වෙලාව හවස 2ට විතර ඇති. කාපු බීපු තැන්වල සතා සර්පයා වත් ඉන්නේ නෑ කියලා කතාවක් තියනවානෙ. කාලා බීලා ඉවරවෙලා කෝට් බෑය හරිගස්සා ගත්තු මම ලිෆ්ට් එක ළඟට ආවෙ ගෙදර යන්න හිතාගෙන. එතනදී මට ආයෙත් මුණගැහුණා කලින් වැඩපළේ මාගේ බොස්ව බොසුත් කලින් වැඩපළේ සගයින් කිහිපදෙනෙකුත් මමත් අපි හැමෝම ගිහිල්ලා හිටියේ අපිත් එක්කම වැඩකළ යාලුවෙක්ගේ නඩු තීන්දුවකට. මොනවා කරන්නද මිනිහා ජීවිතාන්තය දක්වා හිරේට නියම වුණා. දැන් තැවිලා වැඩක් නෑ මිනිහම කරගත්තු දේවල්නෙ. අනික මිනිහා ඔහොම හරි හැදුනොත් ලොකු දෙයක්. අපි කට්ටියම සෝපානෙ ඇතුලෙ කිටි කිටියෙ තදවුණා. ත්වරණයෙන් පටන් අරන් මන්දනයෙන් සෝපානෙ නතර වෙනකොට අපි හිටියෙ යටම තට්ටුවෙ.
"මල්ලී කොහොමද යන්නෙ? " බොස් ඇහුවේ ඉහෙන් කණින් පෙරෙන් දාඩිය ලේන්සුවකින් පිහදාන ගමන්.
"මෙතනින් ත්‍රී වීල් එකක ගිහින් බස් එකේ යනවා සර්"
"අයියෝ මොන ත්‍රී වීල්ද මගේ වෙහිකල් එකේ ගියෑකි"
"හා සර්"
නිකං යන්න තියෙද්දී ත්‍රී වීල් කාරයින්ට සල්ලි කඩන්නේ මොකටද? මමත් තවත් දෙදෙනෙකුත් බොස්ගේ පසුපස ඇදුනා. රථගාල මුලම තිබූ කාරය වෙත ගිය පිරිස කෝට්බෝට් ගලවා වාහනය තුළට එබුවේ ටී ටීක් ගා ඇරුනු දොරවල් වලින්. මම කෝට්බෑය ඇඟේම එල්ලාගෙන හිටියේ මගින් බැස යන බලාපොරොත්තුවෙන්.
"හරී මගින් බහිනවානෙ ඒක හින්දා ඔතනින් නගින්න" බොස්ගේ අණින් පසුපස ආසනේ වම් කෙළවර වාඩිවූ මම 'දඩස්' ගා දොර වසා ගත්තා.
"හපොයි තාම ඔය පුරුද්ද අත අරින්ඩ බැරිවුනාද? " මම හිනාවෙලා නිකන් හිටියා. බොස් සමඟ ගමන් යන්න වාහනේකට නැගලා දොරවහගනිද්දි හැමදාම 'හිමින්' කියලා කියනවා මට අද වගේ මතකයි. කොච්චර කිව්වත් වැඩපලෙන් අස්වෙනකන්ම ඔය පුරුද්ද නම් අතැරගන්න බැරිවුනා.
බොසුත් හිනාවෙලා සුක්කානම කරකවලා වාහනය පාර්ක් එකෙන් එළියට ගත්තා. ඒ ගමන් සිකුරුටිට අත වනා හිනා පොදක් දෙන්නත් අමතක කළේ නෑ.
වාහනය තරමක් වේගයෙන් ඉදිරියට ඇදුනා. මධ්‍යසාර තොළ ගෑ කිසිවෙක් නොසිටි නිසාමද හැමෝම වචනයක්වත් කතා කළේ නෑ. කාලෙකින් හම්බෙලා කතාකරගන්න ඕනෑ ටිකත් ඇතුලෙදි කතා කළානෙ. ඉදිරියේ වාහන පෝළිමක් තිබුන නිසා බොස් තරමක් පසුපසට වෙන්න රථය නැවැත්තුවා. නැවැත්තුව හිඩසින් ප්‍රයෝජන ගන්න හිතපු රෝද තුනේ මල්ලී කෙනෙක් ඇවිල්ලා ගැහුවෙ නැතෑ අස්සෙ.
"මුං හින්දා තමයි හැමතැනම බ්ලොක්. පොඩි ඉඩක් දකින්න නෑ. ගෙනල්ලා ඔබනවා. ඊටපස්සෙ ඌට යන්නත් නෑ අනික් වුන්ට යන්නත් නෑ."
"කීයක් ගත්තද හරී ටවුන් එකේ ඉඳලා මෙතෙන්ට"
"රුපියල් 100ක් ගත්තා"
වාහන පෝළිම නැතිව ගියා. තුන් රෝද මල්ලිත් කෙලින් කරගෙන යන්න ගියා. අපිත් ඉතින් ආවා. ආයෙත් සයිලන්ස් මූඩ්.
"මඟුල නම් හොඳට තිබ්බා නේද අයියේ?" යාන්තම් එකෙක්ගේ කටින් කතාවකට හෙඩිමක් වැටුනා. දැන් ඉතින් දිගටම යන්නයි තියෙන්නේ.
"ඔව් කියන්න වරදක් නෑ" බොස් එහෙම කියද්දී එතන හිටපු හැමෝම ඒක අනුමත කළා. සමහරු වචන වලින් මම ඔලුවෙන්.
"ඕගනයිසින්ග් නියමයි නැත්නම් ඔච්චර හොඳට කරන්න වෙන්නේ නෑ" ඉස්සරහ සීට් එකේ වමේ හිටපු එකාගේ අදහස.
"ඕක කියන්නත් දෙයක්ද බං උඹ හිතුවද දවසින් දෙකෙන් මඟුලක් කන්න පුලුවන් කියලා" අනිත් එවුන් ඌට කැපිල්ල දානවා. "අඩුම ගානෙ මාස තුනක්වත් ඕන" "මම හිතන්නෙ XXXයා මාස 6කටත් කලින් ඉඳන් ඕකට ලෑස්ති වුනේ." අරූට කට උත්තරත් නෑ. ඔය අතරෙ කට්ටියම බැලුවෙ බොස්ගේ මූණ දිහා. කාටවත් සෙකන්ඩ් නොවෙන්න මොකක් හරි ඇදබෑමේ දක්ෂතාව තියෙන මිනිහා මොකෝ නිස්සබ්ද කියලා බලන්න. එයා තනියම හිනා වෙවී කාර් එක එළවනවා.
අපිට ඉතින් අහන්න බෑනෙ මොකෝ හිනාවෙන්නෙ කියලා. ටික දුරක් එහෙමම ගිය බොස් කහඉරක් ළඟ වාහනය නවත්තලා වයසක සීයා කෙනෙකුට පාර පනින්න දීලා ශ්‍රී මුඛය විවෘත කළා. "මොකක්ද දැන් ප්‍රශ්නය?" එහෙම ඇහුවෙ කන් ඇසීමේ දුර්වලතාවයක් හින්දා නෙමේ කතාවට එන්ටර් වෙන්න පොටක් පාදගන්ට.
"නෑ XXX අයියෙ මේ මඟුල් ප්‍රශ්නයක්. වෙඩිං එකකට ලෑස්ති වෙන්න කොච්චර කල් ඕනද කියන එකයි දැං ප්‍රශ්නෙ " සීයා අමාරුවෙන් පාර මාරුවුණා. ආයෙත් රෝද හතර කැරකෙන්න ගත්තා.
"දැන් කාලෙ මනුස්සයෙක්ට පාර පනින්න ඉඩ දෙන්නේ කීයෙන් කී දෙනාද?"
"පොඩි වාහන කාරයෝ තමයි නවත්තන්නෙ නැත්තෙ ඒ අතින් ලොකු වාහන කාරයෝ නවත්තලා ඉඩ දෙනවා. "
"මම නම් ජීවිතේට දැකලා නෑ ත්‍රීවීල් කාරයෝ බස් කාරයෝ නම් ඉඩ දෙනවා"
"අපේ කැම්පස් එක ඉස්සරහා නම් ඕන වාහනයක් නවත්තනවා. අපි නම් පනින්නෙ බලන්නෙත් නැතුව. " ඒ කතාවට මගේ සම්මාදම.
"ඔව් ඉතින් යන්තම්වත් වැදිලා වාහනය පොඩි කරගන්නවට වැඩිය පරක්කුවෙන එක හොඳයි කියලා හිතෙනවා ඇති"
"මම නම් කියන්නෙ අඩුම ගානෙ මාස 3ක්වත් ඕනෙ." එකපාරම කිව්වෙ පාර පැනිල්ලට සම්බන්ධ නොවී ඉස්සරහ හිටපු එකා. ඌට තමයි ලොකුම උනන්දුව තිබ්බෙ කතාව ඇදගෙන යන්න. බොස් දිහා බැලුවෙ වැඩේ අනුමත කරගන්න වගේ. බොස් එක එකාගෙ මූණු බල හොක්... හොක්.. ගානවා මිසක් කතාවක් නෑ. ඒ හොක්.. හොක්.. හඬ හිනා සද්දෙකටත් වැඩියෙ උඹලා දන්න රෙද්ද වගේ හැඟීමක් තමයි අපිට දුන්නෙ. එක එකා ඉතින් පුලු පුලුවන් හැටියට උත්තර දුන්නා. ඔක්කොටම ඉතින් හොක් හොක් තමයි.
"මම නම් කියන්නෙ එක දවසක්වත් ඕනෙ නෑ " බොස් කිව්වෙ හෝන් ගහගෙන කෙලගෙන ආපු බස් එකකට ඉඩදෙන ගමන්.
"එක දවසක්වත් ඕනෙ නෑ තමයි පැනලා ගිහින් කොහෙන්හරි දෙන්නෙක් හොයන් රෙජිස්ටර් වෙන්න නම්. අපි කිව්වෙ එහෙම මඟුල් නෙමෙයි මල් වේල් දාලා බැඳලා අඩුම ගානෙ පොඩි පාටි එකක් හරි අරං කෙරෙන මඟුලක් ගැන"
"කවුද පැනලා යනවා කිව්වෙ මම කිව්වෙත් ඔය ජාතියෙ එකක් තමයි"
"එක දවසින්" එකෙකුගෙ කටත් ඇරිලා ඇස් දෙකත් එළියට ඇවිත් කැස්පාව දැක්ක සතෙකුගෙ වගේ.
"ඔව් එක දවසින් තමයි" බොස් කිව්වෙ තේජභරිත හඬකින්. "ඕනෑනම් උදාහරණ සහිතව පැහැදිලි කරන්නම්" ඒ වචන අපේ කණට මී පැණි වක්කරනවා වගේ උණා. අපිට තේරුණා බොස් මේ අර අඳින්නෙ කතාවකට තමයි. පොඩිකාලෙ "පුතාලා මම කතන්දරයක් කියන්න යන්නෙ" කියලා මිස් කෙනෙක් කිව්වම අපි පුටුවෙ හරිබරි ගැහිලා වාඩිවෙන්නෙ ඒ විදිහට අපිත් හරිබරිගැහිලා වාඩිවුණා. හිනාවෙන්න කට ලෑස්ති කොරගන්නත් එපායැ.
බොසුත් කතාව කියාගෙන යන්නත් ඕන නිසා වේගෙ පොඩ්ඩක් අඩුකළා. නිකන් පාරදිහා බලන් කිව්වට ගතියකුත් නෑනෙ. අහන් ඉන්න වුන්ගේ මූණදිහා බලබල උන්ගෙ මූණු වෙනස්වෙන හැටි බල බල කතාව කියනකොට තමයි කියන මිනිහට නියම ගතිය එන්නෙ. හයියෙන් යද්දී ගතිය ගන්න වෙන්නේ ළඟපාත ඉස්පිරිතාලෙකට ගිහිල්ලා. ඒක නිසා වේගෙ අඩු වුණා.
"මගේ මල්ලීගෙ යාලුවෙක්ගෙ වෙඩිමක් තිබ්බා... මීට අවුරුදු පහකට විතර කලින් මම හිතන්නෙ. ඒ යාලුවා එක්ක එච්චර කනෙක්ශන් එකක් මගේ තිබ්බෙ නෑ. ඒත් ඉතින් මිනිහා මගේ වෙඩින් එකට හරියට මහන්සි වුණා. ඕකෙදි ඇතිවෙච්ච ෆිට් එක උඩ තමයි මටත් මිනිහගෙ වෙඩින් එක කිව්වෙ. හැබැයි මට කියලා තිබ්බෙ හෝම්කමින් එකද කොහෙද "
වමට හරවන්න සිග්නල් ලයිට් දැමුණා. 'බස් එකේ යනවනම් මෙතනින් බහින්න ඕනා. රස කතාවක් පටන් ගත්තු එකේ ඔන්න ඔය දිගටම යනවා. කම්පැනියට ගිහින් පරණ එවුනුත් හම්බෙලා යන්න බැරියැ. බොස්ටත් මීටර් නෑ වගේ. කතාවක් කියන්න තියෙනවානම් වෙන මොකුත් ඕනෙ නෑනෙ.' මම හිමීට සද්දෙ වහලා හිටියා. මාව මෙතනින් හලලා ගියොත්.
වමට හැරිච්ච වාහනේ ආයෙත් යනවා ටිකක් වේගෙන්. "වෙඩින් එක දා මලයා උදෙන්ම ලෑස්තිවෙලා ගියා. මම වැඩට යන්න ලෑස්ති වේවී හිටියෙ. ඔන්න ටිකකින් කෝල් එකක් එනවා.
'අයියේ වැඩට යන්නද යන්නෙ පොඩි හදිස්සියක්'
මම ඇහුවා 'මොකෝ' කියලා.
'මාර සීන් එකනෙ අයියෙ මඟුල් කාර් එක ඇවිල්ලා නෑනෙ අයියට බැරිද කාර් එක අරන් එන්න'
මමත් ඉතින් මගේ මඟුලටත් ඉදවු කරපු එකානෙ කියල හිතලා කාර් එක අරන් පිටත් වුණා. මඟ දිගටම කෝල් එනවා ඉවරයක් නෑ. කොහෙද ඉන්නෙ අහලා. මම ඉතින් මේ ළඟ මේ ළඟ කියකිය ගියා. මොකද ඉගිල්ලෙන්නයැ"
"එතන්ට ගිහිල්ලා බැරිනම් මහ ජංජාලයයි කාර් එකත් නෑ බෙස්ට්මනුත් නෑ.. පේජ්බෝයිත් නෑ... බලද්දී බෙස්ට්මන් තමයි කාර් එක ගේන්න පොරොන්දු වෙලා තියෙන්නෙ මිනිහත් නෑ. පේජ්බෝයි මිනිහගෙ අක්කගෙ පුතාලු. පොඩි එකත් නෑ. මනමාලයගෙ අම්මා වෙස්කට් එකත් උස්සන් දුවනවා පොඩි එකෙක් හොයන්න "
"බෙස්ට්මන්ට මොකක්වෙලාද"
"එවලෙ දැනගෙන හිටියෙ නෑ මොකක්වෙලාද කියලා. ඒ කාලෙ ෆෝන් තිබ්බෙත් නෑනෙ හැමෝටම. පස්සෙ දැනගත්තෙ යාලු මනමාලයට නින්ද ගිහිල්ලලු. පේජ්බෝයි වගෙ කවුරුහරි අහුලලා දාගන්න තිබ්බා. කොහෙද එච්චරකල් මනමාලයගෙ ගෙදර තිබ්බ කෝට් එක මිනිහා අරන් ගිහින්නෙ රෑ ඇවිල්ලා. ඊටපස්සෙ අහුලගත්තු පේජ්බෝයි කොල්ලයි මනමාලයවයි දාගත්තු මම ඇරලා ගියා කන්තෝරුවට නැකත පනින්න කලින්"
"එතකොට මල් පොකුර දුන්නෙත් නැද්ද?"
"මොන මල් පොකුරුද අනික මල් පොකුර දෙන්නත් යාලු මනමාලයෙක් ඉන්න එපායැ. මනමාලිගෙ පැත්තෙ මිනිස්සු භයවෙලා මනමාලයා පරක්කුවෙනකොට පැනලා ගිහින් කියලා හිතලා. කොහොමහරි වෙලාවට කන්තෝරුවට ගියා අත්සන් කරන වැඩ එහෙමත් අවුලක් නැතුව කෙරුණා. මගේ මඟුල් ගෙයක් නොවුනත් මම ඉතින් මූණ පොඩ්ඩක් හංගන් හිටියෙ. වෙච්ච වැඩ වලට මූණ දෙන්න පුලුවන්ද? මනමාලිගේ පැත්තෙ මිනිස්සු හිතනවා ඇති මුං නම් පිස්සෝ ටිකක් කියලා. බැඳලා ඉවරවෙද්දී තමයි මටනම් තේරුනේ මනමාලයගේ පැත්තයි මනමාලිගෙ පැත්තයි ජාඩියට මූඩිය වගේ කියලා."
"ඒ මොකෝ අයියෙ "
"වඳින්න බලද්දි මනමාලිගෙ දෙමව්පියො නෑ. "
"ඒ මොකෝ"
"අද පොළ දවස වගේ නේද? පාරෙ සෑහෙන සෙනඟක් ඉන්නෙ" බොස් පාරපුරා ඇහැ යවමින් කිව්වා. "මේ වටේ පිටේ ගම් ඔක්කොගෙම කඩකාරයො එන්නෙ මේ පොළට තමයි. අඩුවට අරන් ගිහින් ගිනි කනවා. මෙහෙ බඩු ලාභයිලු. ඉස්සර අපෙ පැත්තෙ මිනිස්සුත් ආවා."
වාහනේ වේගය තවත් බාලවුනේ පාරෙ අවහිරකම් නිසාමයි. බොස් බොහොම කල්පනාවෙන් වාහනය එළවීම නිසා කතාවට පොඩ්ඩක් බාධා වුණා. "මම කොහෙද හිටියෙ? " වාහන ටිකක් අඩුවුනේ කතාව නැවත පටන් ගන්න වටපිටාව සකස් කරමින්. කතාවේ ඊළඟ ජවනිකාව පටන් ගනිද්දී ආයෙත් හරිබරි ගැහෙන්න අපි අමතක කළේ නෑ.
'පාරෙ' කියලා කියන්න කටට ආවත් "දෙමව්පියො වඳින තැන" අපි තැන මතක් කරා.
"මනමාලිගෙ අම්මත් නෑ තාත්තත් නෑ. ලොකු සහෝදරයො කිව්වා ගෙදර ගිහින් වඳිමුකො කියලා. ආරංචි කරලා බැලින්නම් මනමාලිගේ අම්මා බයිට් හදනවලු"
"එදා රෑ පාටිය මනමාලිගෙ පැත්තෙන්ද?"
"රෑට නම් බැරියැ එදා දවල්. බයිට් හදන්න බාරගත්තු මිනිස්සු ඒක කරලා නෑ. ඒක හින්දා බයිට් හදන්න මනමාලිගෙ අම්මා නතර වෙලා"
"තාත්තා??"
"තාත්තා බාර් ගානෙ යනවලු අරක්කු හොයන්න. ගේන්න බාර ගත්තු එකා මඟ ඇරලා එකම ජාතියෙන් හොයන්නත් ඕනනෙ."
"නියම මඟුලක්නෙ"
"තාම නියම වුනේ නෑ... ජෝඩුව බහින්න හදනකොටම මෙන්න අරූ කඩාපාත්වුණා."
"කවුද?"
"වෙන කවුද බෙස්මනා. ඌ සරසපු කාර් එකත් අරන් ආවා අස්සෙ ගහන්න. එතකොට මනමාලි නැඟලා ඉවරයි මගේ කාර් එකට. මූව දැකලා මට යකා නැග්ගා. මූ කියනවා ඒකෙ යංලු. සෙනඟ ගොඩේ බනින්නත් බෑනෙ මම කිව්වා. ' මල්ලී එහෙම කාර් මාරු කරන්න හොඳ නෑ. දැන් ආපු එක මේකෙම යයි. ඔයා පාර දන්න මිනිහනෙ ඉස්සරවෙලා යන්න' කියලා ඒ කාර් එක ඉස්සෙල්ලා යැවුවා. යන්න කිව්වම ඌත් යනවා ඇරලා. මම ටිකක් හිමින් පස්සෙන් ගියෙ"
"ඔය කොහෙද යන්නෙ සර්" මම ඇහුවෙ දැන් අපි යන තැන නෙමෙයි මනමාල ජෝඩුව පටවන් කොහෙද යන්නෙ කියලා.
"මනමාලිගෙ ගෙදර දවල් කෑමට. මනමාලිගෙ ගෙදරට කිට්ටු වුණා විතරයි මෙන්න බොලේ දඩ බඩ ගාලා වෙඩි පත්තු වෙනවා. කිටු වුණා කිව්වට ගෙදරට ටිකක් දුරින් හිටියෙ. සාමාන්‍යයෙන් වෙඩි ගහන්නෙ දොරකඩට ආවමනෙ. බැලින්නම් ගෙදර එවුන් යාලු මනමාලයව වෙඩි ගහලා පිළිඅරගෙන. ගෙදර ඉන්න එවුන් දන්නෙ නෑනෙ මනමාල ජෝඩුව එන්නෙ මොකේද කියලා. සරසපු කාර් එක එතන්ට එද්දිම උන් ගැහුවා වෙඩි"
අපි බඩවල් අල්ලන් හිනා. හිකි..හිකි..
"උනුත් මඤ්ඤං වෙලා සරසපු කාර් එකක් තියෙද්දි නිකන් කාර් එකකින් ජෝඩුව බහිනවා දැකලා. කොහොමහරි මනමාලිගෙ අම්මව වඳින්න අල්ලගන්න පුලුවන් උණා. තාත්තා තාම ඇවිත් නෑ."
"නියම මඟුලක්නෙ විශ්වාස කරන්නත් බෑ"
"කෝ හරී බහිනවා කිව්වා නේද? "
"කම්පැනියටම යං. කාලෙකින් ගියෙත් නෑනෙ"
"කාලෙකින් හම්බුණු නැති අයත් හම්බුනෑකිනෙ" බොස් කිව්වෙ කටකොනකින් හිනාවෙමින්.
"ටිකකින් ඔන්න තාත්තා එනවා ත්‍රී වීල් එකක. අරක්කුත් අරන්. කොහොමහරි කිසිම සූදානමක් නැතුව මඟුල කෙරුණා. මාස ගණන් ලෑස්ති වෙන්න දෙයක් තිබුණෙත් නෑනෙ. ජස්ට් ඉන් ටයිම් ඔක්කොම "
"ඒ වුනාට ඉතින් වැඩේ සවුත්තුයිනෙ" එහෙම කිව්වෙ කතාවට එකඟ නොවුනු එකෙක්.
"මොකක්ද සවුත්තුව. දැන් බලන්ඩකො මල්ලී යාලු මනමාලයෙක් හිටියෙ නැතත් උන් දෙන්නා බඳින්නෙ නැද්ද? පේජ්බොයි ගියේ කලින් ලෑස්ති කරපු එකාද? කාර් එක කලින් ලෑස්ති කරාද? ඔය මොකුත්ම නෑනෙ. ඒත් මඟුල වුනේ. බයිට් කලින් හදලා නෑ. උණු උණු බයිට් ලැබුණා. අරක්කු කලින් ගත්තු නැති හින්දා එකම ජාතියෙන් ගේන්න බැරිවුණා. ඒක හින්දා කැමති කැමති ජාති බොන්න පුලුවන් උණා. බලන්ඩකො මල්ලී අමතර වාසිත් තියෙනවා."
අපිට ඉතින් හිනාවෙන්න විතරයි ඉතුරුවෙලා තිබ්බෙ. "මඟුලෙන් පස්සේ දවසක මල්ලී තමයි නියම සීන් එක කිව්වෙ මම ඕක මතක් කර කර හිනාවෙනකොට. උන් දෙන්නා බඳින්න ඉඳලා තියෙන්නෙත් ඊට මාස දෙකකට විතර කලින්ලු. කාඩ් ගහලා බෙදලත් තිබිලා තියෙන්නෙ. මනමාලයා ටෝලර්කාරයෙක් "
"ඒ මොකෙක්ද?" මැද්දට පැන්නෙ ඉපදුනාට පස්සේ අතේ ඇඟිලි ගාණට වඩා පාරක් මූද දැකපු නැති එකෙක්. ඌ එහෙම අහන එක සාධාරණයිනෙ.
"ඒ කිව්වෙ මාලු කාරයෙක්. අර බහුදින ධීවර යාත්‍රා කියන්නෙ ඒකක වැඩ කරන එකෙක්. මේකට අමතක වෙලා වෙඩින් එක .මූ ඒකක නැගලා මූදු ගිහින්."
"ඒකානම් අදහන්න වටින බඩුවක් "
"ඔව්වා ගොඩට එන්නෙ මාසෙකට දෙකකට සැරයක්නෙ. හැතැම්ම සියගාණක් ගිය එකක් මූ හින්දා හරවගෙන එන්නේ නෑනෙ. ඉතින් මනමාලයට මඟුලට එන්න වෙලා නෑ."
කම්පැනියට හැරෙන වංගුවට තව ටිකයි. මගේ දිව අගට ප්‍රශ්නයක් ආවා. ඒත් අහන්න ලැබුනේ නෑ. වෙන එකෙක් ඇහුවා මට කලින්.
"තාම දෙන්නා එක වහලක් යට ඉන්නවාද? "
"අපොයි ඔව්. ඔය ඉන්නෙ අපූරුවට.... ඔය කේන්දර බැලිලි. අවුරුදු ගණන් කලින් ලෑස්ති වෙන එව්වා බොරු වැඩ මල්ලී. නැද්ද මං අහන්නෙ?"
මුළු කතාවම ඇහැව්වත් ඒකට අනිත් උන් දුන්නු උත්තරේ අහගන්න ලැබුනේ නෑ. "මාව ඔතන හංදියෙන් දාන්න සර්"
"ඇයි හරී එහෙ යනවා කිව්වා නේද?"
"පස්සෙ දවසක එන්නම් සර්. හැන්දෑවට ගමනක් යන්න තියෙනවා. මම යනවා ඔන්න ඔක්කොටම කිව්වා"
වාහනය නතර වුණා.මම දොර ඇරගෙන බැස්සා. "හිමින් හිමින්" ඇතුලෙන් එන සද්දෙ නිසා හයියෙන් වහන්න ගිය දොර හිමීට තල්ලු කරන්න වුනේ.
'අන්න බස් එකක්'
--------------------------------------------------------------------------------------------------------------ප.ලි. : අද පලිය වෙන්වෙන්නේ කලින් ලිපියේ මම ඇසූ පූර්ව ප්‍රචාරණ ප්‍රශ්නයට උත්තර දුන්නු පාඨකයන්ට. ඒ ප්‍රශ්නයේ උත්තර වලට හොක්..හොක්.. ගාන්නේ නැතිව තෑග්ගක් දෙන්නයි ලෑස්තිය. තෑග්ග තමයි උත්තර දීපු අය ලියපු බ්ලොග් එකේ ඒගොල්ලෝ කැමතිම හා එයාලා අතින් ලියැවුණු හොඳම ලිපියට ලින්ක් එකක් දීම.
එයාලාගෙ බ්ලොග් බලන්න එන අය වැඩී මගෙ එකට වඩා. ඒත් එයාලා කැමතිම ලිපිය බලන්න වෙන්නේ මෙතනින් පමණයි.
@ පිණිබිඳු... : අක්කාට නම් මේ ගැන ළඟදී ලබාපු අත්දැකීම් ඇතිනෙ.
@මධුරංග : සහෝ පාර අහගත්තත් කරන්න දෙයක් නෑ. මම ඉතින් ගහක තමයි.
@nikki : උත්තරේට ස්තුතියි!
@සයුරි :මගේ පෝස්ට් එකේ හැටියට ගැළපෙන උත්තරේ මේක.
@ගැමියාගේ පත් ඉරුව : ළඟින් යන උත්තරයක්! පොඩි එකෙක්ලුනෙ තාම :)
ප්‍රශ්නයට දීපු උත්තර වලටත් හොඳම හා කැමතිම ලිපිය තෝරා දුන්නාටත් ඕගොල්ලෝ ඔක්කොටම ස්තුතියි!
ප.ප.ලි: සමාවෙන්න ඕනා. මේ කතාව නිසා කොටි කතාවට පොඩි බාධාවක් වුණා. කලින් ලිපි දෙක කියෙව්වේ නැත්නම් පහළ සැබැඳි වලින් යන්න. හැබැයි පරිස්සමින් මම කොටියෙක් කියලා හිතෙන්න පුලුවන්. දිගටම පෞද්ගලික අත්දැකීම් කියපු නිසා අනිත් එව්වා කියවන්න එන අය තරහා වෙලාද මන්දා.
ඇත්ත කතාව මගුලක් ගන්ට ඔය හැටි කල් මාන්සි වෙන්ට ඒන නැහැ..දැන් බලන්ටකෝ මල ගෙවල් ගන්නේ ඔය සතියක් ඇතුලත ටිප් ටොප් එකට...අව උනත් එව්වත් මගුල්නේ.. අනික මැරෙනවා කියන එක බදිනවා තරං ලේසිද..
ReplyDeleteමාරයියා මගේ බ්ලොගය පැත්තේ ආවමද කොහෙද?..සාදරයෙන් පිළිගන්නවා...
Deleteඒක නම් ඇත්ත මැරිලා දවසින් දෙකෙන් ඔක්කොම ඉවර කරන්නේ..මඟුලක් එහෙම කරන්න බැරි මක්කෙයි..ශිහාන් අයියත් ඔය අපූරුවට මඟුලක් ගත්තෙ...
"අනික මැරෙනවා කියන එක බදිනවා තරං ලේසිද.."
මේකට නම් එකඟ වෙන්න බෑ අයියා.. මැරෙන එක ලේසියි එක පාර මැරුණා එච්චරයි..බඳින එක එහෙමද බැන්දට පස්සෙ කීපාරක් මැරි මැරී උපදින්න වෙයිද? :)
අයෙත් මේ පැත්තෙ එයි කියලා හිතනවා..
සිරාවටම අඩේ මගේ කට ඇරිලා දිව රෝල්වෙලා කී බෝඩ් එකට වැටෙනවා තව පොඩ්ඩෙන් පිස්සුම හැදෙනවා අයියේ ඊයේ මගේ උපන්දිනේ ඒකට දුන්නු තෑග්ග කියලා මේක බාරගන්නම් හොඳේ.....බොහෝම ස්තූතියි කොයි ලෝකෙන්ද දෙයියනේ මගේ fb account එක හොයාගත්තේ???....පට්ට තකාව අයියේ එල ඈ
ReplyDeleteහි..හි.. ඒ මොකෝ මල්ලියෙ..?
Delete"කොයි ලෝකෙන්ද දෙයියනේ මගේ fb account එක හොයාගත්තේ???"
සරලොක් හෝම්ස් බුද්ධිය තමයි..හැබැයි ඉතින් ඕක හොයාගන්න එක පිණිබිඳු අක්කව, මන්තරකාරිව, මාරයියගෙ ෆ්‍රිජ් එක, නඳුන් උයනෙ අයියව හොයාගන්න එක තරම් අමාරු වුනේ නෑ..
බොරු බං..පොඩි දෙයයි කළේ.. වම් මොළෙන් හිතලා ඒ ටික මෙහෙම පැත්තකට ගත්තා..දකුණු මොළෙන් හිතලා ඒ ටික තව පැත්තකට ගත්තා..ඊට පස්සෙ ඒ දෙක මෙන්න මෙහෙම මෙව්වා කළාම උත්තරේ ආවා.. :D
18වෙනි උපන් දිනයට උණුසුම් සුභ පැතුම් මල්ලියෙ..ස්තුතියි!
මේක මාර මගුල් කෑමක් නේ !! හික්ස් :)
ReplyDeleteඅර කිව්වත් වගේ දවසිනුත් වෙඩින් ගත්තෑකිනේ.
තෑග්ගට බොහොම ස්තුතියි !
මාරද කියලත් අහනවා මාර ඩබල්..
Deleteසන්තෝසයි තෑග්ගක් දෙන්න ලැබීම ගැන..
අන්න මඟුල්.... හැබැයි මම දන්නම යාලුවෙක් එයාගේ මංගල්ලේ ගත්තේ සුමාන 2ක ලක ලැහැස්තියකින්. මට යන්න බැරි උනත් ලස්සනට වෙඩිම තිබුනා. සමහර දේවල් ඉතින් අපි විහින් දිග් ගස්සගන්නවනේ....
ReplyDeleteමම හිතන්නෙ මනමාලියන්ට තමයි ඉතින් වෙඩිම ලොකුකරගැනීමේ වැඩිම උවමනාවක් තියෙන්නෙ.. :)
Deleteවෙඩිමකින් පෝසත් වෙන්නෙ වෙලෙන්ඳො තමයි..
අපූරු තෑග්ගක්. බොහොම ස්තුතියි. ඒනිසා තවත් ලස්සන බ්ලොග් පෝස්ට් කීපයක් කියවන්න ලැබුනා.
ReplyDeleteඅරක මාර වෙඩින් එකක්නේ.
බොහොම සංතෝසයි...මම දැක්කා එව්වල කමෙන්ට් එහෙමත් දාලා තියෙනවා..
Deleteඅයියෝ හරී.. මට උඹේ මම දුටු කොටි 2 මිස්වෙලානේ.. එහෙම කොහොමද උනෙ ? බ්ලොග් රෝල් වල අප්ඩෙට් උන්නැද්ද ? ඒක හිමීට කියවන්ඩ ඕනා..
ReplyDeleteමේ කතාවනම් මරු.. ඔක්කොවන්ටම වැඩිය ලේඛන ශයිලිය විශිෂ්ඨයි..
මොකක් හරි අප්ඩේට් වීමේ ප්‍රශ්නයක් තිබුණා තමයි..මම දැක්කෙ හද්ද පරණ පෝස්ට් එකකට ලින්ක් එකක් තියෙනවා..දෙතුන් පාරක් මෙක පබ්ලිශ් කළත් හරි ගියේ නෑ..බැරිම තැන අතඇරලා දැම්මා..කියවලා ප්‍රතිචාරයක් දෙන්නකො..
Deleteමට මේ හිතාගන්න බැරුව ඉන්නෙ ඒකෙම 3 ලියනවද? සම්භාව්‍ය පවෙනි මණ්ඩලේ එකකට ඊළඟට යනවද කියලා..
ස්තුතියි! මේ ශෛලිය කලින් අනිත් බ්ලොග්වල මම දැකලා තියෙන එකක්..
එතකොට මමනම් කරන්නේ, තව පෝස්ට් එකක් දානවා අරකට ලින්ක් එක දාලා.. මගේ අන්තිම පෝස්ට් එකටත් ඒ ගොඩවෙදකමම තමයි කරලා තියෙන්නේ...
Deleteනියම වෙඩිම...පට්ට.....:D
ReplyDeleteපට්ටදත් කියලා අහනවා පට්ට පට පට..
Deleteඒකත් ජය සිරි මංගලම් එහෙනම් ඇ! මෙන්න මගුල්!දැන් කාලේ උන් මගුල් ගන්නය කියලා මගුල් නටනවනේ!
ReplyDeleteමගේ පලමු පැමිනීමද කොහෙද! කොහොම මඟ ඇරුනද මංද බ්ලොග් එක!
Deleteසිංහල බ්ලොග් අවකාසෙ බ්ලොග් 2000ක් විතර තියෙන එකේ මඟඇරෙන එක පුදුමයක් නෙමෙයි සහෝ..
Deleteසාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.. ආයෙත් එන්නකො මේ පැත්තෙ..
හොඳම කතාව තමයි මනමාලයා ට්‍රෝලර් එකේ ගියපු කතාව..හි හි..ලියල තියන විදියනම් නියමයි...තෑග්ග ට බොහොම ස්තුතියි :))
ReplyDeleteමමත් ආසයි ට්‍රොලර් එකක ගිහිල්ලා බලන්න..ඒත් එක හේතුවක් කාලෙ නෑ..අනික ඉතින් ගෙදරින් යන්න දේවියැ.. මාලු වැඩිපුර අහුවුනොත් උස්සලා මූදට දායිලු..
Deleteසංතෝසයි තෑග්ගක් දෙන්න ලැබිච්ච එකට..
අපූරු මනමාලයයි මනමාලියි..ජාඩියට මූඩිය වගේ..
ReplyDeleteඒකනෙ..දෙන්න හොඳට ගැළපෙනවනම් ඉතින් මඟුල මොන විදිහට උනත් කමක් නෑ..ගැළපෙන්නෙ නැත්නම් රාජකීය මඟුලක් වුනත් වැඩක් නෑ..
Deleteමට දැනෙන සංතෝසෙ... අදම මේ මොහොතෙම මේ ලින්ක් එක යවනව වෙන්න බාරිට. මොකට පස් මහ බැලුම් බලන්නද මඟුල් කරන්න... කාලෙකින් කියවපු සුපිරි ලිපියක්. මූනු පොතේ ශෙයා පාරකුත් දානවා.
ReplyDeleteහපොයි..බාරි දායි ගෝරියක්...කාන්තා පාර්ශවේනෙ වැඩිපුරම අනික් උන්ව පෝසත් කරන්න කැමති..
Deleteස්තුතියි! ස්තුතියි!.. එහෙම තමයි හොඳ ළමයි ඉන්න ඕනා යමක් දැනගත්තම අනික අයටත් දන්වන්න ඕනා..
මඟුල නම් කලා කියමුකො... ඔච්චර මරාල ගොඩක් එක වෙඩිමකට වැටුනෙ ප්ලෑන් කරලද බන් ;) වැඩ බාර අරන් හිටපු උන් ඔක්කොම මිසින් වෙන්න තරමටම...
ReplyDeleteඑව්වා මම දන්නෙ නෑ අයියා බොස් තමයි දන්නෙ.. :)
Deleteඑක අතකට ඕකට ඔච්චර මරාල ගොඩක් නොවැටුනා නම් අපි මෙහෙම ඕක ගැන කියවයිද?
මමත් ඔය වගේ කෙටි කාලීන ප්ලෑනක් ගහල තමයි බැන්දෙ
ReplyDeleteඔය තියෙන්නෙ තව උදාහරණ..
Deleteඅපෙත් ඔය වැඩි අනං මනං තිබ්බෙ නෑ. ඔන්න ඔහෙ බැඳලා දැම්ම දෙන්නටම පඩි හම්බ වුනාම. ඕනයාට් ඔය කියලා තියෙන්නෙ.
ReplyDeletehenryblogwalker the Dude
ඔව් අයියෙ අනම් මනම් වලින් පෝසත් වෙන්නෙ රටේ ලෝකෙ මිනිස්සු..මම අහලා තියනවා සමහරු ළමයි හම්බුනාට පස්සෙත් මඟුලට වෙච්චි ණය ගෙවනවා..
Deleteපට්ට කතාව හැමදේම වෙන්නේ හොඳටයි වගේ. නියම කතාව
ReplyDeleteඒකනෙ..කොහොම බැන්ඳත් බැන්ඳානෙ..
Deleteමේක මරු
ReplyDeleteකොයිතරං සූදානං වුණත් ඒ වෙලාවෙ වැඩේ කෙලවෙන්න ඉඩ තියෙනව නේද? ඒ අතින් කිසිම සූදානමක් නැතිව වුණත් නියමෙට යන වෙඩිමුත් තියෙනවනේ... ලොක්ක දීපු උදාහරණෙනං පට්ට. අපිත් කාර් එකේ යන ගමන් කතාව ඇහුවා වගේ... අර පොළක් ගැන කිව්වෙ දෙල්කඳ පොළද මන්දා... :-)
ReplyDeleteඅනේ මංද? මේක තව කෙනෙක්ට කියන්නම්. කිව්වට අහයිද දන්නේ නෑනොවැ.
ReplyDeleteකොහොම මඟ ඇරුනද මංද බ්ලොග් එක!
@ Charmi,
ReplyDeleteස්තුතියි!
@ hare :-),
ඒක ඇත්ත.. ඒත් වෙන්න පුලුවන් දේවලුත් හිතුවානම් ගොඩදාගන්න පුලුවන්..
"අපිත් කාර් එකේ යන ගමන් කතාව ඇහුවා වගේ." එහෙම හිතුනා නම් සතුටුයි.. මටත් ඕනෙ උනේ කියවන අයට ඒ වගේ හැඟීමක් ඇතිකරන්න..
දෙල්කඳ පොළෙන් ගෙනා හොඳ කිරි අලුවා.. මොකෝ දෙල්කඳද කියලා ඇහුවෙ?
මේ පැත්තෙ ඇවිල්ලා වගේ..
ReplyDelete