අද පළවෙනිපාරට පොතක් ගැන කියන්න හිතුනා. අද කියන්න හිතුනා කියලා කිව්වට මේ පෝස්ටුව සැලසුම් කරලා ටිකක් කල්. ඔන්න අද තමයි හිතුනේ ඉවරයක් කරලා දාන්න. සාමාන්‍යයෙන් බ්ලොග් එකක පොතක් ගැන කියලා ඒක හොයාගෙන කියවන්ඩ කියලනෙ කියන්නෙ. ඔන්න අද එහෙම නැතුව ඔයගොල්ලන්ට මුළු පොතම කියවන්ඩ ලැබෙනවා.
මයිකල් රුදිගු පියතුමා, සම්ප්‍රදායික කතෝලික පියතුමෙකුගේ භූමිකාවෙන් මිදිලා විප්ලවීය විදිහට ජනතාවට සේවය කරන්ඩ උත්සාහ දරපු පියතුමෙක්. සාම්ප්‍රදායික ලෝගුව අතෑරලා සරම බැනියම ඇඳගෙන දුෂ්කර ගම්මානයක දිළින්ඳන් සොයාගෙන තමයි එතුමා යන්නේ. ඒත් ඒ වෙනුවට එතුමාව සොයාගෙන එන්නෙ වෙඩි උණ්ඩයක්. ඒ උණ්ඩය යන්නෙ එතුමාගේ ජීවිතයත් අරගෙන. මේ එතුමාගේ කතාවයි.
මේ පොතෙන් උපුටා ගත්තු තැන් කිහිපයක්..
ඉතින් මේ පොතම මුල ඉඳන්ම පහළ තියෙන ලින්කුවෙන් කියවන්ඩ පුළුවන්.
විශේෂ ස්තුතිය :
මයිකල් රුදිගු පියතුමා, සම්ප්‍රදායික කතෝලික පියතුමෙකුගේ භූමිකාවෙන් මිදිලා විප්ලවීය විදිහට ජනතාවට සේවය කරන්ඩ උත්සාහ දරපු පියතුමෙක්. සාම්ප්‍රදායික ලෝගුව අතෑරලා සරම බැනියම ඇඳගෙන දුෂ්කර ගම්මානයක දිළින්ඳන් සොයාගෙන තමයි එතුමා යන්නේ. ඒත් ඒ වෙනුවට එතුමාව සොයාගෙන එන්නෙ වෙඩි උණ්ඩයක්. ඒ උණ්ඩය යන්නෙ එතුමාගේ ජීවිතයත් අරගෙන. මේ එතුමාගේ කතාවයි.
මේ පොතෙන් උපුටා ගත්තු තැන් කිහිපයක්..
මයිකල් රුදිගු පියතුමා (පින්තූරය මෙතනින්) |
"බලන්නකෝ ආනන්ද, මේ ලමයින්ගෙන් මට හරි කරදරේනේ" දඟකාර දරුවන්ගේ කටයුතු ගැන සෙනහස මුසු කරදරකාරී බවකින් අදහස් දක්වන පිය කෙනෙකු මෙන් මයිකල් පියතුමා ආනන්ද ලාල් මහතා සමඟ කතාවට මුල පිරුවේය.
"ඇයි ෆාදර් එහෙම කිව්වේ?"
"මං මේ උත්සහ කරනවා අර දුප්පත් මිනිස්සුන්ගේ වහලවල් ටික හෙවිලි කරලා ඒ මිනිස්සුන්ට යන්න වැසිකිළි ටික කොහොම හරි හදවලා දෙන්න. ඒත් ඒ තරුණ ළමයි ඒකට විරුද්ධයි."
"ඇයි ෆාදර් ඒ ගොල්ලෝ විරුද්ධ වෙන්නේ? ෆාදර් කරන්න හදන්නේ ඒ මිනිස්සුන්ට සේවයක්නේ?"
" ඒත් ඉතින් දන්නේ නැද්ද තරුණ ළමයින්ගේ අදහස්? ඔය විදියේ සේවයකින් වැඩක් නැහැලු. ඒක පැලැස්තර යෙදීමක් විතරලු. මේ පවතින සමාජ ක්‍රමය මුලුමනින්ම වෙනස් කරන්න ඕනලු. ඉතින් ආනන්ද වැසිකිලි යන්න සමාජ ක්‍රමය වෙනස් වෙනකම් බලා හිටියොත් ඒ මිනිස්සුන්ට ඒ දක්වාම වැසිකිලියකටවත් යන්න වෙන්නේ නෑනේ" යි පැවසු මයිකල් පියතුමා උස් හඬින් සිනාසෙන්නට විය.
--------------------
"1947 අවුරුද්දෙ මං පූජකවරයෙක් වශයෙන් බැඳෙන්න තීරණය කළ දිනවලමයි ජේසුස්වහන්සේ බඳුම දිළිඳුන් අතරේ මිය යන්න තීරණය කළේ. කුරුසිය කියන්නේ බිත්තියේ එල්ලන එකක්වත්, ගෙල පළඳවන එකක්වත් නෙමේ. රෝම අධිරාජ්‍යයන්ගේ දේශපාලන සිරකරුවන්ට දෙන බැරෑරුම්ම දඬුවම් අතරින් පළවෙනිම දඬුවම තමයි කුරුසියට තබා ඇණ ගැසීම. ජේසුස් වහන්සේ මිය ගියේ වයස 33 දී. එසේ මිය ගියේත් පීඩිත ජනතාවගේ විමුක්තිය වෙනුවෙන්. අවස්ථාව එළඹිවිට ජනතාව වෙනුවෙන් මිය යාමට අප සූදානම් විය යුතුයි."
ඉතින් මේ පොතම මුල ඉඳන්ම පහළ තියෙන ලින්කුවෙන් කියවන්ඩ පුළුවන්.
මේ පොත ගැන කිතුසර පුවත්පතේ මෙවැනි අදහසක් තිබුනා.
උපුටාගැනීම
එතුමා වෙනුවෙන් ඉදිවී ඇති ස්මාරකය (පින්තූරය මෙතනින්) |
මයිකල් පියතුමාගේ දේශානුරූපීකරණය ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොර එකක් විය. මර්සලින් ජයකොඩි පියතුමාගේ චරිතාපදානය "මල් පැලේ උපන් පන්සලේ පියතුමා" ලෙස ලියා ඇතිවාක් මෙන්ම මයිකල් ගැන පොතක්ද පන්සලේ බණ කියූ කතෝලික පියතුමා ලෙස ලියා ඇත.මෙම හැදින්වී මෙරට බොදුනු ජනතාවට ඒ චරිත කියවීමෙහිලා යම් පෙළඹවීමක් කරන නමුදු ඒ හැඳින්වීම් තුළින් ඉස්මතු වන අමිහිරි යථාර්ථයක්ද වේ. එනම් ලාංකිය සමාජය තුළ යම් පුද්ගලයෙකුට ලැබෙන අගය කිරීම ඔහු අධිපති මතවාදයට (එය යහපත් හෝ අයහපත් විය හැක) දක්වන ලෙංගතුකම මත තීරණය වීමයි. අධිපති මතයට පක්ෂවන්නා අද දවසේ දේශප්‍රේමියා වීමත් ඊටත් එකඟ නැත්තෝ දේශද්‍රෝහියා වීමත් එහෙම දිගුවකි.
නමුත් අපගේ අදහස වන්නේ මයිකල් පියතුමාගේ ප්‍රධාන වැදගත්කම වන්නේ එතුමා සතුවූ බුදු දහම පිළිබඳ දැනුම නොවන බවයි. එය එතුමාගේ වැදගත්කම ඉහළ දමන්නක් වුවත් එතුමාගේ ප්‍රධාන වැදගත්කම වන්නේ පීඩිතයා පිළිබඳ වූ ප්‍රමුඛතාවයයි.
උපුටාගැනීම අවසන්.
- මයික් පියනම විෂයෙහි දේශානුරූපීකරණය හා හිස්වීම විලාසිතාවක් නොව විප්ලවීය භාවිතාවකි, කිතුසර, 2012 නොවැම්බර්-දෙසැම්බර්, 2 පිට
විශේෂ ස්තුතිය :
- මේ පොත පළ කල :::නොදන්නා පොත්::: බ්ලොග් අඩවියේ කතුතුමාට
- කිතුසර පත්තරේ දීපු තරුරසී අක්කට
ඔන්න මමත් පොත කියවන්න පටන් ගත්තා :)
ReplyDeleteබොහොම සංවේග ජනක කතාවක්. හොඳ මිනිස්සු ජීවත් වෙන කාලය අඩුයි. කොහොම නමුත් ඒ උතුම් මිනිසාට මගේ ප්‍රණාමය. ඒ වගේමයි මේ ගැන අපිව දැනුවත් කරපු ඔබටත් ස්තුතියි.
Deleteමයිකල් පියතුමා වෙනුවෙන් ඉදි කරපු ස්මාරකය කොහේද තියෙන්නේ ? ඒ වගේමයි එතුමාගේ සුබ සෙත් සෙවණ නිවස තවමත් ඒ ප්‍රදේශයේ තියෙනවාද ??
//...අද පළවෙනිපාරට පොතක් ගැන කියන්න හිතුනා....//
Deleteබොරුනේ. චෞර රැජිණ පොත මිට කලින් නිකම් බෙදුවේ කවුද ? :P
හොඳ මිනිස්සු ජීවත්වෙන්නේ බොහෝම කෙටිකාලයයි කියන එක නම් මාත් අහලා තියෙනවා..
Deleteහසිතගේ ප්‍රශ්නවලට තරුරසී අක්කා උත්තර දීලා තියෙන නිසා මම අමුතුවෙන් යමක් එක්කාසු කරන්ට ඕනෙ නෑනෙ..
"බොරුනේ. චෞර රැජිණ පොත මිට කලින් නිකම් බෙදුවේ කවුද ?" හපොයි.. දැන්නෙ මතක් උනේ.. :D
වෙලාව තිබුනොත් කියවන්න ඕනේ.
ReplyDeleteවෙලාව හොයාගෙන කියවන්ට වටින කතාවක් අසර්..
Deleteඑවැනි උත්තමයන් තමයි අදට අවශ්‍ය.
ReplyDeleteකරුමෙට එවැනි උත්තමයන් තමයි දැන් කාලෙ හිඟ..
Deleteමම ඔය සීන් එක ගැන දන්නෙම නැහැ.හොයාගෙන කියවන්න ඕන!
ReplyDeleteආයෙ මොනාද හොයන්ඩ තියෙන්නෙ.. නොදන්නා පොත් බ්ලොග් එකේ පොත එහෙම පිටින්ම තියෙනවා.. මම ඒකට ලින්ක් එක දීලා තියෙනවා..
Deleteමේක පරන පොතක් නේද බොල ?
ReplyDeleteඔව් සෑම්.. මේ එක්දහස් නමසිය බර ගණන්වල රැජිණ පත්තරයේ පල වෙච්ච කතාවක්.. ඊට පස්සෙ පොතක් කරලා.. ඊටත් පස්සෙ ඒක බ්ලොග එකක ලියවිලා තියෙන්නෙත් 2009දි.. ඒත් මේ පොත තවමත් ඇහැ නොගැටිච්ච අය ඇති කියලයි දැම්මෙ..
Deleteඅද තමයි පොත ගැන දැනගත්තේ. බොහොම ස්තුතියි. කියවලා බලන්නම්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මේක භීෂණ සමයේ කතාවක්නෙ.. විචාරක මහත්මයා කනින් කොනින් වත් අහලා ඇති මෙතුමා ගැන..
Deleteමම මුලින්ම හිතුවෙ මේ මර්සලින් ජයකොඩි පිය තුමා ගැන කියලා .. මම මේ පියතුමා ගැන අහලවත් නෑ.. එතුමා ජීවතුන් අතර ඉන්න කෙනෙක්ද ?
ReplyDeleteඅර ස්මාරකේ තියෙන්නෙ කඳානෙ පල්ලියෙද ?
අර බ්ලොග් එකේ පොත සම්පූර්ණයෙන් දාලා ඉවරද, තාම කොටස් වශයෙන් යනවද ? එතනට ගියාට මට ඒක හරියටම පැහැදිලි වුනේ නෑ.. ආයෙ ගිහින් බලන්න ඕනා..
මේ කමෙන්ට් එක දැක්ක ගමන් හිතුනෙ 'මේකව කොටියා කන්න එපායැ' කියලා :D
Deleteජීවතුන් අතර ඉන්න කෙනෙක්ට ස්මාරක හදනවද? :P
මෙතුමාව භීෂණ සමයේ නන්නාදුනන තුවක්කුකරුවෙකුගේ ගොදුරක් බවට පත්වුනා.. ඒ බුත්තලදී..
මේ ටික ඒ බ්ලොගයේ ලියවිලා තියෙන්නෙ 2009දි.. කතාව ඔක්කොම තියෙනවා.. මුලඉඳන් නිමි කියන තැනටම කියෙව්වැකි.. Archive එක බලාගෙන ගියොත් ලේසි වෙයි.. ඉක්මනට කියවන්ඩ පුළුවන් එච්චර දිග නෑ..
හපොයි ඔව්නෙ බන්... මම වගේ මුග්ධයෙක්... අනිත් එක එතුමාව ඝාතනය කළා කියලා හරී ලියලම තියනවනෙ.. මම ඒක දැක්කෙත් නෑ..
Deleteමුග්ද කමෙන්ට් එකක් දැමීම ගැන සමාවන්න..
මට අබා ෆාදර්වත් මතක් වුනා..
එහෙම හිතන්ඩ එපා ඉතින්.. හදිසියට දකින්ඩ නැතුව ඇති.. අනික පොත තියෙන තැනට ගියාම පෝස්ට් එකේ තිබිච්චා අමතක වෙන්ඩ ඇතිනෙ.. සමාව ගන්ඩ ත්‍රම දෙයක් නෙමෙයි ඒක..
Deleteඅබා පියතුමාවත් අන්තිමේ මරලා දැම්මනෙ.. ඒක තවමත් අභිරහසක් නේද? කුඩුකාරයො මැරුවා කියනවා.. තව දේශපාලකයෙක් මැරුවා කියනවා.. අනේ මන්දා?
ඔව් එතුමටත් එහෙම තමයි වුනේ. වෙච්චදේ අදටත් අභිරහසක්..
Deleteහරීගෙන් වෙනස් විදියක ලිපියක්...:)
ReplyDelete(මේ පාර හසිතගෙනුත් වෙනස් විදියක ලිපියක්. දෙන්නා කතා වෙලා ලියනවද දන්නේ නෑ. )
//ජයකොඩි පියතුමාගේ චරිතාපදානය "මල් පැලේ උපන් පන්සලේ පියතුමා"//
මටත් මතක් උනේ ඒ පියතුමාව.
//සාම්ප්‍රදායික ලෝගුව අතෑරලා සරම බැනියම ඇඳගෙන දුෂ්කර ගම්මානයක දිළින්ඳන් සොයාගෙන තමයි එතුමා යන්නේ.//
හැම ආගමකම කියැවෙන්නේ බොහෝ දුරට එක වගේ දෙයක්. මිනිසුන්ට යහපතක් කරන එක. මේ විදියට මිනිසුන් අතරට ගිහින් සේවය කල යුතු කාලයක් තමා අදත් එළඹිලා තියෙන්නේ.
//" ඒත් ඉතින් දන්නේ නැද්ද තරුණ ළමයින්ගේ අදහස්? ඔය විදියේ සේවයකින් වැඩක් නැහැලු. ඒක පැලැස්තර යෙදීමක් විතරලු. මේ පවතින සමාජ ක්‍රමය මුලුමනින්ම වෙනස් කරන්න ඕනලු. ඉතින් ආනන්ද වැසිකිලි යන්න සමාජ ක්‍රමය වෙනස් වෙනකම් බලා හිටියොත් ඒ මිනිස්සුන්ට ඒ දක්වාම වැසිකිලියකටවත් යන්න වෙන්නේ නෑනේ" යි පැවසු මයිකල් පියතුමා උස් හඬින් සිනාසෙන්නට විය.//
ඒ කාලේ තරුණ කොටසුත් අද කාලේ වගේම තමා. මෝඩයි.
මයිකල් රුද්‍රිගු පියතුමා ගරු කල යුතු චරිතයක්. පොතත් අනිවාර්යෙන් කියවියයුතු එකක්!!!
ටිකක් සනීප නෑ. සනීපයක් ලැබුනුන් හැටියේ පොත කියවන්නම්.:D
ස්තුතියි ලින්කුව දැම්මට.
@ Podi Kumarihami
Deleteඔව් අපි දෙන්නා H & H කියලා සන්ධානයක් හදාගෙන ඉන්නේ :P
//..ටිකක් සනීප නෑ....//
ඉක්මන් නිදුක් නිරෝගී සුව පතමි. මේ අසනීප වෙන්න ඕනේ කාලයක්ද :D
@ Podi Kumarihami,
Deleteටිකක් වෙනස් වෙන්ඩ හිතුවා.. හැමදාම එකම විදිහට ඉන්ටත් බෑනෙ.. :)
මර්සලීන් ජයකොඩි පියතුමා තමයි ගොඩාක් ප්‍රසිද්ධ.. ඒත් සැඟවුන වීරවරුත් ඉන්නවා..
"ඒ කාලේ තරුණ කොටසුත් අද කාලේ වගේම තමා. මෝඩයි." මම නම් හිතන්නෙ තරුණ අය ඒ විදිහට හැසිරෙන්නෙ ජීවිතය ගැන අත්දැකීම් මදිකම නිසා කියලයි.. ඒ ගොල්ලො තීරණ ගන්ඩ ඉක්මන් වෙනවා වගේම වැඩිය නොහිතා යම් යම් අයගේ පෙළඹවීම් වලට අසුවෙනවා.. ඒත් තරුණ අයත් පොඩි කුමාරිහාමිගෙ වයසට ආපුවාම යථාර්ථය තේරුම් ගනීවි..
අසනීපයෙන් ඉඳගෙනත් මේ පැත්තෙ ආවාට ස්තුතියි.. ඉක්මන් සුවය පතමි..
@ Hasitha,
අපිත් ගැට්ටක් ගහන් යන්නෙ.. කැමති අය බැඳෙන්ට.. :P
//ඒත් තරුණ අයත් පොඩි කුමාරිහාමිගෙ වයසට ආපුවාම යථාර්ථය තේරුම් ගනීවි..//
Deleteඒ කියන්නේ හරීට නම් දැන් හොඳට තේරිලා ඇති. :P
මොකුත් නොකියමි.......... :D
Deleteමර්සලීන් ජයකොඩි පියතුමා ගැන දැනගෙන හිටියත් මෙතුමා ගැන නම් දැනගෙන හිටියේ නෑ, හරී.
ReplyDeleteමර්සලීන් ජයකොඩි පියතුමා තරම් මෙතුමාගේ කතාව ප්‍රසිද්ධ නෑ.. ඒත් මෙතුමා අන් අය වෙනුවෙන් ජීවිතය පූජාකළ වීරයෙක්..
Deleteමේ පොත මා ළගත් තියෙනවා.... නිර්මල මරිය නිකායෙන් බිහි වුණ ශ්රේතෂ්ඨතම පියතුමෙක්...
ReplyDeleteමයිකල් පියතුමාගේ බුත්තල නිවස හදුන්වන්නෙ ''සුබසෙත්ගෙදර'' කියල.. එතුමාට වෙඩි තියද්දි තිබුණ පුංචි කටු මැටි නිවස වෙනුවට දැන් එතන උළු හෙවිල්ලපු පුංචි ගෙයක් තියෙනවා.. වෙඩි තිව්ව ජනේලෙ ඒ විදියටම තියෙනවා... ඒ ආසන්නයේම පියතුමාගේ වෙඩි වැදීම නිසා හිස් කබලෙන් එලියට ආව මොලය තැන්පත් කරල තියෙනවා...
අප්රපමාණ වාර ගණනක් මං සුබසෙත්ගෙදරට ගිහින් තියෙනවා.. ඒ යන හැම වාරෙකම පියතුමාට වෙඩි තිබ්බ තැනට යන්නත් අමතක කරන්නෙ නැහැ.... අපේ ළ.ක්රි..වී. ළමා සමිති සුබසෙත්ගෙදර ඉතාම සාර්ථකව පැවැත්වුණා. නමුත් මේ වෙද්දි අඩපණ වෙලා... ඒ ගැන නම් දුකයි...
බුත්තල කතරගම මාර්ගයේ 12 කණූව අසල තමයි සුබසෙත්ගෙදර තියෙන්නෙ.. මේ දවස්වල එහෙ ඉන්නෙ ක්රිතශාන්ත පියතුමා... කතරගම යන කෙනෙකුට බලන්න යන්න පුළුවනි.. සුබසෙත්ගෙදර...
හරී මල්ලිට ස්තුතියි මේ තොරතුරු බෙදා හදා ගත්තට...
මෙතන බලන්ට නම් නොවැරදීම යන්ට ඕනි.
Delete@ තරුරසී
Deleteමම අහපු ප්‍රශ්න ටිකට උත්තර මෙතන තියෙනවා. ස්තුතියි අක්කේ. පියතුමාගේ මොළේ කොටස් වැළලුවා කියලා නේද පොතේ තිබුණේ ?
හිසට වෙඩි තබා ඝාතනය කරපු බංගලාදේශයේ මුජිබර් රහ්මාන්ගේ නිවසත් මේ විදිහටමයි සකස් කරලා තියෙන්නේ
@ තරුරසී,
Deleteසුබසෙත් ගෙදරත් අවට වටපිටාවත් අත්විඳින්නට මමත් ආසයි.. දැන් නම් ඒ පැත්ත ගොඩක් දියුණුවෙලා ඇති..
මාර්ග විස්තර කිව්වට ස්තුතියි.. වෙලාවක යන්න ඕනා..
මේ වගේ හොඳ මිනිසුන් ඔවුන් ජීවත් වන කාලයේ අපට මුණ නොගැසෙන්නේ ඇයි.?
ReplyDeleteඅවට සමාජයේ කුහක කම් තුලින් මිදී මෙවැනි චරිත ඉස්මතු කරන්නට අපට කලහැකි දේ කලාට හරීට ස්තුතියි..
ඒකට හේතුව ඒ මිනිසුන්ගේ අඩුව දැනෙන්නට පටන් ගන්නේ මියගියාට පසුව වීම.. ඒවගේම යම් මිනිසෙක් ජීවත් වෙනතුරු ඔහුගේ නුගුණම කියමින් ඔහු පහත් කරන්නට උත්සාහ කරන සමාජයට
Deleteඔහුගේ හොඳ කියන්ට මතක් වෙන්නෙ මැරුණට පස්සෙයි.. එතකොට ප්‍රමාද වැඩී..
මෙවැනි උතුමන්ට ආගම් ජාති කුල ගෝත්‍රවලින් බෙදුනු වැට කඩොලු නැහැ.. අපේ රටට අද එතුමා වැන්නන් අවශ්‍යම යුගයක්..
ReplyDeleteමේ යුගයට අවශ්‍යම වගේම මේ යුගයට නැත්තෙත් මෙවැනි උතුමන්ලා තමයි..
Deleteමමත් මේ පොත කියවලා නම් නැහැ ඒත් මෙවන් චරිත කතා ආගම් බේදයකින් කියවා එහි හරයත් එවන් උතුමන්ගේ කැපකිරීමත් වටහා ගැනිමයි අගය වෙන්නේ.
ReplyDeleteමම හිතා හිටියේ මේ ලියල තියෙන්නේ ගරු මර්සලීන් ජයකොඩි පියතුමා ගැන කියලා.
ලින්ක් එක තියෙන එකේ පොත මුල ඉඳන් කියවන්ට පුළුවන්.. පුංචි පොතක්..
Deleteමර්සලීන් ජයකොඩි පියතුමා ගැන 'අස්වැන්න' කියලා බ්ලොගයක තිබුනා මතකයි.. වෙලාවක් තිබුනොත් කියවලා බලන්ට..
@ හරී
Delete//...මර්සලීන් ජයකොඩි පියතුමා ගැන 'අස්වැන්න' කියලා බ්ලොගයක තිබුනා මතකයි.. වෙලාවක් තිබුනොත් කියවලා බලන්ට..//
මේක විහිළුවට නේද කියලා තියෙන්නේ :D
අස්වැන්න බ්ලොග් එක ලියන්නේ මේ දයානන්ද රත්නායක තමා
@ Hasitha,
Deleteඑහෙමද? කවුද දන්නෙ.. ස්තුතියි දැනුවත් කළාට..
අස්වැන්නෙ මේ පෝස්ට් එක හසිත කියවලා තියෙනවාද? :D
http://aswanna.blogspot.com/2012/12/blog-post_20.html
මමත් මෙතුමා ගැන දැනගෙන හිටියේ නෑ. අද වෙනස් විදියේ ලිපියක් ලියලා නේද
ReplyDeleteඒක නෙමේ, මොකෝ මේ ඔලිව් තීම් එකක් දාගෙන ඉන්නේ :)
Deleteමෙතුමාගේ කතාව එතරම් ප්‍රසිද්ධ නෑ සයුරි.. ඒත් මරණය සිදුවෙච්ච කාලයේදී නම් රටපුරා මේ සිද්ධිය ප්‍රචාරය වුනාලු.. ඒත් ඉතින් සුමාන දෙකයිනෙ මතක හිටින්නෙ..
Deleteඔලිව් ඉත්තක් කියන්නෙ අලුත් වීමක්, නව්‍යතාවයක් පෙන්වන සංකේතයක්නෙ.. අලුත් පාප්තුමාගේ පත්වීමත් එක්ක දැම්මෙ.. දැන්නම් ගලවන කාලෙ හරි.. :)
මයිකල් රුද්‍රිගු පියතුමා ගැන අපේ අම්මලා කියනවා අහල තිබ්බට හරියටම මුල ඉඳන් අගට දැනගත්තේ මේ පෝස්ට් එක හින්දයි.
ReplyDeleteස්තූතියි මේ ගැන සඳහන් කලාට. ඒ වගේම මේ පොත් රචනා කළ ඉන්දු පෙරේරා ටත්, නොදන්නා පොත් බ්ලොග් කතු තුමාටත් ස්තූතියි.
අම්මලා තාත්තලාට මේ සිද්ධිය මතකයි. ඒත් අපි පොඩිනෙ එතකොට.. කියවූ ඔබතුමාටත් ස්තුතියි..
Deleteමම බුද්ධාගමේ කෙනෙක්
ReplyDeleteමට යම් කරුණක් ගැන ඔයාගෙන් දැනගන්න තියෙනවා
මම විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂයි
මම දැකලා තියෙනවා කතෝලික අය විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව නිතරම අදහස් දක්වනවා
විශේෂයෙන්ම ඥානාර්ථ ප්‍රදීපය පත්තරේ එහෙම ලිපි නිතරම පලවෙනවා මේකට විශේෂ හේතුවක් තියෙනවද
අනිත් අතට කලින් පාප්තුමාගේ ඉල්ලා අස්වීම මඟින් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ අයට හොඳ උත්තරයක් ලැබුනා කියලා මට හිතෙනවා
ඇයි එතුමාට තිබුනනේ නාමික නායකයෙක් හැටියට ඉඳලා කාඩිනල් සභාවකට පාලනය බාර දෙන්න
අනිත් කරුන තමයි විධායක ජනාධිපති ක්‍රමය නැති රටවල එහෙම වුනේ මොකද කියන එක
එංගලන්තෙ ගත්තොත් ඒ රටේ ප්‍රංශ විප්ලවය වගේ දෙයක් වෙලා රජපවුල බලයෙන් පහකෙරුනේ නෑ
ඒනිසා රටේ පාලනය අගමැති කෙනෙක්ට පැවරිලා රජු ගරුකටයුතු නායකයෙක් විදියට හිටියා
හැබැයි දෙවන ලොක යුද්ධ කාලෙදී වින්ස්ටන් චර්චිල් හැසිරුනේ විධායක ජනාධිපති කෙනෙක් වගේ
ඉන්දියාව ගත්තොත් විවිධ ජනවර්ග ඉන්න රටකට තනි පුද්ගලයෙක් විධායක ජනාධිපති හැටියට පත්කර ගන්න අමාරුයි
නමුත් ලංකාව වගේ පොඩිරටකට මේක හොඳයි කියලයි මට හිතෙන්නේ
මම හිතන විදියට නම් ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නේ විධායක ජනාධිපති ක්‍රමයට නෙමේ
සිංහල සංස්කෘතියට නසිතැන නොලැබීමයි ( නලීන් ද සිල්වාගේ වචන වලින්ම කිව්වොත්)
මේක නම් ආගමික ප්‍රශ්නයකටත් වඩා දේශපාලනික ප්‍රශ්නයක් වගේ.. වෙලාව පාන්දර 2යි.. මම හිතලා බලලා හෙට පිළිතුරක් දෙන්නම්.. :)
Deleteමේ උතුම් මිනිසා ගෑන චිත්‍රපටියක් හෝ ටෙලිනාට්‍යයක් හදන්න උත්සාහ කරන්නෙ නෑත්තේ ඈයි?
ReplyDeleteමේ කාලෙ ඉතින් වෙන වෙන චිත්‍රපටිනෙ හැදෙන්නෙ..
Delete