8.08.2014

කුහුඹුවාගෙන් පාඩම්

අලසය, කුහුඹුවා වෙත ගොස් උගේ ගතිපැවතුම් බලා නැණවත් වන්න.

ඌට නායකයෙක් නැත, මුලාදෑනියෙක් නැත, පාලකයෙක් නැත.

එහෙත් ඌ ගිම්හානයේදී ආහාර සපයා ගනියි; ගොයම් කපන සමයේදී කෑම රැස්කර තබයි.

අලසය, ඔබ කොපමණ කල් නිදාගන්නෙහිද? නින්දෙන් අවදි වන්නේ කොයි වෙලාවෙහිද?

තව ටිකක් නිදාගනිමි, තව ටිකක් සැතපෙමි, තව මඳක් අත් දෙක බැඳගනිමි'යි කියන ඔබ වෙතට, දිළිඳුකම, සොරෙකු මෙන් ද හිඟකම, අවිගත් සෙබළෙකු මෙන්ද එනු ඇත.

(හිතෝපදේශ 6:6-11)

21 comments:

  1. ස්වාමීන්වහන්සේ ඔබ සමඟ වන සේක්වා !

    ReplyDelete
    Replies
    1. අනේ අනේ සෙන්නා, දැන් පූජාවට උත්තර දෙන හැටිත් මතක නෑ වගේ. :P

      Delete
  2. හාකො. හාකො...
    මේක හරි යටම කිව්ව නං හරි වගේ..
    ඇයි යකෝ මේ යකා වගේ කම්මැලියෙක් ඉන්නවද තව

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් මේක මටම තමයි කියාගත්තෙ ඒකෙන්වත් කම්මැලිකම අඩුවෙයිද බලන්න. :)

      Delete
  3. ආමෙන්!,ආමෙන්!!

    ReplyDelete
  4. ඒක තමයි ඊයේ රෑ මම අහනකොටත් කිව්වේ තවම රෑ 10 යි නේ කියලා නේද?

    ReplyDelete
    Replies
    1. මම සාමාන්‍යයෙන් නිදාගන්නෙ 12ට විතර. එතකල් මහන්සි නිවනවා.

      Delete
  5. Replies
    1. ඔව්. අපි හැමෝටම.

      Delete
  6. බයිබලයෙන් පාඨයක් !!! ජේසු පිහිටයි පුතේ !

    ReplyDelete
    Replies
    1. ජේසු පිහිටයි තාත්තෙ.

      Delete
  7. මේකේ කියන හැටියටනම් මෙලහට හරී දිළිඳු කමෙනුයි හිඟ කමෙනුයි මැරිලා...

    අහ් එතකොට අර සෙන්නත් එහෙම තමා.

    ReplyDelete
    Replies
    1. ශික් මෙහෙමත් අපහාසයක්.... යකෝ පොළව පලන් යන්න හිතුනා.. දෙයියම්පා !!!

      Delete
    2. @සයුරි,
      හාපෝ.. මෙහෙමත් ලජ්ජා කරනවද අනේ?.. අපි පව්නෙ..

      @ සෙන්නා,
      මටත් හිතුනෙ ඔය ටිකම තමයි. :)

      Delete
  8. එහෙනං ඉතින් දිග පෝස්ට් එකක් දාන්ට හරී...:D

    ReplyDelete
  9. මට නම් ආව ප්‍රශ්නේ කූඹින්ට නායකයෙක් නෑ කියලා අපි දන්නේ කොහොමද? මොකද උන්ට පත්තර බිල්බෝඩ් ටීවි එහෙම තියනවායැ..!!

    ReplyDelete
    Replies
    1. ඔය කූඹි ගැන හොයන විද්‍යාඥයෝ කියන්නෙ එක එක දේවල්. හැබැයි ඒවට අනුව නම් කූඹීන් පාලනය වෙන්නෙ රැජිනක් යටතෙ. ඒකනෙ නායකයෙක් නෑ කියන්නෙ. :) නායිකාවක් කියන්නෙ ඉතින් හැමතැනම අවුල්නෙ. ;)

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...