12.26.2014

2014

2014 අවුරුද්ද ඉවරවෙලා 2015 ලබන්න ඔන්න මෙන්න. දවසින් දවස ගතවෙලා අවුරුද්දක් ගතවෙච්ච ඉක්මන හිතාගන්නත් බැරිතරම්. මතකද අපි ඔක්කොම මේ අවුරුද්දෙ ජෙරී වගේ හැමදේකදීම සතුටින් ඉන්න හිතාගත්තා. මම මේ කල්පනා කරමින් ඉන්නෙ මේ අවුරුද්දෙ මම එහෙම හිටියද කියන කාරණාව. හිතට එකඟව කිව්වොත් මේ අවුරුද්ද පුරාවටම මම හැමදාම එක වගේ සතුටින් සැහැල්ලුවෙන් හිටියා කිව්වොත් ඒක ඇත්තක් නෙමේ. නමුත්, පොඩි පොඩි දුක් දොම්නස් තිබුනා උනත්, සමස්තයක් වශයෙන් ගත්තාම මේ අවුරුද්ද මට හුඟක් හොඳයි. 

සාමාන්‍යයෙන් මම අවුරුද්ද මුලදි ඒ අවුරුද්දෙ මම කරන්න බලාපොරොත්තු වෙන දේවල් ලැයිස්තුගත කරනවා. අන්තිමේදි බලනවා ඒවලින් කොච්චරක් මම කළාද මොනවද කරන්න බැරිවුනේ කියලා. මම ඔහොම කිව්වට ලැයිස්තුගත කරන තරම් ලේසියෙන් නම් වැඩ සිද්ධ වෙන්නේ නෑ. අවුරුද්ද අන්තිම වෙද්දි ගොඩක් වැඩ ඉතුරු වෙච්ච අවුරුදුත් තිබුනා.

මේ අවුරුද්දෙ ලැයිස්තුව බලද්දි නම් මට හිතෙන්නෙ කරන්න හිතපු ගොඩක් දේවල් මේ අවුරුද්දෙ අපි කරලා කියලා. අවුරුද්දෙ තව දවස් කීපයක් තියෙන නිසා තව තව දේවල් කරගන්න පුළුවන් වේවි.

ඒ දේවල් කරගන්න මට උදව් වෙච්ච අයටත් 2014 අවුරුද්ද සුභ වෙන්න පතපු අයටත් ගොඩාක් ස්තුතියි.

ඔයගොල්ලන්ට කොහොමද 2014?

24 comments:

  1. ලැයිස්තුගත කරේ නැතත් බලාපොරොත්තු වුනු පාරේ ඉදිරියට ආවා බොහෝම අමාරුවෙන්.. වරදක් කියන්න බෑ.. ඒත් අවුරුද්ද ගෙවෙන්න යන්නෙනම් දෙකට දෙවාරේ. මේ කෙහෙල්මල් ඡන්දයක් නිසා.. ලබන්නාවු අවුරුද්ද තවත් ජය වෙන්න කියල සුභ පතනවා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මට නම් පේන්නෙ මේ යන විදිහට මිනිස්සුන්ට ඡන්දෙ එපාවෙලා ඡන්දෙ දාන්න යන එකකුත් නෑ. ඒ තරමට අප්පිරියයි. මම මේ දවස්වල රූපවාහිනිය (කොහොමත් බලන්නෙ නෑ), ගුවන් විදුලිය, පුවත්පත කියන තුනෙන්ම ඈත්වෙලා ඉන්නෙ. බුවෑක්...

      ගොඩක් දේවල් අපි හිතන පතන විදිහටම ඉෂ්ඨ වෙන්නේ නෑනෙ. හරිම අමාරුවෙන් තමයි ගොඩ දාන්න වෙන්නෙ.

      ලබන්නාවූ අවුරුද්ද ඔබටත් ජයෙන් ජයම වෙන්න කියලා පතනවා.

      Delete
  2. ම් ... 2014 වරදක්මත් නෑ. කරන්න හිතන් හිටපු වැඩ ටිකකුත් කරා. ඒ නිසාම ටිකක් වියදම නම් වැඩිවුනා. තව හිතන් හිටපු පොඩි පොඩි වැඩ ටිකක් ඉතිරි නම් උනා. ලබන අවුරුද්දටත් මොනව හරි ඉතිරි කරගන්න එපෑයැ. සමස්ථයක් විදියට බැලුවම ඒහැටි ම ගුණත් නැති - අගුණත් නැති පතෝල වගේ අවුරුද්දක්. :)

    හරීගෙ ලබන අවුරුද්ද මේ අවුරුද්දට වඩා හොඳ වෙන්න කියල පතන ගමන්ම ප්‍රමාද වෙලා හරි සුබ නත්තල් කියලත් කිව්වා ඔන්න.

    ReplyDelete
    Replies
    1. පතෝල අවුරුද්දක් උන එකවත් ඇතිනෙ නරක අවුරුද්දක් නොවී. :)

      ඔබටත් ලබන්නාවූ අවුරුද්ද සුභම සුභ වේවා!

      නත්තල් පැතුමට ස්තුතියි. පරක්කුවක් නෑ නත්තල් තියෙනවා ජනවාරි 6 වෙනකම්. :)

      Delete
  3. සුබම සුබ අලුත් අවුරුද්දක් හරී...

    ReplyDelete
  4. සුබ අලුත් අවුරුද්දක්

    ReplyDelete
  5. මොකුත්ම එපා. 2015 දී නුවරඑළියේ පැත්තේ යන්නත්, කේක් කෑල්ලක් කන්නත් අවස්ථාවක් උදාකරලා දුන්නොත් නාකියාට මහත් සතුටකි.

    ReplyDelete
    Replies
    1. කේක් කෑල්ලක් කන්න ඉතින් ලබන අවුරුද්ද වෙනකන් ඉන්න ඕනෑ නෑනෙ. ඔය කඩවල්වල තියෙන්නෙ ඕන තරම් කේක්. :P

      නුවරෑළි කතාව නම් තේරුනේම නෑ.

      විචාරක මහත්මයාට මම ඊ-මේලයක් එව්වා කාලෙකට කලින්. උත්තර ලැබුනේ නෑ. මඟ ඇරෙන්න ඇති.

      2015 සුභම සුභ අවුරුද්දක් වේවා!

      Delete
    2. මට ඊ මේල් එවනවානම් wmjgslsr@gmail.com එකට එවන්න.

      නුවරඑළි කතාව නිවැරදි කරගන්න කෝල් එකක් දෙන්න.

      Delete
    3. මගේ ජංගමය නැතිවුනා. දුරකථන අංකය ඉල්ලලා තමයි මේල්ලුවක් එව්වේ. :)

      Delete
  6. මට ගිය අවුරුද්දෙන් පස්සේ අද තමා ජෙරීව මතක් වුනේ.මටනම් 2014 බොහොම සන්සුන්ව, සාමකාමීව ගෙවුනු හොඳ වසරක්. බ්ලොග් කරණය පැත්තෙන් බැලුවොත්නම් අන්තිම සවුත්තු වසරක්.

    2015 හරීට ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. මගෙත් බ්ලොග්කරණය සම්බන්ධව නම් හොඳ වසරක් නෙමෙයි. ලියන්න හිතාගෙන හිටපු බ්ලොග් පෝස්ට් ගොඩක් එහෙමමයි.

      2015 ජයෙන් ජය වේවා!

      Delete
  7. බොහොම පොඩි බලාපොරොත්තුවකුත් එක්ක 2015ට සූදානමින්. හරිට ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුවේවා කියා පතනවා. හැමෝටම ජය..

      Delete
  8. මේ අවුරුද්දේ අපි ඉස්සරහටයි .... පස්සටයි දෙකටම ගියා...... 2015 බලමු නේ...... සුභ අලුත් අවුරුද්දක්...... ඔන්න....

    ReplyDelete
    Replies
    1. 2015 පස්සට වඩා වැඩිපුර ඉස්සරහට යන්න ලැබෙන අවුරුද්දක් වේවා! :)

      Delete
  9. ජීවිතේ ගොඩක් දේවල් අත්පත් කරගත්තා.................... 2013 වඩා ජීවිතේ සම්පූර්ණයෙන් ම වෙනස් කරා............. අඩි ගානක් ජීවිතය ඉස්සරහින් තිබ්බ අවුරුද්දක්..................... කියලා වැඩක් නැහැ හරි............

    ReplyDelete
    Replies
    1. අහන්න ලැබීමත් සන්තෝසයි. 2015 ඒ වගේම සුභදායක වසරක් වේවා කියා පතනවා..

      Delete
  10. 2015 මට නම් විශාල බලාපොරොත්තු සහිත වසරක්...විශේෂයෙන් වෘත්තීය ජීවිතය පැත්තෙන්..

    ReplyDelete
    Replies
    1. වෘත්තීය ජීවිතයේ බලාපොරොත්තු වෙන පිම්ම පැන ගැනීමට දහිරිය ශක්තිය ලැබෙන්න කියලා මුළු හිතින්ම පැතුවා..

      Delete
  11. මම නම් සෑහෙන්න වෙනස් වෙච්ච අවුරුද්දක්...

    ReplyDelete
    Replies
    1. එක්කෙනා දෙන්නා උනානෙ.. නෑ.. නෑ.. දෙන්නෙක් එක්කෙනෙක් උනානෙ..

      2015 තුන්දෙනෙක් වෙයි නේද? :)

      Delete
  12. 2013 වඩා 2014 හොඳයි,2015 එයිටත් වඩා හොඳ වේවි කියා බලාපොරොත්තුවක් තියෙනවා...:)
    හරීයාටත් සියලු බලාපොරොත්තු ඉටු වෙන සුබ නව වසරක් වේවා...!

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...