3.03.2011

බ්ලොග් ලියන කියවන හැමෝම කියවන්න....

මේක මට ආපු ප්‍රශ්නයකට මම හිතපු විසඳුමක්. කොච්චර දුරට සාර්ථකද දන්නේ නෑ. ඔයාලාගේ අදහස කියන්නකො. ඊට පස්සෙ බලමු කොච්චර සාර්ථකද කියලා. මට ආපු ප්‍රශ්නෙ මේකයි සිංහල බ්ලොග් එකක post එකක් search කරන්නෙ කොහොමද? මම කීපදෙනෙක්ගෙන් ඇහුවා ඕකට උත්තරයක් ලැබුනෙ නෑ. ඊට පස්සේ මම හිතපු දෙයක් තමයි මේ දාන්නේ.

උදාහරණයක් විදිහට හිතමුකො FaceBook Like Button එක මගෙ බ්ලොග් එකට දාගන්න ඕනා. ඉතින් මම කොහොමද search කරන්නෙ. මට පුලුවන් "How to add like button to blogger " කියලා search  කරන්න.හිතන්නකො මම English දන්නේ නෑ එහෙම නැත්නම් මම කැමති සිංහල ලිපියකට. එතකොට මට කරන්න තියෙන එකම විදිහ තමා unicode වලින් search කරන එක. ඔයාලට කොහොමද දන්නෙ නෑ මට නම් ඒක මල කරදරයක් අනික මම කවදාවත් unicode වලින් search කරලා නෑ. අනික කවුරුත් සාමාන්‍යයෙන් එහෙම කරනවා කියලා මම අහලත් නෑ.



උඩ රූපෙ බැලුවම පේනවනෙ අපිට ඕන දේ වෙන්නේ නෑ කියලා. අනිත් ප්‍රශ්නය තමයි English වලින් කියන දෙයක් සිංහලෙන් විවිධ විදිහට ලියා තිබීම. උදාහරණයකට ගත්තොත් "How to add like button to blogger "කියන එක
  • Facebook like button දාගන්නේ කොහොමද?
  • මූනුපොතේ කැමති බොත්තම..
  • පේස්බුක් ලයික් බොත්තම දාගනිමු
  • මූනුපොතේ කැමැත්ත
ආදී මෙකී නොකී ඕන විදිහකට දාන්න පුලුවන්නෙ. ඉතින් post එක කාටවත් පස්සෙ search කරලා ගන්න බැරිවෙනවා. අපි කොහොමද දාලා තියෙන title එක දන්නේ.

මම හිතපු විසඳුම තමයි අපේ පොස්ට් එකේ title එකට පිටිපස්සෙන් ඒක Engilsh වලින් දාන එක.

උදා: මූනුපොතේ කැමති බොත්තම..(How to add like button to blogger )

ඕක එච්චර සාර්ථක වෙන එකකුත් නෑ. මොකද ඔය එක title තියෙන English බ්ලොග් තිබුනොත් ඒවා කලින් එයි. අනික අපිට blog එකට යන්නේ නැතුව හිතාගන්න බෑනෙ මේක Englishද සිංහලද කියලා.
ඒකට මම හිතුවා මෙහෙම වැඩක් කරන්න. අපේ title එකට පිටිපස්සෙන් අපි දානවා ~sinhala~ කියලා.

උදා: මූනුපොතේ කැමති බොත්තම..(How to add like button to blogger ~sinhala~ )

ටිල්ඩේ කී එක (~)  යොදාගන්න තීරණය කලේ ඒක වැඩිපුර යෙදෙන්නේ නැති නිසා. එතකොට ලේසීනෙ වෙන්කරලා හඳුනා ගන්න. මම හිතන්නෙ technical බ්ලොග් ලියන අය මේ විදිහට යොදාගත්තොත් හොඳයි මොකද ඒ බ්ලොග් නෙ උවමනාවෙන්ම search කරන්න වෙන්නේ.

ඊටපස්සෙ වැඩේ තියෙන්නෙ search කරන  අයට. ඒ ගොල්ලන්ට තියෙන්නේ තමන් හොයන්න කැමති දේ type කරලා පිටිපස්සෙන් ~sinhala~ කියලා type කරන්න, ඕනා සිංහල post එකක් නම්.


මම හිතන්නෙ එතකොට සිංහල බ්ලොග් විතරක් search වෙලා ඒවි. අනික ~sinhala~ තියෙනවා කියලා search result වල පෙන්නනකොට අපි දන්නවානෙ මේක සිංහල post එකක් කියලා. ඊට පස්සේ අපිට ඒ පිටුවට යන්න පුලුවන්.

මේ ගැන ඔයාලා හැමෝගෙම අදහස කියන්නකො. ඊට පස්සෙ අපි බලමු මේක අපිට කොච්චර සුදුසුද කියලා. සුදුසුනම් පාවිච්චි කරමු. එතකොට අපිට පුලුවන්නෙ ලේසියෙන්ම ඕන දෙයක් අපේ භාෂාවෙන්ම කියවන්න.

ඔයා බ්ලොග් කියවන හෝ ලියන කෙනෙක් නම් මතක ඇතුව ඔයාගේ ප්‍රතිචාරය තියලා යන්න. අනිත් අයටත් කියවන්න සලස්වන්න.

ඔයාලා දන්න මීට වඩා හොඳ ක්‍රම තියෙනවනම් කියන්න. එතකොට අඩුම ගානෙ මටවත් ඒක දැනගත්තැකි.

-හරී-


9 comments:

  1. ඕනම කෙනෙකුට අපේ බ්ලොග‍ය ගුගල් සර්ච් එකෙදි පහසුවෙන් හොයා ගන්න පුලුවන් විදියේ Meta keywood Tag ඔයාගේ බ්ලොගර් තේමාවට එකතු කලානම් ගොඩක් ලේසි. මම එහෙම කරනවා.

    ReplyDelete
  2. ක්‍රියාත්මක කරනවනම් හොඳ අදහසක්...
    @Anusha,
    ඉස්සරනම් ඒ විදිහ හරිගියා, හැබැයි දැන් නම් ගොඩක් Search Engine META TAG වලට දෙන තැනනම් ගොඩක් පහල මට්ටමක තියෙන්නෙ. META DESCRIPTION එකනම් සුළු වශයෙන් පාවිච්චි වෙනව.

    ReplyDelete
  3. @ Anusha :ප්‍රතිචාර දැක්වීම ගැන ස්තුතියි....ඒත් අපේ බ්ලොග් එක සිංහලද කියලා දැන ගන්න පුලුවන්ද එහෙම කලාම...?

    @ Saranga Rathnayake : පොඩි පොඩි දේවල් කියලා අපිට ලොකු දැනුමක් දෙන සාරංග අයියා... ප්‍රතිචාරයක් දක්වීම ගැන ස්තුතියි... ඔයාගෙ comment වලිනුත් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා.

    ReplyDelete
  4. කථාවට එකඟයි සහෝ. මටත් තියෙන ප්‍රශ්ණය සිංහල ලිපියක් සර්ච් කරන්න බැරි එක තමයි. අපිට බැරිද එකතුවෙලා හොඳ සුද්ධ සිංහල සෙවුම් යන්ත්‍රයක් හදන්න ? අපි සින්ඩි වලට පොස්ට් යවනවා වගේ ඒ ගැජට් කෑල්ලටත් ෆෝවඩ් පාරක් දාන්න පුළුවන්. එතකොට සිංහල අඩිවි සියල්ලම එක තැනක නේද ?

    http://chathucn.blogspot.com/

    ReplyDelete
  5. @ චතුරංග පෙරේරා:ඒකත් හොඳ අදහසක් තමයි....අපි මොනාහරි කරන්න බලමුකො....

    ස්තුතියි ප්‍රතිචාරයට.......

    මේක බලන කට්ටිය ඔක්කොම තම තමන්ගෙ අදහස කිව්වනම් තමා හොඳ......

    ReplyDelete
  6. මමනම් සිංහලෙන් සර්ච් කරනව. ගොඩක් වෙලාවට අවශ්‍ය දෙයක් ගැන තොරතුරක් හරි ලබාගන්න පුඵවන්.

    ReplyDelete
  7. @ `` Outsider```:මම නම් නොකරනම වැඩක් මොකද unicode වලින් type කරන්නත් ඕනනෙ...
    ස්තුතියි ප්‍රතිචාරයට......

    ReplyDelete
  8. කලින් කියපු එක ගැන හිතලා පෝස්ට් එකක් කලා. බලන්නකෝ ඇවිත්.
    http://chathucn.blogspot.com/2011/06/sse-sinhala-search-engine.html

    ReplyDelete
  9. @චතුරංග පෙරේරා | chathuranga Perera :ඔන්න බැලුවා එහෙනම්......

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...