2.03.2013

ශිෂ්‍යභටයා

ශිෂ්‍යභටයෙක් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නෑනෙ. හැමෝම දන්න කාරණාවක්නෙ. ඉස්කෝලෙ පිට්ටනියෙ උදේ ඉඳන් මහා දවාල් ගිනි අව්වෙත් 'ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් රයිට්' කිය කිය එහාටත් මෙහාටත් ගිය ශිෂ්‍යභටයින්ව නොදන්නේ කවුද? ඒ වගේම ජීවිතේ යම් කාලයකදී ශිෂ්‍යභටයෙක්ව හිටපු අයත් මේ ලිපිය කියවන්නෙ නැතෑ. ඒ අයත් තම තමුන්ගෙ කතන්දර දිග අරිවී යැයි හිතනවා. ඒ වගේම මම මෙතන කියන්නේ මම ශිෂ්‍යභටයෙක් වෙලා හිටපු කාලෙ විස්තර හින්දා පස්සෙ ශිෂ්‍යභටයින් වෙච්ච නංගිලා මල්ලිලාත් ඉස්සෙල්ලා ශිෂ්‍යභටයන් වෙච්ච අයියලා අක්කලාත් මා කියන විස්තර මගේ කාලයට අදාළ ඒවා බව සිතට ගනිත්වා. (නැත්නම් කියයි මූ බොරු කියනවා කියලා)
 
"ශිෂ්‍යභටයන් තුළ චරිතවත් බව, චිත්ත ධෛර්‍යය, ක්‍රීඩාශීලී බව, ආත්ම විශ්වාසය, ස්වයං විනය, ප්‍රජා හැඟීම්, වික්‍රමාන්විත හැඟීම්, වගකීම් දැරීම, සුහදශීලී බව යන ගුණාංග වර්ධනය කර යහපත් වැඩදායී පුරවැසියන් බිහිකිරීම සහ ජාතියේ සේවය සඳහා යෙදවිය හැකි ඕනෑම ජීවන පැවැත්මකට නායකත්වය දියහැකි පුහුණු, දිරිගන්වන ලද යෞවන මානව සම්පතක් ගොඩනැංවීම ජාතික ශිෂ්‍යභට බලකායේ අරමුණ වේ." ඔය අරමුණින් තමයි ජාතික ශිෂ්‍යභට බලකාය ඇතිවෙලා තියෙන්නෙ. ඒ 1881 රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙදි. හැබැයි මුලින් ආරම්භ වුනේ වෙන නමකින් කියලත් මතක තියාගන්න පහුකාලීනව තමයි ඔය ශිෂ්‍යභට කියන නම ලැබුනෙ. එතනින් එහා නම් ඉතිහාසය ගැන කියන්න බලාපොරොත්තුවක් නෑ.

බලඇණි බෙදීයාම
මුලින්ම අපි බලමුකො ශිෂ්‍යභට බලකායේ පාලන ව්‍යූහය. ශිෂ්‍යභට බලකාය අනුයුක්තව වෙලා තියෙන්නෙ ජාතික ආරක්ෂක අමාත්‍යංශයට. එයින් පත්වන උසස් හමුදා නිලධාරීයෙක් බලකායේ අධ්‍යක්ෂක විදිහට පත්වෙනවා. ඊළඟ කාරණාව තමයි ප්‍රාදේශීය වශයෙන් බලකාය බල ඇණි වලට බෙදා තිබීම. මම ඉන්න කාලෙ තිබ්බෙ බලඇණි 14ක් වුවත් මේ වෙනවිට එය 22දක්වා වර්ධනය වෙලා තියෙන බව සිතියමෙන් පේනවනෙ. ඊළඟට ඒ සෑම බලඇණියකටම අණදෙන නිලධාරීවරයෙක් ඉන්නවා. ඔහු යටතේ සේවය සඳහා සුදුසුකම්ලත් පාසල් ගුරුවරුන් මෙන්ම යුධ හමුදාවෙන් අනුයුක්ත කළ නිලධාරීන්ද සිටිනවා. ඊළඟට නිලධාරීන් ලෙස තෝරාගත් පාසල් ශිෂ්‍යභටයින් ඉන්නවා. ඊටත් පස්සෙ තමයි සාමාන්‍ය ශිෂ්‍යභටයින් ඉන්නෙ.

අර කලින් කිව්ව විදිහට ශිෂ්‍යභටයින් තුළ ගුණාංග ඇති කරන්න  ශිෂ්‍යභට බලකාය මොනවද කරන්නෙ?  අපි බලමු.  මූලිකවම වෙන්නෙ විවිධ ක්‍රියාකාරකම් වලට ශිෂ්‍යභටයින්ව යොමුකරවීම. අපි බලමු මේ ක්‍රියාකාරකම් මොනවද කියලා. ප්‍රධානම දේ තමයි ශිෂ්‍ය භටයින්ගේ වාර්ෂික ඇගයීම් කඳවුරු පැවැත්වීම. ඇගයීමක් කරනකොටනෙ කෙනෙක් වර්ධනය වෙන්නෙ. ඒක නිකන් විභාගයක් පාස් වෙන්න ඕනෙ නිසා පාඩම් කරනකොට දැනුම වර්ධනය වෙනවා වගේ වැඩක්. හුඟාක් ශිෂ්‍යභටයොත් ශිෂ්‍යභට බලකාය කිව්වාම හිතන් ඉන්නෙත් මේ ටිකම තමා. ඊට අමතරව වාර්ෂිකව පැවැත්වෙන ක්‍රීඩා උත්සව, ශ්‍රමදාන, ප්‍රජා සත්කාර, ආචාර පෙළපාලි ආදියත් ශිෂ්‍යභට ක්‍රියාකාරකම් වලට එකතු කරන්න පුළුවන්. ඇගයීම් කඳවුරු හැර අනික් ක්‍රියාකාරකම් ජාතික මට්ටමින් හෝ බලඇණි මට්ටමින් හෝ පාසල් මට්ටමින් සංවිධානය වෙන්ඩ පුළුවන්.

අනිත් ඔක්කොම ක්‍රියාකාරකම් පැත්තකින් තියලා අපි ශිෂ්‍යභට ඇගයීම කඳවුරු ගැන කතා කරමුකො. මොකද අනික් එක එක ක්‍රියාකාරකම් බල ඇණියෙන් ඇණියටත් විදුහලෙන් විදුහලටත් වෙනස් වෙන නිසා පොදුවේ කතාකරන්න බෑනෙ. ශිෂ්‍යභටයින්ව වාර්ෂිකව ඇගයීම සිදුවෙන්නෙ බාලක, බාලිකා හා තූර්‍යවාදන යන අංශ තුනක් යටතේ. වාර්ෂික ඇගයීම අවසානයේ හොඳම ශිෂ්‍යභට බාලක ඛණ්ඩයට 'හර්මන් ලෝස් කුසලානය'ත් හොඳම ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩයට 'ද සොයිසා කුසලානය'ත් දක්ෂතම ශිෂ්‍යභට තූර්‍යයවාදක ඛණ්ඩයට ඊට අදාළ සම්මානයත් හිමිවෙනවා.

ඛණ්ඩය? අලුත් වචනයක් නේද? ඛණ්ඩයක් කියන්නෙ අවම වශයෙන් ශිෂ්‍යභටයින් විසිපස්දෙනෙකුගේ එකමුතුවක්. විදුහලක් නියෝජනය කරන්නෙ ශිෂ්‍යභට ඛණ්ඩයක්.  මේ ඛණ්ඩය ඇතුලෙ කොමිශන් නොලත් නිලධාරීන් වශයෙන් 7දෙනෙක් සිටින අතර ඉතිරි 18දෙනාම සාමාන්‍ය ශිෂ්‍යභටයන්. නිලධාරීන් වන්නේ ඛණ්ඩයේ ප්‍රධානියාවූ සැරයනුත්, ඊට පහළ ජ්‍යෙෂ්ඨ කෝප්‍රලුත්, ඉතිරි කෝප්‍රල්ලා දෙදෙනාත් ඊට පහළ ලාන්ස් කෝප්‍රල්ලා තිදෙනාත් පමණයි. මීට ඉහළ නිලයන්ට යන ශිෂ්‍යභටයින් විදුහල නියෝජනය කිරීමකින් තොරව අදාළ බලඇණිය නියෝජනය කරනවා. ඔවුන් හැඳින්වෙන්නෙ ජ්‍යෙෂ්ඨ කොමිශන් නොලත් නිලධාරීන් විදිහට. අපි යන කාලෙ CQ, CSM, RQ, RSM විදිහටයි මේ ගොල්ලන්ව හැඳින්වූවෙ. දැන් නම් නිලතල පොඩ්ඩක් වෙනස්ලු. ඒවගේම ආමි, නේවි, එයාර්ෆෝස්, පොලිස් විදිහටත් බෙදිලා කියන්නෙ. අනේ ඔව්වා නම් මම දන්නෙ නෑ. දන්නෙ නංගියෙක් මල්ලියෙක් කියන්නකො.

වාර්ෂික ඇගයීම කෙරෙන ආකාරය මෙහෙමයි. කොටස් වලට කඩලා විස්තර කෙරුවොත් ලේසියි වගේ.
1. පුහුණු කාලය
2. වාර්ෂික ඇගයීම් කඳවුර
3. හර්මන්ලොස්/ ද සොයිසා කඳවුර

1. පුහුණු කාලය

වාර්ෂිකව පැවැත්වෙන හර්මන්ලෝස් කඳවුරෙන් ජයග්‍රාහී ඛණ්ඩයක් තේරුනාට පස්සෙ තමයි ඊළඟ අවුරුද්දෙ  රාජකාරී ඇරඹෙන්නෙ. ශිෂ්‍යභට බලකාය, මූලික වශයෙන් සෑම ඛණ්ඩයකින්ම ඊළඟ වසරේ සැරයන් තනතුර ලබාගැනීමට සුදුසු දෙදෙනෙක් කැඳවලා ඔවුන් සියල්ලම කඳවුරු ගත කරලා උපදෙස් දෙනු ලබනවා. ලබන වසරේදී ඇගයීම් කෙරෙන ආකාරය මෙන්ම ශිෂ්‍යභටය්න් පුහුණු කළයුත්තේ කෙසේද ඔවුන් ඉගැන්විය යුත්තේ මොනවාද ආදී වශයෙන් උපදෙස් ලැබෙනවා. මේ කඳවුර හැඳින්වෙන්නෙ කොනොනි (කොමිෂන් නොලත් නිලධාරී, NCO) කඳවුර නමින්. ඉතින් මේ ශිෂ්‍යභටයො දෙන්නා ආයෙත් විදුහලට එන්නෙ ඊළඟ අවුරුද්දෙ හර්මන්ලොස් කුසලාන තම විදුහලේ ඛණ්ඩයට ලබාගන්නා බලාපොරොත්තුවෙන්.

ඔවුන් කොනොනි කඳවුරේදි ලබාගත් දැනුමත්, ඊටපෙර වසර ගණනක ශිෂ්‍යභට අත්දැකීමුත්, විදුහලේ ඛණ්ඩභාර ආචාර්‍යයවරයාගේ මඟපෙන්වීමත් ඇතිව  තම සහෝදර ශිෂ්‍යභටයින්ව පුහුණුකිරීම අරඹනවා. ශිෂ්‍යභට පුහුණු කිරීමක් දැකලා ඇතිනෙ. 'ඛණ්ඩයප්... පහසුවෙන් සිටින්' 'ඛණ්ඩයප්... සීරුවෙන් සිටින්' 'ඛණ්ඩයප්.... තුන්පෙළින් දකුණ බලා දකුණටප්... හැරෙන්'  'ඛණ්ඩයප්..... වමින් පෙළ ගමනේප්... යා'

දේශන පැවැත්වීම
නොදන්නා බොහෝදෙනා ශිෂ්‍යභටයෙක් කියන්නෙ අවි සරඹ, පා සරඹ පමණක් දන්නා සිසුවෙක් කියා හිතුවාට, ඊටත් එහා දැනුම් සම්භාරයක් ශිෂ්‍යභටයින්ට ලැබෙනවා. යුධ හමුදාවේදී භාවිතයට ගන්නා භූමි උපක්‍රම හා ගිනි අවි පුහුණුව, ප්‍රථමාධාර, ගිනි නිවීම, රටේ සිවිල් නීතිය, පොලිස් රාජකාරි, රෙජිමේන්තු රාජකාරි, සිතියම් කියවීම, ශිෂ්‍යභට ඉතිහාසය, පරිසරය ආදී පුද්ගලයෙක් දැනසිටිය යුතු බොහෝදේවල් ශිෂ්‍යභටයින්ට ඉගැන්වෙනවා. මීට අමතරව නායකත්ව පුහුණු පාඨමාලාද පැවැත්වෙනවා.

මේ සියලුම පුහුණුවීම් සඳහා නිලධාරීන්ද අදාළ බලඇණියෙන් අනුයුක්ත කරලා තියෙනවා.  ඔවුන්ගේ සහයත් ලබාගන්ඩ පුළුවන්. ඒ වගේම එක්දින දෙදින කෙටි පුහුණු කඳවුරුවලින් අමතර අත්දැකීම් එකතුකරගැනීමේ අවස්ථාවක්ද ශිෂ්‍යභටයින්ට ලැබෙනවා. ඒ වගේම මේ පුහුණුකාලය තුළදී ප්‍රජා සත්කාර සේවාවල යෙදීමත් ශිෂ්‍යභටයින්ට අනිවාර්‍යයි. 

මෙතනින් ඇතුළුවීමේ බලාපොරොත්තුවෙන්
පුහුණුවීම් කෙරීගෙන යන අතර තුර තේරීම් කඳවුරට දින නියමවීමත් එක්කම ශිෂ්‍යභටයින්ට උදාවෙන්නෙ ඉතාමත් වැඩ අධික කාලයක්. මොකද තේරීම් කඳවුරෙන් එළියට විසි උනොත් මෙතෙක් කල් හිතේ මෝදු වෙවී තිබ්බ බලාපොරොත්තු ඔක්කොම වතුරෙ යනවා. හැබැයි තේරීම් කඳවුරකින් තේරෙනවා කියන එක ඒ හැටි අමාරු දේකුත් නෙවෙයි. මොකද එක බලඇණියකින් පාසල් විසිපහකට විතර අවස්ථාව ලැබෙනවානෙ.
ශාරීරික අභ්‍යාස, සරඹ වගේම මම කලින් කියපු අනෙකුත් දේවල් කෙරෙහිත් දක්වන හැකියාවලට ලැබෙන ලකුණු මත තමයි ඊළඟ කඳවුරට යාමට සුදුසුකම් ලබනවාද නැද්ද යන්න තීරණය වෙන්නෙ. තේරීම් කඳවුරකදී සෙසු ශිෂ්‍යභටයින්ට ගිරවාගෙන් ගොඩ යා හැකි වුවත් බොහෝ වෙලාවට සැරයන්ගේ තත්වය ටිකක් බරපතලයි. ඔහුට සිදුවෙනවා යම් උපකල්පිත සිද්ධියකදී ඔහුගේ තීරණගැනීමේ හැකියාව පෙන්වන්න. කොටින්ම කිව්වොත් දැනුම කටපාඩමින් කියනවාට වඩා ප්‍රායෝගිකව යොදන හැටි පෙන්වන්න.

හරි දැන් ඔන්න අපි තේරීම කඳවුරෙන් පැනගත්තා කියමුකො. දැන් අපි ලෑස්ති වෙන්නෙ 'කෑම්ප්' යන්න හෙවත් වාර්ෂික ඇගයීම් කඳවුරට යන්න.

2. වාර්ෂික ඇගයීම් කඳවුර

ශිෂ්‍යභටයින්ගේ පිටත්වීම (ට්‍රන්ක පෙට්ටි පේනවනෙ)
වාර්ෂික තේරීම් කඳවුරකට සහභාගි වෙනවා කියන්නෙ  ශිෂ්‍යභටයෙකුගේ සිහිනය බාගෙට සැබෑවීමක්. පාසල නියෝජනය කිරීමට කඳවුරට යන්ඩ වරම් ලැබිච්ච ශිෂ්‍යභටයො 25දෙනා අවශ්‍ය බඩුමුට්ටු පුරවාගත්තු ට්‍රන්කපෙට්ටිත් උස්සගෙන බලන් ඉන්නෙ තමුන්ට අදාළ බස් රථය එනකන්.  බස් එක හතට කිව්වට පිටත් වෙද්දි අඩුමගානෙ දහයවත් වෙනවා. ට්‍රන්කපෙට්ටි ඔසවගෙන යාම නම් ඒකාලයේ ඉඳන් පැවතීගෙන එන සම්ප්‍රදායක්. දැන් ශිෂ්‍යභට ඛණ්ඩ මෝස්තරයටත් මේක කරනවා.

කඳවුර ළඟ බව කියන ගෝනා
ටයි කෝට් ගහලා බස් එකටත් නැග්ගා කියමුකො.  දැන් ඉතින් පැය ගාණක් යන එකම තමයි තියෙන්නෙ. රන්දෙණිගලට යන්නත් ඕනනෙ. මේ ගමන නම් එපා වෙන්නෙ නෑ. බොහෝම ආසයි. දහ අට වංගුවේ කඳු අතර බස් අද්දන්නෙ නැතිව බඩ ගාපු හැටි තාම මතකයි. බස් එක සින්දු වලින් කුල්මත් වෙද්දි වටේ පිටේ පරිසරයත් ඇතිකරන්නෙ හරිම අමුතු හැඟීමක්.

හැන්දෑයාමෙ ඒ කිව්වෙ තුන විතර වෙනකොට බස් එකට කඳවුරේ ගේට්ටුව ගාවට එන්ඩ පුළුවන් වෙනවා. කට්ට කෑ යුතු ඒවගේම ජීවිතේට අත්දැකීම් එකතුකරන තවත් දවස් පහළොවක ආරම්භය. මුලින්ම කෙරෙන කාර්‍යය තමයි ශිෂ්‍යභටයින්ගේ ට්‍රන්ක පෙට්ටි පරීක්ෂා කිරීම. කඳවුර පිහිටලා තියෙන්නෙ රන්දෙණිගල-රන්ටැඹේ අභයභූමිය මැද නිසා වනයට පොලිතීන් එකතුවීම වළක්වන්න විශේෂයෙන් පොලිතීන් ඉවත්කරනු ලබනවා. ඊට අමතරව අනවශ්‍ය දේවල් ගෙනාවොත් මෙතනදී අතඩංගුවට පත්වෙනවා.

ඊටපස්සෙ අපි පෙට්ටි කරේ තියෙන් ලියාපදිංචි කිරීමේ පෝලිමේ.  සමහර ශිෂ්‍යභටයින්ට මේ වෙලාවෙ තමුන්ගෙ නම ගමත් අමතක උනාලු. සමහර අවුරුදුවල එහෙම වෙච්ච අයව එවලෙම ආපහු පැටෙව්වා කියලත් ආරංචියි.

ලියාපදිංචි වීමෙන් පස්සේ තියෙන්නෙ ගබඩාවට ගිහින් කඳවුරේ සිටින කාලය තුළ අඳින පළඳින ඇඳුම් පැළඳුම්, නිල ලාංඡන ආදිය ලබාගැනීම.  පිරිසක් ඒවා රැගෙන ඒමට යන අතර අනෙක් අය තමන්ට හිමිවූ භට නිවස්නය (බිලට් එක) සුද්ද පවිත්‍ර කිරීමේ නිරත වෙනවා. අඳින නිල ඇඳුම් පැළඳුම් සියල්ලම නොමිලයේ ලැබෙන්නෙ. ඒවායේ ඇති අඩුපාඩු තමුන්ට ගැළපෙන විදිහට හදාගැනීම ශිෂ්‍යභටයින්ගේ වගකීම. ගන්නකොට අඩුපාඩු නැතත් ඒවා ආපහු භාරගන්නකොට බලන්න ඕනෙ උන්දැගෙ ගෑස්. අඩුපාඩුවක් පෙන්නලා දඩයක් ගහනවාමයි. කඳවුර නිමවීමෙන් පස්සෙ මේ ඇඳුම් සියල්ල කඳවුරේම පිහිටා ඇති ලොන්ඩරියට යොමු කෙරෙනවා.

පිළිවෙලට තබා ඇති භට නිවාස
වර්තමානයේ ශිෂ්‍යභට පුහුණු කඳවුර වශයෙන් පාවිච්චි වෙන්නේ  මහවැලි ව්‍යාපාරයේ සේවය කළ අයගේ නිල නිවාස වශයෙන් පාවිච්චි කළ නිවාස සංකීර්ණයයි. ලියාපදිංචි වීමත් සමඟ ඛණ්ඩයට එක නිවාසයක් හිමිවෙනවා. බිලට් එක පිළිවෙළට තබා ගැනීමත් ප්‍රධාන කාර්‍යයක්. මොකද ඒවාට ලකුණු ලැබෙනවානෙ.

භට නිවාසයන් පිරිසිදු කරලා බඩු මුට්ටු පිළියෙල කෙරෙන අතරේ කෙමෙන් කෙමෙන් කඳවුරට අඳුර ළඟාවෙනවා. රාත්‍රීකාලයට අලි මාමලා, දිවි මාමලා, කුළු හරක් මාමලා කඳවුර වටේටම. ඒක නිසා මොනම හේතුවකටවත් බිලට් එකෙන් එළියට නොබහින්න නියම කරලයි තියෙන්නෙ. සතුන් සර්පයන්ගෙන් අමතරව කඳවුරට තියෙන අනිත් තර්ජනය තමයි හොල්මන්. බුහ්හ් හාහ් හා

හොල්මන්  කරන්නේ යන එවුන්ම ද? කියන්න දන්නෙත් නෑ. ඒත් මහවැලි ව්‍යාපාරයේ වැඩකළ විදේශික කාන්තාවක් හොල්මන් කරනවා කියන කටකතාව නම් කඳවුරට ගිය කෙනෙක් නොදැන ඉන්න විදිහක් නෑ. ඒ කාලෙ නිවාසයේ වැඩකරපු සේවක පිරිසක් විසින් දූෂණය කරලා මරාදාපු මේ කාන්තාව ඔවුන්ගෙන් පළිගන්න කඳවුර පුරා සැරිසරනවාලු. 'සුද්දිගෙ බිලට් එක' කියන නමෙන් තමයි ඇය වාසය කළ නිල නිවාසය හැඳින්වෙන්නෙ. ඒකෙ අංකය නම් දැන් මට මතක නෑ. කොහොමහරි ශිෂ්‍යභට පුරාවෘත්ත වල කියවෙන ආකාරයට මේ සුද්දිව දැකපු කීපදෙනෙක්ම ඉඳලා තියෙනවා. ඒවගේම සමහර කාලවල ඒ බිලට් එක අවට පිරිත් පවා කියලා තියෙනවාලු.

කඳවුරේ තියෙන රාජකාරි නම් රෑ දහයට ලයිට් නිව්වට පස්සෙත් ඉවර වෙන්නෙ නෑ. සමහරු ඇඳුම් පිළියෙළ කරන අතරෙ තව සමහරු බූට් පොලිශ් කරනවා. ඔය අස්සෙ ඉටිපන්දම් එළියෙන් පාඩම් කරන එවුන් මෙන්ම එහාට මෙහාට වෙලා ගෙවල් වලට වගේම තව තව අයට ලියුම් ලියන කට්ටියත් ඉන්නවා. ලියුම් ලියන කිව්වට හිනාවෙන්න දෙයක් නෑ.  මොකද ඒ කාලෙ ජංගම තිබුනට එහෙ සිග්නල් නෑ. දත් මදින එව්වා නෙමෙයි අනික්වා. ඉතින් නෝකෝල්. ලියුම් වලින් තමයි ගණුදෙණු කෙරුනෙ. තාමත් එහෙමද මන්දා? ලියුම් කිව්වම හිනාකාලා මැරෙන කාරණාව තමයි කඳවුරට එන ලියුම් ඔක්කොම කඩලා බලන එක. ඒ ලියුම් ප්‍රසිද්ධියේ කියවලා අතට දෙනකොට ඉතින් ලියුම් අයිතිකාරයින්ට පොළව පලාගෙන යන්න හිතෙනවා ඇති. 

PT කිටෙන්
ටිකෙන්  ටික එළිය වැටීගෙන එද්දි පළාතම මාර ලස්සනයි. පේන පේන තැන් වටේම කඳු වගේම ඒවා මීදුමෙන් වැහිලා. ඒත් ඉතින් ඒ ලස්සන බල බල ඉන්න වෙලාවක් ලැබෙන්නෙ නෑ. ඉර එළිය වටින් ගොඩින් වැටෙද්දි ආයෙත් කඳවුර ක්‍රියාශීලී වෙනවා. උදේ පාන්දර පිරිසිදු වෙලා සුදු ෂෝටයි, බැනියමයි, කැන්වස් සපත්තු දෙකයි දාගෙන පෝලිම් ගැහෙන්න ඕනෙ ශාරීරික අභ්‍යාස වලට. උදේට නැගිටින්න කම්මැලියො නම් මේකට නියම උපායක් පාවිච්චි කරනවා. උන් නිදාගන්නෙම උදේට අඳින්න ඕනෙ ඇඳුම ඇඳගෙන. වෙන එකක් තියා සපත්තුත් දාගෙන. අනිත් එවුන් නාලා කරලා ඇඳුම් අඳිද්දී තමයි උන් නැගිටින්නෙ. උන් දුවලා මූණෙ වතුර ටිකක් ගාගෙන අනිත් උන්ටත් කලින් පෝලිමේ.

සුදෝ සුදු ඇඳුම් ඇඳගත්ත ශිෂ්‍යභටයෝ උදේට පිටියට එද්දි හරියට කිරි කොක්කු වගේ.  මුලින්ම ජාතික ගීතයත් පස්සේ බලකා ගීතයත් කියලා තමයි දවසේ කාර්‍යයන් ඇරඹෙන්නෙ. ඔය පහළින් තියෙන්නෙ බලකා ගීය. කටපාඩමෙන් ලිව්වේ. වැරදි තියෙනවානම් කියන්ඩ මල්ලිලා.
සරඹ පිටියට

සෑම කල් රැඳී සිටින්නෙ              සූදානමින්
මාතෘ භූමියේ උදාරවූ                  නාමයෙන්
පා ලයේ නැඟී තෙදින්- ජාතිකාභිමානයෙන්
ජීවිතේ වුවත් පුදා රටත් දැයත්            රකිම්

මේ අපේ දේශයයි - ධීර වීරයන්        උපන්
වීරයන් තැනූ මඟේ පෙරට පා            තබම්
දේශ භක්තියෙන් වෙලී -      දෑනුරාගයෙන්
ජීවිතේ වුවත් පුදා රටත් දැයත්           රකිම්

මේක කියද්දි නම් නියම ගටක් එන්නෙ. ශාරීරීක අභ්‍යාස කළායින් පස්සේ තමයි උදේට කන්න තියෙන්නෙ. කඳවුරේ කෑම ගැන කියනවා නම් බාලද්ක්ෂයින්ට මෙන් කෑම හැදීම පිළිබඳ පුහුණුවීමක් නම් ශිෂ්‍යභටයින්ට ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට කඳවුරේ සේවකයන් පිළියෙල කළ කෑම ලැබෙනවා. හැබැයි පිළිවෙලකට ඉඳගෙන හැඳි ගෑරුප්පු වලින් තමයි කන්න ඕනෙ. රාත්‍රී ආහාර වේලෙදි ටයි කෝට් වලින් සැරසීම අනිවාර්‍යයි. කෑම ගැනීමේදී තියෙන විශේෂත්වය තමා මුළු ඛණ්ඩයම ආහාර ගැනීමට වාඩිවෙන්නේත් නැගිටින්නේත් සැරයන්ගේ අණ අනුවයි. "පුටු සද්ද කරන්ඩ එපා" කියලා ගිරිය පුප්පන සද්දෙත් ඇහෙනවාමයි.
කෑම වේල (ශිෂ්‍යභට වෙබ් අඩවියට අනුව :P)
කෑමෙන් පස්සෙ හවස් කාලය වෙනකන් සරඹ හෝ දේශන පැවැත්වෙනවා. සරඹ වෙලාවලදී සරඹ වරද්දලා බැනුම් අහලා, දේශන වෙලාවෙදි නිදාගෙන බැනුම් අහලා, හවස් කාලයේ අන්තිමට තමයි ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන්නෙ.

ඔය මං කිව්වෙ කඳවුරේ සාමාන්‍ය දින චරියාව. ඔය අතර විටින් විට පරීක්ෂණ වගේම සමහර දිනවලදී විශේෂ දේවලුත් තියෙනවා.  එයින් පළමුවෙනි එක තමයි ධීර අභ්‍යාසය. මෙහිදී ශිෂ්‍යභටයින්ට සිදුවෙනවා බාධක තරණය කරන්න. විස්තර නෑ බලන්ඩකො පින්තූරු ටිකක්.

බෝක්කුවෙන් රිංගීම (හරි නම මතක නෑ)
අතුරේ යාම
අහස් ඉණිමඟ
නම මතක නෑ
ටාර්සන් වගේ යන්න ටාර්සන් රෝප්
ඊළඟට අවි පුහුණුව හා වෙඩි තැබීම.  අවියක් පාවිච්චි කරන්නේ, ගළවන්නේ, පිරිසිදු කරන්නේ කොහොමද කියන තැන ඉඳන් උණ්ඩ පහකින් වෙඩි තියන්න ලැබෙනකන් මේ අවි පුහුණුව යනවා. අපි ඉන්න කාලෙ නම් පාවිච්චි කළේ .22 අවිය. මට මතකයි මට එකක්වත් ඉලක්කෙට තියාගන්ඩ බැරිවෙද්දි එහා පැත්තෙ එකා තමුන්ට දීපු උණ්ඩ පහෙන් හිල් නමයක් හිටින්ඩ වෙඩි තියපු හැටි.
.22
ආසාම එක තමයි 'කොම්පස් මාර්ච්' එක.  මාලිමාවත් සිතියමුත් ඒ ආශ්‍රිත දැනුමත් පාවිච්චි කරලා නොදන්නා කැලෑවක පාරක් හොයාගෙන එන එක කොච්චර විනෝදජනක වැඩක්ද? සමහර කාලවලදී නම් දිවියයි අරුයි මූයි ඉන්නවා කියලා කොම්පස් මාර්ච් එක කෙරුනේ නෑ. 

මීට අමතර අවසාන දවසේ රාත්‍රියේ විවිධ ප්‍රසංගයක්ද පැවැත්වෙනවා. ඔය විදිහට එක් එක් අංශවලින් ලැබුණු ලකුණු අනුව තමයි ජයග්‍රාහකයා තේරෙන්නෙ. වාර්ෂික ඇගයීම් කඳවුරෙන් වැඩිම ලකුණුගත් ඛණ්ඩය හර්මන්ලොස් කඳවුර/ ද සොයිසා කඳවුර සඳහා සුදුසුකම් ලබනවා.

3. හර්මන්ලොස්/ ද සොයිසා කඳවුර

ශිෂ්‍යභටයෙකුට ලැබියහැකි ලොකුම සම්මානය එයයි
එක් එක් බල ඇණි මඟින් පැවැත්වූ වාර්ෂික ඇගයීම් කඳවුරේ ජයග්‍රාහකයින් තමයි හර්මන්ලොස් කුසලාන තරඟ බිමට එකතු වෙන්නෙ.  කලින් කිව්ව බොහෝ දේවල්වලටම සමාන තරඟයකින් පස්සෙ වැඩිම ලකුණු ලබාගත් ඛණ්ඩය හර්මන්ලොස් කුසලාන ජයග්‍රහණය කරනවා. ශිෂ්‍යභටයෙකුට ලැබියහැකි ලොකුම සම්මානය එයයි.

ඔය ටික තමයි ඉතින් බොහෝම කෙටියෙන් කියන්ඩ තියෙන්නෙ. ඉස්සර නම් ශිෂ්‍යභට බලකායට යන ළමයි හමුදාවට යනවා කියන මතය නිසාම දෙමාපියන් ළමයින්ව ශිෂ්‍යභට බලකායට යොමු නොකරවීමේ නැඹුරුවක් තිබුනා ඒත් දැන් නම් ඒ නැඹුරුව නැති වෙලා. ඒත් ඊටත් වඩා දරුණු විදිහට පන්තියි විභාගයි ළමයින්ව ආක්‍රමණය කරලා. විශේෂයෙන් මධ්‍යම පන්තියේ ළමුන් ඉගෙනගන්නා පාසල්වල තත්වය බොහෝම දරුණුයි. 

එහෙනම් "සූදානම් නොවී නොසිටිනු"

සටහන: පින්තූර සමහරක් ගත්තෙ ශිෂ්‍යභට බලකායේ නිල වෙබ් අඩවියෙන් (http://www.cadet.lk).  ඉතුරු ටික ගත්තේ මූණු පොතෙන් අයිතිකරුවන්ගෙන් කිහිපවිටක්ම ඇහුවත් පිළිතුරක් නැති තැන 'නිහඬතාවයෙන් පෙනී යන්නේ විරුද්ධතාවයක් නොමැති බවයි' හිතලා මම ගත්තා පින්තූර ටික. ඒ හැමෝටම ස්තුතියි.

සටහන2:  මම බොහොම කෙටියෙන් ලිව්වෙ ඔබේ අදහස් හා අත්දැකීමුත් එකතු කරන්න.

109 comments:

  1. මේ පෝස්ට් එක?!!!!!! නියමයි..... මමත් කැඩෙට් කෙනෙක්... මගේ ජීවිතේ හොදම කාලේ තමයි ඒ.. <3

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ශම්මි.. තවත් කැඩෙට් කෙනෙක් අඳුනාගන්ඩ ලැබීම සතුටක්..

      මගේ ජීවිතේත් දැනට ගතවෙච්ච හොඳම කාලයක් කියන්න පුළුවන්..

      <3 කැඩෙටින් වලටද? පෝස්ට් එකටද?

      Delete
  2. ඇඩෝ .. ඔය උඩම පින්තුරේ ගෝනා මයේ :D

    ජය වේවා .. මරු ඈ , ලස්සනට ලියල මචං

    ReplyDelete
    Replies
    1. අප්පා.. එහෙමද? මම ඒක ගත්තේ ගූගල් දෙයියන්ගෙන් අහලා.. ඒත් දැකලා පුරුදු මූණක්
      වගේ ගතියකුත් තිබුණා.. ඒත් මම එච්චර හිතුවෙ නෑ.. :ඪ්

      ස්තුතියි.. ස්තුතියි.. ඔයාටත් ජයෙන් ජයම වේවා..

      Delete
  3. මාත් ඕක බාගෙට කරල තියෙනවා...
    ඒ නිසා සැලියුට් එක ගහතෑකි හරියට...!!

    ReplyDelete
    Replies
    1. බාගෙට හරි කළා කියන්නෙ මේ දේවලින් බාගයක් වත් දන්නවානෙ.. :)

      එහෙනම් මෙන්න මගෙන් සැලියුට් එකක්..

      Delete
  4. සුද්දිගේ බිලට් එක මට මතක විදියට බිලට් 42 වෙන්න ඕනේ. ඔය සුද්දිව අපේ එකෙකුත් දැක්ක කියල පසු කාලීනව ආරංචි වුනා. අපේ එවුන් නම් කිව්වේ සුද්දී මු එනවා දැකල දුවන්න ගිය එක උනේ කියලා. :)

    ඉස්සර කෑම්ප් යන එවුන්ව බයිට් කරන්න අපි කරන්නේ ඔය ලියුම් යවන වැඩේ. සුවඳ ගහන්න පවුඩර් දාල එහෙම කෙල්ලෝ වගේ රවුං අකුරු ලියන එවුන් ලව්වා හොදි බේරෙන ලියුම් යවනවා මට දැන් මතක්වෙනවා.

    එහෙම යවන්න ගිය එක ලියුමක් සුවඳ ගහන්න කියල අපේ එකෙක්ම සෙන්ට් ස්ප්‍රේ කරලා තීන්ත බොඳවෙලා ගිය මතකෙකුත් එනවා.

    හොඳ සටහනක්. (ඔහොම කන්න දීලද හැබෑට?)

    ReplyDelete
    Replies
    1. එච් 2 හරි එච් 3 හරි හෝල් එක නෙවෙයිද? O.o

      Delete
    2. සුද්දිගේ බිලට් එකේ නොම්බරය නම් මතක නෑ.. මෙස් එකට උඩින් තියෙන පාරේ ගියහමයි හම්බ වෙන්නේ.. H2 හරි H3 හරි හොල් වලට චුට්ටක් එහායින්.. 2005 වසර වෙනකොට සුද්දිගේ බිලට් එක අලුත්වැඩියා කරලා පාවිච්චියට ගත්තා

      Delete
    3. H3 හෝල් හරියෙ තමා..... ඒවුනාට අපි යනකොට පැත්ත පලාතෙ යන්න දුන්නෙ නැහැ..... අපි හිටියෙ H3 හෝල් එකේ... අපි හිටිය හෝල් එකේ වෙන ඉස්කෝලෙක ළමයි දෙන්නෙකුත් පිස්සු නැටුව මහ රෑ බයවෙලා....

      Delete
    4. @ Alexander Cage,

      ඇහින් දැක්කා කියපු එකෙක්වනම් මට මුණගැහිලා නෑ.. ඒත් ඒ විස්තර නම් නොදන්න එකෙක් නෑ..

      "අපේ එවුන් නම් කිව්වේ සුද්දී මු එනවා දැකල දුවන්න ගිය එක උනේ කියලා. :)" හි..හි..

      ලියුම් යවන වැඩේත් බරටම යනවා තමයි.. අපිට කලින් හිටපු අයියලා කට්ටියක්ව ලියුම් සීන් වලට නෝන්ඩි කරන එක ඒගොල්ලො ඉස්කෝලෙන් අයින් වෙනකන්ම තිබුනා.. ක්සැන්ඩරේ අයියලා වගේ එවුන් එවන පැණි බේරෙන ලියුම් ප්‍රසිද්ධියෙ කියවද්දි ආයෙ හොදි ඕනෙ නෑ තමයි..

      එකපාරක් මරු වැඩක් වුනා.. එකෙක්ගෙ ලියුමෙ මෙහෙම තිබ්බා.."කොහොමහරි යුනිෆොර්ම් එකක් පන්නගෙන වරෙන්." මේ ලියුම හින්දා ඌට විනය පරීක්ෂණයකට යන්නත් සිද්ධ උනා..

      "හොඳ සටහනක්." ස්තුතියි.

      "ඔහොම කන්න දීලද හැබෑට?" දැන් දෙනවද මන්දා? අපේ කාලෙ නම් නෙමෙයි..

      Delete
    5. @ අග්නි ධාරා..,

      යන්න දුන්නෙ නෑ කිව්වෙ ඕගොල්ලන්ගේ සීනියර්ලාද නැතිනම් නිලධාරීන්ද?

      අපිට නම් නිලධාරීන්ගෙන් කිසිම දැනුවත් වීමක් ලැබුණේ නෑ.. වටෙන් පිටෙන් ඇහුණ කටකතා මිසක්..

      Delete
    6. @ Alexander Cage, ශම්මි, බණ්ඩා...,අග්නි ධාරා...,

      ශිෂ්‍යභටයො රාශියක්ම එකපාර හඳුනාගන්න ලැබීම ගැන නම් අප්‍රමාණ සන්තෝසයි..

      මූනුපොතේ මිත්‍රයෙක් මට කියනවා B23 ලු. ඒත් මට මතක හැටියට නම් H අකුරකින් එන නොම්මරයක්..

      Delete
    7. මෙස් එක කිට්ටුව වගේ මටත් මතකයි. හෝල් එකක් ගැන නම් මතකයක් නෑ එච්චරම. ඉස්සර මගේ ළඟ තිබ්බා පොයින්ට් 22 ෂෙල් කීපයක්ම. කොහේ ගේන්නද ඉතින්. පන්නපුවා තමා.

      Delete
    8. මම ගාව AK47 එකට දාන උණ්ඩයක් තිබ්බා.. කඳවුරේ තිබ්බ පොඩි පෙරහුරුවකදී අහුලා ගත්තු එකක්..
      විචාරක මහත්මයාගෙන් අහලා බලනකොට ඒක සංදර්ශනවලටම පාවිච්චි කරන එකක්ලු.. සද්දෙයි ගින්දරයි පිටවෙනවා විතරයි.. උණ්ඩයක් පිටවෙන්නෙ නැති එකක්..

      Delete
    9. b 23 thma hommn bilat ela.. :P

      Delete
    10. @ Anonymous,

      මට පේන්නෙ දැන් බිලට් එක මොකක්ද කියලා හොයන්න ඡන්දයක් තියන්න වෙනවා.. :)

      Delete
  5. මට නම් ඕක සෙට් වුනේ නැහැ.එල ලිපිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන්.. අපරාදෙ පොඩ්ඩක් හරි කරන්න තිබුනෙ..

      Delete
  6. හැම එකක්ම වගේ ඒකත් බාගෙට කළා.එළ මතක ටිකක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බලන් යනකොට භාග ශිෂ්‍යභටයොත් ගොඩායි..

      Delete
  7. කවද කොරපු කෙඩෙට්ද බන් ? .. ඒක හින්දා ගොඩක් දේවල් දැනගත්තා... ස්තූතියි..

    // ඒ කාලෙ නිවාසයේ වැඩකරපු සේවක පිරිසක් විසින් දූෂණය කරලා මරාදාපු මේ කාන්තාව ඔවුන්ගෙන් පළිගන්න කඳවුර පුරා සැරිසරනවාලු.//

    ඒකාලෙ කිව්වෙ කොයි කාලෙද ?

    // මේ අපේ දේශයයි - ධීර වීරයන් උපන් //

    ශුවර්ද ? සමහර අයියලනම් නිතරම කියන්නෙ වෙන දෙයක්..

    අර කෑම මේසෙ ෆොටෝ එක පැහැදිලිවම ඇඩ් එකක්..

    // සූදානම් නොවී නොසිටිනු //
    ඔය කියන්නෙ සූදානම් වී සිටිනු කියලා නේද ?

    ReplyDelete
    Replies
    1. රෝසි ව දුෂණය කරලා මරා දැන්ම කියල දුෂමාන අරචියක් තියෙනවා ,
      අපි දන්නා හැටියට C6 , මොකද බිලට් අතරින් වෙනස් බිලට් එක එක නිසා ,
      එත් තව අය දැනෙන එක එක වෙනස් විදියට , ඒ නිසා මම නම් ඔය කතාව වැඩිය හිතන්නේ නැහැ , හැබැයි රෝසිගේ සිද්දිය හේනට අදුන මෑතකදී පවා 2007 කැම්ප් එකේ පිරිත් පවා දාල තිබ්බ ,

      ඇඩෝ ... කෑම මෙසේ සිරා එකක් හරිය, ඩිනර් නයිට් එකේ පින්තුර ඒ :D

      Delete
    2. @ සෙන්නා,

      මම එක වසර පොඩි එකා කාලෙ නම් එහේ ජයටම කැඩෙට් තිබ්බා.. අර නිවුන්නු දෙන්නෙක්ද කොහෙදත් හිටියෙ..

      "ඒකාලෙ කිව්වෙ කොයි කාලෙද ? " ජේ. ආර්. මාමගේ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය දන්නවනෙ.. කාලෙ කිව්වොත් හැත්තෑගණන්වල අග අසූගණන්වල මුල.. ඒ ව්‍යාපෘතියෙ වැඩට ආපු අයට ලබාදුන්නු නිල නිවාස වල තමයි කඳවුර තිබෙන්නෙ.. ඒ නිල නිවාස වල හිටපු විදේශීය ඉංජිනේරුවරියක්ව තමයි සේවකයෝ මරාදාලා තියෙන්නෙ..

      "ශුවර්ද ? සමහර අයියලනම් නිතරම කියන්නෙ වෙන දෙයක්.." තේරුනේ නෑ..

      "අර කෑම මේසෙ ෆොටෝ එක පැහැදිලිවම ඇඩ් එකක්.." ආයෙත් අහලා..

      "ඔය කියන්නෙ සූදානම් වී සිටිනු කියලා නේද ?" සිංහල භාෂාවේ ව්‍යාකරණ නීතියකුත් තියෙනවානෙ එකම වාක්‍යයක 'නො' දෙපාරක් යෙදුනොත් නොයන්නට නොයන්න ලොප් වෙනවා කියලා..
      ඉන්ඩකො විචාරක මහත්මයාගෙන් ඒ ගැන අහන්ඩ..

      Delete
    3. @ නොහික්මුණු ඇස,

      රෝසි කියලා නම් දැනගත්තෙ දැනුයි ඕං.. සුද්දි සුද්දි කිව්වට නම දන්නෙ නෑ..

      "හැබැයි රෝසිගේ සිද්දිය හේනට අදුන මෑතකදී පවා 2007 කැම්ප් එකේ පිරිත් පවා දාල තිබ්බ" 2007දිත් ඇදුනද? ඒ කියන්නෙ සුද්දි තාම ඉන්නවා...

      "ඇඩෝ ... කෑම මෙසේ සිරා එකක් හරිය, ඩිනර් නයිට් එකේ පින්තුර ඒ :D" මේක නම් බොරුවක්.. අපිට නම් ඔහොම කෑම දුන්නෙ නෑ.. කෙලින්ම බුෆේ එකක් තිබ්බෙ.. බුරියානිද අරවද මෙව්වද ඕන එකක්.. :D

      Delete
    4. තේරුනේ නෑ.. // හයියෝ එහෙමද ? එහෙනම් අල්ලලා දාන්න..

      සිංහල භාෂාවේ ව්‍යාකරණ නීතියකුත් තියෙනවානෙ එකම වාක්‍යයක 'නො' දෙපාරක් යෙදුනොත් නොයන්නට නොයන්න ලොප් වෙනවා කියලා.. // සිංහල භාෂාවෙ විතරක් නෙමේ ඕනැම භාෂාවක ද්විතව නිශේදනයක් වැටුනොත් ඒකෙ අර්තය ධනාත්මක ( මේකට කියන හරි වචනෙ මතක නෑ ) වෙනවා නේද ?

      Delete
    5. ඕ.. ඕ.. එහෙම වෙන්නැති.. :)

      Delete
  8. මේක හරී ලියපු වෙනස්ම පෝස්ට් එක. නියමයි හරී. බලමු විචාරකට මොකක්ද මේ ගැන කියන්න තියෙන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයා කැඩෙට් කෙනෙක් වෙලා හිටපු පින්තූරෙ තමයි මරු..

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. බොලේ හරීත් ශිෂ්‍යභටයෙක්ද...අදුනගන්න ලැබීම සතුටක්...මම නම් ඉතිං ශිෂ්‍යභට තූර්ය වාදක ඛණ්ඩයක් නියෝජනය කලත්, ඒ දවස්වල අපේ අයට කදවුරුගත වෙන්න සුදුසුකම් තිබුනෙ නැති නිසා බෑන්ඩ් එකේ හිටිය කාලෙ කදවුරට ගියේ නෑ...ඊට පස්සෙ නම් අපේ උන් ජයග්‍ර‍හණ වැලක්ම වාර්තා කලා.

    කියන්න සතුටුයි, ආඩම්බරයි...අපේ පාසලේ උන් තමයි වර්තමාන හර්මන් ලෝස් හිමිකරුවන්...

    ReplyDelete
    Replies
    1. "බොලේ හරීත් ශිෂ්‍යභටයෙක්ද." නැතුව.. නැතුව.. අපරාදෙ චෑන්ස් එක.. කෑම්ප් නොගියත් ඉතින් සිරාත් ශිෂ්‍යභටයෙක්නෙ..

      "කියන්න සතුටුයි, ආඩම්බරයි...අපේ පාසලේ උන් තමයි වර්තමාන හර්මන් ලෝස් හිමිකරුවන්..." ම්ම්ම්..
      එක පාරක් කොනොනි කෑම්ප් එකක මගේ සැරයන් වෙලා හිටියෙ බණ්ඩෙක්..

      Delete
  11. අනේ මමත් ඔය වැඩිය ශරීරෙ වෙහෙසන්නෙ නැතුව පාඩුවෙ පැත්තකට වෙල හිටිය පොරක්. ඉතිං උඹල කියන දෙයක් තමා.

    මේක තනිකර හමුදා පුහුණුවක්නේ.

    බලමු, හෙන්රි අයියා කිව්ව වගේ අපේ විචාරක මහත්තයගෙ අදහසුත්.

    ReplyDelete
    Replies
    1. "මේක තනිකර හමුදා පුහුණුවක්නේ. " ඔව්.. ඒකනෙ සමහර දෙමව්පියො ළමයින්ව එවන්න බය..

      Delete
  12. හ්ම්................පරණ මතකය අලුත් කිරීමක්. මම ශිෂ්‍යභටයකු ලෙස මුලින්ම පුහුණුව සඳහා දියතලාව කඳවුර වෙත ගියේ 1966 දී. අවසාන වරට ගියේ 1973 දී. අපි මුලින්ම ගිය කාලයේ CCB = Ceylon Cadet Battalion ලෙස තමයි තිබුනේ. මෙතනින් බලන්න ඒ ලාංඡනය.
    http://jangun.files.wordpress.com/2013/02/ceylon20cadet20battalion.jpg
    මම මුලින්ම පුහුණුව ලබද්දී අණදීම තිබුනේ ඉංග්‍රීසි භාෂාවෙන්.
    මෙන්න තියනවා මම මගේ ශිෂ්‍යභට ජීවිතය ගැන ලියා තිබෙන ලිපියක්.
    http://jangun.wordpress.com/2012/02/29/%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%9d%e0%b6%bd%e0%b7%9a-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%9a-11/


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. "පරණ මතකය අලුත් කිරීමක්" එහෙනම් සන්තෝසයි..

      1966-1973 එච්චර අවුරුදු ගානක් කැඩෙටින් කරන්න පුළුවන්ද? අපි යන කාලෙ නම් ලියාපදිංචි කළේ අවුරුදු 15න්.. කඳවුරුගතවෙන්න අවස්ථාව තිබ්බෙ විදුහලෙන් ඉවත්වෙනතුරු විතරයි..

      "මෙතනින් බලන්න ඒ ලාංඡනය" ලාංඡනය දැම්මාට ස්තුතියි.. ඇත්තම කිව්වොත් නිල වෙබ් අඩවියේවත් හරි හමන් ලාංඡනයක් නෑ..

      "මම මුලින්ම පුහුණුව ලබද්දී අණදීම තිබුනේ ඉංග්‍රීසි භාෂාවෙන්." මමත් අන්තිම අවුරුද්දෙ ඉංග්‍රීසි භාෂාවෙන් අණදීම පුරුදු වුණා.. අවසාන අවුරුද්දෙ විදුහලේ ක්‍රීඩා උත්සවයේ ආචාර පෙළපාලියේ අණදීමේ අවස්ථාව ලැබුණා.. මෙතෙක් කලක් එය සිදුවූයේ ඉංග්‍රීසියෙන් නිසා ඉංග්‍රීසියෙන් අණදෙන්න පුරුදු වෙන්ඩ වුණා.. ඒකත් ජීවිතයේ අමතක නොවෙන සිද්ධියක්.. හිතුනොත් පහළින් කොටන්නම්..

      "මෙන්න තියනවා මම මගේ ශිෂ්‍යභට ජීවිතය ගැන ලියා තිබෙන ලිපියක්. " කියෙව්වා.. වැඩියෙන්ම සිත්ගත්තේ විචාරක මහත්මයාගේ පොලිස් කොට කලිසම..

      ප්‍රශ්නයක් අහන්නද?
      හමුදා කඳවුරුවල හොල්මන් නැද්ද?

      Delete
    2. අර ලිපියේ මම කියලා ඇති හොල්මන් ගැන. හැබැයි මම කවදාවත් දැකලා නැහැ. සුදුපාට කකුල් තියන මම වගේ කොල්ලන්ව බිලිගන්න හදන 'හොල්මන්' හිටියා. :D :D අපි ඉතා සංවිධානාත්මකව ඒ හොල්මන් වලින් ගැලවුනා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. චඃ අර ලිපියේ ලියලා නැහැනේ හොල්මන් ගැන. මේ දැන් ගිහින් බැලුවේ. ඒ කාලයේ දවසේ කාර්ය භාර සැරයන් රාජකාරිය ලැබුණාම රාත්‍රී 10 ට තියන මාණ්ඩලික පෙරෙට්ටුවෙන් (Staff Parade) පස්සේ ආපසු මම ඉන්න තැනට එන්න වෙන්නේ (මට නෙවෙයි කාට වුනත් ) කළුවරේ පාලු ගොඩනැගිලි මැද්දෙන්. ඒ කාලයේ කතාවක් තිබුනා දෙවැනි ලෝක යුද්ධ කාලේ සුදු ජාතික හමුදා නිලධාරියකුගේ බෙල්ල කපලා මරලා එක භට නිවාසයක වලලා ඇති බවත්, ඔලුව නැතිව ඔහු ලේ පෙරමින් සුදුපාට අසකු පිට නැගී රාත්‍රියේ දියතලාව කඳවුරේ සැරිසරන බවත්, දියතලාවේ මර හීතල, හූ කියන හුළඟ, වගේ ඔක්කොම දේවල් එකතු වුනාම ඕනෙම කෙනෙක් බය වෙනවා. මගේ පාළුව මකන්නේ බූට් දෙකේ ගහලා තිබුන යකඩ ඇන (Tips) තාර පොළොවේ වැදිලා නැගෙන හඬ පමණයි. දියතලාවේ හීතල නැතිවෙලා කන් දෙකෙන් සීතල දාඩිය ගලන්න පටන් ගන්නවා. හැබැයි මටනම් කවදාවත් ඒ සුද්දව හම්බවෙලා නැහැ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    4. විස්තරයට ස්තුතියි..

      ඒත් මම ඇහුවේ ඒ හොල්මන් ගැන නෙමෙයි විචාරක මහත්මයා.. අර සුදු කොල්ලො අල්ලන්න එන එවුනුත් නෙමෙයි..

      හමුදා ජීවිතය ගතකළ කඳවුරුවල හොල්මන් ගැනයි ඇහුවෙ..

      Delete
    5. ක්‍රියාන්විත සේවයේ හමුදා ජීවිතය ගතකල කිසිම කඳවුරක හොල්මන් කතා තිබුනේ නැහැ. නමුත් මියගිය සොල්දාදුවන් නිතර අපේ මතකයේ සිටියා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    6. හොල්මන් ඉන්නවාද කියලා බලන්නවත් වෙලාවක් තියෙන්ඩ නැතුව ඇති..

      Delete
  13. මම ඉස්කෝලෙ යන කාලෙ දාහක් දේවල් (බාගෙට බාගෙට) කලාට, කවදාවත් නොකරපු හා කරන්ට නොහිතපු දෙයක් තමා කැඩෙටින්.. මට හිතුනෙ කැඩෙටින්වලට ගියොත් අනිත් විෂය බාහිර වැඩ කරන්ට කාලෙ මදි වෙයි කියලා.. ඇයි බලන බලන හැමදාම උදේ-හවස කැඩෙටින් කරන එවුන් ප්‍රැක්ටිස් නේ.. :D

    ReplyDelete
    Replies
    1. "මට හිතුනෙ කැඩෙටින්වලට ගියොත් අනිත් විෂය බාහිර වැඩ කරන්ට කාලෙ මදි වෙයි කියලා." සැළකිල්ලෙන් බලපු හින්දා තමයි දැක්කෙ අනිත් විෂය භාහිර වැඩ කියන එක.. නැත්නම් හිතන්නෙ ඉගෙනීමේ වැඩකටයුතු කියලා..

      "ඇයි බලන බලන හැමදාම උදේ-හවස කැඩෙටින් කරන එවුන් ප්‍රැක්ටිස් නේ.. :D" කෑම්ප් එකක් ළංවුනාම තමයි බලන්න ඕනෙ..

      ක්‍රීඩා උත්සව කාලෙදි මම නම් පන්තියේ ඉඳලම නෑ..

      Delete
  14. පසුව එකතු කරමි. රන්ටැඹේ කඳවුරට නම් මම කවදාවත් ගිහින් නැහැ. දියතලාව තමයි අපේ උරුමය. දියතලාවේ තිබෙන ශිෂ්‍යභට බලකායේ ලාංඡනය ඉතා පැරණියි. එය ඉතා ඈතට දිස්වෙනවා. බ්‍රිතාන්‍ය පාලන සමයේදී හදපු එකක්. ශිෂ්‍ය භට ලාංඡනයේ තියන 'NUNQUAM NON PARATUS' යන ලතින් වාක්‍යයේ (බ්‍රිතාන්‍ය බලපෑම නිසා යොදන ලද්දක්) තේරුම තමයි සූදානම් නොවී නොසිටිනු කියන එක. නමුත් මට මතක හැටියට 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසු මේ වැකිය 'නඛදාචිද් අසංවිහිතඃ' වශයෙන් වෙනස් කළා. සොයා බලන්න ඒ ගැන. දන්නා අය මා නිවැරදි කරන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙන විදිහට රන්ටැඹේ කඳවුරට වඩා දියතලාව ලස්සනයිලු.. ඒවගේම පහසුමමුත් වැඩීලු..

      විචාරක මහත්මයාගෙන් ප්‍රශ්නයක් තියෙනවා අහන්ට.. මොක්ද ඔයා ආදර්ශ පාඨ වලට ලතින් එහෙම නැත්නම් පාලි පාඨයක් තෝරාගන්නෙ.. ?

      අනිත් කාරණාව තමයි "සූදානම් වී සිටිනු" නොකියා "සූදානම් නොවී නොසිටිනු" වගේ අමුතුම ආකාරයේ පාඨයක් යොදන්නේ ඇයි? "නොහැක්කක් නොමැත" කියන්නෙත් ඒ වගේ එකක්නෙ..

      Delete
    2. මම රන්ටැඹේට ගිහින් නැති නිසා සංසන්දනය කරන්න අමාරුයි. දියතලාවේදී ඒ කාලයේ අපට නිතර දකින්න ලැබුනා හමුදා පුහුණුව. ඒ නිසා ශිෂ්‍යභට පුහුණුවත් බොහොම උසස් මට්ටමේ එකක් වුනා. ඒ කාලයේ ශිෂ්‍යභට බලකායේ පරිපාලනය භාරව සිටි හමුදා නිලධාරීන් අපට සැලකුවේ පාසල් ශිෂ්‍යයන් ලෙස නොවේ. වෘත්තීයමය හමුදා භටයන් ලෙසටයි.

      මමත් ඔය ප්‍රශ්නෙම ඇහුවා මගේ ශිෂ්‍යභට ඛණ්ඩ භාර නිලධාරිතුමාගෙන් ඒ කාලේදී. එයා කිව්වේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ අපේ ශිෂ්‍යභට බලකාය පිහිටවද්දී (1881) එංගලන්තයෙන් ලැබුණු ආදර්ශ පාඨය මේ විදිහට ලතින් භාෂාවෙන් ලැබුණු බවත්, ලතින් භාෂාවේ වචන යෙදෙන රටාව මේ ආකාරය බවත්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. http://en.wikipedia.org/wiki/Scout_Motto හැබැය් බාලදක්ෂ වියාපාරය පටන් ගතේ 1908-1912. කැඩෙට්ලගෙන් ගන්න ඇති වෙනස් කරලා

      Delete
    4. @ wichaaraka,

      "වෘත්තීයමය හමුදා භටයන් ලෙසටයි." :O

      මම ටිකක් හොයලා බැලුවා වැඩිපුර ආදර්ශ පාඨ ලතින්වලින් ලියවෙන්න විශේෂ හේතුවක් තියෙනවද කියලා. ම්හ්හ්.. ඔහෙ නෑ..

      @ AnonymousFebruary 6, 2013 at 6:25 ඵ්M

      පිළිතුරට ස්තුතියි.. ඒවගේම 1907 ඇතිවෙච්ච බාලදක්ෂව්‍යාපාරයට තියෙන්නෙත් 'සූදානම් වී සිටිනු' කියන ආදර්ශපාඨයම තමයි..
      ඒත් අපේ ශිෂ්‍යභට බලකාය කියන්නෙ එහෙම ලෝකව්‍යාප්ත නෑනෙ.. අනිත් රටවලත් කැඩෙටින් තියෙනවා තමයි.. ඒත් එකකට එකක් වෙනස්නෙ..

      Delete
  15. කෑම වේල දෙනහැටි දාලා තියෙන්නේ වෙන කෑම්ප් එකක වෙන්න ඕනා මයෙ හිතේ...
    හික්ස්....

    ReplyDelete
    Replies
    1. කාටහරි හීනෙන් පෙනිච්ච එකක් බන්..

      Delete
  16. මමත් කැඩෙට් කෙනෙක් හැබැයි ඒ අවුරුදු දහයකට එකලොහකට කලින් ඒ කාලේ තිබ්බේ යුධ හමුදා ශිෂ්‍ය භට විතරයි. දැන් අනිත් හමුදාවල ශිෂ්‍යභට කණ්ඩායම් තියෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. මම ඉන්න කාලෙත් හමුදා ශිභ විතරයි තිබුනෙ.. දැන්නම් යුධ, නාවික, ගුවන්, පොලිස් ඔක්කොම තියෙනවාලු.. එක ඉස්කෝලෙක ඔය ඔක්කොම ඉන්නවාද? නැත්නම් එක ඉස්කෝලෙක ඉන්නෙ එක වර්ගයක්ද කියන්න දන්නෙත් නෑ..

      Delete
  17. හපොයි මෙයාලා කරලා තියන දේවල්....:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි අක්කා ඔය වගේ විෂය බාහිර වැඩ කරලා නැද්ද?

      Delete
  18. Facebook එකේ යාලුවෙක් මට මේ article එක එවලා තිබුනා. ඌයි මායි එකම blatoon එකේ හිටියෙ. අපි කැඩෙටින් කරේ 1999 2000. මම NCO ත් ගිහිල්ලා තියනවා. camp එක වටේ තියෙන කඳුවල හොරාට ඇවිදලා තියෙනවා. ගලේ ගෝනා අතගාලා තියෙනවා. NCO එහෙකදි මගෙ ජීවිතේ අමතක නොවෙන දර්සනයක් දැක්කා. මචන් උඹ දන්නවා ඇතිනෙ NCO වලදි කොල්ලො කෙල්ලො ඔක්කොම එකට කියලා. වෙන ආතල් එකක් කොහෙද බං. ඔය කෙල්ලන්ව බලාගන්න madam කෙනෙකුත් කෙල්ලන්ගෙ billet වල ඉන්නවා. ඒවා තියෙන්නෙ උදහට වෙන්ඩ. අපි පහල. දවසක් මාවත් මේක මට එව්ව එකාටත් කෙල්ලොන්ගෙ billet එකකට යන්න උනා රෑ 7 විතර. sir කෙනෙකුගේ පණිවිඩයක් madam කෙනෙකුට කියන්න. අපි යද්දි කෙල්ලොන්ගෙ නාන ටැංකි දිහායින් හිකි හිකි සද්දෙ ඇහෙනවා. මාත් අරූත් ලග තිබ්බ ගහකට නැග්ගා. කෙල්ලො panties විතරයි ඇදලා හිටියෙ. එකියෙක් skirt එකක් අදින්න හදනවා අනිත් එවුන් පහලට අදිනවා. අරූටයි මටයි කරන්ට් වැඩුනා වගේ. උඹ කොයිකාලෙ එකෙක්ද මචන්,

    ReplyDelete
    Replies
    1. තුක් නොදකින්!!! කැඩෙටින් වලින් ජීවිතයට එකතු කරගත්තේ ඔය ටිකද?

      Delete
    2. @ AnonymousFebruary 4, 2013 at 6:57 AM,

      මේකත් හරියට අපෙ අයියලා එන්සීඕ ගිහින් ඇවිත් කියන කතා වගේ.. ඒ දවස්වල ඒගොල්ලො කියන්නෙ මෙහෙමයි.. "මල්ලි එන්සීඕ නොගිය කැඩෙට් කෙනෙකුගෙන් වැඩක් නෑ. උදේට නැගිටිද්දිම මුලිච්ච වෙන්නෙ කෙල්ලොන්ව. මේන්න මෙතෙන්ට විතර කොට ෂෝට ගහලා. ආසාවෙ බෑ."

      හැබැයි මම එන්සීඕ කෑම්ප් ගිය අවුරුදු දෙකේදි නම් ගෑණු පුළුටක්වත් දැක්කෙ නෑ... :)

      "උඹ කොයිකාලෙ එකෙක්ද මචන්," මම කැඩෙටින් පටන් ගත්තෙ 2002 විතර...


      @ AnonymousFebruary 4, 2013 at 12:22 ඵ්M

      අනේද කියන්නෙ?

      Delete
  19. දෙයියනේ මාත් කෙඩෙට් කරලා තියෙනවා.මටත් අතීතේ මතක් උනා.

    ReplyDelete
    Replies
    1. හැංගිච්ච කැඩෙට්ලාම කීදෙනෙක්ද?

      Delete
  20. මගේ ශිෂ්‍යභට කෙරුවාව එකකින්ම ඉවර උනේ පන්තිභාර ගුරුතුමාට පිං සිද්ද වෙන්නයි.සරත් ඔය බටේට වැඩිය ලොකුයි විභාගෙ .. දෙකෙන් එක ‍තෝරාගන්නවා. කියල මට සැර කලා. ඉතින් මං තීරණේ කලා නවත්තන්න හැබැයි භට පුහුණුව කල සර් ඊට දෙවෙනි නෑ. එයාගෙන ගැලවෙන්න මං නොයෙකුත් දේ කලා අන්තිමට කලේ වරද්දන එකයි.. ආපසු හැරෙන් කිවුවම හැමදාම වැරදිපැත්තෙන් කකුල උස්සලා හැරෙන්න ගත්තාම මාව ගෙන්නලා මෙහෙම කිවුවා.
    "තොගෙ හිතෙ මං ‍රැව‍ටුණා කියලනේද ? නෑ යකෝ.. තොට මේක එපානම් හෙට ඉඳන් නෑවිත් හි‍ටු.."
    භට වැඩේ කල ඔක්කොම දෙවෙනි පාරටත් විභාගෙ ෆේල්.. මං පලවෙනිපාරම ගොඩ ගියා.

    ReplyDelete
    Replies
    1. අපි කැඩෙටින් පටන්ගත්තු කාලෙදිත් කැඩෙටින් වලට යන්න එපා කියලා අනිත් ගුරුවරුන්ගෙන් සෑහෙන බලපෑමක් තිබුනා..

      එක ගුරුවරයෙක්ගෙන් හොඳටම තර්ජනයක් තිබුනා කැඩෙටින් වලට යන්ඩ එපා කියලා.. ඒ නම් අපිට ආදරයට නෙමෙයි.. ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවයෙ ආචාර පෙළපාලිය භාරව හිටියේ ඒ ගුරුවරයා නිසා.. අපේ කැඩෙට්ලාගේ පෙළපාලියයි අනිත් ළමයින්ගේ පෙළපාලියයි වෙන වෙනම තිබුනෙ.. ඔය මම කියන ගුරුවරයා තමයි අනික් ළමයින්ගෙ ආචාර පෙළපාලිය පුරුදු කළේ.. ඒ අවුරුද්දෙ ළමයි බොහෝ ගණනක් කැඩෙටින් වලට ගිය නිසා එයා කුපිත වෙලායි හිටියෙ..

      දවසක් ආචාර පෙළපාලි පුහුණුවට ඉස්කෝලෙන් වෙන්කරන වෙලාවෙදි කැඩෙට් වලට ගිය අපිට යන්න තැනක් නෑ.. මොකද කැඩෙටින් පුරුදු කරපු අයියලා කෑම්ප් එකකට ගිහින්.. ඉතින් අපි පිට්ටනියෙ කොනක ඉඳිද්දි සර් ආවා "තොපි මොකද මෙතන?"
      "සර් කැඩෙටින්"
      "කැඩෙටින්??" ටෝං ගාලා මගෙ කන හරහා එකයි..
      "දුවපිය මාර්ච් එකට" කියලා එලෙව්වෙ නැතෑ..

      ඕං මමත් හිතලම වරද්ද වරද්ද මාර්ච් එකේ. දර්ශනීය දෙවෙනි හයේ පාර. එතනින් බාගෙට බාගයක්ම කැඩෙට්වලින් හැලුනත් ගුටිකාපු මම ගියා...

      අන්තිමේදී අවුරුදු කීපයක් යද්දි ඒ සර්ගෙ රැස් බැහැලා ගියා.. පස්සෙ ඒ සර් හිටපු තැන ඉඳගෙන මුළු ආචාර පෙළපාලියටම අණදෙන්න මට ලැබුණා..
      එදා මම ඒ සර් දිහා බලලා හිනාවෙලා ආවා මිසක් මොකුත් කිව්වෙත් නෑ..

      ඔන්න ඔහොමයි උනේ..

      Delete
    2. කැඩේටින් කරන එකාට ඉගෙනගන්න බෑ කියන මැටිමෝල් මතය තිබුනේ ඉස්කෝලේ යනකාලේ ඉඳලා පොතටම සීමා වෙලා හිටිය උපාධිධාරී ගුරුවරුන් අතරයි. ඔවුන් කවදාවත් විෂය බාහිර ක්‍රියාකාරකම් වල යෙදුන අය නෙවෙයි. යටත්පිරිසෙයින් විශ්වවිද්‍යාලයේ ඉන්නකාලේවත් ක්‍රීඩා වලටවත් ගියේ නැති අය තමයි එවැනි මත දරන්නේ. psc, Msc, USACGSC, වැනි හමුදා උපාධි ඉතා දුෂ්කර අධ්‍යාපනයක් යටතේ ලබාගතයුතු උපාධි. එවැනි උපාධි දිනාගත් උසස්පෙළ සමත් නිලධාරීන් සෑහෙන සංඛ්‍යාවක් අපට ඉන්නවා. එම උපාධිවල විෂය කරුණු ගැඹුරු වන අතර උගන්වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. (ලංකාවේ නෙවෙයි පිටරටවලදී)අපේ නිලධාරීන් එම පාඨමාලා වලදී විශිෂ්ඨ දස්කම් දක්වා තිබෙනවා. සමහර ගුරුවරුන්ට අවශ්‍ය සිලබස් එක කවර් කරනතුරු පන්තියේ නිශ්ශබ්දව ඉන්න ළමුන් පමණයි.මීට විරුද්ධව කොපමණ මට අපහාස උපහාස කලත් මම කියන්නේ සම්පූර්ණ සත්‍යයක්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. "කැඩේටින් කරන එකාට ඉගෙනගන්න බෑ කියන මැටිමෝල් මතය තිබුනේ ඉස්කෝලේ යනකාලේ ඉඳලා පොතටම සීමා වෙලා හිටිය උපාධිධාරී ගුරුවරුන් අතරයි." සහතික ඇත්ත..

      විචාරක මහත්මයාගේ බ්ලොග් එක දකිනතුරු මම හිතා හිටියෙත් හමුදා නිලධාරීන් කියන්නෙ තුවක්කුවකින් වෙඩි තියන්න දන්න පිරිසක් පමණක් බවයි.. ඒත් ඒ මතය නිවැරදි කළේ ඔබතුමායි..

      Delete
  21. රන්ටැඹේ ගත කරපු කාලය නැවත මතකයට ගෙන ආවට ස්තුතියි!
    "සුදානම් ‍නොවි නොසිටිනු" ඒ කියන්නෙ සෑම මොහොතකම සුදානමින් ඉන්න.

    ReplyDelete
    Replies
    1. කෑම්ප් ගිය හැමෝටම තියෙන්නෙ බොහෝම සුන්දර මතක සටහන්..

      Delete
  22. ඕනෑම දුෂ්කර කාර්යයක් දුෂ්කරතාවයෙන් වුවද කරගෙන යෑමෙදී දුෂ්කරතාවය පහව යයි.
    ජිවිතේ දිනන්න මට වැඩියෙන්ම උදව්වුනු වදන් පෙල තමයි ඒ. ඒ වදන් පෙල තියෙන ලංකාවේ එකම තැන රන්ටැඹේ කදවුර. අදටත් ගෙදරට පස්සේ ජිවිතේ වැඩියෙන්ම කැමතිතැන...

    (ඒක නෙවෙ කොලුවෝ. අර කියන විදියේ කෑම වේලක් උඹලා කාලා තියේද ඕක ඇතුලේ? )

    ReplyDelete
    Replies
    1. "ඕනෑම දුෂ්කර කාර්යයක් දුෂ්කරතාවයෙන් වුවද කරගෙන යෑමෙදී දුෂ්කරතාවය පහව යයි.
      ජිවිතේ දිනන්න මට වැඩියෙන්ම උදව්වුනු වදන් පෙල තමයි ඒ. "

      ඒ පන්නරය ජීවිතයට එකතු කරගත් කෙනෙක් හමුවීම ගැන ලොකු සතුටක් තියෙන්නෙ..

      "ඒක නෙවෙ කොලුවෝ. අර කියන විදියේ කෑම වේලක් උඹලා කාලා තියේද ඕක ඇතුලේ?" ඔව්... හීනෙන්.. :D

      Delete
  23. මාත් කාලයක් පීටී කරන්න ගියා. ඒක මරු අත්දැකීම. වියතක්කත් නැති පීටි කලිසම ඇඳන් උදේට ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් රයිට් කිය කියා උදේට සරඹ කරනවා. නියමයි.
    ගොඩක් වෙලාවට රංටැඹේ කෑම්ප් එකේදි ගම්පහ බණ්ඩාරයානය ටීම් එක තමයි දිනන්නේ.

    ReplyDelete
    Replies
    1. මං පෝස්ට් එකක් දැම්මා. බලන්න එන්ඩෝ.

      Delete
    2. "වියතක්කත් නැති පීටි කලිසම ඇඳන්" ඔව්වාත් ඇඳන් මිශ්‍ර පාසල්වල තියෙන කෑම්ප් වලට ගියාම අපිට නිකන් කිති කිති වගේ..

      "මං පෝස්ට් එකක් දැම්මා. බලන්න එන්ඩෝ." එන්නාම්..

      Delete
  24. කැඩෙට් නම් කරලා නැතුවා..ඒත් ආසාවෙන් කියැවීමි...

    ReplyDelete
    Replies
    1. කියෙව්වාට ස්තුතියි සුපුන්..

      Delete
  25. කැඩෙට් ගැන ආසාවෙන් විස්තර ඇහුවේ ප්‍රදර්ශනයක කුටියකින්..හරීගෙ ලිපිය කියෙව්වාම ඒ විස්තර ආයෙත් මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ දැයට කිරුළ ප්‍රදර්ශනයෙන් වෙන්න ඇති..

      Delete
  26. අපේ ඉස්කෝලෙත් කැඩෙට් කණ්ඩායමක් තිබුනා. මම කැඩෙට් නොකලත් පංතියේ මිතුරන් කීපෙදෙක්ම ඒ කණ්ඩායමේ හිටියා. උදේට පුහුනුවලට ගෙදරින් එන්නේ 5ට. අපි ඉස්කෝලෙට යන වෙලාවට මුං ඉහින් කණින් දාඩිය පෙරාගෙන පුහුණූවීම්වල යෙදෙනවා. මට ඒනාලෙ හිතුනෙම මේ මොන විකාරයක්ද කියලා. ඇයි තනිකරම හමුදා පාලනයක්නේ කණ්ඩායමේ තියෙන්නේ. වැරදුනාම පණිෂ්මන්ට්. ඒත් ඉතින් මේ අය වසරකට දෙතුන්වතාවක් රටේ විවිධ පැතිවල කඳුරුවලට ගිහින් ඇවිත් ඒ විස්තර කිව්ව වග මතක්වුනේ හරීගේ මේ සටහන නිසා..

    ReplyDelete
    Replies
    1. අපිට පිස්සු කියලා හිතපු මිත්‍රයෝ ඒ කාලෙත් හිටියා දයා අයියේ...

      පුහුණුවීම් කියන්නේ කට්ට තමයි.. ඒත් කෑම්ප් යන්ඩ තියෙන ආසාවට ඒවා කරනවා.. ඊළඟට කෑම්ප් එකෙත් අමු කට්ට.. ඒත් පස්සෙ කාලෙක මතක්වෙද්දි හරිම ආසයි..

      Delete
  27. මම මේ පැත්තට අලුත්.. සිරාගේ කාමරේට ගොඩ වැදුන වෙලාවේ පැත්තක තිබුන කැඩෙට් ගෝනා දැකලා තමයි මේ පැත්තට ගොඩ උනේ..

    කැඩෙට් කිව්වම ආයේ මොනවද ඉතින්.. සේරම අතඇරලා කැඩෙට් කරේ.. අන්තිමට RQ පට්ටමකුත් ඇදලයි නතර උනේ. 2005 වසර වගේ වෙනකොට සුද්දිගේ බිලට් එක පාවිච්චියට ගත්තා. මම ඒකේ ඉදලත් තියෙනවා. ඒ බිලට් එක පාවිච්චි කරන්නනෙ නැති දවස් වලත් වෙන වෙන හොර වැඩ වලට අනන්තවත් ඔය බිපට් එකට රිංගලා තියෙනවා.

    කෑම වේල ගැන නම් කියලා වැඩක් නෑ.. ඔය ඡායාරූපය නම් මම හිතන්නේ ඕල් රෑන්ක් ඩිනර් එකකදී ගත්ත එකක්.. යුනිෆෝම් එකෙන් කෑම කන්නේ දවල්ට විතරයි. එතකොට පෙරඩ් ග්‍රවුන් ඉදන් ඇවිත් දාඩිය නාල තමයි මෙස් එකට රිංගන්නේ. කටට දෙකට කාලා (හපන්නේ නැතුව ගිලලා) දුවනවා.

    උදේ පාන්දර මයිල ගහ යටට පෝලින් වෙන හැටි. ඉදන් මහ රෑට අමු නිර්වස්තරෙන් ටැංකියට බැහැලා නාන හැටි වෙනකම් රසවත් අත්දැකීම් ගොන්නක් තියෙනවා.. ස්තුතියි ඒ ලස්සන අතීතය මතක් කරන්න උදවු කරාට..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.. බ්ලොග් රෝලට දාපු සිරාවත් මතක් කරමුකො..

      "අන්තිමට RQ පට්ටමකුත් ඇදලයි නතර උනේ." ජේකොනොනියෙක්නෙ.

      "2005 වසර වගේ වෙනකොට සුද්දිගේ බිලට් එක පාවිච්චියට ගත්තා. මම ඒකේ ඉදලත් තියෙනවා." පස්සෙ කාලෙක කෑම්ප් ගිය අපේ පොඩි එව්වො ඔය කතාව කිව්වාම මම නම් හිතුවෙ බොරු කියලා..

      "ඒ බිලට් එක පාවිච්චි කරන්නනෙ නැති දවස් වලත් වෙන වෙන හොර වැඩ වලට අනන්තවත් ඔය බිපට් එකට රිංගලා තියෙනවා. " සුද්දිව දැක්කෙ නැද්ද?

      මට පස්සෙ බලනකොට තේරුනා මේක වැරදි පින්තූරයක් කියලා.. දැක්කද කොට්ට උරයක්?

      "උදේ පාන්දර මයිල ගහ යටට පෝලින් වෙන හැටි." මට දැනුත් ඒ ගහකොළ වල සුවඳ දැනෙනවා වගේ..

      ඔබටත් ජය වේවා..

      Delete
  28. 2008ටේ එයාෆෝස් කැඩෙට් පටන්ගත්ත අවුරුද්දෙම තුන්වෙනි බල ඇණියෙ ජශිබෙක්....^_^
    මාරම ජීවිතයක් අප්ප ඒක.........කියල වැඩක් නෑ.....

    ReplyDelete
    Replies
    1. ජශිබෙක් නෙමෙ ජශිභියක්.. :)

      ඔය එක එක එව්වල වෙනස්කම් මොනාද අනේ? අකම ඉස්කෝලෙ ඔක්කොම තියෙනවද? වෙනම වෙනම්ද ඇගයීම් තියෙන්නෙ? අන්තිමට සම්මාන දෙන්නෙත් වෙනමද?

      මෙව්වා දන්නෙ නෑනෙ අපි..

      Delete
  29. මමනම් ඕක කරලා නෑ ඉතින්. බාලදක්ෂියක්නම් වෙලා හිටියා.

    හැබැයි හැමදාම උදේට අපේ ග්‍රවුන්ඩ් එකේ කරන කැඩේට් ප්‍රක්ටිස් දිහා බලන් ඉන්නවා..

    //'ඛණ්ඩයප්... පහසුවෙන් සිටින්' 'ඛණ්ඩයප්... සීරුවෙන් සිටින්' 'ඛණ්ඩයප්.... තුන්පෙළින් දකුණ බලා දකුණටප්... හැරෙන්' 'ඛණ්ඩයප්..... වමින් පෙළ ගමනේප්... යා'//

    මේවා අහං ඉන්නකොට මාර සිරා අප්පා :) අමුතුම විදියකට ගිරිය කඩාගෙන තමා කියන්නේ. ඇයි අහන ප්‍රශ්න වලට භටයෝ උත්තර දෙන්න ඕන "තුමනි" කියලා නේද?

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපි බාලදක්ෂයන්ට කියන්නෙ මෙහෙමයි

      බාල දස්ස
      රෑට කැස්ස
      ගනින් කොස්ස
      බැහැපන් දොට්ට

      "අමුතුම විදියකට ගිරිය කඩාගෙන තමා කියන්නේ" අකුරු කොටනවා ඇරෙන්ඩ කියලා පෙන්වන්ඩ බෑනෙ ඉතින්..

      "ඇයි අහන ප්‍රශ්න වලට භටයෝ උත්තර දෙන්න ඕන "තුමනි" කියලා නේද?"
      තුමියනි
      මම ඒ කිව්වෙ ඔව් කියලා.. 'යෑස් සර්' කියන අර්ථයෙන් 'සර්' කියපු එක අපි 'තුමනි' කියනවා..

      Delete
  30. හරී මීගමුව MSC එකේද? අර "ශිෂ්‍යභටයින්ගේ පිටත්වීම" ෆොටෝ එක MSC එම පාසැල ඉස්සරහ එකක්...

    ReplyDelete
    Replies
    1. "අර "ශිෂ්‍යභටයින්ගේ පිටත්වීම" ෆොටෝ එක MSC එම පාසැල ඉස්සරහ එකක්..." ඔබතුමා/තුමිය මීගමුව අවට කෙනෙක් වෙන්ටැ..
      මූණුපොතෙන් ගත්තු පින්තූර කිහිපයකුත් ශිෂ්‍යභට නිල වෙබ් අඩවියෙන් පින්තූර කිහිපයකුත් තමයි එකතු කළේ..

      Delete
  31. ම්ච්න් හද්සියෙ මෙක කියවෙඋ මෙක ගෑන ටොන් ගනට කතා කරන්ඩ පුලුව්න් මචන් මම අද මෙතන ඉන්නෙ කෑඩෙට් කෙනෙක් නිසා මම

    ReplyDelete
    Replies
    1. හදිසියේ වුනත් පෝස්ටුව කියෝලා අදහස දක්වලා ගිය එක වටිනවා සහෝ..

      Delete
  32. Dan cadets lage course eka mal wela, firing nehe ... Standarded eka madi,.. mama masa 2k hitya ohe 2012 aga, den ena lamaina hoda puhunuwak lebenn nehe, officer mess eke kema melo rahak nehe.mama language course ekak kala NCC eke,Pasasukam nam hugak adui.den nam hamuda puhunuwak lebenn nehe.mama Navy Officer kenek..

    ReplyDelete
    Replies
    1. ෆයරින්ග් නෑ?? එහෙනම් වැඩක් නෑනෙ.. තුවක්කුවකින් වෙඩි තියන්ඩ ආසාවෙන්ම කඳවුරට ආපු ඇත්තො කොච්චර හිටියද? විචාරක මහත්මයා කියන විස්තර අනුව මුල්ම කාලෙ කැඩෙට්ලට හොඳ පුහුණුවක් ලැබෙ තියෙනවා.. අපේ කාලෙදි ඒ පුහුණුවෙන් භාගයයි.. මේ කියන විස්තරයේ හැටියට දැන්නම් හොඳටම දියාරුවෙලා වගෙයිනෙ.. අපි දන්න හැටියට අපේ කෑම හොඳ නැති උනත් ඔෆිසර් මෙස් එකේ නම් හොඳ හොඳ කෑම බීම තියෙනවා..

      Delete
  33. masa 2k ekadigata hiyath holman nam dekke nehe... .mess manager NCC nam danawath wenawa foos melo rahak nehe.NCC officersla(school Teachers) ta hoda military training ekakk denna ona...

    ReplyDelete
    Replies
    1. හොල්මන් දකින්න හොල්මන් බිලට් එක පැත්තෙ යන්ඩ ඕනා.. :) සමහරවිට යන එවුන්ම වෙන්ඩ ඇති හොල්මන් කරන්නෙ.. ඉස්කෝල වල ගුරුවරු බඳවාගන්න අයට නම් හොඳ පුහුණුවක් නෑ තමයි.. ඒගොල්ලො ආසාවට එනවා.. මාර්ච් කරන එකයි ලෙක්චර්ස් කටපාඩම් කරන එකයි නෙමෙයි කැඩෙට් කියන්නෙ කියලා ඒගොල්ලො තේරුම්ගන්න ඕනා..

      Delete
  34. කවදාවත් cadet කරලා නෑ. අපේ Western Band එක නම් Cadet Band එකක් කරනවා කිය කිය තිබ්බාට ඉස්කෝලෙන් අයින් වෙනකන්ම වුනේ නෑ.

    Cadet ගැන ගොඩාක් දේ දැනගත්තා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ගිහාන් සහෝදරතුමා කැඩෙටින් නොකළාට බෑන්ඩ් එකේ ඉඳලා තියෙනවා..

      මාත් බෑන්ඩ් එකේ හිටියා.. එකම එක දවසක්.. :)

      Delete
  35. මමත් අවුරුදු ගනනාවක්ම cadeting කරපු නිසා හිතට දැනෙන article එකක්.. cadeting කරපු කාලේ තමා මගේ ජීවිතේ හොඳම කාලේ.. 10 වසරෙදි පටන්ගත්ත එක RSM වෙලා තමා ඉවර වුනේ.. එ වගේම කියන්න ආඩම්බරයි, මගෙ cadeting ජීවිතයේදී අපි දෙවතාවක්ම de zoysa champions වුනා..

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම හිතුවෙ මේ ශිෂ්‍යභටයෙක් කියලා.. බලද්දි ශිෂ්‍යභටියක්නෙ.. :)

      RSM වුනා කිව්වාම හිතාගන්ඩ පුළුවන් කැඩෙටින්ග් ඇඟේ තිබ්බ තරම..

      හඳුනාගන්ඩ ලැබුනාට සන්තෝසයි..

      Delete
  36. ලොවෙත් නෑ.. ජිවිතේ ලබපු සුපිරිම අත්දැකීම... ජිවිතේ ගොඩාක් දේවල් වෙනස් වෙනවා.. දුෂ්කරතා මැද වැඩ කිරිම.. ඉවසීම.. එකමුතුව.. කන්ඩායමක් විදිහට වැඩ කිරිම.. බෙදා හදා ගැනීම.. ඕන අවස්ථාවකට මුහුණ දීම.. හොදම දේ තමා කම්මැලිකම නැති වීම.. ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන් තැනක්.. මම තවම ආදරෙයි කැඩට් ජීවිතේට.. අපි කෑප් එකේ ඉද්දි දවසක් මයිල ගහක් යටට වෙලා ඉද්දි අපේ එකෙක් ඇනකුටු ගහගෙන කියනවා..

    "අඩේ අරැන් අහරේ විභාග වලට නිදි මරාගෙන පාඩම් කරනවා.. අපි මෙහෙ ඇවිල්ලා තුවක්කු කරේ තියන් දගලනවා.. ඈ බන් අපිට පිස්සුද කියලා ඇහුවා.."
    (උට ආදරේට කිව්වේ සිකා කියලා..)

    පැටුන් එකේ බාගෙකට මරැනේන හිනා.. මු හිනා වෙවි කිව්ව විදිහට..
    බොක්කුවයි බොරලු කන්දයි ජීවිතේට අමතක වෙන්නේ නෑ..

    වැලි මිටේ උඩ නහර රිදෙනකම් තුවක්කුවන්ම එල්ලන් හිටියා.. තාම මතකයි... ඇත්තටම අවිය අතට ගත්තාම ඔය කිසි හොල්මනකටවත් බයක් දැනුනේ නෑ මට නම්.. මට වඩා පොරක් නෑ කියලා හිතුනා.. මගේ හිතට දැනුන විදිහ..

    එහෙම හිතුනට මන් එහෙම පොරක් නෙමෙයි හොදේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ.. එතනින් ලබපු පන්නරය නම් ජීවිතේට ගොඩක් වටිනවා..

      හැබැයි කෑම්ප් එකේ කට්ට කද්දි නම් වෙලාවකට හිතෙනවා අපි මොන බූරුවෝද කියලත්.. ඒත් කෑම්ප් ගිහින් ගෙදර ඇවිල්ලා ඒවා මතක් කරද්දි දැනෙන සතුට කියා නිම කරන්ඩ බෑ..

      "එහෙම හිතුනට මන් එහෙම පොරක් නෙමෙයි හොදේ..... " :D

      Delete
  37. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. New NCO ranks are...

      CQ = C.J.U.O
      CSM = C.S.U.O
      RQ = B.Q.M.U.O
      RSM = B.U.O

      Delete
    2. ස්තුතියි යාලුවා..

      කටට හුරුපුරුදු අකුරු දෙකේ තුනේ නම් වෙනුවට හෑල්ලක් කියවන එක නිකන් නුහුරුයි වගේ..

      බී කිව් එම් යූ ඕ .. දිව පැටලෙනවා.. :)

      Delete
  38. මාත් අවුරුදු 5ක් කෑම්ප් ගියා, එත් ඔය කිව්ව සුද්දී ව නම් දැකල නෑ. ඔය සුද්දීගේ කතාව සිනියර්ස්ල කෑම්ප් යන්න කලින් ජුනියර්ස්ලට කියන්නේ පොඩි උන් රෑට තනියෙන් එහෙ මෙහෙ යන එක නවත්තගන්නයි...... නැත්නම් පොඩි උන් එහෙ මෙහෙ රවුම් ගැහුවොත් සිනියර්ස්ල එපැයි කට්ට කන්න.......අපි ජුනියර්ස් ල කාලේ අපේ සාජන්ලා, කොප්‍රල්ලා අපිවත් බයකලා. අපිත් සාජන්ලා, කොප්‍රල්ලා වෙද්දි අපේ ජුනියර්ස්ලව බය කරල බිලට් එකේම තියාගත්තා..... මම නම් කියන්නේ ඔය සුද්දිගේ කතාව ඉදිරියටත් තියෙන්න ඕනි, එකෙන් අමුතුම ත්‍රිල් එකකුත් ලැබෙනවනේ .............
    හැබැයි 2010, 3 වන බලඇණි ඇගයීම් කදවුරේදී නම් කොල්ලෙක්ට යකෙක් වැහුන වගේ දෙයක් උනා. එක බොහෝ විට වෙන්න ඇත්තේ, ඒ කොල්ලව ඒ ස්කොලේ සිනියර්ස්ල බය කරලා තියෙන්න ඇති.
    මොනවා උනත් කෑම්ප් එකේ මතකයන් වගේම සුද්දිගේ මතකයනුත් එක පාරක් හරි රන්ටැඹේ කැම්ප් ගිය එකෙක්ට අමතක කරනවා බොරු ..............

    ReplyDelete
    Replies
    1. තවත් කැඩෙට් කෙනෙක්ව හඳුනාගන්ඩ ලැබීම සතුටක්..

      මාත් ඉතින් දැකපු සුද්දියෙක් නෑ.. අපි ඇහුවෙත් සීනියර්ස්ලා වගේම අනික් ඉස්කෝලවල කැඩෙට්ලා කියපු දේවල් තමයි.. ඔව්.. සුද්දිගෙ කතාවෙ ත්‍රිල් එක හොඳටම ලැබෙන්නෙ බැරිවෙලාවත් රෑක බිලට් එකේ ඉන්ඩ වෙන එකෙකුට.. :)

      අපි යන කාලෙත් පිරිත් දාලා තිබ්බා කියලා නම් මතකයි.. ඔය සුද්දිගෙ සීන් එක හින්දම සුද්දි වගේ ඇඳගෙන හොල්මන් කරන එවුනුත් ඇති.. මහ රෑට ඔෆිසර්ලා වගේ බිලට් වල ඉන්න එවුන්ව ඇහැරවන උනුත් ඉන්නෙ..

      Delete
  39. අහම්බෙන් මේ පෝස්ට් එක දැක්කෙ..ශිෂ්‍යභට ජීවිතේ ආයෙත් මතක්වුනා..මමනම් හිටියේ කැඩෙට් බෑන්ඩ් එකේ. අපිට අවි පුහුණුව එහෙම ලොකුවට නැතිවුනාට කැඩෙට්ලට වඩා වැඩ ගොඩයි..ඇයි මියුසික් ප්‍රැක්ටිස් තියෙනවනේ :D මං කැඩෙට් වලට සම්බන්ද වුනේ අහම්බෙන්..මගේ පන්තියේ එහාපැත්තේ හිටපු යාලුව කැඩෙට් කලා..2007 කෑම්ප් යන්න ලන්වෙලා ඌ කියනව "මාර වැඩෙ බන්..කෑම්ප් යන්න එකෙක් අඩුයි" කියලා. මං ඇහුව මං සෙට්වෙන්නද කියලා..ඔන්න ඔහොමයි මං කැඩෙට් පටන්ගත්තේ..මට සතියක් විතර පුහුණුව හම්බුනා, කෑම්ප් ගියා. පලවෙනි කෑම්ප් එක තමා ආතල්ම..මං ඉතින් අහුලන් ආපු එකානේ..මට එච්චර වැඩත් නෑ, කවුරුත් මුකුත් කියන්නෙ, ගහන්නෙ බනින්නෙත් නෑ..ෆුල් අයිස :D කෑම්ප් ඉවරවෙල ඉස්කෝලෙට ආවම සාජන්ට් ඇහුව "මල්ලි, දිගටම බෑන්ඩ් එකේ ඉන්නවද" කියලා..ඊට්පස්සෙ සීනියර් පැඩ්ඩ්‍රිල් එක හම්බුනා.. අම්මෝ..එහෙම කට්ටක්..!! ඊටපස්සෙ තමා මං හරියටම කැඩෙටින් කියන්නෙ මොකද්ද කියල දැනගත්තෙ..කොහොමින්හරි මාව එක්කන් ගිය යාලුවත් අන්තිමට අයින්වුනා..මං දිගටම කැඩෙට් කලා.. ජීවිතේට එකතුකරගත්තු අත්දැකීම් ගොඩායි.. ඒවා මාර වටිනවා..ඒත් දැන්නම් ශිෂ්‍යභට බලකාය ගැන දුකයි.. ඒ කාලේ මෙස් ඩියුටි කියන්නේ ඩියුටි ඉවරවෙලා බිලට් එකට ආවම අනිවා ගුටි තමයි.. ඒත් දැන් මෙස් නෑ, බුෆේ.. හර්මන්ලූස් කප් එකේ නමත් 'මේජර් ජෙනරල් ජයසුන්දර අභියෝග ශූරතාව' හොඳම කැඩෙට් බෑන්ඩ් එකට දුන්නු 'මේජර් ජෙනරල් ටී.අයි. වීරතුංග' ශීල්ඩ් එකෙත් නම ජයසුන්දර.. සොයිසා කප් එකෙත් නම වෙනස් කරලද දන්නෙ නෑ.. පොලිස් කැඩෙට් හිටන් පටන් අරන්.. මට හිතෙන විදිහට මේ වැඩවලින් වුනේ කැඩෙටින් වල ''ගතිය'' ගිය එක.. අනේ මන්ද.. පෝස්ට් එකට ගොඩාක් ස්තූතියි හරී..! :))

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් කැඩෙට් වලට සම්බන්ධ වුනත් පස්සෙ ජීවිතේම කැඩෙට් වෙලා වගෙයි පේන්නෙ..
      අපේ ඉස්කෝලෙ කැඩෙට් බෑන්ඩ් එකක් නොතිබිච්ච නිසා බෑන්ඩ් එකකට ලැබෙන්නේ මොන වගේ අත්දැකීම්ද කියන්න මම දන්නේ නෑ..

      අඩුපාඩුවක් වෙච්ච වෙලේ උදව්වට ආපු මනුස්සයා හින්දා ජොලියේ ඉන්ඩ ලැබෙන්ඩ ඇති..

      ඔයා අන්තිමට කියලා තියෙන කතාව නම් ඇත්ත.. ශිෂ්‍යභට ව්‍යාපාරය එන්න එන්නම යන්නේ පරිහානිය පැත්තට බව තමයි මටත් පේන්නෙ.. විචාරක මහත්මයලා කියන විස්තර ඇහුවම අපි කළේ කැඩෙටින්ද කියලා හිතෙනවා.. ඊළඟ දැන් තියෙන විස්තර ඇහුවම අපේ කාලෙ කොච්චර හොඳ ද කියලත් හිතෙනවා.. අපේ ඉස්කෝලෙ ප්ලැටූන් එකත් නේවි කරලාලු.. 'හරියට හෝල්ට් එකක් ගහන්නේ නැතිව මොන කැඩෙට්ලාද?' කියලයි අපි කතාවුනේ..

      කප් වල නම වෙනස් කරලා බව දන්නෙත් අදයි යාළුවා.. හෙළ ජාතික අභිමානෙ නංවන්න වෙන්න ඇති.. :)

      Delete
  40. පෝස්ට් එකනම් ගොඩක් හොදයි මමත් කැඩෙට් කෙනෙක් .ඒ උනාට ඔය කියපු සමහර දේවල්නම් දැන් ටිකක් වෙනස් දැන් අපිට කෝල් ගන්න කැන්ටින් එක ගාවම වෙනම තැනක් තියෙනවා හැබැයි කතාකරන්න පුළුවන් උපරිම විනාඩි 2 එකටත් පැය ගානක් පෝලිමේ ඉන්න ඕනේ.ඒ විනාඩි දෙකට රු.20ක් දෙන්නත් ඕනේ.ඒ වගේම ඉස්සර වගේ දැන් හැදී ගෑරුප්පු වලින් කන්න නැහැ කන්න තියෙන්නේ අතින්ම තමයි

    ReplyDelete
    Replies
    1. අපි යන කාලෙත් සල්ලි දාලා කතාකරන්න පුළුවන් පොඩි කුටියක් තිබ්බා.. ඒත් ඔහොම රුපියල් විස්සක් නම් ගත්තෙ නෑ.. ඒ කාලෙ අපේ ගෙදරට පෝන් තිබ්බෙ නැති නිසා මම නම් කෝල් අරගෙනම නෑ..

      //ඒ වගේම ඉස්සර වගේ දැන් හැදී ගෑරුප්පු වලින් කන්න නැහැ කන්න තියෙන්නේ අතින්ම තමයි // අයියෝ.. ඒ කියන්නෙ හැඳි ගෑරුප්පු වලින් මුරුංගා කන ෆන් එක නෑ..

      Delete
  41. මේකේ තියෙන දේවල් දැක්කම දුකයි කොහොම අත්දැකීම් ළමයින්ට දීපු බලකායද විනාශ වේගෙන යන්නේ කියලා හරි එකට කමක් නැහැ මේකේ කොමෙන්ට් දන මහත්වරුන්ගෙන් මම කරිනික ආයාචනයක් කරනවා පුලුවන්නම් රියල් කැඩෙට් කියන පේස්බුක් පිටුවට ගිහින් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාල ඒ පිටුවේ තියෙන ෆොටෝ වලින්ම බලකායේ අලුත්ම තත්වය බලාගන්න කියලා අපි එකතු වෙලා මේ ආයතනය වර්තමාන හොරුන්ගෙන් බේරාගමු මම හිතන්නේ රියල් කැඩෙට් එකට හොඳම තැන මොකද එකේ විශාල පිරිසක් ඉන්නවා පරණ කැඩෙට් ල ඒ වගේම ජාශිබ ට ආදරය කරන ගොඩක් අය එකතුවෙච්ච තැනක තමයි රියල් කැඩෙට් පේස්බුක් පිටුව ඔයාලගේ ළඟ තියෙන පරණ ෆොටෝස් විස්තර ඔයාලට පුළුවන් එකේ පල කරන්න

    ReplyDelete
    Replies
    1. ඔව්.. මේ ආමි, නේවි , පොලිස් මකබාවක් ගෙනත් බලකාය කෑවා කියලා තමයි මට හිතෙන්නෙ.. දැන් ඉස්සර තිබ්බ ගතිය නෑ.. සමහරවිට අපි නොදකින හොඳ පැත්තකුත් තියෙනවාද කියන්න දන්නෙ නෑ..

      Delete
  42. විචාරක තුමාගේ බ්ලොග් එකට කාලෙකට පස්සේ එබිකම් කරලා බලද්දී පැත්තෙන් "ශිෂ්‍යභාටයා" කියන හෙඩිම දැකපු නිසා මේ පැත්තටත් ඇවිල්ලා බලලා යන්න හිතුනා.

    කැඩෙට් කළා කිව්වට ඉතින් මම හිටියේ නම් කැඩෙට් බෑන්ඩ් එකේ. ඒ දවස්වල ඉස්කෝලේ අයියලා උදේට ග්‍රවුන්ඩ් එකේ "පීටී" කරනවා එහෙම දැකලා තිබුණු නිසා මටත් මාර ආසාවක් තිබුණේ කැඩෙට් කෙනෙක් වෙන්න. බාලාංශේ ඉඳලම ඉස්කෝලේ Western Band එකේ හිටපු නිසා 7 වසරේදී විතර කැඩෙට් බෑන්ඩ් ඒකට රිංගගන්න චාන්ස් එකක් ලැබුණා. මට කෙරුවේ ට්‍රම්පට් ගහපු එක. අපි බෑන්ඩ් එකේ හිපපු නිසා අනෙක් අයට තරම් අවි පුහුණුව වගේ දේවල් ගැන එතරම් අත්දැකීම ලැබුණේ නෑ. ඒ වුණාට හොඳට පනිශ්මන්ට් එහෙම කෑවේ නැහැයි කියන්න බෑ. හිතේ කොච්චර ආසාවෙන් ගියත් මුල් කාලේ නම් "පීටී" එහෙම කෙරුවේ හරිම අමාරුවෙන්. ඒ කාලේ අනෙක් අය කරන දිහා ආසාවෙන් බලාගෙන හිටියට මුලින් මුලින් කරද්දී තමා වැඩේ. ඊටත් වඩා අමාරු වුණේ උදේට අර යන්තම් වියතක් තරම් දිග සුදු ෂෝට ඇඳගෙන කොළඹ පාරවල්වල් ගානේ දුවන එක. එහෙම යද්දී විශේෂයෙන්ම කෙල්ලෝ එහෙම බලද්දී හිතට මාරම අප්සෙට්. පහු වෙනකොට නම් ඉතින් ඕක පිටින් ගෙදර යන තරමටම ගානක් නැතිව ගියා. ඒ වගේම බෑන්ඩ් රූම් එක අස්සේ සද්දේ දාලා අහපු බැනුමුත් කියලා ඉවරකරන්න බැරි තරම්.

    කොහොමහරි ඉතින් ගෙදරිනුත් එපා කියද්දී අවුරුදු 5ක් 6ක් තිස්සේ කැඩෙට් බෑන්ඩ් එකේ ඉඳලා ලබපු අත්දැකීම් දිහා බැලුවහම ඒ වැයකරපු කාලේ වටිනාකම කොච්චරක් ද කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කැඩෙට් බෑන්ඩ් එකක හිටියා කියන්නෙත් හොඳ අත්දැකීමක් තමයි.. පීටී ශෝට් එකේ කතාවනම් ඇත්ත.. එව්වත් ඇඳගෙන බාලිකා පාසල් ගාවින් යද්දි හරි නැත්නම් ඒ වගේ එකක කෑම්ප් එකකට ගියාම හරි මාරම ලජ්ජයි.. මතක් වෙද්දිත් හිනා යනවා..

      සද්ද දැමිල්ලට කෑගහන එකයි මොනතරම් හයියෙන් ගියත් ඩබල් එකේ එන්ඩ කියන එකයි ලොකු අයියලාගෙ කටේම තිබ්බ දෙයක්නෙ.. අනික මෙස් එකේ හිටපු RQ, CSM ලට එහෙම වෙන කියන්න වචන තිබ්බෙ නැද්ද මන්දා? හැමතිස්සෙම පුටු සද්ද කරන්න එපා කියාගත්තු ගමන්නෙ..

      මටත් ඒ ලබාපු අත්දැකීම් අමතක වෙන්නෙ නෑ..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...