මීට වසර දහසකට පමණ පෙර, ඉන්දියාවේ කේරළය
මුළු කේරළයටම අගරජුවූ සේරමන් රජතුමා නිදිසුව ලබමින් සිය සිරියහන් ගබඩාවේ සැතපී සිටියේය. රජු නිදනා පැය කිහිපයේදී එතුමන්ගේ ආරක්ෂාව භාරවූ රාජපුරුෂයෝ ද නිහඬව නිස්කලංකව ගබඩාවේ දොරටු රැකවලේ නිරතව උන්හ. මනාව පුහුණුවලත් කාර්‍යයශූරවූ සෙබල මුලෙන් මිදී රජුගේ නින්දට බාධා කිරීමට යාමට මැස්සෙකුටවත් ඉඩ ප්‍රස්ථාවක් තිබුනේ නැත. රජු සුව නින්දේය.
එහෙත්, ගතවූයේ නිමේෂයකි. රජුගේ මඟුල් උයනේ මඟුල් පොකුණ අසලින් විශාල ශබ්දයක් පැන නැග්ගේය. පොකුණ අසලින් නොනැවතුණ එය උයන හරහා රජ මාළිගයටද එතනින් සිරියහන් ගබඩාවටද වැදුනේය. තවදුරටත් නතර නොවී රජුගේ කනෙන් ඇතුළු වී කන් බෙරයේ වැදුනේය. ඒත් සමගම රජුගේ ඇස් ඇරුණි. තම ජීවිතයට තර්ජනයකැයි බියෙන් තැතිගත් රජු වහා ඇඳෙන් (නෑ.. නෑ.. සිරි යහනින්) පැන්නේය. එහෙත් එය ජීවිත තර්ජනයක් නොව නිකන්ම නිකන් ශබ්දයක් බව දැනගත් හෙතෙම ලජ්ජාවට පත්විය. නිදිසුවයට බාධාවීම ගැන කෝපයෙන් දැවුනේය. "වහාම.. මේ වහාම ඒ ශබ්දය ඇතිකළ එකා රැගෙන එනු" රජුගේ විශාලවූ දෑස් සිය සෙබල මුල වෙත යොමුවුණි.
ශබ්දය සොයාගිය සෙබලුන්ට හමුවූයේ තරවූ ජවසම්පන්න ගෝනෙකි. පිපාසාවෙන් පෙළුණ ඌ මඟුල් පොකුණේ දියෙන් සැනසී සතුටට පත්ව හඬ නංවා තිබුණි. රාජපුරුෂයෝ ද විත්තිකරු උසාවි ගෙන ගියෝය.
තිරිසනාගේ තිරිසන් ගති තේරුම් ගැනීමට රජු සමර්ථයෙකු නොවීය. "මගේ නින්දට බාධා කරන්න මූ මොකෙක්ද? වහා මරා දමනු"
අවසන් තීන්දුව ලැබිණි. හී පහරවලින් ලය පසාරු වූ ගෝනා මරු වැළඳගත්තේය. මරණ මොහොතේදී රජුගෙන් පළිගැනීමේ චේතනාවෙන් පෙළුණු ඌ රජුගේම පොකුණේම ගෙම්බියකට දාව නැවත උපන්නේය. නියමිත මොහොත එනතුරු ඌ පොකුණේ සැරිසැරුවේය.
කාලය ගෙවී ගියේය. මේ අතර දිනක් රජතුමා තම බිසවත් සමඟ දිය කෙළිනා කළ ගෙම්බා ද පොකුණේ තිබූ නෙළුම් මලකට වී දිය කෙළි නැරඹුවේය. ක්‍රීඩාවෙන් සතුටට පත්ව සිටි බිසවුන් වහන්සේට පොකුණේ තිබූ නෙළුම් මලකට හිත ගිය ඇය එය කඩා ගත්තාය. කොකාට වාරයක් ඇත්නම් තිත්තයාටද වාරයක් ඇත. මේ උදාවූයේ ගෙම්බාගේ වාරයයි. බිසවුන් වහන්සේ මල නහයට ලංවත්ම ගෙඹි සුභ මොහොත උදාවිය. මලෙන් මිදුණු ගෙම්බා නහය දිගේ බිසවගේ මොළයටම ගමන් කළේය. බිසව වේදනාවෙන් මොරදෙන්නට වන්නීය.
එතැන් සිට ඇරඹෙන්නේ කේරළයේ වෙදුන්ගේ අතමිට සරුවන කාලයයි. කේරළයේ පමණක් නොව සොයාගතහැකි හැම වෙදෙකුගෙන්ම පිහිට පැතීමට රජතුමාට සිදුවෙයි. එහෙත් සුවයක් ලබන පාටක් තිබුනේ නැත. මොළයේ ගෙම්බා දඟලන දැඟලිලෙන් වේදනාවට පත්ව බිසව නගන මොරදීම අසන එක් අයෙකුගේ පස්ස රත්වෙන්නේ ඔය අතරය.
දේවියගේ වේදනාවට හේතුව තම නුවණින් බලන ශක්‍රයා ඉන් මිදීම පිණිස ශාන්තිකර්මයක් කිරීමට උපදෙස් දෙයි. එසේම එය පත්තිනි මෑණියන්ගේ අනුහසින් වියයුතුබවටත් එතුමියට කැපවූ පුන්‍ය භූමියක සිදුකළ යුතුබවටත් උපදෙස් ලැබේ. ඒ අණින් තම පිරිවරත් සමඟ රජතුමා සැපත් වන්නේ ලංකාව නම් වූ රාජ්‍යයටය.
ශාන්තිකර්මයට සුදුසු පුන්‍ය භූමියක් සොයා ඇදෙන ඔවුන්ට දිනක් උදෑසන අපූරු දෙයක් අත්දකින්නට ලැබේ. ඔවුන් රැගෙන ආ කළු නුග කෝටුවක් මුල් ඇද පැළවී තිබිණි. මෙය සුබ ලකුණක් බවත් මෙතන පුන්‍ය භූමියක් බවත් හඳුනාගන්නා රජතුමා කැලෑ කපා හෙළි පෙහෙළිකරවා ශාන්තිකර්මය පවත්වයි.
ශාන්තිකර්මයේදී විකාර නැටුම් දැකීමෙන් සිනහා යන දේවියගේ නහයෙන් ගෙම්බා ඉවත්වේ. දේවියට සුවය ලැබේ. මෙයින් මහත් සතුටට පත්වන රජු මේ පින් බිම තමන්ට වාසනාව ගෙනදෙන්නක් බව සළකා තම පිරිවරත් සමඟ ජනාවාසයක් ඇතිකරගනී. කුඹුරු අස්වද්දන්නට පටන් ගනී. ශාන්තිකර්මය පැවැත්වූ ස්ථානයේ වන්දනාව පිණිස දේවාලයක් ඉදිකරයි.
එම කුඹුරු වල මුල්ම අස්වැන්නෙන් පත්තිනි කතරගම දැඩිමුණ්ඩ වීරමුණ්ඩ දෙවිවරුන්ට උපහාර පිණිස ගම්මඩු උත්සවයක් පවත්වයි.
2013 ජූලි, සිරි ලංකාවේ දකුණු අලුත්කුරු කෝරළය
හරියටම කිව්වොත් ගිය සෙනසුරාදා අවුරුදු කීපෙක ඉඳන් හිතාහිටපු දෙයක් ඉස්ට කරගන්ට මට හම්බුනා. වෙන මොකුත් නෙමෙයි ගම්මඩු පිටියෙ චාරිත්‍ර වාරිත්‍ර මුල හිටන් අගටම බලන එක. දවස් දෙකක් පුරාම එක දිගට පැවැත්වෙන ගම්මඩුපිටිය දේවාලෙ නානමුර මංගල්‍යයට චාරිත්‍රානුකූලව දින යෙදෙන්නෙ ඇසළ පෝයට කලින් යෙදෙන සෙනසුරාදා හ ඉරිදා දිනයන්. ඔන්න ඉතින් මේ පාර ඒකට පේවෙලාම බලන්න ගියා. දවස් දෙකක් එකදිගට ඇහැරගෙන ඉඳලා හොයාගත්තු තොරතුරු තමයි මේ ඕගොල්ලන්ට කියන්න හදන්නෙ.
උත්සවේ දින දෙකක් උනාට ඊට අදාළ චාරිත්‍ර වාරිත්‍ර නම් පටන් ගන්නෙ සති දෙකකට විතර කලින්ලු. මේ චාරිත්‍ර වාරිත්‍ර වල ලොකු තැනක් ගන්නවා, ඒ සතිදෙක ඇතුළත සැරින් සැරේ තියෙන පොර පොල් ගැහීම. ඒ ක්‍රීඩාව පවත්වන්නේ පත්තිනි දේවියට උපහාරයක් විදිහටලු. පොර පොල් ගැහීම ගැන ඉස්සරහට කියන්නම්.
ඒවගේම කරන තවත් චාරිත්‍රයක් තමයි තොරන් කැඩීම හා තොරන් හැදීම. තොරන කියලා කියන්නෙ දේවාලයේ මැදට වෙන්න තියෙන සැරසිල්ලක්. ගොක්කොළ, කෙහෙල් පිති, තැඹිලි, කෙසෙල් කැන් වගේ දේවල් තොරන හදන්ට පාවිච්චි කරලා තියෙන බවයි පේන්ඩ තිබුනේ. ඉතින් තොරන කඩනවා කියන්නේ ගිය අවුරුද්දෙ නානමුර මංගල්‍යයේ ඉඳලා මේ අවුරුද්දේ මංගල්‍යය වෙනකන් තිබ්බ තොරන ගලවා ඉවත් කිරීම. ඉතින් තොරන් කඩද්දීත් හදද්දීත් දානමානාදියෙන් නම් අඩුවක් නෑ.
දැන් අපි යමු මංගල්‍යයේ පළවෙනි දවසෙ උදේට. මම පාන්දරම නැගිටලා එතනට යනකොට වෙලාව දහයට විතර ඇති. එවලෙ තිබුනෙ දේවාලවල පහන් දැල්වීමේ චාරිත්‍රය. බෙරහඬෙන් පළාතම ගිගුම් දෙද්දි හැම දේවාලෙකම පහන් පත්තු වුනා. මේ විදිහට පහන් පත්තු කිරීමේ චාරිත්‍රය වෙනුවෙන් කලින් දවසේ රෑ පුරාම පහන් දල්වන්නේ නැතිබව තමයි දැනගන්න ලැබුනෙ. පහන් පත්තු කරන වෙලාවෙ එතනට ආපු හින්දා උදේම තිබුනු බුද්ධ පූජාවත් දේව ආරාධනා කිරීමත් මඟ හැරුනා.
නානුමුර දවසෙදි කෙරෙන ලොකුම කාර්‍යයක් තමයි එක් එක්කෙනා වෙලා තියෙන භාරහාර ඔප්පු කිරීම. එහෙම භාර ඔප්පු කරන එක ක්‍රමයක් තමයි දන්කදට බඩු භාණ්ඩ පරිත්‍යාග කිරීම. දන්කද කියන්නෙ සරලව කිව්වොත් උණ ලී දෙකකින් හදපු කදක්. පළවෙනි දවසෙ උදේම මේ කද කපුවරුන්ගේ ගෙවල් වල තැන්පත් කරලා තියෙනවා. ඉතින් භාරහාර වෙච්ච මිනිස්සු කරන්නෙ හාල්, පොල් කෙසෙල් වගේ දෙන්න පොරොන්දු වෙච්ච ඒවා මේ කදේ එල්ලීම. ඊටපස්සෙ මේ කද කපුවරයාගේ ගෙදර ඉඳන් දේවාලයට පෙරහැරකින් ගෙන එනවා. ඊටපස්සෙ දේවාලය වටා පැදකුණු කරලා දේවාලයේ දංගෙයි තැන්පත් කෙරෙනවා. මේ ඔක්කොම යන අතරෙ බෙර සද්දෙන් කන් උතුරනවා.
දන්කදේ වැඩකටයුතු හමාරවීමත් එක්කම තමයි කපුවරු මොනරපිල් අරගෙන ජනතාවට සෙත්පැතීම කළේ. එවලෙ අස්පයෝ වෙන්ඩ හිටපු කට්ටියත් තමුන්ගේ ආම්පන්න අරගෙන ඇවිත් හිටියා. අස්පයෝ වෙන්ඩ?? හරි හරි තව ටිකකින් බලමුකො.
සෙත්පැතීම ඉවර වුනාට පස්සෙ හවස හතර විතර වෙනකන් විශේෂ පූජා මොකුත් තිබුනේ නෑ. ජනතාවගේ පූජා වට්ටි භාරගන්න එක තමයි සිදු වුනේ. ඔය අතර ඉතින් මම වට පිටේට ඇහැ දැම්මා. මේ දේවාලෙ තියෙන විශේෂම දේ තමයි අති විශාල තෙළඹු ගහ. මේක තමයි ඒ පළාතටම තියෙන උසම වගේම මහතම ගහ. උස අඩි දෙසීයක් විතරලු. මහත අඩි හතලිහක් පනහක් ඇති. අර බයෝබැබ් ගහක් තරම් මහතයි. මට හරිහමන් පින්තූරයක් ගන්න නම් ලැබුනේ නෑ. මම පහල දාලා තියෙන පොතේ නම් පින්තූර ඇති. ඒ වගේම තොරනෙ පින්තූරෙත් ගහ තියෙනවා. ගමේ මිනිස්සු කියන විදිහට මේ ගහ සේරමන් රජතුමාගේ කාලේ නානමුරට හිටවපු කපක්ලු.
මම දැකපු තව දෙයක් තමයි කොච්චර පරණ පුරාවෘත්ත තිබුනත් දේවාලවල පුරාණ ගතියක් දක්නට නොලැබීම. දේවාලවල නඩත්තු කටයුතු අලුත්වැඩියා කටයුතු කරද්දී පුරාණගතිය ආරක්ෂා කරගෙන කළානම් මීට වඩා හොඳයි කියලා මට හිතුනා.
ඔහොම ඔහොම කැරකි කැරකි ඉද්දී 'ඩම්ඹ....... ඩඹට.... ඩඹට....ඩඹට.... ' සද්දෙ ඇහෙන්න ගත්තා. බලද්දි පොර පොල් කෙළියට ලෑස්ති වෙනවා. පොර පොල් ගැසීමට යොදාගන්නා පොල් සෝදා පිරිසිදු කිරීමෙන් පස්සෙ පේ කරනු ලැබුවා. ඊටපස්සෙ බෙර හඬ මැද්දෙ උඩුවියන් යටින් ඒ පොල් පිටියට වඩම්මවනු ලබනවා.
ඒ කට්ටිය පිටියට එනකම් මම කියන්නම්කො පොර පොල් ගැසීම කියන්නෙ මොකක්ද කියලා. මුලින්ම පිරිස පිල් දෙකකට බෙදෙනවා. උඩු පිලයි යටිපිලයි කියලා තමයි බෙදෙන්නෙ. මෙතනදි නම් පත්තිනි දේවාලයේ කපු මණ්ඩලයයි කතරගම දේවාලයේ කපු මණ්ඩලයයි තමා තරඟ බිමට බහින්නෙ. කළු කුමාරයා කියන චරිතය හිටියෙත් කතරගම පිල පැත්තෙ.
තරඟය වෙන්නෙ මෙහෙමයි. මුලින්ම දෙපැත්තටම සමාන පොල් ගෙඩි ගණනක් ලැබෙනවා. ඊටපස්සෙ එක පිලක් තමුන්ගෙ පොල්ගෙඩිය ඉහලින් අනික් පිලට විසිකරද්දි ඒ පිලේ ගෙනා තමුන්ගේ අතේ තියෙන පොල් ගෙඩියෙන් ගහන්න ඕනා. ඔය විදිහට ගහද්දි පොල් ගෙඩි බිඳෙනවා. උඩින් එන ගෙඩිය වගේම ඒකට ගහන්න ගිහින් අතේ තියෙන ගෙඩියත් බිඳෙන්න පුළුවන්. කොහොමහරි අන්තිමට ගෙඩි ඉතුරුවෙන පැත්ත දිනුම්. පැහැදිලි නැත්නම් මෙන්න මෙතනින් පොර පොල් ගැසීම ගැන වැඩි විස්තර කියවන්න පුලුවන්. නැත්නම් පහල වීඩියෝව බලන්නකො.
ටිකකින් පොල් අරගෙන දේවාලය වටේ පැදකුණු කරපු කපු මහත්වරු පිටියට ආවා. එක සමාන ප්‍රමාණයේ හා හැඩයේ පොල්ගෙඩි සමානව බෙදාගැනීමෙන් පස්සෙ තරඟය ඇරඹුනා. මේ පාර දින්නේ කළු කුමාරයා අයත් කතරගම පිල. පත්තිනි පිලේ පරාජය ගමට ඊළඟ අවුරුද්ද එතරම් සුභදායක නොවන බව කියවෙන අසුභ පෙරනිමිත්තක් හැටියට තමයි ගැමියෝ සළකන්නෙ. ඒ උනාට බලන්න එපායැ පොල් ගැහීමෙන් පස්සෙ තිබ්බ සන්තෝසෙ. පහල වීඩියෝවෙන්ම බලන්නකො පොල් ගහලා ඉවරවෙලා ඉතුරු පොල් ගෙනියද්දි කට්ටියගෙ නැටුම්. ඔය නැටුම් විලාසය පැවතගෙන එන්නෙ එදා දේවිය හිනස්සන්න නටපු විදියෙන්ලු. අදටත් බෙර සද්දෙ ඇහෙද්දිම අහල පහල ඉන්න බාල මහළු කවුරුත් නටන්න ගන්නවා. ඩම්ඹ....... ඩඹට.... ඩඹට....ඩඹට.... කියලා.
පොල් ගැහීම ඉවරවෙලා ටිකවෙලාවක් යද්දි මෙන්න කට්ටියක් ලහි ලහියේ වැඩ. ගොක් අතු වගයක් වියනවා. තව පුවක් අත්තකට මොනවද කරනවා. බලද්දි ඒගොල්ලො ලෑස්ති වෙනවා අස්සයා බඳින්න. නානුමුර දවසට හැමදේවාලෙකම අස්සයා බඳින්න වෙන්වෙච්ච කෙනෙක් ඉන්නවා. මේ විදිහට ඉන්න හත් දෙනාට 'අහුන් හත්දෙනා' කියලා තමයි කියන්නෙ.
අස්සයා බඳිනවා කිව්වට මෙතන ඇත්ත අස්සයෙක් නෑ. ඒ අස්සයාව තමයි ගොක්කොළ වලින් හදන්නෙ. පින්තූරෙ බලන්නකො හදලා තියෙන අස්සයෝ. මේගොල්ලෝ නානමුර මංගල්‍යය පුරාම ලොකු වැඩ කොටසක් කරනවා. ඒගොල්ලො ගැන ටිකකින් කියන්නම්. මට හිතෙන හැටියට මේ 'අහුන්' එහෙමත් නැත්නම් අස්වාරෝහකයන්ගෙන් නිරූපණය වෙන්නෙ එදා හිටපු රාජපුරුෂයෝ වෙන්න ඕනා.
ඔයින් මෙයින් හවස් වේගනත් ආවා. වටෙන් පිටෙන් අඳුර වැටෙද්දි තව පෙරහැරක් දේවාලයට ආවා. ඒ පෙරහැරේ ගෙනාවේ පහනක්. ඒකට 'ආකාස පහන' කියලාලු කියන්නෙ ඒක පත්තු කරලා එල්ලුවාම හරිම ලස්සනයි.
ඉතින් ආකාස පහනේ චාරිත්‍ර ටික ඉවර වුනාට පස්සේ තිබ්බේ අහුන් පේ කිරීම. අර හදාගත්තු අස්සයෝ ටික අතට ගන්නා කපුවරු තෙරුවන්ගෙන් අවසර ගැනීමෙන් තමයි අහුන් පේ කිරීම ආරම්හ වෙන්නෙ. ඊට පස්සෙ ඒක දේව ස්ත්‍රෝත්‍ර නැටුමකට පරිවර්තනය වෙනවා. පහළ වීඩියෝවෙ තියෙන්නෙ ඒ නැටුම.
ඊටපස්සේ අර අස්සයින්ට අඳින කට්ටිය ඒ ඇඳුනුත් ඇඳගෙන ගෙජ්ජිවැල් බැඳගෙන දේවාල භූමියට ඇතුළු වෙනවා. අර කලින් කියපු ගොක්කොළ අස්සයාව කකුල් දෙකෙත් උරහිසෙත් රඳවාගෙන තමයි ඉන්නෙ. ඊට අමතරව ඔවුන් අතේ කසයකුත් තියෙනවා. දේවාලයේ වර්ණයෙන් ජටාවක් පැළඳගෙන ඉන්නෙ. පින්තූරෙ බලන්නකෝ. කියවෙන හැටියට නම් මේ කසය කවුරුහරි උදුරාගත්තොත් ඔහුගේ අස්සකම අහෝසි වෙනවළු. ඒක වෙන්නැති ඒගොල්ලෝ හැමතිස්සෙම කසය ළඟ තියන් ඉන්නෙ.
අස්සයෝ කියලා මේ අයව හැඳින්වුවත් මට නම් හිතෙන්නෙ අශ්වාරෝහකයෝ කියලා. අස්සයා වෙන්නෙ කකුල් දෙකේ රඳවාගෙන සිටින ගොක්කොළ අස්වයානෙ. දේවාලෙන් අස්සයාට තෝරාගැනෙන්නෙ ඒ පරම්පරාවෙම එක්කෙනෙක්ලු. ඉතින් නානුමුර මංගල්‍යය පුරාවටම නර්තනයේ යෙදීම, ගමේ ගෙවල් වලට ආශිර්වාද කිරීම, දානය බෙදාදීම වගේ දේවල් තමයි අස්සයන්ගේ වගකීම් වෙන්නෙ.
මේ විදිහට නර්තනයේ යෙදීම 'අහුන් පැන්නීම' කියලා හඳුන්වනවා. රෑ එළි වෙනකන් තුන්පාරක් අහුන් පැන්නුවා. ඒ වගේම දෙමාපියන් පොඩි ළමයින්ව මේ අස්වයින්ට දෙනවා. අස්සයෝ ළමයිත් වඩාගෙන මම කලින් කියපු තොරන වටේ දුවනවා. ළමයින්ට ආශිර්වාද ලබාගැනීමට කරන දෙයක්ලු.
පහළ වීඩියෝවෙන් අස්ව නැටුම් බලන්න.
අහුන් පේ කිරීමෙන් පස්සෙ පැය 3ක් විතර බලාගෙන ඉන්නට උනා. ඒත් අහුන් පැන්නීම් හින්දා කාලය ගියා දැනුනෙත් නෑ. හරියටම රෑ දොළහා වෙද්දි කිරිබතුයි කෙහෙල්ගෙඩියි දානයක් හම්බුනා. හරිම රසයි. ඊට පස්සෙ එළිවෙනකන්ම එක එක භාරහාර ඔප්පු කිරීම තමයි සිද්ධ වුනේ. මේ වෙද්දි නම් හොඳටම මහන්සියි. පාන්දර 3ට විතර මම ගෙදර ආවා.
ඊළඟට දෙවෙනි දවස. නිදිමතේම ලෑස්තිවුනා යන්න. මට අස්සයෝ හම්බුනේ මගදිමයි. මම කලින් කිව්වනෙ ගෙවල් වලට අස්සයෝ ගිහින් ආශිර්වාද කරනවා කියලා. ඉතින් පහුවෙනිදා උදේ ඉඳන් දවල් දොළහා වෙනකන් කෙරෙන්නෙ ගෙවල් ගානෙ ගිහින් නර්තනයේ යෙදීම තමයි.
මෙහෙම ගිය අස්සයෝ දවල් දොළහා වෙනකොට දේවාල භූමියට එනවා. එතනින් පස්සේ තමයි පත්තිනි දේවියට උපහාර පිණිස කිරි ඉතිරවීම සිදුකරන්නෙ. කිරි ඉතිරවීමෙන් පස්සෙ ඒවා දේවාලය පුරාම ඉසිනු ලබනවා. සමහර ජනතාව බෝතල් වලට පුරෝගන්නවත් දැක්කා.
දවස් දෙකක් පුරා පැවතුනු නානුමුර මංගල්‍යයේ අවසාන චාරිත්‍රය වන්නේ දිය කැපීම. හැබැයි මේක සාම්ප්‍රදායික දිය කැපීමක් නෙමෙයි. ඒක නිසාම වෙන්නැති 'අහුන් කැපීම' කියලත් කියන්නෙ. හවස දෙකට විතර අස්සයනුත් කපු මහත්වරුත් අසල පිහිටි ගංඟාව වෙත යනවා. එහිදී අස්සයෝ තමුන්ගේ වස්ත්‍රාභරණ ගලවා දමනවා. මම දැක්කා " මේකා ඊයෙ ඉඳන් තිබහේ" කියලා අස්සයන්ට වතුර පොවන හැටිත්.
තමුන් පැළඳි අස්සයාවත් කසයත් කැබලි කොට ගඟට විසි කිරීමෙන් තමයි නානුමුර මංගල්‍යය ඉවර වෙන්නෙ. ඉන්පසු නා කියා ගන්න අස්වයෝ නැවත දේවාලයට පැමිණ දානය අනුභව කිරීමෙන් සියල්ල නිමාවෙනවා.
ඔන්න ඔහොමලු සිද්ධ වුනේ.
සටහන : 'ගම්මඩුපිටි පුරාවත' නමින් කේ. සී. සි. පෙරේරා මහතා ලියපු පොත් පිංචක් මට හම්බුනා. කැමති කෙනෙකුට ඒ පොත බාගෙන වැඩි විස්තර කියවන්න පුළුවන්. මෙතනින් බාගන්න.

---------------------------
2013 ජූලි, සිරි ලංකාවේ දකුණු අලුත්කුරු කෝරළය
හරියටම කිව්වොත් ගිය සෙනසුරාදා අවුරුදු කීපෙක ඉඳන් හිතාහිටපු දෙයක් ඉස්ට කරගන්ට මට හම්බුනා. වෙන මොකුත් නෙමෙයි ගම්මඩු පිටියෙ චාරිත්‍ර වාරිත්‍ර මුල හිටන් අගටම බලන එක. දවස් දෙකක් පුරාම එක දිගට පැවැත්වෙන ගම්මඩුපිටිය දේවාලෙ නානමුර මංගල්‍යයට චාරිත්‍රානුකූලව දින යෙදෙන්නෙ ඇසළ පෝයට කලින් යෙදෙන සෙනසුරාදා හ ඉරිදා දිනයන්. ඔන්න ඉතින් මේ පාර ඒකට පේවෙලාම බලන්න ගියා. දවස් දෙකක් එකදිගට ඇහැරගෙන ඉඳලා හොයාගත්තු තොරතුරු තමයි මේ ඕගොල්ලන්ට කියන්න හදන්නෙ.
උත්සවේ දින දෙකක් උනාට ඊට අදාළ චාරිත්‍ර වාරිත්‍ර නම් පටන් ගන්නෙ සති දෙකකට විතර කලින්ලු. මේ චාරිත්‍ර වාරිත්‍ර වල ලොකු තැනක් ගන්නවා, ඒ සතිදෙක ඇතුළත සැරින් සැරේ තියෙන පොර පොල් ගැහීම. ඒ ක්‍රීඩාව පවත්වන්නේ පත්තිනි දේවියට උපහාරයක් විදිහටලු. පොර පොල් ගැහීම ගැන ඉස්සරහට කියන්නම්.
ඒවගේම කරන තවත් චාරිත්‍රයක් තමයි තොරන් කැඩීම හා තොරන් හැදීම. තොරන කියලා කියන්නෙ දේවාලයේ මැදට වෙන්න තියෙන සැරසිල්ලක්. ගොක්කොළ, කෙහෙල් පිති, තැඹිලි, කෙසෙල් කැන් වගේ දේවල් තොරන හදන්ට පාවිච්චි කරලා තියෙන බවයි පේන්ඩ තිබුනේ. ඉතින් තොරන කඩනවා කියන්නේ ගිය අවුරුද්දෙ නානමුර මංගල්‍යයේ ඉඳලා මේ අවුරුද්දේ මංගල්‍යය වෙනකන් තිබ්බ තොරන ගලවා ඉවත් කිරීම. ඉතින් තොරන් කඩද්දීත් හදද්දීත් දානමානාදියෙන් නම් අඩුවක් නෑ.
තොරන |
දැන් අපි යමු මංගල්‍යයේ පළවෙනි දවසෙ උදේට. මම පාන්දරම නැගිටලා එතනට යනකොට වෙලාව දහයට විතර ඇති. එවලෙ තිබුනෙ දේවාලවල පහන් දැල්වීමේ චාරිත්‍රය. බෙරහඬෙන් පළාතම ගිගුම් දෙද්දි හැම දේවාලෙකම පහන් පත්තු වුනා. මේ විදිහට පහන් පත්තු කිරීමේ චාරිත්‍රය වෙනුවෙන් කලින් දවසේ රෑ පුරාම පහන් දල්වන්නේ නැතිබව තමයි දැනගන්න ලැබුනෙ. පහන් පත්තු කරන වෙලාවෙ එතනට ආපු හින්දා උදේම තිබුනු බුද්ධ පූජාවත් දේව ආරාධනා කිරීමත් මඟ හැරුනා.
නානුමුර දවසෙදි කෙරෙන ලොකුම කාර්‍යයක් තමයි එක් එක්කෙනා වෙලා තියෙන භාරහාර ඔප්පු කිරීම. එහෙම භාර ඔප්පු කරන එක ක්‍රමයක් තමයි දන්කදට බඩු භාණ්ඩ පරිත්‍යාග කිරීම. දන්කද කියන්නෙ සරලව කිව්වොත් උණ ලී දෙකකින් හදපු කදක්. පළවෙනි දවසෙ උදේම මේ කද කපුවරුන්ගේ ගෙවල් වල තැන්පත් කරලා තියෙනවා. ඉතින් භාරහාර වෙච්ච මිනිස්සු කරන්නෙ හාල්, පොල් කෙසෙල් වගේ දෙන්න පොරොන්දු වෙච්ච ඒවා මේ කදේ එල්ලීම. ඊටපස්සෙ මේ කද කපුවරයාගේ ගෙදර ඉඳන් දේවාලයට පෙරහැරකින් ගෙන එනවා. ඊටපස්සෙ දේවාලය වටා පැදකුණු කරලා දේවාලයේ දංගෙයි තැන්පත් කෙරෙනවා. මේ ඔක්කොම යන අතරෙ බෙර සද්දෙන් කන් උතුරනවා.
දන්කද ගෙන ඒම |
දන්කදේ වැඩකටයුතු හමාරවීමත් එක්කම තමයි කපුවරු මොනරපිල් අරගෙන ජනතාවට සෙත්පැතීම කළේ. එවලෙ අස්පයෝ වෙන්ඩ හිටපු කට්ටියත් තමුන්ගේ ආම්පන්න අරගෙන ඇවිත් හිටියා. අස්පයෝ වෙන්ඩ?? හරි හරි තව ටිකකින් බලමුකො.
සෙත්පැතීම |
සෙත්පැතීම ඉවර වුනාට පස්සෙ හවස හතර විතර වෙනකන් විශේෂ පූජා මොකුත් තිබුනේ නෑ. ජනතාවගේ පූජා වට්ටි භාරගන්න එක තමයි සිදු වුනේ. ඔය අතර ඉතින් මම වට පිටේට ඇහැ දැම්මා. මේ දේවාලෙ තියෙන විශේෂම දේ තමයි අති විශාල තෙළඹු ගහ. මේක තමයි ඒ පළාතටම තියෙන උසම වගේම මහතම ගහ. උස අඩි දෙසීයක් විතරලු. මහත අඩි හතලිහක් පනහක් ඇති. අර බයෝබැබ් ගහක් තරම් මහතයි. මට හරිහමන් පින්තූරයක් ගන්න නම් ලැබුනේ නෑ. මම පහල දාලා තියෙන පොතේ නම් පින්තූර ඇති. ඒ වගේම තොරනෙ පින්තූරෙත් ගහ තියෙනවා. ගමේ මිනිස්සු කියන විදිහට මේ ගහ සේරමන් රජතුමාගේ කාලේ නානමුරට හිටවපු කපක්ලු.
මම දැකපු තව දෙයක් තමයි කොච්චර පරණ පුරාවෘත්ත තිබුනත් දේවාලවල පුරාණ ගතියක් දක්නට නොලැබීම. දේවාලවල නඩත්තු කටයුතු අලුත්වැඩියා කටයුතු කරද්දී පුරාණගතිය ආරක්ෂා කරගෙන කළානම් මීට වඩා හොඳයි කියලා මට හිතුනා.
ඔහොම ඔහොම කැරකි කැරකි ඉද්දී 'ඩම්ඹ....... ඩඹට.... ඩඹට....ඩඹට.... ' සද්දෙ ඇහෙන්න ගත්තා. බලද්දි පොර පොල් කෙළියට ලෑස්ති වෙනවා. පොර පොල් ගැසීමට යොදාගන්නා පොල් සෝදා පිරිසිදු කිරීමෙන් පස්සෙ පේ කරනු ලැබුවා. ඊටපස්සෙ බෙර හඬ මැද්දෙ උඩුවියන් යටින් ඒ පොල් පිටියට වඩම්මවනු ලබනවා.
ඒ කට්ටිය පිටියට එනකම් මම කියන්නම්කො පොර පොල් ගැසීම කියන්නෙ මොකක්ද කියලා. මුලින්ම පිරිස පිල් දෙකකට බෙදෙනවා. උඩු පිලයි යටිපිලයි කියලා තමයි බෙදෙන්නෙ. මෙතනදි නම් පත්තිනි දේවාලයේ කපු මණ්ඩලයයි කතරගම දේවාලයේ කපු මණ්ඩලයයි තමා තරඟ බිමට බහින්නෙ. කළු කුමාරයා කියන චරිතය හිටියෙත් කතරගම පිල පැත්තෙ.
පොල් කෙළිය |
තරඟය වෙන්නෙ මෙහෙමයි. මුලින්ම දෙපැත්තටම සමාන පොල් ගෙඩි ගණනක් ලැබෙනවා. ඊටපස්සෙ එක පිලක් තමුන්ගෙ පොල්ගෙඩිය ඉහලින් අනික් පිලට විසිකරද්දි ඒ පිලේ ගෙනා තමුන්ගේ අතේ තියෙන පොල් ගෙඩියෙන් ගහන්න ඕනා. ඔය විදිහට ගහද්දි පොල් ගෙඩි බිඳෙනවා. උඩින් එන ගෙඩිය වගේම ඒකට ගහන්න ගිහින් අතේ තියෙන ගෙඩියත් බිඳෙන්න පුළුවන්. කොහොමහරි අන්තිමට ගෙඩි ඉතුරුවෙන පැත්ත දිනුම්. පැහැදිලි නැත්නම් මෙන්න මෙතනින් පොර පොල් ගැසීම ගැන වැඩි විස්තර කියවන්න පුලුවන්. නැත්නම් පහල වීඩියෝව බලන්නකො.
ටිකකින් පොල් අරගෙන දේවාලය වටේ පැදකුණු කරපු කපු මහත්වරු පිටියට ආවා. එක සමාන ප්‍රමාණයේ හා හැඩයේ පොල්ගෙඩි සමානව බෙදාගැනීමෙන් පස්සෙ තරඟය ඇරඹුනා. මේ පාර දින්නේ කළු කුමාරයා අයත් කතරගම පිල. පත්තිනි පිලේ පරාජය ගමට ඊළඟ අවුරුද්ද එතරම් සුභදායක නොවන බව කියවෙන අසුභ පෙරනිමිත්තක් හැටියට තමයි ගැමියෝ සළකන්නෙ. ඒ උනාට බලන්න එපායැ පොල් ගැහීමෙන් පස්සෙ තිබ්බ සන්තෝසෙ. පහල වීඩියෝවෙන්ම බලන්නකො පොල් ගහලා ඉවරවෙලා ඉතුරු පොල් ගෙනියද්දි කට්ටියගෙ නැටුම්. ඔය නැටුම් විලාසය පැවතගෙන එන්නෙ එදා දේවිය හිනස්සන්න නටපු විදියෙන්ලු. අදටත් බෙර සද්දෙ ඇහෙද්දිම අහල පහල ඉන්න බාල මහළු කවුරුත් නටන්න ගන්නවා. ඩම්ඹ....... ඩඹට.... ඩඹට....ඩඹට.... කියලා.
පොල් ගැහීම ඉවරවෙලා ටිකවෙලාවක් යද්දි මෙන්න කට්ටියක් ලහි ලහියේ වැඩ. ගොක් අතු වගයක් වියනවා. තව පුවක් අත්තකට මොනවද කරනවා. බලද්දි ඒගොල්ලො ලෑස්ති වෙනවා අස්සයා බඳින්න. නානුමුර දවසට හැමදේවාලෙකම අස්සයා බඳින්න වෙන්වෙච්ච කෙනෙක් ඉන්නවා. මේ විදිහට ඉන්න හත් දෙනාට 'අහුන් හත්දෙනා' කියලා තමයි කියන්නෙ.
අස්සයෝ වෙන්න |
අස්සයා බඳිනවා කිව්වට මෙතන ඇත්ත අස්සයෙක් නෑ. ඒ අස්සයාව තමයි ගොක්කොළ වලින් හදන්නෙ. පින්තූරෙ බලන්නකො හදලා තියෙන අස්සයෝ. මේගොල්ලෝ නානමුර මංගල්‍යය පුරාම ලොකු වැඩ කොටසක් කරනවා. ඒගොල්ලො ගැන ටිකකින් කියන්නම්. මට හිතෙන හැටියට මේ 'අහුන්' එහෙමත් නැත්නම් අස්වාරෝහකයන්ගෙන් නිරූපණය වෙන්නෙ එදා හිටපු රාජපුරුෂයෝ වෙන්න ඕනා.
මේ ඉන්නෙ අස්සයෝ |
පෙරහැරේ එන ආකාස පහන |
කොහොමද ලස්සන? |
ඉතින් ආකාස පහනේ චාරිත්‍ර ටික ඉවර වුනාට පස්සේ තිබ්බේ අහුන් පේ කිරීම. අර හදාගත්තු අස්සයෝ ටික අතට ගන්නා කපුවරු තෙරුවන්ගෙන් අවසර ගැනීමෙන් තමයි අහුන් පේ කිරීම ආරම්හ වෙන්නෙ. ඊට පස්සෙ ඒක දේව ස්ත්‍රෝත්‍ර නැටුමකට පරිවර්තනය වෙනවා. පහළ වීඩියෝවෙ තියෙන්නෙ ඒ නැටුම.
ඊටපස්සේ අර අස්සයින්ට අඳින කට්ටිය ඒ ඇඳුනුත් ඇඳගෙන ගෙජ්ජිවැල් බැඳගෙන දේවාල භූමියට ඇතුළු වෙනවා. අර කලින් කියපු ගොක්කොළ අස්සයාව කකුල් දෙකෙත් උරහිසෙත් රඳවාගෙන තමයි ඉන්නෙ. ඊට අමතරව ඔවුන් අතේ කසයකුත් තියෙනවා. දේවාලයේ වර්ණයෙන් ජටාවක් පැළඳගෙන ඉන්නෙ. පින්තූරෙ බලන්නකෝ. කියවෙන හැටියට නම් මේ කසය කවුරුහරි උදුරාගත්තොත් ඔහුගේ අස්සකම අහෝසි වෙනවළු. ඒක වෙන්නැති ඒගොල්ලෝ හැමතිස්සෙම කසය ළඟ තියන් ඉන්නෙ.
මෙන්න අස්වයෝ |
අස්සයෝ කියලා මේ අයව හැඳින්වුවත් මට නම් හිතෙන්නෙ අශ්වාරෝහකයෝ කියලා. අස්සයා වෙන්නෙ කකුල් දෙකේ රඳවාගෙන සිටින ගොක්කොළ අස්වයානෙ. දේවාලෙන් අස්සයාට තෝරාගැනෙන්නෙ ඒ පරම්පරාවෙම එක්කෙනෙක්ලු. ඉතින් නානුමුර මංගල්‍යය පුරාවටම නර්තනයේ යෙදීම, ගමේ ගෙවල් වලට ආශිර්වාද කිරීම, දානය බෙදාදීම වගේ දේවල් තමයි අස්සයන්ගේ වගකීම් වෙන්නෙ.
මේ විදිහට නර්තනයේ යෙදීම 'අහුන් පැන්නීම' කියලා හඳුන්වනවා. රෑ එළි වෙනකන් තුන්පාරක් අහුන් පැන්නුවා. ඒ වගේම දෙමාපියන් පොඩි ළමයින්ව මේ අස්වයින්ට දෙනවා. අස්සයෝ ළමයිත් වඩාගෙන මම කලින් කියපු තොරන වටේ දුවනවා. ළමයින්ට ආශිර්වාද ලබාගැනීමට කරන දෙයක්ලු.
පහළ වීඩියෝවෙන් අස්ව නැටුම් බලන්න.
අහුන් පේ කිරීමෙන් පස්සෙ පැය 3ක් විතර බලාගෙන ඉන්නට උනා. ඒත් අහුන් පැන්නීම් හින්දා කාලය ගියා දැනුනෙත් නෑ. හරියටම රෑ දොළහා වෙද්දි කිරිබතුයි කෙහෙල්ගෙඩියි දානයක් හම්බුනා. හරිම රසයි. ඊට පස්සෙ එළිවෙනකන්ම එක එක භාරහාර ඔප්පු කිරීම තමයි සිද්ධ වුනේ. මේ වෙද්දි නම් හොඳටම මහන්සියි. පාන්දර 3ට විතර මම ගෙදර ආවා.
ඊළඟට දෙවෙනි දවස. නිදිමතේම ලෑස්තිවුනා යන්න. මට අස්සයෝ හම්බුනේ මගදිමයි. මම කලින් කිව්වනෙ ගෙවල් වලට අස්සයෝ ගිහින් ආශිර්වාද කරනවා කියලා. ඉතින් පහුවෙනිදා උදේ ඉඳන් දවල් දොළහා වෙනකන් කෙරෙන්නෙ ගෙවල් ගානෙ ගිහින් නර්තනයේ යෙදීම තමයි.
මෙහෙම ගිය අස්සයෝ දවල් දොළහා වෙනකොට දේවාල භූමියට එනවා. එතනින් පස්සේ තමයි පත්තිනි දේවියට උපහාර පිණිස කිරි ඉතිරවීම සිදුකරන්නෙ. කිරි ඉතිරවීමෙන් පස්සෙ ඒවා දේවාලය පුරාම ඉසිනු ලබනවා. සමහර ජනතාව බෝතල් වලට පුරෝගන්නවත් දැක්කා.
කිරි ඉතිරවීම |
දවස් දෙකක් පුරා පැවතුනු නානුමුර මංගල්‍යයේ අවසාන චාරිත්‍රය වන්නේ දිය කැපීම. හැබැයි මේක සාම්ප්‍රදායික දිය කැපීමක් නෙමෙයි. ඒක නිසාම වෙන්නැති 'අහුන් කැපීම' කියලත් කියන්නෙ. හවස දෙකට විතර අස්සයනුත් කපු මහත්වරුත් අසල පිහිටි ගංඟාව වෙත යනවා. එහිදී අස්සයෝ තමුන්ගේ වස්ත්‍රාභරණ ගලවා දමනවා. මම දැක්කා " මේකා ඊයෙ ඉඳන් තිබහේ" කියලා අස්සයන්ට වතුර පොවන හැටිත්.
වතුර බීපන් |
අහුන් කැපීම |
තමුන් පැළඳි අස්සයාවත් කසයත් කැබලි කොට ගඟට විසි කිරීමෙන් තමයි නානුමුර මංගල්‍යය ඉවර වෙන්නෙ. ඉන්පසු නා කියා ගන්න අස්වයෝ නැවත දේවාලයට පැමිණ දානය අනුභව කිරීමෙන් සියල්ල නිමාවෙනවා.
ඔන්න ඔහොමලු සිද්ධ වුනේ.
සටහන : 'ගම්මඩුපිටි පුරාවත' නමින් කේ. සී. සි. පෙරේරා මහතා ලියපු පොත් පිංචක් මට හම්බුනා. කැමති කෙනෙකුට ඒ පොත බාගෙන වැඩි විස්තර කියවන්න පුළුවන්. මෙතනින් බාගන්න.
ජය වේවා. හොද විස්තරයක්... ක්‍රමානුකූලව කරුණු ඉදිරිපත් කිරීම අපිට හුගක් වටිනවා..
ReplyDeleteකියවන්න ආවට ස්තුතියි දේශකයෝ..
Deleteමේ වාගේ ලිපිවල වටිනාම අදටත් වඩා ඉදිරි අනාගතයට තමා , තව කාලයක් යනකොට මේ වාගේ දේවල් නැත්තටම නැතිවෙයි, ස්තුතියි හරියෝ
ReplyDeleteඒක නම් ඇත්ත.. එන්න එන්නම මෙව්වා මොඩ් වෙනවා.. කාලයත් එක්ක නැත්තටම නැතිවෙයිද කියලත් හිතෙනවා..
Deleteදැන් මිනිසුන්ට තියෙන වැඩ කන්දරාවත් එක්ක මෙව්වගේ දේවල් බලන්නවත් වෙලා නැතිවේගන යනවනේ..
අදනම් හොඳ දවසක්.. නිදියගන හිටපු බ්ලොග් කාරයො නැගිටලා..සඳරුවත් කාලෙකට පස්සෙ අන්න පෝස්ට් එකක් දාලා..
ReplyDeleteමාත් මේ කියන්ට කට ගත්තා විතරයි.. මේකා මෙහෙන් එකක් දාලා, සඳරුවා අරහෙන් එකක් දාලා.. අර කුරුන්දෙත් පෝස්ට් එකක් දැම්මොත් මල මඟුලයි.. :D
Deleteබූරා, මොකට වද වෙනවද ? උඹ දන්නවනෙ කුරුන්ද ලියන එකාගෙ විස්තරේ.. වස කම්මැලියා.. කිසි දේකට බය වෙන්නෙපා ඒ ගැන.. :D
Delete@ සෙන්නා,
Deleteඔව් ඔව්.. කාලෙකට පස්සේ නැගිට්ටා තමයි.. වැරදිලාවත් ඇහැ පියවුනොත් ආයෙ නැගිටින්ඩ මාරම කම්මැලියි... අර කලින් ලියපු ගැම්ම ගන්න මාරම අමාරුයි..
@ Buratheno,
ඇත්ත නේන්නම්.. කුරුන්දෙ මනුස්සයා තාම දොයිනෙ.. මේ බ්ලොග් ලියවිල්ල බොහෝම අඩුවෙච්ච කාලයක්..
කුරුන්දෙ එකා දොයි නෑ.. ඌ කමෙන්ට් දානවනෙ.. එහෙම ගත්තොත් බූරා එහෙම හැමදාම නිදි කියලා තමා ගන්නෙ වෙන්නෙ.. හැක් හැක්
Deleteහා හා එහෙනම් අඩ නින්දේ කියලා ගනිමූ
Deleteතොවිලයක් බලාපු කාළයක් මතක නෑ. මේ ළන්නග්දි නම් තොවිලයක් තිබුනා. ඒත් මළ ගෙයක් නිසා යන්න බැරි උනා. මේවා සංරක්ෂණය කළ යුතු දේවල්. ඉස්සරහට නම් නැත්තටම නැති වෙයි..
ReplyDeleteහරි මේ ලිපිය මම දැක්කෙ නවත්වලා තිබුන මගෙ බ්ලොග් එක මම යළිත් පටන් ගන්න තීරණය කළ වෙලාවෙමයි.මම හරිගෙ බ්ලොග් එකේ කොමෙන්ට් දැම්මට හරි නම් කවදාවත් මගෙ බ්ලොග් එක පැත්ත පළාතෙ ඇවිත් නෑ.අපේ පැත්තෙත් නිවාඩු වෙලාවක එන්න.
ReplyDeleteමම ටිකක් විපරම් කරලා බැලුවා මේ කවුද කියලා? මේ ස්ත්‍රීවාදය කියලා කලින් නම තිබ්බ සහෝදරයා නේද? ඇත්තටම බ්ලොගක් තියෙන බව දැනන් හිටියෙ නෑනෙ..
Deleteඑන්නම් එන්නම් නිවාඩු වෙලේක කියවලා යන්න...
ගෙම්බාගේ කතන්දරේ තමයි මට නම් හිතට අල්ලලා ගියේ..මම කල්පනා කලේ මේ වගේ අලුගුත්තේරු ඉන්දියාවේ ගෙම්බෙක් ලංකාවට ඇවිත් ඉබාගාතේ ගියොත් මොකද වෙන්නේ කියලා..!!
ReplyDeleteවෙල්කම් බැක් හරී..
ඇයි රූ අක්කේ මේ ගෙම්බා එළියට පැන්නේ ලංකාවෙදිනෙ.. ඉතින් උගෙන් බෝවෙච්ච එවුන් ලංකාව පුරාම ඇති.. ඔන්න නෙළුම් මල් ඉඹින්න යන්නෙ පරිස්සමින් හොඳද? ගෙම්බෙක් නහයට ගියොත්..
Deleteඅක්කලාගේ පැත්තෙ කාලෙකින් එන්නත් බැරිවුනා..
ස්තුති ඔයා ඒක හොදට පැහැදිලි කරලා තියනවා
ReplyDeleteස්තුතියි මේ පැත්තෙ ආවට..
Deleteහරී, මම ඔන්න ගොන් ප්‍රශ්නයක් අහන්න යන්නෙ. අර කතාවෙ දේවියට සුව වෙන්නෙ ශාන්තිකර්මයේදී විකාර නැටුම් දැකීමෙන් සිනහා යන නිසා ගෙම්බා ඉවත්ව ගිහින්නේ. ඒ කියන්නෙ ලඳ බොළඳ සුකුමාර බෝනික්කා ටයිප් එකට හැදුනු ස්ත්‍රියක් ඔය කාගෙ හරි විකාර ටිකක් දැක්කම සැරටම හිනහා ගියා. (ගමේ ගොඩේ හැදුනු තැලිල පොඩිඋනු ගෑනියක් නම් ඔය වගේ දෙයක් දැක්කට හිනා වෙනකක් නෑ.) ඉතිං ඕකට ආයෙ අමුතුවෙන් පුණ්‍ය භූමියක් හොයන් ගියේ ඇයිද දන්නෙ නෑ, මාලිගයේදිම උනත් ඒක කරන්න තිබුනනේ. අනික ගෝඩ් ශක්‍රට මොකක්ද තිබුනු උවමනාව රජා ලංකාවටම එවන්න. නැත්නම් මුළු ඉන්දියාවෙම ඔය කියන විදියෙ පුණ්‍ය භූමියක් තිබුනෙම නැත්ද දන්නෑ.
ReplyDeleteආ.. DDT.. මාව නැගිට්ටවන්ඩ සෑහෙන මහන්සියක් ගත්තනෙ.. කීපසැරයක්ම හොයන ඇවිල්ලත් තිබුනා... :)
Deleteඒක නම් ඇත්ත..හිනා යන එකක් නෑ.. ඒත් සමහර නටන වීඩියෝ දැක්කම ඕන කෙනෙකුට හිනා යයි..
ගෝඩ් ශක්‍ර ගැන කියනවානම් මිනිහාට(නෑ නෑ දෙයියාට) පස්ස රත්වුනාම මොනවා කරනවාද කියලා හිතාගන්න බෑ.. මොකක් හරි කරලා පස්ස බේරගන්නනෙ බලන්නෙ.. එතකොට යවන්නෙ ලංකාවටද වෙන කොහෙටද කියලා සිහියක් නැතුව ඇති.. හැබැයි දැන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවල හැටියට පස්සක් ඉතුරුවෙලා තියෙනවද මන්දා? :)
උඹ දීර්ඝ නින්දෙන් අවදි වුන එකම මදැයි!
ReplyDeleteකේරලේට ගිහින් යූ ටර්න් එකක් ගහලා ආපහු ආපු ලස්සන මම බැලුවේ.
නින්දෙන් නැගිටලා කෙලින්ම කේරළේට ගියේ.. :)
Deleteකාලකට පස්සේ හරි දාපු පෝස්ට් එකේ වැදගත් කම හින්දම ඔන්න මෙච්චර කල් නිදාගෙන හිටපු එකට සමාව දෙන්න පුලුවන්..වීඩියෝත් එක්කම දාපු එක මාර වටිනවා...
ReplyDeleteමේක ලියන්න නම් ලොකු කට්ටක් කෑවා.. එකක් ඉවරවෙලා අනික් එක එනකම් බලන් ඉන්ඩ එපා උනා..
Deleteහරී ඉතිහාසෙත් එක්කම කතාව කියපු නිසා ඒකෙ වටිනාකම වැඩියි. මේ දඩුගම දේවාලේද ? දැන් ඉතින් පත්තිනි දේවියගේ පිහිටෙන් දිගටම ලියන්න තමා තියෙන්නේ.
ReplyDeleteඔව් මේ දඬුගම දේවාලෙ තමයි.. සෙන්නා දැකලා ඇති කියලා හිතනවා.. පුළුවන් තරම් උත්සාහ කරන්නම් ලියන්න..
Deleteනානුමුර මංගල්‍යයක ඉතිහාස පුවතත්, එය පවත්වන ආකාරයත් පිලිබඳව ලියැවුන හොඳ විස්තරයක්. මිනිසුන් තවමත් යම් යම් දේව ඇදහිලි සශ විශ්වාස පිලිබඳ ඇති සංකල්ප තවමත් බැහැර නොකරන එක සාධකයක් තමයිමෙවැනි සාම්ප්‍රදායික වාර්ෂික උත්සව පැවැත්විම. එයි පැහැදිලි වන්නේ මෙවැනි සංකල්ප වල පවා සත්‍යයක් ඇති බවයි.
ReplyDeleteහැබෑටම මෙච්චර දවස් කොහෙද ගියේ විදේශ ගතවුනාද නැත්නම් එකවහලක් යටට වුණාද?
ඔව් දයා අයියේ.. මම හිටපු දවස් දෙකට දේවාලයට ආපු මිනිස්සු ප්‍රමාණය දැක්කම කොච්චර මිනිස්සු තවමත් මේ දේවල් විශ්වාස කරනවද කියලා හිතෙනවා..
Deleteදෙකම නෙමෙයි.. මේ ටිකේ වැඩ අධිකයි.. ගෙදර එන්නෙ දෙගොඩහරියේ.. එතකොට මොන බ්ලොග්ද? :)
හරීගෙත් ගෙම්බ මොළෙන් එළියට ගියාට පස්සෙ වෙන්න ඇති මේක ලියන්න ඇත්තෙ.
ReplyDeleteරසවත් වගේම වැදගත් විස්තරයක් පිළිවෙලට කරල තියෙනව.
ඇත්තටම සක්‍රයට මොකක්ද තිබ්බ ඕනකම මේකට මැදිහත් වෙන්න.
සක්කරයත් අනුන්ගේ ගෑණු නාන දිහා බලං ඉන්න ඇති..
Delete@ Praසන්ன,
Deleteඑහෙනම් අයියේ උඹේ මොළේ තාම ගෙම්බෙක්නෙ.. :ඪ්
සක්‍රයට තියෙන ලොකුම උවමනාව පස්ස බේරාගැනීම..
@ සරත් ලංකාප්‍රිය,
ඇස් දාහක් ලැබිල තියෙන්නෙත් ඔය වගේ වැඩකට ගිහින්නෙ.. :)
ගෙම්බ නහයට ගිය කතාව අන්දරේගෙ ලිස්ට් එකෙත් තියෙනවා හරී. අන්දරේගෙ විහිලුවට තමයි ගෙම්බා එලියටපනින්නේ.. හරිම අපූරු විස්තරයක් ..කලකට පස්සෙ .. බොහොම ස්තූතියි..
ReplyDelete@ සරත් ලංකාප්‍රිය
Deleteඅන්දරේගේ කතාවේ තියෙන්නේ පොකුණේ කෑ ගහපු ගෙම්බාට විදලා මැරුව එක නේද ? ඒ නිසා සද්ද විද්ද පළඟ පතිරණ කියලා නම්බු නාමයක් අන්දරේට රජතුමා දුන්නා කියලයි මං අහලා තියෙන්නේ
@ සරත් ලංකාප්‍රිය, Hඅසිත
Deleteමම ඔය කතා දෙකම අහලා තියෙනවා..
මතක හැටියට නම් ගෙම්බා නහයේ හිරවෙන කේස් එක වෙන්නෙ බිසවට නෙමෙයි දූ කුමාරියට.. අන්දරේගේ විහිළුවලට කුමාරි හිනාවෙලා
ගෙම්බා විසිවෙනවා..
ඊලඟට රජ්ජුරුවන්ට නිදාගන්න නොදී බාධාකරපු ගෙම්බවයි ව්දලා මරන්නෙ..
මෙච්චර කාලයක් ගත්තත් මේ වගේ වටිනා ලිපියක් දාපු එකට ස්තූතියි. ගොඩාක් මහන්සි වෙලා තියනවා කියලා පේනවා මේ ලිපියට. වීඩියෝ ටික හින්දා විස්තර කරලා තියන ටික හොඳට තේරෙනවා.
ReplyDeleteඇත්තටම වෙන පෝස්ට් වලට වැඩිය මහන්සි වුනා.. ඒත් ලිපිය ලියවිලා තියෙන විදිහ සාර්ථක නෑ කියලයි මට හිතෙන්නෙ..
Deleteපරණ දේවාල මොඩිෆයි වෙද්දී පරණ ගතිය යන එකට තව උදාහරණයක් තමා කැලණියේ විභීෂණ දේවාලේ.
ReplyDeleteකොහොම වෙතත් කාලයක් තිස්සේ කියන්නම් කියලා හිටිය කතාවක් කම්මැලිකම් අතෑරලා ලියලා දාපු එක වටිනවා :D
මොකෝ හසිත දැන් පේන්නවත් නැත්තෙ.. කාලෙකින් ආගිය කතාවක් කියවන්නත් බැරිවුනා.. මිනිස්සු භාරහාර වලට දේවාල හදලා දෙනවනෙ... ඉතින් දවසින් දවස අලුත් වෙනවා.. ඒත් රත්නපුරේ සමන් දේවාලෙ එහෙම පරණ විදිහමයි නේද?
Deleteඔව්.. නොලියා ඉඳලම අමාරුවෙන් ලිව්වෙ..
@ හරී
Deleteදේවාලවල පරණ ගතිය තියෙද්දී නවීකරණය වෙනවා නම් තමා හොඳ. කිව්වත් වගේ සමන් දේවාලය, කතරගම දේවාලය ඒවාට හොඳට උදාහරණ. වෙන මොකුත් උදාහරණ අමුතුවෙන් ඕනේ නැහැ දළදා මාළිගාවම වුණත් මේකට උදාහරණ විදිහට ගන්න පුලුවන්. දළදා මාළිගාවේ හුඟක් ප්‍රතිසංස්කරණ පැරණි බව ආරක්ෂා වෙන්න කරලා තියෙන්නේ. දළදා මාළිගාවේ දළදා වහන්සේ වැඩ සිටින ගන්ධ කුටිය වායු සමනය [ඒ.සී] කරලා තියෙන්නේ. ඒත් ඒක එහෙම පේන්නේ නැහැනේ :)
ආගිය කතා ලියන්න මේ දවස්වල වෙලාව මදි අයියේ. වැඩ කටයුතු කීපයක්ම යෙදිලා ඉන්නේ. බොහොම අමාරුවෙන් තමා වෙලාවක් තියෙන්නේ නිස්කලන්කේ ඉන්න. අගෝස්තු 23 විතර පස්සේ නිදහස් වේවි :D
ඒ සී කරලා බව දන්නෙ නැහැනේ.. දළදා වහන්සේ වැඩ ඉන්න කුටිය අසලට යන්න සාමාන්‍ය මහ ජනතාවට අවස්ථාව නෑ නේද?
Deleteවැඩ පාළුකරගෙන ඉතින් ලියන්න ඕන නෑ.. නිවාඩුවක් ලැබුනම එකක් ලියන්නකෝ..
@ හරී
Deleteදළදාව තැන්පත් කරලා තියෙන දෙමහල් ගොඩනැගිල්ලේ පහත මාලය නම් ඒ සී කරලා තියෙනව කියලා හරියටම කියන්න දන්නේ නැහැ. ඒත් උඩු මහලේ දළදාව තැන්පත් කරලා තියෙන ගන්ධ කුටිය නම් ඒ සී කරලා තියෙනවා කියලා මම දැක්කා.
ආහ් සාමාන්‍ය ජනතාවට නම් එහෙම අභ්‍යන්තරයටම යන්න අවස්ථාවක් නැහැ. රාජ රාජ මහාමාත්‍යාදීන්ට තමා යන්න පුලුවන්. ඒත් දළදා වහන්සේට බුද්ධ පූජාවක් හිමිවෙලා තියෙන අයට දළදාව කරඬුව තැන්පත් කරලා තියෙන කුටියට ගාවටම යන්න පුලුවන්.
අපේ හිතවත් ගුරුතුමියක්ට එහෙම පිංකමක් හිමිවෙලා තිබිලා එතුමියට පිං සිද්ධ වෙන්න 6 වතාවක් ඒ භාග්‍යය මටත් උදා වුණා
මේ පෝස්ට් එක නම් හරිම වටිනවා හරී. අතීත කතාවත් එක්කම කියපු නිසා ගොඩක් දේවල් දැන ගත්තා. සෑහෙන මහන්සි වෙලා තියෙන පාටයි.
ReplyDeleteපිණිබිඳු අක්කා ගොඩකාලෙකින්.. ඔව් ඔව් සෑහෙන්න මහන්සි උනා..
Deleteමේ ලිපිය මට මගහැරුනේ කොහොමද කියලා හිතාගන්න අමාරුයි. මම මේ දිනවල ලිපි හයක් සංස්කරණය කරමින් ඉන්නවා. නමුත් ඒ හේතුව මේ ලිපිය මගහැරෙන්නට කාරණයක් නෙවෙයි.
ReplyDeleteමෙය පර්යේෂණාත්මක ලිපියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. මේවා බලන්න ගියාම කොහොම හරි වෙලාවක් අල්ලාගෙන කපුවෝ සමග හෝ දේවාලවල වෙනත් ආවතේව කරුවන් එක්ක ටිකක් කතාකරන්න පුළුවන්නම් ඉතා රසවත් තොරතුරු ගොඩක් ඇතුළත් කරන්න පුළුවන් වෙයි.
ලිපිය ඉහලින්ම අගය කරනවා.
ලිපි හයක්... හොඳයි හොඳයි.. කියවන්න මඟ බලාගෙන ඉන්නවා..
Deleteමම ඉතින් කාලෙකට පස්සෙනෙ ලිපියක් ලිව්වෙ.. ඒක හින්දා මඟ හැරෙන්න ඇති.. කාරි නෑ.. දැන්හරි බැලුවනෙ..
මේ ලිපියට අදාළව වැඩිදුර තොරතුරු තියෙන පොතක් බාගන්න ලින්ක් එක දාලා ඇති.. ඒකෙත් ගොඩක් තොරතුරු තියෙනවා..
අගය කිරීමට ස්තුතියි..