කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. කාලෙකින් පෝස්ට් එකක් ලියන්නේ. නිතර දෙවේලෙ කතාබහකරපු අය නම් කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරිවෙච්ච හේතුව දන්නවා ඇතිනෙ. හොයාබලපු හැමෝටම ස්තුතියි.
ජීවිතය කියන්නෙත් මහා පුදුමාකාර දෙයක් නේද? වෙලාවකට ඔහේ නිවී හැනහිල්ලෙ ගලාගෙන යනවා. තවත් වෙලාවකට නැඟගන්ඩ බැරි තරමට ගල්පර හමුවෙනවා. තවත් වෙලාවකදී දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙන්නේ දොරටත් තට්ටු කරලමයි. ඒ වෙලාවට අවුරුදු ගානකින් කරන්ඩ බැරිවෙච්ච වැඩක් පැය කීපයකින් වෙන්න පුළුවන්. ජීවිතය පුදුමාකාරයි. ඒකනෙ ඒකට ජීවිතය කියන්නෙ. ජීවිතේ සුන්දරද මෙතරම්.. කියලා කවුදෝ ගායකයෙකුත් කිව්වා වගේ හීනි මතකයකුත් තියෙනවා. නප්පියට ගහලා ඉන්න වෙලාවක වෙන්ට ඇති.
ජීවිතේට ලොකූ බලපෑමක් කරන්න පුංචීම පුංචි දේකටත් පුළුවන්. හරියටම කිව්වොත් ලෝකයක් විනාශ කරන සුනාමියක් ඇතිකරන්න පුංචීම පුංචි සමනළ තටුවකට පුළුවන් වගේ. ඒ වගේම එක දුරකථනයකින් මිදිලා දුරකථන කුළුණක් ඔස්සේ හුවමාරු මධ්‍යස්ථානයකට ඇවිත් එතනින් තවත් දුරකථන කුළුණක් ඔස්සේ වෙනත් දුරකථනයකට ඇතුළු වෙලා තත්පරයකින් දෙකකින් හෝ ඊටත් අඩු කාලයකින් වියැකී යන නන්නාඳුන ගන්ධබ්බ ඇමතුමකට අවුරුදු ගානක් නිවී හැනහිල්ලෙ ගලාගෙන ආපු ජීවිතයක් වෙනස් කරන්ඩ පුළුවන්ද? විශ්වාස කළත් නොකළත් ඒක වෙලා ඉවරයි. ඔව් ඉවරෙටම ඉවරයි. ඒ ජීවිතය දැන් වෙනස් වෙලා.
දිනය හරියටම මතක නැතත් මීට දින කීපෙකට කලින් මගේ දුරකථනය දෙපාරක් වෙව්ලලා නතරවෙච්ච හැටි හිතට දැනෙන්නෙ මේ දැන් සිද්ධවුනු දෙයක් වගේ. ඒක දැනුත් වෙව්ලනවද? නෑ.. දැන් නිසලයි.
වෙව්ලපු දුරකථනය මම අතට ගත්තා. මේ කවුද? මේ. නාඳුනන නොම්මරයක්. නාඳුනන නොම්මරවලින් තබා හඳුනන නොම්මරවලින් එන ඇමතුම්වත් නැවත නොගන්නා මට ඒ නොම්මරේට ආයෙ අමතන්න හිතුනේ ඇයි කියන්න අදටත් තාමවත් තේරෙන්නේ නෑ. සමහරවිට මගේ දෛවයේ කලින් ලියවුනු සිදුවීමක් වෙන්න ඇති. කොහොමහරි මම ඇමතුමක් ගත්තා. ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං
"හෙලෝ" එහා පැත්තෙන් ඇහුනේ හරිම මිහිරි කටහඬක්. ඔය වගේ කටහඬවල් වලට 'කනේ මී පැණි වක්කරන්නා වගේ' කියලා සමහරු කිව්වට කනේ මී පැණි වක්කරද්දී ආස්වාදයක් දැනෙනවද කියන එක මට නම් ප්‍රශ්නයක්. ඇයි දෙයියනේ? කනට අබ ඇටයක් තරම් කූඹියෙක් ගියාමත් මොනතරම් රිදෙනවද?
"හෙලෝ, මට කෝල් එකක් දීලා තිබුනා......." මම කතාව පටන් ගත්තා.
"ඔයා කවුද?"
"ඔයානෙ මට කෝල් කළේ."
"නෑ. ඔයයි කෝල් කළේ"
"........"
"........................"
"............"
ඔය සංවාදෙන් පස්සෙ නන්නාඳුන කටහඬ ටිකෙන් ටික සමීප කටහඬක් වෙන්ට සතිගණන් මාස ගණන් ගතවුනේ නෑ. රූපයෙන් නොදැක්කත් කටහඬින් අපි ළංවුනා. ඒ ටිකේ පැය ගණන් වරු ගණන් අපේ දුරකථන කාර්‍යබහුල වෙලායි තිබ්බෙ. ඒ වෙලාවෙ අපේ දුරකථන වලට එන ඇමතුම්වලට අර අක්කා තමයි උත්තර දෙන්ට ඇත්තෙ. අපි දුරකථන වල එල්ලිලා හිටියෙ හරියට බාල්ක වල එල්ලිලා ඉන්න වවුල්ලු වගේ. මම එයා ගැන දැනගන්න එයාගෙන් විස්තර අහන අතරෙ එයා මගේ හිත පැහැරගෙන බව තේරුම්ගන්න වැඩිවෙලා ගියේ නෑ. ඒත් එයා චෝදනා කළේ අහිංසක මටමයි. මම එයාගේ හිත හොරාගත්තාලු. කියලා තේරුම්කරන්න බැරිතැන අසරණ මම කරබාගත්තා. එයාව හඳුනාගෙන තත්පර ලක්ෂ හයකට විතර පස්සෙ ඒ කිංකිණි කටහඬ අයිති කෙනාගේ මූණ දකින්න මටත් හොරා මගෙ හිත පෙරුම් පුරන බව මට තේරුනා. සුදු මුන දැකගන්න ඉන්නේ බලා... මම ආදරෙයි මම ඔබේ පෙම්වතා.....
මම මගේ අහිංසක ඉල්ලීම එයා ඉදිරියේ තිබ්බා. තිබ්බා නෙවෙයි තැබුවා. කටහඬින් ළංවෙලා ඒත් මූණ නොපෙන්වා ඉන්ට තරම් එයා ආඩම්බරකාරියක් වුනේ නෑ. "හරි.. මම කොහොමහරි එන්නම්" එයා කිව්වෙ එච්චරයි.
මගේ මූණෙ මල් හතයි. කවදාවත් නොලබපු ආස්වාදයකින් හිතත් ගතත් වෙලිලා යන බව දැනෙනවා. මනමාලියක් බලන්ට යන මනමාලයෙක් වගේ මම ගමනට ලෑස්ති වුනා. වගේ වගේ මොකටද?මේ යන්නෙ මනමාලියක් බලන්ට නේන්නම්.. ඒත් අනිත් මනමාලයෝ ඇඳගෙන යන ටයි කෝට් මට ඕනෙ නෑ. ටී ශර්ට් එකයි ඩෙනිමයි හොඳටම ඇති. යාළුවෙක්ගෙන් යකඩ අස්සයෙක් වත් ඉල්ලගන්ට ඕනෙ.
තීන්දු වූ දිනේදි ඩෙනිම, ටී කමිසය යන වස්ත්‍රාභරණයෙන් සැරසී හිස කාලවර්ණ හිස්වැස්මකින් වසාගත් කුමාරයා යකඩ අසු පිට නැගිලා තමන් එනතුරු පාරබලා සිටින කුමාරිය සොයා පියඹනවා. වාසනාවකට කේලාම් කීම, සැඟවී සිට පහරදීම වැනි සුනඛ ක්‍රියා මඟින් ඔවුන්ගේ ගමන් මඟ හරස් කිරීමට සූදානම් දුෂ්ඨයෙක් තවම කරළියට පැමිණ තිබුනේ නෑ. කුමාරියත් කියූ වෙලාවට කියූ තැන. සියල්ල හොඳින්. කුමාරයත් කුමාරියත් හරිම වාසනාවන්තයි. කුමාරියගෙ රූපයත් කටහඬ වගේමයි. කුමාරයා තවත් වාසනාවන්තයි. මේ පාර නම් මූණ බලාගෙන කතාකිරීමේ වරම දෙදෙනාටම ලැබුනා. වචනවලට වඩා මූණ බලාගෙන ඇස් වලින් කතාකරන්ට ලැබීම මොනතරම් මිහිරිද? මොනතරම් සුන්දරද? මොනතරම් රොමෑන්ටික්ද?
"හවස් උනා. එහෙනම් අපි යමුද බබෝ? අම්මලා බලාගෙනත් ඇති " කුමාරිය එහෙම කිව්වෙ ලොකු කැමැත්තකින් නෙවේ.
"මම ඔයාව ස්ටෑන්ඩ් එකට දාන්නම්" කුමාරියත් අසුපිටට ගොඩවෙනවා. කුමරියත් කුමාරයත් බොහෝම සන්තෝසෙන් බස් නැවතුම බලා පිටවෙනවා. සිzන්දගී ඒක් සෆර් හේ සොහානා.. යහ කල් ක්‍යා හෝ කිස්නේ ජානා.....///
ක්‍රීස්.....
පාර අයිනෙ ඉඳලා දික්වෙච්ච අතක් අපේ හීනලෝකයට කඩා පැන්නා. කාකි ඇඳුමෙන් සැරසුණු දුෂ්ඨයා අප දිහාට පිය මැන්නෙ තමුන් මෙතෙක් වෙලා අටවගෙන හිටපු උගුලකට අහුවෙච්ච මුවපොව්වන් දෙදෙනෙක් ළඟට යන වැද්දෙක් වගේ.
"කෝ. ගන්නවා මෙහාට ලයිසන්.. කෝ හෙල්මට්" දික්වෙච්ච අත ආයෙ ලයිසොමක් ඉල්ලනවා.
"ල...ල...ල.. ලයිසන්" ලයිසන්
"ඇයි දන්නෙ නැද්ද ලයිසන් ඕනා බව. ඒ මදිවට හෙල්මටුත් නෑ"
හදිසියෙ ඉල්ලන් ආපු යකඩ අස්සයට මොන ලයිසන්ද? රාළහාමිට කීයක්වත් දීලා ශේප්වෙන්ට ඕනෑ. ඒත් දෙන්ට අතේ සතයක්වත් නැති බව මතක් වෙද්දි තමයි මට තරු පෙනුනෙ. ජැන්ඩි පහට ඇඳලා ආවට සතේ නෑනෙ අතේ. මම අනුකම්පාව දිනාගන්ඩ පුළුවන් බැල්මක් රාළහාමිට හෙලුවා. හරියට අර බඩගිනි වෙච්ච බලුකුක්කෙක් කන් පාත්කරනවා වගේ.
"හ්ම්ම්.. දෙන්නා හොර ගමනක් ගිහින් වගේ. එහෙනම් යමු පොලිසී"
"නෑ මේ මගෙ වයිෆ්"
"පොලීසියෙදි බලාගමුකො"
"අනෙ..අනෙ..අනෙ..අනෙ..අනෙ..අනෙ..අනෙ..අනෙ.." ඒත් රාළහාමි පස්සෙන් වැටිලා පොලෝසියට ගාටන එක ඇර වෙන විකල්පයක් තිබුනෙ නෑ. මේ යකාගෙ හිත ගලක්ද? ශුවර් එකටම කවදාවත් ලව් කරලා නැති එකෙක් වෙන්ට ඕනෙ.
කවදාවත් අඩිය නොතියපු පොලීසියට එකම එක දවසක් දැකපු කෙල්ලෙක් එක්ක ගොඩවෙන්ට මට සිද්ධවුනා. එයාගෙ මූණ දෙක වෙලා. ඇස් වල කඳුළු බිංදු එක දෙක මෝදුවෙන්ට අරගෙන. එයාත් පොලීසියකට අඩිය තියපු පළවෙනි වතාව වෙන්ටැති. අනික එකම එකම එක දවසක් දැක්ක කොල්ලෙක් එක්ක.
"ඕ. අයි. සී. මහත්තයා එනකන් අර බංකුවෙන් වාඩිවෙලා ඉන්ඩ" දිග බංකුවේ වාඩිවෙන ගමන් මම බැලුවේ පොලීසියේ බිත්තියේ තිබ්බ රවුම දිහා. ඒක ඇතුලෙ තිබුන කටු දෙකෙන් දිග කටුව දොළහේ ඉලක්කම කිට්ටුවත් පොඩි කටුව හයේ ඉලක්කම ගාවත් නතරවෙලා තිබුනා. ඒත් ඒ මොහොතකට විතරයි. මෙන්න බලා ඉඳිද්දිම මේ කටු කැරකෙනවා බොහෝම වේගයෙන්. ඒ මදිවට වටේ පිටේ තිබ්බ ඉර එළිය මැකී යනවා. විදුලි බුබුළු එක දෙක පත්තු වෙන්ට ගන්නවා. අර ලස්සන ඇස් දෙකෙන් කඳුළු බිංදු එක දෙක පනිනවා. ඒ මදිවට එතන හිටපු කාන්තා නිලධාරිනිය සැරින් සැරේ එයා දිහා බැලුවෙ ලෝකෙ තියෙන ජරාම වැඩේ කරලා අහුවෙච්ච ගෑණි දිහා බලනවා වගේ.
"මට ගෙදර යන්ට ඕනා අයියේ" එයා කීපසැරයක්ම මට කිව්වා. එයාගෙ පිහිටට හිටියේ මම විතරයි. ඒත් මම කියලත් මොනා කරන්නද නංගී?
තවත් බලා ඉඳලා බෑ. මම නැගිටලා ගියා. "සර්, ඕ. අයි. සී මහත්තයා තාම ආවෙ නැද්ද? " තුන්වෙනි පාරටත් මගේ කටින් පිටවුනා.
"ම්හ්හ්හ්.. දැන් කීපාරක් කිව්වද ඕ. අයි.සී. මහත්තයා එනකන් ඉන්ඩ කියලා. මොකෝ ඕ.අයි.සී. මහත්තයට වැඩ නෑ කියලා හිතුවද?"
"අනේ සර්, අපිට යන්න දෙන්නකො. ගෑණු ළමයෙක් මේ විදිහට රෑ පානෙ තියාගන්න එක හරි නෑනෙ"
"ගෑණු ළමයෙක්?? ඇයි මේ තමුසෙගෙ වයිෆ් කිව්වෙ "
මූට ඒකත් මතකයි. "වයිෆ් උනත් ගෑණු කෙනෙක්නෙ සර්"
"ඔන්න ඔය කට උත්තරයක් අරන් දෙන්නව යවන්ඩ." අන්තිමේ කාරුණික පොලිස් නිලදරුවෙක් අපගේ සහයට ආවා. මේ පිනෙන් උන්දෑ නිවන් දකීවා.
මාවත් එයාවත් වෙන් කෙරුනා. එයාගෙන් එක තැනක කට උත්තරය ගන්න අතරෙ මම තව තැනක. මේ වෙද්දි වටපිටාව හොඳටම කළුවරයි. හතහමාරට විතර ඇති.
"දෙන්නා කොහෙද ගියේ" පොලිස් නිලධාරියා මගේ මූණට එබුනා.
"අපි යාලුවෙක්ගෙ ගෙදර ගියා සර්. මගෙ බයික් එක කැඩිලා හදිසියට යාලුවගෙ බයික් එක ඉල්ලන් ආවෙ සර් ඒකයි ලයිසන් නැති උනේ " මිනිහට කතාව විශ්වාසයි.
"හොඳයි.. තමුන්ගෙ සම්පූර්ණ නම කියන්න"
".................. .................... ....................."
"තාත්තගෙ සම්පූර්ණ නම"
".................. .................... ....................."
"අම්මගෙ සම්පූර්ණ නම"
".................. .................... ....................." මිනිහා ලියනවා පොත පිරෙන්ට.
"වයිෆ්ගෙ සම්පූර්ණ නම"
කාලා වරෙන්කො. කවුද ඒක දන්නෙ.
"වයිෆ්ගෙ සම්පූර්ණ නම"
"චංචලා"
"මම ඇහුවෙ සම්පූර්ණ නම. දන්නවා ඇතිනෙ." රාළහාමිගෙ මූණෙ තිබ්බෙ අවඥාසහගත හිනාවක්.
"චංචලා පලිහක්කාර" මිනිහා ලියනවා. හුරේ.. මිනිහා ලණුව කෑවා.
"වයිෆ්ගෙ අම්මගෙ සම්පූර්ණ නම"
".................. .................... ....................." එකම ලණුව.
"එතකොට එයාගෙ තාත්තා"
".................. .................... ....................." එකම කඹය.
හරි ගිහින් වාඩිවෙලා ඉන්න. තව ටිකකින් යන්න පුළුවන්. මගේ කටට හිනාවක් ආවා. හම්මෝ.. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.
මම ගිහින් ටිකකින් එයාත් බංකුවට ආවා. එයාගේ සුදු මූණ අඬල අඬලම ඉදිමිලා සතූ වෙලා. "අඬන්න එපා අනේ. දැන් ඔක්කොම හරිනෙ. මම ඉන්නවනෙ." මේ හූ නා...
ටිකකින් අපි නිදහස් කරන පණිවිඩය අරගත්තු නිලදරුවා එනහැටි අපිට පෙනුනේ දේවදූතයෙක් එනවා වගේ. ඔන්න ඒ වචන ටික අහන්ඩ කන් දෙක ලෑස්ති උනා. හිත ඉවසිල්ලක් නෑ.
"ඇත්ත කියපියව්. ගෑණියි මිනිහයි කිව්වට තොපි දෙන්නා දැක්කෙත් අදයි නේද? " රාළාහාමිගේ ලොවි ගෙඩි දෙකක් තරම් ලොකු ඇස් බෝල දෙක කෙලින්ම මගෙ මූණෙ. මට මතක් වුනේ ගරා යකාව. ආල වෙමින් දෙන පුද ලැබ ගන්නේ...කෝල නැතුව පිදවිලිද බලන්නේ...දීන පුළුටු මසමයි ඉල්ලන්නේ...ගරා යකා දැන් හඬ දී එන්නේ...
බයටම මට "ඔව්.. සර්" කියවුනා.
"උඹලගෙ සුදු ලූණු ගොරකා මදි කොල්ලෝ අපිව තම්බන්ඩ. ඔයිට වඩා අප්පුහාමිලා අපිව අන්ඳන්ට හදලා තියෙනවා. ප්‍රශ්නය බරපතලයි. ඕ. අයි. සී. මහත්තයා එනකම් කරන්ඩ කිසිම දෙයක් නෑ."
බලද්දී නම් කියන්ට බැරිවුනාම අනිත් ඇත්තීගෙන් පාපොච්චාරණයක් අරන්. දෙයක් නොලැබීම තියෙනවට වැඩිය ලැබෙන්ඩ ඔන්න මෙන්න තිබිලා නොලැබී ගියාම තියෙන දුක වැඩී. ඒ රාත්‍රියේදී මම ඒක අත්වින්ඳා. ඒත් පසුබහින්ඩ මම සූදානමක් නෑ. ඔරලෝසුවේ කටුව අට හමාර පනිද්දි මම ආයෙ ගියා කතාකරන්ට. "ඕ. අයි. සී. නෑ" ඒ යකා මැරිලද යකෝ..
"අනේ සර් දැන් ඇතිනෙ අපිව මැඩෙව්වා. දැන්වත් යන්ඩ දෙන්ඩකෝ" ඒත් ඒ ගල්හිත් උණු කරන්න ලැබුනේ නෑ.
දැන් ඉතින් නවයටත් කිට්ටුයි. අඬලා අඬලා කඳුළු ඉවරවෙච්ච් එයා ඔහේ ඉන්නවා පැත්තකට වෙලා. මට දුකේ බෑ. "මේ චංචලා"
"හ්ම්ම්"
"ඔයා ගාව කීයක්වත් නැද්ද?"
"රුපියල් දෙසීයක් විතර ඇති. ඇයි?"
"ඒක දෙන්ටකො."
"බස් එකේ යන්නෙ"
"ඒක පස්සෙ බලමු"
එයාගේ පර්ස් එකම සූරලා හොයාගන්ට උනේ රුපියල් එකසිය හැත්තෑ පහයි. මම ඒකත් ගුලි කරන් රාළහාමිගෙ කෙනෙකුට කිට්ටු කරා. "අනේ සර්, අපි සන්තකේම තියෙන්නෙ මෙච්චරයි. මේකවත් අරන් යන්ට දෙන්න" හිනාවකුත් එක්ක ඒක අතට ගත්තු රාළහාමි තවත් රාළහාමි කෙනෙකුගේ මූණ බැලුවා. ආල වෙමින් දෙන පුද ලැබ ගන්නේ...කෝල නැතුව පිදවිලිද බලන්නේ..
"යන්ඩ දෙන්ඩ රාළහාමි. මුගෙන් මල කරදරයක්නෙ තියෙන්නෙ"
මම බංකුව ළඟට ආවෙ සතුට හිතේ පුරෝගෙන. "අපි යං" ඒත් එයාට යන්ට කල්පනාවක් නෑ වගේ. ඕනෑවට එපාවට වගේ එයා නැගිට්ටා. මම ඉක්මණින් පොලිසියෙ පඩි පෙළ බැහැලා යන අතරෙ එයා ගාටනවා හරියට වෙන කෙනෙකුගෙ කකුල් වලින් ඇවිදිනවා වගේ. "මොකෝ?"
"මං ගෙදරට මොනාද කියන්නෙ අයියේ" මට උත්තර නෑ.
බයික් එක ගාවට එන්ඩ එනකොටම පොලීසියේ ගේට්ටුව ගාව 'බ්‍රාස්' හඬින් වෑන් එකක් නැවතුණා. ඒකෙන් බැහැපු කට්ටියක් මෙන්න පොලීසිය ඇතුළට යනවා. මෙච්චර වෙලා පණ නැති ගානට හිටපු ඇත්තී මාවත් ඇදන් ගහකට මුවා උනා. කඳුළු ඇස් දෙකෙන් එළියට එනවා සට සට ගාලා. "ඒ අපේ අම්මලා අයියේ. මාව හොයනවා වෙන්ට ඇති. මට දැන් නම් ගෙදර යන්ට බෑ. "
"ගෙදර නොගිහින් කොහේ යන්නද?"
"මම දන්නේ නෑ අයියේ. මම දන්නේ ගෙදර ගියොත් තාත්තා මාව මරනවා කියලා විතරයි"
ඒ කඳුළු මැද්දෙ එයාව තනිකරලා යන්ට තරම් පවිටු හිතක් මට තිබුනෙ නෑ. මම තීරණයක් ගත්තා. "නඟින්න"
"අපි කොහෙද යන්නෙ?" එයා පුදුමයෙන් වගේ බලන් ඉන්නවා.
"ඔයාට ගෙදර යන්න බෑනෙ" එයා ඔලුව වැනුවා.
"එහෙනම් යමු අපේම ගෙදරකට"
තම කුමාරිය පසුපස හිඳුවාගත් කුමරු නැවතත් සිය අසු පදවන්න උනා. ඒ බස් නැවතුම බලා නොවෙයි. ඔවුන්ගේම ලෝකයක් සොයාගෙන. එදා වෙව්ලූ දුරකථනය අතින් ගැනීමත් මෙදා විවාහ සහතිකයකට අත්සන් තැබීමත් අතර ගතවී තිබුනේ තත්පර හයලක්ෂ අනූඑකදාස් දෙසීයක් පමණයි.. ඒ කිව්වෙ හරියටම දවස් අටක් පමණයි. සිzන්දගී ඒක් සෆර් හේ සොහානා.. යහ කල් ක්‍යා හෝ කිස්නේ ජානා..... අරෙ ඔලෙහි ඔලෙහි ඕ.. ඔලෙහි ඔලෙහි ඕ.. ඔලෙහි ඔලෙහි ඕ.. ඔලෙහි ඔලෙහි ඕ..
මේක ප්‍රබන්ධයක් නෙවිනේ.
ReplyDeleteඇයි යකෝ මම ඒත් හිතුවා උඹ හිරයක් අරන් හිරේ ගිහින්වත්ද කියල. දැන් එතකොට පොලීසියෙන් කරල තියෙන්නෙ හොඳ වැඩක්නේ බං. නැත්නම් ඇදි ඇදි ගිහින් ලව් මලඉලව් වෙන්නත් තිබුනා කාලයක් යද්දි.
හැබැයි ඔය මඟහැරුණු ඇමතුම්වලට නැවත උත්තර දෙන්න ගිහින් ජීවිතේම අපායක් කරගතිපු අයත් ඉන්නව මේ සමාජයෙ.
හරි දැන් මේක වෙන කෙනෙකුට උන දෙයක් නම් උඹට මක්කැයි උනේ පහුගිය දවස්වල, අපිටත් දැනගන්න එක්කම කියල දැම්මනම්.
//හරි දැන් මේක වෙන කෙනෙකුට උන දෙයක් නම් උඹට මක්කැයි උනේ පහුගිය දවස්වල, අපිටත් දැනගන්න එක්කම කියල දැම්මනම්.//
Deleteමේක වෙලා තියෙන්නේ මෙයාටම තමා...:)
@ DDT,
Delete"මේක ප්‍රබන්ධයක් නෙවිනේ. " නැත නැත. මීට අවුරුදු පහ හයකට කලින් මගේම යාළුවෙකුට වෙච්ච ඇත්තම ඇත්ත සිද්ධියක්..
"ඇයි යකෝ මම ඒත් හිතුවා උඹ හිරයක් අරන් හිරේ ගිහින්වත්ද කියල." හැබැයි මචෝ බැඳපු එවුන් නම් කියන්නෙ ඔය හිරේට යනවට වඩා අර කූරු කූරු හිරේ යන එක හොඳයි කියලා.. මොකද ඒ හිරෙන් කවදා හරි නිදහස් වෙයි කියලා බලාපොරොත්තුවෙන්ට පුළුවන්.. ඒත් මේ හිරෙන් කවදා ගැළවෙන්ටද?.. හයියෝ සංසාරේ..
මමත් ඒවගේ කතානම් ගොඩාක් අහලා තියෙනවා.. වැඩේ කියන්නෙ මෙච්චර ඒ වගේ කතා ඇහෙද්දිත් තව තව රැවටෙන අය ඉන්න එකනෙ..
මට අර වෛරස් උණේද මොකක්ද හැදුනා.. සතියක් දෙකක් බොහෝම අමාරුවෙන් හිටියෙ.. ඊටපස්සෙ වැඩ ගොඩගැහුනා...
@ Podi Kumarihami,
Delete"මේක වෙලා තියෙන්නේ මෙයාටම තමා...:)" මම ඇරෙන්න ඔයානෙ ඉතින් වෙච්ච සිද්ධිය හරියටම දන්නෙ..
එදා ඔයා ආපහු ගෙදර යන්න බෑ කිව්වෙ නැත්නම් මේ ටික මෙහෙම වෙන්නෙ නෑනෙ රත්තරන්.. දැන් ඉතින් ඔව්වා ගැන කතාකරලා වැඩක් නෑ.. මට බඩගිනියි.. කතාව නවත්තලා ගිහින් මොනාහරි උයන්ට.. නැත්නම් ඉතින් ගෙනාපු තැනටම ආපහු ගිහින් දාන්න තමා වෙන්නෙ.. :P
ඔයා අර පාර පුරාම බයික් එක පැද, පැද සිංදු කියනකොට මම කීවනේ මට උයන්ට බෑ කියලා. කෝ ඉතින් ඇහුවද? දැන් ඉතින් කඩේ ගිහින් කන්ට දෙයක් ගේන්ට.:D
Deleteඅනෙක මට මතක නෑ අනේ මම නැග්ග තැන...:(
හෑ... උයන්ට බෑ?? එහෙනම් කිව්වෙ අපි පොල් සම්බෝලයි බතුයි කාලා හරි ජීවත් වෙමු කියලා.. එතකොට පොල් සම්බෝලෙයි බතයි හදන්න වෙන්නෙත් මටද? හයියෝ සංසාරේ... :D
Deleteමරුම කතාව. මම අන්තිම වෙනකන්ම හිතුවේ ඔයාට වෙච්ච එකක් කියලා.
ReplyDeleteමොකද ඇත්තටම පහුගිය කාලේ වුනේ? මමත් මේ ටිකේ වැඩියේ මූණු පොතට එන්නෙත් නෑ. ඉඳලා හිටලා තමා බ්ලොග් පැත්තේ එන්නෙත්, විභාග හින්දා.
අගය කිරීමට ස්තුතියි සහෝදරතුමා.. මම හිතුවා වගේම කට්ටිය රැවටිලානෙ.. :)
Deleteපහුගිය කාලෙ ඉතින් අසනීප තමයි.. ඊටපස්සෙ අසනීප නිසා හිරවුනු වැඩ ඉවර කරන්ට ගියාම තවත් හිරවුනා..
විභාගය හොඳින් කරන්න ලැබේවා!
මෙන්න යකෝ හිටපුගමන් කෙටිකතා රචකයෙක් බිහිවෙලා. හරි හරි, මම දන්නවා හොරේ. දැන් ඉන්න අලුත් පරිසරයේ ප්‍රේමය හමායනවා ඇති ටෝනේඩෝ වේගයෙන්. බලාගෙන ප්‍රේම ටෝනේඩෝවකට අහුවෙලා ගහගෙන ගියොත් කොහෙන් නවතියි ද දන්නේ නෑ.
ReplyDeleteහොර ජෝඩුවල අනන්‍යතාව හොයන්න, ඒ දෙන්නව වෙන් කරලා, දෙන්නගේ සම්පූර්ණ නම් සහ දෙමව්පියන්ගේ නම් අහන එක, ලෝකයේ මුලින්ම කරලා තියෙන්නේ මහෞෂධ පඬිතුමා. (අප බෝසතාණෝ) උම්මග්ග ජාතක කතාවේ තියනවා ඒ සිද්ධිය. ඇත්තටම මේ ක්‍රමය අදත් පොලීසිය විසින් පාවිච්චි කරන උපක්‍රමයක්. ඒ නිසා මෙහෙම ගමන් යන්න කලින් 'පෙර පුහුණුවක්' කරලා යන එක ඇඟට ගුණයි.
අසමි දකිමි සොයමි ලියන විචාරක
නොදන්න කෙල්ලෙක් හම්බ උනාම ඒකිගෙ නම අහන්නත් කලින් ඉස්සෙල්ලම අහන්ටෝන අම්මගෙයි තාත්තගෙයි නම්. නැත්නම් හදිසියෙ ඒ අතරෙ පොලිස් මාමල අල්ලගත්තොත් මොන දෙයියන්ට කියන්නද. ඔන්න මම නම් ඒක තරයේ හිතට ගත්තා, ඈ ..... :D
Deleteකාගේද මේ ලමිස්සී - දක්කාපන් පොලිස්සී :D :D :D
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
@ විචාරක Wicharaka,
Deleteඅම්මෝ ටෝනේඩෝ... :O ඔය මායම් වලට අහුවෙන්නෙ නෑ අපි.. :)
ඔය කියන්නෙ මිසිස් දික්තළ ගෙයි මිස්ටර් කාළගෝළගෙයි අතරට දික්පිටියා ආපු එක නේද? ආල බැන්ද මාගෙ රම්‍යවන්..
මමත් මේ සිද්ධියෙන් පස්සේ තමයි දැනගත්තෙ පොලීසියෙන් එහෙම අහනවා කියලා.. දෙන්නෙක් කැමැත්තෙන් එකට ඉන්නකොට පොලීසියට ඇවිත් අල්ලන් යන්ඩ පුළුවන්ද?
@ DDT,
මෙන්න නියම කොලුවා.. හැමදෙයකින්ම යමක් ඉගෙනගන්නවා..
අපේ රටේ පොලීසිය, සඟිස්කුරුතෙයි සබ්බියත්වෙයි විග්ගරහ කොරන්නේ ඒ ඒ පොලිස්කාරයාගේ බුද්ධි මට්ටම අනුවයි. තමන්ගේ දුව හෝ පුතා විරුද්ධ ලිංගිකයකු සමග (සම ලිංගිකත් වෙනවා ඇති) පඳුරක් අස්සේ මැඩලීන් ගසමින් සිටියදී අසුවුනොත් තමන්ගේ නොවෙන එකාට කනට ගසා එලවා, තමන්ගේ එකා ගෙදර අරන් යනවා. නෝ කේස් ය. හැබැයි නොදන්නා ජෝඩුවක් කාටත් පෙනෙන විදිහට පාක් එකේ බැංකුවේ ඉඳගෙන හිටියත් ඒක හරිම වල් වැඩකි. අර කවුදෝ උන්නැහේ කෙනෙක් කලකට ඉහතදී හදනවා කියපු 'පෙම් පාක්' කොහේදැයි නොදනිමි. කොල්ලෝ කෙල්ලෝ ප්‍රේම කරන්නේ කාලීන සමාජයේ ඔවුන් විසින් සම්මත කරගත් චර්යා රටාවන්ට අනුව විනා, උම්මග්ග ජාතකයේ කියන ක්‍රමයට නොවේ.
Deleteමේක නොදත් පොලිසියෙ.......පුතාලා
නිකම් නහිති එක එක දේ සිතාලා
අසමි දකිමි සොයමි ලියන විචාරක
මළා ! විචාරක මහත්තයත් පොලෝසියට අහුවුනැයි.
Deleteහුහ් අහුවෙන්ඩ අපි? කකුල් දෙකට වැඳ වැඳ ඔරේ රන් එකක් දෙනවා කෙල්ල පොලිස්කාරයටම ගන්න කියලා.
Delete@ විචාරක,
Deleteනීතිය හා සාමය රකින්නනෙ මේ ඔක්කොම :)
"හුහ් අහුවෙන්ඩ අපි? කකුල් දෙකට වැඳ වැඳ ඔරේ රන් එකක් දෙනවා කෙල්ල පොලිස්කාරයටම ගන්න කියලා. " :D :D
හරී මේ වගේ පෝස්ට් එකක් ලියනවා කවදාවත් දැකලා නෑ. නියම අත්දැකීම් එක්ක ලීව එකක් වගේ. අන්තිමට යනකල් හිතුවෙම බැඳලම තමා කියලා.:D:D
ReplyDeleteඅර සිංදු කෑලි දාලා තියෙන හැටි ලස්සනයි. ජීවිතේ 'සිzන්දගී ඒක් සෆර් හේ සොහානා.. යහ කල් ක්‍යා හෝ කිස්නේ ජානා...' ලුද? :)
//සටහන (විශේෂයෙන් හොටු පෙරාගෙන අඬන නංගිලාට) :// හිතේ ඇතිනේ....:D
"හරී මේ වගේ පෝස්ට් එකක් ලියනවා කවදාවත් දැකලා නෑ. නියම අත්දැකීම් එක්ක ලීව එකක් වගේ. අන්තිමට යනකල් හිතුවෙම බැඳලම තමා කියලා.:ඪ්:ඪ්"
Delete(රහසින්) මේ ඔයාට ඇඬුනද? මොකෝ මේ ඇස්වල කඳුළු..
Yeah.. Life is a wonderful journey, no one knows what will happen in the future. :)
"//සටහන (විශේෂයෙන් හොටු පෙරාගෙන අඬන නංගිලාට) :// හිතේ ඇතිනේ....:D" නැත්නම්.. ඔයාලට අපේ අගයක් නැතිවුනාට අපි පොඩ්ඩක් එහාට මෙහාට උනාම සමහර නංගිලා හොටු පෙර පෙර අඬන්නෙ.. :D :D
ෂිඃ මම හිතුවේ උඹට වෙච්ච එකක් කියලනේ.ඇත්තටම අපිව නොමඟ අරින්ඩ නෙමෙයි නේද යාළුවෙක්ගේ කතාවක් කියලා කියුවේ?? මොනවා උනත් සිරා සිද්ධිය.ට්‍රැෆික් පොලිස් කාරයෙක්ට එහෙම කපල් එකක් පොලීසි අරං යන්ඩ අයිතියක් තියෙනවද?
ReplyDelete:D නෑ.. නෑ.. යාළුවෙක්ටම වෙච්චි වැඩක් තමයි.. මම නම් දන්නේ නෑ එහෙම අරන් යන්ඩ පුළුවන්ද කියලා හැබැයි දෙන්නව අහුවෙලා තියෙන්නෙ පොලීසිය කිට්ටුවමයි.. අනික ඉතින් දෙන්නම ඒ කාලෙ දහ අටේ දහ නමයේ.. ඒක හින්දා වෙන්ඩත් පුළුවන්..
Deleteමේක නිර්මාණයක් විතරයි කියලා අහක දාන්න මට ලෝභයි බං... නිකං හිතෙන්නෙම උඹට වුනා කියලමයි....
ReplyDeleteඅවුලක් නෑ මාළුවෝ.. මට උනා කියලා හිතාගනින්.. ඒත් එක්කන් ආපු කෙනා කියලා කාවද පෙන්වන්නෙ..
Deleteහරිට වුණා නොවුණා මේ පණිවිඩය හිතට ගත්තොත් යහපති. අවශ්‍ය වෙලාවට අවශ්‍ය වෙයි.
ReplyDeleteමම හිතන හැටියට පණිවිඩය කිව්වෙ නම් ගම් වාසගම් මතක තියන් යන එක වෙන්ටැති.. :)
Deleteමට නම් හිතෙන්නේ හරිටම වෙච්ච දේයක් වගේ
ReplyDelete:D මටත් හිතෙන්නෙ මේක මට උනානම් කියලා :)
Deleteඅපේ පොලීසියටත් කරන්න බැරි දෙයක් නෑනේ යකෝ. ඇත්තටම බයික් එකේ ලයිසන්ස් නැති එක ඇරෙන්නෙ මේ දෙන්නා කරපු වැරැද්ද බයික් එක උඩ නැගල යන ගමන් අනාචාරයේ හැසිරීමද?
ReplyDeleteශ්‍රී ලංකා පොලීසිය.. වැරදි නැත්නම් වැරදි හදලා දෙන්න හරි සූදානම්.. මම හිතන්නෙ දෙන්නගෙ වයස අඩුකමත් ඒකට හේතුවක් වෙන්ඩ ඇති..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅම්මගෙ නීතියක්නෙ බන්... කොල්ලෙකුටයි, කෙල්ලෙකුටයි එකට ගමනක් යන්න බැරිද ? උන්ටත් ලයිසන් තියෙන්නෙ ඕනාද ? උඹට කියන්න තිබුනෙ.. චෑ චෑහ්.. වැරදුනා වැරදුනා යාලුවට කියන්න තිබුනෙ පොලීසියට එන්නෑ දඩ කොලේ ලියන්න කියලා.. නඩු ගියත් උන් පරාදයි..
ReplyDeleteමොනවා උනත් අන්තිමට සුඛාන්තයක් වෙච්ච එකම මදැයි...
හම්මෝ උඹ මේ බ්ලොග් කියවන නංගිලාට දුන්න ගින්නක මහත !!
මුලින්ම සෙන්නාට උදව්වක් කරන්නම්.. ඔය කී බෝඩ් එකේ <- හරි නැත්නම <- backspace කියලා ගහපු බොත්තමක් ඇති. ඒක ඔබාගෙන ගියාම වැරදි තැන් හැදෙනවා.. තව Delete බොත්තමෙනුත් වැරදුනාම මැකුවැකි.. :)
Deleteමේකනෙ සෙන්නා.. මේක වෙනකොට මේ දෙන්නටම දහාටක් විතර ඇති.. නැත්නම් මේ වෙනකොට ළමයි ඉස්කෝලෙ යන්නත් බෑනෙ.. ඉතින් බේරෙන්න තරම් තේරුමක් නෑ.. කිව්ව විදිහට ඌ වයිෆ් කියලා කියලා තියෙන්නෙත් ජෝඩු අල්ලගෙන ගිහින් දෙමාපියෝ ගෙන්නලා බාරදෙනවා කියලා මතක් වෙලා..
නංගිලා ගොඩක් මාතෘකාව දැකපු ගමන් අඬලා.. :D
ස්තූතියි හරී මම ඕක දැනන් උන්නෙම නෑනෙ... :D
Deleteආහ්.. ඒක සුළුදෙයක්....
Deleteඇත්ත හරි බොරු හරි... ශල්‍යය්ය වෙනස් උනාට හරී ඉන්නවා....
ReplyDeleteමේක ඇත්තම ඇත්ත.. ඒත් උනේ හරියාට නෙමෙයි..
Delete:D :D :D ලිවීමනම් හරියටම හරිට වුණ දෙයක් වගෙයි..
ReplyDeleteහෆොයි මදෑ සුබ පතන්න හිතාගෙන කියෙව්වා.. :P
"ලිවීමනම් හරියටම හරිට වුණ දෙයක් වගෙයි.." එහෙමද? :)
Deleteමෙයාලා අඬ අඬ කියෝලා දැන් කියනවා සුභ පතන්ට කියෙව්වලු.. :P
අනේ බොල,,කාලෙකින් පේන්න උන්නෙත් නෑ කතාව පටන් ගත්තු හැටියට මම බුකියෙ ගිහින් බැලුවා උබේ වෙඩිමේ පොටෝ දාලද කියලා,,හයියෝ මම කාපු ලණුවක්
ReplyDeleteමදෑ ඔයින් බේරුනා.. :)
Deleteමාතෘකාව දැකපු ගමන් ගිහින් කඹවල හයිය බලපු, වහ වල රහ බලපු, කෝච්චි බරද බලපු, වතුර යට කොච්චරවෙලා ඉන්ට පුළුවන්ද බලපු අය කී දෙනෙක් හිටියද දන්නෙ නෑ.. :P
ලියවිලා තියෙන අපූරුවෙ හැටියට නම් මලේ මේක උඹටම වෙච්ච දෙයක් ...!
ReplyDeleteහික්..හික්... අනේ නෑ.. අපි ඔය මිස් කෝල් පස්සෙ යන්නෙ නෑනෙ.. ඒවා මිස් වෙන්ටම දීලා නිකා ඉන්නවා.. :)
Deleteමේක ඇත්ත නම් මූ ජීවිතේට ඔය දැම්ම හෙඩිම දාන්නේ නෑ.. ඒක නිසා මං නං හෙඩිම දැක්ක ගමන් හිතුවා මූ අපිව අන්දන්න ගිහින් කියලා... හි හි... අපි අහුවෙයි ඕවට.....
ReplyDeleteලව් කරන කාලේ පොලිසි නම් හාපෝ.... මතක් කරන්න එපා... අපේ එවුන් කොච්චර නම් ලෙඩ දාගත්තද.. හැබැයි ඉතිං උන්ගෙත් මෝඩකම් තිබ්බා...
ඇත්තම කිව්වොත් දෙන්නටම 18ට වැඩි නම් පොලිසියට බෑ බං එහෙම අල්ලන් යන්න... බස් ස්ටෑන්ඩ් එකක ඉන්න දෙන්නෙක්ව නම් කොහොමවත් අල්ලන් යන්න බෑ... දවසක් විහාරමහාදේවි එකේදි සික්කෙක් සද්දේ දාන්න ආවම මං කෙලින්ම ඇහුවා දැන් ලංකාවේ කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි කතා කරන්නත් තහනම්ද කියලා.... කට වහගෙන යන්න ගියේ නැට්ට අකුලගෙන..... ඒක උනේ ෆයිනල් එකට පාඩම් කර කර ඉද්දි මායි මගේ යාලුවයි...
"අපි අහුවෙයි ඕවට..... " :)
Deleteකමෙන්ටුව හැටියට නම් හිරු අක්කා පොලීසීයෙ තාඩන පීඩන වලට ලක්වෙවී තමයි ලව් කරලා තියෙන්නෙ.. :)
මම දැකලා තියෙනවා ගොඩාක් පාක් වල වගේම ප්‍රසිද්ධ ස්ථානවලිනුත් කපල්ස් එලවනවා.. ඒ මදිවට වන්දනා ස්ථානවලට යන අයවත් එලෝනවනෙ.. අපේ සමහර අයියල අක්කලත් ඉතින් ගානට වැඩී තමයි.. ඒත් ඉතින් එහෙම කියලා හැමෝවම එලවන්ට ගත්තාම ඒ අය කොහේ කියලා යන්ටද?
අනික කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යන්ඩ බෑ ඔක්කොම කියන්නෙ උන් කපල් එකක් කියලා.. පිරිමින්ට ගෑණු යාළුවොයි ගෑණුන්ට පිරිමි යාළුවොයි ඉන්ට පුළුවන් කියලා මේ සමාජය කවදා තේරුම් ගනීද මන්දා?
//පිරිමින්ට ගෑණු යාළුවොයි ගෑණුන්ට පිරිමි යාළුවොයි ඉන්ට පුළුවන් කියලා මේ සමාජය කවදා තේරුම් ගනීද මන්දා?//
Deleteඒක තේරුම් ගන්න.....??? අපේ ලංකාව.... හොඳට හිටී.... එතකොට මේක ලංකාව වෙනවයැ බං.... සිරි ලංකාව කියන්නේ කොල්ලෙක් කෙල්ලෙක් එක්ක හිනාවෙලා කතා කළොත් ඊට පස්සේ උන් දෙන්නව එකට බුදි කරවන රටක්නේ බං..... හි හි....
මට නම් පොලීසි වලින් කචල් එකක් තිබ්බේ නෑ... කට තිබ්බනේ කතා කරන්න... ඒත් මගේ යාලුවන්ට නම් ඔහොම සිද්ධි උනා....
දැන් අපේ කාලෙට වඩා හොඳයි බං... අපිට පාරේ වත් යන්න හම්බුනේ නෑ යුද්ධෙ නිසා... දැන් උන් හයිවේ එකේ උදේට ගාලු ගිහින් හවසට ගෙදර එනවා.. අනිත් එක දැන් උන් ත්‍රීවීල් වල යන්නේ නෑ නේ.. නැනෝ කැබ් තියෙනවානේ... අනිත් එක බයික් එකක් නැති කොල්ලෙක් හොයපන්කෝ බලන්න... බයික් එකක් නැතත් 18 වෙච්ච හැම එකාටම බයික් ලයිසම හරි තියෙනවා.... අනිත් එක දැන් උන් ඔහොම ඇන්දෙන්නේ නෑ..... පොලිසියට බම්බු ගහපන් කියන ජාතියේ උන් තමයි ඉන්නේ.. ඒ අතින් නම් මං දැන් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට හරි කැමතියි බං.... හි හි....
දැන් යුද්ධෙ නෑ වගේම සතෙත් අතේ නෑනෙ.. :)
Deleteමම හිතුවේ උබට වෙච්ච සන්තෑසීයක්ම තමයි කියලා..පොලෝසියේ උන් ඔහොම්මමයි ...
ReplyDeleteඅම්මෝ මට නම් නෙමෙයි.. පොලෝසිය නම් ඔහොමම තමයි.. අනික මේක ගඟ අද්දර පොලෝසියනෙ..
Deleteහික් ,අපේ පොලෝසිය .
Deleteමේක නිකන් හින්දි ෆිල්ම් එකක් වගේ නෙ! කෝ මැද්දෙ අර සින්දුවත් එක්ක නටන කෑල්ල? පොලිසිය ගැන නං කතා කරලා වැඩක් නැත!
ReplyDelete"මේක නිකන් හින්දි ෆිල්ම් එකක් වගේ නෙ" වෙනසකට තියෙන්නෙ සිංහලෙන් ලියවෙච්ච එක..
Deleteඅයියෝ මැද්දෙ සිංදු කීයක් නම් තිබුනද?
සිzන්දගී ඒක් සෆර් හේ සොහානා.. යහ කල් ක්‍යා හෝ කිස්නේ ජානා..... අරෙ ඔලෙහි ඔලෙහි ඕ.. ඔලෙහි ඔලෙහි ඕ.. ඔලෙහි ඔලෙහි ඕ.. ඔලෙහි ඔලෙහි ඕ..
මෙතනින් ගිහින් නැටුම බලන්ට..
http://www.youtube.com/watch?v=8wZDU-DDTOU
යකෝ බයිසිකලේට ලයිසන් නැතිඋනා කියල පොලීසි අල්ලගෙන යන්න පුලුවංද?
ReplyDeleteඉස්සෙල්ල කිවුවට කෙල්ලෙක් එක්ක යාලුවෙන්න ඉස්සෙල්ල රුධිර ගණය බලන්න කියල මේ විදියට බලනකොට පවුලෙ පැටිකිරිය ඉස්සෙල්ලම හොයාගෙන ඉන්න වෙයි වගේ පොලීසියෙන් අල්ලගත්තොත් බේරෙන්න.
බයිසිකලේ ලයිසන් නැතිවීම වගේම වයස මදි වීම හින්දත් වෙන්න ඇති.. අනික අල්ලන් තියෙන්නෙ පොලෝසිය ළඟදිලුනෙ..
Deleteහෑ.. රුධිර ගණය බලන්ඩ කියනවද? මම අදනෙ දන්නෙ.. අද ඉඳලා පවුල් පැටිකිරියත් මතක තියාගන්ට වෙනවා :)
මං ඒත් බැලුවා.. මටත් නොකියම බැන්දද කියල...
ReplyDeleteමෙහෙම යන්ට උනාම කොහේ කිය කිය ඉන්ටද අක්කේ.. :)
Deleteඑක අතකට මෙහෙම යන එකෙත් පාඩුවක් නෑ... වෙළෙඳන්ට දෙන සල්ලි කීයක් ඉතුරුද? :D
නියමයි හරී...උඹ සාමාන්‍යයෙන් මේ වගේ කථා ලියන්නෙ නැති නිසා මට හරිම වෙනසක් දැනුනා...රසය උපරිමයි...මම මුලින් හිතුවෙ අනේ අසරණයා අමාරුවේ වැටිලවත්ද අපිට කේක් කෑල්ලක්වත් නැතුව කියලා....මටත් ඔය වගේ කෝල්ස් සෑහෙන්න ඇවිල්ලා ඇති ...මගේ අත්දැකීම් අනුව කටහඩ සෑහෙන්න ලස්සන නම් කෙල්ල කැතයි. අන්තිමට මූණු පොතේ එකක් දුරදිග ගිහිල්ලා මමත් ඔය වගේ මුලිච්චි වෙන්න ගියා...අන්න ඒ මතකය තමයි මේ කථාවෙන් මට ආයෙත් මතක් වුනේ.
ReplyDeleteඑහෙනං අපිට ජය වේවා !
බෝම ස්තුතියි සිරා..
Delete"මම මුලින් හිතුවෙ අනේ අසරණයා අමාරුවේ වැටිලවත්ද අපිට කේක් කෑල්ලක්වත් නැතුව කියලා...." ඒ ටික කියපු කැත විතරක්.. අමාරුවෙ වැටෙන අසරණයා ගැන නෙමෙයි හිතන්නෙ.. උගෙන් අඩුම ගානෙ කේක් කෑල්ලක්වත් කඩාගන්න හැටි.. :D
සිරාගේ ප්‍රමේයය
කටහඬ ලස්සන යුවතියෝ රූපයෙන් අවලස්සන වන්නාහ. මේකෙ විලෝමයත් සත්‍යද දන්නේ නෑ..
"අන්තිමට මූණු පොතේ එකක් දුරදිග ගිහිල්ලා මමත් ඔය වගේ මුලිච්චි වෙන්න ගියා..." ඉතින් ඒකට මොකෝ උනේ... :)
ජයෙන් ජය!
සිරා ඉතිං සත්ගුණවත් නිසා මූණුපොතේ දැරිවි එක්ක ඉස් ඉස්සෙල්ලාම කැලණි පන්සලට ගියා...ඊට පස්සෙ මට එයාගෙන් ලැබුනු නීති රීති පද්ධතියට එකග වෙන්න බැරි නිසාම මම කිව්වා අපි වෙන්වෙමු කියලා...ඒ කියන්නෙ ලත් තැනම ලොප්...
Deleteඉසිස්සෙල්ලම හම්බෙලා නීති දාන්න ගියා.. සිරා කතාකරල තියෙන්නෙ නඩුකාරියක්ද මන්දා? වෙන අය නීති දාන්නෙ එකෙන් එකනෙ .. මෙයා හදිස්සි වෙලාද කොහෙද? :)
Deleteකතාව නම් සුපිරි !
ReplyDeleteඅහම්බෙන් කියවන්න ලැබුනේ. (මම දැන් බ්ලොග් කියවන්නේ නෑ නේ)
මං ප්‍රාර්ථනා කරන්නම් උබටත් කෑල්ලක් සෙට් වෙන්ඩ කියලා...
උබව දන්න ඒත් දැකලා නැති එකෙක් !
මේ නම් මට හිතෙන හැටියට උඹම තමයි.
Deleteකෑලි නම් ඕන නෑ බන් සම්පූර්ණයෙන් නැතුව.. :ඪ්
ස්තුතියි ස්තුතියි!
This comment has been removed by the author.
ReplyDeleteමේක නම් ඇත්තටම වෙච්ච කෙනෙක් කියන විදිය තියන්නේ ... :) මොනවා උනත් මාරු කතාව..ඔහොම අහම්බෙන් සෙට් වෙන ඒවා තමා හරියටම හරි යන්නේ ...
ReplyDelete"මේක නම් ඇත්තටම වෙච්ච කෙනෙක් කියන විදිය තියන්නේ " හි..හි..
Delete"ඔහොම අහම්බෙන් සෙට් වෙන ඒවා තමා හරියටම හරි යන්නේ ..." මේක නම් එහෙම අත්දැකීමක් ලබපු කෙනෙක් කියනවා කියලයි මටත් හිතෙන්නෙ :)
එලම එල කතාව මචන්.... කාගේ උනත් නියමට ලියල තියනවා...
ReplyDeleteස්තුතියි! ස්තුතියි!
Deleteහපොයි මගේ හාට් එකත් රත් වෙලා ගියා කතාව අහලා..!!!
ReplyDeleteබලාගෙන ගිහාහ හරීගේ කතාවක් නෙවි නිසා ටිකක් කූල් වුනා..!!
හම්මෝ.. හොඳ වෙලාවට කූල් වුනේ.. නැත්නම් පෝස්ට් එකක් ලියලා මාත් පව් පුරෝගන්නවා !
Deleteබුදු අම්මෝ.. මං හෙටම ලයිසොන් ගන්නවා.............
ReplyDeleteවිවාහ රෙජිස්ට්‍රාර් ළඟට ගිහින්???????
Delete@ YASITH (dot) NET,
Deleteමේ කොල්ලා බයවෙලා තියෙන තරම්...
@ DDT,
ඒ ලයිසම ගත්තත් අවුලක් නෑ.. ;)
යාලුවෙක්ට උනා කිව්වට මේක මෙයා උණ විකාරෙන් ඉද්දි හිතේ මවිචච චිත්ත රූප මාලාවක්ද කොහෙද? දැන් උණ හොඳෙයි ?
ReplyDelete"යාලුවෙක්ට උනා කිව්වට මේක මෙයා උණ විකාරෙන් ඉද්දි හිතේ මවිචච චිත්ත රූප මාලාවක්ද කොහෙද?" අපෝ නෑ.. මේක සත්‍යාය සිද්ධියක්..
Delete"දැන් උණ හොඳෙයි ? " ඒ උණ නම් හොඳයි. ;)
මදෑ කොරා. ඔහොම පජාත් සීන් වෙනවා
ReplyDeleteදේශකයා මෙතනටත් ඇවිත් !!!
Deleteඔතනින් ගිහින් වමට හැරුනම හම්බවෙන කොරිඩෝව දිගේ ගියහම ලැට් එක තියෙන්නේ.
@ දේශක යා,
Deleteපෙර කළ පින් පව් පල දෙන හැටි කියලත් සමහරු කියන්නෙ..
@ Ano,
ඒ මොකක්ද ඒ සීන් එක? ජෝක් එකක්ද?
මමත් අමාරුවෙ වැටෙන්න ඔන්න මෙන්න ඉන්නෙ :) , මරු කතාව :D
ReplyDeleteඑහෙනම් සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි! ආරස්සාවයි! :D
Deleteහික්..හික් මාරයිනෙ
ReplyDeleteඅලි හිනා අෆ්ෆා මේවට .කිව්වත් වගෙ උණ විකාරයෙන් ලිව්ව එකක්ද මන්දා
ඇත්ත ඇත්ත සම්පූර්ණ ඇත්ත..
Deleteහිනා නම් යනවා තමයි .. :)
හික්..හික් මාරයිනෙ
ReplyDeleteඅලි හිනා අෆ්ෆා මේවට .කිව්වත් වගෙ උණ විකාරයෙන් ලිව්ව එකක්ද මන්දා
//...අඬන්නෙ නැතුව හිනාවෙලා ඉන්ට ඉතින්.. තනිකඩය තවම මම....//
ReplyDeleteඇයි මීට කලින් තනිකඩව ඉන්න මිනිස්සු දැකලා නැද්ද ? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න :P
මෙච්චර සුන්දර වාක්කි තියෙද්දි මේකට පෙනිලා තියෙන්නෙම මේ කෑල්ලනෙ..
Deleteමේක නම් මරු.
ReplyDeleteමරු නේන්නම්.. කමෙන්ට් වලටත් හිනා යනවා..:)
Deleteඇහෙන් දැක්ක වගේ ලියල තියෙන හැටියට නම් යාලුවෙක්‍ට සිදුවුණ බවක් නම් පේන්නෙ නෑ. පුංචි සැකයක් තියෙනවා. ඒගැන මේ දවස්වල පේන්න හිටියේ නැත්තේ ඇත්තටම කරදරේක පැටලුණාවත් දෝ කියලා.
ReplyDeleteමේ නම් ඔබ අතින් ලියැවුණ වෙනස්ම ආකාරයේ ලිපියක් හැමදාම ලියන ඒකාකාරී බවින් මිදෙන්න හොඳ සටහනක්.
මේ ටිකේ ටිකක් අවිවේකියි. ඒ නිසා එන්න පමා වුණා....
"ඇහෙන් දැක්ක වගේ ලියල තියෙන හැටියට නම් යාලුවෙක්‍ට සිදුවුණ බවක් නම් පේන්නෙ නෑ. පුංචි සැකයක් තියෙනවා. ඒගැන මේ දවස්වල පේන්න හිටියේ නැත්තේ ඇත්තටම කරදරේක පැටලුණාවත් දෝ කියලා." මේං බලහල්ලකො කතන්දර ලියලා අපිත් අහගන්න ඒවා..
ReplyDeleteමාත් හරිම අවිවේකියි.. මේ කාලෙ බ්ලොග් ලෝකෙ හැමෝම වගේ අවිවේකියි.. අමතර ආදායම් මාර්ග හොයනවද මන්දා? හම්බුන පඩිය මදිනෙ දැන්..
රථ වාහන වෑරද්දකට කොහොමද බන් පිටිපස්සෙ ගිය ගෑනිව පොලිසියෙ තිය ගන්නෙ
ReplyDeleteරථ වාහන වැරද්දට වගේම මුන් දෙන්නා පොඩි හින්දත් තියාගන්නැති..
Deleteමට පේන්නෙ යාලුවෙකුට වුනා කිව්වට හරියටමද කොහෙද මේ නස්පැත්තිය වෙලා තියෙන්නෙ.. මේක දැම්මත් හරි පොර මිසින්..පවුල් බර අදිනවත්දෝ.. ????!!!
ReplyDeleteමේ කමෙන්ටුව දැක්ක වෙලේ මට හිනාගියා.. අම්මෝ ඒ මෝඩකම් අපි තාම කරේ නෑ.. කරපු කට්ටියට නම් රඟේ දැනිලා ඇති..
Deleteහප්පේ... මං හිතුවේ හරිට වෙච්ච දෙයක් කියලනේ... අපේ ලොකු මාමගේ දුව බැන්දෙත් රෝන්ග් නම්බර් එකකින්.... මාත් ඒක ලිව්වා කාලෙකට කලින්.....
ReplyDeleteහි..හි.. වෙලාවට මම නෙමේ.. ඒ කියන්නෙ රෝන්ග් නම්බරුත් රයිට් නම්බර් වෙනවෙලා තියෙනවා..
Deleteහරි හරි ... බැන්දට කමක් නෑ, දැන් ඕක ලිහල ඇවිත් මේකත් ටිකක් ලිව්වනම්.
ReplyDeleteපිස්සුද බන් එහෙම ලිහන්න පුළුවන්ද? :)
Deleteකෝ ... දෙයියනේ හරී.... නිකන් හරි එන්නකෝ හරී.
ReplyDeleteආවා ආවා..
Deleteඔක්කොම ටික කරුණු එකතු කරලා තියෙනවා. කෝ යකො මට ෆලෝව් පාරක් දාන්න තැනක් නැද්ද. පොලිසිය නම් චා තමයි මේ වගේ කේස්වලදි. උන් හරියට ලව් කරේ නැ වගේ..
ReplyDeleteඅපෝයි ඔව්.. උන් කපල් දිහා බලන්නෙ ලෝකෙ තියෙන ජරාම වැඩේ කරන එවුන් දිහා බලනවා වගේනෙ.. ෆලෝව් ගැජට් එක ලිපියෙ යට ඇති..
Deleteහීනලන්තයට තාම ඉර පායලා නැද්ද...?
ReplyDeleteඔන්න දැන් ඉර පායලා..
Deleteඅම්මප බං ඔය පොලීසියෙ උන්නම් හරිම..... එක්කො ඕනෙ නෑ.
ReplyDeleteදවසක් මටත් උනානේ පොඩි පහේ වැඩක්. මගෙ වෙන්න භාරියාවත් එක්ක උන්දලෑ ගෙදර යන්න බස්හෝල්ට් එකේ ඉන්නකොට පොලෝසියෙ එකෙක් ඇවිල්ල මේ කව්ද? කොහෙද යන්නෙ? මෙතන ඉන්න බෑ කියල එලෙව්වනෙ. ඔය දුරයන බස්වලට ලග යන ඈයන්ව ගන්නෙ බස්එක අදින්න ඔන්න මෙන්න තියලනෙ. මං ඉතින් අර පොලෝසියෙ උන්නැහේට කිව්ව මේ මං බදින්න ඉන්න කෙනා අපි මේ මෙයාලගෙ ගෙදර යන ගමන් මේ බස්එකේ යන්න ඕන පොඩ්ඩක් කොන්දොස්තර අයියට කියන්නවද අපිව දැන්මම බස්එකට නග්ගගන්න කියල. පොලෝසියෙ එකා කොහෙන්ගියාද නෑ.
උන්න බයයි කියල පෙන්නපුවහම තමා බං අපේ කරේ යන්න එන්නෙ.
ඔව් ඒක ඇත්ත.. නැමෙන්න ගියාම තමයි ඔක්කොම.. ගනන් නොගෙන ඉන්නවනම් උන් උනත් ළඟට එන්න බයයි...
Delete