10.26.2015

පාවෙන පොත් නැව

මට මීට ටික කාලෙකට කලින් බුකියේ 'පොත් කියවන අය'ගෙන් හොඳ ඔත්තුවක් ලැබුණා. පොත් ප්‍රදර්ශනාගාරයක් සමඟ ලොව වටා සැරිසරන 'ලෝගෝස් හෝප්' කියන නැව ඔක්තෝම්බර් මාසෙ 22 වෙනිදා කොළඹ වරායට එනවා කියන එකයි ඒ ආරංචිය.

පොත් නැවක් ඇවිත් ගියා කියන ප්‍රවෘත්තිය කීපපාරක්ම අහලා තිබුනත් කවදාවත් යන්න ලැබුනේ නෑ. මොකද රූපවාහිනී ප්‍රවෘත්ති වලට උනත් කියන්නෙ 'ප්‍රදර්ශනය හෙටින් අවසන් වේ' කියලනෙ. එක්කෝ ආරංචිය ලැබෙනකොට නැව මූද මැද්දෙ. ඉතින් මේ පාර ආරංචිය දැනගත්තු ගමන්ම ඒ කට්ටියගෙන්ම වැඩි විස්තර අහගත්තා. නැවට යන්නේ කොහොමද? පොත් ලාභද? මොන මොන වේලාවල්වලද ප්‍රදර්ශනය විවෘතව තියෙන්නෙ? ආදී දේවල්. මේ ඔක්කොම විස්තර දැනගත්තට පස්සෙ අපි දෙන්නත් අම්මලාවත් ගමනට එකතු කරගත්තා.

චෛත්‍යය මාවත
පහළින් මම පොඩි සිතියම් කෑල්ලක් දැම්මා නොදන්න කෙනෙකුට දැනගන්න පහසුවෙන්න. නැව බලන්න යනවානම් වරායට ඇතුළුවෙන්න ඕනෙ චෛත්‍යය මාවත පැත්තෙන්. එතන තියෙන ටිකට් කවුන්ටරයෙන් ටිකට් එකක් ගන්න ඕනෙ රුපියල් 100කට. තමුන් පෞද්ගලික වාහනේක යනවානම් ඒ අහළ පහළ වාහනේ ගාල් කරලා නොමිලේ සේවය සපයන බස් රථයකට ගොඩවෙන්න ඕනෙ. මම මෙතනදි දැක්ක දෙයක් තමයි බස් රථයේ සීට් ගානට සෙනඟ පිරෙන්නෙ ඔන්න මෙන්න තියෙද්දි පිටත්වෙලා යන එක. කලින් මේ වගේ ප්‍රදර්ශනවලට යන බස්වල නගින්න ගිහින් පොරකාලා එල්ලිලා යන්න වෙච්ච අත්දැකීම් තිබ්බ මට ඒක නම් ලොකු දෙයක් කියලා හිතුනා. අනිත් එක තමයි වයස 65ට වැඩි අයට මුදල් අය කරන්නෙ නෑ.

බස් එක අපිවත් අරගෙන වරාය තුළට ඇතුළු උනා. ටික වෙලාවකින් මෙන්න තියෙනවා නැව, 'ලෝගෝස් හෝප්'. බස් එකෙන් බැහැලා හිමීට හිමීට පඩිපෙළ දිගේ ජීවිතේ පළවෙනි වරට නැවකට නැග්ගා. නැවට නැග්ගට පස්සෙ පැද්දි පැද්දි යන්න වෙයි කියලා හිතුවට මේ ඉන්නෙ නැවකද කියලා හිතාගන්න බැරිතරමට ස්ථාවරයි. :) මදෑ හෙල්ලි හෙල්ලි පොත්ගන්න ආවා. 

නැවේ තිබුනේ පොත් හා සිහිවටන තමයි ගොඩක් දුරට. මිල නියම කරලා තිබුනේ වෙනම ඒකක වලින් ඒ එක් ඒකකකයක් ලංකාවේ මුදල් වලට හරවන්න 3න් වැඩි කරන්න ඕනෙ. 

නැවේ තිබුනු බහුතරයක් පොත් ඉංග්‍රීසියෙන් ලියවෙච්චි එව්වා. අතරින් පතර සිංහල පොත් කිහිපයක් තිබුනත් ඒ සියල්ලම පාහේ ක්‍රිස්තියානි ආගමික ග්‍රන්ථ. මෙතන පොත් අතර තිබුනු විශේෂත්වය තමයි ප්‍රබන්ධ කතා වලට වඩා වෙනත් පොත් බහුලව දකින්නට ලැබීම. පුංචි ළමයින්ගේ පොත් එකතුවේ ඇරෙන්න අනික් තැන්වල ප්‍රබන්ධ ලෙස සැළකිය හැකි කතා තිබුනෙ ඉතා ස්වල්පයයි.
පොත්

බහුලවම තිබුනෙ වෙනත් පොත්. ඒ කිව්වෙ උද්‍යාන අලංකරණය , විලාසිතා , සෞඛ්‍යය , ක්‍රීඩා, විනෝදාංශ, ආගමික, සුපශාස්ත්‍ර, කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ගණනාවක වෛවර්ණයෙන් මුද්‍රණය වෙච්ච පොත් ගණනාවක්ම තිබුනා. මට හිතුණු හැටියට නම් ඒ පොත්වල මිල ලංකාවේදී ඒ පොත් මිලදී ගැනීමට යන මුදලට වඩා අඩුයි. ඒත් සාමාන්‍යයෙන් එවැනි විෂයන් සම්බන්ධ පොත්පත් ලාංකිකයන් පරිහරණය කරනවා අඩුයි කියලයි මට හිතෙන්නෙ. සරලවම කිව්වොත් නිකම් කියවලා රසවිඳිනවාට වඩා ඒ පොත උපකාරී කරගෙන යම් ක්‍රියාවක් කරන්න ඕනෙ පොත් පත් තමයි බහුලවම තිබුනෙ. 

පොත් හැරුනාම එතන තිබුනු සිහිවටන වල මිල ගණන් නම් වැඩී කියලයි මට හිතෙන්නෙ. සාමාන්‍ය පින්තූර පෝස්ට්කාර්ඩ් එකකුත් රුපියල් 75ක් විතර උනා. 

මමත් පොත්පත් කිහිපයක්ම මිලට ගත්තා. විශේෂයෙන් මිලදී ගත් විශ්වකෝෂය රුපියල් 1500කට වඩා වැඩි දැනුමක් ලබාදෙනු නොඅනුමානයි.

පොත්පත් මිලදී ගැනීමේ කුටියෙන් පස්සෙ තිබුනෙ පින්තූර කතාවක් සහිත කුටියකට. එතන මුළු කතාවම අහන්න නොහිටියත් පින්තූර වලින් තේරුනේ වර්තමාන අකීකරු පුත්‍රයෙකුගේ කතාවක් වගේ. ඊළඟට තිබුනේ ආපනශාලාව. එතනදී අපි අසලට ආපු නැවේ කාර්‍යය මණ්ඩලයේ පුද්ගලයෙක් බොහොම සුහදව විස්තර ඇහුවා. ඔහු කියූ පරිදි නැවත නැව මෙහි පැමිණීමට තව අවුරුදු හයක් හෝ හතක් ගතවේවි.

ඔක්කොම ඉවරවෙලා නැවෙන් එළියට එද්දිම තිබ්බ ධාරානිපාත වර්ෂාව හින්දා වරාය අවට වැඩියමක් බලාගැනීමට ලැබුනේ නෑ. 

තව කල් තියෙන නිසා කැමති අයට පුළුවන් නැව බලන්න යන්න. එහෙම බැරි අය මෙතනින් නැව ඇතුලේ සවාරියක් ගිහින් එන්න.

39 comments:

  1. :-)65ට වැඩි සහ 12 ට අඩු අයවලුන් හට නොමිලේ...
    නැව පැද්දෙන්ට වරායෙ රැලල ගහන්ට එපැයි හරියො.. හිහි..
    ඕක නවත්තල තියෙනවට ගෙවන්න ඕන බදු ගෙව්වම උංට ගාණක් තියේද දන්නෑ.. එහෙව් නැවක අච්චර ගණං වෙනේක අහන්න දෙයක් යැ.. හිහි

    ReplyDelete
    Replies
    1. රැල්ල ගහන්ඩ ඕනෙ නම් තමයි ඒත් මම හිතුවා පොඩි හරි වෙනසක් දැනෙයි කියලා. මොන?.. මම පොඩ්ඩක් එහෙට මෙහෙට පැද්දිලා බැලුවා. ඒත් හෙලවෙන පාටක් නෑ.

      මම හිතන්නෙ මේක ලාභ ලබන පරමාර්ථයෙන් කරන වැඩක් නෙමෙයි කියලා. මේක රාජ්‍ය නොවන සංවිධානයක්. මම දැක්කා ඒගොල්ලො රට රටවල කරන ව්‍යාපෘති ගැන පින්තූර දාලා තිබුනා.

      Delete
  2. චැඃ.................තව අවුරුදු තුනක් ඉන්න එපායැ නොමිලේ බලන්න යන්න. ඔන්න ඔහෙ ඊළඟ සැරේ මේ නැව එනකල් ඉන්නවා.

    කම්පියුටර් පොත් සහ හමුදා තොරතුරු පොත් තිබුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය විද්‍යාව ගැන සදහන් පොත් තිබුනා දුටුවා. ඒ ඇරෙන්න ජේසු තුමා ගැන සදහන් පොත් වැඩිපුර තිබුනේ. කුඩා ළමුන්ගේ පොත් පත්,සිහිවටන ආදියත් තිබුනා.

      පරිගණක සහ හමුදා තොරතුරු අඩංගු පොත්පත් දුටුවේ නෑ මා නම්.

      Delete
    2. @විචාරක ,

      ඊළඟ පාර යන්න එහෙනම්. විචාරක මහත්මයා නම් නැව්වල ඕනතරම් කරක් ගහලා ඇතිනෙ.

      පරිගණක හා හමුදා තොරතුරු පොත්නම් මාත් දැක්කෙ නෑ.

      @ ඇනෝ,

      ඔව්. කුඩා ළමයින්ගේ පොත් තමයි බහුලවම තිබුනේ.

      Delete
  3. ඔය නැවට මම නැගලා නැති වුනත්, ඕක මම පොඩිම කාලෙ ඉඳන් ලංකාවට එනවා.

    ReplyDelete
    Replies
    1. ටවුන්ඒස් සීආර් ටුවෙන්ටිසවන් වෑන් එකකට නැගලා තියෙනවද?

      Delete
    2. මේ නැවම නොවුනත් වෙන වෙන පොත් නැව් සෑහෙන කාලෙක ඉඳන් මෙහෙ එන බව ඒ වෙබ් අඩවියේ තිබ්බා. මම හිතන්නෙ හැටගණන්වල ඉඳලා.

      Delete
    3. මම කියන්නේ HOPE නැව ගැන. ඒක ඉස්සර ඉඳන්ම එනවා. තව තියෙනවා පාවෙන රෝහලක්.

      Delete
    4. මම හිතන්නෙ ඒ මේ නැව නෙමෙයි. පාවෙන රෝහල ගැන වෙලාවක හොයලා බලන්න ඕනෙ.

      Delete
  4. මේ ප්‍රදර්ශනය නිවාඩු දිනවලත් තියෙනවද? දවසේ කොයි වෙලාවටද ප්‍රදර්ශනය තියෙන්නේ? මම නං ක්‍රිස්තියානි භක්තිකයෙක් නෙමෙයි. එවැනි අයටත් මේක බලන්න යන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. පොත් වලට එහෙම කුලකයක් තියෙනව ද ඇනෝ

      Delete
    2. මේ නැව ක්‍රිස්තියානි දහම ප්‍රචාරය කරමින් ලෝකේ වටේ යන එකක්. මේ නැවේ විකිනීමට තියෙන පොත් පත්, සිහිවටන ආදිය බොහොමයක් කිතු දහම ප්‍රචාරය කරන එව්වා තමයි. ඒ අතර තුරේ අනිකුත් පොත්පත් විකිනිමත් කරනවා.

      නැවට පොත් ගැනීමට එන අය අතරේ කිතු දහම ප්‍රචාරය කිරීමට පුංචි පුංචි වැඩමුළු පවා මේ නැව ඇතුලේ ක්‍රියාත්මක වනවා.

      මේ නැවේ තියෙන සිංහල පොත් සියල්ලම ක්‍රිස්තියානි දහම සම්බන්ධ එව්වා. ඉංග්‍රීසි පොත් වලිනුත් වැඩි ප්‍රමුකත්වයක් දී තිබෙන්නේ එම දහමේ කරුණු අඩංගු පොත් වලටයි.

      ප්‍රදර්ශනය නොවැම්බර් මුල් සතිය වෙනකන් තියෙනවා. සමහර දවස් වල උදේ 10 ට පටන් ගන්නවා. සමහර දවස් වල හවස 1 ට පටන් ගන්නවා. කොහොමත් හවස 7 වෙනකන් මේ ප්‍රදර්ශනය තියෙනවා.

      Delete

    3. @ Anonymous

      මොකද ක්‍රිස්තියානි ආගමට ඔච්චර බය?

      ලෝකේ වටේම බුද්ධාගම පතුරුවන්න පුළුවන් නම් ඇයි ක්‍රිස්තියානි ආගම පැතිරෙව්වම මොකද වෙන්නේ...??

      Delete
    4. @ උඩම ඇනෝ,

      එහෙම බාධාවක් නෑ. නැව බලන්න එන අයගෙන් ආගම මොකක්ද අහන්නෙ නෑ. ක්‍රිස්තියානි, කතෝලික ඕනෑම කෙනෙකුට ඕනෑම පල්ලියකට යන්නත් බාධාවක් නෑනෙ.

      //සතියේ ඉරිදා සිට අඟහරුවාදා දක්‌වා පස්‌වරු 1.00 සිට 7.00 දක්‌වාද, බදාදා සිට සෙනසුරාදා දක්‌වා පෙරවරු 10.00 සිට පස්‌වරු 7.00 දක්‌වාද මෙම විශ්ව පුස්‌තකාලය ඔබ වෙනුවෙන් විවෘතව පවතී.//

      උපුටා ගත්තෙ දිවයින පත්තරේ විස්තරෙන්. http://www.divaina.com/2015/10/28/feature01.html

      @ Mahesh Rathnayaka,
      එහෙම බාධාවක් තිබ්බා නම් මට යන්නත් බෑ. මම ක්‍රිස්තියානි නෙමෙයිනෙ.

      @පහළ ඇනෝ,
      ක්‍රිස්තියානි නිකායකට අයත් රාජ්‍ය නොවන සංවිධානයකින් මේ නැව පත්වාගෙන යන බවයි පෙනෙන්න තිබුනෙ. හැබැයි මට ආගම ප්‍රචාරය කිරීමට උත්සාහ දැරීමක් නම් පෙනුනේ නෑ. පොත් විකුණන්න තිබුනා ඇරෙන්න. හැබැයි අපේ මල්ලි ගියවෙලේ ඒවගේ පොඩි වැඩසටහනක් තිබුණා කිව්වා.

      @විභීෂණ II,
      බයටත් වඩා නුහුරු ගතියක් කියලයි මට නම් හිතෙන්නෙ. හරියට අපේ අම්මලාගේ තාත්තලාගේ වයසෙ කට්ටියට පරිගණක, දුරකතන වලට දක්වන ආකල්පය වගේ

      Delete
  5. ඕක දැනට අවුරුදු කීපෙකට කලින් ගාලු වරායට ආව නේද?
    පැද්දි පැද්දි පොත් ගන්න තිබුණ මොනව හරි පිවිච්චි කරල ගියානං. :D

    ReplyDelete
    Replies
    1. එහෙමයි. අලි වැඩේ.

      Delete
    2. @ප්‍රසන්න,
      ඔව් ඔව්. අවුරුදු ගානක ඉඳලා කාලෙන් කාලෙට යනවා එනවලු. එව්වා පාවිච්චි කරලා වාහන එලවන්න බෑනෙ. :)

      @ඇනෝ,
      අලියෙකුට වඩා ලොකුයි මේක.

      Delete
  6. හරියෝ...
    මේක ට වීකෙන්ඩ් එකෙත් යන්න පුළුවන් ද.
    කීයේ ඉඳන් කීය වෙනකන් ඇරලා තියෙනවද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද මචෝ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වීකෙන්ඩ් එකෙත් යන්න පුලුවන්. සෙනසුරාදා උදේ 10 ඉදලා හවස 7 වෙනකන්. ඉරිදා දවල් 1 ඉදලා හත වෙනකන්. හැබැයි මේකට යන අයව කතෝලික ආගමට හරවා ගන්න දඟ දානවා. විශේෂයෙන්ම කුඩා ළමයින්ව. ඔබතුමාත් බවුතිස්ම කරයි. නාලා එහෙම යන්න. ආ මතක ඇතිව රුපියල් 100 ක් අරං යන්න අඩුම ගානේ. මොකද මේ නැවට ඇතුල් වෙන්න ටිකෙට් එකක් ගන්න ඕනි. ඔබතුමා අවුරුදු 12 ට වඩා අඩු කෙනෙක් නං නොමිලේ. එහෙම නැත්තන් අවුරුදු 65 ට වඩා වැඩි කෙනෙක් නං ඒත් නොමිලේම බවුතිස්ම කරගන්න පුළුවන්.

      ටටා බායි. පරිස්සමින් ගිහිං එන්න. ජේසු පිහිටයි නැව පදවන රියදුරු දෑතට.

      Delete
    2. @ Anonymous

      උඹේ කොහෙද අමාරුව??


      Delete
    3. කොතෝළික ආගම මිනිස්සුන්ට බලෙන් උගන්වන්නෙ නෑ.. ඒ සම්බන්ද පොත් පත් කැමති කෙනෙක්ට මිල ට ගන්න පුලුවන්. කෙනෙක් යම් කිසි මුදලක් ගෙවල දෙයක් ගන්නෙ ඒ දේ තමන්ට අවශ්‍ය නම් පමණයි. නැවක් හරි ලොරියක් හරි ඇවිත් කතෝළික ආගම ගැන ලියවුන පොත් හෝ ජේසුස් වහන්සේ ගැන ලියවුන පොත් විකුණුවා කියලාවත් ඒ ගැන බ්ලොග් එකක පොස්ට් එකක් දැන්මා කියලා වත් කවුරුත් කලබල වෙන්න ඕනෙ නෑ. කලබල වෙන්න ඕනෙ තවත් කෙනෙක්ව බලෙන් වෙනත් ආගමකට හරවා ගන්නවා නම්, එහෙමත් නැත්තම් සමාජයට නුසුදුසු දේවල් ප්‍රාචරය කරනවා නම් පමණයි.

      Delete
    4. @විභීෂණ II,
      සතියේ ඉරිදා සිට අඟහරුවාදා දක්‌වා පස්‌වරු 1.00 සිට 7.00 දක්‌වාද, බදාදා සිට සෙනසුරාදා දක්‌වා පෙරවරු 10.00 සිට පස්‌වරු 7.00 දක්‌වාද මෙම විශ්ව පුස්‌තකාලය ඔබ වෙනුවෙන් විවෘතව පවතී

      @Anonymous,
      මම නම් කොතනදිවත් දැක්කෙ නෑ ළඟට ඇවිත් 'මේ ආගමට එන්න' කියලා කියනවා. මම ගියා. පොත් බැලුවා. අයිස්ක්‍රීම් කෑවා. ආවා. මලා.. ඒ ආගමට හරවන මොනවාහරි අයිස්ක්‍රීම්වලට දාලා තිබ්බද දන්නෙ නෑ.

      @නිදහසේ නවාතැන,
      මට මතක් උනේ අපේ ගෙවල් කිට්ටුවට ඔය වගේ ආගමකට අයිති කට්ටිය ඇවිත් නත්තල් සංගීත ප්‍රසංගයක් පවත්වපු හැටි. ඔක්කොම ලෑස්ති කරාට පස්සෙ ගමේ හිටපු කසිප්පුකාරයෙක් බීගෙන ඇවිත් 'මේ බුද්ධාගමේ පැත්තක් මේවා කරන්න දෙන්න බෑ' කියලා දඟලන්න ගත්තා එතන. ඒ මිනිස්සු නවත්තලා ගියා. මිනිස්සු ආගමකින් තවත් ආගමකට මාරුවෙන්නෙ ඒ මිනිස්සුන්ට අවශ්‍යය දෙයක් දැන් ආගමෙන් නොලැබී අනික් ආගමෙන් ලැබෙන නිසා. එහෙම බැලුවොත් දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ බුදුදහම වැළඳගත්තු එකත් වැරදි වෙන්න ඕනනෙ.

      Delete
  7. ගරුතර සංගරත්නයෙන් අවසරයි, මා මෙතනට පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි.

    පාවෙන පොත් නැවකඅඅ නැගලා
    රටකින් රටකට යනවනේ ඔහෙලා
    කුරුමිට්ටෝ..

    ජේසුගේ ආගම කියලා දීලා
    දෙවියන් කෙරෙහි බය ඇති කරලා
    ලෝකය යහපත් කරනවනේ
    කුරුමිට්ටෝ.

    අසා සිටි ඔබ සැමට ස්තුතියි.

    බ්ලොග් එක අයිතිකාර මහත්තයා නං මහ උතුම් මුනිවරයෙක්. මතු බුදු වන බෝධිසත්ව උත්තමයෙක්. එතුමාට අපිත් බුදු බව පාර්ථනා කරමු.

    සාදු කාරයක් දෙන්න පින්වතුනි.


    සාදු සාදු සා..

    ReplyDelete
    Replies
    1. මේ Anonymous ක්‍රිස්තියානි ධර්මය පිළිබඳව භීතිකාවකින් පෙලෙන බසා වෙල්ලෙකි.

      Delete
    2. ඇනෝ සහෝදරයා කොතෝලික ධර්මය ගැන හරි අවබෝධයක් නැතිව කතා කරන බව තමයි පෙනෙන්නෙ.

      ඉතිහාසයේ මේතරම් කාළෙකෙට ජීවතුන් අතර ඉන්න කෙනෙක්ව මුනිවරයෙකු විදියට නම් කරල නෑ. සාන්තුවරයට කෙනෙක්ව ඔසවන්නෙ ජීවත් ව සිටිය කාළයේදී දෙවි පියාණන් වහන්සේ ගෙ ආදරය තුළ වැය වෙමින් මිනිසුන් වෙනුවෙන් කරපු යහපත් දේවල් සැලකිල්ලට ගනිමින්.

      දෙයක් විවේචනය කරන්න කලින් ඒ පිළිබද හරි අවබෝධයක් තියෙන එක වැදගත්. ඒ නිසා කමෙන්ට් කරන්න කලින් හරී අයියගෙ අනිත් පෝස්ට් දෙක තුනක් කියෙව්වොත් කතෝළික ආගම ගැන පුන්චි අවබෝධයක් ලබා ගන්න පුලුවන් වේවි.

      ඔබට ජේසු පිහිටයි!

      Delete
    3. @ Anonymous,
      1. ඔබ බෞද්ධයෙක් නම් ඔබ නිගරු කරගන්නේ ඔබේ දහමටමයි.

      2. මට කාවවත් මේ නැව බලන්න යවන්නවත් මගේ ආගමට හරවගන්නවත් උවමනාවක් නෑ. මේ බ්ලොග් එක කියවන්න එන බොහෝදෙනෙක් ඒක දන්නවා.

      Delete
    4. ඔතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්ණයක්. අපි මෙරට දෙමළුන් සැලකුවොත් තමිල්නාඩු ඇදහිලි අනුගමනය කරන දෙමළු සාමයට කැමතියි. ක්‍රිස්තියානි දෙමළු ඊටත් වඩා සාමයට කැමතියි. ඒ නිසා තමිල්නාඩු ඇදහිලි අනුගමනය කරන දෙමළු අකමැත්තෙන් හෝ ක්‍රිස්තියානි දෙමළු සමඟ සාමයෙන් සිටිනවා. නමුත් සිංහල සමාජය ඊට වෙනස් සිංහල බෞද්ධයා යුද්ධයට කැමතියි සිංහල ක්‍රිස්තියානි කාරයා සාමයට කැමතියි. ඒ නිසා අපිට ක්‍රිස්තියානි කාරයා කියන්නේ පර බල්ලෙක්. කෙසේ වෙතත් ඔබලා දේශපාලන වශයෙන් අප සමඟ එක් වෙනවා නම් අපිටත් දෙමළුන්ට වගේ අකමැත්තෙන් හෝ ක්‍රිස්තියානින් ඉවසන්න වෙනා.

      Delete
    5. මට හිතෙන්නේ මේ ජගත් පතිරණ කියන්නේ සිංහල බෞද්ධයා‍ෙ අපහාස කිරීමට තනාගත් බොරු කොඩි (False Flag ) ගිනුමක් විය යුතුයි

      Delete
    6. @Lakshan

      එකඟ වෙනවා.දන්න තරමින් බුදුන් වහන්සේ සාමය අගයන කෙනෙක්. එහෙම නොවෙන්න වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලා දේශනා කරන්නෙ නෑ නෙ නේද? අනික බුදුන් වහන්සේ කියල නෑ කොහෙදිවත් අන්ය ජාතිකය්ව හෙලා දකින්න කියලා. ඉතින් එහෙම තියෙද්දි සිංහල බෞද්ධයෙක් තවත් ආගමිකයෙකුට පර බල්ලෙක් කියනව නම් එතන ප්‍රශ්නයක් තියෙනව නේ.. දැනුවත් තරමින් බුදුන් වහන්සේ ආවේගයෙන් කතා කරල නෑ.

      Delete
    7. @නිදහස්

      ඇත්තෙන්ම ‍මම බෞද්ධයෙක් නොවේ - එහෙත් බුදු දහම ගැන මා කියවා ඇති දේවල හැටියට බුදුන්වහන්සේ කිසිම දිනක අනෙක් ආගම්වලට ගරහා නැහැ - මහාවීරයන්ගේ ප්‍රධාන ගෝලයෙක් වන උපාලි ගෘහපතියා වරක් බුදුන්වහන්සේ ගෙන් යම් යම් ප්‍රශ්න විචාරා ඇත්තේ උන්වහන්සේ‍ව අමාරුවේ දමන්නට සිතාගෙනයි. එහෙත් ඒ ප්‍රශ්න සියල්ලටම බුදුන් වහන්සේ සතුටුදායක පිළිතුරු දුන් පසු මවිතයට පත් උපාලි ගෘහපතියා තමනුත් බුදුන්ගේ අනුගාමිකයෙක් වෙන්න ඉල්ලා සිටියා. එවිට බුදුන් උපාලිට පවසා ඇත්තේ දිගටම තම කලින් ආගමේ ශාස්තෲවරුන්ට ගරු කරන්න කියලයි (What the Buddha Taught - 4වැනි පිටුව) ඉතින් එවැනි ශ්‍රේෂඨ පුරුෂයෙකු දේශනා කරපු ධර්මය අනුගමනය කරන පුද්ග‍ලයෙක් අර ඉහත ජගත් පතිරණ වගේ පහත් හැසිරීමක් පෙනවීමේ කිසිම ඉඩක් නෑ

      Delete
    8. මම සාමය කිව්වේ ලංකාවේ මෑත ඉතිහාසයේ දේශපාලන තත්වයන්ට අදාලව තත්වයට අදාලව යම් උපහාසයකිනුත් යුතුව. නැතුව ක්‍රිස්තු පූර්ව 6වන සියවස ගැනවත් සාමය කියන වචනයෙන් පොදුවේ හැඳින්වෙනදෙයගැනවත් නෙමෙයි. ලංකාවේ දෙමල ජාතිවාදය සම්බන්ධකාරනයේදී සිංහල කතෝලික ක්‍රිස්තියානි කණ්ඩායම් නියෝජනය කරන්නේ සිංහල බෞද්ධ මතයට ප්‍රතිවිරුද්ධ මතයක්. නමුත් දෙමල සමාජය තුල හින්දු සහ ක්‍රිස්තියානි පිරිස් එකම පැත්තක සිටිනවා. එම නිසාම හින්දු දෙමලාට ක්‍රිස්තියානි දෙමලාව ඉවසන්න වෙනවා. නමුත් සිංහල බෞද්ධයාට සිංහල කිතුනුවා සමඟ එසේ සමාදානයක් අවශ්‍ය නැහැ. සිංහල බෞද්ධයන් සමහර දෙනා කිතු දහමට අපහාස කරන්නට පෙළඹෙන මූලික හේතුව මෙම දේශපාලන සාධකයයි.

      Delete
  8. මටත් මේ පොත් නැව ගැන දැනගන්න හම්බෙන්නෙ හැම අවුරුද්දෙම ඉවර වෙන්න ඔන්න මෙන්න තිබිලා. ඒ නිසා යන්න ලැබුනෙම නෑ. මේ පාර නම් හරී අයිය කලින්ම දැනුවත් කරපු නිසා යන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

    ඇත්තටම මේකට ගිහින් බලන්න හරිම ආසයි.

    ReplyDelete
    Replies
    1. මටත් හැමදාම අරංචි වෙන්නෙ ගොඩක් පහුවෙලා. ඒත් 'පොත් කියවන අය' එකමුතුව හින්දා කලින්ම දැනගත්තා.

      ගිහින් එන්නකො.

      Delete
  9. මේ පොත් නැව මෑත කාලයේ කිහිප වරක්ම ලංකාවට අවා.මෙහි කාර්ය මණඩලයේ සිටින්නේ ස්වෙච්චාවෙන් සේවය කරන විවිධ රටවල් වල ඉන්න විවිධ ජාතිකයින්.ඒ ගැන විමසීමක් කෙරුවොත් ඔබටත් පුළුවන් වේවි ඔවුන් සමගින් එකතු වෙන්න.

    ReplyDelete
    Replies
    1. හෑ.. මං??? ඒ මොකටද?

      Delete
  10. මේ පොත් නැව ගැන කලින්ම මටත් ආරංචි වුනා - තදබදය ගැන ලැබුනු ආරංචියකුත් ඒ දිනවල තිබුන වර්ෂාපතන තත්ත්වයත් නිසා නිවාඩු දවස ඒ සඳහා වැය කරන්න සිත්වූයේ නැහැ.

    කොහොමත් මේ නැව වසර ගණනක සිටම වරින් වර ලංකාවට පැමිණෙන බව නම් මතකයි

    ReplyDelete
  11. budu hamuduruwoo samayata kamathi unath king ashoka ehema nowei.. apita budu dahama dunne king ashoka kaduwa dik karala.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...