මීට අවුරුදු ගණනාවකට ඉස්සර අසල්වාසීන් අතර එකමුතුකමක් තිබුන, අසල්වාසීන් හා එකමුතුව නත්තල් අවුරුදු වගේ විශේෂ දවස් බෙදාහදාගෙන සමරපු, කාගෙහරි වැඩකදී අසල්වාසීන් සියලුදෙනාම පාහේ එකතුවෙච්චි, ළමයෙකුව අහළ පහළ ගෙදරක තියලා ගමනක් බිමනක් යන්න පුළුවන්වෙලා තිබ්බ කාලෙ කතාවක් තමයි මේ.
කවදත් හිත හොඳ මනුස්සයෙක් වෙච්ච නිහාල් මාමා ඒ කාලෙ කසාද බැඳලා හිටියෙත් නෑ. ඒ වගේම හතරවටේම ගෙවල්වල ළමයි ලොකු මහත්වෙලා තිබුනෙත් නෑ. නිහාල් මාමලාගේ පවුලෙ අය පොඩි ළමයින්ට ගොඩක් ආදරෙයි. ඉතින් ඒ වටේ පිටේ කවුරුහරි දෙමාපියෙක් ගමනක් බිමනක් යනවා නම් ළමයින්ව නවත්වලා ගියෙ නිහාල් මාමලාගෙ ගෙදර. මමත් පොඩි කාලෙ අම්මලා තාත්තලා නැතිවෙලාවට එහෙ ගෙදර තමයි හිටියෙ.
මට මතකයි දවසක් මම නත්තලට එහෙ ගෙදර ගියා. ඒ ගෙදර නත්තල් ගහ නම් සරසලා තිබ්බා. ඒත් අපේ ගෙදර වගේ ගව මඩුවක් හදලා සුරුවම් තියලා තිබුනෙ නෑ. මම ගවලෙන හොයද්දි නිහාල් මාමා පෙන්නුවා එයාලගෙ ගවලෙනේ. කැඩිච්ච පුටුවක් උඩට පිදුරු දාලා ඒ උඩ ගවලෙනක පින්තූරයක් තියෙන නත්තල් කාර්ඩ් එකක් තියලා තිබුනා. ඒක දැකලා මට හිනා. මට තාම මතකයි මම ඒ දිහා බලපු අවඥාසහගත බැල්ම. මම ගෙදර ඇවිල්ලත් ඒ ගැන කිව්වම අම්මලා කිව්වෙත් ඒ තරම් දෙයක් කරන්නවත් උවමනාවක් නැතිකම හෝ ඔය වගේ ආසන්න හේතුවක් වෙන්න ඕනෙ.
කාලය ගෙවිලා ගියා. 2015 අවුරුද්දෙ නත්තල ලැබුවා. අපේම ගෙදරක හදන පළමුවෙනි ගවලෙන අපි හදමින් හිටියා. හැමදාම පිදුරු මිටි ගෙනැල්ලා කෝටු කෑලි හොයාගෙන ගව මඩුවක් හදලා ඒකෙ සුරුවම් ටික තැන්පත් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද? මම කල්පනා කළා.
ඒ මොහොතෙ තමයි මගේ මතකයට ආවෙ නිහාල් මාමගෙ ගවලෙන. මම මෙච්චර කාලයක් පහුවෙලා හදන්න හිතන වෙනස්ම තාලෙ ගවලෙන නිහාල් මා ඒකාලෙම හදලා තිබුණා නේද කියලා මට හිතුණා. ජේසු උපත නිරූපණය කිරීම තිබෙනවානම් ඕනෑම විදිහක ගවලෙනක් හොඳයි කියලා තේරුම්යන්න ගොඩක් කල් ගිහිල්ලා.එදා මම නිහාල් මාමගෙ ගවලෙනට හිනාවීම ගැන ඇතිවෙන්නෙ දුකක්. කුමන හෝ කාරණාවක් නිසා නිහාල් මාමා ඒ විදිහේ ගවලෙනක් හදන්න ඇති. මට ඒකට සමච්චල් නොකර ඉන්නයි තිබුනෙ.
මේ තියෙන්නෙ ඒ වගේම වෙනත් විදිහෙ ගවලෙන්.
සමහර වෙලාවට අපි හරි කියලා හිතන් ඉන්න දේවල් හරිම නෙමේ තමා...
ReplyDeleteඔව්. සමහර එව්වා වැරදි කියලා තේරෙන්නෙ ගොඩක් කල්ගිහිල්ලා. සමහරවිට මැරෙනකම්ම තේරුම් නොයන වැරදිත් ඇති.
Deleteඋඹ හරි බං.. !!!
ReplyDeleteතාම කියන්න බෑ. පස්සෙ වෙන විදිහකට හිතෙයිද දන්නෙ නෑනෙ.
Deleteතමන් අදහස් කරන දේ, අනික් අයට හරියට සන්නිවේදනය වෙනවා නම්, පින්තූරයක් වුනත් හොඳටම ප්‍රමාණවත් නේද? අපේ පන්සලේ ඉන්න පොඩි හාමුදුරු දෙනම, වෙසක් එකට පුංචි තොරණක් ගහනවා, වෙසක් කාඩ් වලින්. ලයිට් දාලා දෙන්නේ, ඒ පොඩි දෙනමගේ වයසේ ඉන්න, ගමේ පිරිමි ලමයි.
ReplyDeleteඅහන්නත් සංතෝසයි සෑර් !!!
Deleteඑකමුතුකම හරිම අගෙයි. අහන්නත් සංතෝසයි. පොඩියට නමුත් කරන වැඩේ ගොඩක් වටිනවා.
Deleteඑහෙම හරි දෙයක් නොකර ඉන්නවට වඩා ඒ කරපු දේ වටිනව නේද?
ReplyDeleteඔව් ගොඩක් වටිනවා.
Deleteලබන පාර ගවලෙනක් හදද්දිි ඉතුරු ටික හොයාගනිං හරියෝ..ගවයට මං ඉවානයව ගෙනත් දෙන්නං !! ඕ යේස්
ReplyDeleteමතක ඇතුව නාස් ලණුව දාලම ගෙනෙං
Deleteකර අඹන්නෙ නැතුව ඉමු නේ බං …පව් නෙවැ .හැක :D
Deleteගවයො ගොඩ්ක් ඉන්නවනේ බොල අනිත් උන්ට ගන්නේ කාවද ?
Deleteඅටමා , විදානෙයා , සිංදුවා , :D
Deleteඉවානෙයට කරාඹන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවැයි?
Deleteපත්තරෙයට ඌරව ගම්මු. (හුටා - දෙපැත්ත මාරු වෙලා ගහල තියෙන්නෙ)
බලන් යද්දි බාගෙට බාගයක් ගවයොනෙ.. හුහ් හූ.. ඒ මදිවට ඌරොත් ඉන්නවා. ඔක්කොම ගවයො වෙලා හරියන්නෙ නෑ. කොටළුවෙකුයි. ඔටුවො දෙතුන් දෙනෙකුත් ඕනා..
Deleteමට ඇහුනා පොඩි එකෙක් කියනවා. ගවහලේ.. පිදුරු මිටිය මට කන්නට තිබුනානම්.. කියනවා..
එතකොට කෝ බැටළුවො
Deleteබැටළුවො නෑ ඔක්කොම කොටළුවෝ..
Deleteසමහර අපි කරපු වැඩ මෝඩකම් කියලා හිතෙන්නේ පස්සේ.හැබැයි එක පාඩමක් කර ගන්න පුළුවන් ඉදිරියට තව මෝඩකම් නොකරන්න.
ReplyDeleteහැබැයි රෑ වැටුණු වලේ දවලුත් වැටෙන වෙලාවල් තියෙනවනෙ..
Deleteහොඳ පණිවිඩයක්
ReplyDeleteස්තුතියි
Deleteහදපු විදිහ කොහොම උනත්, ඒ අවස්ථාව සමරන්න කෙනෙක් එහෙම හරි දෙයක් කරපු එක වටිනවා. මොකද සමහරු එහෙම කරන්නවත් උනන්දුවක් නැහැනේ.
ReplyDeleteඒ කාලෙ එහෙම හිතන්න තරම් මොළේ දියුණුවෙලා තියෙන්න නැතුව ඇති,,
Deleteඉතින් හරීලගෙ අලුත් ගෙදර හදපු ගවලෙන ද අර උඩින්ම තියෙන්නෙ.
ReplyDeleteඇත්තටම බං දැන් මේ වගේ දේවල් කාලයත් එක්ක ටික ටික වෙනස් වෙනව. උඹල මේවගේ සැරසිලි එක්ක නත්තල සමරනව වගේ අපි වෙසක් එකට මහෙම සැරසිලි කරනව. අපි පොඩි කාලෙ වෙසක් එක කිට්ටු වෙනකොට තාත්තා බට කෑල්ලක් අරන් ඇවිත් වෙසක් කූඩු හදනව. අපි හතර දෙනාට අනිවාර්යෙන් කූඩු හතරක් හදනව. ඊට පස්සෙ අපිත් එක්ක එකතු වෙලා කොල කපල ඒව අලවනවා. හවසට ඒව එල්ලල ලයිට් දාලා කොඩිදාලා බකට් එල්ලල සරසනවා. දැන් අපේ ගෙදර ඒව කරන්න කවුරුත් නෑ බං. මටත් කම්මැලියි, අනික කූඩු ලිහෙන්නෙ නැති වෙන්න ගැටගහන්නත් මට බෑ. ඉතින් මම කම්බි කූඩු වෙල්ඩින් කරල හදපු කූඩු දෙකක් ගෙනාවා දැන් අවුරුදු දෙක තුනකට කලින්. දැන් අපේ නෑනා තමා ඒවයෙ කොල අලවන්නෙත්.
අපොයි නෑ ඒක මේ ජාලෙන් හොයාගත්තු එකක්. මේ සැරේ අපි දෙන්නා වෙනම ගවලෙනක් හැදුවා අපේ ගෙදර..
Deleteහරී හරි.. :) වෙනස් වෙනස් දෑ නොතනන ජාතිය ලොව නොනගී. අපි කරන්නේ වෙනස් යමක් දැක්කම හිනා වෙන එක නිසා ගොඩක් දුරට අපි හැමදාම එක තැන.
ReplyDeleteවෙනසට හිනා වීම තමයි ගොඩ දෙනෙක් කරන්නෙ..
DeleteSomething is better than nothing යැ. බළලා මැටියෙන් වුනත් මීයන් අල්ලයි නම් මොනවද මේ කතා?
ReplyDeleteඔව් ඒක ඇත්ත.
Deleteඅදහස බොහොම වටිනවා...
ReplyDeleteස්තුතියි
Deleteඔන්න කාලෙකින් මමත් ඇවිත් ගියා නාඩි මලේ...
ReplyDeleteනාඩියා....? උඹ වැරදි වෙලාවකද කොහෙද ඇවිත් තියෙන්නෙ.
Deleteපොඩි ටැපලීමක් මෙයා..
Deleteඅවුරුද්ද පටන් ගත්තු ගමන් ඔහොම වෙන එක හරි නෑ නේද? :P
Deleteමාත මේ පැත්තට ආවෝ...
ReplyDelete