අද කියන්නෙ යන්නෙ කතාවක්. පෞද්ගලික අත්දැකීමක් වගේ එකක්. ඒ වගේ එව්වා කියවන්න කැමති කට්ටිය එන්න.
මේ සිද්ධි මාලාවම සිද්ධ වුනේ අර කොටි හපුවා පිරබාහරන් හිටපු කාලෙ. මතකද ඒ කාලෙ දිගට හරහට බස්වල කෝච්චිවල ඩෝං ඩෝං ගාලා බෝම්බ පත්තු වුණා. ගෙදරින් ගිය මිනිහා හවස ගෙදර එයිද කියලා විශ්වාසයක් නොතිබ්බ කාලයක් ඒක. අපේ රණවිරුවන්ට පිංසිද්ධ වෙන්න ඒ කරදර දැන් නම් නෑ. මේ සිද්ධි මාලාවටම ප්‍රධාන හේතුව විදිහට මම දකින්නෙ හමේ පාට වගේම මම කැම්පස් ගෙනිච්ච ලොකු බෑග් එක.
පළවෙනි සිද්ධිය වුනේ බෝම්බ පිපිරිල්ල පටන් ගත්තු අලුතමයි. එතකොට රැක් වල බෑග් දාන්න තහනමක් තිබ්බේ නැඇ. බෑග් එකේ අයිතිකාරයා ළඟ ඉන්නවනම් ඇති. ඔන්න මම දවසක් කෝච්චියේ යන්න පාන්දරින් පිටත් වුණා. සතියකට අඳින්න රෙදියි තව පිටු 2000ක විතර පොතකුත් තියෙන තඩි බෑග් එකත් අරන්. නැගපු ගමන්ම පෙට්ටියේ කලින්ම තියෙන සීට් එක උඩ තියෙන රැක් එකේ බෑග් එකත් දාලා මම වාඩි වුනා. ඒක අර 3 2 සීට් තියෙන කෝච්චියක්. ඉතින් පෙට්ටියෙ ඉස්සරහම හිටපු හින්දා මට මොකුත් පේන්නේ නෑ පෙට්ටියේ වෙන දේවල්. කෝච්චිය කොටුව පාස් කරලා ටික දුරක් ආවා. ටිකකින් මීක් සද්දයක්වත් ඇහෙන්නේ නැතුව ගියා පෙට්ටියෙන්. මම ඉතින් එච්චර ගණන් ගත්තේ නෑ. ඔන්න ටිකකින් මනුස්සයෙක් මගෙන් ඇවිල්ලා අහනවා "මල්ලි ඔයාගෙද මේ බෑග් එක?" කියලා. බැලින්නම් පෙට්ටියෙ හිටපු ගොඩක් දෙනෙක් බැහැලා ගිහින් බෝම්බයක් කියලා හිතලා. එකාටයි දහිරියක් තිබිලා තියෙන්නෙ ඇවිල්ලා බලන්න. ඔය ඉතින් පළවෙනි පාර මගෙ බෑග් එකට මිනිස්සු බය වුණු.
තවත් දවසක, මම ගෙදර එන වෙලාවකද කොහෙද, බස් එකේ ආවා බෑග් එකත් උස්සන්. නැගපු ගමන් පිටිපස්සෙ සීට් එකත් ලැබුනා. මම් ඉඳගෙන බෑග් එකත් ඔඩොක්කුවෙන් තියා ගත්තා. ඔන්න ටිකකින් එකා දෙන්න නැගිටලා යනවා බස් එකේ ඉස්සරහට. ඒ මදිවට මා දිහාත් කන්න වගේ බලනවා. මට මීටර් වුනා වැඩේ උං හිතනවා ඇත්තෙ මම කොටියෙක් කියලා. නිකං ඉන්න මට කොටි ලේබල් අලවද්දී නිකම් ඉන්න පුලුවන්ද මම දෙන්නම් වැඩේ කියලා පොඩි කොටි නැටුමක් දැම්මා. නැටුමක් කිව්වට සීට් එකේ ඉඳගෙනම තමයි. මම හිතුවා මේ වෙලාවෙ මම කොටියෙක්. මගේ බෑග් එකේ බෝම්බ. මගේ හැඟීම් කොයි වගේද? මගේ මූණෙන් එව්වා පේන්නෙ කොහොමද? මම එහෙම හිතනකොටම එව්වා පෙනිලා කට්ටිය නැගිටලා යන සීඝ්‍රතාව වැඩි වුණා. පැයකට විතර පස්සේ පස්සේ සීට් ඔක්කොගෙම හිටියේ මම විතරයි.
කොටි නැටුම් කෙසේ වෙතත් ඔය බෑග් එකයි හමේ පාටයි නිසා ඒකාලෙ නම් වෙච්ච කරදර බොහොමයි. එකපාරක් ඉස්ටේශොං එකකදී මුලු බෑග් එකම පෙරළලා චෙක් කොළා. ඒ මදිවට දවසක් මෝටර් බයික් එකකින් ආපු ආමි දෙන්නෙකුත් මාව අල්ලගත්තනෙ. කොහොමහරි මට කැම්පස් යන්න පරක්කුවෙලා තිබ්බ වෙලාවක්ද මන්දා. මම පාරෙ යනකොට බයික් දෙකක් ඇවිල්ලා හරස් කරලා නැවැත්තුවා.
"මල්ලී අයිඩී එක දෙන්න පුලුවන්ද?"
මම ඔලුව වැනුවා. ඊට පස්සේ මම ඒක ගන්න කලින්ම
"මල්ලී බෑග් එක බලන්න පුලුවන්ද?"
මම ඒකටත් ඔලුව වැනුවා. තව මොන මොනවදෝ ඇහුවා. මම ඔක්කොටම ඔළුව වනන එක තමයි කරේ. මාව චෙක් කිරිල්ල කෙසේවෙතත් දෙන්නට දාඩිය දාලා. දෙන්නගෙ හිතේ මම දෙමළ හින්දා ඒක හංගන්න ඔළුව වනනවා කියලා. කොහොමහරි මගේ අයිඩී එක බලලා යන්න ගියා. බෑග් එක චෙක් කරෙත් නෑ. බයටම චෙක් කරේ නැද්ද නැත්නම් මම ගැන තිබ්බ සැකේ දුරුවුනාද මම දන්නෙ නෑ. කවුරුත් තමුන්ගේ පණට ආදරෙයිනේ. තව දවසක් පොලීසියෙ එක්කෙනෙකුත් මාව චෙක් කරද්දී ඇති වෙච්ච් බය පිරිමහගත්තෙ ළඟ හිටපු මනුස්සයෙකුට බැනලා. මාව චෙක් කරද්දී ළඟට ආපු මිනිහාට බැන්නේ "ඇයි යකෝ..මම මේ නොකර බැරිකමට මේක කරනවා. තෝ විහින් මැරෙන්නද යන්නේ. ටිකක් එහාට වෙලා හිටපන්" කියලා.
ඔය විදිහට තව තව සිද්ධි ගොඩක් වුණා. දැන්නම් ඉතින් ඔය වගේ බෑග් එකට සීයක් අරන්ගියත් එකෙක් නෙමෙයි ඇහැක් ඇරලාවත් බලන්නෙ. ඒ කාලෙ ඔය විදිහට සැළකිලිමත් වුන නිසා ගොඩාක් ජීවිත බේරගන්න පුලුවන් උනා.
ඔය ඉතින් කිව්වේ මම කොටියෙක් කියලා වරදවා තේරුම් ගත්තු හැටිනේ. මට ඇත්ත කොටි හම්බවෙච්ච හැටි ඉස්සරහට කියන්නම්.

කොටි නැටුම කොහොමද දැම්මේ හි හි මට මතක්වුනා දුමී අයියා ලියලා තිබුනු කතාවතුත් මේ වගේම කේස් එකක් ගැන...ඔයා හරි ලස්සනට ලියලා තියෙනවා ජය වේවා දිගටම ලියන්න
ReplyDeleteස්තුතියි! ඔයාට
Deleteමුලින්ම කලේ ඇස් යටින් බලපු එක...ඊට පස්සෙ ළඟ ඉන්න උන් මා දිහා බලන් ඉන්නවද කියලා හොරෙන් බලන විදිහට බලනවා.. හි.. හි..
දුමී අයියගෙ කතාවනම් කියවන්න ලැබුනේ නෑ. හොයලා බලන්න ඕනා.
මමත් එන්නම්කො ඔය පැත්තෙ....
ඒ කාලෙනම් අපිට අපිවවත් විශ්වාස නැති කාලයක්නේ... හැමෝ දිහාම සැකෙන් තමා බැලුවේ..
ReplyDeleteඅත්දැකීම් බෙදාගත්තු එකට ස්තූතියි...
ඒක ඇත්ත කාට කාටත් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ පාරෙ ගියෙත් ඇඟ ගැහි ගැහි. මට මතකයි අම්මා කෙනෙක් මගේ මල්ල දැකලා තමුන්ගේ ලමයි දෙන්නව තුරුලු කරන් හිටපු හැටි. මම කොච්චර පැහැදීමක් ඇතිවෙන විදිහට හිටියත් ඒ අම්මා නෙමෙයි ළමයි දෙන්නව අත ඇරියේ. මොනවා කරන්නද කට ඇරලා කියන්නද මම කොටියෙක් නෙමේ කියලා...
Deleteඒ කාලේ ඉතින් පොඩි දේටත් චෙක් කරන කාලෙ නේ. කොටින්ම වාහනයක් කැළණි පාලමෙන් කොළඹට දාපු හැටියේ චෙක් කරනවා.
ReplyDeleteමොනවා උනත් ලංකාවේ කොටි ත්‍රස්තවාදින් තුරන් කරලා දාපු එකට අපේ රණවිරුවන්ට පින් දෙන්න ඕනා.
අර කතාවත් ඉදිරියේදි ලියමු !!
හැබැයි මධුවෝ ඔය චෙක් කිරිල්ල හැමතැනම හරියට වුණාද කියන එකනම් ප්‍රශ්නයක්. සමහරු නම් හොරට චෙක් කොරේ.
Deleteරණවිරුවන්ට පින් දෙන්න ඕනා. ඒ ගොල්ලන්ගේ ජීවිත පරිත්‍යාගය හින්දා තමයි මේ වගේ තත්වයක් උදාවුනේ. ඒ වුනාට දැන් දැන් සිද්ධ වේගන යන දේවල්වල හැටියට මට නම් හිතෙන්නෙ ඒ හොල්ලපු ලේ අපතේ යයි කියලා.
ඉස්සරහට ලියන්නම්...මට ඇත්තටම කොටි ලේබලේ අලවයිද දන්නෙ නැ.
ප.ලි. : මේ කොටන්නෙ ඔයා දීපු ගැජමැටික් එකෙන්. බොහොම තැන්කූ.
සිංග්ලිශ් වල ෑ ටයිප් වෙන්නෙ නෑනෙ.
හරි හරි දැන් ගොඩ අහම්බෙන් ටයිප් වුනා..
Deleteනෑ බෑ ගැහුවැකි දැන්...
හරී උඹ දෙමලද බං...???
ReplyDeleteහැබැයි උඹ කොටියෙක් වෙන්න නම් බෑ, මොකද උඹ වලහෙක් හරි කුකුලෙක් හරි වගෙයි බං...
"දෙන්නගෙ හිතේ මම දෙමළ හින්දා ඒක හංගන්න ඔළුව වනනවා කියලා."
Deleteමම හිතන්නේ උඹ නොමඟ යන්න ඇත්තෙ ඔය වාක්‍යයෙන්...
මට කියන්න ඕනෙ උනේ ආපු උන් දෙන්නා හිතුවා මම දෙමළ කියලා...අනික කතා නොකරපු හින්දා උන් හිතුවා මම කතා කළොත් දෙමළ කියලා තේරෙයි කියලා කතා කරන්නේ නැ කියලා..(ආයෙත් ඇනුනද මන්දා)
"මොකද උඹ වලහෙක් හරි කුකුලෙක් හරි වගෙයි බං..."
මේකෙන් කියපු දේ තේරුනේ නෑ...
නෑ නෑ ඒක අතෑරලා දාපං... මෙතෙන්ට කෙල්ලොත් එන නිසා එවුවා ඕනේ නෑ... :D
Deleteකොටි පාට නම් තියෙනව තමා :P මල්ල නම් මතක නෑ හැබැයි.
ReplyDeleteකියපු කතාවට මට කඳුලුත් ආවා..සුදු එක්කෙනෙක් කිව්වානම් ඔච්චර දුකක් නෑ..
Deleteහලි..හලි කලුත් පාටක්නේ..
ඒ කාලේ තමා ඒ කාලේ.......
ReplyDeleteඒ කාලෙ දැන් ඉවරයි...ආයෙ ඒ වගේ කාලයක් එන්නත් එපා...
Deleteහික්ස්... අඩෝ මම දන්නෙ නැති සීන් ටිකකුත් තියෙනවනෙ. උබ ඉතින් කොහොමත් රඟ පාන්න දන්නෙ නැති එකානේ. අනෙ මගේ කට. බලපන් අර මිනිස්සුන්ගේ ලේ පනිට්ටු කීයක් පිච්චෙන්න ඇද්ද? හි හි ඇයි බන් අර අපෙ වට් එවර් හිටන් උබට පස්සේ උගන්වන්න ආවේ සින්හලෙන් ක්ලාස් එකේ උගන්වපු ටික උබට තෙරුනේ නැති නිසා.
ReplyDeleteඋබ අර රඟපාපු අනිත් සීන් එකත් ලියපන්.... සැගවුනු අමුත්තගෙ සීන් ටිකත්.
Deleteමම ඕනාකමින් කරපුවා නෙමෙයිනෙ බං..උන් මාව සැක කරනවා..මමත් ඉති සැකේ තහවුරු වෙන විදිහට ඉන්නවා..අනික බං එකෙක් නිකමට ඉදිරිපත් වුනාද හොයලා බලන්න. හැමෝම තමුන්ව බේරගෙන මාරු වුණා මිසක්...
Deleteවට් එවර් සීන් එක මටත් අමතක වෙලා තිබ්බෙ... :)
මතක් වෙද්දිත් හිනා යනවා...මෙලහට කැනඩාවෙ රොබෝලත් පිස්සු කෙලිනවා ඇති...
මේ ඔය වට් එවර් කිව්වෙ අපිත් දන්න කෙනෙක්ද
Delete@jeewa :ඒක තමයි පට්ට සීන් එක...හැබැයි ඒක ලිව්වොත් කැම්පස් වල සින්නො පවුනෙ..ඒකයි නොලියා හිටියේ...
Deleteඔව් අක්කේ..ඔයාගෙ මූණු පොතෙත් යාලුවෙක්..
Deleteලින්ක් එක මෙතන දාන එක හරි නෑනෙ...
මම් හිතන්නෙ එයා ඔයාලට මැත්ස් ඉගැන්නුවා..
හරීත් මං වගෙ පැහැපත් සමක් තියෙන බුවෙක් බව මා තේරුනා. ඊට අමතරව ගුටිකන මූණකුත් ඇති මට වගෙ. මාවත් චෙක් පොයින්ට් වල නවත්තනවමයි. අනිවා.
ReplyDeletehenryblogwalker the Dude
දැනගන්න ලැබීමත් සතුටක්... හි.හි...
Deleteදැකුම්කළු ප්‍රියමනාප කොල්ලෙක් වගේ..
ReplyDeleteදැන් හිනා උනාට ඒ කාලේ අපිත් උඹව දැකල බය උනාද දන්නේ නැහැ :)
හි...හි...
Deleteවෙන්න පුලුවන්...
මේක කියවලා ඔක්කොම එවුන් මාව හිතින් මවාගෙන වගේ ඉන්නෙ... හි..ගි..
මම ඇත්තටම කොටි දැකපු හැටි මෙතනින් බලමු.
ReplyDeleteමම දුටු කොටි
හරි ලස්සන ගොං කථාවක්
ReplyDeleteඒකනෙ සහෝදරයා උඩින්ම කියලා තිබුනෙ කැමතිනම් කියවන්න කියලා..
Deleteසහෝදරයාගෙ බලාපොරොත්තු කඩවුනානම් සමාවෙන්න..