව කතුවරු හතර දෙනෙකු (මතෙව්, මාක්, ලූක්, ජොහාන්) විසින් ලියා තිබෙනවා.. එක් එක් කතුවරු යොදාගත් ශෛලිය වගේම ලියා තිබෙන සිද්ධිත් විවිධයි.. ඔවුන් ලියා ඇත්තේ ඔවුන්ට වැදගත් යයි සිතුනු දේයි..

      උදාහරණෙකට කිව්වොත් ඕනෑම චරිත කතාවක ඒ චරිතයට අදාළ හැමදේම නෑනෙ. ඒ වගේම තමයි. චමී කියනවා වගේ කතුවරු හතරදෙනාම එය වැදගත් කොට නොසළකන්න ඇති..

      @ Roshan,

      ජේසුස් වහන්සේ ගැන ඉස්ලාම්වරුන් හා කිතුනුවන් අතර තිබෙන මතය වෙනස්.. නමුත් දෙගොල්ලෝම දෙවන් පැමිණීම බලාපොරොත්තුවෙනවා කියන කතාව ඇත්ත..

      "එතුමා පැමිණෙන විට ලොව 2/3ක් එතුමා අදහන්නොය " මට නම් හිතෙන්නෙ මේකෙ අනිත් පැත්ත.. එන්න එන්නම මිනිසුන් ආගම ධර්මයෙන් ඈත්වෙනවා වගේම ආකල්ප අතිනුත් පිරිහෙනවා.. මිනිසුන්ට ඕනෑ ආගම තමන්ට ධනය ලබාදෙන මාර්ගයක් කරගන්න.. හැම ආගමකම තත්වෙ ඕකයි..

      Delete
    7. @ Anonymous,

      ඔබ කියන සමහර කරුණු වලට මම එකඟයි.. ඒ වගේම ඔබ සඳන් කරන පුද්ගලයා ගැනත් මට ඇත්තේ යහපත් ආකල්පයක් නෙමෙයි.. ඇත්තටම මම ඔහුව අඳුරන්නේ නෑ.. නමුත් ඔහුගේ අදහස් අන්තවාදී බව පේනවා..

      @ මිස්ටර් ඇනෝනිමස්,

      ඕනෑම දෙයක් දිහා විවෘත ඇසකින් බැලීම අගය කරන්න ඕනෑ.. ජේසුස් වහන්සේ ඉන්දියාවේ හිටියා කියන මතයට පක්ෂව වගේම විපක්ෂව ලියවුනු පොත්පත් තිබෙනවා.. සිංහලෙනුත් තියෙනවා.. මම මේ ලිපියෙ අගට දෙපැත්තටම තියෙන සිංහල පොත් ගැන සඳහනක් දාන්න හිටියෙ.. මතය කොච්චර ව්‍යාප්තද කියනවා නම් පක්ෂව තියෙන පොත් හොයාගත්තට විපක්ෂව තියෙන පොත් ගැන විස්තර ජාලෙ නෑනෙ.. නංගියෙක් ගාව තියෙන බව දැනගත්තත් ඉල්ලන්ඩ යන්ඩ කම්මැලි හිතුනා..

      තේරුම් ගැනීම කියන කාරණේ කෙසේවෙතත් කියවන්ඩ හිතෙන ගතිය නම් අන්තිමයි.. බොහොම අමාරුවෙන් කියෙව්වෙ..

      "ඕක අපේ FB බව්ද්ධයෙක් දැක්කනම් ඉතිං ඒක ඇත්තමයි කියල පෝස්ට් එකක් දාල සාධු කාරයකුත් දෙනවා!" මෙලහටත් දාලද දන්නෙ නෑ.. :)

      Delete
    8. සුවිශේෂක වරු සහ බයිබලයේ සියළුම කතුවරු දැනගෙන හිටියේ නෑ ඒ ගොල්ලෝ ලියන ලිපි සහ පොත් අනාගතයේදී බයිබලය කියලා එකට එකතු කරයි කියලා. ඒ ගොල්ලෝ එම ලිපි ලිව්වේ ඒ ගොල්ලෝ ඉලක්ක කරන පිරිස, එම කාලයේ පරිසරය, සාමාජය, භාෂාව වගේ දේවල් බලලයි. ඉතින් අපි බයිබලය කියවන කොට මේ අදහස් සැළකිල්ලට ගන්න වෙනවා, මොකද වචනාර්ථයෙන් අපේ වර්ථමාන සමාජය අනුව අර්ථකතන දුන්නොත්, එය බයිබලීය කතුවරයා අදහස් කළ අදහසට සම්පූර්ණයෙන් ම වෙනස් වෙන්න පුළුවන්.

      උදාහරණයක් හැටියට, ශු. ලූක් තුමා තම සුවිශේෂය ලිව්වේ ඊශ්‍රායෙල් ජනතාවට නොව වෙනත් ඇදහීම් ඇතුව සිටින සහ එසේ සිට කිතු දහම වැළඳ ගත්තවුන් සඳහායි. එමනිසා ඔහු වැඩිපුර පුරාණ ගිවිසුම ගැන සඳහන් කරන්නේ නෑ. නමුත් මැතිව් සුවිශේෂය ලියන්නේ ජුදා ජාතීන්ටයි, එමනිසා ඔහු බොහෝ විට පුරාණ ගිවිසුම ගැන සඳහන් කරනවා.

      Delete
    9. @ Gihan,

      අදහස් එකතු කිරීම ගැන සතුටුයි..

      "එය බයිබලීය කතුවරයා අදහස් කළ අදහසට සම්පූර්ණයෙන් ම වෙනස් වෙන්න පුළුවන්." මේ පිළිබඳව මම දකින හොඳම උදාහරණය තමයි ඉඳිකටු මලේ කතාව.. ඒවගේම ජුදා දින දර්ශනය නොදැන සිටීමෙන් ද වෙනත් අර්ථකතන ලැබෙන්න පුලුවනි..

      දෙවෙනි ඡේදයේ කරුණු ඉතාම වැදගත්.. ලූක් සුවිශේෂය ඉතා සරල වෙද්දි අනෙක් ඒවා විශේෂයෙන් ජොහාන් සුවිශේෂය ගැඹුරු වීමට කාරණාව දැන් දන්නවා.. ඒවගේම මතෙව් සුවිශේෂයේ අඟලෙන් අඟලට පුරාණ ගිවිසුමේ පාඨ තිබීමට හේතුවත් වැටහුනා.. ස්තුතියි..

      Delete

  13. Read more: http://sinhalabuddhist.com/2010/12/jesus-was-buddhist/#ixzz2BzLDKHSw

    ReplyDelete
  14. පාස්කු කාලේ මතක් වුනා බන්
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හික්ක්..හික්.. නත්තල ගැන කිව්වම උඹට පාස්කුද මතක් වෙන්නෙ..

      ජයම වේවා!

      Delete
  15. ආසාවෙන් කියවගෙන යනව, කලින් ලිපි පෙලෙනුත් බොහෝ දේවල් ඉගන ගත්ත. ඉතිරි ටිකත් ඉක්මනින්ම ලියන්න.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි.. ඔබ වැනි අයගේ දිරිමත් කිරීම් නිසාම තමයි තව තවත් ලියන්න හිතෙන්නෙ..

      Delete
  16. දන්න කරුණුත් තිබුනා...ඒත් නොදන්න කරුණු ගොඩාක් ඉගෙන ගත්තා. වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි.. ඉතුරු ලිපිත් කියවන්ඩ එන්න..

      Delete
  17. ඔය අන්තිමට තියෙන ගීතයෙ ඉංග්‍රීසි වර්ෂන් එක මට මතක් වුනා.

    Long time ago in Bethlehem
    So the Holy Bible say
    Mary's boy child Jesus Christ
    Was Born on Christmas Day

    Hark now hear the angels sing
    A new king born today...
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියගෙ කමෙන්ට් එක දැක්ක මම ගීතය අහලායි පස්ස බලුවෙ..

      Delete
  18. මම ඒත් බැලුවා "අගෝස්තුස්" කියන්නේ කවුද කියලා..:)

    මව් විස්තරනම් ටිකක් විතර දැනගෙන හිටියා. එතනින් එහාට විස්තර තමයි දන්නේ නැත්තේ.

    ජේසු තුමා ඉපදුන දවසට ක්‍රි. ව. 0 සෙට් කරා කියලයි දැනගෙන හිටියේ. ඒ කියන්නේ ඒ ගැනත් මතභේද තියනවා. මම රාජාවලියේ ලිව්වා ක්‍රිස්තුවර්ෂ මාරුව කියන ලිපිය. ජේසු බිලිඳා බලන්න පෙරදිගින් ගිය රජුන්ගෙන් කෙනෙක් එවකට ලංකාවේ රජ වූ භාතිකාභය කියලත් මතයක් තිබිලා තියනවා.

    ReplyDelete
    Replies
    1. හි..හි.. මම හිතුවා කට්ටිය පොඩ්ඩක් ටපලා ගනී කියලා.. බයිබලය පරිවර්තනයේදි යොදාගෙන තියෙන වචනය තමයි 'අගෝස්තුස්'.. එක අතකට ඒක වැරදිත් නෑ.. ඔගස්ටස් සීසර් තමුන්ගේ නමින් ඕගස්ට් කියලා නම දාපු මාසෙ සිංහලෙන් අගෝස්තු නම් අධිරාජ්‍යයාත් අගෝස්තුස් තමයි.. මමත් ඒ වචනෙ එහෙමම යොදාගත්තා..

      එතනින් එහාට එව්වා ඊළඟ ලිපිවල.. ක්‍රි. ව. 0 ගැන කතාව මම සෙන්නාට කිව්වා.. අක්කගෙ ලිපියත් බලන්නම්කො.. "ලංකාවේ රජ වූ භාතිකාභය කියලත් මතයක් තිබිලා තියනවා. " මම මේ ගැන ඇහුවමයි.. අක්කාට පුළුවන් නම් තව විස්තර කියමු...

      මට මේ දැන් හිතුනා ලංකාවෙ රජ කෙනෙක් ගියා නම් මොනවා ගෙනියයිද? ඔය තුනෙන් එකක්වත් ලංකාවෙ දේවල් නෙමේනෙ... ඒත් ඉතින් දෙයියො දනී මං නොදනී..

      Delete
  19. කෝ මං ඊයේ දාපු කමෙන්ට් එක.....? :(

    ReplyDelete
    Replies
    1. අනේ අනූ ඒක ස්පෑම් වලත් නෑනෙ.. තරහා නැතුව පුළුවන්නම් ආයෙ දාන්න..

      Delete
  20. හ්ම්ම් මරු මාතෘකාවක් තෝරං තියෙන්නේ.බලමුකෝ ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. පොරොන්දු වූ දේශයට මාත් එක්ක ආවා වගේ දිගටම මේ කතාවෙදිත් එන්ඩෝ..

      Delete
  21. නත්තලට කලින්ම නත්තල ගැනත් යේසුස් වහන‍ොස්ගේ උත්පත්තිය ගැනත්, වල්ගා තරැවේ ඉතිහාසය ගැනත් දැනගත්තා. ඇත්තටස අදවගේ ගනිතමය ශාස්ත්‍රයක් එකල නොතිබුණත් අදටවඩා විහ්වය ගැන අනාවැකි කියන්න පුළුවන් අය එදා පහලවෙලා හිටියා. අහසේ යම් වෙස්කමක් සිදුවූවොත් එය සියලු මිනිස් වරගයාටම බලපාන දෙයක් ඉතින් මේ වල්ගා තරුවත් මිත්‍යාවක් යැයි අහක දාන්නබෑ. පිළිගත හැකි ස්‍යයක් තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ දයා අයියේ ඉස්සර මිනිසුන් තුළ විද්‍යාත්මක දැනුම නොතිබුනත් ඔවුන් ස්වභාව ධර්මය හා බැඳී සිටියා.. සොබා දහමෙන් දැනුම ලබාගත්තා.. ඊට අනුකූලව ජීවත් උනා.. ඒකයි ලෝකෙ මෙච්චර දුරක් ආවෙ..

      ඒත් ඒ හම දෙයක්ම මිථ්‍යාමත ගොන්නට දාන්න ගියොත් මිනිසාගේ විනාශය වැඩි ඈතක නොවෙයි..

      Delete
  22. අගේ ඇති උත්සාහයක් මල්ලී... ගොඩක් වෙලාවට අපි අතර භේද, ගැටුම් ඇති වෙන්න හේතුව නොදැනීම. අවබෝධයක් නැතිකම. මම බෞද්ධ දර්ශනය සම්බන්ධ පොත් පත් කියවනවා. අපි හැදුණෙ වැඩුණෙ බෞද්ධ පසුබිමක නිසා ඒ ගැන ලොකු අවබෝධයක් ලබන්න අවස්ථා තිබුණා. හින්දු, ඉස්ලාම් ආගම් ගැනත් යම් තරමක් දන්නවා.
    අපි අදහන දහම ගැනත් අවබෝධයක් අනිත් අයට ලබා දෙන්න ඔයා ගන්න උත්සාහය හරි වටිනවා. අපි අතර තියෙන අනවබෝධයන්, වැරදි අදහස් අයින් වෙන්න ඒක උදව්වක් වේවි...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මොන ආගමක් ගන උනත් දැන ගැනීම වටිනවා.. බෞද්ධ ආගම ගැන මටත් සුළු දැනුමක් තියෙනවා.. ඉස්ලාම් ආගම ගැනත්..

      අගය කිරීමට ස්තුතියි අක්කේ..

      Delete
    2. සමය සමයාන්තර දැනුම බහු ආගමික රටක ජීවත් වෙන අයට ගොඩාක් වැදගත් :)

      Delete
  23. මචං බ්ලොග් එකේ පහුගිය පෝස්ට් ඔක්කොම දින පිළිවෙලට පෙන්නන ගජෙට් එක දාපන්කෝ. මම මේ උඹේ පරණ පෝස්ට් බලන ගමන්. උඹේ බ්ලොග් එකම කියවන්න ඕන ඒකයි! :-)

    ReplyDelete
    Replies
    1. මගේ ලිපි කියලා තියෙන්නෙ ඒක නෙමෙයිද බන්... ම්ම බලන්නම් වෙන ගැජට් එකක් තියෙනවද කියලා..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අප්පා සොරි වෙන්න ඕන. පත්තෙන්නේ එක තිබිලා තියෙන්නේ. පළල වැඩි නිසා දැක්කේ නැහැ. දැන් හරි.!

      Delete
  24. මගේ බ්ලොගයට නිතර යන එන විචාරක මහත්මයා අසනීපයෙන් පසුවන බව එතුමාගේ බ්ලොගයේ සඳහන්ව තිබුනා... එතුමාට ඉක්මන් සුවය පතමු..

    ReplyDelete
  25. මේ දවස්වල තියන වැස්සත් එක්ක රටපුරා යන උන සහ කැස්ස වසංගතය මාවත් ගොදුරු කරගත්තා. දැන්නම් උන හොඳයි. ඒත් කැස්ස ටිකක් තවම තියනවා. කතාව ලියන්න හරී, කියවන්න අය ඕනෙතරම් ඉන්නවා.
    අද තමයි කොම්පියුටරේ ඇල්ලුවේ. අපේ නෝනා කොම්පියුටරේට සාප කරමින් මේ අවට භ්‍රමණය වෙනවා. ටයිප් කරනකොට පොඩි වෙහෙසකුත් දැනෙනවා.

    ලිපියේ ඉදිරි කොටස් වලදී අදහස් දක්වන්නම්. මට සුවය ප්‍රාර්ථනා කළ ඔබටත්, හසිතටත් පින්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. යන්තම් ඇවිල්ලා තියෙන්නෙ.. හොඳයි හොඳයි ඊළඟ ලිපියටම කමෙන්ටුවක් දාන්නකො වේචාරක මහත්මයා..

      Delete
  26. මේක හරියට කියවලා කමෙන්ට් එකක් දෙන්න එන්නං.. :)

    ReplyDelete
    Replies
    1. හොඳයි අලිසන්ද‍්ඉරි අයියෙ..

      Delete
  27. ආගම් කර්තෘ වරයකුට අපහාස උපහාස කිරීම සුදුසු දෙයක් නෙවෙයි. තම තමන්ගේ මතවාද ශිෂ්ඨ භාෂාවෙන් තාර්කිකව ඉදිරිපත් කරන්න. අතන තිබුණාය, මෙතන තිබුණාය, අරයා කිව්වාය, මෙයා කිව්වාය, යනුවෙන් යම් බෞද්ධයකු, අසම්පුර්ණ තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් ඔහු කාලාම සුත්‍රය කියවා ඉන්පසු අදහස් දැක්වීම සුදුසුය.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  28. ම්ම්ම්... ආයෙමත් ආවේ දැනුයි ඔන්න... මම ඒ කමෙන්ට් එකෙන් ඇහුවේ නුවානේ කියන එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලයි...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට මක් වුනාද දන්නෙ නෑ අනූ..
      නුවානෙ කියන්නෙ පල්ලියෙ මංගල්ලෙට කලින් තියෙන විශේෂ මෙහෙයන් වලට..

      මම මංගල්ලෙ ගැන ලිපි මාලාවක් ලියලයි තියෙන්නෙ.. ඒ ටික පබ්ලිස් කරනකන් ඉන්න පුළුවන් නේද? :)

      Delete
  29. ම න් කැමතිම වර්ගයේ ලිපියක් ..අනික අපි බෞද්ධ නිසා මේ දේවල් වැඩිදුර දැනං හිටියේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඊළඟ ලිපිත් කියවන්න එන්න.. තව ගොඩාක් විස්තර තියෙනවා..

      Delete
  30. මන් බයිබලය කියවලා තියෙනවා කීප සැරයක්ම හරී..ඒ වගේමයි නත්තල් කාලෙට ටීවී එකේ පෙන්නන චිත්‍රපටි සහ නාට්‍ය වලින් දැන නොගත්ත කරුණු රාශියකුත් මේ ලිපියෙන් දැන ගත්තා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වෙනි අයියේ.. ඔය වගේ චිත්‍රපටියක් ටීවී එකේ පෙන්නුවාම මම ඉඳලා අහවරයි.. බෞද්ධ මිත්‍රයෝ එනවනෙ කතාව පැහැදිලි කරන් යන්ඩ..

      Delete
  31. එල.ආසියාවෙන්නේ ලොව ශේෂ්ඨතමයන් බිහි වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. ඔක්කොම ආගමික කතුවරු ආසියාවෙනෙ..

      Delete
  32. කාලෙකට පස්සේ හරී ගේ බ්ලොගේට ආවේ. ස්තූතියි ලිපියට.

    ජේසුස් සහ යේසුස් කියන දේ ඇවිල්ලා තියෙන්නේ ලතින් භාෂාව නිසා. මොකද ලතින් භාෂාවෙන් 'J' අකුර ශබ්ද වෙන්නේ 'ය' ශබ්දයෙන්.

    ප.ලි. මම නත්තලේදී භාවිතා වෙන සංඛේත ගැන ලිපි වගයක් photos හැටියට FB එකේ දාලා තියෙනවා. බලන්න.
    https://www.facebook.com/media/set/?set=a.10151299065233748.501674.572408747&type=1

    ReplyDelete
    Replies
    1. දැන් ගිහාන් සහෝදරතුමා නේද? මගේ සුභ පැතුම්..

      විස්තරයට ස්තුතියි.. මම සෑහෙන කාලයක් තිස්සෙ ඔය හේතුව හෙව්වා..

      මම ඒ ලිපි කියවලා බලන්නම්..

      Delete
    2. ස්තූතියි සුභ පැතුමට සහ ලිපි ටික කියෙව්වට.

      Delete
  33. මේ ලිපි පෙළ ඉතාම වටිනවා. විශේෂයෙන් ක්‍රිස්තුස් වහන්සේ ගැන සරළ ලෙස ඉගෙන ගන්නට ආසාවෙන් සිටි මාවැන්නකුට. මේ උත්ම් චරිතය සරළ ලෙස පැහැදිලි කර දෙන ඔබට බෞද්ධයකු වහයෙන් පින් දෙමි.

    ReplyDelete
    Replies
    1. ආගම් භේදයකින් තොරව මේ ලිපි කියවන්නට එන ඔබ වැනි අයට බොහෝමත් ස්තුතියි.. ඔබලා ලබාදෙන දහිරිය නොවන්නට මෙතරම් ලිපි ලියන්නට වෙන්නෙ නෑ..

      Delete
  34. හරීගේ ලිපිය වගේම පහලින් තිබුන කමෙන්ටු ටිකත් දිගටම කියවගෙන ගියා. බෞද්ධයෙක් විදිහට මට හැකියාවක් ලැබිල තියෙනව ඔබේ ආගම ගැන බොහෝදුරට අධ්‍යයනය කරන්න. ඒ වගේම ආගම් දෙකේ සම්භන්ද ගැන බොහෝ පුද්ගලයින් ලියල තියෙන බොහෝ දේවල් අධ්‍යයනය කරන්න. ඇත්තෙන්ම මම මේගැන හොයන්න යොමු උනේ ළ.ක්‍රි.වී. ළමා සමාජය නිසා. නි.ම.නි පූජකවරුන්ගේ මූලිකත්වයෙන් ලංකාව පුරා ක්‍රියාත්මක මේ ළමා සමාජයට මම සහභාගි වෙද්දි බොහෝ අවස්ථාවල එතන හිටිය එකම බෞද්ධ ළමය මම වෙච්ච අවස්ථා බොහෝමයි. ඒ වගේම විද්‍යා විශයන් හදාරපු කෙනෙක් විදිහටත් මං මගේ අදහස කියන්න කැමතී.

    අපි කියවන්නෙ ඒ ඒ ආගමික සාස්තෘවරුන්ගේ කාලයෙන් බොහෝ කාලයකට පසුව ලියවුනු දේවල්. ඒ වෙනතුරු හැමදෙයක්ම කටවහරෙන් පැවතගෙන ආපු නිසා බොහෝ වෙනස්කම් වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් එතුමන්ලාගේ ජීවිත කතාව. ඒ වගේම ඒ පිළිබද ලියන පුද්ගලයා උනන්දු වෙනව කියවන පුද්ගලයාගේ සද්ධාව වැඩි කරන්නනටත්. ඒ සදහා යම් යම් දේවල් එකතු කරන්නටත්. බෞද්ධයෙක් විදිහට බුද්ධ චරිතයේ සමහර අවස්ථා ගැන කරල තියෙන සදහන් පිළිගන්න මම සූදානම් නැහැ. ඒ වගේම ක්‍රිස්තු චරිතයේ එන සමහර අවස්ථා ගැන කරල තියෙන සදහනුත් පිළිගන්න සූදානම් නැහැ.

    එහෙත් සමස්ථයක් විදිහට ආගම් දෙකේම හරය අධ්‍යයනය කරල තියෙන නිසා හරයන්වල බොහෝ සමානකම් මම දකිනව. නමුත් මේක ක්‍රිස්තුස් වහන්සේ බෞද්ධයෙකු කියන එක ඔප්පුකරන්න උත්සහ ගැනීමක් නොවෙයි. මම කියන්නෙ ආගම් දෙකේ හරයන්ගේ බොහෝ සමානතැන් තියෙනනව කියල විතරයි.

    අවසන් වශයෙන් ඒ ඒ ආගමේ සාස්තෘවරුන්ගේ ජීවිතය ගැන හොයනවට වඩා ඒ ආගම් වල හරය හොයාගෙන ඒ අනුව තම තමන්ගේ ජීවිත හැඩගස්වා ගන්නවානම් හොදයි. මොකද මේ ආගම් දෙකේම සාස්තෘවරුන් ජිවිතය හරි මාර්ගයේ ගෙනියන්න දෙයක් කියල තියෙනව මිසක් ජීවත වරද්ද ගන්න දේවල් කියල නැති නිසා.
    ................................................

    ඔබේ ලිපියටත් බොහෝම තුතී හරී. මොකද මගේ දැනුවේ තිබුන සමහර අඩුපාඩු ටිකක් හදාගන්න ඔබේ ලිපිය ගොඩාක් වැදගත් උනා. අනිත් ටිකත් කියවල අවසානයට ආයෙත් කමෙන්ට් එකක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ල.ක්‍රි.වි. ලමා සමාජයට මම පොඩීම කාලෙ ගිහින් තියෙනවා.. අපි ටිකක් ලොකු වෙනකොට ලමා සමාජය අහල පහල තිබුනේ නෑ.. බ්ලොග් ලියන තරුරසී අක්කත් ල.ක්‍රි.වි.යෙ අනුශාසකතුමියක්..

      ඔබේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි.. ලියවිලා තියෙන හැමදේම සියයට සියයක් සත්‍යයැයි පිළිගැනීමට අමාරුතැන් තියෙනවා. ආගමික භක්තිය වැඩි කරන්න යම් යම් දෑ වගේම කතුවරයාගේ පෞද්ගලික මත ඇදහීම් ආදියත් එකතුවෙන්නට ඇති.. දැන් කාලෙ උනත් එකම ප්‍රවෘත්තිය විවිධ පාර්ශව සාධාරණීකරණය කරන්න ලියවෙන්නේ.. අන්න ඒ වගේම තමයි ඉතිහාසයත්..

      මමත් චාරිත්‍ර වාරිත්‍ර, ඉතිහාසයට වඩා ධර්මය හා ප්‍රතිපත්ති වැදගත්කොට සලකන කෙනෙක්.. හැබැයි සමහර අය නම් කියනවා චාරිත්‍ර වාරිත්‍ර ඉතිහාසය අපිට ධර්මානුකූල ජීවිතයකට උත්තේජනය සපයන බව..

      අවසාන වශයෙන් ලිපිය කියෙව්වාට බොහෝම ස්තුතියි.. ඊළඟ කොටස ඉක්මණින් දාන්නම්..

      Delete
    2. විජේසිංහ4/9/14, 11:56 AM

      ආගම් දෙකේ සමානකම් ගැන කියද්දි මට මේක මතක් උනා. සිදුහත් කුමාරය උපදින දවසට කලින් දවසෙ මහාමායා දේවිය පයින් දීර්ඝ ගමනක් යන්න පිටත් උනා. මරිය තුමියත් දරුවා ලැබෙන්න ඔන්න මෙන්න කියල පයින්ම ලොකු දුරක් ගිහින් තියනව. (සිතියම දැක්කෙ මේ බ්ලොග් එකෙන් තමයි.) මරිය තුමී ගැබ් ගත්තෙ ජුසේ තුමාගෙ සම්බන්ධයක් නැතිව. සිදුහත් කුමාරයත් සුදු ඇත් පැටියෙක් සුදු නෙළුම් මලක් අරගෙන කුසට ඇතුල් වෙන විදිහට තමයි බෞද්ධ පොත පතේ සඳහන් වෙන්නෙ - සුද්දෝධන රජතුමාගෙ සම්බන්ධයක් නැතිව. මොකද මේ ගැන හිතන්නෙ?

      Delete
    3. @ විජේසිංහ

      නිවැරදිව කරුණු නොකියවා ඔබ කරුණු ඉදිරිපත් කරන බවක් තමා පෙනෙන්නේ. මහාමායා දේවිය දෙව්දහ නුවර බලා පිටත්ව ගියේ දෝලාවෙන් බව තමා කියවෙන්නේ. ඒ වගේමයි මරියතුමිය ත් බූරුවෙක් පිට නැගී ගමන් කළ බව තමා අසා තිබෙන්නේ

      ඒ වගේමයි සුදු ඇත් පැටවෙක් නෙළුමක් අරන් කුස තුළට ඇතුල් වෙනවා කියලා මහාමායා දේවිය දැක්කේ සිහිනයක්. ඒ අවස්ථාවේදී සැබවින්ම සිදුවුණේ තුසිතයෙන් බෝසතාණන් චුත වෙලා මහාමායා කුසයේ ප්‍රතිසන්ධිය ලැබීම. ඒ හැරෙන්නට එතැන සුද්ධෝදන රජතුමා සමඟ එක්වීමක් මහාමායා වුණේ නැහැ කියලා සඳහනක් නැහැ.

      වෛද්‍ය විද්‍යාව දන්නා කෙනෙක් පහදනවා නම් වටිනවා ලිංගික ක්‍රියාවලියකින් පස්සේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එක් වෙන්න ගත වෙන කාලය වගේම සංසේචනය වෙන්න ගත වෙන කාලයත් එයට ජිවයක් හටගන්න යන කාලයත් සම්බන්ධව

      Delete
  35. නියමයි මචන් . . හරිම ආසාවෙන් කියෙව්වා . .

    ඇත්තෙන්ම මම ගොඩක් ගරු කරන ආගමක් ක්‍රිස්තියානි ආගම කියන්නේ . . .

    ක්‍රිස්තියානි සංස්කෘතියටත් ගොඩක් කැමතියි . .

    ක්‍රිස්තියානි සංස්කෘතියටත හා බැඳුනු දේවල් ගොඩක් ඉගෙන ගනන් පුලුවන් වෙයි කියලා හිතෙනවා මේ ලිපි පෙලින්. . .

    ආයේ පාරක් ස්තූතියි මචං . .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියවලා යන්න ආවට..

      මේ වගේ දේවල් ගැන ලියවෙන ඒවා බොහොම අඩුයිනෙ.. ඉතින් ඒ අඩුව පුරවන්නයි ලියන්නෙ..

      ඉස්සරහටත් කියවන්න එන්ඩෝ..

      Delete
    2. අනිවා අනිවා . . :D

      Delete
  36. බෙත්ලෙහෙම් තරුව පායලා තියෙන්නේ සාතන් නේද මොකද හොරද් මහරජු පූජකයන්ගෙන් දැනගත්තා පොරොන්දු රජු ඉපදෙන්නේ ජුදයේ බෙත්ලෙහෙමේ කියලා ඒක තමයි බෙත්ලෙහෙමේ කුඩා දරුවන් මරාදැම්මේ

    ReplyDelete
  37. මෙතනින් එහාට කතා ගැන නැද්ද

    ReplyDelete
  38. මට මෙතනින් එහා ටික තමයි දැන ගන්න ඕනෙ

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...