4.25.2017

අගමුල නැති වැල් (Cuscuta)

මේ සිදුවීම සිදුවූයේ දහය වසරේදී කියලා තමයි මතක. කොහොමහරි එදා විද්‍යාවට තිබ්බ පාඩම තමයි පරපෝෂිත ශාක.

හොස්ස ළඟින් මැස්සා ගියත් කේන්ති යන අපේ විද්‍යාව ගුරුතුමා එදත් පන්තියට ආවේය. ගුරු ආචාරයෙන් පසු පාඩම ආරම්භ විය.

පාඩම කැරකී කැරකී ගොස් අගමුල නැති වැල් ගැන කතාකරන්න ආවේය. විස්තරය අවසානයේ "අග මුල නැති වැල් නම් මේ එහා පැත්තෙ වැට මායිමෙත් ඇති. අපිට ඕනෙනම් ගෙන්නල්ලම බලන්න පුළුවන්" ගුරුතුමාම යෝජනා කළේය.

"කවුරුහරි ගිහින් එහෙනම් වැලක් අරන් එනවද? විස්තරේ කියෙව්වාම අඳුරගන්න පුළුවන්නෙ" 

"ඔය ළමයා ගිහින් අරන් එන්න" ගුරුතුමා සමීරට ඇඟිල්ල දිගු කළේය. මොහොතින් සමීර අගමුල නැති වැල් සොයා පාසල පිටුපස ට ගියේය.

ගුරුතුමා ළමයින් සඟ ඉතිරිය සාකච්ඡා කරගෙන ගියේය. මොහොතකින් සමීර පන්තියේ අනික් පැත්තේ ජනේලෙ එල්ලෙමින් හති දාන්නට විය.

"හොයාගත්තද?"

"ඔව්.. සර් ....  ඔව්.. මේක නේද?" ඔහු ජයග්‍රාහීව තම අත පෑවේය.

"මේ මොනාද මනුස්සයෝ මේ කුප්පමේනියානෙ" ගුරුතුමාගේ කටින් පිටවෙනවාත් සමඟ පන්තිය එකම හූ හඬකින් ගිගුම් දුන්නේය.

ඊළඟට සිදුවූයේ සමීර පන්තිය ඇතුළට යාමත් සෙස්සෝ පන්තියෙන් එළියට යාමත්ය. අගමුල නැති වැල් පාඩම අවසාන වූයේ විදුහල්පතිතුමාගෙන් ගුටිය ගානේ ලැබීමෙනි.
 

15 comments:

  1. හැබෑට මං අගමුල නැති වැල් අඳුනන්නෙත් නෑ කුප්පමේනියා අඳුනන්නෙත් නෑ..

    ReplyDelete
  2. විදුහල්පතිතුමා දන්නවද දන්නෑ අගමුල නැති වැල ගැන.

    ReplyDelete
  3. මම සමීර වුනා නම් පීරියඩ් එක ඉවර වෙනකම් එන්නේ නැහැ.අග මුල නැති වැලේ "අග මුල" හොයා ගන්න එපැයි පන්තියට ගේන්නත්,

    ReplyDelete
  4. යකෝ ඉස්සර අපිට ඔහොම එක එක එව්වා හොයාගෙන එන්න අසාවට කියන්නේ නෑ...

    ReplyDelete
  5. හරී ගේ පුනරාගමනය ගැන මගේ බලවත් සන්තෝෂය

    ReplyDelete
  6. Haree, nadda aluthen post 1k ehema????

    ReplyDelete
  7. Haree, nadda aluthen post 1k ehema????

    ReplyDelete
  8. අපේ පන්තියේද ඔවැනි පණ්ඩිත බුවන් සිටියේ. අපේ විද්‍යා ගුරුවරිය අපට වඩා කෙමිකල් වලට බයය. ඒ නිසා අපිව විද්‍යාගාරයට ගෙනියන්නේ දේවාලයට ගෙනියනවා වැනි ආකාරයටය. අවසක් අපේ පණ්ඩිතරත්න කෙනෙක් ගෙන්දගම් ලෙව කා තිබුණි එදින අපේ විද්‍යා පාඩම එතනින්න් නිමා විය.

    ReplyDelete
  9. හරී ඇක්සිඩන්ට් වෙලා නැති වෙලා මාස 6ක් වගේ නෙ

    ReplyDelete
  10. හ්ම්ම්ම්..................

    ReplyDelete
  11. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
    http://ahasgawwenehalokaya.blogspot.com

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...