1.20.2012

මේකට විසඳුමක් නැද්ද?

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුමක් දන්න කෙනෙක් බ්ලොග් අවකාසෙ ඇතියි කියලා හිතාගෙන තමයි මේක ලියන්නෙ. මම අද ලියන්න හිතාගෙන වාඩි වුනේ මේක නෙමෙයි. නමුත් මම කියන්න යන ප්‍රශ්නය නිසා ඇතිවුනු පීඩාව තමයි මේක ලියන්න මාව තල්ලු කරේ.

ප්‍රශ්නය මේකයි. අපේ ගෙදරට අල්ලපු ගෙදර මිනිස්සු හැමදාම කුණු ගිනි තියනවා. ගෙදරක එදිනෙදා එකතු වෙන කුණු ගිනිතැබීම ප්‍රශ්නයක් නොවුනත් කුණු කියලා ගිනි තියන්නෙ රබර් (පරණ සෙරෙප්පු), පොලිතින්, රෙදි ආදී දේයි. ඉතින් පලාතම ගඳ ගහනවා ඉන්න බෑ. ඒ මදිවට ඔලුව කැක්කුම. ඒ මිනිස්සුන්ගේ වත්තේ කොච්චර ඉඩ තිබ්බත් කුණු ගෙනත් පුච්චන්නේ වැට මායිමේ. ඒකත් හරියටම අපේ ගෙයි ජනෙල් තියන තැනට වෙන්න. එතකොට ගිනි තියෙනකොට එන දුම් ඔක්කොම අපේ ගේ ඇතුලේ. හුස්ම ගන්නත් බැරි තරමට අමාරුයි. දැනුත් මගේ ඔලුව රිදෙනවා.

අපේ අම්මට දුම් ඉවසන්න බෑ. ඒක නිසා විශේෂයෙන් කතා කරලා කිව්වා දුම් ගස්සන්න එපා කියලා ඒත් අහන්නේ නෑ. ගෑණු කෙනාට කිව්වම කියන්නෙ අපේ මිනිහා කරන වැඩ මට නවත්තන්න බෑ කියලා. මිනිහට කිව්වම කියන්නේ අපේ ගෑණි කරන වැඩ නවත්තන්න බෑ කියලා. මොනවා නැතත් දෙන්නා මාරුවෙන් මාරුවට ගිනි තියනවා. අපි විඳවනවා. අපිට තියෙන ප්‍රශ්නෙ දවස ගානෙ ගිනිතියන්න තරම් කුණු කොහෙන්ද කියන එක. බැරිම තැන ඒ ගොල්ලන්ගේ නෑයන්ටත් කිව්වා ඒත් වැඩේ නවතින්නේ නෑ.

මම නම් අම්මට කිව්වෙ අපි පොලීසි යමු කියලා. දැන් නම් පැහැදිලි කරලා බේරුමක් කරගන්න පුලුවන් තත්වය පැනලා ඉන්නේ.

මේකට ඔයාලා හිතන විදිහට සුදුසුම විසඳුම මොකක්ද? ඔයාලාට පුලුවන් උදව්වක් තියෙනවානම් කරන්න. ස්තුතියි!

මම නවතින්නම්. ලියන්න ගිය ලිපිය හෙට දාන්නම්.

37 comments:

  1. විශේෂ හිතවත් කමක් නැතිනම් : පොලීසියට ගිහින් කියන්න.
    .
    විශේෂ හිතවත් කමක් ඇතිනම් : හොඳ දෙකක් කියන්න ආයි ගිණි නොතියන්න..,

    ReplyDelete
    Replies
    1. පොලීසියට කියන්න තමයි සහෝ..
      ඉතිරි වෙලා තියෙන්නෙ..හොඳින් කියලා බැරිතැන දෙතුන් දවසක් බැන්නත් එක්ක..ඒත් ඉතින් බීරි අලින්ට වීණා වයනවා වගෙයි..
      කොච්චර මෝඩ මිනිස්සුද කියනවානම් තමුන්ගේ දරුවව ඉස්කෝලෙ යවන්නෙත් නෑ..

      Delete
  2. 119 call කරල කියන්න.

    ReplyDelete
    Replies
    1. 119ට ඔය වගේ එව්වත් කියන්න පුලුවන්ද? .. මම දැනගෙන හිටියෙ නෑනෙ..
      ස්තුතියි සහෝ!.

      Delete
  3. අනේ මන්ද ඉතින් මොනා කියන්නද කියල නම් මට තේරෙන්නෙ නෑ. හැබැයි පොලිතින් පුච්චද්දි එන දුමේ විෂක් තියෙනවලු. ඒක පිරිමි ළමයින්ට පසුවට බලපානවා කියල අපිට උගන්නපු සර් කෙනෙක් කිව්වා...

    ReplyDelete
    Replies
    1. ඔය මිනිස්සු කොච්චර කිව්වත් පිලිගන්නැති මිනිස්සු..දැන් නීති මඟින් මොනාහරි කරන්න ඕනා..

      Delete
  4. කපීකේකි1/20/12, 6:53 PM

    කුණු ප්‍රශ්ණයක් නිසා රන්ඩු සරුවල් ඇති කරගන්න එපා.කියන්නකො එයාලට ඇත්තම ප්‍රශ්නේ.අම්මට ඒ දුම අමාරුයි කියල.

    ReplyDelete
  5. ඒක කිව්වට පස්සේ තමයි කපිකේකි වැඩේ දරුණු උනේ..
    කාටවත් කරදරයක් නැතිව පාඩුවෙ හිටියත් ඉන්න බෑනෙ සමහර මිනිස්සු එක්ක..

    ReplyDelete
  6. ඒ වත්තට හරවන්න ඔයාලගෙ ඉඳුල් කුණු වතුර යන කාණුවක්.

    ReplyDelete
    Replies
    1. ඒත් ගාණක් වෙයිද මන්දා? කලින් වෙන මිනිස්සු වගයක් ඔය වැඩේ කරලා තිබ්බා..
      අපේ පැත්තෙ ඉන්න දේශපාලන හෙංචයියෙක් ඒ වත්තට බලෙන් කාණුවක් ඇරලා තිබ්බා..ඒත් මේ යක්කු ගාණක් නැතිව හිටියනෙ..ඒකෙ පරිප්පුව සෙට් වුනෙත් අපිට.. මදුරුවෝ බෝවෙලා කෑවෙ අපිව..කොහොමහරි වත්හුර එවපු මිනිහා ප්‍රාදේශීය සභාවට කියලා කාණුවක් බැඳගෙන වතුර යවපු නිසා ඒ කරදරයෙන් නම් බේරුනා..

      Delete
  7. උඹලෑ පැත්තේ සෞඛ්‍ය පරීක්ෂක​ට හරි, ග්‍රාමසේවකට හරි පැමිණිලි කරපන්...

    ReplyDelete
    Replies
    1. පහළ Kanishka | කණියා ත් ඕකම කියලා තියෙන එකේ මම හිතුවෙ PHI, ග්‍රානමනිලධාරි පොලීසිය ඔක්කොටම ලිඛිතව පැමිණිල්ලක් කරන්න...

      Delete
  8. මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාට පැමිනිලි කරන්න.

    ReplyDelete
    Replies
    1. මම එහෙම කරලා බලන්නම් සහෝ!..නිකම් ඉඳලා බෑ වගේ..

      Delete
  9. සාමාන්්ය ගෙයක් නන් හැමදාම ඔය රබර් තියෙන කුණු කොහෙන්ද ? සමහරවිට උඹලව අපහසුතාවයට පත්කරන්න හිතාමතා කරනවද දන්නෑ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් එහෙම තමයි.. අදත් ගිනිතිබ්බනෙ

      Delete
  10. සමහර මිනිස්සු අනිත් කෙනා අකමැති බව දැනගත්තට පස්සේ යලි යළිත් ඒකම කරනවා
    මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාට හෝ පොලිසියට පැමිණිල්ලක් දාන්න
    නිකම් බලාගෙන ඉන්න එපා

    ළමයව ඉස්කෝලෙ යවන්නේ නැති එකට පැමිණිල්ලක් දාන එක කුණු පුච්චන වැඩේටත් වැඩිය වැදගත්...
    නැත්නම් ඒ ළමයගේ ජිවිතේ කාලකන්ණි වෙනවා
    ඒකනම් 119 කතා කරලා කිව්වත් ඇති.
    ළමා හා කාන්තා කාර්යාංශයේ අංකය දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මම කතා කරන්න ගියෙ පොලීසියට ඒත් අම්මා කියනවනෙ නැති ප්‍රශ්න දාගන්න එපා කියලා..

      ළමයගෙ ප්‍රශ්නෙට නම් දෙතුන් පාරක් පොලීසිය ආවා..මම හිතන්නෙ ළමයින්ගේ අම්මා පැමිණිලි කරලද කොහෙද? (ඒ ගෙදර ළමයාව හදාගන්නවා මිසක් ඇත්ත දෙමව්පියො නෙමෙයි) ළමයා ඉපදිලත් තියෙන්නෙ රේප් කේස් එකකින්ද කොහෙද? එව්වා ඉතින් මේ ප්‍රශ්නෙට අදාළ නෑනෙ..

      බලමු මොනාහරි කරන්න..

      Delete
  11. 119 කෝල් කරන්න. අපේ ගෙවල් පැත්තෙ සද්දෙට සෙටප් එක දාගෙන හිටපු ගෙදරකටත් පොලීසියෙන් ආවා 119 කවුරු හරි කතා කරලා.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ ඒක තමයි කරන්න ඉන්නේ..වඳින්න වඳින්න ගහන් එකත් මෝඩයා ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා කියලා කතාවක් තියනවනෙ...

      කොහොමත් ටික කාලෙකින් මේ පැත්ත අතඇරලා යනවා..ගමට හරි එහෙම නැත්නම් මිනිස්සු ළඟපාත නැති පැත්තකට..මේ පැති ආයෙ කල්පයකටවත් කහැදෙන එකක් නෑ..

      Delete
  12. හොඳින් කිව්වට අහන්නැත්නම් ඉතින් නරකින් තමා කියන්ඩ වෙන්නේ.. පොලීසියට කිව්වත් වැඩක් වෙයිද මන්දා.. පොලීසි ගිහින් ඇවිල්ලත් ඒ දේම නැවතත් කරන්ඩ පුළුවන්..

    පේන හැටියට මේලෝ වැඩකට නැති නූගත් මිනිස්සු ටිකක් වගේ..බැරිවෙයිද චාටුවෙන්, මුරුංගා අත්තේ යැවීමෙන්.. මුකුත් කරගන්ඩ..

    ReplyDelete
    Replies
    1. වටේම ඉන්නේ ඔය වගේ මිනිස්සු බන්..තව කාලෙකට ඕවා හැදෙන්නේ නෑ..
      අඩුම ගානෙ ඒ මිනිස්සුන්ගේ දරුවෝවත් ඉගෙන ගන්නවානම් ඉවසන්න තිබුනා කාලෙකින් හැදෙයිනෙ කියලා..

      දැනට හොඳින් නරකින් දෙකෙන්ම කියලා තියෙන්නෙ..

      Delete
  13. ape gedarath oya prashne tiyenawa.mama ammata kiuwa gora wahagnna kiyala.wena monawa karannada.

    ReplyDelete
    Replies
    1. වඳින්න වඳින්න ගහන් එකත් මෝඩයා ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා කියලා කතාවක් තියනවනෙ...
      ඒක නිසා මොනාහරි කරන්න..

      Delete
  14. උබලත් ලොකු ටයර් එකක් හොයන් වැට අද්දරට වෙන්ඩ ගිනි තීයලා අහන්න දැන් කොහොමද දැනෙන්නේ කියලා.
    උන්ට තේරුනොත් වැඩේ නවත්තලා දායි. එහෙම නැවතුනෙත් නැත්නම් පොලිසි යන්න !!!

    ReplyDelete
    Replies
    1. ඒකෙන් පලක් වෙන්නේ නෑ බන්..

      අපේ වැටේ ඉඳලා ගෙට අඩි20ක්වත් නෑ..

      උන්ගේ ගෙට සෑහෙන දුරයි..උන්ගෙ කුණුගොඩේ දුම් වලට අවුලක් නැතුව ඉන්න වුන්..අපි ගිනිතිබ්බොත් අවුලක් ගන්නෙත් නෑ බන්...

      ඔක්කොටම වඩා පොලිතින් පුච්චන එකයි අමාරු බන්..ඔලුව රිදෙනවා..

      Delete
  15. හරී. මුලින්ම කියන්නම් ඔයවගෙ කාලකන්නි අසල්වැසියො වශයෙන් ඉන්නෙ හරීලට විතරක් නෙවෙයි. මේ අපිටත් එහෙමයි. පුදුම වැඩ කරන්නෙ. අපි ලංකාවෙ ඉන්නෙ මාස දෙකකටත් අඩු කාලයක් නිසා ඉවසගෙන ඉන්නවා.
    අනික 119 ට කෝල් එකක් දෙන එකත් හරි, නැත්නම් PHI ට, පරිසර පොලීසියට, ග්‍රාමසේවකට කියලා බලන්න පුලුවන්. දූශිතයො නෙවෙයි නම් හරියන්න ඉඩ තියෙනවා.
    ඔය කොයි එකක් වත් හරියන්නෙ නැත්නම් හයි කරන්න exhaust fan දෙකක් විතර ජනේලෙ ග්‍රිල් එක වහලා.
    මමත් ඇලර්ජික් දුමට. මම ඒ වෙලාවට අර කඩේ තියෙන Oxypura මාස්ක් එකක් දාගෙන ඉන්නෙ.

    වැඩේට ඉක්මනින් විසඳුමක් ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම කොහෙත් එකයි වගේ..

      මම නම් ඊයෙ 119ට කෝල් එකක් දෙන්නමයි ගියේ..අපේ අම්මා හිතන්නේ පැමිනිලි කරන එකත් හරි නැති වැඩක් විදිහට..

      අද ගිනිතිබ්බොත් නම් හෝස් එකක් අරන් ගිහින් නිවන්නයි ඉන්නෙ..

      ෆෑන් වැඩෙත් නරකම නෑ..

      Delete
    2. හරී, කොච්චර කේන්ති ගියත් රන්ඩුවකින් ගුටිබැට හුවමාරුවකින් කෙලවර වන තත්වයකට යන්න එපා. එතකොට නොසිතූ කරදර වලට මූණ දෙන්න වෙනවා. උන් සත්තු වුනාට කමක් නෑ ඔයාලා මහත්තුරු වගේ වැඩ කරන්න.

      henryblogwalker the Dude

      Delete
    3. ඒක ඇත්ත සහෝ..පුලුවන් තරම් ගොඩින් බේරගන්න තමයි බලන්නෙ..

      Delete
  16. අන්න හරි වතුර ගහන්න එහෙම බැරි නම් එක්කෝ ගිනි තියන්න එන වෙලාවට කුණු දාන එකාවම නාවලා දාන්න සැලෙන්න එපා අයියේ

    ReplyDelete
  17. උත්තර දුන්නු යාලුවෝ ඔක්කොටමයි මේ කියන්නේ,

    තාම නම් නීතිමය පියවරක් ගත්තේ නෑ..
    ඒත් මම පොඩි වැඩක් කරා..
    ඔයගොල්ලන්ගේ පැත්තෙත් ඇතිනෙ 'ගම අවුලඤ්ඤං' ටයිප් එකේ ගෑණු කට්ටිය..අන්න ඒ ගෑණු කෙනෙක්ට ඇහෙන විදිහට වෙන එකෙකුට මම කිව්වා ඔය ඔක්කොම කරලයි තියෙන්නෙ කියලා..

    උපක්‍රමය හරි ගිහින් වගේ...දවස් තුනකින් ගිනි තිබ්බේ නෑ..

    ඒත් ඕක වැඩිකල් අල්ලා හිටින එකක් නෑ..

    උතතර දුන්නු ඔක්කොටම ස්තුතියි ඉදිරියටත් තත්වය අප්ඩේට් කරන්නම්කො..

    ReplyDelete
  18. හරි.........ඔයා හරි........

    ReplyDelete
  19. අලුත්ම තත්වය..

    මට බේත් ගන්න සිද්ධවුණා..තාමත් හොඳ නෑ..

    ඊයෙත් ගිනි තියන්ඩ ගියාම එපා කිව්වාම තාත්තාට ගලකින් ගැහුවා..

    පොලීසියට පැමිණිලි කළා..දෙස්පාලු හෙන්චයියෙක් මාර්ගෙන් වැඩේ යටගහන බවයි පේන්නෙ..

    වටේ පිටේ මිනිස්සු අපිට විරුද්ධව සාක්කි දීලා කුණු ගිනිතියන්නෙ සතියකට සැරයයි කියලා..කාට කියන්නද..බලන් යද්දි උන්ගෙ කුණුත් එතැන ගෙනත් පුච්චනවද කොහෙද?

    පොලීසියේ අවසාන තීරණය වුණේ ගේ අයිනේ වුනත් සතියකට සැරයක් කුණු පුච්චන්න දෙන්න..ඒත් පොලිතින් ප්ලාස්ටික් පුච්චන්න තහනම් කියලයි..

    ඒක කඩ කරත් අපිට ඔප්පු කරන්න බෑ..කවුද සාක්කි දෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මේක මාර කෙලියක්නෙ යකෝ... අද දේශපාලනේ නැතුව මුකුත් කරන්න බෑ නෙ..:(((

      Delete
    2. ඔව් නිසුපා අක්කෙ කරන්න තියෙන එකම දේ මේ නරකාදි පැත්ත දාලා යන එක...

      ඔය ඔක්කොටම මුල මේ පැත්තෙ ඉන්න ගෑණු කෙනෙක්..උන්දා කැමති නෑ කවුරුහරි හොඳින් ඉන්නවට..අරාබි ගිහින් ඇවිත් සල්ලි පොලියට දිදී තමයි ඉන්නෙ..ඔය ශාඛා සමිතිවල සභාපතිලා කියලා ඉන්නෙ..අන්න ඒකෙක් එක්ක තමා ඉන්නෙ..

      ඉතින් උන්දැට ඉරිසියා හිතුනම කරන්නෙ..වටේ පිටේ අනිත් උන් ලව්වා කොස් ඇට බෑම..අනිත් මෝඩ මිනිස්සුත් පොළියට සල්ලි ගන්න හින්දා උන්දැගෙ පදේට නටනවා..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...