12.23.2016

තව එක අවුරුද්දයි

"කියන්න කණගාටුයි මහත්මයා. ඔබට තියෙන්නේ මොළයේ පිළිකාවක්. ඔබට තව අවුරුද්දක් විතර ජීවත්වෙන්න පුළුවන් වේවි" වෛද්‍යවරයාගේ කියමන ඇන්තනි බර්ජෙස්ගේ (Anthony Burgess) ජීවිතයම කඩා බිඳදැමීමට සමත් වුණා. 

"තව එක අවුරුද්දයි"

"ඔව්. තව එක අවුරුද්දයි" 

තමා ඉපයූ සියල්ලම තමන්ගේ රෝගය වෙනුවෙන් වැයකොට අවසන්. තව අවුරුද්දකින් තනිවෙන බිරිඳ කෙරෙහි ඔහුට ඇතිවුනේ ඊටත් වඩා කණගාටුවක්. ඇය වෙනුවෙන් ඉතිරි කර යන්නට කිසිවක් ඔහු සතුව තිබුනේ නෑ.

ඒත් ඔහු හිතට දහිරිය ගත්තා. තමුන්ගේම අන්තිම අවුරුද්ද ඇතුළතදීවත් යමක් කර යම් මුදලක් ඉතිරිකරයාමට ඔහු හිතාගත්තා. ඒ වනවිටත් යම් යම් ලේඛන වැඩකටයුතු කරතිබුනත් ඔහු ලේඛකයෙකු ලෙස නමක් දිනා සිටියේ නෑ. ඔහු යතුරු ලියනයට කොළයක් දමා ලිවීමට පටන් ගත්තා. ඔහුට යමක් ලියාගන්න පුළුවන් වෙයිද ලියපුදේ ප්‍රකාශයට පත්කර ගෙන මුදල් සෙවිය හැකිවෙයිද කියලා විශ්වාසයක් නොතිබුනත් වෙන කළ හැකි කිසිවක් ඔහු දැනසිටියේ නෑ. ඔහු ලිව්වා. දිගටම ලිව්වා. 

"ඒ 1960 ජනවාරි මාසයේ. මට ජීවත් වීමට තිබුනේ තවත් එක් ශීත සෘතුවකුත් වසන්ත සෘතුවකුත් ගිම්හාන කාලයකුත් පමණයි. හේමන්තයේදී කොළත්
එක්කම මගේ ජීවිතය හැලිලා යන්නයි තිබ්බේ."

බර්ජෙස් පුළුවන් තරම් වීර්යෙන් පුළුවන් තරම් ඉක්මණින් ලිව්වා. එකක් නෙමෙයි. නවකතා පහ මාරක්ම. සමහර රචකයෝ ජීවිත කාලයටම ලිව්වාටත් වැඩිය. 

ඒත් හේමන්තයේදී කොළත් සමඟ බර්ජෙස් හැලී ගියේ නෑ. ඔහුගේ පිළිකාව පහව ගොස් තිබුනා. ඔහුට සාමාන්‍ය ආයුකාලයක්ම ජීවත්වීමේ හැකියාව ලැබුණා. ඒ කාලයේදී ඔහු පොත් 70කටත් වඩා ලිව්වා. එදා පිළිකාව පිළිබඳ අනතුර නොවෙන්නට සමහරවිට ඔහු මේ එකක්වත් ලියන එකක් නෑ. එහෙම කෙනෙක් හිටියාදැයි මිනිසුන් නොදැන සිටීවි.

අපිත් ගොඩක් වෙලාවට ඇන්තනි බර්ජෙස් වගේ. අපේ ඇතුලේ දක්ෂතා, හැකියා තියාගෙන මොකක් හරි පිටතින් තල්ලුවක් එනකම් බලාගෙන ඉන්නවා. හැමදේකටම කල් ගන්නවා. තමුන්ගෙන්ම අහලා බලන්න තමුන්ට ඒ වගේ දෙයක් අහන්න ලැබුනොත් මොනවද කරන්නෙ කියලා. 

ඔයාට ජීවත් වෙන්න තියෙන්නෙ තව එකම එක අවුරුද්දක් නම් ඔයා මොකද කරන්නෙ?    

තම තමුන්ගේ හැංගිච්ච, හංගපු හැකියා එළියට අරන් දුර ගමනක් යෑමට ලැබෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!

ප.ලි.: මේ ලිපියත් සමඟ මගේ හය අවුරුදු බ්ලොග් ගමනට තාවකාලික විරාමයක් දෙන්නයි හිතාගෙන ඉන්නෙ. පහු පහු වෙද්දි එක දිගට නොලිව්වත් මම දිනපතාම බ්ලොග් කියෙව්වා. මෙතනින් එහාට ඒකත් නවතීවි. ආයෙ යම් ස්ථාවරත්වයකට ආපුවාම හමුවෙමු! එතකන් හැමෝටම ආයුබෝවන්! ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්.


8 comments:

  1. Readers are plentiful, thinkers are rare.(Anthony Burgess)

    මමත් වසර දෙකකට වඩා බ්ලොග්ස්වලින් ඈත්වෙලා හිටියා. හරීත් ටික කාලෙකින් ආපහු එන්න. ජොලි නත්තලක් වේවා!

    ReplyDelete
  2. හරිම කණගාටුවක් දැනෙනවා ඔබතුමා වගේ ඉතාම ගුණයහපත් භක්තිමත් ක්‍රිස්තියානිකරුවෙක්ට මෙවැනි බරපතල රෝගයක් වැළදීම සම්බන්දව. සෑම ආගමකම, යුදෙව්වන් උනත්, මගමදාමිකයන් උනත්, මිත්‍යා දුෂ්ඨිකයන් උනත් ඒ අතර හොද මිනිස්සු ඉන්නට පුළුවන්, ඔවුන් හොද භක්තිමත් මිනිස්සු වේවි. ඒත් ඒ අය ක්‍රිස්තියානිකාරයන් නෙමෙයි.

    ඔබතුමා ගුණයහපත් කමින් සපිරුණු භක්තිමත් ක්‍රිස්තියානිකාරයෙක්. ඉතිං ක්‍රිස්තියානිකාරයන් වන අපට කණගාටුවක් දැන්ම පුදුමයක් නොවේ නේද? ඒත් මහත්මයා අප දෙවියන් වහන්සේගේ අපරිමිත කරුණාව කෙරෙහි විශ්වාශය තබන්න ඕනි. යම් යම් වේලාවන්හිදී අපට දුක් කරදර, ලෙඩ රෝග පැමිණෙනවා. ඒවා පැමිණෙන්නේ දෙවියන්වහන්සේ අපව පරික්ෂා කරන විටදීයි. උන් වහන්සේගේ කැමැත්ත ඒක නම් අපි කංකෙදිරි ගාන්න ඕනා නැහැ. සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයත් යහපත් කමත් සිහියේ තියා ගන්නට ඕනි.

    ගැලවීම සදහා ඥානය ලබා ගැනීමට නම් හරී මහත්මයා, අපෝස්තළුවරයා කිව්වා වගේ නොපෙනී තියෙන දේවල් කෙරෙහි විශ්වාශය ඇති කර ගන්න ඕනි. අපගේ ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ දේවල් පිළිගැනීමෙන් පින් ලැබෙන්නේ නෑ. භක්තිමත් ක්‍රිස්තියානීන් වන අපගෙන් බලාපොරොත්තු වන විශ්වාශය නම්, ඒ වගේම සුභාරංචියේ ශ්‍රේෂ්ඨ පොරොන්දු හා බැදී ඇති විශ්වාශය නම්, පරමෝත්කෘෂ්ට දෙහි ඇති විශ්වාශයයි.

    අපට වටහාගන්න බැරි අබිරහසක් වන, දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි-පොලොවට බැහැලා මනුෂ්‍ය වේශයක් අරගෙන අපගේ ගැලවීම සදහා ඇත්ත වශයෙන්ම අප්‍රමාණ දුක් වින්දා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි. ඒ දිව්‍යමය ආශිර්වාදයෙන් , ක්‍රිස්තියානීන් නොවන අයද කල්යාමේදී ක්‍රිස්තියානීන් බවට හැරවීමේ බලයක් ඇති බවත් කියන්න ඕනි. එවැනි බලයක් ඇති දෙවියන් වහන්සේ කෙරෙහි සම්පුර්ණ විශ්වාශය දැන් තවත් තැබිය යුතුකාලය ඉදිරියේ පැමිණ ඇත්තේ ඔබට මහත්මයා.

    අපෝස්තුළුවරයා මොකක්ද කියන්නේ? 'ප්‍රේමය මෙහි වෙයි, අපි දෙවියන්වහන්සේට ප්‍රේම කළෝ නොවෙමු, උන්වහන්සේ අපට ප්‍රේම කල සේක. අපගේ පාපයන් සමා කරවීම සදහා උන්වහන්සේගේ පුත්‍රයා එචු සේක'

    බලන්න මහත්මයා කොයිතරම් අපුරු දෙයක්ද? ඒ නිසා දෙවියන් කෙරෙහි ඔබතුමාගේ අචල විශ්වාශය තබාගන්න. සුභාරංචි පණිවිඩය බෙදාහැරීම සදහා ඉදිරියටත් ලියන්න.

    දෙවියන්වහන්සෙගෙන් ප්‍රඥාව ඉල්ලා සිටින්න (යාකොබ් 1:5). මක්නිසාද ඔබ බෙදාගන්නේ දෙවියන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩයයි. එම නිසා ඔබට වඩා ඒ ගැන දන්නේ උන්වහන්සේය . ශුභාරංචිය එළිදරව් වූයේ මිනිසාගේ ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙනි (1 කොරින්ති 2:5)

    ReplyDelete
  3. විවේකයක් ගන්න හරී. ස්ථාවර තත්වයට එනතුරු දිග විවේකයක් ගන්න. ඊට පස්සේ ඉස්සර වගේ ආයෙත් ලියන්න. ඔබේ ආගට අදාළ ලස්සන ඓතිහාසික කතා නැවතත් ලියන්න.

    ඔබටත් පවුලේ සැමටත් සුබ නත්තලක් වේවා!

    ReplyDelete
  4. හරීටත් ලියන්න තල්ලුවක් ඕන වෙන වෙලාවක් මේක...ජීවිතයේ මොකක් හෝ නිමිත්තක් තල්ලුවක් කරගන්න...

    හරීටත් පවුලේ සැමටත්, සුබම සුබ නත්තලක් වේවා !!

    ReplyDelete
  5. අලුත් වසරක් ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ නවතම ප්‍රශ්න උත්තර තරඟයක් සමගිනුයි. ඉතිහාසය නොදැන අනාගතයයේ පලක් නැති නිසා පහත ප්‍රශ්න සාදා ඇත්තේ සිංහල බ්ලොග් ඉතිහාසය තුළිනුයි. උත්තර දෙන්න ජය ගන්න, යට ජංගි දිනා ගන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

    (1) වීරවිල කඳවුරෙන් නිදහස් වීමෙන් පසු පළමුවෙන්ම කරන්නේ හොද වැසිකිළියකට ගොස් හිතේ හැටියට රීම බව ප්‍රකාශ කෙරු බ්ලොග්කරු කවුද?
    (A) මතුගම අජිත් පී ජයසිංහ
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) කල්‍යාන මිත්‍ර
    (D) මාරයා

    (2) මෙම බ්ලොග්කරු ආරක්ෂක හමුදාවක සේවය කොට නොමැත
    (A) කල්‍යාන මිත්‍ර
    (B) මාරයා
    (C) හැලපයා
    (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (3) 'මගේ ලෝකය-රංග' නමැති බ්ලොග්කරුගේ සැබෑ නාමය මෙයය
    (A) ලක්මාල් කන්දේවිදාන
    (B) අසේල ඉන්දික
    (C) චතුෂ කුමාර
    (D) අභීත එදිරිසිංහ

    (4) කුරුළු හමුදා ලොක්කාට අතවර කිරීමට ගොස් හිරේ ගිය බ්ලොග්කරුවෙකි
    (A) හිරකරුවා බ්ලොගයේ රචකයා
    (B) අටම්පහුර රචකයා
    (C) සිනුවර තට්ටයා
    (D) කල්‍යාන මිත්‍ර බ්ලොග්කරු

    (5) 'ටිකක් හිනා වෙන්න එන්න' කියාගෙන පැමිණ මුදල් වලට පොල්ල තැබූ මෙම බ්ලොග්කරු මීමුරේ මාමා, මීමුරේ කැහැටු වඳුරා,හොරා,අබේපාල මාමා වැනි අන්වර්ථ නම් වලින්ද හැදින්වේ
    (A) හැලපයා
    (B) අභීත එදිරිසිංහ
    (C) ජෙනරාල් විචාරක ගුණසිංහ
    (D) මාතලන්-(හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්)

    (6) ඉහත 5 ප්‍රශ්නයේ සදහන් බ්ලොග්කරුගේ මුදල් වංචාකිරීම් වලට හසුව හිතේ අමාරුවෙන් අකාලයේ මිය ගිය හිත හොද බ්ලොග්කරු මෙතුමාය
    (A) ඉන්දික උපශාන්ත(උපසේන)
    (B) රාජ්පාල් මාමා
    (C) ඔබා මාමා
    (D) මාරයා

    (7) මෙම බ්ලොග්කරු විටක හාමුදුරුකෙනෙකි, විටක බස් පළුවෙකි, තවත් විටක කුරුළුහමුදා සාමාජිකයෙකි,මුරකරුවෙකි,කේන්දරකරුවෙකි ඒ මදිවාට හිතුනු විටක ගොසින් කුලී වැඩට කරයි. එසේම මෙම බ්ලොග්කරුට නොම්බරය 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියක්ද අයිතිය. මොහුගේ පුකට කුඩා කල හෙනද වැදී ඇත. මේ කවුද?
    (A) මාරයා
    (B) රසිකලොජි-කකා
    (C) මාතලන්
    (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (8) රසික සූරියආරච්චි-කකා විසින් රචිත බ්ලොග්අඩවියක් නොවේ
    (A) ඇනොමනිස් ආතල් බ්ලොගය
    (B) කතාන්දරකාරයා බ්ලොගය
    (C) රසිකලොජි බ්ලොගය
    (D) මගේ ලෝකය බ්ලොගය

    (9) වෘත්තීයෙන් ගුරුවරයෙක් වුවත් බ්ලූ බැලීමට රුසියෙකි, විදෙස් රටක සේවය කරයි.
    (A) රසිකලොජි-කකා
    (B) ඩුඩ්
    (C) හැලපයා
    (D) ඉන්දික උපශාන්ත(උපසේන)

    (10) මෙම කුප්‍රකට බ්ලොග්කරු ඔසී රටේ මළපවාහන පද්දතියේ සේවය කරයි. ඔසී යාමට අවශ්‍ය නිසා තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් සමග විවාහයක්ද කරගත්තේය. ආනන්දෙට පැරෂුට් එකෙන් ආ බවද කියවේ.
    (A) මාරයා
    (B) හැලපයා
    (C) සාරස
    (D) රසිකලොජි-කකා

    දැන්ම උත්තර සපයන්න. වසරක් පුරාවට හිතේ හැටියට යට ජංගි දිනා ගන්න. ගොනා හරි පාරට දාගන්න.

    ReplyDelete
  6. බ්ලොගේ අමතක කරන්න එපා. ටික කාලයක් විවේකයක් අරන් ආයෙ ලියන්න පටංගන්න.

    හරීටත් පවුලේ සැමටත් ප්‍රීතිමත් සුබ නත්තලක් පතනව.

    ReplyDelete
  7. මුලින්ම හරීටත් පවුලෙ හැමෝටමත් සුබ නත්තලක් !

    මොකක් හරි අවුලක් ද හරී? කොහොම උනත් බ්ලොග් කියන්නෙ මුළු ජීවිතේම නෙවෙයිනේ, ඔයා කරන්නෙ කළයුතු නිවැරදිම දේ වෙන්න ඇති. ඉක්මනින් නැවත එන්න, වෙනද වගේ ලියන්න.

    ReplyDelete
  8. හරී මොකද උනේ?

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...