ස්වයං-විඳවීම 1 ලිපියේදී තමුන්ටම පහරදීගන්නා කසකරුවන් ගැනත් ජේසුස් වහන්සේ මෙන් කුරුසයේ ඇණගැසුම්කන්නන් ගැනත් අපි කතාකළානෙ. අද ලිපි මාලාවේ අවසාන ලිපිය බලමු.
කසපහර ගසාගැනීමටත් කුරුසියේ ඇණ ගසාගැනීමටත් අමතරව නිරාහාරව සිටීම ආදී එතරම් දරුණු නොවූ ක්‍රියා මඟින්ද සිරුරට පීඩා ගෙනදෙන්නෝ සිටිති. නිරාහාරශීලයට කදිම උදාහරණයක් ලෙස ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් සමය සඳහන් කළ හැක.
පෙර කී කාරණා මෙන් නොව නිරාහාර ශීලය කතෝලික සභාව විසින් ද අගය කොට සළකයි. එය ඉතා උතුම් පුන්‍ය ක්‍රියාවක් ලෙස සළකයි. නිරාහාර ශීලය සමඟම ඈඳෙන වචනයකි, මර්ධන ක්‍රියා (abstinence). මර්ධන ක්‍රියාවක් යනු තමුන් පිනවන කිසියම් හෝ දෙයකින් වැළකී සිටීමයි. උදාහරණ ලෙස මත්පැන් පානයෙන් වැළකී සිටීම, දුම්පානයෙන් වැලකී සිටීම, සංගීත ගායන වාදන වලින් වැළකී සිටීම සැළකිය හැක. බ්ලොග් කියවීමද තමුන් පිනවන්නක් නම් එයින් වැළකීමද මර්ධන ක්‍රියාවකි. වසරේ සෑම කාලයකදීම නිරාහාශීලය හා මර්ධන ක්‍රියා සිදුකිරීම උතුම්කොට සළකන නමුදු චතාරික කාලයේදී ඊට වැඩි වටිනාකමක් එක්වේ. මෙලෙස නිරාහාරශීලයත් මර්ධන ක්‍රියාත් දිරිගැන්වීම තුළින් කිතුනුවන් තුළ අධ්‍යාත්මික කටයුතු කෙරෙහි අවධානයක් තබාගැනීමත්, ස්වයං විනයක් ඇතිකිරීමත්, ජේසුස් වහන්සේව අනුගමනය කිරීමත් සේම පසුතැවිලි වීමක්ද බලාපොරොත්තු වේ.
ජේසුස් වහන්සේ නිරාහාරව භාවනාවෙන් කල්ගෙවූහ |
ජේසුස් වහන්සේ කුරුසිය මත දිවිපිදූ මහසිකුරාදා දින මර්ධන ක්‍රියාවේ දිනයක් ලෙස පුරාණ කතෝලිකයෝ සළකා ඇත. අද වෙනවිට බැහැරවෙමින් තිබුනත් ඔවුහු එක්වරුශීලය අකුරටම ඉටුකළහ. මත්පැනින් සංගීතයෙන් වැළකී සිටියහ. එදින ජේසුස් වහන්සේ ලේ, කුණු, දූවිලි, කෙළ, දහදිය පිරි සිරුරින් සිටි බැවින් ස්නානයෙන්ද වැළකී තිබේ.
මෙතෙක් දුරට අප මූලිකවම සළකා බැලුවේ රෝමානු කතෝලික සභාවෙන් බැහැර පුද්ගලයෝ සිරුරට වදදීම තම භක්තිය පෙන්වීමේ මාර්ගයක් කොටගත් අන්දමයි. ඒ යටතේ කසපහර දෙන්නන්ගේ කණ්ඩායම් ද කුරුසයේ ඇණ ගැසුම් කන්නන්ගේ කණ්ඩායම් පිළිබඳව ද අපි කතා කළෙමු. දැන් රෝමානු කතෝලික සභාව ඒ පිළිබඳ දරණ ආකල්පය බලමු.
මා මුලින් පැවසූ ලෙසම මේ චාරිත්‍ර බාහිර ජනතාවට කාන්දුවූයේ කතෝලික තාපසතුමන්ලා මාර්ගයෙනි. සිරුරට වදදීම කෙසේවෙතත් ඔවුහු සිරුර පිනවන ක්‍රියාවලින් වැළකී සිටිති. ඉතාම දිළිඳු ජීවිතයක් ගතකරති. ඇඳුම් කිහිපයකින් ආහාර ස්වල්පයකින් සැනසෙමින් අත්‍යාවශ්‍ය බඩු බාහිරාදිය පමණක් පාවිච්චි කරමින් ඔවුහු ඉතා දිළිඳු දිවියක් ගෙවති. මෙබඳු ජීවිතයක අරමුණ වන්නේ ස්වයං විනයක් ඇතිකරගනිමින් තණ්හාව ආශාව අත්හැර තම පෞද්ගලික සැපවිහරණය නොතකා දෙවියන් වහන්සේට සේවය කිරීමයි. අනිත් අරමුණ තමන්සතු සම්පත් ඉතාමත් අඩුවෙන් පාවිච්චි කරමින් වැඩි දිළින්ඳන් ප්‍රමාණයකට ඒවා බෙදාදීමේ යහපත් චේතනාවයි. ඒ අතරම තම සිරුරට නොයෙකුත් විදිහේ වේදනාගෙන දුන් තාපසවරුන්ද නොසිටියාම නොවේ. නමුත් පෙර කී සිරුරට වදදෙන ජනයාත් මේ තාපසවරුත් අතර වෙනස නම් ඔවුන් අප්‍රසිද්ධියේ මේ දේවල් සිදුකරගැනීමයි. සමහරවිට ඔහුගේ මරණයෙන් පසු ඔහු සිටි ස්ථානය පරීක්ෂා කරනතෙක් ළඟම මිතුරන් පවා මේ පිළිබඳ දැන නොසිටියහ.
ශුද්ධවන්තයන්ගේ හා ශුද්ධවන්තියන්ගේ ජීවිත කථා අධ්‍යනයේදී මෙලෙස රහසේ තම් ශරීරය පීඩාවට පත්කරගත් චරිත අපට හමුවේ. ඒ අතරින් සමහර දෙනා මුලදී ඉතාම පව්කාර ජීවිතයන් ගතකළ අය වූ අතර ඒ පව්වලට වන්දි වශයෙන් ජීවිත කාලය පුරාම මෙලෙස සිරුරට වදදුන් බව පැවසේ. බොහෝ ශුද්ධවන්තයන්ගේ ජීවිත තුළ සැඟව පැවතී මෙවැනිදෑ නිරාවරණය වූයේ ඔවුන් ශුද්ධවරයට එසවීමේ පරීක්ෂණ වලදීය.
ෆ්‍රැන්සිස්තුමාගේ වණ කැළල් දැක්වෙන මූර්තියක් |
ලෝමඇඳුමක් |
සිලීසය |
පියෝ පියතුමා |
ඔස්කා රොමෙයිරෝ අගරදගුරුතුමා |
තාපසවරුන් පෙන්වාදෙන පරිදි පූර්ණ අනුදැනීමකින් තොරව කෙරෙන සිරුරට වදදීමක් හෝ මර්ධන ක්‍රියාවක් ඵලරහිතය. බරපතල නොවෙන අන්දමේ ක්‍රියාවක් කළහැකි වුවද ඉතා බරපතල ක්‍රියා අනුමත නොකරයි. තමුන්ගේ පෞද්ගලික ආස්වාදය තකා හෝ ප්‍රසිද්ධිය තකා කෙරෙන වදදීම් පාපයන්ය. තමුන්ට වදදීමේ මානසික රෝගයෙන්(scrupulosity) පෙළෙන්නෙකු කරන ක්‍රියාවක් මර්ධන ක්‍රියාවක් ලෙස නොසැළෙකෙන අතර කෑම ගැනීමේ ආබාධයකින් පෙළෙන්නෙකු (anorexia nervosa.
) නිරාහාරශීලය රකින්නෙකු ලෙස සැළකෙන්නේද නැත. මර්ධන ක්‍රියාවේ නියුතු වන්නාගේ මූලික අරමුණ විය යුත්තේ ස්වයං විනයයි. අවසාන වශයෙන් සිරුර පීඩාවට පත්කරන ආකාරයේ සියලු ක්‍රම කතෝලික සභාව අනුමත නොකරන අතරම සියලු ක්‍රම ප්‍රතික්ෂේප වීමක්ද නොවේ.
තමාගේ එක් කෑමවේලක් කුසගින්නේ පෙළෙන්නෙකුට දී කුසගින්නේ සිටියහැකි නම්, තමාට අලුත් ඇඳුමක් ගැනීමට වෙන්කළ මුදලින් ඇඳුම් නැති කෙනෙකුට ඇඳුමක් ලබාදිය හැකි නම්, තමා විනෝදය සඳහා වැය කරන මුදල් දුගියෙකුගේ මූලික අවශ්‍යතා සැපිරීමට වැය කළ හැකි නම්, තමා විනෝද වීමට වෙන්කළ කාලය වෙනත් කෙනෙකුට උදව්වක් කිරීමට යොදා ගත හැකි නම් එය නියම මර්ධන ක්‍රියාවකි.
තමාගේ එක් කෑමවේලක් කුසගින්නේ පෙළෙන්නෙකුට දී කුසගින්නේ සිටියහැකි නම්, තමාට අලුත් ඇඳුමක් ගැනීමට වෙන්කළ මුදලින් ඇඳුම් නැති කෙනෙකුට ඇඳුමක් ලබාදිය හැකි නම්, තමා විනෝදය සඳහා වැය කරන මුදල් දුගියෙකුගේ මූලික අවශ්‍යතා සැපිරීමට වැය කළ හැකි නම්, තමා විනෝද වීමට වෙන්කළ කාලය වෙනත් කෙනෙකුට උදව්වක් කිරීමට යොදා ගත හැකි නම් එය නියම මර්ධන ක්‍රියාවකි.
අලි අග්කාගේ ප්‍රහාරයෙන් පසු දෙවන ජුවාම් පාවුළු පාප්තුමා වේදනා විඳීම ගැන දැක්වූ අදහසකින් ලිපිය නිමා කරමි.
"Christ did not conceal from his listeners the need for suffering. He
said very clearly: "If any man would come after me... let him take up
his cross daily, and before his disciples he placed demands of a
moral nature that can only be fulfilled on condition that they should
"deny themselves". The way that leads to the Kingdom of heaven is
"hard and narrow", and Christ contrasts it to the "wide and easy" way
that "leads to destruction." Christ does not explain in the abstract the
reasons for suffering, but he states: "Follow me!". Come! Take part through your suffering in this work of saving the world, a salvation achieved through my suffering!
Through my Cross. Gradually, as the individual takes up his cross,
spiritually uniting himself to the Cross of Christ, the salvific meaning
of suffering is revealed before him. ...It is then that man finds in
his suffering interior peace and even spiritual joy."
මූලාශ්‍ර:
// තමාගේ එක් කෑමවේලක් කුසගින්නේ පෙළෙන්නෙකුට දී කුසගින්නේ සිටියහැකි නම්, තමාට අලුත් ඇඳුමක් ගැනීමට වෙන්කළ මුදලින් ඇඳුම් නැති කෙනෙකුට ඇඳුමක් ලබාදිය හැකි නම්, තමා විනෝදය සඳහා වැය කරන මුදල් දුගියෙකුගේ මූලික අවශ්‍යතා සැපිරීමට වැය කළ හැකි නම්, තමා විනෝද වීමට වෙන්කළ කාලය වෙනත් කෙනෙකුට උදව්වක් කිරීමට යොදා ගත හැකි නම් එය නියම මර්ධන ක්‍රියාවකි. //
ReplyDeleteමොන අරමුණින් කළත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් වටිනව, අද දවසෙ අපේ රටේ, විශේෂයෙන් ඇති හැකි හුඟක් අය තේරුම් නොගන්නෙත් ඔය දේමයි.
ඔව් DDT ඒක ඇත්ත. තමුන් සිංහල අවුරුද්දට නත්තලට පුච්චන සල්ලි වලින් එදා දවසෙ කන්න නැති කීදෙනෙක්ගෙ බඩගින්න නිවන්න පුලුවන්ද?
Deleteහැම ආගම් දර්ශනයකම තියෙන හරය එකක් කියලයි.පොඩි පොඩි වෙනස් කම් තිබුණට.සිරුරට වද දීගන්න එක එයාලගේ මානසික දෙයක්.එයාලා ඒකෙන් සතුටක් ලබනවනේ.
ReplyDeleteක්‍රමය වෙනස් වුනත් හැම ආගමකම අරමුණ එකක් කියලයි මට හිතෙන්නෙ..
Deleteසතුටක් ලබන්නේ නෑ.. එහෙම කරන එක පාපයක් කියලනෙ කියවෙන්නෙ.
වෙනද වගේම අදත් හරවත් කරුණු රැසක් දැනගත්තා මේ ලිපිය මගින් ඉස්තුතියි යාළුවා ...
ReplyDeleteඅගය කිරීමට බොහොම ස්තුතියි රොබින්..
Deleteමේක අත්තෙන්ම බොහොම වැදගත්, සිංහල බ්ලොග් අවකාශයේ අති විරල ලිපියක් කිව්වොත් මම 100% නිවැරදියි. ගිනි පාගන ඒවනම් ටීවී එකෙන් දැකලා තිබුනට ඒවයෙ පසුබුමත් එක්ක මෙහෙම සවිස්තරාත්මක ලිපියක් මම කොහෙදිවත් දැකලවත් තිබුනෙ නෑ.. බොහොම ස්තූතියි හරී.
ReplyDeleteඅර තාපසවරුන්ගෙ අරමුණ අල්පෙච්ඡතාවය. මම හිතන්නෙ ඔවුනුත් අවබෝද කොටගෙන ඇති සිත කය පිනවීමෙන් කිසිම විමුක්තියක් ලබන්න බැරි බව.
එක් වරු ගැන නම් මාත් මේ මොහොත වෙනකම්ම හිතන් හිටියේ, එක වේලක් විතරක් නොකා ඉඳීම කියලා.. :-).. අපේ ලේසියට හදාගත්තු ඒවා වෙන්න ඇති නේද ?
ඇත්තෙන්ම තමන්ට දෙයල් තදින්ම අවැසිව තියනකොට ඒකම වෙන කෙනෙකුට පරිත්‍යාග කිරීමෙන් ලැබෙන්නෙ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් මානසික සතුටක්...
අගය කිරීමට ස්තුතියි සෙන්නයියේ.. බොහෝදෙනෙකුගෙ සංස්කෘතික පසුබිමත් එක්ක මේක නිකන් විකාරයක් වගේ පෙනුනත් මෙව්වලත් යම් ගතයුත්තක් ඇත..
Delete'අල්පෙච්ඡතාවය' ඒක තමයි වචනය.. මම ඕක ලියද්දි දිව අග හිබුනා ආවෙ නෑ.. පස්සෙ වෙනස් කරලා දාන්නම්කො.. තාපස ජීවිතයත් හරිම අපූරුයි වගේ.. දවසක ඒ විස්තර හොයාගෙන ලිපියක් ලියන්න ඕනෙ..
"එක් වරු ගැන නම් මාත් මේ මොහොත වෙනකම්ම හිතන් හිටියේ, එක වේලක් විතරක් නොකා ඉඳීම කියලා.." හි..හි.. මමත් ලිපිය ලියනකම්ම හිතාන හිටියේ එහෙමයි..
ඇත්තටම ජේසුස් වහන්සේ කිව්වෙ ඇතිහැකි අය නැතිබැරි අය එක්ක බෙදාගෙන ජීවත්වෙන්න කියලනෙ.. ඒක සමාජවාදයට ගොඩාක්ම කිට්ටුයි වගේ.. මුල් කිතුනු සභා තනිකරම සමාජවාදී ආකල්ප වලින් තමයි තිබිලා තියෙන්නෙ..
මුස්ලිම්වරු නිරාහාරව ඉන්නේ ආහාර නොමැති කෙනෙක්ගේ වේදනාව දැනගන්ඩයි කියලා මම අහලා තියෙනවා.ඇත්තද කියලා හරියටම දන්නේ නෑ.මොනවා උනත් සිරුරට වද දීම අනුමත කරන්ඩනං බෑ.දෙවියන් වහන්සේගේ නිර්මාණයක් වෙච්ච මිනිස් සිරුරට වධ දීම (තමන්ගේම සිරුර උවත් ) අනුමත කරන්ඩ පුළුවන්ද?
ReplyDelete"මුස්ලිම්වරු නිරාහාරව ඉන්නේ ආහාර නොමැති කෙනෙක්ගේ වේදනාව දැනගන්ඩයි කියලා මම අහලා තියෙනවා." මාත් අහලා තියෙනවා..
Deleteඑක් එක් අය පෞද්ගලිකව දරණ මතනෙ දිනුක.. ඒකෙන් අනික් අයට හානියක් නැත්නම් එච්චරයි..
කියෙව්වෙමි
ReplyDeleteහසිතට කියන්න තියෙන ඔක්කොම කලින් ලිපියෙදි කිව්වනෙ.. මම හිතන්නෙ හසිතගෙන් ලැබිච්ච කෙටිම කමෙන්ටුව වෙන්නෝන..
Delete:D
Deleteවටිනා අගනා පොස්ටුවක්,,,,,,,,
ReplyDeleteස්තුතියි
Deleteමම පොඩි කාලේ ඉඳල හැදුනේ ඔබේ ආගමේ වටපිටාවක.පාසලත් එහෙමයි,,මේවා කියවනකොට ඒ හැමදේම ආයෙත් මතක් වෙනවා..
ReplyDeleteජය!
පරණ මතකයන් අලුත් කරන්න ලැබීම ගැන සතුටුයි කියන්නත් බෑ.. මොකද කියන හැටියට ඒවා බොහොම දුක්බර මතක..
Deleteමේ මතවාද විවාද සම්පන්නයි. හේතුව එක එක කෙනා දකින විදිය වෙනස් නිසා.
ReplyDeleteඑක එක්කෙනා හිතන්නෙ පතන්නෙ තමුන් හැදුනු වැඩුනු වටපිටාව අනුවනෙ.. ඒක නිසා විවිධ වෙනස්කම් තියෙන්න පුලුවන්..
Delete// දිළිඳු දිවියක්// කියන එකට වඩා "අල්පේච්ඡ දිවියක්" කිව්වොත් ගැළපෙනවා නේද? අර අන්තිමට කියපු අර්ථදැක්වීම අනුවනම් "මර්ධනය" කියන්නේ හොඳ දෙයක් හැටියටයි පේන්නේ.
ReplyDeleteඅල්පේච්ඡ කියන එකයි හොඳම වචනය.. මම වෙනස් කරන්නම්.. ස්තුතියි සයුරි අක්කේ..
Delete"එක්වරුශීලය රැකීමට හෙවත් දිනකට එක වේලක් ආහාර ගැනීමටත් සියලු මස් මාංස ආදියෙන් වැළකීමටත් කතෝලිකයන්ට නියමව පවතී."
ReplyDeleteමේකාර්ණය මෙ වන තෙක් මම දැනගන හිටියෙ නැ. මේ විදියට ශරිරයට දුකක් දෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් ගරු කිරීමක් විදියටද?
දෙවියන් වහන්සේගේ පුත්‍රයාවෙච්ච ජේසුස් වහන්සේට කුරුසියේ මරණයත් දුක් විඳීමත් අයත් වුනේ අපේ පව් නිසා කියලයි සළකන්නෙ.. ඊට ගරු කිරීමක් විදිහට තමයි දුක් විඳීම ඇවිත් තිබෙන්නෙ..
Deleteඔව්.. අළු බදාදාත් මහ සිකුරාදාත් එක්වරුශීලය රකින්නත් මස් මාංස වලින් වලකින්නත් ඕනෙ.. අවුරුද්දෙ හැම සිකුරාදාවකම මස් මාංස නොකා ඉන්න පුලුවන් නම් ඒත් හොඳයි කියලයි කියන්නෙ..
මෙහෙ ඒතරම තදට නැතිවුනාට කතෝලික රටවල මිනිස්සු චතාරික කාලෙදි මස්, බිත්තර, මත්පැන් ආදී සියල්ලෙන් වළකිනවාලු.. දයා අයියා දන්නවද මන්දා කාලෙකට කලින් ලංකාවෙ බිත්තර ගැහිල්ලක් තිබුනා..
මොන විදියකට උනත් ශරීරයට ඕනේවට වඩා දුක්දෙන එක හොඳ වැඩක් කියලා මට පේන්නේ නෑ. හැම දේකම මැදි පිලිවෙතක් තියන්ට ඕනි කියලා මට හිතෙන්නේ. මම දන්න මෑනි කෙනෙක් ඔය කියනවා වගේ නොකා නොබී භාවනා කලා. අන්තිමට එයා නතර උනේ දොස්තර ලඟ.
ReplyDeleteමම හිතන්නෙ සියල්ලටම වඩා වැදගත් ප්‍රතිපත්තිගරුක ජීවිතය කියලා..
Deleteවටිනා විස්තරයක්... ඔබේ වෑයමට මගෙන් සුභ පැතුම්...!
ReplyDeleteස්තුතියි සිරා..
Deleteකිතු දහම ගැන ඉගෙන ගන්න තව ගොඩක් දේවල් තියෙනවා... අගනා ලිපියක්... ඔබට ජය...
ReplyDeleteඅලුත් මල්ලිව සාදරයෙන් පිළිගන්නවා..
Deleteස්තුතියි.. පරණ ලිපිත් කියවලා බලන්න.. ආගම් ප්‍රචාරයට නෙමෙයි නිකම් දැනගැනීමට.. :)
ස්තුතියි.. ජය!
ලිපි දෙකම කියෝලා ආවේ,කමෙන්ට් පවා,, ගොඩක් දේවල් මමත් දැකලා තියනවා ඔය දූවේ පාස්කුව වගේම,බොරලැස්සේ පාස්කුවත් ඇන ගැසුවේ නැති උනාට කුරුසියේ එල්ලනවා ඔය පාස්කු වලදිත්
ReplyDeleteඒ පාස්කු නාට්‍යයි මේ කියන කතාවයි දෙකක් ඩිලාන් අයියේ.. පාස්කු නාට්‍යය වලදී වෙන්නෙ ජේසුස් වහන්සේ දුක් විඳීම මරණය නාට්‍යානුසාරයෙන් පෙන්වීමනෙ.. ඒ ශිල්පීන්ට නාට්‍යය රඟපෑමේදී අපහසුවක් දැනුනත් ඔවුන්ගෙ නාට්‍යය පෙන්වීමෙ ඇර දුක් විඳීමේ අරමුණක් නෑනෙ..
Deleteමම කියපු දූවේ පාස්කු වලදී සිද්ධ වුනුදේ කළේ නාට්‍යය ශිල්පීන් නෙමෙයි.. වෙනම පිරිසක්.. අනික මම කියපු පිලිපීනයේත් නාට්‍යය පෙන්වීමකට වඩා දුක්විඳිම පිණිස කුරුසයේ ඇණගසාගැනීමයි වෙන්නෙ...
පාස්කු නාට්‍යය කියන්නෙත් ලිපියක් ලියන්න වටින කාරණාවක්..
හැමදාම කියනවා වාගේ මේ කරන වැඩේ වටිනවා මචං
ReplyDeleteස්තුතියි අටං අයියා..
Deleteනොදැන සිටි ගොඩක් කරුණු දැනගත්තා හරී..ස්තුතියි ගොඩක්..
ReplyDeleteඅලුත් යමක් දෙන්න ලැබීම ගැන සතුටුයි!
Deleteතමන් එක වේලක් නොකා සිටීමෙන් විතරක් නොනැවතී ඒ වෙලා දුප්පතෙකුට පරිත්‍යාග කරනවානම් වඩාත් හොඳයි. ලෝකය පුරා ආහාර බෙදීයාමේ විෂම චක්‍රයේ කෙසේද යන්න එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තා වල තිබෙනවා. ශරීරයට නිකරුනේ දුක් දීමෙන් තම පව් වලින් ගැලවිය හැකියයි මමනම් විශ්වාස නොකරන්නේ සාධක සහිතවයි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මම අහලා තියෙන හැටියට නියම විඩිහට බෙදීයනවානම් ලෝකයේ වාර්ෂික ආහාර නිෂ්පාදනය මිනිසුන්ට ඕනෑවටත් වැඩීලු.. අනික සමහර රටවල් මස් නිෂ්පාදනයට (සත්ව ආහාර වශයෙන්) ධාන්‍ය යොදන නිසා මිනිසුන් මස් කෑමෙන් වැළකෙනවා නම් ඒත් ආහාර අතිරික්තයක් ඇතිවෙනවාලු.. ඇමරිකාව වගේ රටවල් වාර්ෂිකව ධාන්‍ය නැව්පිටින් මුහුදුබත් කරනවා කියලත් කියන්නෙ..
Deleteබොහොම හොඳයි ඔබගේ මේ ලිපි.. කිතුනු දහම ගැන මට නම් ඒ තරම් අවබෝධයක් නෑ. ඒ අවබෝධය ලබා ගන්න පුළුවන් වෙයි කියල හිතනවා ඔබගේ ලිපි වලින්. ඉතින් පුළුවන් වෙලාවට පැරණි ලිපිත් කියවන්න එන්නම්. ඔබට ජය !
ReplyDelete