කසයකින් තමුන්ටම ගහගෙන එහෙම නැත්නම් වෙන විදිහකින් තමුන්ගෙ ඇඟට රිදවීමක් කරගෙන ආගමික භක්තිය පෙන්වන මිනිස්සු ඉන්නවා කිව්වොත් විශ්වාස කරනවද? විශ්වාස කරන්ඩම වෙනවනෙ. බලන්ඩකො හින්දු පෙරහැරක් ඒකෙ කටුගහගත්තු අය කොයිතරම් යනවද? ඇයි දේවාලවල කෙරෙන ගිනි පෑගීම්. මම හිතන්නෙ පන්සල්වලත් තියෙනවා. ඒවාත් ඉතින් සිරුරට වදයක් දීමෙන් තමුන්ගෙ ආගමික භක්තිය පෙන්වීමක්ම තමයි. අද මම කියන්න යන්නෙ ඒ විදිහට සිරුරට වදදෙන කිතුනුවන් ගැන. එහෙනම් කියවමු ලිපිය.
තමුන්ගෙ පාප වෙනුවෙන් හෝ යම් කාරණාවක් වෙනුවෙන් පසුතැවිලි වීම සඳහා තමුන්ගේම සිරුරට වදදීම (Mortification of the flesh) ජේසුස් වහන්සේ ඉපදෙන්නටත් පෙර සිට පැවති බව පෙනේ. තමුන් පව් බරින් මිරිකී ඇති බව හැඟුන විට හෝ යම් කාරණාවක් වෙනුවෙන් මනස්ථාප වීමට උවමනා වූ විට ඊට සරිලන රළු වස්ත්‍රයකින් සැරසී ඇඟේ අළු තවරාගත් ආදිතමයෝ දවස් ගනන් නිරාහාරව කල් ගෙවූ බවට උදාහරණ රාශියක් බයිබලය පිරික්සීමෙන් දැනගත හැකිය. නමුත් සිරුරට වදදීමේදී ලේ සෙලවීම ජේසුස් වහන්සේගෙ දුක්විඳීම හා මරණයෙන් පසු ඇතිවූවක් බව පෙනේ. තම පාප වලට මනස්ථාප වීමට අමතරව ජේසුස් වහන්සේට තම භක්තිය ගෞරවය පෙන්වන ක්‍රමයක් ලෙසත් තම සිරුරට වද දෙන්නෝ සිටිති.ජේසුස් වහන්සේගේ මරණින් පසුව මුල් කිතුනු සභා බිහිවීමත් කිතුනුවන් සංඛ්‍යාවෙන් සීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ බොහෝ අධිරාජ්‍යයෝ කිතුනුවන්ට පීඩා කරන්නට වන්හ. කිතුනුවන් මරා දමන්නට වන්හ. එසේ සිදුවූ ජීවිත පරිත්‍යාගත් යම් අයුරකින් සිරුරට වදදීමක් ලෙස සිතිය හැක. සිරුරට වදදීම සාධාරණීකරණය කරන්නන්ගේ මතය එය මුල් කිතුනුවන්ගේ සිරිතක් බවයි.
මුලින් සඳහන් කළ පරිදි තමුන්ටම කස පහර දීම (Flagellation) සිරුරට වද දීමේ ප්‍රධාන ක්‍රමයක් ලෙස සැළකේ. කසපහර දීමේ සංකල්පය මුලින්ම කතෝලික තාපසයන් අතර පැතිරයන්නේ පසුතැවිලි වීමේ ක්‍රමයක් වශයෙනි. මේ ගැන වැඩි විස්තර ලිපියේ ඊළඟ කොටසින් දැනගැනීමට හැකිවේවි. 11 වන ශතවර්ෂයේ ඉතාලියේ ජීවත් වූ Dominic Loricatus තාපසතුමා දේව ස්ත්‍රෝත්‍ර අඩංගු පොතක් (Psalter) සතියකට විසිවතාවක් සම්පූර්ණයෙන් කියවූ බව සඳහන් වේ. දේව ස්තෝත්‍ර 30ක් පමණ අඩංගු මේ පොත කියවන ගමන් සෑම දේව ස්ත්‍රෝත්‍රයකදීම තමුන්ගෙ පිටට කසපහරවල් සීයක් එල්ල කරගැනීම නිසා එතුමා ප්‍රසිද්ධියට පත්විය. මෙසේ තාපසයන් අතර ප්‍රචලිතව තිබූ කසපහර දීම කෙමෙන් කෙමෙන් සාමාන්‍ය ජනතාවට කාන්දු වන්නට විය. තැන තැන කස පහර දෙන්නන්ගේ කණ්ඩායම් බිහිවුණි. නගරයේ ජනාකීර්ණ ප්‍රසිද්ධ ස්ථානවලට රැස් වන කසකරුවෝ තමන්ගේ පිටවල් පුපුරු යනතෙක් කසපහර එල්ල කරගනිමින් ආගමික භක්තිය පෙන්වන්නට වූහ.
කුඩා කණ්ඩායම්ගතව සිටි කසකරුවෝ කෙමෙන් කෙමෙන් කසකරුවන්ගේ උප සංස්කෘතියක් බිහිවන මට්ටමටම වර්ධනය වූහ. ඔවුන්ටම ආවේණික නීතිරීති සම්පාදනය විය. ගීතිකා රචනා විය. නොයෙකුත් සංඥා ක්‍රම හා නිල ඇඳුම්ද බිහි විය. විශ්ව විද්‍යාල උප සංස්කෘතියයේදී සේම ග්‍රන්ථාරූඩ නීතිමාලාවක් නොවූ අතරම ඔවුන් අතර නායකයන් හෝ පාලකයන්ද නොවීය. ඉතිහාසගත මුල්ම කසකරුවන්ගේ නැගිටීම වාර්තාවන්නේ 1259දී ඉතාලියේ Perugia නගරයෙනි. වගා පාළුවීමකින් හා දරුණු සාගතයකින් පීඩාවට පත් නගර වැසියෝ නගරයේ තැන් තැන් වලට රැස්වී කසපහර ගසාගන්නටද නව සාමාජිකයන් බඳවා ගනිමින් නගර හරහා පෙළපාලි යන්නටද පටන්ගත්හ. මහ හඬින් ගීතිකා ගායනා කළහ.
මෙසේ කසපහර ගසමින් ගීතිකා ගායනා කරමින් නගරයෙන් නගරයට යන අතර තමුන්ට එකතු නොවෙන්නන් සාතන්ගේ දූතයන් ලෙස හංවඩු ගසන්නත් ජුදෙව්වන් හා විරුද්ධාකල්ප දරණ පියතුමන්ලා මරාදමන්නත් ක්‍රියාකළ බව සඳහන් වේ. මේ පෙළපාලිවල ප්‍රතිපලයක් වශයෙන් ඉතාලියේ Modena, Bologna, Reggio , Parma නරාශ්‍රිතව 10,000ක පමණ කසකරුවන් ඇතිවිය. එහෙත් මෙම කරදරකාරයින් නොඉවසූ සමහර නගර පාලකයෝ ඔවුන් පිටුවහල් කිරීමටත් තම නගරවලට ඇතුළුවීම වැළක්වීමටත් පියවර ගත්හ.
එහෙත් ටික කලක් යත්ම පැනනැගි වේගයෙන්ම කසකරුවන්ගේ සංගමය දුර්වල වන්නට විය. මීට පිළියමක් ලෙස ඉතිරිව සිටියවුන් තම ව්‍යාපාරයට බැඳීමෙන් පව්කමාව ලැබෙන බව දේශනා කරන්නට වීමත් සමඟම වතිකානුව කැළඹෙන්නට විය. වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ව්‍යාපාරය තහනම් කරමින් නියෝගයක් නිකුත්විය. ඒ 1261දීය. ඒත් සමඟම ඉතාලි කසකරුවන්ගේ උනන්දුව හීන වී ගිය නමුදු ව්‍යාපාරය ඔස්ට්‍රියාවටත් එතනින් ජර්මනියටත් පැතිර ගියේය. ඒත් ජනතාවගේ උනන්දුව ක්‍රමයෙන් හීනවී තිබුණි.
අළු යට ගිනි පුපුරු මෙන් සැඟවී සිටි කසකරුවො යුරෝපය පුරා පැතිරුණු 'බ්ලැක් ඩෙත්' (Black Death) නම් වසංගත කාලයේදී නැවත් කරළියට වන්හ. ඉතිහාසයේ සිදුවූ විශාලම පිබිදීමත් එයයි. එංගලන්තය හැර උතුරු හා මධ්‍යම යුරෝපය වසා ගන්නා මෙම ව්‍යාපාරයේ සිටි බහුතරයක් ජර්මානුවෝ වූහ. ජේසුස් වහන්සේගේ ජීවිත කාලයවූ වසර 33 හමාරක ජීවිතය සිහිවෙනුවස් දින 33 හමාරක වැඩසටහනක් සංවිධානය කළ ඔවුහු දිනෙන් දින නගරයෙන් නගරයට යමින් වැඩසටහන ක්‍රියාත්මක කළෝය.
ජර්මනිය මැදින් යමින් එහි නගරයක කඳවුරු බැඳගන්නා ඔවුන් චාරිත්‍ර ඉටුකළේ දිනකට දෙවරකි. පළමුව දේවදූතයෙකු දුන් බව කියාගන්නා කසපහරදීම සාධාරණය කරන ලිපියක් කියවනු ලබයි. ඉන්පසු දණින් වැටී පසුබිමින් ඇසෙන ගීතිකා තාලයට අනුව ලේ වැගිරෙනතුරු තමුන්ටම කසපහර දී ගනී. සමහරවිට මෙසේ වැගිරෙන රුධිරය රෙදි පාන්කඩ වලට ලබාගෙන ඒවා ශු. ධාතු ලෙස සළකා ගෞරව කරති. ඉන්පසු වෙනත් තැනක කඳවුරු ලෑම සඳහා පිටව යති.
මේ ව්‍යාපාරයට බැඳීම සඳහා තම සහකරුවා/සහකාරියගේ කැමැත්තත් තම ආහාර තමුන්ම සපයාගන්න පොරොන්දුවත් අවශ්‍යය විය. කතෝලික සභාවේ විරුද්ධවාදීන්ද මේ වටා එකතුවීමෙන් ව්‍යාපාරය වර්ධනය වූ නමුදු වසංගත පැතිර යන කාලයක් වූ එකල තැනින් තැනට යන කසකරුවෝ රෝගවාහකයෝ යයි චෝදනා එල්ලවිය. ඒත් සමඟ බොහෝ පාලකයෝ තම දේශසීමාවලට ඇතුළුවීම තහනම් කළහ. මීට කසකරුවන් ප්‍රතිචාර දැක්වූයේ තව තවත් තමුන්ට තලා ගැනීමෙනි.
වර්තමාන ස්පාඤ්ඤ කසකරුවෙක් |
එහෙත් එයින් නොසැලුන ජර්මානු කසකරුවෝ Konrad Schmidt ගේ නායකත්වයෙන් දිගටම ක්‍රියාකරන්නට වුවත් ඔහුගේ මිය යෑමෙන් සියල්ල අවසාන විය. එහෙත්1399දී නැවතත් මෙවැනි කණ්ඩායමක් පැන නැගුනත් ඔවුන්ගේ නායකයන්ට පාප්තුමා විසින් මරණ දඬුවම නියම කිරීමත් සමඟ එයද බිඳ වැටුණි.
නමුත් වර්තමානයේදීත් සමහර යුරෝපීය රටවල , විශේෂයෙන් ස්පාඤ්ඤයේ, ගම් වැසියන් අතර මේ චාරිත්‍රය සිදුවේ. තම හිසත් ඇතුළු සිරුර ආවරණය කර සිටින කසකරුවෝ විශේෂයෙන් චතාරිකයේදී (ජේසුස් වහන්සේගේ දුක්විඳීම හා මරණය සිහිකරන කාලය) මේ චාරිත්‍රය ඉටු කරති.
------------------------------------------------------------------
දිනය : 2011 මහ සිකුරාදා
ස්ථානය : දූව පාස්කු පිටිය
මම ගිනිගහන අව්වේ දූව පාස්කු නාට්‍යය බලමින් සිටියෙමි. අසල මුහුදෙන් හමන සුළඟ අව්වේ විඩාව සංසිඳවීමට තරම් ප්‍රමාණවත් නොවීය. ආදම්ගේ ආගමනයෙන් පටන්ගත් නාට්‍යය ජේසුස් වහන්සේව කුරුසපත් කරන මොහොතට ආසන්නව තිබුණි.
ජේසුස් වහන්සේ කුරුසියෙදි නිරූපණය කරන පින්තූරවල ඇති තරමේ සුදු රෙදි කඩවල් වලින් සැරසුණු පුද්ගලයෝ කීපදෙනෙක් පිටිය මැදට වන්හ. අව්වට පිච්චීගිය සමෙන් යුතු ඔවුහු ධීවරයන් විය හැක. බාලයා අවුරුදු 30ක පමණද වැඩිමලා අවුරුදු 70ක පමණද විය. ඔවුන්ගේ ඉණේ පසෙකින් යකඩ දම්වැලකට සම්බන්ධවූ උල් සහිත බෝලයක් ඇති ආයුධයකුත් අනෙක් පසින් බටපතුරු ඇමුණූ ලණු කීපයක් එකතු කොට තැනූ කසයකුත් විය. ඒ බටපතුරුවලට 'ටින්ටස්' ඇණ වද්දවා තිබිණ.
උල් සහිත බෝලයක් |
නාට්‍යයේ ජේසුස් වහන්සේ කුරුසියමත දිවිපුදන තෙක්ම මෙය පැවතුණි.
------------------------------------------------------------------
පිලිපීන කසකරුවෝ |
කුරුසපත්වීම දරුණු ලෙස සිදුකරන රට පිලිපීනයයි |
මූලාශ්‍ර:
අර පහුගිය කාලෙ ආන්දෝලනයකට ලක්වුනු චිත්‍රපටියකත් ඔය වගේ ක්‍රිස්තුස්වහන්සේගෙ ප්‍රතිමාවක් ඉදිරිපිට සිට තමන්ටම කසයකින් තලාගන්නා දර්ශනයක් තිබුණ මට මතකයි. මේ ගැන මීට කලින් අහල තිබුණට ඒක මේ තරම් ඈත අතීතයෙ සිටම සංවිධානය වෙල සිදුවෙච්ච දෙයක් කියල දැනගෙන හිටියෙ නෑ.
ReplyDeleteඑම චිත්‍රපටයේ සිලීසයක්* පාවිච්චි කරන දර්ශනය විතරයි මට මතක තිබුනෙ ඒත් DDT කිව්වට පස්සෙ මම ආයෙ බලද්දි ඒක දැක්කා. ඒ පිළිබඳ වීඩියෝ දර්ශනයක් ඊළඟ ලිපියට ඇතුළු කිරීමට සිතුවත් චිත්‍රපටය තහනම්වූ වටපිටාවක එසේ කිරීම සුදුසු නැතැයි සිතුනු නිසා එහෙම කළේ නෑ.. මමත් දූවේ පාස්කු දර්ශනයේදී දුටුවත් එතරම් අතීතයක් ඇති බව දැනසිටියේ නෑ..
Delete* celice වෙනුවට මම යෙදූ වචනයක් බව කරුණාවෙන් සළකන්න. මේ ලිපිය ලියන්ඩ සිංහල වචන හොයන්න හරිම අමාරු වුනා.. සමහර සිංහල වචන බරපතලයි මෙන්ම සමහර ඒවායෙන් හරි තේරුම ලැබෙන්නෙත් නෑ.
එක දෙයක් නම් පැහැදිලියි .. මොනම ආගමක හෝ කතෘවරයෙක් අද නැවත ඉපදී සිටියොත් ඒ ඒ ආගම් වල යයි කියා ගන්න අය කරන මේ අමානුෂික විකාර අනුමත නොකරන බව..
ReplyDelete@සරත්,
Deleteඒ වුනාට අද ආගම් කතෘවරයෙක් හිටියොත් මිනිස්සු එයාව පිළිගනීද?
@ සරත් ලංකාප්‍රිය,
Deleteසරත් අයියා මූණක් එහෙම දාලා තියෙන්නෙ..
ජුදා ආගමිකයෙක්වූ ජේසුස් වහන්සේ ඉපදෙන කාලය වෙනකොටත් ජුදා ආගම පැවතියේ මනුෂ්‍යත්වය නොතකන නීතිය අකුරටම පිළිපදින යුගයක.. ඒත් ජේසුස් වහන්සේ ඒ නීතිරීති විවේචනය කරන අතරම නීතියට වඩා මනුෂ්‍යත්වයට මුල්තැන දියයුතු බව කියා සිටියා.. ඒත් දේව අපහාසකාරයෙක්, කැරලිකාරයෙක් ලෙස හංවඩු ගැහුන උන්වහන්සේට සිදුවුනේ කුරුසිය මත දිවි පුදන්න..
@ රූ....,
Deleteඑතනත් ප්‍රශ්නයක් තියෙනවා.. අද කවුරුහරි ඇවිල්ලා මම බුදුන් වහන්සේ, මම ජේසුස් වහන්සේ, මම නබිතුමා කිව්වට පිළිගන්න එකක්නම් නෑ..
@ රූ
Deleteමම කියවපු විද්‍යා ප්‍රබන්ධයක් තිබුණා එක මනුස්සයෙක් අතීතයෙන් ෂේක්ස්පියර්ව වර්තමානයට අරගෙන එනවා. පස්සේ ෂේක්ස්පියර් තමන්ට වර්තමානයේ තියෙන පිළිගැනීම දැකලා ෂේක්ස්පියර්ගේ සාහිත්‍ය ගැන උගන්වන පංතියකට තමන්ව වර්තමානයට ගෙනාපු කෙනාගේ මාර්ගයෙන් ඇතුළත් වෙනවා. ටික දවසකින්ම පංතියේ ගුරුවරයා අර මනුස්සයාට බනිනවා තමුසේ කවුද අර මගේ පංතියට අරගෙන ආපු තට්ටයා. මිනිහා හරි මෝඩයෙක්නේ. මහ ගොන් කතාවක්මයි කියන්නේ කියලා :D
සරත් ලංකාප්රිය කියනවා වගේ, මමත් හිතන්නේ නැහැ, මම අනුගමනය කරන බෞද්ධ දර්ශනයේ මෙන්ම, ලොව වෙනත් කිසිම ආගමක, මෙවැනි ක්‍රියා, ඒ ආගම් කර්තෘන් වහන්සේලා විසින්, අනුමත කර ඇතැයි කියා.
ReplyDeleteබෞද්ධ සිද්ධස්ථානයක්, පන්සලක්, ආශ්‍රිතව මෙවැනි දේවල් සිදු කරන්නේනම්, ඒ කාර්යයේ යෙදෙන අය, එවා අනුමත කරන අය, ඊට ඉඩදෙන අය, බෞද්ධයන් නොවන බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කල යුතුයි.
හොඳ කාලීන මාතෘකාවක්. කොටස් කීපයකින් මෙය තව දුරටත් සාකච්ඡා කල හැකියි.
අසමි දකිමි සොයමි ලියන විචාරක
යම් වින්දනයක් පතා හෝ ප්‍රසිද්ධිය තකා හෝ මෝස්තරයට කරන මෙවැනි ක්‍රියාවලින් නම් පලක් නෑ.. මම හිතන හැටියට තමුන්ගේ ආගම් කර්තෘ කියාදුන් හැටියට ජීවිතය හැඩගසා ගැනීමයි කළ යුත්තෙ..
Deleteපන්සල්වල ගෙනි පෑගීම සිදුකරනවා නේද? එයයි මම අදහස් කළේ.
කොටස් කීපයක් නම් නෑ විචාරක මහත්මයා ඊළඟ කොටසින් ඉවරයි..
පන්සල් වල ගීනි පෑගිම කරන් නැ හරියෝ , එව්වා කරන්නේ දේවාල වල.
Deleteමෙහෙම කතන්දරයක් කතෝලිකයන් අතර තියනවා කියලා මම දන්නේ අදනේ බං
@ අටං,
Deleteපන්සල් ආශ්‍රිතව දේවාල තියෙනකොට එහෙම කරනවලු..
කතෝලිකයන් කිව්වට ඉතින් ඔය මිනිස්සු හිතූ මනාපෙට කරන වැඩ මිසක් නිල වශයෙන් කෙරෙන චාරිත්‍ර නෙමෙයි..
පන්සල් ආශ්‍රිතව දේවාල අටවගන්නේ හෝ පන්සල පැත්තක තබා දේවාලය ඉස්සරහට දමා මුදල් ගැරීමේ යෙදෙන්නේ දේවාල පුල්ලියෝ. සමහර දේවාල පුල්ලියෝ සිවුරු ඇඳගෙනත් ඉන්නවා. නමුත් බෞද්ධ දර්ශනය දේව සංකල්ප තදින්ම බැහැර කරනවා.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
"දේවාල පුල්ලියෝ" මම හිතුවා මේක අපේ පැත්තෙ විතරක් තියෙන වචනයක් කියලා.. :)
Deleteඅද වෙනකොට සෑම ආගමකටම අයත් ජනතාව කතෘවරයා උගන්වපු පාරෙ නෙමෙයි යන්නේ.. සමහර පැවිද්දොත් එහෙමයි.. විචාරක මහත්මයා කියපු දේවලට මම දැකලා තියෙන ඒවා එකතු කරොත් සමහර අයගේ හිත රිදේවි. ආගමික විවේචනයක් කියලා හිතාවි. ඒක නිසා මොකුත් නොකියා ඉන්නම්.
//කතෝලිකයන් කිව්වට ඉතින් ඔය මිනිස්සු හිතූ මනාපෙට කරන වැඩ මිසක් නිල වශයෙන් කෙරෙන චාරිත්‍ර නෙමෙයි..//
Deleteබෞද්ධ දර්ශනය තුලත් එය එසේම තමයි හරී
//පන්සල් ආශ්‍රිතව දේවාල තියෙනකොට එහෙම කරනවලු..//
පන්සල් ආශ්‍රිතව දේවාල තිබුනාට එය බෞද්ධ දර්ශනයට ඈදාගන්න එපා
මේක කියෙව්වාම Dan Brown ගේ The Da Vinci Code පොතේ එන (ෆිල්ම් එකෙත් ) චරිතයක් මතක් උනා. ඒ තැනැත්තත්, ඔය වගේ තමන්ට වධදීගන්නෙක්. මට පේන්නේ ආගමේ නාමෙන් එක්තරා අන්තයකට ගිය අය මේ වගේ දේවල් කරනවා ඇති කියලා. එහෙම වෙන්ට පුලුවන් නේද?
ReplyDeleteතමන් අදහනදේම හරි කියලා හිතන මිනිස්සු කොටස් බිහිවීම නම් කණගාටුවට කරුණක්!!!!!! ඒවගේම භයානකයි. යුරෝපේ එක් අවධියක තිබුණු 'කුරුස යුද්ධ' මතකද?
මටත් මතක් උනේ ඒ ෆිල්ම් එකමයි... සමහර විට ඒ ෆිල්ම් එකට එල්ලඋන විරෝධයට මේකත් එක හේතුවක් වෙන්න ඇති.... හරි කියනවා වගේ කතෝලික සභාව තහනම් කරපු දෙයක් නේ....
Deleteකොහොමත් විමුක්තිය සොයාගැනීමේ පැරණිම මාර්ගය විදියට තමන්ට වධ දීම ඇති වෙච්ච බව මමත් හිතන්නේ... බුද්ධ කාලයෙත් ඒ වගේ අය හිටියා...
@ Podi Kumarihami,
DeleteSilas නේද? ඔව් තාපසතුමන්ලා අතර මේ චාරිත්‍රය තිබුනා. තමන් අදහන දේ හරියි අනිත් ආගම් ඔක්කොම වැරදියි. ඒවයේ කරුණු බොරු. ඔවුන්ව වනසන්න ඕනෙ කියලා සිතීමම ආගම් යුද්ධයට මූලික වෙන්න පුළුවන්.
'කුරුස යුද්ධ' මතක නම් නෑ. මොකද මම ඒ කාලෙ හිටියෙ නෑනෙ.. :)
කුරුස යුද්ධෙදි වුනේ ජෙරුසලම වෙනුවෙන් ඇතිවුන සටනක්නෙ..
@ හිරු,
Deleteචිත්‍රපටිය තහනම් වීමත් එක්කම ලොකු ප්‍රචාරයක් ලැබුනා කියලයි මට හිතෙන්නෙ.. ඔය චරිතය නිසා ඒ ආගමික නිකායට කැළලක් වෙන බවටත් විරෝධතා එල්ලවුනාලු..
The Da Vinci Code කියන්නෙ තවත් එක ප්‍රබන්ධයක්... තවත් එක චිත්‍රපටියක් කියලා කියවලා බලලා නිකම් හිටියානම් ඔය මොකුත් ප්‍රශ්න නෑනෙ.. ඒත් ලෝකෙ කොට්ඨාසයක් ඉන්නවනෙ ඔහොම යම් යම් සත්‍යය කරුණු පදනම් කරගෙන සත්‍යය යැයි හැඟෙන විදිහට කතාවක් ගොතපුවම ඒක තමයි අමු සත්‍යය කියලා හිතන.. එතනින් තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ.. අනික හැම ආගමකටම විරුද්ධවාදීන් ඉන්නවානෙ.. මේ වගේ දෙයක් වුනාම උන්දැලාට රජමඟුල්.. 'මෙන්න උඹලගේ ආගමේ තත්වය' කියන්න පෙළඹෙනවා.. ඉතින් මේ වගේ ආන්දෝලානාත්මක චිත්‍රපටියක් නිසා අන්‍යාගමිකයන් තුළ (චිත්‍රපටයක් ලෙස නොදකින) වැරදි මත පහළවීමත් එම ආගම අදහන්නන් තුළ (චිත්‍රපටයක් ලෙස නොදකින) කලකිරීමක් ඇතිවීමත් නිසා තමයි චිත්‍රපටයට එරෙහිව යම් යම් පියවර ගන්න වෙන්නෙ.. එහෙමයි මට හිතෙන්නෙ.. :)
මෙතනදී මොවුන් පලකරන්න උත්සහ කරන්න හදන්නේ භක්තියක් උනත්, එහිදී වන්නේ තමන්ගේ සිරුරටම වද දී ගැනීමක් නිසා පුද්ගලිකව එහෙම දෙයක් එතනදී මට නම් භක්තියක් ඇතිවෙන්නේ නෑ. මම කලකට පෙර අපේ නිවසට එපිටින් තියෙන වත්තේ හින්දු දේවාලේක පූජාවකට මම ගියා, එහිදී පූජාව පටන් ගෙන ටික වෙලාවක් යනකොට මිනිසුන් පිරිසක් [මම හිතන්නේ වත්තේ පේලි ගෙවල් වල ඉන්න අය වෙන්න ඇති.] ඇවිත් [10 දෙනෙක් පමණ] එකවර සිය නාසා, කන්, සහ උදර ප්‍රදේශ තුවාල වෙන්න තියුණු මුවහත් ආයුදේකින් කපාගත්තා.., ඊට අමතර එසේ තමා විසින් ම තුවාල කරගත් එක් පුද්ගලයෙක් අසල කණුවක බැඳ තිබූ එළු පැටවෙක් ගේ හිස දෙපලු වන ලෙස කපා දැම්මේ ක්ෂණයකින්.., ඉන්පසුව හරෝ හරා කියමින් විනාඩි දහයක් පමණ විවිධ වතාවත් කර මේ අය පිටත් උනේ, පූජාවට[?] ආපු අය විසින් ගෙන පණ ඇති කුකුලන් සිය දෙනෙකුටත් වඩා ඝාතනය කලාට පසුවයි..!
ReplyDeleteඇත්තටම එදා එතනත්, කතෝලික ආගම සම්බන්ධයෙන් උස සංස්කෘතියක් ලෙස භාවිතා වන මෙතනත් සත්තකින් ම ඇත්තේ භක්තියද? මට ගැටලුව ඇත්තේ එතනයි.
ස්තූතියි අදහස දක්වන්නට ඉඩ ලැබුනාට..! :)
ජය!
හින්දු දේවාලයේ කතාව ලියා ඇති විදිහට ඇඟ හිරිවැටීගියා. භක්තියටත් වඩා මිනිසුන්ගේ කැපී පෙනීමට තියෙන ආශාව කියලයි මම හිතන්නෙ..
Deleteඅදහස් දැක්වුවාටත් ස්තුතියි!
ජය!
අනේ මන්දා.මට හිතෙන්නේ භක්තියෙන් උන්මාද වෙලා කියලා.
ReplyDeleteඑක එක්කෙනා හිත විදිහ තමයි.
Deleteමේ වගේ සිරිත් හින්දු අය අතර තියනවා කියලා දැනගෙන හිටියත් (ඒවා නම් ආගමෙන්ම සම්මත වෙච්ච සිරිත් මම හිතන්නේ), කිතුණු කස කරුවෝ ගැන ඇහුවෙත් අදයි.
ReplyDelete//මම හිතන්නෙ පන්සල්වලත් තියෙනවා.//
හ්ම්ම්...මෙහෙම දෙයක් ගැන මමනම් දන්නේ නෑ. බුද්ධාගමේ එහෙම වද දීමේ සංකල්ප නෑ මම දන්න තරමින්.
"මම හිතන්නෙ පන්සල්වලත් තියෙනවා. " මම මෙහෙම කිව්වෙ ගිනිපෑගීම වැනි දේවල් පන්සල් ආශ්‍රිතව දකින්නට තිබෙන නිසායි.
Deleteගිනිපෑගීමත් මීටම සමාන දෙයක් කියලා මට හිතෙනවා..
// මම මෙහෙම කිව්වෙ ගිනිපෑගීම වැනි දේවල් පන්සල් ආශ්‍රිතව දකින්නට තිබෙන නිසායි. //
Deleteමම දැකලා නැහැනේ අප්පා...එහෙම කරන්නේ බෞද්ධ අයද? නැත්නම් හින්දු අයම පන්සල්වල මේක කරනවද? උදාහරණයක් විදිහට කතරගම ගත්තොත් ඒක කරන්නේ හින්දු භක්තිකයින්. මොකද ඒක බෞද්ධ පන්සලක් සහ හින්දු දේවාලයක් කම්බයින් වෙච්ච තැනක් නේ. එහෙම නැතුව කෙලින්ම බෞද්ධයින් විසින් පන්සල්වල මෙහෙම කරනවානම් ඒක ටිකක් පුදුම වෙන්න කාරණයක්.
මේක ටිකක් හොයල බලන්න ඕනේ. මේ ගැන වැඩි විස්තර දන්න අය ඉන්නවදෝ??
හසිත නෑනෙ තාම.. එයාගෙන් ටක්කෙටම අහගන්න තිබ්බා...
DeleteDDT කියන විදිහට මේක හින්දු ආභාෂයෙන් සිදුවෙන්නක්ලු..
මේක කියවන්නකො අක්කේ..
Deleteසජීවී ගිනි පෑගීමක අසිරිය වින්දෙමි….!
@ හරී
Deleteකලින් කමෙන්ට් කීපයකත් කිව්වා වගේම ගිනි පෑගීම, ඇඟේ කටු ගසා ගැනීම කියන කරුණු දෙකම හින්දු ආගමත් එක්ක බැඳුණු චාරිත්‍ර. ගම්පොළ යුගයේදී පන්සල් ඇතුළේම දේවාල ඉදිකිරීමේ චාරිත්‍රය ආවා. වර්තමානයේ ගත්තොත් පන්සලක පොඩියට හරි දේවාලයක් තියෙනවා නම් පන්සලේ වාර්ෂිකව පෙරහැරක් පැවැත්වෙනවා නම් ඒකේ අවසාන අංගය විදිහට ගිනි පැගීම කතරගම දේව දානය වගේ දේවල් එකතු වෙලා තියෙනවා.
හැබැයි ගිනි පෑගීම කියන එකට සිංහල අයත් සම්බන්ධ වුණාට කටු ගහගන්න එක නම් කරන්නේ දෙමළ අය විතරයි. කතරගම දෙවියෝ දීපු දඬුවමක් විදිහට තමා දෙමළ අය ඒක කරන්නේ...
//සජීවී ගිනි පෑගීමක අසිරිය වින්දෙමි//
Deleteඔව්, මේක වෙලා තියෙන්නේ පන්සලේ දේවාලය සම්බන්ධව නේ. ඒ කියන්නේ හින්දු දේවාල පන්සල් ආශ්‍රිතව ඉදි කිරීමේ ප්‍රතිඵලයක්. බුද්ධාගමට කිසිම සම්බන්ධයක් නැතත් බෞද්ධයිනුත් මේවට සහභාගී වෙනවා ඇති. හරියට පන්සලට ගියාම විෂ්ණු දෙවියන්ටයි කතරගම දෙවියන්ටයි නුත් වැඳගෙන එනවා වගේ මේවත් කරනවා ඇති.
මටත් හිතෙන්නෙ අන්ධ භක්තිය කියල.
ReplyDeleteභක්තියෙත් යම් සීමාවක් තිබිය යුතුයි තමයි
Deleteබුද්ධාගමට අනුව - ආමිසයට වඩා ප්‍රතිපත්ති පුජාව උතුම් !
ReplyDeleteසෑම ආගමකට පොදුව කිවොත් - මෙවන් විදවීම් වලට වඩා ලබන අධ්‍යාත්මික දියුනුව වැදගත් !
ඔව් මමත් එකඟයි.. චාරිත්‍රවාරිත්‍ර වලට වඩා යහපත් ජීවිතය වැදගත්... හැමතිස්සෙම පල්ලි පන්සල් යන ගිහින් ඇවිත් තමුන්ගෙ අසල්වාසියාව කන්න හදන ආගමෙන් ඇති වැඩේ මොකක්ද?
Deleteමේවා නම් බොරු වැඩ !!!
ReplyDeleteඊට වඩා හොඳ නැද්ද ජේසුස්වහන්සේ උගන්නපු දහම මැරෙනකන්ම දිවි හිමියෙන් පිලිපදින එක ???
චාරිත්‍ර වාරිත්‍ර වලට වඩා පිළිපැදීම උතුම්.. ජේසුස් වහන්සේ කීවෙත් ඒකනෙ..
DeleteMatath mathak une da vinci code...very informative article..
ReplyDeleteතෑන්ක් යූ වෙරි මච් වෙනි අයියා.. ඩාවින්සි කෝඩ් එකෙත් මේ වගේ දර්ශනයක් තිබෙනවානෙ..
Deleteපිස්සු මිනිස්සු
ReplyDeleteමම නම් හිතන්නෙ ඒක සාපේක්ෂයි නිශාන්.. කට්ටියකට ඒ මිනිස්සු පිස්සෝ වගේ පෙනෙද්දි ඒ මිනිස්සුන්ට අනිත් අය පිස්සෝ වගේ පේන්නත් පුළුවන්..
Deleteහපොයි දෙය්යනේ... මේ ක්‍රමයනම් අනුමත කරන්න අමාරුයි..
ReplyDeleteමට මේ කමෙන්ට් එක දැක්කම එකපාරට රිප්ලයි එකක් මතක් වුනා.. :) ඒක කියන්නේ නෑ..
Deleteම්..නොදැන ගෙන සිටි යමක් හරී..
ReplyDeleteබුදු දහමේ ඉතිහාස කතාවේ මෙවන් ආගමික මත ගැන කියවුනත් බුදු හාමුදුරුවො පැහැදිලිව අත්ත කිලමතානු යෝගයත් කාම සුඛල්ලිකානු යෝගයත් බැහැර කරලා තියනවා...
මිනිස්සු තමන්ට වද දී ගන්න එක මානසික රෝගයක් නේද?
"අත්ත කිලමතානු" අන්න වචනෙ.. Mortification වචනයේ තේරුම තියෙන්නෙ අත්තකිලමථය කියලා තමයි.. ඒත් ඉතින් ඒක තේරෙන්නෙ නෑනෙ..
Deleteඔව්.. එහෙම මානසික රෝගයකුත් තියෙනවා.. ඒ ගැන සඳහනක් ඊළඟ ලිපියේ ඇති..
මේ උත්තරේ කියෙව්වෙ අද..
Deleteඅත්තකිලමාථානු යෝගය කියන්නෙ ශරීරයට වධ දී සුගතිය සොයා යෑම..මේ යොගයට අයිති වෙනවා අජ ගෝ කුක්කුර (අශ්ව,හරක්,බලු) සතුන් වගේ ජීවත් වීමත්..
ඩාවින්ච් කෝඩ් එකෙත් මේ වගේ කොටසක් තිබුනා ,පන්සල් වල ගිනි පාගන ඒකෙන් ඔය කියන වැඩ දීම වෙන්නේ නැහැ මොකද මම 5 වතාවක් ගිනි පාගලා තියෙනවා නමුත් කවදාවත් වේදනාවක් දැනිලා නැහැ මට ..
ReplyDeleteමම හිතන විදිහට ඔය කසපහර දෙන්නනුත් ඒකට හුරුවෙලා.. මම ඇහින් දැකපු අයගේ කිසිම වේදනාවක් දුටුවේ නෑ.. ඒවගේම ඉහළ පින්තූරෙ පිලිපීන කසකරුවන් බලන්න .. ඔවුන්ගෙත් වේදනාත්මක ස්වරූපයක් නෑ නේද?
Deleteගිනි පෑගීමේ අරමුණ පොඩ්ඩක් කියන්න පුළුවන්ද? විවේචනයක් කියලා හිතන්නෙපා නොදන්න නිසයි අහන්නෙ..
@ හරී,
Deleteගිනි පෑගීම බෞද්ධ පුදබිම්, පන්සල් ආශ්‍රිතව සිද්ධ වුනාට මම දන්න තරමින් බෞද්ධ දර්ශනයත් සමඟ කිසිම සම්බන්ධකමක් නෑ. දෙවිවරු, විශේෂයෙන් කතරගම දෙවියන් සඳහා නම් ඔය වගේ ගිනි පෑගීමේ කටයුත්තක් සිද්ධ වෙනව. එතන ගිනි ගොඩ උඩින් දිව්වට කකුල් පිච්චෙන්නෙ නැත්තෙ දේව භක්තිය නිසාවත් වෙනත් හාස්කමක් නිසාවත් නෙවි යම් විද්‍යාත්මක කාරණයක් නිසාය කියල (ස්පර්ශ කාලය කුඩාවීම නිසා දහන උෂ්ණත්වයට ළඟානොවීම) මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඕක ඔප්පුකරලත් පෙන්නුවළු කතරගමටම ගිහින්. පසුකාලීනව පන්සල් ආශ්‍රිතව කතරගම, විෂ්ණු වගේ දෙවිවරු සඳහා දේවාල කුටි ඉදිවීම නිසා තමයි ඔය පන්සල් ආශ්‍රිතව ගිනිපෑගීම් සිද්ධවෙන්නෙ. බුදු හාමුදුරුවො පැහැදිලි දර්ශනයක් දේශනාකරල තියෙද්දි කැප කිරීම් කරමින්, ප්‍රතිපත්ති රකිමින් ඒ මාර්ගයෙ නොගිහින්, බෞද්ධයො එදිනෙදා තමන්ගෙ ප්‍රශ්නවලට දෙවිවරුන්ගෙ පිහිට පතන්න යන නිසා තමයි යම් පිරිසකගෙ කරල පැහිල ඔය මිත්‍යාව රටපුරා පන්සල් ආශ්‍රිතව පැතිරෙන්නෙ. (සමහර චීවරධාරියොත් බුදු දහම පැත්තක තියෙද්දි මිත්‍යාව වපුරන්නෙ)
දෙවිවරු ඇදහීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ හින්දු ආගමෙ. සියවස් ගණනක තිස්සෙ අපේ රටට එල්ල වුනු ආක්‍රමණ නිසාත් (දකුණු ඉන්දීය) විශේෂයෙන් පොළොන්නරු යුගයෙදි ලංකාවෙ බුද්දාගමට හින්දු ආගමෙන් වුනු බලපෑම නිසාත් මේව මේ විදියට සිද්ධවෙනව වෙන්නත් පුළුවන්.
තව දුරටත් මේ ගැන කරුණු දන්න කෙනෙක් මීට වැඩිය සාර්ථක පිළිතුරක් දේවි සමහර විට.
@ DDT,
Deleteවිස්තරයට ස්තුතියි! මමත් මුලින් හිතුවා මේක හින්දු චාරිත්‍රයක් පන්සලට වද්ද ගැනීමක් කියලා..
@ හරී
Deleteහින්දු කෝවිල් විශේෂයෙන්ම කතරගම දේව වන්දනාවත් එක්ක තමා ගිනි පෑගීම, ඇඟේ කටු ගසා ගැනීම වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඒක ආරම්භ වුණු හැටි ගැනත් කතාවක් තියෙනවා.
කෙටියෙන් කිව්වොත් කතරගම දෙවියෝ ලංකාවට ගොඩ බැහැපු වෙලාවේ වයසක සන්නාසියෙක්ගේ ස්වරූපයෙන් තමා ඉදලා තියෙන්නේ. වයසක සන්නාසියාව දෙමළ මිනිස්සු ගණන් ගත්තේ නැතුව තමන්ගේ කටයුතුවල යෙදුණා. ඒත් සිංහල මිනිස්සු ඒ වයසක සන්නාසියාට උදව් කළා වගේම ඉන්න පැලකුත් හදලා දෙනවා.
අවසානයේදී දෙමළ ජනතාව තමන්ව නොසළකා හැරිය නිසා කතරගම දෙවියෝ ඒ වෙනුවෙන් ඔවුන්ට දඬුවම් නියම කරනවා. ඒ දඬුවම තමා ගිනි පාගලා ඇඟේ කටු ගහගෙන දෙවියන් වෙනුවෙන් තමන්ගේ භක්තිය ප්‍රකාශ කරන එක.
සිංහල මිනිස්සුන් කරපු උදව්ව නිසා තමා අද දක්වාම දේවාලයේ කපුවන් විදිහට සිංහල අය ඉන්නේ...
බුදු දහම තුළ මේ ආකාරයේ ක්‍රියාවන් ඇතුලත් වෙන්නේ නැහැ. කලින් කීප දෙනෙක්ම කිව්වාත් වගේ බුද්ධකාලීන භාරතයේ අජ වෘත, ගෝ වෘත, කුක්කුර වෘත [එළු, ගව, බලු] සමාදන් වෙලා පවු සමා කරන එක වගේම විමුක්තිය හොයන එක කරන්න පුලුවන් කියන විශ්වාසය තිබුණා.
ඒක සමාදන් වුණාම ඒ පුද්ගලයා හැමදේම කරන්න ඕනේ ඒ ඒ සතාව අනුකරණය කරලා. ඒ ආකාරයේ ශරීරයට දුක් දෙමින් විමුක්තිය ලබාගන්න බැරි බවත් ඒකෙන් වෙන්නේ අනර්ථයක් බවත් බුදු හාමුදුරුවෝ මංගල ධර්ම දේශනාව වුණු දම්සක් පැවතුම් සූත්‍රයෙන් දේශනා කළා
@ හසිත,
Deleteමම හසිතව මතක් කළා විතරයි..
ව්ස්තරයට ස්තුතියි.. අර සත්තු විදිහට ඉන්න හැටි මැවිලා පේනවා වගේ.. :)
@ හරී
Deleteඋදාහරණයකට කිව්වොත් කුක්කුර වෘතය රකින කෙනා බල්ලෙක් වගේ තමා බිම වාඩිවෙන්න ඕනේ, කන්න බොන්න ඕනේ හැමදේම කරන්න ඕනේ.... පිස්සු වගේ තමා ඉතින් :D
හි..හි.. පිස්සු හැදෙනවනෙ.. ඔක්කොම එව්වා කරන්නෙ බල්ලො වගේමද? :ඪ්
Deleteමේක හින්දු ආගමික දෙයක්ද නැත්නම් ජෛන හෝ වෙනත් ආගමක දෙයක්ද?
@ හරී
Deleteඔය වෘත සමාදන් වීම ජෛන ආගමේත් යම්තාක දුරකට තියෙනවා වෙන්න ඇති. පොදුවේ ආජීවක, පරිබ්‍රාජක කියන නම්වලින් හඳුන්වපු අය තමා මේවා කරලා තියෙන්නේ
සතර පෙර නිමිති වලදී (හරිද මන්දා?) පැවිද්දෙක් දැක්කා කියන්නෙ පරිබ්‍රාජක කෙනෙක් වෙන්න ඇති.. උමග්ග ජාතකයෙත් පරිබ්‍රාජිකාවක් ඉන්නවනෙ..
Delete@ හරී
Deleteඒ පැවිදි රූපය දෙවියන් මැව්ව එකක් කියනවානේ. පරිබ්‍රාජකයෙක් කියලා නම් කියන්න අමාරුයි. මොකද පරිබ්‍රාජකයෝ කියන පිරිස විවිධාකරයි. ප්‍රියමනාප ස්වරූපයක් මෙයාලගේ තිබුණේ නැහැ කියනවා...
පිලිපීනයේ කුරුස පත් වීම සිහි කරන්න ඒ වගේ දෙයක් කරනවා කියලා නම් දැනන් හිටියා. ඒත් මේ අනිත් විස්තර නම් එකක් වත් කලින් අහලා වත් තිබුනෙ නෑ.
ReplyDeleteඇත්තටම මේක නම් තේරුමක් නැති වැඩක්.. මධුරංග අයියා කියපු කතාවට මාත් එකඟයි.
එක එක්කෙනා දකින විදිහනෙ නංගී.. පිලිපීන කිතුනුවන් අතර ඔය වගේ අමුතු සිරිත් ගොඩක් තිබෙනවාලු..
Deleteආගම් ගැන මගේ අඩු දැනුම නිසා මේ ලිපිය හොඳින් කියෙව්වා.
ReplyDeletehttp://samakayawate.blogspot.com/
මේ පැත්තෙ දිගටම ආවොත් ගොඩාක් ආගමික කරුණු දැනගත හැකිවේවි :)
Deleteඕවට තමයි අන්තවාදය කියන්නෙ..තමන්ගෙ ශරීරයට වධ දීලා විමුක්තිය හොයන්ඩ බෑ කියලා ඔය මිනිස්සු කවදා තේරුම් ගනියිද ?
ReplyDeleteසිද්ධාර්ථ කුමාරයත් ශරීරයට වධ දීලා විමුක්තිය හොයන්ඩ ගිහින් ඒක හරියන්නැති බව අවබෝධ කරගත්තලු...
ලිපිය නම්, වැඩිය කතා නොකෙරෙන මාතෘකාවක් ගැන කතා කෙරෙන, අමුතුම මාදිලියෙ ලිපියක්. දෙවෙනි කොටසකුත් තියනවලු නේද ?
මේකත් එක්තරා අන්තවාදයක් තමයි. ශරීරයට යම් පීඩාවක් කෙරෙනවා නම් ඒ කළ යුත්තෙ කුමන අරමුණකින්ද කියලා ඊළඟ ලිපියෙන කියන්නම්..
Deleteමම හිතන්නෙ අර බුදුන් වහන්සේගේ ඇටකටු පෑදිලා තිබුන රූප එහෙම තියෙන්නෙ.. ඒ කාලෙ ගැන වෙන්න ඕනෙ කියන්නෙ.. මම ඒ නම මතක නෑනෙ..
මටත් අහම්බෙන් හමුවුනේ ඩාවින්සි කෝඩ් ගැන කියවද්දි කරපු සර්ච් එකකින්.. වටින් ගොඩින් මම දන්න කරුණුත් ඇමිණුවා.. ඊළඟ කොටසෙන් අවසානයි..
කලින් කමෙන්ට් එකකත් මම කිව්වා වගේ ඒ කාලයේ භාරතයේ පිළිගැනීම වුනේ විමුක්තිය හොයන්න නම් ශරීරයට දැඩි දුක් දෙන්න ඕනේ "අත්ථකිලමතානු යෝගය" අනුගමනය කරන්න ඕනේ කියන එක. බෝසතාණෝ ඒක උපරිමෙන්ම අනුගමනය කරලා ඒක නිෂ්ඵලයි කියලා වටහාගෙන මධ්‍යම ප්‍රතිපදාවට අවතීර්ණ වුනා..
Deleteඒක දුක් විඳපු කාලයට මොකක් කියලද කියන්නෙ හසිත..
Delete@ හරී
Deleteදුක් විඳපු කාලය "දුෂ්කර ක්‍රියා කල සමය" කියලා කියනවා. පොදුවේ ගත්තාම පැවිදිවීමේ ඉදන් බුදුවීම දක්වා වූ කාලය කිං සච්ච ගවේසී අවධිය එහෙමත් නැත්නම් සත්‍ය සොයාගිය අවධිය කියලා හඳුන්වනවා
දුෂ්කර ක්‍රියා නේද? මම අහලා තියෙන විදිහට සිද්ධාර්ථ කුමාරයා විදිහට ලැබූ අධික සැපතෙන් විමුක්තිය නොලැබෙන බව තේරුනාම තමයි බුදුන් වහන්සේ අධික දුක්දීමට යොමුවෙන්නෙ.. ඒකෙනුත් තෘෂ්ණාව වැඩිවෙනවා කියලා නේද මධ්‍යම ප්‍රතිපදාවෙ ඉන්න කියන්නෙ..
Delete@ හරී
Deleteබෝසතාණන් වහන්සේ ගිහි ගෙයි ඒ කියන්නේ රාජ කුමාරයෙක් විදිහට හිටිය කාලයේ අධික සැප සම්පත් භුක්ති වින්දා. ඒ විදිහට ශරීරයට අධිකව සැප දීමෙනුත් විමුක්තිය ලබාගන්න පුලුවන් "කාමසුඛල්ලිකානු යෝගය" කියන විශ්වාසෙත් ඒ කාලයේ තිබුණා. පස්සේ ගිහිගෙය අත හැරලා පැවිද්දෙක් වුණු බෝසතාණෝ ශරීයයට දැඩි දුක්දීම "අත්ථකිලමතානු යෝගය" ට අවතීර්ණ වුනා. ඒකෙනුත් ප්‍රයෝජනයක් නැති තැනයි ඒ අන්ත දෙක මැද තිබෙන මධ්‍යම ප්‍රතිපදාවට අවතීර්ණ වුණේ....
ස්තුතියි!
Deleteඑතකොට එබඳු පුද්ගලයෝ විමුක්තිය යනුවෙන් අදහස් කළේ මොකක්ද?
විමුක්තිය, සත්‍ය කියලා විවිධ අය විවිධ අර්ථකතනයන්ගේ තමා හිටියේ. සමහරුන් විමුක්තිය කියලා අදහස් කරපු මාර්ගයේ ගමන් කිරීමෙන් බ්‍රහ්ම ලෝකවල උපදින්න පුලුවන් වන ආකාරයට හිත දියුණු කරගන්න පුලුවන් වෙලා තියෙනවා...
Deleteවේදනා විඳීමත් එක්තරා විදිහක ලිංගික ආශාවක් ලු නේ.පාවුලෝ කොයියෝගේ මිනිත්තු එකොළහේ කතාවේ හරි ලස්සනට ඒක විස්තර කරනවා.
ReplyDeleteකොහොමත් ඔය වගේ සංදර්ශනවල ගොඩක් තියෙන්නේ ප්‍රදර්ශනාත්මක කාමයත් එක්ක එකතුවෙච්ච එකක් නේද?
"පාවුලෝ කොයියෝගේ මිනිත්තු එකොළහේ කතාවේ" ඒ මොකක්දැයි මම දන්නෙ නෑ දිනුක.. පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන්ද?
Delete"කොහොමත් ඔය වගේ සංදර්ශනවල ගොඩක් තියෙන්නේ ප්‍රදර්ශනාත්මක කාමයත් එක්ක එකතුවෙච්ච එකක් නේද?" නැහැ.. මෙතන එවැනි ෆැන්ටසිමය ගතියක් නෑ.. තනිකරම ආගමික දේ විතරයි තිබෙන්නෙ.. ඔවුන් භක්තිය පෙන්වන්න භාවිතා කරන ක්‍රම බාහිරෙන් බලන්නන්ට ටිකක් අමුතුවට පේන්න පුලුවන්..
පාවුලෝ කොය්යෝගෙ මිනිත්තු එකොළහේ කතාව කියන්නේ නවකතාවක්.ශරීරයට වේදනා දීමෙන් (අනුන්ගේ මෙන්ම තමන්ගේත් ) තෘප්තියක් ලබා ගැනීම ගැන විස්තර කරලා තියෙනවා ලස්සනට.ඒක ආගමික භක්තිය පෙන්නන්ඩ කරනවා වෙන්ඩ පුළුවන්.ඒත් ඒකෙන් තෘප්තියක් නැතුව කෙනෙක් ඒක කරයි කියලා විශ්වාස කරන්ඩ බෑ.හැබැයි ඇහුවොත් තමන් ඒකෙන් තෘප්තියක් ලබනවා කියලා කියන්නෙත් නෑ.එතකොට භක්තියේ කතාව අහක යනවනේ.
Deleteඔය මහා සිද්දියේ ක්ෂුද්‍ර අවස්ථාව සඳරු ලිව්ව මේ ලිපියේ ටිකක් පැහැදිලි වෙනවා
ස්තුතියි දිනුක..
Deleteනිතර කියවන්න නොලැබෙන ඝනයේ හොඳ ලිපියක්!
ReplyDeleteඔබට ජය!
ස්තුතියි හිරු..
Deleteඔබටත් ජය.. අර අලුත් කමෙන්ට් බොක්ස් එකක් අටවාගෙන හින්දා කමෙන්ට් කරන්න අමාරුයිනෙ.. ඒත් ලිපි නම් කියෝනවා..
මේ ගැන පෙරේදා අපි සාකච්ඡා කළා විතරයි.. බොහොම වටිනා ලියවිල්ලක් හරි..
ReplyDeleteසාකච්ඡා කළා කිව්වෙ?? මට තේරුනේ නෑ..
Deleteඅපේ සෙට් එකේ කතා බහකදී ඔය ගැන අපි කතා වුණා. ඒ ගැනයි මම ලිව්වේ. පාලු කාන්තාරේ වෙලාව කන්න කතා කරකර ඉන්නකොට කතා වෙන්නේ ඕවා තමා.
Deleteමට එකපාරට හිතුනෙ නිල වශයෙන් වෙච්ච සාකච්ඡාවක් කියලා.. :)
Deleteදෙමළ අයගෙත් ඔහොම චාරිත්‍රයක් තියෙනවා.
ReplyDeleteමේ කියන්නෙ අර හින්දූන්ගෙ කටු ගසන් චාරිත්‍ර ගැන වෙන්ටැ..
Deleteබුදු හමුදුරුවෝ කොතනකදීවත් එහෙම යමක් කියලා නැ.එත් ඔබ කියන විදියට පන්සලක එහෙම වෙනවා නම් එක බුද්ධධර්මයට නිගා කරන කෙනෙකුගේ උවමනාවට වෙන දෙයක්.බුද්ධ දර්ශණය මිනිසා නිරොගිමත් කරනවා මිස ලෙඩෙකු නොකරයි.
ReplyDeleteමම එහෙම ලිව්වෙ සමහර පන්සල් වල ගිනි පෑගීම කෙරෙන නිසායි.. DDT කියන විදිහට ඒක හින්දු ආභාශයෙන් ඇතිවූ දෙයක්ලු..
Delete@ගයනි,
Deleteමේකත් අර දේවාල පන්සල් අස්සේ ගහගෙන ඉන්නවා වගේ දෙයක් තමා. බුද්ධ දර්ශනයේ කියලා නෑ අපිට දේව පිහිටක් ඉල්ලන්න. දෙවියන් යදින්න. ඒත් පන්සලේම දේවාල අටෝගෙන කරන්නේ ඔය. එහෙම එකක් තමා ඔය.
තවමත් මේ ඇදැහිලි සය විශ්වාස ලංකාව ඇතුලෙත් ක්‍රියාත්මක වෙනවා. ඕනෑම ආගමක බෙදී වෙන්වුණ කොටස් පිහිටවාගන්නා ක්‍රමවලින් තමයි මේනා ඇතිවන්නෙ. ඒ අතින් ශරීරයට වේදනාවක් දිම දුකක් දිම බුදු දහමෙත් පෙන්නලා දුන්නා. බුදුන්වහන්සේ.පළරහිත දෙයක්ය කියලා.
ReplyDeleteඔව් දයා අයියෙ හින්දු ආගමිකයො වගේම මම දෑහින් දැක්ක කසපහරදෙන්නොත් ඒකට හොඳම සාක්කියක්..
Deleteඔය ආගමික චාරිත්‍ර ගැන කතා කරන එකත් මට නම් ටැබූ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
කමෙන්ට් එකට වඩා දිගයි ඩූඩ්ගෙ සිග්නේචරේ... :)
Deleteඊයෙම ලිපිය කියෙවුවත් කමෙන්ට් එකක් දාන්න බැරිවුනා ටිකක් බිසී නිසා.. දැං ඇවිත් බලනකොට කියන්න තියෙන ඔක්කොම ටික කට්ටිය කියලනේ.. ඒක නිසා ඉතිං මං මුකුත් නොකියා ඉන්නං.. :)
ReplyDeleteඑහෙනම් ඊළඟ කොටසෙදි කලින්ම එමු... :)
Deleteමේක කියවද්දි " ද ඩාවින්චි කෝඩ් " ෆිල්ම් එක මතක් උනා.. ඒකෙත් මේ වගේ රූප පෙලක් තියෙනවනේ..
ReplyDeleteඒකෙ ඉන්න Silas කියන තාපසයා මෙහෙම කරන රූපරාමු පෙළක් තියෙනවානෙ..
Delete