විවේකී ඉරිදා හැන්දෑවක්. දවස් හයක් තිස්සේ වැඩ කරලා කරලා ලැබෙන නිවාඩු දවසනෙ. කරුමෙ කියන්නෙ මේ මාසෙ පෝයත් ඉරිදාටම වැටිච්ච එක. ඉතින් ගිය ඉරිදා හැන්දෑවේ මමත් පවුලේ අනිත් අයත් වෙනසකටත් එක්ක මුහුද පැත්තෙ රවුමක් ගිහින් එන්න හිතුවා. ටික දුරක් ගියාට පස්සේ නොහිතූ විදිහට වාහන තදබදයකට මූණදෙන්න සිදුවුනා. වාහන තදබදයක්? මේ ඉඳලා හිටලා වාහන යන පාරක? මට මතුවුනේ ප්‍රශ්නාර්ථයක්. මම වටපිට බලද්දී තමයි ඈතින් පෙනෙන කොඩිගහ දැක්කෙ.
"අද දෑලතුරේ පල්ලියේ මංගල්ලෙද කොහෙද?"
"වෙන්න ඇති. මේ අගෝස්තු මාසෙනෙ. ඉස්සර අපේ අම්මලා අපිව එක්කගෙන එනවා මේ පල්ලියට. මේ පළාතෙම වතුර හොඳ නැති උනත් පල්ලියෙ ළිඳේ වතුර හොඳයි" කතාවට එක්කාසු උනේ අපේ තාත්තා.
වාහන තදබදය මැද්දෙන් හෙමින් හෙමින් ඉදිරියට ඇදෙන අතරේ ඒ කාලෙ ලබාපු අත්දැකීම් ගොඩාක් තාත්තගේ කටින් පිටවෙලා අවසානයි. ඊළඟ මොහොතේ අපි හිටියේ හරියටම පල්ලිය ඉස්සරහා. හරියටම කිව්වොත් පල්ලිය ඉස්සරහා තිබ්බ ප්‍රතිමාව ඉස්සරහා. "අර අර ඉන්නෙ රෝකුස් මුනිතුමා" තාත්තා කෑගැහුවත් මම ඒ පැත්ත බැලුවෙ නැත්තෙ පාරෙ කල්පනාවෙන් යන්න ඕනා නිසා.
"අර අර එතනම බල්ලත් ඉන්නවා"
"බල්ලා? මොන බල්ලාද?" මටයි අනිත් අයටයි හරිම ප්‍රශ්නාර්ථයක්. මොන බල්ලෙක් ගැනද මේ කියන්නෙ?
"ඇයි රෝකුස් මුනිතුමා ගාවින්ම බල්ලාවත් අඹලා තිබ්බෙ. දැක්කෙ නැද්ද?"
"මම ඔච්චර දෑලතුරේ පල්ලි ආවට කවදාවත් බල්ලෙක් දැක්කෙ නෑනෙ" එහෙම කිව්වෙ අපේ අම්මා.
"රෝකුස් මුනිතුමා ගැන කියද්දිම බල්ලා ගැනත් කියවෙනවනෙ. ඇයි බල්ලෙක් කන්න එද්දි රෝකුස් මුනිතුමාගේ බල්ලෝ, මාව කන්න එපා කියලා හිතුවාම බල්ලා කන්නෙ නෑ කියන්නෙ"
"මොකක්? මම එහෙම කතාවක් අහලාම නෑනෙ."
තාත්තා ඇරෙන්න කවුරුවත් එහෙම කතාවක් දැනගෙන ඉඳලා නැති බව පෙනුනා. අපි හැමෝම තව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු උනා.
"පොඩි කාලෙ අම්මලා අපිට කියලා දීලා තිබ්බෙ බල්ලෙක් කන්න ආවොත් එහෙම හිතන්න කියලා"
"ඒ උනාට තාත්තෙ, ඔයා ඒක අපිට කියලා දෙන්න පරක්කු උනා වැඩී. මාව බල්ලෙකුත් කෑවනේ"
"ඉතින් මොකක්ද ඔය මුනිතුමාගේ ජීවිත කතාව? කොහොමද බල්ලෙක් සම්බන්ධ වෙන්නෙ?" තාත්තාට තවත් ප්‍රශ්න දෙකක්ම යොමුවුනා.
ඒවාට උත්තර දෙන්න නම් තාත්තා දැනගෙන හිටියේ නෑ. ඉතින් මම ගමන ගිහින් ආවෙම ඒ ගැන හොයනවා කියන බලාපොරොත්තුවෙන්මයි. ඒ විදිහට හොයාගත්තු කතාව ඔන්න හැමෝටම කියන්න යන්නෙ කට්ටියම හරිබරි ගැහිලා වාඩිවෙන්නකො ඉතින්.
රෝකුස් කියන්නෙ ප්‍රංශයේ වෙරළාසන්න නගරයක්වූ Montpellier වල ආණ්ඩුකාරයාගේ පුතා. දරුවන් නැති කමින් අවුරුදු ගණනාවක් දෙවියන්ට යාච්ඤා කරමින් බාරහාර වෙමින් හිටපු ආණ්ඩුකාර බිරිඳගේ වඳභාවය නැතිකරමින් පුංචි රෝකුස් මෙලොව එළිය දකින්න්නෙ කුරුසයක් හැඩැති උපන් ලපයක් පපුවේ දරාගෙන. ඉතා භක්තිවන්ත කාන්තාවක්වූ ඔහුගේ මව සතියට දෙවරක් නිරාහාර ශීලය රැක්කාලු. පුදුමයට කාරණාවක් වන්නේ ඇය නිරාහාරව සිටින දිනවලදී ළදරු රෝකුස් ඇගෙන් කිරි උරා බී තිබෙන්නෙ දවසට එක්වරක් පමණක් වීමයි.
කාලය ගතවෙද්දී කුඩා දරුවෙකුව සිටි රෝකුස් තරුණයෙකු බවට පත්වුනා. රෝකුස්ට වයස විස්සක් වෙද්දි ආදරණීය දෙමව්පියන් ඔහු හැරයනවා. පියා මිය යන්නේ ලෙඩ ඇඳේ සිටම රෝකුස් මීළඟ ආණ්ඩුකාරයා ලෙස අභිෂේක ගන්වමින්. එහෙත් මවුපියන්ගේ මරණින් පසු පියාගේ වස්තුවෙන් සුඛෝපභෝගී ආණ්ඩුකාර ජීවිතයක් ගෙවීමට ඔහු අසා කරන්නේ නෑ. ඔහු තමන් සතු සියල්ල දිළිඳුන් වෙත නොමසුරුව පරිත්‍යාග කරනවා. ඔහුගේ ඊළඟ අභිප්‍රාය වන්නේ රෝමය වෙත දුගියෙකු ලෙස වන්දනා ගමනක් යාමයි.
මේ කාලයේම තමයි යුරෝපීයයන් මිලියන ගණනක් මරු තුරුලට යැවූ බ්ලැක් ඩෙත් (Black Death) වසංගතය පැතිරයන්නේත්. රෝකුස් තරුණයා ඉතාලිය වෙත ළඟාවෙද්දි ඉතාලිය වසංගතයට ගොදුරු වෙලා අවසානයි. දහස් ගණනක් ලෙඩුන්ගෙන් ඉතාලියේ රෝහල් පිරී ඉතිරී යනවා. වන්දනා ගමන පසෙක දමන රෝකුස් ඔවුන්ට ඇප උපස්ථාන කරනවා. ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරනවා. ඒ වගේම ඔහු විසින් කුරුසේ ලකුණ නළලේ ඇඳ ආශිර්වාද කළ රෝගීන් ආශ්චර්යමත් ලෙස සුවය ලබනවා.
පුරාවෘත්ත වල සඳහන් ආකාරයට රෝගීන් වෙනුවෙන් කළ මෙහෙය නිසා ඇන්ග්ලේරියා නගරයේ කාදිනල් තනතුර (cardinal of Angleria in Lombardy) දැරීමේ වරම රෝකුස්ට ලැබෙනවා. එසේ අභිශේක ලැබීමේදී නළලේ සටහන් කළ කුරුසිය එතුමා මැරෙනතුරා නොමැකී පැවතුන බවත් සඳහන් වෙනවා. ඒ කෙසේ වෙතත් රෝගීන් වෙනුවෙන් කළ කැපකිරීම් අවසාන වෙන්නේ රෝකුස් කාදිනල් තුමාත් රෝගියෙක් කරවමින්. ඒ කාලයේ වසංගත රෝගීන්ට අත්වූ ඉරණම, එනම් ජනාවාසයෙන් පිටුවහල් කිරීමේ දඬුවම රෝකුස් කාදිනල් තුමාටත් උරුම වෙනවා. එතුමා නගරයෙන් ඈත කැලෑවට පිටුවහල් කරනු ලබනවා.
කැලයේදී නවාතැන් ගැනීම සඳහා අතුඉති වලින් කුඩා මඩුවක් ඉදිකරගැනීමට තරම් එතුමා ශක්තිසම්පන්න උනා. ඒත් දිනපතා ආහාර ජලය කොහෙන් නම් හොයාගන්නද? ඇරත් රෝගීවෙලා ඉද්දි. දහස් ගණනක් ලෙඩුන් සුවපත් කළ එතුමාට මඩුවක් තුළ වැතිරිලා, රෝගයෙන් මිය යෑමට පෙර ආහාර හා ජලය නොමැති කමින් මිය යාමටයි සිදුව තිබුනෙ.
ඒත් 'කවුරු අහක බැලුවත් දෙවියෝ අහක බලන්නෙ නෑ' කියමන සනාත කරමින් මඩුව අසලින් ජල උල්පතක් මතුවෙනවා. රෝකුස්තුමා එයින් ජල පිපාසාව සංසිඳවා ගන්නවා. තවත් මොහොතකින් එතුමා සමීපයට දුවගෙන එන්නෙ බල්ලෙක්. නිකම් නෙමෙයි පාන් කැබැල්ලකුත් කටේ රඳවාගෙන. ඒ පාන් කැබැල්ලෙන් රෝකුස් තුමාගේ කුසගිනි නිවෙනවා. මේ විදිහට රෝකුස් තුමාට සනීප වෙනකන් දිනපතා ඔහුව පෝෂණය කරන්නෙ බල්ලෙක්. ඒ බල්ලා අයිතිව ඉඳලා තියෙන්නෙ වනාන්තරයෙන් එහා නිවසක ප්‍රභූවරයෙක් වෙච්ච Gothard Palastrelli ට. තවත් පුදුම හිතෙන කාරණාවක් වෙන්නෙ රෝකුස් තුමා ආහාර ගන්නා අතරතුර බල්ලා විසින් ලෙවකනු ලැබූ තුවාල සුව වීමයි.
දිනපතා යම් කාලවේලාවක් අතරතුර තම දඩයම් බල්ලා අතුරුදහන් වන බව තේරුම්යන ප්‍රභූවරයා ඌ කොහේ යන්නේදැයි විමසිලිමත් වෙනවා. දිනක් බල්ලා පසුපස කැලෑ වදින ප්‍රභූවරයා දකින්නෙ රෝගයෙන් ඔත්පලව සිටින රෝකුස්තුමාව. ඔහු එතුමාට උපස්ථාන කිරීම ආරම්භ කිරීමත් එක්ක ඉතා ඉක්මණින් සම්පූර්ණ සුවය ලැබීමට හැකිවෙනවා.
සුවය ලැබූ පසු එතුමාගේ අදහස වන්නේ තම උපන්ගම වෙත නැවත යාම. ඒ වනවිට එතුමාගෙන් හිස්වූ ආණ්ඩුකාර ධූරයට එතුමාගේ මාමා කෙනෙක් පත්වෙලා තිබුනා. Montpellier වෙත එන රෝකුස්තුමාව ජනතාව මහත් හරසරින් පිළිගත්තාද? නෑ. එතුමාව මාමාගේ අණින් සිරභාරයට ගැනෙනවා. ඒ ඔත්තුකරුවෙකු ලෙස වරදවා වටහා ගැනීමෙන්. තම අනන්‍යතාව පෙන්වා එයින් මිදීමට හැකියාව තිබුනත් එසේ නොකර අවුරුදු පහක් සිරබත් කෑමට එතුමා පෙළඹුනේ ඇයි කියන එක ප්‍රෙහේළිකාවක්. අවුරුදු පහ අවසානයේ එතුමා මියයනවා.
මළසිරුර වැළලීමට යන සේවකයෝ පපුවේ තිබූ උපන් ලපය දකිනවා. මෙබඳු උපන් ලපයක් හිමිව තිබුනේ කාටදැයි ඔවුන් දැනසිටියා. මීට අමතරව එතුමාගේ මරණින් පසු දේව දූතයෙකු විසින් හිස යට තබා ගිය නම සඳහන් රන් පුවරුවකින් අනන්‍යතාව හෙළිවූ බවටත් කතාවක් තියෙනවා. ඒ කොහොම වෙතත් තමුන්ට උරුමව තිබූ සුඛෝපභෝගී ජීවිතය පසෙකලා රෝගීන් වෙනුවෙන් කළ කැපකිරීම තමයි එතුමාව ශුද්ධවන්තයෙක් වීම දක්වා ගෙනියන්නෙ.
කිතුනුවෝ අදටත් වසංගත රෝගවලදී වගේම තමුන්ගේ සතුන් ලෙඩවූ විටදී එතුමාගේ පිහිටාශිර්වාද පතනවා. ඒ වගේම බල්ලන්ගේත් අයුතු චෝදනාවලට ලක්වූවන්ගේත් ආරක්ෂක සාන්තුවරයා වශයෙන් සළකන්නෙ ශු. රෝකුස් මුනිතුමාවයි.
මූලාශ්‍ර :
"අද දෑලතුරේ පල්ලියේ මංගල්ලෙද කොහෙද?"
"වෙන්න ඇති. මේ අගෝස්තු මාසෙනෙ. ඉස්සර අපේ අම්මලා අපිව එක්කගෙන එනවා මේ පල්ලියට. මේ පළාතෙම වතුර හොඳ නැති උනත් පල්ලියෙ ළිඳේ වතුර හොඳයි" කතාවට එක්කාසු උනේ අපේ තාත්තා.
වාහන තදබදය මැද්දෙන් හෙමින් හෙමින් ඉදිරියට ඇදෙන අතරේ ඒ කාලෙ ලබාපු අත්දැකීම් ගොඩාක් තාත්තගේ කටින් පිටවෙලා අවසානයි. ඊළඟ මොහොතේ අපි හිටියේ හරියටම පල්ලිය ඉස්සරහා. හරියටම කිව්වොත් පල්ලිය ඉස්සරහා තිබ්බ ප්‍රතිමාව ඉස්සරහා. "අර අර ඉන්නෙ රෝකුස් මුනිතුමා" තාත්තා කෑගැහුවත් මම ඒ පැත්ත බැලුවෙ නැත්තෙ පාරෙ කල්පනාවෙන් යන්න ඕනා නිසා.
"අර අර එතනම බල්ලත් ඉන්නවා"
"බල්ලා? මොන බල්ලාද?" මටයි අනිත් අයටයි හරිම ප්‍රශ්නාර්ථයක්. මොන බල්ලෙක් ගැනද මේ කියන්නෙ?
"ඇයි රෝකුස් මුනිතුමා ගාවින්ම බල්ලාවත් අඹලා තිබ්බෙ. දැක්කෙ නැද්ද?"
"මම ඔච්චර දෑලතුරේ පල්ලි ආවට කවදාවත් බල්ලෙක් දැක්කෙ නෑනෙ" එහෙම කිව්වෙ අපේ අම්මා.
"රෝකුස් මුනිතුමා ගැන කියද්දිම බල්ලා ගැනත් කියවෙනවනෙ. ඇයි බල්ලෙක් කන්න එද්දි රෝකුස් මුනිතුමාගේ බල්ලෝ, මාව කන්න එපා කියලා හිතුවාම බල්ලා කන්නෙ නෑ කියන්නෙ"
"මොකක්? මම එහෙම කතාවක් අහලාම නෑනෙ."
තාත්තා ඇරෙන්න කවුරුවත් එහෙම කතාවක් දැනගෙන ඉඳලා නැති බව පෙනුනා. අපි හැමෝම තව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු උනා.
"පොඩි කාලෙ අම්මලා අපිට කියලා දීලා තිබ්බෙ බල්ලෙක් කන්න ආවොත් එහෙම හිතන්න කියලා"
"ඒ උනාට තාත්තෙ, ඔයා ඒක අපිට කියලා දෙන්න පරක්කු උනා වැඩී. මාව බල්ලෙකුත් කෑවනේ"
"ඉතින් මොකක්ද ඔය මුනිතුමාගේ ජීවිත කතාව? කොහොමද බල්ලෙක් සම්බන්ධ වෙන්නෙ?" තාත්තාට තවත් ප්‍රශ්න දෙකක්ම යොමුවුනා.
ඒවාට උත්තර දෙන්න නම් තාත්තා දැනගෙන හිටියේ නෑ. ඉතින් මම ගමන ගිහින් ආවෙම ඒ ගැන හොයනවා කියන බලාපොරොත්තුවෙන්මයි. ඒ විදිහට හොයාගත්තු කතාව ඔන්න හැමෝටම කියන්න යන්නෙ කට්ටියම හරිබරි ගැහිලා වාඩිවෙන්නකො ඉතින්.
රෝකුස් කියන්නෙ ප්‍රංශයේ වෙරළාසන්න නගරයක්වූ Montpellier වල ආණ්ඩුකාරයාගේ පුතා. දරුවන් නැති කමින් අවුරුදු ගණනාවක් දෙවියන්ට යාච්ඤා කරමින් බාරහාර වෙමින් හිටපු ආණ්ඩුකාර බිරිඳගේ වඳභාවය නැතිකරමින් පුංචි රෝකුස් මෙලොව එළිය දකින්න්නෙ කුරුසයක් හැඩැති උපන් ලපයක් පපුවේ දරාගෙන. ඉතා භක්තිවන්ත කාන්තාවක්වූ ඔහුගේ මව සතියට දෙවරක් නිරාහාර ශීලය රැක්කාලු. පුදුමයට කාරණාවක් වන්නේ ඇය නිරාහාරව සිටින දිනවලදී ළදරු රෝකුස් ඇගෙන් කිරි උරා බී තිබෙන්නෙ දවසට එක්වරක් පමණක් වීමයි.
සියල්ල දිළිඳුන් වෙත |
මේ කාලයේම තමයි යුරෝපීයයන් මිලියන ගණනක් මරු තුරුලට යැවූ බ්ලැක් ඩෙත් (Black Death) වසංගතය පැතිරයන්නේත්. රෝකුස් තරුණයා ඉතාලිය වෙත ළඟාවෙද්දි ඉතාලිය වසංගතයට ගොදුරු වෙලා අවසානයි. දහස් ගණනක් ලෙඩුන්ගෙන් ඉතාලියේ රෝහල් පිරී ඉතිරී යනවා. වන්දනා ගමන පසෙක දමන රෝකුස් ඔවුන්ට ඇප උපස්ථාන කරනවා. ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරනවා. ඒ වගේම ඔහු විසින් කුරුසේ ලකුණ නළලේ ඇඳ ආශිර්වාද කළ රෝගීන් ආශ්චර්යමත් ලෙස සුවය ලබනවා.
වන්දනා ගමන පසෙක දමන රෝකුස් ඔවුන්ට ඇප උපස්ථාන කරනවා |
බ්ලැක් ඩෙත් වසංගතයේ පැතිරයාම |
කැලයේදී නවාතැන් ගැනීම සඳහා අතුඉති වලින් කුඩා මඩුවක් ඉදිකරගැනීමට තරම් එතුමා ශක්තිසම්පන්න උනා. ඒත් දිනපතා ආහාර ජලය කොහෙන් නම් හොයාගන්නද? ඇරත් රෝගීවෙලා ඉද්දි. දහස් ගණනක් ලෙඩුන් සුවපත් කළ එතුමාට මඩුවක් තුළ වැතිරිලා, රෝගයෙන් මිය යෑමට පෙර ආහාර හා ජලය නොමැති කමින් මිය යාමටයි සිදුව තිබුනෙ.
ඒත් 'කවුරු අහක බැලුවත් දෙවියෝ අහක බලන්නෙ නෑ' කියමන සනාත කරමින් මඩුව අසලින් ජල උල්පතක් මතුවෙනවා. රෝකුස්තුමා එයින් ජල පිපාසාව සංසිඳවා ගන්නවා. තවත් මොහොතකින් එතුමා සමීපයට දුවගෙන එන්නෙ බල්ලෙක්. නිකම් නෙමෙයි පාන් කැබැල්ලකුත් කටේ රඳවාගෙන. ඒ පාන් කැබැල්ලෙන් රෝකුස් තුමාගේ කුසගිනි නිවෙනවා. මේ විදිහට රෝකුස් තුමාට සනීප වෙනකන් දිනපතා ඔහුව පෝෂණය කරන්නෙ බල්ලෙක්. ඒ බල්ලා අයිතිව ඉඳලා තියෙන්නෙ වනාන්තරයෙන් එහා නිවසක ප්‍රභූවරයෙක් වෙච්ච Gothard Palastrelli ට. තවත් පුදුම හිතෙන කාරණාවක් වෙන්නෙ රෝකුස් තුමා ආහාර ගන්නා අතරතුර බල්ලා විසින් ලෙවකනු ලැබූ තුවාල සුව වීමයි.
ඔහුව පෝෂණය කරන්නෙ බල්ලෙක් |
සුවය ලැබූ පසු එතුමාගේ අදහස වන්නේ තම උපන්ගම වෙත නැවත යාම. ඒ වනවිට එතුමාගෙන් හිස්වූ ආණ්ඩුකාර ධූරයට එතුමාගේ මාමා කෙනෙක් පත්වෙලා තිබුනා. Montpellier වෙත එන රෝකුස්තුමාව ජනතාව මහත් හරසරින් පිළිගත්තාද? නෑ. එතුමාව මාමාගේ අණින් සිරභාරයට ගැනෙනවා. ඒ ඔත්තුකරුවෙකු ලෙස වරදවා වටහා ගැනීමෙන්. තම අනන්‍යතාව පෙන්වා එයින් මිදීමට හැකියාව තිබුනත් එසේ නොකර අවුරුදු පහක් සිරබත් කෑමට එතුමා පෙළඹුනේ ඇයි කියන එක ප්‍රෙහේළිකාවක්. අවුරුදු පහ අවසානයේ එතුමා මියයනවා.
මළසිරුර වැළලීමට යන සේවකයෝ පපුවේ තිබූ උපන් ලපය දකිනවා. මෙබඳු උපන් ලපයක් හිමිව තිබුනේ කාටදැයි ඔවුන් දැනසිටියා. මීට අමතරව එතුමාගේ මරණින් පසු දේව දූතයෙකු විසින් හිස යට තබා ගිය නම සඳහන් රන් පුවරුවකින් අනන්‍යතාව හෙළිවූ බවටත් කතාවක් තියෙනවා. ඒ කොහොම වෙතත් තමුන්ට උරුමව තිබූ සුඛෝපභෝගී ජීවිතය පසෙකලා රෝගීන් වෙනුවෙන් කළ කැපකිරීම තමයි එතුමාව ශුද්ධවන්තයෙක් වීම දක්වා ගෙනියන්නෙ.
ශු. රෝකුස් මුනිතුමා |
මූලාශ්‍ර :
- http://en.wikipedia.org/wiki/Saint_Roch
- http://en.wikipedia.org/wiki/Montpellier
- http://en.wikipedia.org/wiki/Black_Death
Kenekge jiwitha kathawak harima lassana kathandarayak widiyata liyannai ekata thawath watinakam ekkaramin paniwidayak kiyawana ayage hithata yana widiyata liyanna thiyena hakiyawa gana pudumai Haree. Harima lassanai. Dawasaka Daalathure palliyata yannone. Oya "Black Death" gana sadahan wena pothak me lagadi kiyewwa, Dan Brownge "Inferno". Kiyawala balanna. Thawath Shuddhawanthayange jiwitha katha liyanawa nam hodai.
ReplyDeleteඅගය කිරීමට බොහෝම ස්තුතියි. දවසක ඒ පල්ලියටත් ගිහිල්ලා බලන්න. මේ කතාව ඇහුවට පස්සෙ මම ඒ පල්ලියට ගියා. තිබ්බ හැම සුරුවමකම වගේ බල්ලෙකුත් හිටියා. ඉතින් මට හිතුනෙ සමහර මිනිස්සු බල්ලවත් ඉඹලා යනවා ඇති කියලා. :)
Delete'ඉන්ෆර්නො' පොත මම ගාව තියෙනවා. කියවන්න වෙලාව තමයි නැත්තෙ. :(
මේ නම් සැබෑ උතුම් සාන්තුවරයෙක්,මතු බුදු වෙන්නට සුදුසු බෝධිසත්ව උතුමෙක්.
ReplyDeleteඒ වගේ අය බොහෝම ටිකයි ඉන්නෙ.
Deleteපල්ලියේ සක තියන්ඩ ගියේ නැද්ද ආයිබෝං.
ReplyDeleteලැජ්ජ බිට් එකට දාලා තමයි යන්න වෙන්නෙ.
Deleteමෙන්න අපට කතන්දර කියන්ට අපේ 'පරණ හරී සීයා' ඇවිදිල්ලා.. අලි චෝයි!
ReplyDeleteසීයා හරි නරකයි, දැන් ඉස්සර වගේ වැඩිය මේ පැත්තෙ එන්නෙ නෑ.. :-)
හරී සීයා??? මම තාම කොල්ලා හරිද?
Deleteමොකද මන්දා හැමෝම කියන්නෙ මම ආයෙ ඇවිත් කියලා. මම කොහේවත් ගියේ නෑනෙ. බ්ලොග් ලියන්න වෙලාව මදි උනාට මම බ්ලොග් කියෝනවා.
මම ඔය ඇහුවමයි රෝකුස් මුනිතුමා හා ඔහුගේ බල්ලා ගැන... ස්තූතියි විස්තරයට..
ReplyDeleteහරීගේ වාහන ප්‍රශ්නෙ විසඳිලා වගේ පේන්ඩ තියනවා...
මම හිතුවේ මෙයාගේ ලැපේ කැඩිලා කියලා...:D
Deleteමගේ ?? ඒ මොකො ? මට ලැප් දෙකක් තියනවා මෙයා.. තව ඔෆිස් එකේ කම්පීටරේකුත් තියනවා.. :D
Deleteහපොයි මම කීවේ හරීගේ....:D
Deleteඔයත් බෙල්ල කඩලා යන වැඩනෙ මෙයා කරන්නෙ.. හරිට කියන්න ඕනා එක මගේ කමෙන්ට් එක යටින් කෙටුවේ මොකෝ ? අයියෝ මගේ නයා... :D
Delete//හරීගේ වාහන ප්‍රශ්නෙ විසඳිලා වගේ පේන්ඩ තියනවා...//
Deleteමෙන්න මේක හන්දා. මම වැරදියට තේරුම් ගත්තා සෙන්නෝ...දැන් දන්නවා ඔයාට තියෙන ජාතිවල හැටියට කමෙන්ට් නොකර ඉන්ට කිසිම හේතුවක් නැතිබව හී හී....
@ සෙන්නා,
Deleteපොඩි දුරක් ගියා නම් සෙන්නට රෝකුස් මුනිතුමාවයි බල්ලවයි දෙන්නවම බලාගන්න පුලුවන්.
ඔව්. වාහන ප්‍රශ්නය නම් විසඳා ගත්තා. :)
@පොඩ්ඩි,
පොඩ්ඩිට තැන පැටලිලා වගේ. කොහොමහරි සෙන්නාට නයෙක් ඇරගන්න ලැබුනනෙ. :)
මගේ කොම්පීටරේ කැඩිලා හදන්න දාලා. මේ පෝස්ට් එක ලිව්වෙත් ඔෆීසියෙ එකෙන්. දැන් මේ කමෙන්ට් එක කොටන්නෙ ලැප් එක අරන් යුනිකෝඩ් කන්වර්ටරේ පාවිච්චි කරලා.
//..පුරාවෘත්ත වල සඳහන් ආකාරයට රෝගීන් වෙනුවෙන් කළ මෙහෙය නිසා ඇන්ග්ලේරියා නගරයේ කාදිනල් තනතුර (cardinal of Angleria in Lombardy) දැරීමේ වරම රෝකුස්ට ලැබෙනවා.//
ReplyDeleteපියතුමෙක් නොවීම රෝකුස්තුමා කාඩිනල්වරයෙක් වෙනවද ?
අම්මෝ.. හසිතව දැක්ක කල්. මොකද ආගිය කතා ලියවෙන්නෙ නැත්තෙ? කතා ඉවරවෙලාද?
Delete//පයතමක නම රකසතම කຌනලවරයක වනවද ?// එක වාක්‍යයකින් කාදිනල්වරයෙක් උනා කිව්වාට මේක දිග කාලයක් තුළ සිදුවෙච්ච දෙයක් වෙන්න ඇති. සමහරවිට හිටපු කාදිනල්වරු රෝගයෙන් මිය යෑම නිසාත් රෝකුස් තුමා සිදුකළ පුදුම දේවල් නිසාත් කාදිනල් තනතුර ලැබෙන්න ඇති.
අපුරු කතාවක් කියල තමා කියන්න තියෙන්නෙ...
ReplyDeleteඒත් ඇයි පපුවෙ උපං ලපය තියාගෙන ඒක නොපෙන්න හිරබත් කෑවෙ...
ඒක තේරුමක් නැති දෙයක් නෙව
ස්තුතියි මිත්‍රයා.
Deleteඒකට උත්තරේ දන්නෙ රෝකුස් තුමාම තමයි. අපි ඔහොම කිව්වට තමා කවුදැයි අනාවරණය කිරීම ජීවිතයට තර්ජනයක් වෙලා තිබුනද කියන්නත් බෑනෙ.
දෑලතුරේ පල්ලි මංගල්ල පොලේ එක වතාවක් මමත් ඇවිදලා තියේ...කඩ සාප්පු සෑහෙන්න තියෙනවා නේද බොලං ඒ කාලෙට...
ReplyDeleteදෑලතුරේ මංගල්ලෙ බොහෝම ජය පාටයි. සෑහෙන්න කඩ තිබුනා මංගල්ලෙන් පස්සෙ සතියක් දෙකක් යනකනුත්. අපේ තාත්තලා කියනවා ඒ කාලෙ කෑම බීම සෑහෙන්න බෙදනවලු. කරවල කූරි පිටින් ගස්වල එල්ලලා තියෙනවලු මිනිස්සුන්ට කඩන් යන්න.
Deleteබෙදා ගත්තට ස්තුති යි... මීට කලින් නොකියවපු ම පැත්තක්....
ReplyDeleteකියවන ඔයාලටත් ස්තුතියි. කියවන්න එන නිසානෙ මම ලියන්නෙ.
Deleteනොදන්නා පැත්තක්...
ReplyDeleteඇයි පපුවේ තියන උපන් ලපේ නොපෙන්වා හිරබත් කෑවේ කියන ප්‍රශ්නේ මටත් ආවා..
ජ ය වේ වා !!!
මම කලින් කියපු හේතුව මත සමහරවිට උපන් ලපය නොපෙන්වා ඉන්න ඇති.
Deleteඔබටත් ජයවේවා!
හරී අතුරුදහන් වෙලා ඉන්න දවස්වල තමයි, මම හරීගේ blog එක සම්පුර්නයෙන්ම කියෙව්වෙ. අද post එකෙන් ආයෙත් පරන හරීව දකින්ට ලැබීම සතුටක්. හරී කරන්නෙ ලොකු සේවයක්, දන්නෙ නැති කීයක් දේවල් දැන ගන්න ඇතිද? ඔබට ඡේසු පිහිටයි!
ReplyDeleteබ්ලොග් එක සම්පූර්ණයෙන්ම කීයෙව්වා කියන එක අහන්නත් සතුටුයි. මම ඉතින් වෙනම පරාසයක් ඔස්සේ සිංහල බ්ලොග් කියවන බොහෝ දෙනා අහලා නැති දේවල් මම දන්න තරමින් කියන්න තමා උත්සාහ කරන්නෙ. ස්තුතියි ඔක්කොම කියෙව්වාට. ජේසු පිහිටයි.
Deleteමෙහෙම කතාවක් මීට කලින් අහලා තිබුණේ නැහැ. ඇයි කම්මැලියෝ මෙච්චර ලස්සන කතා දැනගෙනත් නොලියන්නේ?
ReplyDeleteකොච්චර ලස්සන කතා දැනගෙන හිටියත් ලියන්න වෙලා තියෙන්න ඕනනෙ මහත්තයෝ. අනික මට පෝස්ට් එකක් ලියන්න හිතෙන්න නම් ඔලුව හොඳට නිදහස් වෙන්න ඕනා. කලබලෙන් ලියන්න හිතෙන්නෙ නෑ.
Deleteනියමයි.තැන්ක්ස්
ReplyDeleteස්තුතියි
Deleteකතාව දැන ගත්තු එක හොඳයි.වැඩේ ඉතින් බල්ලෙක් පස්සෙන් ආවොත් ඕවා මතක් නොවෙන එකනේ.
ReplyDelete:)
Deleteඋඹයි මමයි රණ්ඩු කරලා මොකද ඇති පලේ
අහක බලල පස්ස උලලා වරෙන් අර ගලේ
කියන්නයි තියෙන්නෙ.
ටෙස්ට්
ReplyDelete