අද කියන්න යන්නෙ චූටි කතාවක්. මම එච්චර කතන්දර කියන්න ආසා නැතිවුනත් අද මට හිතුනා පොඩි කතන්දරයක් දාන්න.මේක මම හත වසර හෝ අට වසර ඉඳිද්දී වෙච්ච වැඩක්. හතේද?.....අටේද?.. මොකේ වුනත් මොකද කතාව කියන්නම්කෝ.
එදා ආගම පීරියඩ් එකේ අපිට කියලා දුන්නෙ අකීකරු පුත්‍රයාගේ උපමාව. ඉතින් උපමාව මුල ඉඳලා අගටම කියලා දුන්න සර් පීරියඩ් එක ඉවර වෙද්දී කිව්වා. හෙට එනකොට මතක ඇතුව උපමා කතාවේ සිත්ගත්තු තැනක් චිත්‍රයට නඟාගෙන එන්න කියලා. ඇත්තටම කිව්වෙ නම් එහෙම නෙමෙයි ඕකෙන් චිත්‍රයක් ඇඳන් එන්න කියලා. :D (පළවෙනි ජවනිකාව ඉවරයි)
(දෙවෙනි ජවනිකාව) ඔන්න මම ගෙදර ඇවිත් කල්පනා කරනවා මොකක්ද අඳින්නෙ කියලා. මට එච්චරම චිත්‍ර අඳින්නත් බෑ. මම චිත්‍ර කරන්නෙත් නෑ. කරුමෙට තේරිච්ච බටහිර සංගීතෙ කොරනවා මිසක්. හැබැයි මේකත් කියන්න ඕනෙ සමහර චිත්‍ර කරන වුන්ට හදිස්සියට චිත්‍ර සර්ට පෙන්නන්න චිත්‍රත් මම ඇඳලා දීලා තියෙනවා.දස අතේ කල්පනා කරලා මට හිතුනා කතාවෙ හොඳම සීන් එක අඳින්න. ඒ කිව්වෙ පුතාට තාත්තාව හම්බෙන තැන. එතනනෙ කතාවෙ හරය තියෙන්නෙ. ඉතින් කොහොමහරි දඟලලා දඟලලා චිත්‍රයක් ඇඳගන්න පුලුවන් වුනා කියමුකො. හුටා.... මට පස්සෙ මතක් වුනේ. චිත්‍රෙ පාට කරන්නෙ කොහොමද? මා ගාව පාට කරන්න පැස්ටල්ද අරවද මෙව්වද මොකුත් නෑ. ඉස්කෝලෙට ගිහිල්ලා කොරන්නත් බෑනෙ හෙට පලවෙනි පීරියඩ් එකේ පෙන්නන්නත් ඕනෙ. එක චිත්‍රයක් පාට කරන්න ඔව්වා කඩෙන් ගන්න සල්ලි ඉල්ලන්නත් බෑ. අම්මලා තාත්තලා බොහොම අමාරුවෙන් වියදම් කරන බව දන්න නිසා.
ඔන්න ඔහොම හොල්මන් වෙලා ඉන්න වෙලාවෙ මට හොයාගන්න පුලුවන් වුනා ගෙයි තිබ්බ පරන ප්ලැටිග්නම් කූරු තුන හතරක්. ඒවත් ඉවර වෙන්න ඇවිල්ලා වගේ. මට හිතුනා දැන් මේක චිත්‍රය පුරාම ගාන්න ගියොත් මගක් ගානකොට ඉවර වෙනවා කියලා. ටිකිරි මොළේ පත්තු වුනා. කරා හොඳ වැඩක්, චිත්‍රය සම්පූර්නයෙන් පාට කරනවා වෙනුවට පාට ගාන්න ඕනා තැන්වල ඉරි විතරයි ඇන්ඳෙ.ඔය විදිහට ඉරි ඇඳලා චිත්‍රයම සම්පූර්න කලා. දැන් ශෝයි.
තේරුනේ නැද්ද මන්දා. ඔය චිත්‍රෙ තාම ගෙදර ඇති ඒක හොයාගත්තම ඒකෙ පින්තූරයක් දාන්නම්. එතකන් ඔය පහල රූපෙ බලන්නකො. ඒකෙ ඔය හාර්ට් එක පාට කරලා තියෙන්නෙත් මම එදා පාට කරපු විදිහට තමා. දැන් තේරුනානෙ ප්ලැටිග්නම් පරිස්සමෙන් පාවිච්චි කරපු හැටි.
(අන්තිම ජවනිකාව) පහුවෙනිදා උදේ මම ඔය චිත්‍රෙත් අරන් යනවා ඉස්කෝලෙ. මට හිතුනෙම අදනම් බොරු කරලා කියලා බැනුම් අහන්න වෙයි කියලා තමයි. ඔන්න සර් ඇවිල්ලා ගෙදර වැඩ බලන වෙලාව. කට්ටියගෙම චිත්‍ර බලලා ඉවර වුනාට පස්සේ සර්ට හොඳයි කියලා හිතුන චිත්‍ර පන්තියටම පෙන්නලා අත්පුඩි ගැස්සෙව්වා.
මම හිතන්නෙ තුනක් විතර තමයි පෙන්නුවෙ. මගෙ චිත්‍රෙත් ඒ අතරින් එකක්. සර් මගෙ චිත්‍රෙ පෙන්න පෙන්න කියනවා බලන්න මේ චිත්‍රෙ කොච්චර ලස්සනද? වැඩියෙම වටින්නෙ මේ ලමයා අලුත් විදිහට හිතලා යමක් කරපු එක කියලා ප්‍රශංසා කෝටියයි. මේ ලමයා වෙනදා කරන විදිහට පාට කරන් ආවනම් මේ චිත්‍රය මේ වගේ ලස්සන නොවෙන්නත් තිබ්බා. මමනෙ දන්නෙ ඇත්ත සීන් එක. ඒ වුනාට ඒක කියන්න ගියේ නෑ මොකද අපිට කලින් උගන්නලා තිබ්බනෙ ගුරුවරු වැඩිහිටියො එක්ක එකට එක කියන්න එපා කියලා. ඉතින් මමත් ඒක හිතට අරං කටපියන් හිටියා.
ඔන්න ඔහොමයි හොඳම අකීකරු පුත්‍රයන්ගෙන් එකෙක් වුනේ.
-හරී-
මම් අපේ අම්මගෙන් ඔය අකීකරු පුත්‍රයාගේ කතාව අහලා තියෙනවා. හික්ස් :)
ReplyDeleteඒ කතාවයි මේ චිත්‍රයයි ගලපගන්න දත කෑවා !!!! ඒත් හරි ගියේ නෑ හරී.මොකද්ද හැබෑටම හදවතක් ඇඳලා කියන්න උත්සහ කලේ ?
හි හි... ඔය කතාව කියවනකොට මට මතක් උනේ අර රතුම රතු පාටින් චිත්‍රයක් පාට කරපු ළමයගෙ කතාව...
ReplyDeleteඔන්න හරී සහොදරයා කාලෙකට පස්සේ ලිපියක් ලියලා.හොද ටිකිරි මොළයක් නෙව තිබිලා තියෙන්නේ?.
ReplyDeleteවෙනස් විදියට වැඩක කරන කෙනාට අනිවාර්යෙන් කවදා හරි තැනක් ලැබෙනවා. පැස්ටල්/ ප්ලැටිග්නම් නැති නිසා අර විදියට පාට කළා කියලා දුක් වෙන්න එපා. සතුටු වෙන්න. ඔයා දක්ෂයෙක්, තියන සම්පත් උපරිම විදියට පාවිච්චි කරලා වැඩේ කරගන්න පුළුවන් දක්ෂයින්ට විතරයි.
ReplyDelete@මධුරංග :අම්මා කතෝලිකද?
ReplyDeleteමම ඔය කතාව ලියන්නත් ගිහිල්ලා කට්ටිය දන්නවා ඇති කියලයි ලිව්වේ නැත්තේ...
කතාවෙයි චිත්‍රයෙයි සම්භන්දයක් නෑ.. මම ඔය හාර්ට් එකෙන් පෙන්නන්න උත්සාහ කරේ.. මම චිත්‍රය පාට කරපු විදිහ... ප්ලැටිග්නම් වලින් චිත්‍රය පුරාම ඉරි ඇඳලා.....
ප්‍රතිචාරයට ස්තුතියි... කාගෙන්හරි ඉල්ලීමක් ලැබුනොත් කතාවත් දාන්නම්කො....
@තාරා :අර මහාචාර්යවරු කිව්වෙ....මේ ලමයා යුද්ධයෙන් අනාථ වෙච්ච හරි... අනතුරකට මූනදීපු ලමයෙක් හරි කියලා...ඒ කතාව නේද?
ReplyDeleteහි..හි.. දෙකම එක කතාව පුද්ගලයෝ තමයි වෙනස්...
ප්‍රතිචාරයට ස්තුතියි තාරා....
@නිකමා : ඔව් ඔව්...කාලෙකට පස්සේ තමයි...කොහෙද මේ වැඩයි ලෙඩයි ඉවරයක් නෑනෙ...
ReplyDeleteමේ පැත්තෙ ඇවිල්ලා ගියාට ස්තුතියි....
@deeps :කියවපු ගමන් බොක්ක කූල් වෙච්ච කමෙන්ට් එකක්...හි..හි...
ReplyDeleteඅපි කවුරුත් දක්ෂයෝ....ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අපි හොඳටම දක්ශ මොනාටද කියලා අඳුරගන්න බැරිවීම කියලයි මම හිතන්නෙ...
එහෙම හරියට හඳුනගත්තොත් අපිට මීට වඩා ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි...
මම කියනදේට එකඟද මන්දා?...
ප්‍රතිචාරයට ස්තුතියි...
ඇයි අම්මා විතරක් කතෝලික කියලා කියන්නේ !!!!
ReplyDeleteමම් කිව්වේ අම්මා මට පොඩි කාලේ කියලා දුන්නයි කියලා. :)
@මධුරංග: comment එක තේරෙන්නෙ නෑ බං.......
ReplyDelete"එක චිත්‍රයක් පාට කරන්න ඔව්වා කඩෙන් ගන්න සල්ලි ඉල්ලන්නත් බෑ. අම්මලා තාත්තලා බොහොම අමාරුවෙන් වියදම් කරන බව දන්න නිසා."
ReplyDeleteඔය දේ තේරුං අරගෙන වැඩ කරපු එක ගැන උඹට ඇත්තටම සතුටු වෙන්න පුලුවන් .....
මම අදටත් දුක් වෙනවා ඔය දේ තේරුම් ගන්න බැරි උන එක ගැන ..
@පන්සල් හංදිය: දුක් වෙන්න ඕනි නෑ දැන්... දැන් හරි තේරිලා තියෙනවනෙ හරි දේ මොකක්ද වැරදිදේ මොකක්ද කියලා...
ReplyDeleteඔය comment එක මේ කතාවටම ගැලපෙන එකක් වීම පුදුමයි... මොකද අකීකරු පුත්‍රයාගෙ කතාවෙත් හරය ඕකනෙ....
ස්තුතියි...
තියෙන දෙයින් ප්‍රයෝජන අරගන තිබීම ගැන සතුටුයි.
ReplyDeleteඅකීකරු පුත්‍රයාගේ කතාව කියන්නේ මොකක්ද කියලා කියන්න පුලුවන්ද?
@nethmi :ඒක ජේසුස් වහන්සේ දේශනා කල උපමා කතාවක්.... ඔය වගේ උපමා කතා ගොඩාක් තියෙනවා බයිබලයේ...
ReplyDeleteඒ වුනාට ඕවා කියන්න ගිහින් ආගමට හරවනවා කියලා කතා අහන්න වේවිද මන්දා?
ස්තුතියි ප්‍රතිචාරයට.... ඔයාට කතාව දනගන්න ඕනෙනම් මම වෙන post එකකින් දාන්නම් ටිකක් හිතලා බලලා...
heart ekai kathewi loku sambanadayak thyenawa pahadiliwama. e kathawe padanama Dewa premaya ha samawa deemane
ReplyDelete@Anonymous:බලාගෙන යනකොට ඒකත් ඇත්ත.....
ReplyDeleteප්‍රතිචාරයට ස්තුතියි........
Machan,
ReplyDeleteNice incidenent.
Publish the original art.
Congrats..!!!
@ D.Lak : Original art currently unavailable muchn ...
ReplyDeleteIt may be with my large amount of school books... I'll try to find it.....
Thank you......
ආතම්මගෙ පෙට්ටගමෙ දාපු ඇඩ් එකෙන් තමා ආවෙ . දිගටම එන්නම්
ReplyDeleteහොඳයි ආයෙ එන්නකො..
Deleteපොඩිකාලයෙත් දැන් වගේම මොළය පාවිර්‍චචි කරලා.අපි නොකෙරැවෙ එකනේ
ReplyDeleteපසුතැවෙන්න එපා.. ජීවිතේ තමුන් කල දේවල් වැරදි කියලා හිතෙනවා නම් වෙනස් වුනාම හරි...
Deleteමට මේ චිත්‍රය හම්බුනා.. කැමරාවක් හොයාගත්තු ගමන් ඒක දාන්නම්...
මම කොහේ හරි කතාවක් කියෙව්වා.. චිත්‍ර තරගෙකට යුද්ධය ගැන චිත්‍රයක් අඳින්න කිව්වම ළමයෙක් තනිකර රතු පාටින් විතරක් පාට කරනවා... ඒක දින්නට පස්සේ අහලා බැලින්නම් රතුපාට පැස්ටල් කූරක් විතරයි ඒ ළමයා ගාව තිබිලා තියෙන්නේ... :) මේකත් ඒවගේ තමයි :)
ReplyDeleteමටත් මතකයි.. අචාර්ය මහාචාර්ය වරු පට්ට විශ්ලේෂණ දෙනවා..
Deleteමාවත් අකීකරු බ්ලොග් කියවන්නෙක් කරන්න කලින් "අකීකරු පුත්‍රයාගේ කතාව" දැම්මොත් හොඳයි :)
ReplyDeleteමම හිතන්නෙ හසිත ඕක දන්නවා.. කමක් නෑ දාන්නම්කො.. ලියන්න පොරොඳුවෙච්ච ඒවා දැන් මතකත් නෑ වගේ..
Deleteහිහිහි...
ReplyDeleteඔන්න මම පින්තූරෙ දැම්මා..
ReplyDeletehttp://dreamsofharee.blogspot.com/2013/03/blog-post_10.html