3.22.2014

හරී මේඩ් අල්මාරි

හීනලන්තෙ හරී හරිම කැමතියිලු ඇඳුම් මැදලා කාරිය පිළිවෙලට අඳින්න. කාගෙදෝ මන්දා බ්ලොග් එකක එයා ඇඳුම් මදින වැඩේට ගොඩක් කැමති කිව්වාමත් ගොඩාක් කට්ටියට හරිම පුදුමයිලු. මොකද ගොඩාක් අය මැදපු ඇඳුම් අඳින්න හරිම ආසා උනත් ඇඳුම් මදින්න ආසාවක් නෑනෙ.

හැබැයි ඇඳුම් මදින වැඩේට කොච්චර කැමති උනත් හරීටත් තිබ්බා ප්‍රශ්නයක්. එයා ආසා කළේ ඇඳුම මැදලා පොඩ්ඩක්වත් පොඩි නොවී අඳින්න. ඉතින් එහෙම අඳින්න නම් ගමනක් යන්න ලෑස්ති වෙලාම ඇඳුම් මදින්න ඕනෙ නැත්නම් මැදපු ඇඳුම් පොඩි නොවී තියාගන්න ඕනෙ. ගමනක් යන්න කලින් දාඩිය පෙරාගෙන ඇඳුම් මදින එක එපාවෙන වැඩක්. ඒ වගේම එහෙම මැද්දාම ගෙදර විදුලි මීටරේ කැරකෙන්නෙ බඹරෙ වගේ. ඉතින් එයා තීරණය කරනවා සතියෙම ඇඳුම් එකපාර මැදලා පොඩි නොවී තියාගන්න. ඒත් පොඩි පරහක් එයාට තිබ්බා එයාගෙ අල්මාරිය ඇඳුම් නවලා තියන ජාතියේ එකක්. ඉතින් කොහොමත් නැමුම් පාර හිටිනවානෙ. ඒ මදිවට එයාගෙ මල්ලී අල්මාරිය පීරලා ඒවා පොඩි කරනවා. ඒක නිසා හරීට ඕනා උනා එයාගෙම කියලා අල්මාරියක්. එයාගෙම කියලා ඇඳුම් එල්ලලා පොඩි නොවී තියන්න පුළුවන් අල්මාරියක්.

ඉතින් හරී මුලින්ම කළේ ඒ වගේ අල්මාරියක් ප්‍රසිද්ධ සාප්පුවල බලපු එක. පදම් කරපු රබර් ලී වලින් හදපු ඒ වගේ අල්මාරියක් රුපියක් 25,000ක් වගේ ගානක් උනාලු. දෙවරක් නොහිතා එයා එකක් ගන්න ලෑස්ති උනා. ඒත් වැඩිහිටියන්ගෙන් ලැබුනෙ මේ වගේ උපදෙස්.

…"ඕවා වතුර ටිකක් වැටුන ගමන් දිරනවා"

…"හයියයි හයියයි කිව්වට ඕවල පතුරු යනවා"…

…"ඔය ජරා රබර් ලී ගන්න යන්නෙ නැතුව හොඳ කොස් අල්මාරියක් ගන්න"…

ඊටපස්සෙ හරී යන්නෙ හොඳ කොස් අල්මාරියක් ගන්න. ඒවා අස්ප ගනන්. ඒ මදිවට ඒවාත් විශ්වාසවන්ත තැනකින් ගන්න කියලායි වැඩිහිටියො කියන්නෙ.

අවුරුදු 25ක් ගෙයිමුල්ලේ
…මේ විදිහට දෙලොවක් අතර ඉන්නකොට තමයි හරීට අවුරුදු 25ක් 30ක් තිස්සෙ ගෙදර මුල්ලකට වෙලා ඔහේ තියෙන බිත්ති කබඩ් කෑල්ල මතක් වෙන්නෙ. හරීලාගෙ ගෙවල් හදපු කාලෙ ඔය පින්තූරෙ පේන විදිහෙ බිත්ති කබඩ් එකක් හදන එක මෝස්තරයක් වෙලාලු තිබුනෙ. ඒත් මෝස්තරය අභාවයට යනවත් එක්කම බැඳපු බිත්තිය කබඩ් එකක් නොවීම ගේ මුල්ලට උනා. අවුරුදු 25ක් යනකම්ම ඒක හදන්න ඕනා බව ගෙදර කාටවත් මතක් වෙලා තිබ්බෙ නෑ. හරී හිතුවා මේකට පණ දෙන්න.

…එයා සැලසුමක් හැදුවා. කබඩ් එක මැදින් හිල් කරලා ඇලුමිනීයම් බට දෙකක් දානවා. නිකන්ම රෙදි එල්ලුවොත් බිත්තියෙ තියෙන ඒවා රෙදිවල වදීවි. ඒක නිසා ඇතුල් බිත්තියෙ ස්ටිකර් අලවන්න ඕනා. ඇලුමීනියම් බට ගත්තැ…කි කියමුකො. කොහෙන්ද ස්ටිකර් හොයන්නෙ. කාලෙකට කලින් බපල් වල අලවන ස්ටිකර් කඩෙන් ගත්තු බව මතක තිබ්බත් ඒවා ගත්තු තැනක් මතක තිබ්බෙ නෑ. ඒක නිසා එයා බිත්ති ආවරණය කරන කොළ හොයාගන්නත් බැලුවා. ඒවාත් ටිකක් ගනන් වගේ.

පෙනුම හොඳයි නේද? …
…ස්ටිකර් හෙවිල්ලට සති කීපයක් ගතවෙන අතරෙ කෙනෙකුගෙන් පණ්ඩිත අදහසක් ලැබුනා. …"මොන ස්ටිකර්ද අනේ.. රබර් පේන්ට් ගාන්නකො. හැබැයි නිල්පාට ගාන්න ඕනා." අදහසක් කිව්වට අදහස යටින් පුංචි පහේ අණකුත් තියෙනවා වගේ.;)

දැන් හරී ලෑස්තිවෙන්නෙ අලුමීනියම් බට දෙකක් හයි කරලා,බිත්තියට රබර් පේන්ට් ගාලා, ඉස්සරහට තිරයක් දාන්න.

අන්තිමට..
…මුලින්ම කළේ බිත්තිය හිල් කරලා බට හයි කරපු එක. ඊළඟට ගෑවා තීන්ත. පෙනුම හොඳයි නේද?

ඊටපස්සෙ තිබ්බ ලොකුම කාරිය උනේ තිරයක් ගන්න එක. අනේ හරීව කොළඹ එක්කගෙන ගිහින් ඇවිද්දෙව්වලුනෙ කඩවල් ගානෙ නිල්පාට තිරයක් හොය හොය. අන්තිමේදි කලන්තෙ හැදිලා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි යාන්තම් නිල්පාට රෙද්දක් හම්බුනාලු.

ඉතින් රෙද්ද ගෙනාවා කියලා නම් වැඩේ ඉවර උනේ නෑ. හයි කරන්න ගියාම එක එක කේස් ආවාලු. ඩ්‍රිල් කටු කීපයක්ම සෙට්ටපෝච්චිත් උනාලු. ඒත් හරී නෙමෙයි පසු බෑවේ. දන්න සෙල්ලම් දාලා අන්තිමේදි අල්මාරියෙ වැඩ ඉවර කළාලු. "අරක ඉවර කළාද?" කිය කිය සැරෙන් සැරේ කවුරුත් ඇහුවෙත් නෑලු. පොඩ්ඩක් කට්ට කෑවත් අල්මාරියක් කඩෙන් ගත්තට වඩා එයාට සතුටුයිලු.

කාලෙකට පස්සෙලු හරී බ්ලොගක් ලිව්වෙ. සැරින් සැරේ ලියන්නෙ නැද්ද අහපු අයවත් මතක් කළාලු ඔන්න. :)

42 comments:

  1. ආ උන්දෑ දැන් බ්ලොග් ලියන එක අතෑරලා වඩුවෙක් වෙලාද ?

    වෙල්ඩන් හරී. තමන්ම මහන්සියෙන් හදා ගත්තු නිසා හිතට මාර ගැම්මක් නේද එන්නේ ? පොඩි පරහකර තියෙන්නේ හූනන්ගෙන් පරිස්සම් කරගන්න එක තමා. ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න නැත්නම් ඇඳුම් ටික විනාශයි.

    දැන් ඔය බිත්ති කබඩ් සංස්කුරුතිය ඉවරයි වගේ නේද ? කවුරුවත් ඕවා හදන්නෑ තමා දැන්නම්..

    ReplyDelete
    Replies
    1. මෙතන වඩු වැඩක් නම් තිබුනේ නෑ සෙන්නා.. හැබැයි පුංචි පහේ මේසන් වැඩක් නම් තිබුනා.. :)

      …බොහොම ස්තුතියි.. ඔව්.. දැනුත් කබඩ් එක දකිද්දි හරිම සතුටුයි..
      …හූනන්ගෙන් තියෙන ප්‍රශ්නය මොකක්ද සෙන්නා.. හූනො රෙදි කනවද? මට නම් ලොකුම ප්‍රශ්නය තියෙන්නෙ කූඹින්ගෙන්.. ඇත්තම කිව්වොත් උන්ව මරාගෙන මැරෙන තරම් කේන්තියෙන් ඉන්නෙ.. මගෙ ටී ශර්ට් ඔක්කොම විනාසයි. අල්මාරියෙ දාලත් බේරගන්න බෑ.. ඒ ගැන පෝස්ට් එකක්ම ලියන්නම්කො..

      …ඔව්. අලුත් ගෙවල්වල බිත්ති කබඩ් දැකලා නෑ.. ඒ වගේම දැන් හුඟක් අය වානේ අල්මාරි වලට හරි නැත්නම් රබර් අල්මාරි වලට හරි මාරුවෙලා..

      Delete
  2. සෙන්නා, හරී ඊයේ පෙරේදා අපේ ගෙදර ආවා කබඩ් එකත් අරගෙන. හුටා........ කබඩ් එක නෙවෙයි කබඩ් හදන්න උපදෙස් දෙන එක්කෙනාත් අරගෙන. ඒ බව ඔයාට වාර්තා කරන්න ඇමතුමක් ගත්තත් ඔයා උත්තර දුන්නේ නැහැ.

    මොනවද අප්පා 25000 ත් ගානක්ද. ගන්නකො 125000 විතර දීල ඔය සුප්‍රසිද්ද නමක් තියන තැනකින් (දෙන්නෙකුගේ ඇඳුම් දාන්න) හොඳ කබඩ් එකක්.

    ReplyDelete
    Replies
    1. එහෙමද ඈ... ? මට කතාවේ ඒ කෑල්ල එච්චර මීටර් උනේම නෑනේ... :D

      අපෝ එච්චර යන්නෑ..65ක් විතරය යනකොට හොඳම එකක් ගත්තෑකි, දම් රෝ එකෙන්..

      Delete
    2. @ Wicharaka,
      විචාරක මහත්මයෝ, දෙයක් ටයිප් කරද්දි වැරදුනානම් ඩිලීට් කී එක ගහලා මකන්න පුළුවන්.. :D
      …සෙන්නා ඒ වෙලාවෙ පන්සල් ගිහින් ඉන්න ඇති.. විචාරක මහත්මයාට පන්සල් යන්න තව කල් තියෙනවා කිව්වනෙ..
      …අම්මෝ එච්චර ගානෙ කබඩ් මොකටද? ඇරත් දැන්මම දෙන්නෙක්ට කබඩ් ඕන නෑනෙ..

      …@ සෙන්නා,
      …එතනයි තව තැන් කීපයකයි බැලුවා සෙන්නා.. නොගන්න ලොකුම හේතුව උනේ.. ඒවා ගැන අම්මලා තාත්තලා කියපු කතා..

      Delete
  3. අණ දෙන්නා, උපදෙස් දෙන්නා, විස්තර අහන්නා ද එහෙමත් නැත්නම් අණ දෙන්නී, උපදෙස් දෙන්නී සහ විස්තර අහන්නී ද :P

    ReplyDelete
    Replies
    1. දෙවෙනියට කිව්ව ටික තමයි හරි ඉතින්.. :)

      Delete
  4. බ්ලොග් පාලුවෙන්න හේතුවත් හිතා ගන්න පුලුවන් උනාලු අපිට

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලාන් මේ වගේ රස්සාවට අමතරව වෙන වෙන වැඩත් කර කර බ්ලොග් ලියන්න කාලෙ හොයාගන්න අමාරුයිනෙ.. :)

      Delete
  5. නිල් පාට ගාන්න කිව්ව එක ගැන නම් පුදුමයි ;)

    ReplyDelete
  6. කවුද බං හීනලන්තේ කියන්නේ? දැන් එහෙමත් එකක්ද?

    ඔය රබර් ලී පදම් කරපුවා ඇත්තෙන්ම මාර ගති. අපේගෙදර තියෙනවා සිඟර් අයනිං කබඩ් එකක් ඕවායින් හදාපු. තාම නියමෙට තියෙනවා. ඒ වුනාට මැහෝගනී අල්මාරියක් තියෙනවා කකුල දිරලා. ඒ වයසම වාගේ තමයි. ඔය පදම් කරපු ලීය මාර බරයි.

    කොහොමත් උඹේ ප්‍රොජෙක්ට් එක හොඳයි.ඔය බටේ බිත්තිය හිල් නොකර බ්‍රැකට් දෙක හයි කරලා දැම්මෑකි. නමුත් බිත්තිය විදින්න අමාරුයි කිව්වනේ නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි හෙන්රි අයියේ මේක හරීගේ හීනලන්තයනෙ..

      …අල්මාරි බලන්න ගිය වෙලෙත් ඒ මනුස්සයො කිව්වෙ ඔහොම තමයි. මේක ලී වලටත් වඩා බරයි හයියයි කිව්වා.. ඒත් අම්මලා කිව්වනෙ වතුර ටිකක් වැටුනු ගමන් පුම්බන්න ගනී කියලා.. ඒකයි ගත්තෙ නැත්තෙ..

      …හයි කරන්න බ්‍රකට් හෙව්වා.. ඒත් මම තෝරගත්තු හතරැස් බටේට හරියන බ්‍රැකට් කොහෙවත් තිබ්බෙ නෑනෙ.. ඒක නිසා බිත්තිය හිල් කරන්න උනා..
      …බිත්තිය විදින වැඩේ අවුල් උනේ මේසන් බාස්ලා හරියට කොන්ක්‍රීට් එක දමලා නොතිබිච්ච හින්දා.. පලලට පෙනුනට කොන්ක්‍රීට් එක හීනියට දාලා බදාම දාලයි තිබුනෙ.. මුල් හරිය විදිනකොට බිත්තිය පුපුරු ගහනවා.. පස්සෙ කොන්ක්‍රීට් එක අහුවුනාම විදින්න අමාරුයි..

      Delete
  7. අර කිවුවත් වගේ නිල් පාට ගාන්ට කිවුවෙ ඇයිද දන්නෑ නේද? හරී දැන් ඉඳන්ම කියන කියන දේ කරන හොඳ ළමේක් වෙලා වගේ පේන්නෙ.. :-O

    සෙන්නා කිවුවා වගේ ඔය ඇඳුම් හූනන්ගෙන් පරිස්සම් කරගන්ට ඕකට දොරක් හයිකරගත්තොත් නරකද?

    ReplyDelete
    Replies
    1. බුරා කියපු හින්දා මම ඇහුවා.. නිල් පාටට හරිම ආසයිලු.. ඒකලු හේතුව.. :)

      …//හරී දැන් ඉඳන්ම කියන කියන දේ කරන හොඳ ළමේක් වෙලා වගේ පේන්නෙ..// හැමදේම අහන්නෙ නෑ ඉතින්.. පෝස්ට් එකක් ලියලා මමත් අහගන්න කතා.. :)

      …හූනො ඇඳුම් වලට කරන්නෙ මොනාද? අපේ පැත්හෙ හූනො නම් හොඳායි.. :) ඇත්තටම දන්නෙ නෑ බෙටි දැමීම ඇරුනුකොට හූනන්ගෙන් වෙන හානියක්..

      Delete
    2. බෙටි දැමීම තමා උන්ගෙන් වෙන හානිය හරී. ආයේ ගන්න දෙයක් නෑ ඊට පස්සේ..

      Delete
    3. අපේ ගෙදරත් හූනො ඉන්නවා.. ඒත් රෙදිවලට උන්ගෙන් හානියක් නෑ සෙන්නා.. අපේ ගෙදර රෙදි බේරන්න බැරි කූඹින්ගෙනුයි මදුරුවන්ගෙනුයි.. හූනො ජරා කරන්නේ නෑ..

      Delete
  8. මට නම් හිතුණේ කතරගම දේවාලෙට ගිහින් වගේ. නිල් තිර දාලා, රන්වන් පාට ඇඳුම් වගයක් ඇතුලේ එල්ලලා. :D:D

    වෙන කෙනෙක්ගේ නීතිවලට යටත් වෙලා ඉන්නබව අහන්ටත් සංතෝසයි.

    ඇත්තටම හොඳ වැඩක්. මේ වගේ හොඳ ඉංජිනේරුවෝ ජාතික සම්පත් ලු....:)

    ReplyDelete
    Replies
    1. හරී, මේ වගේ කබඩ් එකක් හදවාගන්ට කීයක් විතර අය කරනවද? අනෙක ඇවිත් හදලා දෙනවලුද? :D

      Delete
    2. විෂ්ණු දෙවියොයි නිල්පාට පොඩ්ඩි.. කතරගම දේවාලෙ තියෙන්නෙ රතුපාට නේද?

      …//
      වෙන කෙනෙක්ගේ නීතිවලට යටත් වෙලා ඉන්නබව අහන්ටත් සංතෝසයි.// කවුද නීති වලට යටත් වෙලා ඉන්නවයි කිව්වෙ.. මොකක් හරි ඉල්ලීමක් කෙරුවාම හිත රිදෙයි කියලා පොඩ්ඩක් සළකලා බලනවා.. නැතුව අපි යටත්වෙයි නීතිවලට..

      …//ඇත්තටම හොඳ වැඩක්. මේ වගේ හොඳ ඉංජිනේරුවෝ ජාතික සම්පත් ලු....:)// කොලර් එකක් නෑනෙ උස්සගන්න.. :)

      …අය කරන ගාන ඉතින් ඕන කබඩ් එක අනුව තමයි.. ඇවිත් හදලා දෙන්නම්.. හැබැයි මේ ටිකේ හරිම බිසී නෝනා.. :)

      Delete
  9. ලී ගැන අපෙ තීන මිත්‍යා මත සහ ඒ නිසා පාඩු වෙන හැටි ගැන ලියන්න හිතුන

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ වැඩක්.. ලිපිය කියවන්න බලන් ඉන්නවා..

      Delete
  10. හරීත් එහෙනං පිලිවෙලක් වෙලා වගේ. සෑම් වගේ අණටත් කීකරුව හැදෙනවලු.

    ඔය කට්ටිය උඩිං කියල තියෙනව වගේ සත්තුංගෙං ඇඳුං ටික පරිස්සං කරගන්නත් මොකක් හරි කරන්න වෙයි. මම හිතන්නෙ ඔය නිල්පාට ගාන්න කියන්න ඇත්තෙත් ඒ හින්ද වෙන්න ඇති. මොකද නිල්පාටට ගොඩක් සත්තු අකමැතියි කියල මම අහල තියෙනව.

    Blue Paint Repels Bugs

    ReplyDelete
    Replies
    1. //හරීත් එහෙනං පිලිවෙලක් වෙලා වගේ. // අපෝ තාම නෑ..

      …මමත් ඉස්කෝලෙ යද්දි අහලා තියෙන්නෙ නිල් පාටට දම් පාටට කෘමි සත්තු එන්නෙ නෑ කියලා.. ඒත් මගෙ දැල් වගේ වෙච්ච නිල් පාට ටී ශර්ට් දැක්කා නම් ප්‍රසන්න අයියා ඔහොම කියන්නෙ නෑ..

      Delete
  11. අල්මාරියටත් වැඩිය හිතගියේ උපදේශන සේවාව ගැනලු..

    ReplyDelete
  12. Haree, hunga kalekin karliyata bahala! Oya andum saththungen paressam karaganna kapuru bola dammoth hodai neda?

    ReplyDelete
    Replies
    1. කරළියට??
      …ඔය උපදෙස් දුන්න කෙනාම කිව්වා කපුරුබෝල දාන්න කියලා. ඒත් දවස් දෙක තුනක් යනකොට කපුරු බෝල වාෂ්ප වෙනවා.. ඒක නිසා ආයෙ ආයෙ දාන්න වෙයි..

      Delete
  13. //කාලෙකට පස්සෙලු හරී බ්ලොගක් ලිව්වෙ//

    ඇයි උඹ බ්ලොග් එකේ පෝස්ට් නෙමෙයිද ලියන්නේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. උඹලටත් වචනයක් වරදින්න බෑ.. හරි හරි පෝස්ට් එකක් තමයි.. :D

      Delete
  14. ඕකනේ තමන් හිසට තම අතමය සෙවනැල්ල වගේ,තමන්ගේ වැඩේ තමන්ම කර ගත්තාම අහවරයි.එත් ඉතින් හැමෝම එහෙම කොලොත් අර වඩුකාර්මිකයන්ටත් එල්ලෙන්න වේවිද මන්දා..:D?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙ නෑ මනෝජ්.. එක වැඩක් නැති උනා කියලා තව කොච්චර වැඩ තියෙනවද ඒගොල්ලන්ට..

      Delete
  15. දැන්ම හිටන් උපදෙස් පිලිපදින්න ලෑස්ති වෙලා ඉදින් හරී.. නැත්තං දන්නවනේ වෙන දෙ..හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හුහ්.. එහෙම කොහොමද බන්.. එහෙනම් උන්ට ගිය රටනෙ..

      Delete
  16. වැඩේ නම් හොඳයි. සත්තු රිංගන එක ශේප් කරගන්නේ කොහොමද? walk-in cupboard සංකල්පයට මමත් හරි කැමතියි. අපි හිටිය එක ගේක තිබුනා.කබඩ් එක ඇතුලට ගිහිල්ලා ඇදුම තෝරගෙන ගත්ත හැකි. හැබැයි ලංකාවේ කරන්න බැහැ පොඩි පොඩි සත්තු නිසා.

    ReplyDelete
    Replies
    1. දැනට කූඹින්ගෙන් ඇරෙන්න වෙන එවුන්ගෙන් නම් කරදරයක් ආවෙ නෑ.. කූඹින්ගෙ කරදරේ වහන කබඩ් එකක් දැම්මත් තියෙනවා.. කපුරු බෝල තිබ්බම ටිකක් අඩු උනා.. ඒවා දියවුනාම ආයෙ එනවා...

      Delete
  17. අවාරෙට පොල් වැටෙනවා වගේ බොග දාන්නෙ ඇයි බන්...ලියහංකො එක දිගට...ඔය අරූ අහලා තියෙන ගැටලුවම තමයි මමත් අහන්නෙ....

    ReplyDelete
    Replies
    1. කරන්න තියෙන වැඩ ඉවර කරගන්න පැය 24 මදි සිරා.. මේ දැනුත් වැඩට ගිහින් ආවා විතරයි.. තව නම් කූඹින්ගෙන් විතරයි ප්‍රශ්නයක් ආවෙ..

      Delete
  18. සාහ්..මරේ මරු. තනියම ඔහොම වැඩක් කර ගත්තම හිතට හරිම සතුටුයි තමා. ඒක නෙමේ..කබඩ් හදන හැටි කියලා දෙන්න කට්ටිය හම්බු උනා කියලා බ්ලොග් එක පාලු වෙන්න දෙන එකනම් අනුමත කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. හි..හි... ඒ කට්ටිය හින්දම නෙමෙයි බ්ලොග් එක පාළු වෙන්නෙ.. මේ ටිකේ වැඩ චුට්ටක් වැඩී.. ;)

      Delete
  19. ලීයෙන් ගමනක් යන එකාට වරදින්නෙ නැහැ කියනවනෙ..ඔහොම යං මචෝ..

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් ලී කතාව.. මේකට ලී කෑල්ලක්වත් පාවිච්චි කරලා නෑ.. :)

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...