අපි මේ ලිපි පෙළ පටන් ගත්තෙ ලන්දේසීන් ලංකාවට ගොඩ බැහැලා රෝමානු කතෝලිකයන්ට
එලව එලවා පහරදෙන්න ගත්ත තැනින්. ඔවුන් කරපු දේවල් පළවෙනි ලිපි දෙක කියවපු
අය දන්නවා ඇති. ඒ විදිහේ තාඩන පීඩන වලට ලක්වෙලා තමුන්ගෙ ආගම අදහාගන්න බැරුව
හිටපු රෝමානු කතෝලිකයන් හොයාගෙන තමයි ජුසේවාස් පියතුමා ආවෙ. පියතුමාගෙ
ජීවිත කතාවෙ මුල් කොටසත් එතුමා ලංකාවට ආපු හැටිත් ලන්දේසීන්ගෙන් නූලෙන්
ගැලවුනු හැටිත් ඒවගේම මහනුවරදි හිරබත් කාපු හැටිත් මුල් ලිපි වලින් මම
කිව්වා.
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 2 කොටස
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 3 කොටස
දැන් ඉතිරි ටික..
ජුසේවාස් පියතුමාට පූර්ණ නිදහස ලැබුණු බව මතකයිනෙ. ඒ පූර්ණ නිදහසත් එක්කම රාජකාරී අතිනුත් යම් නිදහසක් ලැබුනා. මොකද සහයට පියතුමන්ලා දෙන්නෙක් ආපු නිසා. ඉතින් මේ ආපු එක පියතුමෙක්ට නුවර ප්‍රදේශයත් අනිත් පියතුමාට පුත්තලම ප්‍රදේශයත් භාරවෙනවා. වාස් පියතුමා හදන්නෙ මෙතෙක් කලක් තමුන්ට පය ගහන්න නොහැකි වෙච්ච කොළොම්පුරයට පය තියන්න. හැබැයි මේක බොහොම භයානක වැඩක්. කොළොම්පුරයම ලන්දේසීන්ගෙ අධිරාජ්‍යයක් වෙලායි තිබුනෙ.
ඒත් ඒ භයානක වැඩේට කලින් තවත් භයානක වැඩක් ආරම්භ වෙනවා. ඒ 1697 සැප්තැම්බර් මාසෙදි. නුවර පළාතෙ වසූරිය වසංගතය පැතිර යනවා. බෙහෙත් නොමැති මාරාන්තික රෝගයක් වූ වසූරිය වැළඳෙන අයව කැලේට ගිහින් දැමීම තමයි සිදුවෙන්නෙ. මොකද තමුන්ටත් බෝවෙයි කියන බයට වසූරිය හැදිච්ච ගෙයක් අහල පහලකින්වත් මිනිස්සු ගියේ නෑ. කැලේදි එක්කො ලෙඩාව සත්තු කනවා නැතිනම් බඩගින්නෙ මැරෙනවා. මේ වගේ බොහෝම දුඛිත තත්වයක් කන්ද උඩරටට ඇතිඋනා. වසංගතය දරුණු වෙද්දි තැන තැන මිනිස්සු මැරෙන තත්වයටම නුවර පත්වුනාලු. රජු පවා තාවකාලිකව කන්ද උඩරට අතහැර යනවා.
නමුත් ජුසේවාස් පියතුමාත් අනෙක් පියතුමන්ලා දෙදෙනාත් මේ කිසිවෙකින් පලා ගියේ නෑලු. ඔවුන් තමයි නුවර ඉතිරිවෙච්ච ලෙඩ්ඩුන්ට සාත්තු කිරීම කරලා තියෙන්නෙ. ලෙඩ්ඩුන්ට කැඳ පෙවීම, තුවාල සෝදා පවිත්‍ර කිරීම වගේම මියගිය අයව වැළලීම වගේ දේවල් කෙරිලා තියෙන්නෙ මේ පියතුමන්ලාගේ දෑතින්. දවසේ පැය කිහිපයක් පමණලු එතුමන්ලාට නිදාගැනීමට ලැබුනෙ. අවසානයේදී වාස් පියතුමාටත් වසංගතය වැළඳුනාලු. නමුත් වාසනාවකට එතුමා මිය යන්නේ නෑ. එතුමාට සුවය ලැබෙනවා. එහෙත් ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා පසුව නිතර නිතර ලෙඩ රෝග වැළඳෙන තත්වයට එතුමා පත්වුනා.
බොහෝ දෙනෙකුට මරණය ළඟා කරලා, කාලෙකට පස්සෙ වසූරිය වසංගත මැකී ගියා. සියල්ල කෙමෙන් කෙමෙන් යථා තත්වයට පත්වෙන්න ගත්තා. වසූරි වසංගතයේදී කළ කී දේවල් නිසා වාස් පියතුමාව, නුවර මිනිසුන් හැමෝම පාහේ උතුම් කොට සැළකුවාලු. ඉතින් නරක කාලය අවසන් උනාට පස්සෙ පියතුමා කල්පනා කරන්නෙ කොළොම්පුරයට යෑමේ අදහස ඉටුකරගන්න.
අපි ටිකකට පෘතුගීසි පාලන සමයට ආපහු ගියොත් ඒ කාලෙ ජාවත්තේ ගැළවීමේ අප ස්වාමිදූ (Our Lady of Deliverance, Nossa Senhora do Livramento) නමින් කතෝලික දේවස්ථානයක් ඉදිවෙලා තියෙනවා. මේ දේවස්ථානය වටා බොහෝ කතෝලික පිරිස් හිටියා වගේම ඈත ගම්වල ඉඳලත් මිනිස්සු මේ දේවස්ථානයටම එන්න විශේෂ හේතුවක් තිබුනා. හේතුව තමයි ඒ දේවස්ථානයේ ළිඳේ ජලය බොහෝම බලගතු යයි විශ්වාසයක් තිබීම. තමුන්ගේ ලෙඩරෝග වලට සුවය පතා බොහෝ දෙනා එම ළිඳේ ස්නානය කළාලු.
ලන්දේසීන්ගේ කාලය වෙනකන්ම ඒ චාරිත්‍රය තිබිලා තියෙනවා. මේක දිරෙව්වෙ නැති ලන්දේසීන් කරන්නේ දේවස්ථානය විනාශ කරදැමීම. ගම් වලට පොදු ළිං භාවිතයේ තිබ්බ ඒ කාලෙ මහජන පාවිච්චිය සඳහා ළිඳ ඉතුරු කරන්නැති කියලා හිතෙන්නෙ හිඟන වෙස්ගෙන කොළොම්පුරයට ඇතුළුවන ජුසේවාස් පියතුමා, කතෝලිකයන් සොයායාම අරඹන්නෙ මේ ළිඳ ගාවින් නිසා. එතුමා විවිධ වේශ වලින් හිටිමින් කතෝලිකයන් හඳුනාගන්නවා. සමහරදාට ළිඳ ගාව රෙදි හෝදන කාන්තාවක් විදිහටත්, තවත් දවසකට වළලු වෙළෙන්ඳෙක් විදිහටත් තවත් දවසකට පණිවිඩකරුවෙක් විදිහටත් ඉඳලා තියෙනවා. මේ ළිඳත් පස්සෙ කාලෙක ලන්දේසීන් විසින් කඩලා දාලා මුළු පල්ලියේ වත්තම සුසාන භූමියක් බවට පත්කළාලු. ඒක තමයි අද ජාවත්ත පොදු සුසාන භූමිය. ළිඳ තිබ්බ තැන නැවත හොයාගත්ත කතන්දරේ මෙතැනින් බලන්න.
ඒ කාලෙ කොළඹ හිටපු සමහර පෝසත් කතෝලිකයෝ තමුන්ගේ වස්තුව ලන්දේසීන්ගෙන් බේරාගැනීමට ප්‍රසිද්ධියේ රෙප්‍රමාදු ආගම වැළඳගත්තත් රහසින් කතෝලිකව ඉඳලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ ආරක්ෂාව යටතේ ඒ ගෙවල්වල මෙහෙකරුවෙක්ගේ චරිතය රඟපාමින් ජුසේවාස් පියතුමා ජීවත්වෙලා තියෙනවා.
මෙහෙදී රාත්‍රී කතෝලික සභාවන්ට අමතරව තවත් අලුත් දෙයක් වාස් පියතුමා හඳුන්වා දෙනවා. ඒ තමයි "මොහොප්පු රාළ" හා "අන්නාවි" නමින් ගිහි තනතුරු ඇතිකිරීම. රෝමානු කතෝලික සභාවේ පියතුමන්ලාගේ හිඟය පියවෙනතුරු මේ මෑතක් වෙනකන්ම අන්නාවි වරු විශාල සේවයක් ඉටු කරා.
අන්නාවි තනතුර ගැන ටිකක් කියන්නම්කො. මේ කියන්නේ පොදුවේ අන්නාවි තනතුර ගැන මිසක් ජුසේවාස් පියතුමාගෙ කාලෙ අන්නාවි තනතුර ඇතිවුන හැටිම නොවන වග මතක තියාගන්ට ඕනෙ. මම කලින් පෝස්ට් එකකත් කිව්වානෙ ඉස්සර හැම දේවස්ථානයකම පියතුමන්ලා නොසිටි වග. (ඒක තාම ඩ්‍රාෆ්ට් එකේ :) ) හරි.. හරි හැම දේවස්ථානයකම පියතුමන්ලා නොසිටි බව හිතාගන්ඩකො ඒ ඇති.
ඉතින් ඒ දේවස්ථානයට නිතරම යන එන ධර්මය ගැන හොඳ අවබෝධයක් විශ්වාසයක් ඇති මනා කළමනාකාරී හැකියාවකින් යුතු කෙනෙකුට අන්නාවි තනතුර පිරිනැමුනා. පියතුමෙකු දේවස්ථානයේ නොසිටි නිසා එහි පාලන කටයුතු හා ජනතාවගේ වත්පිළිවෙත් (ගිහියෙකුට කිරීමට බලය ඇති) ඉටු කෙරුනේ අන්නාවි අතින්. කොටින්ම කිව්වොත් දේවස්ථානයේ පියතුමාට පහළින් බලය තිබුනේ අන්නාවි මහත්මයා අතේ. ඔහු තමා පියතුමා වෙනුවට ජනතාව මෙහෙයවූයේ. නමුත් පසුකාලීනව පියතුමන්ලාගේ වැඩිවීමත් එක්ක අන්නාවි තනතුර අහෝසිවී ගියා.
මම හිතන හැටියට අන්නාවි තනතුර දැරූ අයගෙන් ජීවතුන් අතර ඉන්නේ බොහෝම ස්වල්පයයි. අපේ අහළ පහළ ඉන්න අවුරුදු අනූ ගණනක් පමණවෙන සීයා කෙනෙකුත් අන්නාවි තනතුර දරලා තියෙනවා. අන්නාවි කෙනෙකුගේ ශ්‍රද්ධාව හා දහම් දැනුම පිළිබඳ වෙන උදාහරණ මොකටද? ඇස් දෙකත් නොපෙනී ඇඳෙන් නැගිටගන්න බැරිව ඉන්න එතුමාත් තවම සේවයේ. ඉස්සර පාවිච්චි කරපු යාච්ඤා පොත් වල අකුරු නොපෙනුනත් එදා පාවිච්චි කරපු ආසිරි පැන් ඉසිනය තවමත් වැඩ. අදටත් මිනිසුන්ට අනුශාසනා කරන්න උපදෙස් දෙන්න එතුමා සතු හැකියාව ගැන හිතෙනකොට ඒ කාලෙ කොහොම තියෙන්න ඇතිද කියලා හිතෙනවා.
මම හතරෙ පහේ ඉන්නකොට තමයි ඒ සීයගෙ ඇස් නොපෙනි ගියෙ. ඒ කාලෙ මම පොඩි එකා යනවා යාච්ඤා පාඩම් කරන්න. මම පාඩම් කරන්න නෙමෙයි ඒ සීයට පාඩම් කරවන්න. මොකද ඇස් නොපෙනී ගිය ගමන් ඒ සීයා කරේ ඔක්කොම යාච්ඤා පාඩම් කරගත්තු එක. ඒ වගේම ඒ කාලෙ සීයට බයිබලය වගේම පොත් පත්තර කියෙව්වෙත් මම. දැනුයි මට හිතෙන්නෙ නොදැනිම මමත් ඒවා කියෝලනෙ කියලා. ඒ අන්නාවි මහත්මාට දීර්ඝායුෂ පතමු.
ඉතින් ආයෙත් කෝච්චිය පීල්ලට දාගෙන ගමන පටන්ගත්තොත්, ජුසේවාස් පියතුමාට කොළඹත් වැඩිකල් රැඳෙන්න ලැබුනෙ නෑ. වටින් ගොඩින් ආරංචිය ගියා ලන්දේසීන්ගේ කනට. ඒත් ලන්දෙසීන් ක්‍රියාත්මක වෙද්දි එතුමා මීගමුවෙ. මීගමුවේදී එතුමා රැඳී සිටින්නේ දොන් අෆෝන්සු පෙරේරා නැමැති ලන්දේසීන්ගේ රජයට සේවය කළ මුදලි කෙනෙකුගේ රැකවල් පිට. ඉන්පස්සෙ ගුරුබැවිල, මල්වාන, සීතාවක සබරගමුව යන ප්‍රදේශවලත් සැරිසරනවා. මම ලිපි මාලාව පටන් ගනිද්දි කියපු කළුතර සිද්ධිය වෙලා තියෙන්නෙත් මේ චාරිකාව අතරතුර.
ඊළඟට එතුමා යන්නෙ යාපනයට. මේ චාරිකාවෙදි මාන්තොට, මන්නාරම, වන්නිය ආවරණය කරන්න පියතුමා සමත්වෙනවා. කලින් නත්තල් දවසේ ජීවිතය ගළවාගත්තා වගේ සිද්ධියක් මෙහිදීත් උනාලු. ලන්දේසීන් ඇවිත් සියලුම තැන් පරීක්ෂා කළත් පියතුමා රැඳී හිටපු කූඩාරම පරීක්ෂා කළේ නෑලු.
යාපනය චාරිකාව නිමා වෙනවාත් එක්කම තමයි තවත් පියවරු කීපදෙනෙක් ලංකාවට එන්නෙ. ඒ 1705දි. මේ පියතුමන්ලා අතර ඉන්නවා ලංකාවේ සාහිත්‍යයට විශාල සේවාවක් කරපු පියතුමෙකුත්. ඔව්. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා. දැන් පියතුමන්ලා දහයකට ආසන්න ගණනක් සිටීම නිසා ලංකාවේ වැඩකටයුතු කිරීම තවත් පහසු වෙනවා. ඒ නිසා ලංකාව ප්‍රදේශවලට බෙදාගෙන පාලනය කරන්න තීරණය කරනවා. මේ තීරණය නිසා ජුසේවාස් පියතුමාව ඒ සියල්ලේම නායකයා කොට අගරදගුරු ධූරයට සමාන පත්වීමක් ලැබෙනවා. නමුත් වාස් පියතුමා ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවා.
ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාත් ජුසේවාස් පියතුමාත් එකතුවෙලා මෙතුවක් කලක් පෘතුගීසි භාෂාවෙන් තිබ්බ පොත්පත් සිංහලට පරිවර්තනය කරනවා. මේ නිසා වෙන්න ඇති දැනට භාවිතයේ තිබෙන ගොඩක් කතෝලික ආගමට සම්බන්ධ සිංහල වචන, ඉංග්‍රීසි ඌරුවෙන් බොහෝ ඈත තිබෙන්නෙ. මොකද ඒ වචන බිඳිලා ඇවිල්ලා තියෙන්නෙ පෘතුගීසි භාෂාවෙන්. මීට අමතරව සිංහල ගීතිකා ආදියත් රචනා වෙනවා.
මේ විදිහට ජුසේවාස් පියතුමාගේ අප්‍රමාණ කැපවීම හින්දාත් අනික් පියතුමන්ලා ලබාදුන් නොමද සහය හින්දාත් මියයන්න පණ අදිමින් හිටපු ලංකාවේ රෝමානු කතෝලික ආගම ආයෙ දනිපනි ගහන තත්වයට පත්වෙනවා.
ඔය විදිහට පියතුමා කාර්‍යබහුල අවුරුදු කීපයක් ගෙවා දැමුවා. දැන් අපි ඉන්නෙ ක්‍රි.ව. 1710 යේ. නිතරම රෝගී තත්වයෙන් හිටියත් පියතුමා තමුන්ගෙ වැඩකටයුතු නවත්වන්නේ නෑ. නැඟෙනහිර සංචාරයක් අතරතුර එතුමා හොඳටම රෝගී වෙලා ඔත්පල වෙනවා. කෙතරම් ඔත්පල උනාද කියනවා නම් නැවත නුවරට ළඟාවෙන්නෙ ජනතාවගේ කරමතින්. අන්තිම අසාධ්‍ය උනාට පස්සෙත් එතුමා නැවතත් තරමක් සුව අතට හැරෙනවා. නමුත් හරියට ඇවිදින්න බැරි නිසා හැරමිටියෙන් තමයි යන්නෙ එන්නෙ.
දවසක් මිනිසුන් කීපදෙනෙක් ඔත්පලව ඉන්න පියතුමාව හමුවෙන්න එනවා. "පියතුමෙනි රෝගීයෙකුට මරණාසන්නයි. අන්තිම ආලේපය දෙන්න වෙයි වගේ" ඒත් සමඟම තවත් රෝගීයෙකු මරණාසන්න බව ආරංචි වෙනවා. මේ වෙලාවෙ සහයක පියතුමන්ලා කවුරුවත් නොසිටි නිසා අමාරුවෙන් උනත් රෝගීන් දෙදෙනාට අන්තිම ආලේපය දෙන්න යන්න පියතුමා එකඟ වෙනවා. මේ යන ගමනෙදි 'කොරේ පිටට මරේ' වෙනවා. ඒ කිව්වෙ පියතුමාව කරත්තෙන් වැටිලා එතනින් ඇඳට වැටෙනවා.
මේ ඔත්පල වීමෙන් මාස ගණනක් දුක් විඳින පියතුමාට ප්‍රතිකාර කිරීමට රජතුමා විසින් විශේෂ වෛද්‍යවරයෙක් පවා එවනවා. පියතුමාගේ තත්වය වඩ වඩාත් උග්‍ර කරමින් කනේ අසනීපයක් ද වැළඳෙනවා. එමනිසා කතා කරන්න අපහසු තත්වයට පත්වුනත් පියතුමා ලිවීම අතහරින්නේ නෑ.
අන්තිමේදී 1711 උදා වීමත් සමඟම පියතුමාට තේරෙනවා තමුන්ගෙ අවසානය ළඟ බව. තමුන්ගෙන් පසු සේවය ඉදිරියට ගෙන යෑමේ උපදෙස් පතා ලිපියක් එතුමා ලියන්නෙ 1711 ජනවාරි හත් වෙනිදා. 1711 ජනවාරි පහළොස්වෙනිදා එතුමාට අන්තිම ආලේපය ලැබෙනවා. සහයක පියතුමන්ලා දෙදෙනෙක් තම අසාහාය නායකයාගේ අවසානය වෙනුවෙන් යාච්ඤාවෙන් පසුවෙනවා. "මා වෙනුවෙන් යාච්ඤා කරන්න"යි ජුසේවාස් පියතුමා කිහිපවිටක්ම කීවාලු. ඒ වගේම ඇඳක් මත මියයාම ලජ්ජාවක් බවත් තමුන්ව මහ පොළව මත තබන ලෙසත් කිහිපවරක්ම ඉල්ලුවාලු. අවසානයේ "තමුන් ජීවිත කාලයේදී නොකළ දෙයක් මරණ මොහොතේදී කළ නොහැක" යි සිංහලෙන් කියා තමුන් රැගෙන ආ කුරුසිය සිඹින එතුමා අවසන් හුස්ම හෙළනවා. ඒ 1711 ජනවාරි 16වෙනිදා. ඒ වනවිට පියතුමාට වයස වයස අවුරුදු පනස් නමයක් හා ලංකාවට ඇවිත් අවුරුදු 24ක්.
මේ ආරංචිය නරේන්ද්‍රසිංහ රජතුමාට දැන්වූවාම එතුමාත් ශෝක උනාලු. මොකද දෙවන විමලධර්මසූරිය රජ්ජුරුවන්ටත් වඩා නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ පියතුමාත් එක්ක හිතවත්ව හිටියාලු. දවස් තුනක් අවසන් ගෞරව දැක්වීමෙන් පස්සෙ දේහය නුවර දේවස්ථානයක අප්‍රසිද්ධියේ භූමදාන කළා කියලයි සඳහන් වෙන්නෙ. එහෙත් එතුමා කුඩා කළ සෙල්ලම් කළ කොස් ගස ගෝවේ නගරයේ තවමත් නැඟී සිටින්නෙ ජීවමාන සාක්ෂිකරුවෙක් වගේ.
එතුමාව චිත්‍ර ශිල්පීන් නිරූපණය කරලා තියෙන්නෙ ඔය එහා පැත්තෙ තියෙන පින්තූරෙ විදිහට. එතුමා ලංකාවට රැගෙන ආපු ලෝගුවත්, සුප්පිලිසයත් (සුදු රේන්ද අල්ලලා තියෙන ඇඳුම), ස්ටෝල් පටියත් (තැඹිලි පාට පටියත්), කුරුසියත් තියෙනවා පේනවානෙ. ඒවගේම රදගුරුවරයෙකුගේ පළඳනා වන මකුටයත් කුණ්ඩලයත් පැත්තකින් තියෙන්නෙ ඒවා පළඳින්න සුදුසුකම් තිබූ මුත් නොපැළඳි බව පෙන්වන්න.
ඊළඟ විස්තරේට යන්න නම් පහළ ලිපිය කියවන්නම වෙනවා. කෙටි ලිපියක් ටක්ගාලා කියවලා එන්න.
ශුද්ධවරයට ඔසවනවා කියන්නේ මොකක්ද?
ජෝසප් වාස් පියතුමාව ශුද්ධවරයෙකු ලෙස නිල වශයෙන් ප්‍රකාශ කිරීමට සුදුසු බවට යෝජනා කරන්නේ 1713දි එවකට හිටපු ඉන්දියාවේ කොචීන්හි රදගුරුතුමා විසින්. වසර ගණනාවක අවෑමෙන් 1995දි II වන ජුවාම් පාවුළු පාප්තුමා තීරණය කරනවා ජුසේවාස් පියතුමාව ශුද්ධවන්තභාවයේ අතරමැදි තත්වයක් වන භාග්‍යවරයට ඔසවන්න.
ඒක නිසා තමයි ශුද්ධෝත්තම II වන ජුවාම් පාවුළු පාප්තුමා 1995 ජනවාරි මාසෙ 20වෙනිදා ලංකාවට ආවෙ. ජනවාරි 21 වෙනිදා ජුසේවාස් පියතුමා භාග්‍යවරයට එසවෙන අතර 'ලංකාවේ අපෝස්තුළුවරයා' (Apostle of Ceylon) යන විරුදාවලිය එතුමාට ලැබෙනවා.
මම කියවන්න කියපු ලිපිය කියවුවා නම් ඕගොල්ලන්ට වැටහෙනවා ඇති භාග්‍යවත් ජුසේවාස් පියතුමාව ශුද්ධවරයට එසවීමේ ක්‍රියාවලිය මේ වනවිට සිදුවෙමින් තිබියයුතු බව. ඒත් කණගාටුවට කරුණ නම් එම පරීක්ෂණ කටයුතු අඩුපාඩු සහිත බව පවසමින් වත්මන් පාප්තුමා විසින් ක්‍රියාවලිය නවත්වා තිබීමයි.
මූලාශ්‍ර :
සටහන : ඉන්දියාවේදී ජුසේවාස් පියතුමා ජීවත්වූ ප්‍රදේශය බොහෝ සංචාරකයන් ඇදී යන තැනක් බව දැනහිටියත් ලංකාවේ එතුමා ජීවත්වූ ප්‍රදේශ සොයාගෙන සංචාරකයන් එන බව දැනගත්තෙ පස්සෙ. මම ලංකාවෙ ඉඳලත් ගිහින් නෑනෙ. මේ ඒගොල්ලො යන තැන්. දවසක අපිත් යමුද?
සටහන 2 : මම මේක කමෙන්ටුවකත් කිව්වා. ජුසේවාස් පියතුමාගේ ජීවිතකතාවට අදාළ චිත්‍ර වගේම ඒ ඒ ස්ථානවල පින්තූරත් අන්තර්ජාලයේ සොයාගැනීමට නෑ. ළඟදී කෙරුණු චිත්‍රපටියට පිංසිද්ද වෙන්න තමයි මේ පින්තූරු ටිකත් හොයාගත්තෙ. ජුසේවාස් පියතුමා ගැන උනන්දු ලාංකිකයෝ හා සුළු ඉන්දියානුවන් පිරිසක් නිසා ඒවා වෙන තැනකින් කෙරේවි කියලත් හිතන්න බෑ. ඒක නිසා හැකියාවක් තියෙන කෙනෙක් චිත්‍ර හා පින්තූරු එකතුකරාවි යැයි සිතනවා.
-නිමි-
ප.ලි. : ජුසේවාස් පියතුමා ගිය තැන් අඩංගු මුහුණු පොතේ පිටුවක් තියෙනවා. මෙතනින් ගියොත් මට හොයාගන්න බැරිව තිබූ ගොඩාක් පින්තූර ඔයාලට බලන්න පුළුවන් වේවි. (තොරතුර දුන්න දිල්ටත් පින්තූර එකතු කළ අසේල ප්‍රියන්කර මහත්මාටත් බොහෝම ස්තුතියි)
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 2 කොටස
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 3 කොටස
දැන් ඉතිරි ටික..
කොළඹ ලන්දේසි රෝහල |
ඒත් ඒ භයානක වැඩේට කලින් තවත් භයානක වැඩක් ආරම්භ වෙනවා. ඒ 1697 සැප්තැම්බර් මාසෙදි. නුවර පළාතෙ වසූරිය වසංගතය පැතිර යනවා. බෙහෙත් නොමැති මාරාන්තික රෝගයක් වූ වසූරිය වැළඳෙන අයව කැලේට ගිහින් දැමීම තමයි සිදුවෙන්නෙ. මොකද තමුන්ටත් බෝවෙයි කියන බයට වසූරිය හැදිච්ච ගෙයක් අහල පහලකින්වත් මිනිස්සු ගියේ නෑ. කැලේදි එක්කො ලෙඩාව සත්තු කනවා නැතිනම් බඩගින්නෙ මැරෙනවා. මේ වගේ බොහෝම දුඛිත තත්වයක් කන්ද උඩරටට ඇතිඋනා. වසංගතය දරුණු වෙද්දි තැන තැන මිනිස්සු මැරෙන තත්වයටම නුවර පත්වුනාලු. රජු පවා තාවකාලිකව කන්ද උඩරට අතහැර යනවා.
නමුත් ජුසේවාස් පියතුමාත් අනෙක් පියතුමන්ලා දෙදෙනාත් මේ කිසිවෙකින් පලා ගියේ නෑලු. ඔවුන් තමයි නුවර ඉතිරිවෙච්ච ලෙඩ්ඩුන්ට සාත්තු කිරීම කරලා තියෙන්නෙ. ලෙඩ්ඩුන්ට කැඳ පෙවීම, තුවාල සෝදා පවිත්‍ර කිරීම වගේම මියගිය අයව වැළලීම වගේ දේවල් කෙරිලා තියෙන්නෙ මේ පියතුමන්ලාගේ දෑතින්. දවසේ පැය කිහිපයක් පමණලු එතුමන්ලාට නිදාගැනීමට ලැබුනෙ. අවසානයේදී වාස් පියතුමාටත් වසංගතය වැළඳුනාලු. නමුත් වාසනාවකට එතුමා මිය යන්නේ නෑ. එතුමාට සුවය ලැබෙනවා. එහෙත් ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා පසුව නිතර නිතර ලෙඩ රෝග වැළඳෙන තත්වයට එතුමා පත්වුනා.
බොහෝ දෙනෙකුට මරණය ළඟා කරලා, කාලෙකට පස්සෙ වසූරිය වසංගත මැකී ගියා. සියල්ල කෙමෙන් කෙමෙන් යථා තත්වයට පත්වෙන්න ගත්තා. වසූරි වසංගතයේදී කළ කී දේවල් නිසා වාස් පියතුමාව, නුවර මිනිසුන් හැමෝම පාහේ උතුම් කොට සැළකුවාලු. ඉතින් නරක කාලය අවසන් උනාට පස්සෙ පියතුමා කල්පනා කරන්නෙ කොළොම්පුරයට යෑමේ අදහස ඉටුකරගන්න.
ගැළවීමේ අප ස්වාමිදූ |
ලන්දේසීන්ගේ කාලය වෙනකන්ම ඒ චාරිත්‍රය තිබිලා තියෙනවා. මේක දිරෙව්වෙ නැති ලන්දේසීන් කරන්නේ දේවස්ථානය විනාශ කරදැමීම. ගම් වලට පොදු ළිං භාවිතයේ තිබ්බ ඒ කාලෙ මහජන පාවිච්චිය සඳහා ළිඳ ඉතුරු කරන්නැති කියලා හිතෙන්නෙ හිඟන වෙස්ගෙන කොළොම්පුරයට ඇතුළුවන ජුසේවාස් පියතුමා, කතෝලිකයන් සොයායාම අරඹන්නෙ මේ ළිඳ ගාවින් නිසා. එතුමා විවිධ වේශ වලින් හිටිමින් කතෝලිකයන් හඳුනාගන්නවා. සමහරදාට ළිඳ ගාව රෙදි හෝදන කාන්තාවක් විදිහටත්, තවත් දවසකට වළලු වෙළෙන්ඳෙක් විදිහටත් තවත් දවසකට පණිවිඩකරුවෙක් විදිහටත් ඉඳලා තියෙනවා. මේ ළිඳත් පස්සෙ කාලෙක ලන්දේසීන් විසින් කඩලා දාලා මුළු පල්ලියේ වත්තම සුසාන භූමියක් බවට පත්කළාලු. ඒක තමයි අද ජාවත්ත පොදු සුසාන භූමිය. ළිඳ තිබ්බ තැන නැවත හොයාගත්ත කතන්දරේ මෙතැනින් බලන්න.
ළිඳ තිබ්බ තැන |
ඒ කාලෙ කොළඹ හිටපු සමහර පෝසත් කතෝලිකයෝ තමුන්ගේ වස්තුව ලන්දේසීන්ගෙන් බේරාගැනීමට ප්‍රසිද්ධියේ රෙප්‍රමාදු ආගම වැළඳගත්තත් රහසින් කතෝලිකව ඉඳලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ ආරක්ෂාව යටතේ ඒ ගෙවල්වල මෙහෙකරුවෙක්ගේ චරිතය රඟපාමින් ජුසේවාස් පියතුමා ජීවත්වෙලා තියෙනවා.
මෙහෙදී රාත්‍රී කතෝලික සභාවන්ට අමතරව තවත් අලුත් දෙයක් වාස් පියතුමා හඳුන්වා දෙනවා. ඒ තමයි "මොහොප්පු රාළ" හා "අන්නාවි" නමින් ගිහි තනතුරු ඇතිකිරීම. රෝමානු කතෝලික සභාවේ පියතුමන්ලාගේ හිඟය පියවෙනතුරු මේ මෑතක් වෙනකන්ම අන්නාවි වරු විශාල සේවයක් ඉටු කරා.
අන්නාවි තනතුර ගැන ටිකක් කියන්නම්කො. මේ කියන්නේ පොදුවේ අන්නාවි තනතුර ගැන මිසක් ජුසේවාස් පියතුමාගෙ කාලෙ අන්නාවි තනතුර ඇතිවුන හැටිම නොවන වග මතක තියාගන්ට ඕනෙ. මම කලින් පෝස්ට් එකකත් කිව්වානෙ ඉස්සර හැම දේවස්ථානයකම පියතුමන්ලා නොසිටි වග. (ඒක තාම ඩ්‍රාෆ්ට් එකේ :) ) හරි.. හරි හැම දේවස්ථානයකම පියතුමන්ලා නොසිටි බව හිතාගන්ඩකො ඒ ඇති.
ඉතින් ඒ දේවස්ථානයට නිතරම යන එන ධර්මය ගැන හොඳ අවබෝධයක් විශ්වාසයක් ඇති මනා කළමනාකාරී හැකියාවකින් යුතු කෙනෙකුට අන්නාවි තනතුර පිරිනැමුනා. පියතුමෙකු දේවස්ථානයේ නොසිටි නිසා එහි පාලන කටයුතු හා ජනතාවගේ වත්පිළිවෙත් (ගිහියෙකුට කිරීමට බලය ඇති) ඉටු කෙරුනේ අන්නාවි අතින්. කොටින්ම කිව්වොත් දේවස්ථානයේ පියතුමාට පහළින් බලය තිබුනේ අන්නාවි මහත්මයා අතේ. ඔහු තමා පියතුමා වෙනුවට ජනතාව මෙහෙයවූයේ. නමුත් පසුකාලීනව පියතුමන්ලාගේ වැඩිවීමත් එක්ක අන්නාවි තනතුර අහෝසිවී ගියා.
ආසිරි පැන් ඉසිනය |
මම හතරෙ පහේ ඉන්නකොට තමයි ඒ සීයගෙ ඇස් නොපෙනි ගියෙ. ඒ කාලෙ මම පොඩි එකා යනවා යාච්ඤා පාඩම් කරන්න. මම පාඩම් කරන්න නෙමෙයි ඒ සීයට පාඩම් කරවන්න. මොකද ඇස් නොපෙනී ගිය ගමන් ඒ සීයා කරේ ඔක්කොම යාච්ඤා පාඩම් කරගත්තු එක. ඒ වගේම ඒ කාලෙ සීයට බයිබලය වගේම පොත් පත්තර කියෙව්වෙත් මම. දැනුයි මට හිතෙන්නෙ නොදැනිම මමත් ඒවා කියෝලනෙ කියලා. ඒ අන්නාවි මහත්මාට දීර්ඝායුෂ පතමු.
ඉතින් ආයෙත් කෝච්චිය පීල්ලට දාගෙන ගමන පටන්ගත්තොත්, ජුසේවාස් පියතුමාට කොළඹත් වැඩිකල් රැඳෙන්න ලැබුනෙ නෑ. වටින් ගොඩින් ආරංචිය ගියා ලන්දේසීන්ගේ කනට. ඒත් ලන්දෙසීන් ක්‍රියාත්මක වෙද්දි එතුමා මීගමුවෙ. මීගමුවේදී එතුමා රැඳී සිටින්නේ දොන් අෆෝන්සු පෙරේරා නැමැති ලන්දේසීන්ගේ රජයට සේවය කළ මුදලි කෙනෙකුගේ රැකවල් පිට. ඉන්පස්සෙ ගුරුබැවිල, මල්වාන, සීතාවක සබරගමුව යන ප්‍රදේශවලත් සැරිසරනවා. මම ලිපි මාලාව පටන් ගනිද්දි කියපු කළුතර සිද්ධිය වෙලා තියෙන්නෙත් මේ චාරිකාව අතරතුර.
ඊළඟට එතුමා යන්නෙ යාපනයට. මේ චාරිකාවෙදි මාන්තොට, මන්නාරම, වන්නිය ආවරණය කරන්න පියතුමා සමත්වෙනවා. කලින් නත්තල් දවසේ ජීවිතය ගළවාගත්තා වගේ සිද්ධියක් මෙහිදීත් උනාලු. ලන්දේසීන් ඇවිත් සියලුම තැන් පරීක්ෂා කළත් පියතුමා රැඳී හිටපු කූඩාරම පරීක්ෂා කළේ නෑලු.
ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා |
ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාත් ජුසේවාස් පියතුමාත් එකතුවෙලා මෙතුවක් කලක් පෘතුගීසි භාෂාවෙන් තිබ්බ පොත්පත් සිංහලට පරිවර්තනය කරනවා. මේ නිසා වෙන්න ඇති දැනට භාවිතයේ තිබෙන ගොඩක් කතෝලික ආගමට සම්බන්ධ සිංහල වචන, ඉංග්‍රීසි ඌරුවෙන් බොහෝ ඈත තිබෙන්නෙ. මොකද ඒ වචන බිඳිලා ඇවිල්ලා තියෙන්නෙ පෘතුගීසි භාෂාවෙන්. මීට අමතරව සිංහල ගීතිකා ආදියත් රචනා වෙනවා.
මේ විදිහට ජුසේවාස් පියතුමාගේ අප්‍රමාණ කැපවීම හින්දාත් අනික් පියතුමන්ලා ලබාදුන් නොමද සහය හින්දාත් මියයන්න පණ අදිමින් හිටපු ලංකාවේ රෝමානු කතෝලික ආගම ආයෙ දනිපනි ගහන තත්වයට පත්වෙනවා.
ඔය විදිහට පියතුමා කාර්‍යබහුල අවුරුදු කීපයක් ගෙවා දැමුවා. දැන් අපි ඉන්නෙ ක්‍රි.ව. 1710 යේ. නිතරම රෝගී තත්වයෙන් හිටියත් පියතුමා තමුන්ගෙ වැඩකටයුතු නවත්වන්නේ නෑ. නැඟෙනහිර සංචාරයක් අතරතුර එතුමා හොඳටම රෝගී වෙලා ඔත්පල වෙනවා. කෙතරම් ඔත්පල උනාද කියනවා නම් නැවත නුවරට ළඟාවෙන්නෙ ජනතාවගේ කරමතින්. අන්තිම අසාධ්‍ය උනාට පස්සෙත් එතුමා නැවතත් තරමක් සුව අතට හැරෙනවා. නමුත් හරියට ඇවිදින්න බැරි නිසා හැරමිටියෙන් තමයි යන්නෙ එන්නෙ.
දවසක් මිනිසුන් කීපදෙනෙක් ඔත්පලව ඉන්න පියතුමාව හමුවෙන්න එනවා. "පියතුමෙනි රෝගීයෙකුට මරණාසන්නයි. අන්තිම ආලේපය දෙන්න වෙයි වගේ" ඒත් සමඟම තවත් රෝගීයෙකු මරණාසන්න බව ආරංචි වෙනවා. මේ වෙලාවෙ සහයක පියතුමන්ලා කවුරුවත් නොසිටි නිසා අමාරුවෙන් උනත් රෝගීන් දෙදෙනාට අන්තිම ආලේපය දෙන්න යන්න පියතුමා එකඟ වෙනවා. මේ යන ගමනෙදි 'කොරේ පිටට මරේ' වෙනවා. ඒ කිව්වෙ පියතුමාව කරත්තෙන් වැටිලා එතනින් ඇඳට වැටෙනවා.
මේ ඔත්පල වීමෙන් මාස ගණනක් දුක් විඳින පියතුමාට ප්‍රතිකාර කිරීමට රජතුමා විසින් විශේෂ වෛද්‍යවරයෙක් පවා එවනවා. පියතුමාගේ තත්වය වඩ වඩාත් උග්‍ර කරමින් කනේ අසනීපයක් ද වැළඳෙනවා. එමනිසා කතා කරන්න අපහසු තත්වයට පත්වුනත් පියතුමා ලිවීම අතහරින්නේ නෑ.
අන්තිමේදී 1711 උදා වීමත් සමඟම පියතුමාට තේරෙනවා තමුන්ගෙ අවසානය ළඟ බව. තමුන්ගෙන් පසු සේවය ඉදිරියට ගෙන යෑමේ උපදෙස් පතා ලිපියක් එතුමා ලියන්නෙ 1711 ජනවාරි හත් වෙනිදා. 1711 ජනවාරි පහළොස්වෙනිදා එතුමාට අන්තිම ආලේපය ලැබෙනවා. සහයක පියතුමන්ලා දෙදෙනෙක් තම අසාහාය නායකයාගේ අවසානය වෙනුවෙන් යාච්ඤාවෙන් පසුවෙනවා. "මා වෙනුවෙන් යාච්ඤා කරන්න"යි ජුසේවාස් පියතුමා කිහිපවිටක්ම කීවාලු. ඒ වගේම ඇඳක් මත මියයාම ලජ්ජාවක් බවත් තමුන්ව මහ පොළව මත තබන ලෙසත් කිහිපවරක්ම ඉල්ලුවාලු. අවසානයේ "තමුන් ජීවිත කාලයේදී නොකළ දෙයක් මරණ මොහොතේදී කළ නොහැක" යි සිංහලෙන් කියා තමුන් රැගෙන ආ කුරුසිය සිඹින එතුමා අවසන් හුස්ම හෙළනවා. ඒ 1711 ජනවාරි 16වෙනිදා. ඒ වනවිට පියතුමාට වයස වයස අවුරුදු පනස් නමයක් හා ලංකාවට ඇවිත් අවුරුදු 24ක්.
මේ ආරංචිය නරේන්ද්‍රසිංහ රජතුමාට දැන්වූවාම එතුමාත් ශෝක උනාලු. මොකද දෙවන විමලධර්මසූරිය රජ්ජුරුවන්ටත් වඩා නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ පියතුමාත් එක්ක හිතවත්ව හිටියාලු. දවස් තුනක් අවසන් ගෞරව දැක්වීමෙන් පස්සෙ දේහය නුවර දේවස්ථානයක අප්‍රසිද්ධියේ භූමදාන කළා කියලයි සඳහන් වෙන්නෙ. එහෙත් එතුමා කුඩා කළ සෙල්ලම් කළ කොස් ගස ගෝවේ නගරයේ තවමත් නැඟී සිටින්නෙ ජීවමාන සාක්ෂිකරුවෙක් වගේ.
--------------------------
එතුමාව චිත්‍ර ශිල්පීන් නිරූපණය කරලා තියෙන්නෙ ඔය එහා පැත්තෙ තියෙන පින්තූරෙ විදිහට. එතුමා ලංකාවට රැගෙන ආපු ලෝගුවත්, සුප්පිලිසයත් (සුදු රේන්ද අල්ලලා තියෙන ඇඳුම), ස්ටෝල් පටියත් (තැඹිලි පාට පටියත්), කුරුසියත් තියෙනවා පේනවානෙ. ඒවගේම රදගුරුවරයෙකුගේ පළඳනා වන මකුටයත් කුණ්ඩලයත් පැත්තකින් තියෙන්නෙ ඒවා පළඳින්න සුදුසුකම් තිබූ මුත් නොපැළඳි බව පෙන්වන්න.
ඊළඟ විස්තරේට යන්න නම් පහළ ලිපිය කියවන්නම වෙනවා. කෙටි ලිපියක් ටක්ගාලා කියවලා එන්න.
ශුද්ධවරයට ඔසවනවා කියන්නේ මොකක්ද?
ජෝසප් වාස් පියතුමාව ශුද්ධවරයෙකු ලෙස නිල වශයෙන් ප්‍රකාශ කිරීමට සුදුසු බවට යෝජනා කරන්නේ 1713දි එවකට හිටපු ඉන්දියාවේ කොචීන්හි රදගුරුතුමා විසින්. වසර ගණනාවක අවෑමෙන් 1995දි II වන ජුවාම් පාවුළු පාප්තුමා තීරණය කරනවා ජුසේවාස් පියතුමාව ශුද්ධවන්තභාවයේ අතරමැදි තත්වයක් වන භාග්‍යවරයට ඔසවන්න.
II වන ජුවාම් පාවුළු පාප්තුමාගේ ලංකා ගමන |
ජුසේවාස් පියතුමා භාග්‍යවරයට එසවීම වෙනුවෙන් නිකුත්වූ මුද්දරය |
මූලාශ්‍ර :
- http://blessedjosephvaz.org/
- http://en.wikipedia.org/wiki/Joseph_Vaz
- http://groups.yahoo.com/group/goa-net/message/17502?threaded=1&var=1&p=4
- http://www.asianews.it/news-en/We-need-prayers-and-funds-for-the-canonization-of-Joseph-Vaz,-the-apostle-of-Ceylon-22312.html
- http://ahemachandra.blogspot.com/2013/01/1651-1711.html
සටහන : ඉන්දියාවේදී ජුසේවාස් පියතුමා ජීවත්වූ ප්‍රදේශය බොහෝ සංචාරකයන් ඇදී යන තැනක් බව දැනහිටියත් ලංකාවේ එතුමා ජීවත්වූ ප්‍රදේශ සොයාගෙන සංචාරකයන් එන බව දැනගත්තෙ පස්සෙ. මම ලංකාවෙ ඉඳලත් ගිහින් නෑනෙ. මේ ඒගොල්ලො යන තැන්. දවසක අපිත් යමුද?
සටහන 2 : මම මේක කමෙන්ටුවකත් කිව්වා. ජුසේවාස් පියතුමාගේ ජීවිතකතාවට අදාළ චිත්‍ර වගේම ඒ ඒ ස්ථානවල පින්තූරත් අන්තර්ජාලයේ සොයාගැනීමට නෑ. ළඟදී කෙරුණු චිත්‍රපටියට පිංසිද්ද වෙන්න තමයි මේ පින්තූරු ටිකත් හොයාගත්තෙ. ජුසේවාස් පියතුමා ගැන උනන්දු ලාංකිකයෝ හා සුළු ඉන්දියානුවන් පිරිසක් නිසා ඒවා වෙන තැනකින් කෙරේවි කියලත් හිතන්න බෑ. ඒක නිසා හැකියාවක් තියෙන කෙනෙක් චිත්‍ර හා පින්තූරු එකතුකරාවි යැයි සිතනවා.
-නිමි-
ප.ලි. : ජුසේවාස් පියතුමා ගිය තැන් අඩංගු මුහුණු පොතේ පිටුවක් තියෙනවා. මෙතනින් ගියොත් මට හොයාගන්න බැරිව තිබූ ගොඩාක් පින්තූර ඔයාලට බලන්න පුළුවන් වේවි. (තොරතුර දුන්න දිල්ටත් පින්තූර එකතු කළ අසේල ප්‍රියන්කර මහත්මාටත් බොහෝම ස්තුතියි)
මට මේ ලිපිපෙළ මැදින් මඟඇරිල, මුල ටික ආයිත් කියවලම කමෙන්ට් එකක් දාන්නම්.
ReplyDeleteඅද තමා ඔක්කොම ලිපි ටික කියවන්න ලැබුනෙ. ඇත්තෙන්ම එතුම පුදුම කැපවීමක් තිබිච්ච කෙනෙක්නේ. සාමාන්‍ය කෙනෙක්නම් අඩුතරමෙ ජීවිතේ අවසාන කාලෙවත් විවේක සුවයෙන් ගතකරනවනේ.
Deleteහරී, අපි මෙතනදි කියෙව්වෙ ලන්දේසීන්ගෙ සැහැසිකම් ගැන උනත් ජාතියක් වශයෙන් පෘතුග්‍රීසීනුත් තමන්ට බලය තියෙද්දි එයිට දෙවෙනි නෑ මම හිතන්නෙ. මගේ අනුකම්පාවක්නම් ඔවුන්ට නැහැ, ඒත් මෙතනදි වඩා වැදගත් වෙන්නෙ පියතුමා දේශපාලනයෙන් තොරව අසරණ වූවන් වෙනුවෙන් තම ජීවිතය කැපකරල කරපු සේවය.
අවසානයෙදි මම මුල්ම ලිපියෙ සඳහන් කරපු මුද්දරයෙ ඡායාරූපයකුත් පළ කරල තියෙන්නෙ.
මම මේ නිකමට අහන්නෙ, මෙතෙක් හිටපු පාප්තුමාලගෙන් ශුද්ධවරයට ඔසවා තබපු අය කීදෙනෙක් ඉන්නවද?
"ඇත්තෙන්ම එතුම පුදුම කැපවීමක් තිබිච්ච කෙනෙක්නේ. සාමාන්‍ය කෙනෙක්නම් අඩුතරමෙ ජීවිතේ අවසාන කාලෙවත් විවේක සුවයෙන් ගතකරනවනේ. " ඒක ඇත්ත..
Deleteලන්දේසීන්ගෙ සැහැසිකම් ගැන මම මෙතන වැඩිපුර කතා කළේ ජුසේවාස් පියතුමාගේ ජීවිත කාලෙට වැඩිපුර අදාළ වෙන්නේ ඒ කාලෙ නිසා.. පෘතුගීසීත් එහෙම තමයි.. කවුරුත් අපිට ආදරේට මෙහෙ ආවෙ නෑ.. මම පෘතුගීසීන්ගෙ සැහැසිකම් ගැනත් පළවෙනි කොටහෙදි කිව්වද කොහෙද?
"අවසානයෙදි මම මුල්ම ලිපියෙ සඳහන් කරපු මුද්දරයෙ ඡායාරූපයකුත් පළ කරල තියෙන්නෙ." DDT කියපු එක මතක්වෙලා තමයි ඒක හොයලාම දැම්මෙ..
දැනට හිටපු පාප්තුමාලා 265දෙනාගෙන් 78ක් ශුද්ධවරයට ඔසවලා තියෙනවා..11ක් භාග්‍යවරයට ඔසවලා තියෙනවා.. අන්තිමට භාග්‍යවරයට ඔසවලා තියෙන්නෙ දෙවන ජුවාම් පාවුළු පාප්තුමාව.. ඒ කිව්වෙ මේ පෝස්ටුවෙන් කියවෙච්ච පාප්තුමාව..
මම පණ්ඩිතයා වගේ කියන්නෙ සර්ච් කරලා තමයි.. :)
@DDT,
Deleteපෘතූගීසී වගේම ලන්දේසිනුත් ආගම භාවිතා කළේ තමන්ගේ බලය පතුරුවන්න මිසක් ආගමට ආදරේ හින්දා නෙමේ. ඒ කට්ටිය ගේ ක්‍රියා වලින් ඒවා හොඳට පේනවා.
මෙතනින් බලන්න සියළුම පාප් වහන්සේලා ගැන.
http://en.wikipedia.org/wiki/List_of_popes
ස්තූතියි, ඔබ දෙදෙනාටම.
Deleteඒක ඇත්ත.
DeleteHari , Juse vaz piyathumaage jeewithaya gana sahaaagiyathan gana saahenna mahansi welaa karunu hoyana kenek Mama dannawa ... eyage Facebook page eke sahafacebook eke blessed Joseph Vaz apostle of Sri Lanka kiyana title eke thiyanapageeke Fotos siya gannank hoyaa ganna puluwan ... Juse vaz piyathumaagiyagodak than wala photos eya aran thiyanawa... nama Asela Priyankara Dasanayake
ReplyDeletehttp://www.facebook.com/pages/APOSTLE-OF-SRI-LANKA-BLESSED-JOSEPH-VAZ/136208256412862?fref=ts
http://www.facebook.com/asela.priyankara?fref=ts
good luck.....
God bless
thank you very much for the wonderful article .... Keep it up ....
ඔබට කොහොම ස්තුති කරන්නද හිතාගන්නවත් බෑ.. මම දවස් කීපයක් තිස්සේම අන්තර්ජාලෙ පීරලා පීරලා හොයාගන්න බැරිවෙච්ච පින්තූර රාශියක් එතන තිබුනා.. පස්සෙ පෝස්ට් එක බලන කට්ටියට බලන්න පුළුවන් වෙන්න ලින්ක් එකකුත් දුන්නා..
Deleteහරිම වටිනා පින්තූර ටිකක්.. මේ කතාව පුරා කියවෙච්ච හැමතැනකම වගේ පින්තූර තියෙනවනෙ..
ඔබටත් ඒ පින්තූර එකතුකළ අසේල ප්‍රියංකර මහත්මයාටත් ස්තුතියි..
ඔබගේ අගය කිරීමත් සතුටින් භාරගන්නම්..
හරීගේ භාෂා විලාශය හරිම ලස්සනයි.
ReplyDeleteමේ පියතුමාගේ අවසන් කටයුතු කල තැන් හොයලා එතන සොහොනක් තැනුවා නම්, එතුමාගේ සේවය අගය කිරීමක් වෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේම තමා අර නාන ලිඳත්. කරදරයට පත් උනු කෙනෙක් ආගම් භේදයක් නැතිව ඒ වගේ තැන්වල්ට ගිහින් සහනයක් ලබනවනේ.
අර බලන්ට යන තැන් හා හා යමු නේද?:-)
"හරීගේ භාෂා විලාශය හරිම ලස්සනයි." මේ ටික දැකීමෙන් මම පුදුම උනා.. මම හිතන් හිටියෙ මේ විදිහට ලියන එක බෝරින්ග් කියලා..
Deleteසොහොන නම් මම දන්න තරමින් තාම හොයාගෙන නෑ.. මම ප.ලි. යෙ දාපු ලින්කුවෙන් ගියා නම් ළිඳේ වර්තමාන පින්තූර බැලුවැකි..
'යමු නේද?:-)' යමු යමු වෙලාවක.. :) පොඩ්ඩි අක්කා හරි ආසයි නේද සවාරි යන්ඩ..
@ Podi Kumarihami
Delete//..මේ පියතුමාගේ අවසන් කටයුතු කල තැන් හොයලා එතන සොහොනක් තැනුවා නම්, එතුමාගේ සේවය අගය කිරීමක් වෙනවා කියලා මට හිතෙනවා....//
එහෙම හදපු එක නොවැ 1745 දී කඩලා බිඳලා අතු ගාලම දාන්නේ.....
හරී සංචාරකයන්ට කස්ටමර්ස්ලා වැඩියි වගේ :P
@ හසිත,
Deleteපොඩ්ඩිව එක්කන් යන්න වෙන්නෙ අර මුස්ලිම් ගෑණුකෙනෙක් විදිහට ඇඳුමක් අන්දලා තමයි.. මොකද මූණ පෙන්වන්නෙ නෑනෙ.. :)
@ හරී
Deleteපරිස්සමටත් එක්ක එහෙම හොඳා :P
නොදැන හිටපු වචන ටිකකුත් හම්බ උනා.ජුසේ වාස් ද ජුසෙෆ් වාස් ද හරි නම.නැත්නම් ශබ්ද කරන්නේ ජුසේ වාස් කියලද?
ReplyDeleteකතෝලිකයෙක් වෙලත් මම නොදන්න වචන තියෙනවා ධම්මික..
Deleteඉංග්‍රීසියෙන් කියනවානම් Joseph vaz (ජෝශප් වාස්) ඒත් සිංහල ඌරුවට 'ජුසේ වාස්'.. ඔය සිංහල ඌරුවට නම් යෙදීම මුල් කාලෙ පරිවර්තන වලින් එන්න ඇත්තෙ.. සමහරවිට වාස් පියතුමන්ලාම තමයි ඕක කරන්න ඇත්තෙ..
උදාහරණ විදිහට
David ඩේවිඩ් - දාවිත්
Peter පීටර් - පේදුරු
Mary මේරි - මරියා
Michael මයිකල් - මිඛායෙල්
කතෝලික වචන තේරුම් ගැනීමේ අනිත් අවුල තමයි ඒවා පෘතුගීසි හෝ ලතින් බාසාවෙන් බ්ඳී ඒම.. එතකොට ඊට ගැළපෙන ඉංග්‍රීසි වචන හොයන්න සෑහෙන්න අමාරුයි.. ඊළඟට විදේශික පියතුමන්ලා සිංහල වචන වැරදියට උච්චාරණය කරලා ඒවත් අමුතුම වචන වෙලා..
කම්මැලියා මෙහෙම නැතුව විස්තර ඇතුව ලියාපන්.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
@ හරී
Deleteඇයි මේ ටික
ඇලෙක්සැන්ඩර් ඩූමා - අලිසන්දර දියුමා
ඇන්ඩෲ - අන්දරේ :P
ජෝන් - ජුවාම්/ ජුවාන්/ ජුවානිස්
පීටර් - පීතර
පැබ්ලෝ පිකාසෝ - පබිලිස් පියසේන [මේක අපේ එකෙක් හදපු එකක් :D]
ඇයි බං, 'හැරී' කියන එක 'හරී' වුනු එක.. :D
Delete@ විචාරක Wicharaka,
Deleteහික්..හික්.. බලමු බලමු..
@ Hasitha,
ඔය වගේ නම් වෙනත් වෙච්ච එව්වා නම් අනන්තයි අප්‍රමාණයි.
"පැබ්ලෝ පිකාසෝ - පබිලිස් පියසේන" මේක දැක්කා විතරයි කටත් ඇරුනා.. වරහන් නොදැක්කා නම් ඇත්තට ගන්නවා..
@ Buratheno,
කොහෙද එහෙම එකක් වුනේ..?
@ හරී
Delete9 වසරේ සිංහල අච්චු පොතේ පැබ්ලෝ පිකාසෝ ගැන පාඩමක් තිබුණා. ඒකෙන් තමා මේ පැබ්ලෝ පිකාසෝට මේ වින්නැහිය වුණේ :P
@ හසිත,
Delete:D
සටහන ගැන කියන්න නම් තියෙන්නේ හරී යනවා නම් එනවා කියන්න තමයි..යමු යමු..!!
ReplyDeleteස්තුතියි හරී මේ සටහනට...සාහිත්‍යයේ තිබුනු ලොකු අඩුවක් පිරෙව්වා කියලා හිතෙනවා..
ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ගැන හරී ලියලා තියනවද? මට මතක නෑනෙ..ආ අර ඩ්‍රාෆට් එකේ තියන ලිපියත් දැන් දාන්න කාලෙ හරි..
යමු යමු. :)
Deleteවෙලාවක යන්න තමා මම හිතන් ඉන්නෙ..
"ස්තුතියි හරී මේ සටහනට" කියෙව්වටත් ස්තුතියි..
"ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ගැන හරී ලියලා තියනවද?" නෑ රූ අක්කේ..
ඩ්‍රාෆ්ට් එකේ ලිපියට ඕනා පින්තූර ටික ගත්තු සැණින් දානවා..
ශුද්ධවරයට ඔසවනවා කියන එක ගැන අද ඉගෙන ගත්තා.
ReplyDeleteමේ ලිපිය කියෙව්වට පස්සේ අපේ ගෙවල් ගාව කොල්ලෙකුන් කිව්වා ඉස්සර කතෝලික ධර්මය ප්‍රශ්න පත්තරයට ජුසේවාස් පියතුමා ගැන කෙටි සටහන් ලියන්න එනවයි කියලා. ඒක තනි ප්‍රශ්නයක් ලූ. මාතෘකා පහක් විතර තියෙනවාලු. ඒවා ගැන කෙටි සටහන් ලියන්න ඕන ලූ. හරීට මතකද දන් නෑ :)
තව දෙයක් තමා මේ දවස්වල තෝමස් කාදිනල් කුරේ අගරදගුරුතුමාව ශුර්හ්ධවරයට ඔසවන්න කට්ටිය යාච්ඥා කරනවාලු.
කෝ අරක ?
Deleteඅරක කිව්වේ හිට් කවුන්ටරේ !
"ශුද්ධවරයට ඔසවනවා කියන එක ගැන අද ඉගෙන ගත්තා." එහෙනම් හොඳයි..
Deleteඔව් ඒ කාලෙ ප්‍රශ්න පත්තරවලට අහනවාම තමයි.. මමත් ඒ කාලෙ රචනා තරඟෙකට ගිහින් ජුසේවාස් පියතුමා ගැන ලියලා තියෙනවා.. ඒක නිසා මේ කරුණු කට පාඩම්.. 1995 කාලෙ අපිට මේවා ඉගැන්නුවනෙ ඇතිවෙන්ඩම..
"තව දෙයක් තමා මේ දවස්වල තෝමස් කාදිනල් කුරේ අගරදගුරුතුමාව ශුර්හ්ධවරයට ඔසවන්න කට්ටිය යාච්ඥා කරනවාලු." මම දැක්කා තේවත්ත පල්ලියේ දැන්වීම් ගහලා තියෙනවා..
හිට් කවුන්ටරේ තේරුමක් නෑ කියලා හිතුනා..
@ හරී
Delete"තව දෙයක් තමා මේ දවස්වල තෝමස් කාදිනල් කුරේ අගරදගුරුතුමාව ශුර්හ්ධවරයට ඔසවන්න කට්ටිය යාච්ඥා කරනවාලු." මම දැක්කා තේවත්ත පල්ලියේ දැන්වීම් ගහලා තියෙනවා..
යාඥා කිරීම මතම නෙමේ නේද ශුද්ධවරයට ඔසවන්නේ ?
@ Hasitha,
Deleteමම කලින් කිව්ව ලිපියෙ තියෙන ක්‍රියා පටිපාටිය තමයි ශුද්ධවරයට එසවීමේදී අනුගමනය කරන්නෙ.. එතනින් එහා කිසිවක් නෑ..
ශුද්ධවරයට එසවීම පිණිස යාච්ඤා කරනවා කියන එක මෙහෙම උදාහරණයකින් කියන්න පුළුවන්.. අපි විභාගයක් සමත්වෙන්න කියලා යාච්ඤා කරන්නෙ, බෝධි පූජා තියන්නෙ භාරහාර වෙන්නෙ අන්න ඒ වගේ දෙයක්.. ඉතින් ඒ කරන දේවල් විභාගය කිරීමට ශක්තියක් සපයනවා තමයි.. ඒත් පාඩම් නොකර විභාග සමත්වෙන්න බෑනෙ.. ඒවගේම ක්‍රියාපටිපාටියට පිටින් යාච්ඤාවෙන් ශුද්ධවන්තයින් බිහිකරන්න බැහැ..
හැබැයි මේ ටිකත් කියන්න ඕනෙ.. ශුද්ධවරයට ඔසවන්න ප්‍රාතිහාර්‍යය බලාපොරොත්තු වෙනවනෙ.. ඉතින් සුවකළ නොහැකි රෝගයක් වගේ දෙයක් යම් අයෙකුගේ පිහිට ඉල්ලීමෙන් සුව වුනොත් එය ඔහුගේ අනුහසින් වෙච්ච ප්‍රාතිහාර්‍යයක් ලෙස සළකනවා.. ඉතින් පිහිට ලැබෙන්නත් ඉල්ලන්න ඕනනෙ.. ඉතින් එතනදී යාච්ඤාව ඕනෑ වෙනවා..
@ හරී
Deleteම්ම් ඒකත් හැබෑව. තෝමස් කාදිනල් කුරේ අගරදගුරුතුමාව ශුද්ධවරයට ඔසවන්න කියලා යාඥා කරනවාටත් වඩා දැනටත් භාග්‍යවරයේ ඉන්නේ ජුසේ වාස් පියතුමාව ශාන්තුවරයට ඔසවන්න කියලා යාඥා කරන එක වඩා සාර්ථක නැද්ද ??
@ Hasitha,
Deleteඑහෙමම කියන්න බෑ හසිත. හරියටම කිව්වොත් සංසන්දනය කරන්න බෑ කියලයි මට හිතෙන්නෙ..
තේවත්ත පල්ලියේ කාදිනල් තුමා භූමදාන කළ තැන මේ වෙනුවෙන් විශේෂයෙන් යාච්ඤා කරන්න කියලා කියනවා මම දැක්කා..
කාදිනල් තුමාගේ තොරතුරුත් හොයාබලන්නම්කො..
ඔබ කතෝලික දහම ගැන ලියන ලිපි සම්බන්ධ පාරිභාෂික වචන මාලාවක් වෙනම ලිපියක් ලෙස ඉදිරිපත් කිරීම අතිශයින් කාලෝචිත බව මතක්කර දෙන්න කැමතියි. එය ඒ වචනවල නිරුක්තියේ සිට වර්තමාන පරිනාමය දක්වා විස්තර කර ලිවිය හැකිනම් ඉතා වටිනවා. මේ අදහස ප්‍රමාදවී හෝ ඉෂ්ඨවේයයි සිතනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
"ඔබ කතෝලික දහම ගැන ලියන ලිපි සම්බන්ධ පාරිභාෂික වචන මාලාවක් වෙනම ලිපියක් ලෙස ඉදිරිපත් කිරීම අතිශයින් කාලෝචිත බව මතක්කර දෙන්න කැමතියි. " හරිම අමාරු වැඩක් විචාරක මහත්මයා.. කීයක් කියලා ලියන්නද? ඒ වගේම මම ඒ තරම් දැනුමැත්තෙකුත් නෙමෙයි.. මේ ලිපිත් එහෙන් මෙහෙන් හොයලා ලියන එව්වා..
Deleteඒත් හැකි තරමින් උත්සාහ කරන්නම්කො..
හොද ලිපියක් අපේ පැත්තෙත් එන්න.http://sinhapedia.blogspot.com/
ReplyDeleteඑන්නම්කො වෙලාවක..
Deleteදැන් පැය ගානකට කලින් මේක කියෙව්වේ. එවෙලේ කියන්න කටට ආපුවා එකක්වත් මතක නෑ නේ දැන්. අර පල්ලිය කඩලා විනාස කරපු එකනම් කැත වැඩේ.
ReplyDelete"එවෙලේ කියන්න කටට ආපුවා එකක්වත් මතක නෑ නේ" හපොයි..
Deleteඑකක් නෙමෙයි ඔය වගේ පල්ලි පන්සල් ගොඩක් කඩලා තියෙනවා..
ඔන්න බලහන් මම හිතන් හිටියෙ අන්නවි රාළ ඉන්නෙ පල්ලියෙ සීනුව ගහන්න විතරයි කියලා. :-) තාම අන්නවි රාළල ඉන්නවා නේද ?
ReplyDeleteඔය කියන විදිහට ජුසේ වාස් පියතුමා හොඳටම සිංහල දැනගෙන ඉඳලා තියනවා වෙන්ඩ ඕනා..
වසූරිය නිකන්ම නැතුව ගියෙ කොහොමද ? පස්සෙ කාලෙක ඉන්නතක් හොයාගෙන මුලු ලෝකෙන්ම තුරන් කළත් තාමත් විශ බීජය කොහෙද තියන්න් ඉන්නවා කියලා අහලා තියනවා..
ජුසේ වාස් පිය තුමා ගැන එහෙන් මෙහෙන් අහලා තිබුන කතාව ඔන්න දැන් සම්පූර්ණයි. හරීට ස්තූතියි.
ඔව්නෙ, අර පහුගිය කාලෙ වෛරස් තැපෑලෙ එන්න ගත්ත සීන්කෝන් එක නිසා තමා මට මතක විදියට ඕක ඇදිල ආවෙ. වසූරිය ලෝකෙන් තුරන් කරපු නිසා දැන් එන්නත් කරන්නෙත් නෑය කියන්නෙ උපදිද්දි. ආයෙ ඕක එලියට ආවොත් අපිටත් මැරෙන්න වෙයිද මංද. ඔන්නොහෙ කමක්නෑ, කවද හිටියත් මැරෙන එකනේ.
Delete"ඔන්න බලහන් මම හිතන් හිටියෙ අන්නවි රාළ ඉන්නෙ පල්ලියෙ සීනුව ගහන්න විතරයි කියලා" අන්නවි රාළ කියන්නෙ සීනුව ගහන කෙනා නෙමෙයි.. ඒ 'සංක්‍රිස්තියන්'නෙ..
Deleteදිව්‍ය පූජාවට අවශ්‍ය කළමනා ලෑස්ති කරන, සීනුව ගහන, පල්ලිය අතුපතුගාන, දොරවල් අරින වහන කෙනා තමයි සංක්‍රිස්තියන්.. එයා සේවයක් කරන කෙනෙක් මිසක් පරිපාලනමය බලයක් නෑනෙ.. ඒවගේම ජනතාව එක්ක යාච්ඤා මෙහෙයන් කරන්නේ හෝ වත් පිළිවෙත් කරන්නෙ නෑනෙ..
අන්නාවි රාළ කියන්නෙ ජනතාව සමඟ වත් පිළිවෙත් කළ හැකි කෙනෙක්.. ඒවගේම පියතුමා නැතිවෙලාවට තීරණ ගතහැකි කෙනෙක්..
බෞද්ධ කෙනෙකුට තේරෙන්න කියනවා නම් සංක්‍රිස්තියන් පන්සලේ ඇබිත්තියා වගේ.. හැබැයි සංක්‍රිස්තියන් පල්ලියේම ඉන්න කෙනෙක් නෙමෙයි.. ගෙයක් දොරක් තියෙන කෙනෙක්.. අන්නවි රාළ කියන්නෙ පන්සලේ ප්‍රධාන දායකයා වගේ.. ඒත් අන්නවිරාළ කියන්නේ ලොකුම සල්ලිකාරයා නෙමෙයි..
"තාම අන්නවි රාළල ඉන්නවා නේද ?" නෑ.. දැන් ඒ තනතුර අහෝසියි..
සෙන්නා, මොහොප්පු රාළ කියන්නෙ කවුද මම තාම දන්නෙ නෑ.. තාත්තා නම් කිව්වා අර අන්නාවි සීයගෙන් අහන් එන්ඩ කියලා.. යන්ඩ වෙලාවක් ලැබුනෙ නෑ..
"ඔය කියන විදිහට ජුසේ වාස් පියතුමා හොඳටම සිංහල දැනගෙන ඉඳලා තියනවා වෙන්ඩ ඕනා.." ඔව්.. වාස් පියතුමාත් ගොන්සාල්වේස් පියතුමාත් සිංහලෙන් ගීතිකාත් ලිව්වනෙ.. මම ප.ලි. යෙ දාපු ලින්කුවෙන් බැලුවානම් අත් අකුරුත් බලන්න තිබ්බා..
"වසූරිය නිකන්ම නැතුව ගියෙ කොහොමද ? " මිනිස්න්ගේ ප්‍රතිශක්තිකරණය ඇතිවෙන්න ඇති.. මම සෙන්නාගෙන්නෙ ඇහුවෙ මේක ආවෙ යුරෝපෙන්ද කියලා.. :)
"හරීට ස්තූතියි." මටත් සන්තෝසයි..
DDT,
Deleteවසූරිය ලෝකෙන් සමුගත්තු රොගයක් විදිහට නේද සළකන්නෙ.. මාත් අහලා තියෙනවා ජීව අවියක් (වචනෙ හරිද මන්දා? )විදිහට පාවිච්චි කරන්න කට්ටිය තියන් ඉන්නවා කියලා..
හරීගෙ අන්තිම ප්‍රශ්නෙ මම දැක්කා.. උත්තර දෙන්න වෙලාවක් තිබුනෙ නෑ.. මේ ටිකේ කාලෙකට පස්සෙ ලිපියක් ලියනවා.. ඒක හින්දා මෙතනම ලියන්නම්.. :-)
Deleteමම හිතන්නෙ යුරෝපෙන් වෙන්න ඕනා නේද ? ඊට කලින් ලංකාවෙ වසූරිය තිබුනද කියලා මම නම් අහලා නෑ.. සමහර විට හසිත දන්නවා අති.. වසූරිය වගේ රෝගයක් ප්‍රතිශක්තිකරනය ඇතිවීමෙන්ම සම්පූර්ණයෙන්ම නැති වෙයි කියලා හිතන්න අමාරුයි නේද ? හොඳ ඔරොත්තුදීමක් ලැබෙන්නත් පරම්පරා කිහිපයක්වත් යන්න ඕනා ඇති.
@ සෙන්නා
Deleteලංකාවේ ඈත අතීතයේ වසූරිය තිබුණාද කියන එක ගැන නම් මතකෙට එන්නේ නැහැ අයියා. ඒත් යුරෝපීයන් පැමිණීමත් එක්ක වෙන්න ඕනේ මේ ලෙඩෙත් එන්න ඇත්තේ. කොහොමත් මහනුවර රාජධානිය ආරම්භ වෙන 16 වෙන සියවසේ අග ඉදන්ම වසූරිය තියෙන්න ඇති.
රොබට් නොක්ස්ගේ පොතේ තියෙන විදිහට දෙවන රාජසිංහ කාලෙත් වසූරිය තිබිලා තියෙනවා. වසූරිය හැදුණු කෙනෙක් මිය ගියොත් කිසිම චාරිත්‍රයක් නැතුව මිනිය කැලේට අරන් ගිහින් වල්ලනවා කියලා එයා දක්වලා තියෙනවා.
ස්තූතියි හසිත...
Deleteසෙන්නා, හරී කියන කම්මැලියාට මම කිව්වා පාරිභාෂික වචන මාලාවක් ලියන්න කියලා. ටිකක් මොලේ වෙහෙසවන වැඩ වලට මේ කම්මැලියා හරිම අකමැතියි. නමුත් එක එක්කෙනා අහන ප්‍රශ්න වලදී නිකම්ම එවැනි විස්තර ලියන්න වෙනවා.
Deleteවසූරියට 'මසූරිකාව' කියලා පැරණි ලිපියක තිබුනා මතකයි. ලිපිය මොකක්ද කියලා අමතකයි. වබ්ලිව්. ඒ. ද සිල්වා මහතාගේ සුනේත්‍රා නවකතාවේ ලංකාවේ පෘතුගීසි පාලන සමයේදී වසූරිය සම්බන්ධ සිද්දි එකක් දෙකක් තියනවා. ඒ කියන්නේ ඒ කාලෙත් ඒ රෝගය තදින් පැතිරිලා තියනවා.
පාසල් යන කාලේ අර කටුවකින් සුරලා වගේ දෙන වසූරිය එන්නත ගැන නම් මතකයි.
අසමි දකිමි සොයමි ලියන විචාරක
@ විචාරක Wicharaka
Deleteඩේවිඩ් කරුණාරත්න මහත්තයා රොබට් නොක්ස්ගේ පොත එදා හෙළදිව කියලා පරිවර්තනය කරද්දිත් "වසූරිකා" කියන වචනය තමා පාවිච්චි කරන්නේ
@ සෙන්නා,
Delete//හරීගෙ අන්තිම ප්‍රශ්නෙ මම දැක්කා. // එකක් නෙමෙ ප්‍රශ්න පත්තරයක්නෙ..
//වසූරිය වගේ රෝගයක් ප්‍රතිශක්තිකරනය ඇතිවීමෙන්ම සම්පූර්ණයෙන්ම නැති වෙයි කියලා හිතන්න අමාරුයි නේද ? // මම අහලා තියෙන විදිහට ක්‍රම ක්‍රමයෙන් මිනිසුන්ගේ ප්‍රතිශක්තිය වැඩි වෙනවානෙ.. පරම්පරා කීපයක් යන්න ඇති තමයි..
@ හසිත,
//ඒත් යුරෝපීයන් පැමිණීමත් එක්ක වෙන්න ඕනේ මේ ලෙඩෙත් එන්න ඇත්තේ.// මාත් හිතන්නෙ එහෙම තමයි..
@ විචාරක,
Deleteමේ දවස්වල වගකීම් වලින් හා ප්‍රශ්න වලින් හොඳටම හෙම්බත්වෙලා ඉන්නෙ.. කිසිම විවේකයක් නෑ..
මෙහෙමනෙ විචාරක මහත්මයා වැඩේ පාරිභාෂික වචන ලියනවා කියලා කොච්චරක් නම් ලියන්නද? මම කොහෙන්ද ඒ වචන හොයාගන්නෙ ? වගේ ප්‍රශ්න ගොඩයිනෙ.. එහෙම කරනවා කියන්නෙ හරියට රිසර්ච් එකක් කරනවා වගේ වැඩක්.. මොකද ආවට ගියාට හිතෙන දේවල් ලියන්න බෑනෙ.. අනික අකාරාදී පිළිවෙලට දානව කියන්නෙත් අමාරු වැඩක්.. සිංහල හෝඩිය දන්නෙ නෑනෙ.. :)
උත්සාහ කරලා බලන්නම්කො..
//පාසල් යන කාලේ අර කටුවකින් සුරලා වගේ දෙන වසූරිය එන්නත ගැන නම් මතකයි.// ඒ මොකක්ද?
අපි කුඩා කාලේ ඉස්කෝලෙට මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ හෙදියක් එනවා අපට විවිධ ප්‍රතිශක්තිකරණ එන්නත් දෙන්න. වසූරිය සඳහා දෙන එන්නතේ දෙන්නේ පිහිය තුඩක් වැනි සියුම් උපකරණයකින් (ඒක උනුවතුරේ තම්බලා ගන්නේ) අපේ වම් අතේ උඩ බාහුවේ සියුම් සීරීමක් කරලා එතනට ප්‍රතිශක්තිකරණ බෙහෙත දමනවා. ඔයාගේ අම්මගේ තාත්තගේ වම් අතේ උඩ බාහුවේ නැද්ද එවැනි සලකුණු. දැන් මේ ප්‍රතිශක්තිකරණය මුඛයෙන් දෙන්නේ. ඒ නිසයි ඔයාලගේ අතේ අර ලකුණ (හරියට හංවඩුවක් වගේ)නැත්තේ.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අර ටොනික් මූඩියක් සයිස් කැළල නේද? එහෙම සළකුණ ඉතිරි කරන්නෙ කොහොමද?
Deleteහරියට හරි ඒක තමා. අර විදිහට හූරලා එතනට ප්‍රතිශක්තිකරණ බෙහෙත් දාපුවහම එතන පැසවනවා.තුවාලයක් හැදෙනවා.උන ගැනෙනවා.සමහරුන්ට ඉතා තදින් උන ගැනෙනවා. බෙහෙත් නැහැ.අර ප්‍රති වෛරසයේ ක්‍රියාකාරිත්වය නිසා තමයි උන ගැනෙන්නේ.සමහරුන්ගේ ලොකුවට කැළල ඉතුරු වෙනවා.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක මහතා,
Deleteමම හිතන්නෙ දැන් වසූරිය එන්නත දෙන්නෙ නෑ.. අපිට දීලත් නෑ මම දන්න විදිහට.. ඒක ලෝකෙන්ම තුරන් වෙරා ඉවරයි කියනවනෙ..
වෙන්ඩ ඇති සෙන්නා,මාත් හරියටම දන්නේ නැහැ. දැන් දෙන්නේ පැපොල,සරම්ප,කක්කල් කැස්ස,රුබෙල්ලා,වගේ ඒවා නේද?
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඔව් ඔය සෙට් එකටම දෙනවා.. තව පෝලියෝ එකද කොහෙද මුඛ එන්නතක් හැටියට දෙනවා.. මටත් දැන් මතක නෑ.. පුත්‍රයගෙ කෝස් එකත් ඉවරයි.. ඉතින් දැන් අමතකයි.. :-)
Deleteවිචාරක, ඔය කොයිකලේද ලංකාවේ වසුරිය එන්නත් දෙන එක නැවැත්තුවේ
Deleteජුසේවාස් පියතුමන් ගැන සම්පූර්ණ තොරතුරු ඔබ නිසා දැනගත්තා. පහුගිය කාලේ මේවාගැන යාන්තමට දැනගෙන හිටි නිසා ඔබේ රචනා විලාශය තවත් රසවත්ව ඒකතාව මනසේ ඇඳගත්තා.
ReplyDeleteරචනා විලාශය රසවත් කියන එක නම් අහන්නත් පුදුමයි දයා අයියේ.. මම හිතන් හිටියෙම හා තවමත් හිතන් ඉන්නෙ ඒක සවුත්තුයි කියලා..
Deleteහරීගෙ ලිපියෙන් ජුසේ වාස් පියතුමන් ගැන නොදන්න දේත් දැන ගත්තා,,හරී මම හිතන්නේ ජුසේ වාස් පියතුමා ගැන තොරතුරු නැතුව නෙමේ ඒවා හොයන්නේ නැති කම තියෙන්නේ,,,මම දවසක් කිවුවා වගේ ඔය තොරතුරු හංගගෙන ඉන්න පල්ලි ලංකාවේ තියනවා
ReplyDeleteඩිලාන්ට පුළුවන්නම් ප.ලි.යෙ මම දාලා තියෙන ලින්කුව බලන්න.. ඒකෙ වටිනා පින්තූර සිය ගණනක් තියෙනවා..
Deleteදවසක එන්නම්කො බෝලවත්ත පැත්තෙ..
හෙට තමා විභාගේ පටන් ගන්නේ. ඒ වුණත් මේ සටහනේ තියෙන කරුණුවලට යමක් එකතු නොකර යන්න හිතෙනේ නැති නිසා තමා මේ කරුණු එකතු කරන්නේ :D
ReplyDelete//..දවස් තුනක් අවසන් ගෞරව දැක්වීමෙන් පස්සෙ දේහය [ජෝශප් වාස් පියතුමාගේ] නුවර දේවස්ථානයක අප්‍රසිද්ධියේ භූමදාන කළා කියලයි සඳහන් වෙන්නෙ....//
එතුමාගේ දේහය තැන්පත් කරන්නේ එතුමා විසින්ම ගොඩනගපු මහනුවර දේවස්ථාන භූමියේ. ඒත් 1745 වෙන සිදුවීමක් එක්ක මේ දේවස්ථානය වගේම මහනුවර තිබුණු සියලුම කතෝලික නිර්මාණ විනාශ කර දැමෙනවා. ඒ ගැන කිව්වොත් නායක්කර් වංශික පාලනය තමා මේ කාලේ වෙද්දී ආරම්භ වෙලා තිබුණේ. රජතුමා ශ්‍රී විජය රාජසිංහ රජතුමා.
ජේකබ් ගොන්සාල්වේස් පියතුමාගේ කෘති මගින් බුදු දහම විවේචනය කෙරෙනවා කියන චෝදනාව තමා මේ සිද්ධියට මුල් වෙන්නේ. විශේෂයෙන්ම "මාතර ප්‍රත්‍යක්ෂනය" කියන කෘතියෙන් බුදු දහමේ කරුණු රැසක්ම නිෂ්ප්‍රභා කරලා තියෙනවා. විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ සර්වඥ බව වගේ දේවල්.
මේ කරුණු මත රාජ්‍යයේ ප්‍රධාන දහම වෙන බුදු දහමට එරෙහිව සිදුවන මේ කරුණු වළක්වන එන රජතුමාගේ තමන්ගේ වගකීම විදිහට සළකලා 1745 අප්‍රේල් 16 වෙනිදා දෙවන අදිකාරම් වුණු ලෙව්කේ, සතර කෝරළේ දිසාව, සරණංකර හිමියන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනවා මේ සම්බන්ධව විභාග කරන්න.
ඒ කමිටුව කතෝලික පූජවකවරුන් එකිනෙකාගෙන් වෙන වෙනම ප්‍රශ්න කරලා අවසානයේදී ඔවුන් වරද කරුවන් බව ප්‍රකාශ කරනවා. මේ විනිශ්චය අනුව රජතුමා මහනුවරින් කතෝලිකයන්ව පිටමං කරනවා වගේම සියලුම නිර්මාණ විනාශ කරන්න නියෝග කරනවා.
එහෙම වුණත් පූජකවරුන් උඩරට රාජධානියෙන්ම බැහැර වුණු බවක් පෙනෙන්නේ නැහැ. ඔවුන් උඩරට රාජධානියටම අයත් වුණු ඒත් රජුගේ බලපෑම් එතරම්ම එල්ල වෙන්නේ නැති වන්නි ප්‍රදේශයේ ඉදන් තමන්ගේ කටයුතු කරගෙන යනවා.
මේ සිදුවීම ගැන කතෝලික පූජකවරුන් කියන්නේ ඕලන්දයන් උඩරට නිලධාරීන්ට අල්ලස් දීලා මේ කටයුත්තු සිදු කළා කියලා.
ස්තූතියි හසිත විස්තර ටිකට.
Delete@ Gihan (ගිහාන්)
Deleteස්තුතියි සහෝදරතුමා අගය කළාට :)
@ හසිත,
Delete//හෙට තමා විභාගේ පටන් ගන්නේ.// හසිතට විභාගෙ ගේමක් නැතුව ඇතිනෙ.. මොනවද හසිත තියෙන විශයන්?
මේ විස්තර දැනහිටියේ නෑ.. ස්තුතියි කරුණු එකතු කිරීමට..
ශ්‍රී විජය රාජසිංහ හින්දු නේද?
@ හරී
Deleteවිභාග කොහෙද ගේමක් නැත්තේ ? විභාගේ තමා අපේ අභාගේ :(
විභාගෙට තියෙන්නේත් ඉතිහාසයම තමා. මේ පාර ප්‍රශ්න පත්තර 3 ක් තියෙනවා. අද තිබුණේ පළවෙනි එක. ඈත අතීතයේ සිට 18 සියවස දක්වා ලාංකීය කලා හා ගෘහ නිර්මාණ ශිල්පය. තව දෙකක් එහෙම් පිටින්ම ඉතුරුයි :(
//..ශ්‍රී විජය රාජසිංහ හින්දු නේද?..//
රජතුමා උපතින් හින්දු භක්තිකයෙක් තමා. ඒත් කුඩා කාලයේදීම තමන්ගේ සොයුරියත් එක්ක [වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ අග බිසව] මහනුවර රජ වාසළට ඔහු පැමිණීමත් එක්ක බෞද්ධාගමික වටපිටාවක් යටතේ තමා ඔහු හැඳී වැඩෙන්නේ.
සරණංකර හාමුදුරුවන්ගේ ගෝලයෙක් විදිහට පන්සලකම නැවතිලා අධ්‍යාපනය හදාරපු බවත් කියවෙනවා. ඒ නිසා "නායක්කර් හාමුදුරුවෝ" කියලාත් හැඳින්වෙනවා.
ලංකාවේ රජතුමා බෞද්ධයෙක් වීම අනිවාර්ය නිසා බුදු සමය වැළඳ ගත්තු බවත් පේනවා. ඒක නිසා උපතින් හින්දු භක්තිකයෙක් වුණත් පස්සේ බෞද්ධයෙක් වුණු බව පැහැදිලියි
'නායක්කර් හාමුදුරුවෝ' මෙහෙම කියන්න ඇත්තෙ හාමුදුරුවො යන එකේ අනිත් අර්ථයෙන් වෙන්න ඇති.. උදා: නඩුකාර හාමුදුරුවො
Deleteමහණ වුනේ නෑනෙ?
@ හරී
Deleteඔව් ඔව්. රජතුමාගේ තිබුණු නිවුණු ගතිගුණ හාමුදුරු කෙනෙක් වගේ නිසා තමා ඒක කියලා තියෙන්නේ
ස්තූතියි හරී මේ ලිපි පෙළට.
ReplyDeleteසමාවෙන්න, මම හිතාගෙන හිටියා මේ ලිපි පෙළේ පළවෙනි එක දැකපු වෙලේම අර Facebook Page එක ගැන කියන්න. ඒ වුනාට කොහොම හරි ඒක මඟ හැරුනා.
ස්තූතියි හරී මේ ලිපි පෙළට.
ReplyDeleteසමාවෙන්න, මම හිතාගෙන හිටියා අර Facebook Page එක ගැන කියන්න, ඒ වුනාට ඒක කොහොම හරි මඟ හැරුනා.
කියවන්න එනවාටත් ස්තුතියි..
Deleteමම ඒ පිටුව ගැන දැන හිටියේම නෑ.. ඒකෙ වටිනා පින්තූර ගොඩක් තියෙනවා..
සමාව ඉල්ලන්න දෙයක් නෑ සහෝදරතුමා.. සුළු දෙයක්නෙ.. :)
//..මොකද සහයට පියතුමන්ලා දෙන්නෙක් ආපු නිසා. ඉතින් මේ ආපු එක පියතුමෙක්ට නුවර ප්‍රදේශයත් අනිත් පියතුමාට පුත්තලම ප්‍රදේශයත් භාරවෙනවා....//
ReplyDeleteජුසේවාස්තුමා ගැන තිබුණු අර සිංහල චිත්‍රපටියේ නම් තියෙන විදිහට මේ එක පූජකයෙන් ජුසේවාස් පියතුමාගේ ඥාති පුත්‍රයෙක්. ඒක හරිද ? අනික තමා මට ආපු ප්‍රශ්නේ ජුසේ වාස් පියතුමාගේ ඥාතීන් තවමත් ඉන්නවාද කියන එක ?
//..මේ දේවස්ථානය වටා බොහෝ කතෝලික පිරිස් හිටියා වගේම ඈත ගම්වල ඉඳලත් මිනිස්සු මේ දේවස්ථානයටම එන්න විශේෂ හේතුවක් තිබුනා. හේතුව තමයි ඒ දේවස්ථානයේ ළිඳේ ජලය බොහෝම බලගතු යයි විශ්වාසයක් තිබීම...//
මේ ළිඳ ගැන ලංකාදීප පත්තරේ කාලෙකට කලින් ලිපියක් තිබුණා. ඒකෙන් කියලා තිබුණේ වීදිය බණ්ඩාර සිරගත කරලා ඉද්දී එයාව ගලවා ගන්න කුඩා ටිකිරි අදහසින් කුමරිය හාරපු උමඟේ කොටසක් කියලා. පස්සේ කාලේ ළිඳක් විදිහට පාවිච්චි කළා වෙන්නත් පුලුවන්. මේකේ තිබිලා පෘතුගීසි ලන්දේසි කාසි එහෙමත් හම්බෙලා තියෙනවාලු. දැන් නම් මේක කුණු දාන එකක් වෙලාලු තියෙන්නේ.
මේ අන්නාවි කියන වචනේ නම් දෙමළ හුරුවක් තියෙනවා වගේ. කොහොමද දන්නේ නැහැ නම හැදුණේ ?
//..මීට අමතරව සිංහල ගීතිකා ආදියත් රචනා වෙනවා...//
ජුසේ වාස් පියතුමා සකස් කළා කියලා විශ්වාස කරන ගීතිකාවක් ගැන කලින් සටහනකදී කවුරු හරි කිව්වා නේද ?
//..1711 ජනවාරි 16වෙනිදා....//
ජනවාරි 16 මෙතුමාව සිහිපත් කරන මංගල්‍යයන් තියෙන්නේ ඒක නිසා වෙන්න ඇති නේද ?
එතුමාගේ රූපයේ ඉහළින් දකුණු පසින් හා වම් පසින් තියෙන්නේ ඉරයි හඳයි ද ? හඳෙන් වගේ එකෙන් නම් ආලෝකයක් එන බව පේනවා...
1713 ඉදන් 1995 වෙනකම් ඔච්චර ලොකු කාලයක් යන්නේ ඇයි භාග්‍යවරයට ඔසවන්න ?
//...ඒත් කණගාටුවට කරුණ නම් එම පරීක්ෂණ කටයුතු අඩුපාඩු සහිත බව පවසමින් වත්මන් පාප්තුමා විසින් ක්‍රියාවලිය නවත්වා තිබීමයි...//
ඒ ක්‍රියාවලිය නැවත ආරම්භ කරන්න පුලුවන්කමක් තියෙනවාද ?
චාරිකාවට නම් මාත් සෙට් වෙන්න කැමතියි. අපි කොහොමත් බෝලවත්තේ යන්න කලින්ම කතා කරගත්තා නේ :D
ෆේස්බුක් පිටුවත් බැලුවා. බොහොම වටිනවා එහෙම දෙයක් කරපු එක. නිස්කලන්කේ ඒක බලන්න ඕනේ විභාගෙන් පස්සේ..
ඉතින් ලොකු මහත්තයා ඊළඟටත් තව ශාන්තුවරු කීප දෙනෙක් ගැන ලියමු නේද ? එහෙම නැත්නම් ඊට කලින් ගොන්සාල්වේස් පියතුමා ගැන ලියමුද ?
"ජුසේවාස්තුමා ගැන තිබුණු අර සිංහල චිත්‍රපටියේ නම් තියෙන විදිහට මේ එක පූජකයෙන් ජුසේවාස් පියතුමාගේ ඥාති පුත්‍රයෙක්. ඒක හරිද ? අනික තමා මට ආපු ප්‍රශ්නේ ජුසේ වාස් පියතුමාගේ ඥාතීන් තවමත් ඉන්නවාද කියන එක ? "
ReplyDeleteමේකට උත්තරයක් හොයාගන්න බැරිවුනා හසිත..
"මේ ළිඳ ගැන ලංකාදීප පත්තරේ කාලෙකට කලින් ලිපියක් තිබුණා. " මේ ළිඳේ දැන් පින්තූර බුකියෙ පින්තූර අතර තියෙනවා..
"මේ අන්නාවි කියන වචනේ නම් දෙමළ හුරුවක් තියෙනවා වගේ. කොහොමද දන්නේ නැහැ නම හැදුණේ ? " මමත් හිතන්නෙ දෙමළ වචනයක් බව.. විස්තර නම් හොයාගන්න නෑ..
"ජුසේ වාස් පියතුමා සකස් කළා කියලා විශ්වාස කරන ගීතිකාවක් ගැන කලින් සටහනකදී කවුරු හරි කිව්වා නේද ? " නෑ.. ඒ ඇහුවෙ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා රචනා කළ 'දෙවිඳු උපන්නේය සතුනි' කියන පළවෙනි සිංහල කැරොල් ගීතිකාව ගැන.. ජුසේ වාස් පියතුමා සිංහල කතෝලික සාහිත්‍යයේ මුල් පියවර ගත්තත් ඒ අංශයේ වැඩියෙන්ම ප්‍රසිද්ධ ගොන්සාල්වේස් පියතුමා..
"ජනවාරි 16 මෙතුමාව සිහිපත් කරන මංගල්‍යයන් තියෙන්නේ ඒක නිසා වෙන්න ඇති නේද ? " ඒක කියන්න අමතක උනානෙ.. මතක් කළ එක හොඳයි..
"එතුමාගේ රූපයේ ඉහළින් දකුණු පසින් හා වම් පසින් තියෙන්නේ ඉරයි හඳයි ද ? " මේ ගැන කියන්නත් ගිහින් වැල් වටාරම් වෙයි කියලා හිතපු නිසා අතහැරියා.. ඔන්න අහපු නිසා කියන්නම්කො..
පළවෙනි කාරණාව එතුමා ගෝවෙ ඉන්න තමුන්ගෙ ඥාති පූජකවරයෙකුට ලියපු ලිපියකදී සඳත්, ඉරත් උපමා කරලා පූජකජීවිතය ගැන ඔහුට උපදෙස් දෙනවා.. ඒ සිද්ධිය මූලික කරගෙන වගේම ලංකාවේ එතුමා ඉරත් හඳත් ඇසුරෙන් පාර හොයාගෙන ගිය බව පෙන්වන්නත් තමයි ඉරයි හඳයි දාලා තියෙන්නෙ.. අර තරුවක් වගේ තියෙන්නෙ එතුමා ඉපදුන දවසේ දවල් පෙනුන තරුව නිසාලු..
"1713 ඉදන් 1995 වෙනකම් ඔච්චර ලොකු කාලයක් යන්නේ ඇයි භාග්‍යවරයට ඔසවන්න ? " ශුද්ධවන්තභාවය කියන්නෙ ඒවගේ දීර්ඝ වැඩපිළිවෙලක් තමයි හසිත.. ඒ ඒ අය කෙරෙහි තියෙන පිළිගැනීම හා ප්‍රසිද්ධිය අනුවයි එහෙම වෙන්නෙ.. ඒ වගේම ඔය ප්‍රාතිහාර්‍යය කියන ඒවා ඇත්තටම ප්‍රාතිහාර්‍යයද කියලා හොයන්න දස අතේ පරීක්ෂණ තියෙනවාලුනෙ.. ඒක නිසා කල්යනවා..
"ඒ ක්‍රියාවලිය නැවත ආරම්භ කරන්න පුලුවන්කමක් තියෙනවාද ? " මේක නම් වතිකානුව ඉල්ලීම් ඉදිරිපත් කරලා බලපෑම් කිරීමෙන් තමයි කරන්න වෙන්නෙ.. දැනටත් ලංකාවේ හා ඉන්දියාවේත් මෙතුමාගේ චරිතය ගවේෂණය කරන අය සිටින බව පේනවා..
"චාරිකාවට නම් මාත් සෙට් වෙන්න කැමතියි." යමු.. යමු.. :D
"ඉතින් ලොකු මහත්තයා ඊළඟටත් තව ශාන්තුවරු කීප දෙනෙක් ගැන ලියමු නේද ? එහෙම නැත්නම් ඊට කලින් ගොන්සාල්වේස් පියතුමා ගැන ලියමුද ?" මේ කෑල්ල මම දැක්කෙ නෑ..
බොහොම ස්තුතියි තොරතුරු එකතු කළාට.. ප්‍රශ්නවලට නම් හරිහමන් උත්තර ලැබුනෙ නෑ වගේ..
@ හරී
Deleteමේ මදෑ හොඳටෝම. ආයි දවසක අල්ල ගන්නම්කෝ :P
ස්තුතියි
මේ ජුසේවාස් පියතුමා වෙනුවෙන් හදපු ගීතිකාව. භාග්ය වරයට ඔසවපු කාලෙනන් නිතරම ඇහුන. දැන්නන් ඇහුවෙ නෑ ගොඩ කාලෙකින්,
ReplyDeletehttp://www.youtube.com/watch?v=fxb-pIzg6S0
ස්තුතියි.. දැන් නම් ඇහෙන්නෙවත් නෑ තමයි.. ජුසේවාස් පියතුමා ශුද්ධවන්තයෙක් කරන් ක්‍රියාවලිය නවත්තලා කියලවත් අපේ මිනිස්සු දන්නෙ නැතුව ඇති..
Deleteකොහේ දැනගන්ඩද අප්පා එහෙම එකක් තියෙනවා කියලා දන්නෙත් කීයෙන් කී දෙනාද?
මේකත් බොහොම ආසාවෙන් කියවපු නොදන්න දේවල් බොහොමයක් දැනගන්න හැකි උන ලිපියක්. එතුමා වන් දෙවිදුන්ගෙ කැමැත්තට ක්‍රියා කරපු දෙවිදුන් වෙනුවෙන් ජනතාවට සේවය කරමු උතුමෙක් ශුද්ධවන්ත භාවයට පත් නොවීම කනගාටු දායකයි .දෙවිදුන් වරමින් එය එසේ නොවේවා කියලවත් පතමු.
ReplyDeleteමම දන්න විදිහට එතුමා සම්බන්ධ කතාවල සාක්ෂි මදි වගේ කතාවක් නිසා තමයි ක්‍රියාවලිය නවත්වලා තියෙන්නෙ.. දැන් අලුත් පාප්තුමෙක් පත්වුනානෙ.. අපි බලමුකො එතුමාවත් මේ ගැන යම් පියවරක් ගනීද කියලා..
Deleteමම මේ විස්තර කියෙව්වා, හරිම වටිනා තොරතුරු ටීක්කක්.
ReplyDeleteThank you
Delete