3.02.2011

අපේ බ්ලොග් එකට twitter button එකක් දාගන්නේ කොහොමද? (how to insert tweet button in blogger)


දැන් හුඟක් අය Facebook like button එක තමුන්ගෙ බ්ලොග් වලට දාගෙන ඇතිනෙ. මම කියන්න යන්නේ කොහොමද twitter අඩවියෙන් සපයන tweet බට්ටොන් එකක් ඔයාලගෙ බ්ලොගයට දාගන්නේ කියලා. එහෙම එකක් අපේ බ්ලොගයේ තිබුනම එන අයට ලේසියෙන්ම පුලුවන් අපේ බ්ලොගය twitter අඩවියේ share කරන්න.

ඒක කරන්නේ මෙහෙමයි. මුලින්ම මෙතනින් යන්නකො.
ඊට පස්සෙ පහල රූපෙ විදිහට ඔයාල කැමති button එක තෝරගන්නයි තියෙන්නෙ.

වෙන මුකුත් නොකර කෙලින්ම පහලට යන්න. ඔය පහල රූපෙ කහ කරලා තියෙන code  එක copy  කර ගන්න.


 ඊට පස්සේ ඔයාලගෙ බ්ලොගයට log වෙලා Design>Edit HTML යන්න. මතක ඇතුව Expand Widget Templates එක tick කරන්න.ඊලඟට කරන්න තියෙන්නෙ Ctrl+F ඔබන එක. find textbox එක ඇතුලෙ <data:post.body/> කියලා type කරන්න. පහල රූපෙ විදිහට highlight වේවි. දැන් කරන්න තියෙන්නෙ අපි කලින් copy කරගත්තු code පැටියා අරගෙන ඔය ඊතලේ තියෙන් තැන paste  කරන එක


ඊට පස්සෙ මතක ඇතුව save කරන්න.

දැන් බලන්නකො tweet button එක තියෙන අපූරුව.


ඔයගොල්ලොත් කරලා බලලා ප්‍රතිචාරයක් දෙන්නකෝ.


අමතක වුනා කියන්න ඔයගොල්ලන්ට ඕන home page එකේ නැතුව පෝස්ට් එකේ විතරක් button එක දාන්න නම් ඔයාගෙ code එකට දෙපැත්තෙන් මේ code කෑලි දෙක දාන්න.

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
code පැටියා
</b:if>

-හරී-











2 comments:

  1. හිටපන්කො දාගෙන බලන්න.

    ReplyDelete
  2. @ dinesh :හ්ම් හ්ම්.. එතකොට බ්ලොග් එක twitter එකේ නිකන්ම publish weyi වෙයි...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...