|
එයාර්පෝර්ට් ගහ |
මේ ටිකේම පෝස්ට් ලියන්න පොඩි කම්මැලි ගතියක් ඇතිවුනා. '
අද එකක් ලියන්න පටන් ගන්නවා' කියලා පටන් අරන් ඩ්‍රාෆ්ට් කරලා නතර කරපු පෝස්ට්ම දහයක් විතර ඇති. ඉස්සෙල්ලා පොඩියට
පෝස්ට් එකක් වගේ එකක් දැම්මෙත් කම්මැලිකම ටිකක් හරි අඩුවෙයිද බලන්න. ඒකෙ නම් සමහරු '
කම්මැලියා' කියලා කියලම තිබුණා.
පෝස්ට් එකක් හැටියට පිළිගන්නත් බෑලු ඒක. හරි එහෙම නම් පෝස්ට් එකක් හැටියට පිළිගන්න පුළුවන් අන්තිම කතාව
නම නොදන්න ගහ ගැන ලියපු එකනෙ. ඒ පෝස්ට් එකේදි ගහේ නම හරියට දැනගත්තත් හරිම වර්ගය හොයාගන්න තවම වෙලාවක් ලැබුනෙ නෑ. ඒ උනාට ගහ තියෙන්නෙ ජනේලෙ ගාව. :) දැනුත් පේනවා.
හරි අදත් ගහක් ගැනම කියන්නම්කො. මේ ගහට නම් නමක් තියෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ ගහේ හරිම නමද කියන එක. ගහේ නම තමයි 'එයාර්පෝර්ට් ගහ'. හෑ.. එයාර්පෝර්ට් ගහ?? ඔන්න කට්ටියගෙ දිවත් එළියට ඇදිලා බව පේනවා. හා හා.. එළියට ආපුවා දාගන්න ඇතුළට.
|
මල් |
මේ ගහ මුලින්ම මම අඳුනාගත්තෙ මීට අවුරුදු කීපෙකට කලින් '
එයාර්පොර්ට් මල් පැල විකිණීමට ඇත' කියලා සඳහන් වෙච්ච, අපේ අසල්වාසී ගෙදරක එල්ලපු, බෝර්ඩ් එකකින්. ඒගොල්ලො පොලිතින් උරවල මේ පැල හිටවලා විකුණන්න තියලා තිබුනා. මම හිතන හැටියට මේ පැල ගුවන්තොටුපළේ බහුලව තියෙන්න ඇති. ඒක නිසා මේ නම ලැබෙන්න ඇති. කොහොමවෙතත් අපි නම් සල්ලි දීලා එයාර්පෝර්ට් පැල ගන්න ගියේ නෑ. හොරෙන් ගත්තෙත් නෑ. අපේ තාත්තා කරපු මොකක්දෝ උදව්වකට කෘතගුණ සැළකීමක් විදිහට මේ පැලයක් ගෙදරටම ලැබුණා. අපිත් ඉතින් හිටෙව්වා. ඔය විදිහට තමයි මේ එයාර්පෝට් ගහ අපේ ගෙදරට ආවෙ.
|
ගෙඩි |
පැළය මොනවගේද කියලා පින්තූරුවලින් පේනවනෙ. ටිකක් උස යන ගහක්. ඒත් කප්පාදු කළොත් මල් පැලයක් මට්ටමෙන් තියාගන්න පුළුවන්. මේ පැලය ජනප්‍රිය වෙන්න හේතුව තමයි ඒකෙ හටගන්න කුඩා දිගටි මල්. ගහ, පැණි බේරෙන රතු පාටට හුරු තැඹිලි පාට මල් දරාගත්තු ගමන්මයි. ඒ නිසා වටේටම පැණි කුරුල්ලන්ගෙන් නම් අඩුවක් ඇත්තෙම නෑ. අත්තටු ගහමින් කූරක් වැනි හොටෙන් පැණි උරාබොන පැණි කුරුල්ලෝ ඕනෙම වෙලාවක දකින්න පුළුවන්. ඒ වගේම ගහේ හැදෙන කුඩා ගෙඩි කන්ඩ එන බට්ටිච්චන්ගෙනුත් අඩුවක් නම් නෑ.
ගහ ගැන කියන්න මතක් වෙච්චි ලොකුම හේතුව තමයි හැමදාම වගේ අපේ ගෙදර ජනේලෙට කොටන බට්ටිච්චෝ රංචුව. උන් පියඹලා ඇවිත් මල් කියලා හිතාගෙන ජනේලෙන් පේන ගහේ මල් වලටයි කොටන්නෙ. මේ තියෙන්නෙ මල් නෙමෙයි ජනේලේ කියලා තේරෙන්නෙ නැතිද මන්දා. හොඳටම කොටලා කොටලා කොටලා කොටලා කොටලා හෙම්බත් උනාම යන්න යනවා.
කවුද බලමු මේ ගහේ හරි නම දන්නෙ.
අපිවත් මතක් කරලා තියෙන්නේ.
ReplyDeleteඔය පැලේ නම් දන්නේ නෑ හරී. නමුත් අපේ ගෙදරත් තිබ්බා එක පැලයක් ඒකේ නම Air Force Plant. ඒක ගත්තේ air force grounds වල තිබ්බ ප්‍රදර්ශණේකින්.
//අපිවත් මතක් කරලා තියෙන්නේ.// නැතුව නැතුව.. Air force grounds වල තිබ්බ හින්දා Air Force Plant උනාද මන්දා? :)
Deleteඅඩේ මේක සිරා වැඩක්නෙ...මේක අරුම පුදුම ගහක්...විකුණන්න තියෙන තැන එහෙමත් නැත්තං හිටවලා තිබ්බ තැන නම ලැබෙන අපූරු ගහක්
Deleteඅර මෝටර් බයික් එකේ ගිය කතාව වගේ එකක් ලියන්ටකෝ හරී....:D
ReplyDeleteඒ බයික් කතාවේ කොල්ලාව ඊයෙ මම දැක්කා..
Deleteඅපේ ගෙදර ගේට්ටුව ගාව තියන ඔය ජාතියේ මහා පඳුර දැක්කේ නැද්ද එදා? මේ ගහේ නියම නම මොකක්ද කියලා මමත් හොයනවා. අඩුගානේ උද්භිද විද්‍යාත්මක නාමය වත් දන්නා කෙනෙක් කිව්වොත් හොඳයි. හරිම ලස්සන ශාකයක්.
ReplyDeleteගහේ හරි නම, 'හරි නම' අනික් පැත්ත හරවලා බලන්න.
Delete//අපේ ගෙදර ගේට්ටුව ගාව තියන ඔය ජාතියේ මහා පඳුර දැක්කේ නැද්ද එදා?// මට නිකම් යාන්තමට වගේ මතකයි.. වැඩිපුරම බැලුවෙ අර රිලව් නඟින මහ ගහනෙ.. අද නම් ගහේ නම දන්න කවුරුවත් නැති පාටයි.. මට ඒ ටික ලියද්දිම හරි නම් නරි හම වෙලා පෙනුනා.. :)
Deleteඕකේ හරි නම ගුවත් තොටුමල් පැලය වෙන්න ඕන..
ReplyDeleteඅන්න නියම යෝජනාවක්..
Deleteනම නොදනිමි හරි.. බලමු කවුරු හෝ කෙනෙක් කියාවිනේ නියම නම..
ReplyDeleteඅද නම් දන්න කවුරුවත් නෑ වගේ..
Deleteඅනේ මංද, බොලාටත් හම්බවෙන්නෙම නම නොදන්න දේවල්නෙ.
ReplyDeleteඅපිටත් ඉන්නේ ඔය අවුරුද්දටම දාන වචන දෙක තුන වෙලාවට දාගන්න බැරි පුතයෝ..
Deleteඔවු... ඉඳගෙන.
Delete@Praසන්ன,
Deleteනම නොදන්න එව්වා හම්බුනාමනෙ නම හොයාගන්න මහන්සි ගන්නෙ.. :)
ඒ ගමන ගස් ගැනම ලියනවා...
ReplyDeleteකම්මැලි කමට හොඳ බේතක් තියනවා මම ගාව.. දාන්න කමින් සූන් එකක්.. එතකොට කට්ටීය බලන් ඉන්නවානෙ ( එහෙම බලන් නොහිටියත් ) කියලා හිතෙනකොට පොඩි උත්තේජනයක් එනවා ලියන්න.. එහෙම නොලිව්වොත් "බොරුකාරයා" කියලා අහගන්න වෙයි කියන බයත් ඒකට පොඩි තල්ලුවක් දෙනවා...
පිස්සුද සෙන්නයියේ ඒ බේත් වැඩ කරන්නේ මේ ඔහෙලා අපි වගේ කට්ටියට. මෙහෙම කම්මැලියෝ මකලම හදන්න ඕනා.
Deleteඅයියෝ හරී...!!
Delete@සෙන්නා,
Delete//ඒ ගමන ගස් ගැනම ලියනවා...// පෝස්ට් දෙකයිනෙ තාම ලිව්වෙ..
මට නම් එහෙම කරලා හරියන්නෙ නෑ වගේ.. පටන් අරන් මඟ නතර කරපු පෝස්ට්ම දහයකට වැඩී..
අනිත් කමෙන්ට් මම දැක්කෙ නෑලු.. :P
මත්තල මල් ගස. එයාපෝට් හින්දා ඒ නම හොඳයි!
ReplyDeleteමත්තලත් මළ ගස. කොහොමද ඒ නම?
Deleteහා හා කට පරිස්සමින්.. :)
Deleteනම කෙසේ වෙතත් මේක නම් ගෙදරක හිටවන්ටම වටින ගහක් වගෙයි පේන්නෙ.. හිතන්ට හැමදාමත් අර වගේ මල් පිරිලා, පැණි කුරුල්ලො බට්ටිච්චො පිරිලා ඉන්නකොට වත්ත කොච්චර ලස්සනට තියෙයිද කියලා..
ReplyDeleteඔව් කුරුල්ලෙක් නැති වෙලාවක් නෑ..
Deleteගහේ නම් නොදනිමි
ReplyDeleteදන්න කෙනෙක් නැති පාටයි..
Deleteඅපි ඕක ඔන්න ඔහේ "හරී" ගේ නමින්ම නම් කරමු කෝ.
ReplyDeleteහරී ගහ කියලද?
DeleteOhoma danma idanma udyana alankaranaya, e ashritha shaka gana awabodayak laba ganna eka watinawa Haree.Mokada,anagathedi gewaththa lassanata thiyaganna puluwan weineeee. :D
ReplyDeleteගෙවත්ත ලස්සනට තියාගන්න කෙනෙක් ගන්නවා.. හරිම සිම්පල් ප්ලෑන් එකක්.. :)
Deleteඕකට හරියන්නෙත් ඔය එයාපෝට් පැලේ ම තමා.. කොයි වෙලේ බැලුවත් අම්මප කුරුල්ලෙක් නං වරදින්නේ නෑ..
ReplyDeleteමේකට එයාපෝර්ට් කියලා කිව්වැකි නිතරම කුරුල්ලො බාන නග්ගන හින්දා.. :)
Deleteඑයාර්පෝර්ට් එකට ප්ලයිට් බානවා නග්ගනවා වගේ කුරුල්ලෝ බෑමෙ නැග්ගීමේ නම් අඩුවක් නෑ..
Deleteඑයාපෝට් කියලම කියමු. අවුලක් නෑ
ReplyDeleteඒ නමට කැමතී වගේ..
Deleteමම හිතන්නේ මේ ක්‍රමයෙන් හරීට ගොඩක් දුර යන්න පුළුවන් වේවි බ්ලොග් ලෝකේ..
ReplyDeleteඇයි වත්තේ කීයක් කියලා තියනවද නම නොදන්න ගස්...
ඒවා ඉවර වුනාම නම දන්න ගස්වල පින්තූරත් එක්ක ශෙයා කරතෑකිනේ!!
ගුඩ් ලක්..
තැන්ක් යූ වෙරි මච්..
Deleteඇත්තටම පෝස්ට් නම් කීයක් ලිව්වැකිද නේද? :D
පොඩි දැන්විමක් දාපං කුරුල්ලන්ට මෙය ඇත්ත මලක් නොවේ නිකං කොටන්න එපා විදුරුව බිඳෙයි කියලා....
ReplyDeleteඑයාපෝට් මල් ඇහුවෙත් අදයි
අර කඩවල්වල දාලා තියෙනවා වගේ... :D
Deleteමේ ගහ ලංකාවෙදි මම දැක තිබෙනවා. නමුත් නමක් ගමක් ජාතකයක් නොදනිමි. විසිතුරු මල් වැටක් හදන්න කියාපු වර්ගය...
ReplyDeleteඔන්න අකිල අපිට පෙන්වලා තියෙනවා හරි නම.
Deletemachan oya gahe nama thamayi "Hamelia patens"
ReplyDeleteakila.
akilashanaka@gmail.com
ගොඩාක් ස්තුතියි මිත්‍රයා..
Delete