3.07.2012

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ

"මොකක්ද අර පල්ලියේදි ඔයගොල්ලන්ට දෙන සුදු පාට පෙත්ත? " බෞද්ධ මිත්‍රයෙක් දවසක් මගෙන් ඇහුවා.  බ්ලොග් අවකාසෙ ඉන්න ගොඩක් කට්ටියටත් ඔය ප්‍රශ්නෙ ඇති. ඒවගේම එහෙම එකක් දෙනවා කියලා දන්නෙ නැති අයත් ඇති. ඒ ඔක්කොම අයට දැනගන්නත් එක්ක ඒ මිත්‍රයට මම දීපු උත්තරය තමයි අද කතාවට පාදක වෙන්නෙ. ලිපිය කියවලම වැඩි විස්තර දැනගනිමු.

බෞද්ධ අය දළදා වහන්සේට කොච්චර ගෞරවයක් දක්වනවාද කියලා මම දන්නවා. මම දන්න හැටියට බෞද්ධ අයගේ උතුම්ම ගෞරවය හිමිවෙන්නෙ දළදා වහන්සේට. ඒවාගේම ගෞරවයක් කතෝලික අය දක්වන්නෙ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට(Eucharist). කොටින්ම කිව්වොත් කතෝලිකයන්ගේ උතුම්ම ගෞරවයට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලක් වෙනවා. 

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගැන මුල ඉඳලා දැන ගන්න නම් අපිට අවුරුදු 2000ක් විතර අතීතෙට යන්න සිද්ධවෙනවා. අපි යමු ක්‍රි.ව. 33ට. යම් යම් මතභේද තිබුනත් ජේසුස් වහන්සේ මරණයට පත් කළේ ක්‍රි.ව. 33 කියලයි පොදු පිළිගැනීම. ක්‍රි.ව. 33 තමන් වහන්සේගේ මරණයට ඉස්සෙල්ලාදා රාත්‍රියේ ජේසුස් වහන්සේ තමන්ගෙ ගෝළයෝ දොළොස් දෙනාත් එක්ක රාත්‍රී භෝජනයට වාඩි වෙනවා. මේ ගැන වැඩි විස්තර මධුරංග ලියපු මහ බ්‍රහස්පතින්දා ලිපියෙ ඇති. 

ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය
ඒක ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය වගේම ජුදයින්ගේ සිරිතක්වූ පාස්කු මංගල්‍යය සැමරීමත් සිදුවෙනවා. පාස්කු චාරිත්‍රය අනුව නුමුහුන් රොටිත් මිදියුෂත් තමයි ආහාර වේලට එකතු වෙන්නෙ. භෝජනයේ එක් අවස්ථාවකදී රොටියක් අතට ගන්නා ජේසුස් වහන්සේ "ඔබ උදෙසා දෙනු ලබන් මාගේ ශරීරයයි" කියමින් එය ගෝළයින් අතර බෙදා දෙනවා. ඒ වගේම මිදියුෂ පිරි කුසලාන ගෙන "ඔබ උදෙසා වගුරවනු ලබන් මාගේ රුධිරය " පවසමින් එයත් බොන්නට සලස්වනවා. මේ තමන්ගේ අන්තිම භෝජනය බව දන්නා උන් වහන්සේ "මා සිහිකිරීම පිණිස මෙය සිදුකරන්න" යි ගෝළයන්ට උපදෙස් දුන්බවත් ශු. බයිබලයේ සඳහන් වෙනවා. මේ විදිහට ජේසුස් වහන්සේගේ වචන වලින් උන්වහන්සේගේ ශරීරයටත් රුධිරයටත් සමාන කරපු පූප හා මිදියුෂ තමයි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලෙස හැඳින්වෙන්නෙ.

කතෝලිකයන්ගේ විශ්වාසයට අනුව අදටත් දිව්‍ය පූජාවේදී පියතුමා ඒ වචන පැවසුවාම, පූපයක් හා මිදියුෂ ලෙස තිබුනත්  ඒවා ජේසුස් වහන්සේගේ ශරීරයට හා රුධිරයට හැරෙනවා. ඒවා ලබා ගැනීමෙන් ජේසුස් වහන්සේම කතෝලිකයන් වෙත වැඩම කරන බවත් විශ්වාස කෙරෙනවා.

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට ගෞරව පිණිස පැවැත්වෙන ප්‍රධාන මෙහෙයන් දෙකක් කතෝලික සභාවෙ තියනවා.  එයින් ප්‍රධාන වන්නේ දිව්‍ය පූජාව. දිව්‍ය පූජාව අතරතුරදී ජේසුස් වහන්සේ කී වචන පියතුමා විසින් පවසා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ජනතාව අතර බෙදාදීමයි සිදුවෙන්නෙ. නමුත් අනික් මෙහෙය වන දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදයේදී බෙදා දීමක් කෙරෙන්නේ නෑ. ඒ වෙනුවට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දිව්‍ය සත්ප්‍රසාද කරඬුවක(Eucharistic adoration) තැන්පත් කොට ප්‍රදර්ශනයට තැබීමත් ආශිර්වාද කිරීමත් තමයි වෙන්නෙ.

දිව්‍ය සත්ප්‍රසාද කරඬුව
පූප ආසිරි ගැන්වීම
කතෝලික සභාව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට කොතරම් ගෞරව දක්වනවාද කියනවා නම් පැවිදි කෙනෙකුට හැර අන් අයට ස්පර්ශ කිරීමට අවසර නෑ. එමෙන්ම බෙදා දෙන අවස්ථාවල බිම වැටීමෙන් වෙන අගෞරවය වැළක්වීම සඳහා පූජා උදව් ළමයින් විසින් තැටි ඇල්ලීමක්ද සිදුකරනවා. දේවස්ථානය තුළ දිව්‍ය සත්ප්‍රසාද මණ්ඩපය (Tabernacle) නම් වෙනම කුටියක් තිබෙනවා. එහි තමයි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තැන්පත් කොට තියෙන්නෙ. ඒ කුටිය අසල රතු පැහැති පහනක් හෝ විදුලි බුබුලක් දැල්වීම අනිවාර්යයි. දැකලා නැත්නම් පල්ලියකට ගිය වෙලාවක බලන්න. මේ කුටිය අසලින් යනවිට දණබිම තබා නමස්කාර කරන්නත් කිතුනුවන් අමතක කරන්නෙ නෑ.
මිදියුෂ ආසිරි ගැන්වීම
දිව්‍ය සත්ප්‍රසාද බෙදා දීම












ලොකුම ගෞරවය වන්නේ පව්බරින් පිරී සිටිනවිට දිව්‍ය  සත්ප්‍රසාද ලබාගැනීමේ නොහැකියාවයි. අපි පව් කරලාද නැද්ද කියලා කවුරුත් නොදන්නා නිසා දිව්‍ය සත්ප්‍රසාද ලබාගන්න ගියවිට නොදී නොසිටියත් එසේ ලබාගැනීම තවත් පවක් එකතු කරගැනීමක් හැටියට සළකනවා. ඒක නිසා තමුන් පව්කර ඇතැයි හැඟෙනවා නම් නිසි පරිදි පාපොච්චාරණයක් කර ඒවාට සමාව ලබාගෙන නැවතත් දිව්‍ය සත්ප්‍රසාද ලබාගත හැකියි.
දිව්‍ය සත්ප්‍රසාද මණ්ඩපය

තිරිඟු පිටිවලිනුත් ජලයෙනුත් සෑදුනු පූප ගෞරව ලැබීමට සුදුසු තත්වයට පත්වෙන්නෙ ආශිර්වාද කිරීමෙන් පස්සෙ.  සාමාන්‍යයෙන් මේ පූපත්, මිදියුෂත් සාදනු ලබන්නෙ තාපස තාපසිකාවන්, සහෝදරතුමන්ලා, කන්‍යා සහෝදරියන් අතින්. ඒවාටම වෙන්වූ නිකායන් පවා තියෙනවා. පහළ පින්තූර බලන්නකො. 

පූප සෑදීම
පූප සෑදීම
පළමුවරට දිව්‍ය සත්ප්‍රසාද ලැබීමත් කතෝලිකයෙකුගෙ ජීවිතයේ විශේෂ අවස්ථාවක්. ගමේ ගොඩේ වචන වලින් කිව්වොත් 'ලබනවා' කියලා තමයි කියන්නෙ. ලබන්නත් ලේසියෙන් බෑ. අවුරුද්දකට ආසන්න කාලයක් සූදානම් වෙන්න ඕනෙ. අවුරුදු 9ක් විතර වුනාට පස්සෙ කතෝලික පොඩ්ඩො පල්ලියෙ 'ලබන පන්තිය'ට යන්න ඕනෙ. ලබන පන්තියෙදී මෙච්චර කල් ඉගෙනගත්තාට වඩා ගැඹුරින් ආගම ධර්මය උගන්වනවා. විශේෂම කාරණාව තමයි 'ඔරසං' පාඩම් ගැනීම. 'ඔරසං' කියන්නෙ යාච්ඤා වලට ගමේගොඩේ බාසාවෙන්. ඔරසං ඔක්කොම පාඩම් තියෙන සෑහෙන තරම් ආගම ධර්මය දන්නා පොඩ්ඩෙක් සුදුසුකම් ලබනවා දිව්‍ය සත්ප්‍රසාද ලබන්න. පාපොච්චාරණයකින් පස්සෙ නියමකරගත් දවසක උත්සවාකාරයෙන් තමයි පළමුවරට දිව්‍ය සත්ප්‍රසාදය දානය කරන්නෙ.

බෙන්තිඤ්ඤය
තමුන්ගේ මඟුලට පස්සේ කතෝලිකයෙකුට තියෙන ලොකුම උත්සවයක් තමයි දිව්‍ය සත්ප්‍රසාද ලැබිල්ල. සුදෝ සුදු ඇඳුමින් සැරසුණු පොඩ්ඩෝ එදාට දේව දූත පැටව් වගේ. ගෑණු ළමයි මල්වේල් එහෙම දාලා බලන්න ලස්සනයි. දිව්‍ය සත්ප්‍රසාද ලැබුණාට පස්සෙ ඒ හැමෝටම බෙන්තිඤ්ඤයක් (Scapular) ගානෙ ලැබෙනවා. පළමුවරට දිව්‍ය සත්ප්‍රසාද ලැබීමේ සළකුණක් හැටියට. ලබන පූජාවෙන් පස්සෙ ඉතින් පාටි තමයි.

පළවෙනි පාටිය තියෙන්නෙ පල්ලියෙමයි. ලබාපු පොඩි එවුන්ට කිරිබත්, කැවුම් වලින් සංග්‍රහ කරනවා.  ඊට පස්සෙ ගෙදර පාටි. පල්ලියෙ ඉඳන් ගෙදර එන පොඩි එකාව පිළිගන්නෙ වෙඩි ගහලා. සමහර දෙමව්පියෝ නම් ජයටම සමරනවා. කොහොමත් තම තමුන්ගෙ අතේ මිටේ හැටියට තමයි ඉතින්. මේ පාටිවලට ළඟ නෑයින්ට අමතරව අනිවාර්යෙන් ආරාධනා ලබන් දෙන්නෙක් ඉන්නවා. ඒ පොඩි එකාගෙ මඤ්ඤයි පඤ්ඤයි. තමුන්ට මොනම හෝ හේතුවක් මත උත්සවයක් පවත්වන්න බැරිනම් නෑයොත් මඤ්ඤාත් පඤ්ඤාත් බැහැදකින්න යනවා. මේ වෙලාවට මුදල් පුරෝපු කවරයක් හරි වෙන තෑග්ගක් හරි ලැබෙනවාමයි. 

ඊට පස්සෙ සහභාගි වන හැම පූජාවකදීම සත්ප්‍රසාද ලබන්න පොඩි එකා සුදුසුකම් ලබනවා.  

ප.ලි. : මේ ලිපිය ලියපු දෙවෙනි පාර. පළවෙනි පාර ලියලා ඉවරවෙනකොටම ලිපිය මාව දාලා යන්න ගියා. ඒක නිසා කරුණු පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා වගේ.

ප.ප.ලි. : මේ ලිපිය ඉක්මන් කරවපු ItalyDilan වත් මතක් කරන්න ඕනෙ.

93 comments:

  1. අපේ පල්ලියේ නම් පහ වසරින් ලබන්න දෙන පන්ති පටන් ගන්නේ. ඒ පන්ති වල අවසාන දවස් ටිකේ පූප කෑලි (අස්කොන්) ගෙනත් පොඩි රිහසල් එකක් කරනවා.

    ආහ් තව එකක් තමා පලවෙනි වරට ලබනකොට පවු කමා කිරීම වගේ දෙයක් කරලා ඇතුලාන්ත සූදානමකුත් වෙනවා කියලා අහලා තීයෙනවා.

    මට මතකයි අපේ සමහර කතෝලික යාළුවන්ගෙන් සමහරු අහන ප්‍රශ්නයක් තමා පල්ලි ගියහම මොනාද අර දෙන පෙපරමින් එක ? ඒක මොන රහයිද කියන ප්‍රශ්න !!

    සමහර විට ඒ අය නොදන්න කමට අහනවා වෙන්ඩ පුලුවන්. අපේ දලදා වහන්සේ වගේ කතෝලික අයට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගොඩක් උතුම් !!!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හෝව්...

      "අපේ දළදා වහන්සේ" කිව්වෙ ? එතකොට මදුරංග බුද්ධාගමේද ? එතකොට බෞද්ධයෙක්ද මේ මහ බ්‍රහස්පතින්දා ගැන ලිපියක් ලියලා තියෙන්නේ ? උඹ මාර පොරක්නේ...!

      Delete
    2. අපේ පැත්තෙ නම් හතර වසරින් තමයි ලබන්න දෙන්නෙ. ඔස්ති ගෙනැල්ලා නම් රිහසල් කරේ නෑ.

      පූප අස්කොන් කියන්නෙ ඔය උඩ කළු ඇඳගත්තු සිස්ටර් කෙනෙක් අතින් ගන්නෙ හිල් හිල් තියෙන කොළයක් වගේ එකක් අන්න එව්වා

      "පාපොච්චාරණයකින් පස්සෙ නියමකරගත් දවසක උත්සවාකාරයෙන් තමයි පළමුවරට දිව්‍ය සත්ප්‍රසාදය දානය කරන්නෙ." රැම් එකනම් හොඳටම අවුල් වගේ.. හි..හි..

      දැන් විස්තර දන්න නිසා ඔයාට පුලුවන් නොදන්න කෙනෙකුට කියා දෙන්න..

      Delete
  2. ඇත්තටම මට තිබුනු සෑහෙන ප්‍රශ්නයක් තමා ඕක මම ඉතින් කාගෙන්වත් අහන්න ගියේ නෑ අල්ලන් ගැහුවොත් එහෙම කියලා වෙලාවට ඇහුවේ නැත්තේ.....

    ReplyDelete
    Replies
    1. නොදන්න දෙයක් ඇහුවම ගහන්නෙ කවුද සහෝ...

      තව මොනාද දැනගන්න තියෙන්නෙ කියන්නකො..

      Delete
  3. This is a very informative article for me. Well written and well presented.

    ReplyDelete
    Replies
    1. Thank you very much for your valuable comment..

      Delete
  4. පූපෙ දෙන වෙලාවෙදි පියතුමා කියනදේ ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද ??? පොඩි කතාවක් තියෙනව ඒකට අහන්නෙ. අපි කියන විදියට මෙතන ඒක කියනඑක එච්චර හොද නෑනෙ ඒකයි

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි නෙමේ . . . ලතින් වලින් කියන්නෙ . . ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය වගේ එකක්

      Delete
    2. Corpus Christi (Dody of Christ) hhaha! I know the story.... :P

      Delete
    3. ඇනෝ . . ටැංකූ ඈ . . . මම හරියටම ඕක ඇහුවෙ වැරදියට කියන්න ගිහිං ඇනගන්න ඕනෙ නැති නිසා

      Delete
    4. ooh! just now I saw the mistake... (Dody) anyway, you know what I ment.. (body) Though the English word is typed with an error, the Latin word is correct... It was night and I could not see the keys of the keybord well... sorry!

      Delete
    5. @ ඕනයියා,

      මම දැනගෙන හිටියෙ නෑ ඕනෙ අයියෙ.. හොඳවෙලාවට ඇනෝ කෙනෙක් කියලා තියනවා..
      කතාව මෙතන කියන්න බැරිනම් අයියගෙ බ්ලොගියෙවත් කියන්න..

      Delete
    6. @ Ano,

      Thank you very much! Actually I didn't know the words and don't know the story also. I think it is funny one. isn't it?

      Don't mind your mistake. It just a mistyped letter :)
      I searched about it and found that there is a festival and a city in Texas called as 'Corpus Christi'. But not met the story...

      Delete
    7. හරී කතාව ලියන්න කියපු නිසා ඔන්න ලියනවා... ඒක බොහොම සිම්පල්
      එකක්. ඔන්න ඒක ගමක කොලුවෙක් ඉන්නවලු ක්‍රිස්ටි කියල. ඉතින් දවසක් මේ ක්‍රිස්ටි ගියාලු ලබන්න .. එතකොට සුවාමි පූපේ දෙනගමන් කිව්වලු සුපුරුදු විදියට "කොපුස් ක්‍රිස්ටි" කියල...එකියන්නේ "ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයය් " කියල... නමුත් මේ කොල්ල හිතුවලු "කොහොමද ක්‍රිස්ටි ? " කියල සුවාමි ඇහුව කියල ... "හොඳින් ඉන්නවා පියාණනි "කිව්වලු. එච්චරය් ... මම හිතන්නේ "ඕනය" කියන්න ගියෙත් ඕකම වෙන්නැති ...

      Delete
    8. හි..හි.... ලතින් වලින් පූජාව තිබ්බ කාලෙ වෙන්ටැ..බොහොම ස්තුතියි කතාව කිව්වට...මට ඕක අහලා පුරුදු ගතියක් තියෙනවා..ඒත් හරි මතකයක් නෑ..

      Delete
    9. ක්‍රිස්ටි ලබන්න ගියාලු යාලුවො දෙන්නෙක් එක්ක. ඉස්සරහින්ම ගිය යාලුවට සුවාමි පූපෙ දීල "කෝපස් ක්‍රිස්ටි" කීවලු. කොලුව එකපාරටම "පිටිපස්සෙ ෆාදර්" කියල ගියාලු. සුවාමිට හෙන අප්සෙට්ලු උත්තරේට. දෙවනියට ආපු කොලුවටත් පූපෙ දුන්න සුවාමි "කෝපස් ක්‍රිස්ටි" කිවුවලු. ඌත් "ඔය පිටිපස්සෙ ඇති ෆාදර්" කියාගෙන ගියාලු. දැන් සුවාමිට තවත් අප්සෙට්ලු. ඊලගට පූපෙ ලබාගන්න ආවෙ ක්‍රිස්ටිලු. මේකා මොනව කියයිද දන්නෑ කියන දෙගිඩියාවෙන් ක්‍රිස්ටිට පූපෙ දුන්න සුවාමි "කෝපස් ක්‍රිස්ටි" කීවලු. සුවාමි දිහා බලපු ක්‍රිස්ටි "ආ මම තමා, ඇයි ෆාදර්?" කියල ඇහුවලු. බලද්දි තුන්දෙනාටම "කෝපස් ක්‍රිස්ටි" කියන එක ඇහිල තියෙන්නෙ "කෝ බං ක්‍රිස්ටි" කියල.

      හරී මේ කතාව අහල තියෙන්න ඕනෙ. ඔයාලගෙ පැත්තෙ හෙන ජනප්‍රිය කතාවක්. මේක කාඩ් එකක් විදියට ගහල තිබුන ජා ඇල පැත්තෙ චන්දෙ එහෙම ඉල්ලපු ප්‍රසිද්ද කෙනෙකුට. මිනිහට පොඩිකාලෙ කතා කියල හෙන කතා සෙට් එකක් තියනව. ප්‍රසිද්දම තවත් එකක් තමා, ටීච ඊලග දවසෙ එද්දි පොතේ පලතුරක් අලවන් එන්න කීවාම බුවා ඉදිල පැනි බේරෙන කජු පුහුලමක් ටේප් ගහල පොතේ අලවං ආපු කතාව. මට පොඩි සීන් එකක් නිසා ඒ කතා ටික මගෙ බ්ලොග් එකේ දාන්න බෑ :D

      Delete
    10. හි..හි...කථාව නම් මරු..

      මම අහලා නෑනෙ..ඇත්තටම ඔය කථා එකක්වත් දන්නෙ නෑ...
      ඒ කිටා ජා-ඇල ප්‍රා. සභා ඉල්ලපු එකෙක්ද? ලොම්බ කියන එකාද?

      මොකෝ උන්දැත් බ්ලොග් කියවන එකෙක්ද?

      Delete
  5. ලබන පන්ති යන කාලේ අමතක වෙන්නේ නැහැ.ඔරසන් පාඩම් නැතුව ෆාදර් එලෙව්වම අපි ෆුල් ආතල් එකේ රස්තියාදු ගහනවා.ඒත් ඔරසන් පාඩම් නැති වුනාම බයත් හිතෙනවා මේ අවුරුද්දේ ලබන්න බැරි වෙයිදෝ කියලා.මොකද තව අවුරුද්දක් අදින්න වෙනවනේ.එකක් දෙකක් අමතකයි කියලා අපිව අතෑරියේ නම් නැහැ.

    අර පූප පල්ලියට ගේන්න කලින් කැපිච්ච කෑලි වලට කියන්නේ ඔස්ති කියලා.ඒවා හදන තැන් වලින් කිලෝ ගානට ගන්න පුළුවන්.අම්මා ඉස්සර ඒවා ගෙනල්ලා සීනි,පොල් දාල ගුලි හදල දෙනවා පට්ට රසක් තියෙන්නේ හරියට අග්ගලා වගේ ඒත් මේවා කෑලි කෑලි හින්දා වෙනස්ම ජාතියක්.

    ReplyDelete
    Replies
    1. අපේ නම් සිස්ටර් තමා පාඩම් ගත්තෙ..ඇත්තටම බොරුවටයි බය කරන්නෙ පාඩම් නොකරොත් ලබන්න දෙන්නෙ නෑ කියලා..කොච්චර මැටි ගහක් වුනත් නමෝමරියයි, ස්වර්ගේ වැඩසිටිනයි, පුතා පුත්‍රයා හරි පාඩම් කරවලා ලබන්න දෙනවා..කලින් ඔහොම කිව්වොත් එක පොඩි එකෙක්වත් පාඩම් කරන එකක් නෑ..

      හැබැයි අපේ අවුරුද්දට කලින් අවුරුද්දෙ ලබන්න දීලා නෑ..ඒ ඉතුරුවුනු පිරිසත් එක්ක පහෙයි හතරෙයි දෙගොල්ලක් ඉගෙන ගත්තා... පහේ කට්ටියට අපිට කලින් දවසක ලබන්න දුන්නා..ඒ අයගෙ ඔරසං පාඩම් නැති අයව නම් ෆේල් කරලා අපේ ගොඩට දැම්මා මතකයි..

      මමත් හරිම ආසයි ඔස්ති කන්න..දැන් හොයාගන්න නෑනෙ..අපි නම් නිකන් කෑවෙ..
      මම අදයි ඔස්ති වලින් හදන කෑමක් ගැන ඇහුවෙත්..දවසක හදලා දෙන්න බැරිද? :)

      Delete
    2. හරියෝ ලගම පල්ලියේ සිස්ටර් කෙනෙක්ගෙන් අහලා දැනගනින් කන්‍යාරාමය කොහෙද තියෙන්නේ කියලා.කන්‍යාරාමයට ගියාම ඒවා විකුනන්න තියෙනවා.ඒවා ග්‍රෑම් 500ක් විතර දාලා පොලුයි සීනියි දාලා හොදට අනලා ගුලි කරපන් සමපෝෂ වගේ.ඔස්ති පොල් එක්ක එකතු වෙද්දී නිකන් හං වෙනවා වගේ වෙනවා.ඊට පස්සේ ඉතින් කෑමක් තමා

      Delete
    3. ලගම පල්ලියේ සිස්ටර් කෙනෙක්ගෙන් අහලා දැනගනින් කන්‍යාරාමය කොහෙද තියෙන්නේ කියලා.????

      සිස්ටර්ලා ඉන්නෙ කන්‍යාරාමවල තමයි. එහෙම හැම තැනම ඔස්ති හදන්නේ නෑ බං..

      Delete
  6. මගේ මවගේ පාර්ශ්වය කතෝලික. මගේ මව විවාහයෙන් පස්සේ බුද්ධාගම වැළඳගෙන තිබෙනවා එත් මිය යනතුරු 'මේරි එලිසබෙත් ඉලෙක්ට්‍රා සුසානා' කියන නම වෙනස් කලේ නැහැ. ඇයට ඉතා විශිෂ්ට දැනුමක් තිබුනා බවුද්ධ දර්ශනය ගැන. (ඇය පාසල් ගුරුවරියක්) මගේ මවගේ පාර්ශ්වයේ සියලු දෙනාම අදටත් ඉතා භක්තිවන්ත කතෝලිකයෝ. අම්මාගේ අම්මට අපේ අම්මා 'මම්මා' කියලා කතා කල නිසා, අපිත් කිව්වේ මම්මා කියලයි. ඇය ජීවත් වුනේ ගම්පොල. ඇය තරම් භක්තිමත් කතෝලිකයක් මම තවම දැකලා නැහැ. ඇය කෑම අනුභව කිරීමට පෙර කරන පුංචි යාඥාව හරිම ලස්සනයි. ඒ වගේම ඇය අපට කතෝලික ආගමේ කතන්දර අපි පුංචි ළමයින් කාලේදී කියලා දුන්නා. ඒවා හරිම රසවත් නව නළු රසයෙන් අනූන කතා. අපි හරිම ආසාවෙන් අහගෙන ඉන්නේ. අපේ තාත්තා හිතුවේ අපි කතෝලික ආගමට ආකර්ෂණය කරගන්නට එහෙම කියා දෙනවා කියලයි. 'පපාන් පාලේන්තින්' කතාව ඔබ අහලා තියනවද? මම්මා සුරුට්ටු බිව්වා. ඒ සුරුට්ටු සුවඳ තවමත් මනසට දැනෙනවා. අගේ අත් දෙකේම වැලමිටෙන් පහල කොටසේ කතෝලික ආගමට අයත් විවිධ රූප පච්ච කොටා තිබුනා. අපි කීප වතාවක් ඇය සමග නත්තල් රෑ දේව මෙහෙයට පල්ලියට ගිහින් තියනවා. මම තරුණ කාලේ ජීවත්වූ එක්තරා ප්‍රදේශයක පන්සලේ මිහිඳු පෙරහැර පවත්වන දවසට සියලුම නැටුම් කණ්ඩායම් වලට එළවලු පමණක් සහිත රාත්‍රී ආහාරය දුන්නේ මුස්ලිම් පල්ලියෙන්. සියලුම නැටුම් කණ්ඩායම් වලට රසකැවිලි සමග තේ දුන්නේ කතෝලික පල්ලියෙන්. ඒ විතරක් නෙවෙයි, ඉතාලි ජාතික ෆාදර් කෙනෙක් හිටියා ස්ටෙෆන්zසී කියලා එතුමා මිහිඳු ප්‍රතිමාවට මල්මාලයක් පළඳනවා පෙරහැර පල්ලිය ඉදිරියෙන් යනවිට. තව එක්කෙනෙක් මල් බන්දේසියක් තියනවා ප්‍රතිමාව පාමුලින්. පල්ලියේ මංගල්ලය තියනකොට අපි බවුද්ධ කොල්ලෝ කෙල්ලෝ ගොඩාක් ගිහින් උදවු කරනවා සැරසිලි වලට. සුරුවම අරන් යන පෙරහරේ අපිත් යනවා ගීතිකා කියා කියා. (නියම අරමුණ ඒක නෙවෙයි. පල්ලියේ මංගල්ලෙට ලස්සන ගෑනු ළමයි ගොඩාක් එනවා) මේක කමෙන්ට් එකක්ද පොස්ට් එකක්ද කියා මම නොදනිමි.

    ReplyDelete
    Replies
    1. උඹේ කතාව ඇස් වලට කඳුලු ගෙනාවා. අපේ රටේ මේ තියන පුදුමාකාර සර්ව ආගමික සුහද කමේ සතුටටද, එහෙම තියෙද්දිත් සමහරු ආගම් ජාති බේද වෙනුවෙන් මරා ගැනීමේ දුකටද නැත්තං ඒ දෙකටමද මන්දා.

      Delete
    2. මමත් කතෝලිකයෙක් ඒ වගේම පන්සල් වැඩ වලට ගොඩක් සම්බන්ධ වෙලා තියනවා,,,පන්සලේ දානයටත් වග කියලා තියනවා

      Delete
    3. හැක් හැක් . . දානෙට වගකියල වැඩක් නෑ පුතෝ . . බුද්ද පූජාවට තමා වගකියන්න ඕනෙ

      Delete
    4. @ Wicharaka,

      ඔබේ කමෙන්ට් එකෙන් ලොකු දැනුමක් වගේම ආදර්ශයකුත් එකතු කරගන්න පුලුවන්. දැනුම තමයි ඒ කාලෙ ලංකාවෙ කතෝලිකයන්ගේ ජීවන රටාව ආදර්ශය තමයි ආගම් අතර සුහදතාවය.

      මමත් දැකලා තියෙනවා ඉස්සර ජීවත් වෙච්ච් සීයලා ආච්චිලා තමුන්ගෙ ආගම පෙන්වන්න විවිධ රූප වැකි ශරීරයේ කොටාගෙන හිටපු බව.කෑමට පෙර යාච්ඤාව වගේ ඉස්සර තිබුනු සමහර වටිනාකම් නම් මේවනවිට ගිලිහිලා ගිහිල්ලා. ලොකුම හේතුව තමයි කාර්‍යබහුලත්වයත් පස්සෙ කාලෙක ගෙවල්වලට ආපු යක්ස පෙට්ටියත්. හැබැයි තමුන්ගෙ දූ දරුවන්ට ඒ දේවල් උගන්වලා කාලයත් සමඟ ගිලිහෙන්න නොදී රැකගෙන එන පවුලුත් තියෙනවා.

      ආගම් අතර සුහදතාවය ගැන කියවෙනකොට මතක් වෙන්නෙ අපේ ගම. අපේ ගමේ තවමත් ආගමික සුහදතාව නොඅඩුව තියෙනවා. මට හිතෙන්නෙ දැන් එය වර්ධනය වෙලා. අපේ ගමේ ප්‍රධාන ආගමික ස්ථාන හතරක් තියෙනවා. රොමානු කතෝලික පල්ලිය, එංගලන්තසභා පල්ලිය, දේවාලය, පන්සල. ගමේ බොහෝ දෙනා ඔය ස්ථාන සියල්ලම ඇසුරු කරනවා. ඒ ඒ ස්ථානවල උත්සව වලදී ඒවාට උදව් කරනවා. ආගම්භේදයක් තකන්නෙ නෑ..

      "'පපාන් පාලේන්තින්' කතාව ඔබ අහලා තියනවද?" මම අහලා නෑ..ඒ කතාව කියන්න පුලුවන් නම් ගොඩක් හොඳයි..ඔබගේ බ්ලොගයේ හෝ කියන්න..

      කියන්න තියෙන සියල්ල කියනවිට කමෙන්ට් එක පෝස්ට් එක තරමටම හෝ ඊටත් වඩා දික්වූවාට කමක් නෑ..

      Delete
    5. "උඹේ කතාව ඇස් වලට කඳුලු ගෙනාවා." මට නම් හිනා. ආගමික සුහදත්වය වගේම වත් පොහොසත්කම්, තානාන්තර, උගත් නූගත් කම් වයස පවා අමතක කරලා උඹ, බං, බොලං කියන් ඉන්න තැනක් බ්ලොග් අවකාසෙ ඇර වෙන කොහෙද?

      විචාරක මහත්මයෝ, මේ කොලුවා කියපු කතාවට අමනාප වෙන්න එපා. ඔබතුමාගෙ කමෙන්ට් එක දැකලා උද්දාමයට පත් වෙලා හදවතින්ම(බොක්කෙන්ම) හිතිච්ච දේ තමා ලියලා තියෙන්නෙ. හිත රිදීමක් අගෞරවයක්වෙලා තියෙනවානම් බට්ටා මල්ලි වෙනුවෙන් මම් සමාව ඉල්ලනවා.

      @බට්ටා මල්ලි,
      ඔව් මලේ මිනිස්සු මොනා බෙදාගන්න බැරිවද මරාගන්නේ කියලා හිතෙනවා. ඔය වගේ ප්‍රශ්න ඇතිවෙන්න හේතුව තමයි ඕනාම සමාජයක ඉන්න සුලුතරයක්වූ අන්තවාදියො. උන් තමයි හතර වටේට ගිනි තියන්නෙ.

      Delete
    6. @ ඩිලාන්,
      බොහොම සන්තෝසයි පන්සල්වල දානත් දෙනවද?

      Delete
    7. @ ඕනයියා,
      බුද්ධ පූජාව කියන්නෙ අර බුදු හාමුදුරුවන්ගේ පිළිමය ඉස්සරහින් තියෙන කෑම වලට නේද?

      මම අහල තියෙන විදිහට ඒවා කෑවොත් බල්ලො කපුටො වෙලාලු ඉපදෙන්නෙ..

      Delete
    8. පිස්සුද හරී, බට්ටා මල්ලි කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්තනේ. හැබැයි බට්ටා මල්ලි කියනකොට මට මතක් වුනේ මගේ ලොකු අක්කගේ බාලම පුතා. එයාට අපි ආදරේට කියන්නේ 'බට්ටා' කියලා. බට්ට කිව්වට දැන් ඌට ළමයි දෙන්නෙක් ඉන්නවා. බුද්ධ පූජාව කෑවොත් බල්ලෝ කපුටෝ වෙලා උපදින්නේ නැහැ. ඒ වගේ කතා හදලා තියෙන්නේ එවැනි පහත් ක්‍රියා වලින් මිනිසුන් වලක්වා ගන්නයි. බඩගිනි වූ හිඟන්නෙක් බුද්ධ පූජාව කෑම හොරකමක් නෙවෙයි. සමහර පන්සල් වල හාමුදුරුවරු බුද්ධ පූජාව කාට හෝ අහිංසකයකුට දෙනවා මම දැකලා තියනවා. හැබැයි පුතෝ, හැමදාම වෙලාව බලලා බුද්ධ පූජාවට හොරෙන්ම වැඩේ දුන්නොත් බල්ලෝ කපුටෝ නෙවෙයි ඩෙංගු මදුරුවෝ වෙලා උපදින්නේ.

      Delete
    9. මං ඉන්නේ තේවත්ත පල්ලියට කිට්ටුව කිලෝ මීටර් 5ක් විතර ගියාම තියෙන ගමක.එකේ නම් ඉන්නේ බෞද්දයෝ තමා වැඩි හරියක්ම.ඉතින් පන්සලෙන් එක එක ඒවාට ආධාර එකතු කරද්දී අපි කතෝලික කියලා හලන්නේ නැහැ අපේ ගෙදරටත් එනවා.ඒ වගේම පන්සලේ වැඩවලට ලොකු හාමුදුරුවෝ කොල්ලෝ ගෙන්න ගද්දි මටත් පණිවිඩ එනවා හුණු ගාන්න වරෙන් අරකට වරෙන් මේකට වරෙන් කියලා..:)

      Delete
    10. ඔවු ඒක තමයි . . එහෙමකියන්නෙ පෙරේත කොල්ලන්ගෙන් ඒව බේරගන්න නෙ. නැතුව බුදු හාමුදුරුවො තරහ වෙන්නෙ නෑ උන්වහන්සෙගෙ දානෙ ටිකක් බඩගින්නෙ ඉන්න කොල්ලෙක් දෙන්නෙක් කෑවට

      Delete
    11. සමාවෙන්ඩ ඕනෙ මම හිතුවෙ නෑ වයසින් වැඩි කෙනෙක් කියලා. ඒකයි "උඹ" කිව්වෙ. මීට පස්සේ හොයලා බලලා කතා කරන්ඩ පාඩමක් ඉගෙන ගත්තා.

      Delete
    12. මම තරහා නැහැ බට්ටා, සමාව ඉල්ලන්න ඔයා වරදක් කරලා නැහැ. මම ගැන දැනගන්න එන්නකෝ මගේ බ්ලොග් එකට. www.jangun.wordpress.com

      Delete
    13. විචාරක,

      මම කිව්වෙ කමෙන්ට් එක ගැන නෙමෙයි උඹ කිව්ව එක ගැන.. :)

      මම දැක්කා රූපවාහිනියේ හාමුදුරුනමකුත් කියනවා. බුද්ධපූජාව තියලා එවලෙම අස් කරන්න පිළිණු වෙනකන් තියන්න එපා කියලා.

      ඩෙංගු මදුරුවො උනාම අනික් උන්ටනෙ කරදරේ :)

      Delete
    14. විචාරක,

      කෝ දෙවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක හරියට දාලා නෑනෙ.

      Delete
    15. මඩිස්සලේ නිශාන්,

      "මං ඉන්නේ තේවත්ත පල්ලියට කිට්ටුව කිලෝ මීටර් 5ක් විතර ගියාම තියෙන ගමක." ඒක තමා මට කන්‍යාරාමයට යන්න කිව්වෙ...
      ඔව්..ඔව්..ඔස්ති හදන කන්‍යාරාමයක් තේවත්තෙ තියෙනවා..
      මම යන යන දාට හම්බුනේ නෑනෙ..ගන්න අමාරුයි..

      Delete
  7. දිව්‍ය සත්ප්‍රසාද කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියලා දැනගෙන හිටියත් අනිත් කරුණු නම් දැනගෙන හිටියේ නෑ..
    හැම ආගමකින්ම දරුවන්ව හැඩගස්වන එක කොච්චර දෙයක්ද?
    ස්තුතියි ලිපියට..

    ReplyDelete
    Replies
    1. සන්තොසයි දැනුමට යමක් එකතුකරගත්තා කියලා අහන්න ලැබීමත්..

      මම හිතන්නෙ වැඩිහිටියන්ව හදනවට වඩා දරුවන්ව හැඩගැස්සවීම තමයි ඵලදායක..

      Delete
  8. හරී හැමදාම ලියන ලිපි මම ආසාවෙන් කියවනවා... පියතුමෙක් හැටියට ඔයාගේ උත්සාහය මම ගොඩක් අගය කරනවා... මොකද බොහොම හිත ඇදගන්න විදිහට, සරලව හරිදේ කියන්න ඔයාට පුළුවන් මී ලිපිය නම් හරිම අගෙය් ... තව ඉස්සරහට ලියන්න .. අපි සුබ පතනවා ... ජේසු පිහිටය්

    ReplyDelete
    Replies
    1. පියතුමන්ලාත් මගේ ලිපි කියවනවාද? අහන්නත් සන්තෝසයි..ඒවගේම දැන්නම් බයත් හිතෙනවා..
      වැරදිලාවත් ලිපියක හරි කමෙන්ට් එකක හරි වැරදි දෙයක් ලියවුනොත්..

      එක අතකින් ඔබවහන්සේ මගේ ලිපි කියවන එකත් මට ලොකු ශක්තියක්. මගේ අතින් වැරදි දෙයක් ලියවුනොත් නිවැරදි කරගන්න පුලුවන්නෙ.

      ඔබවහන්සේගේ අගය කිරීම මට ලොකු ශක්තියක්. බොහොම ස්තුතියි!
      ජේසු පිහිටයි!

      Delete
  9. අපේ ලොකු අම්මගේ මරණේ වෙලාවේ පල්ලියේ තිබුණු මෙහෙයට හාමුදුරුවෝ කීප නමක් ඇතුළු අසල්වැසි බෞද්ධ අය විශාල සෙනගක් පල්ලියට ඇවිත් හිටියා. ලබන්න දෙන වෙලාවේ ෆාදර් කිව්වා කරුණාකරලා ආගමේ අය විතරක් එන්න කියල. ඒක අහපු බෞද්ධ අයට තරහ ගිහින් බනින්න ගත්ත "ඇයි ආගමේ අයට විතරක් විශේෂ සැලකිලි, අපිත් මේ මළගෙදරට හුඟක් මහන්සි වුණා" කියල. අපිට හිනා මලගේ අස්සේ.

    ReplyDelete
    Replies
    1. ලොකු අම්මගේ මරණයට පූජාවක් තිබ්බා කියන්නෙ..ලොකු අම්මා ඒ විශේෂ කෙනෙක්ද? මීසම් සභාව වගේ එකක ක්‍රියාකාරියෙක්ද? සාමාන්‍යයෙන් එහෙම අයටනෙ පූජාවක් තියන්නෙ.

      ගොඩක් වෙලාවට තලවිල වගේ වන්දනා ස්ථානවලත් ඔය විදිහට දේශනා කරනවා. මොකද අන්‍යාගමික අය ඔය ගැන හරි විස්තරයක් නොදන්න නිසා දේවාලයක දෙන මුරුතැන් බත් වගේ කියලා හිතලා ලබන්න ඉඩ තියෙනවා.

      Delete
  10. බ්ලොග් එක නි‍යම‍යි... ඒත් මචන්ලා උඹලත් මෙහෙම දේවල් ඇත්තටම වෙන්න පුලුවන් ද කි‍යලා විශ්වාස කරනවද?
    "කතෝලිකයන්ගේ විශ්වාසයට අනුව අදටත් දිව්‍ය පූජාවේදී පියතුමා ඒ වචන පැවසුවාම, පූපයක් හා මිදියුෂ ලෙස තිබුනත් ඒවා ජේසුස් වහන්සේගේ ශරීරයට හා රුධිරයට හැරෙනවා. ඒවා ලබා ගැනීමෙන් ජේසුස් වහන්සේම කතෝලිකයන් වෙත වැඩම කරන බවත් විශ්වාස කෙරෙනවා."

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සහෝදරයා බොරු නම් දාගෙන ඇවිත් ආගම්වාද හෝ ජාතිවාද ඇති කරන්න හදන්න එපා.ඕනෑම ආගමක විශ්වාසයක් කියලා දෙයක් ඒ ආගම අදහන අයට තියෙනවා.

      Delete
    3. Nazeem,

      ඔබතුමා මුසල්මානුවෙක් කියලා හිතනවා නමේ හැටියට. අහල තියනවද කතාවක් තියනවා " වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්ඩ එපා කියලා. "

      Delete
    4. බය වෙන්ඩ එපා නිෂාන් අයියා. මොකා මොන නමින් ඇවිත් මොන කතා කිව්වත් අපේ සමගිය බිඳින්ඩ බෑ. රට ව්නාස කරන්ඩ හදන එවුන්ට තව අවස්ථාවක් දෙන්ඩ අපි ලෑස්ති නෑ.

      Delete
    5. අද පලවෙනි වතාවට මෙහෙම කමෙන්ට් එකක් දැක්කේ හරීගේ බ්ලොග් එකේ,,මොකද මෙතන කිසිම ආගම් ප්‍රචාරයක්වත් කිසිම ආගමකට ගැරහීමක්වත් හරී නොකරපු නිසා, මේ බ්ලොග් එකේ සිදුවෙන්නේ කතෝලික ආගමේ වත් පිලිවෙත් නොදන්නා අයට කියා දීම පමනයි, ගොඩක් අපේ කතෝලික නොවන බ්ලොග් යහලුවෝ මේකෙන් ලොකු දැනුමක් ලබනවා. කරුනාකර මේ බ්ලොග් එක කැත නොකර මෙය කියවා යමක් ඉගෙන ගෙන යන්න මෙතනින්.

      Delete
    6. නසීම්. . .
      මචං ඇත්ත හෝ බොරු හෝ පරම්පරා ගානක් තිස්සෙ පැවතුන විස්වාස විශේශයෙන් ආගමික විස්වාස ප්‍රශ්න කරන්න එපා. ඒවට ගරු කරපං . . . මූ මේ බ්ලොග් එක ලියන්නෙ බලු පොර වලට නෙමේ ඌ දන්න දේ බෙදාගන්න. දන්න ආගමක නොදන්න වත් පිලිවෙත් ඉගෙනගනිං මචං පිලිපැද්දෙ නැති උනත් දැනගැනීමටවත්.

      Delete
    7. see the following webs , perhaps you will be able to know something about the history and the theological base of the teaching of the Eucharist... just for your knowledge...

      1) http://www.therealpresence.org/eucharst/father/a5.html
      2)http://en.wikipedia.org/wiki/Real_Presence

      Jaya wewa! Jesu Pihitai!

      Delete
    8. @ Nazeem,

      අගය කිරීමට ස්තුතියි සහෝ..කතෝලික අය එහෙම විශ්වාස කරනවා..මම කතෝලිකයෙක් නිසා මමත් විශ්වාස කරනවා..මම හිතන්නෙ ගොඩක් අය එහෙමයි..රිප්ලයි වලින්ම තේරුම් ගන්න පුලුවනි.

      Delete
    9. @ මඩිස්සලේ නිශාන්, Senna, බට්ටා, ItalyDilan, ඕනයා, Jude

      ඔයගොල්ලො ඔක්කොටම එකම උත්තරයක් දෙන්නම් අවුලක් නෑනෙ..

      මුලින්ම මේ ප්‍රතිචාරය යම් තොරතුරක් දැනගැනීමේ උවමනාවෙන් දැම්මාද නැත්නම් අපහාස කිරීමේ අරමුණින් දැම්මාද කියන එක මට හරියට තේරෙන්නේ නෑ..අදාළ පුද්ගලයා පසුව හෝ ඔහුගේ අරමුණ පැහැදිලි කරයි කියලා හිතනවා..

      ඒ අරමුණ කුමක් වුවත් හඬක් නැගීමට ඉදිරිපත්වීම ගැන ඕගොල්ලො හැමෝටම ස්තුතියි..මට කියන්න තියෙන දේවල් ටිකක් මෙතනම කියන්නම්..

      ඕනයියත් ඩිලානුත් තමුන්ගෙ කමෙන්ට්වල දක්වා තියෙන දේ ඇත්ත..මගේ බ්ලොගයට කතෝලික චාරිත්‍ර යටතේ ලිපි ඇතුලත් කිරීමට හේතුව ඒවායේ තියෙන නිසාත් මමත් කීප තැනකම කිව්ව නිසාත් ආයෙ කියන්න ඕනෙ නෑ කියලා හිතෙනවා. මේ ආගම තමයි හරි මේ ආගම වැරදියි කියා කීමේ කිසිම උවමනාවක් මට නෑ..

      "අද පලවෙනි වතාවට මෙහෙම කමෙන්ට් එකක් දැක්කේ" කියලා ඩිලාන් කිව්වට මගේ බ්ලොගයේ ඔය වගේ කමෙන්ට් වැටිච්ච පළවෙනි වතාව නෙමෙයි. 'මොනවද මේ විකාර' 'මල සමයං' වගේ කමෙන්ට් වැටිලා තියෙනවා.
      ඒත් නොපෙනුන හේතුවකුත් තියෙනවා. ඒ වගේ කමෙන්ට් වැටුනා කියලා මේල් එකට ආවත් බ්ලොගයට ආපුවම මට හොයාගන්න බැරිවුනා. මටත් පුදුමයි. පස්සෙ තමයි දැක්කෙ ඒවා ඔක්කොම දෙයියන්ගෙ පිහිටෙන් spam වෙලා. එව්වා මොකටද publish කරන්නෙ කියලා මම delete කළා. :)

      මම මේ ජාතියෙ ලිපි ලියන්න ගත්තු මුල්කාලෙම ෆ්ලෝවර්ස්ලා හැලුනා වගේම කමෙන්ට් ලැබුනෙත් නෑ. මම වැඩේ අතහරින්න යද්දි මාව දිරිමත් කළේ ආගිය කතා ලියන හසිත ඒවගේම මධුරංග. ඒ නිසයි මේ වගේ එව්වා දිගටම ලියන්න ලැබුනෙ.

      ආගමික අන්තවාදී අදහස් ගැන කියනවානම් මට තියෙන ලොකුම බය ලංකාවේ මීළඟ යුද්ධය ආගම්වාදී එකක් වෙයි කියලා. ඒ තරමටම අනික් ආගම් විවේචනය කරන ඒවාට අපහාස කරන මිනිස්සු ඉන්නවා.

      මගේ නම අදහස අපිට කිසිම ආගමක් විවේචනය කරන්න අයිතියක් නෑ. අපි කරන්න ඕනෙ ඒවාට ගෞරව කිරීම ඒ ඒ මිනිස්සු හරියි කියලා හිතෙන දේවල් විශ්වාස කරපුවාවෙ. ඊටත් වඩා හැමෝම තමුන් අදහන ආගම හරියට අදහනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ.

      බට්ටා මල්ලි කිව්වත් වගේ සමගිය බලය වේ.

      ඕගොල්ලො ඔක්කොටම ස්තුතියි..

      Delete
    10. @ jude,

      Welcome to my blog dear friend..

      Thank you for documents. I'll read them

      God Bless You!

      Delete
    11. අමුතුවෙන මටත් කියන්න දෙයක් නැහැ. ඒත් හරී අයියාට ස්තුති මාවත් මතක් කළාට :)

      පොඩි දෙයක් විතරක් කියන්නම්. කිසියම් ආගමක තියෙන සිරිතක් හෝ විරිතක් පිළිගැනීම හෝ නොපිළිගැනීම ඒ ආගමේ අයට භාරකරමු. ඒක ඒ අයගේ කාර්යයක් වගේම විශ්වාසය මත සිදුවෙයි.

      අපේ දැනුවත්බව උදෙසා අපි ඒ සිරිත් විරිත් ගැන ඉගෙන ගමු. එපමණයි අවශ්‍ය වන්නේ.

      මමත් ඉස්කෝලේ 8 වසරේ 9 වසරේ වගේ ඉද්දී ආගම් වාදවල කප්පිත්තෙක් වෙලා හිටියේ. බුදු දහම පමණයි නිවැරදි අනිත් ආගම්වල ගැටළු පෙන්වන වැඩේ මම හොඳටම කරපු කෙනෙක්.

      ඒත් කල් යද්දී මට තේරුම් ගිය දෙයක් තමා සැබෑ බෞද්ධයා කියන්නේ අන් ආගම් ගරහන මනුස්සයා නෙමෙයි ඒවාටත් ගරු කරන මනුස්සයා කියලා. ඒ නිස අනිත් ආගම් ගැන හොයලා බලන්න එයාලගේ විශ්වාස ගැන මම හොයලා බලනවා විනා ඒවා විනිශ්චය කරන්න මම යන්නේ නැහැ

      අපිට දැනුවත් බව තිබුණම එය ප්‍රමාණවත්

      "ඊටත් වඩා හැමෝම තමුන් අදහන ආගම හරියට අදහනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ."

      මේකට හොඳට කතාව තමා "මිනිසා තමන්ගේ ආගම වෙනුවෙන් වාද කරති, යුධ වදති, අනේක දෑ සිදු කරති. එහෙත් ඔහු නොකරන්නේ තමන්ගේ ආගමට අනුව ජීවත් වීම පමණි"

      Delete
    12. හසිත කියන එක ඇත්ත ගොඩක් මිනිස්සු කරන්නෙත් නොකරන්නෙත් "මිනිසා තමන්ගේ ආගම වෙනුවෙන් වාද කරති, යුධ වදති, අනේක දෑ සිදු කරති. එහෙත් ඔහු නොකරන්නේ තමන්ගේ ආගමට අනුව ජීවත් වීම පමණි"

      මේ ටික තමයි..

      Delete
    13. \\කතෝලිකයන්ගේ විශ්වාසයට අනුව අදටත් දිව්‍ය පූජාවේදී පියතුමා ඒ වචන පැවසුවාම, පූපයක් හා මිදියුෂ ලෙස තිබුනත් ඒවා ජේසුස් වහන්සේගේ ශරීරයට හා රුධිරයට හැරෙනවා. ඒවා ලබා ගැනීමෙන් ජේසුස් වහන්සේම කතෝලිකයන් වෙත වැඩම කරන බවත් විශ්වාස කෙරෙනවා\\

      …මාත් කතෝලිකයෙක් විදියට මේ දේ මහ හුගක් විස්වාස කරනවා.. හැම කොතෝලිකයෙක්ම එහෙම තමා.. තමන් ගෙ විස්වාසය තමන්ගෙ ආගම තමන්ට වටිනවා වගේම අනිත් අයගෙ විස්වාසය ආගම් අනිත් අයට වටින නිසාම ඒ දේවල් ගැන හරි හැටි දැනුමක් නැතිව අපහාස කරනවා නම් කවුරු උනත් වැරදි .. ආගමකින් කෙරෙන්නෙ මිනිස්සු හික්මවන එක.. එහෙම තියෙද්දි ආගම වෙනුවෙන් මරා ගන්නව නම් ඒක මහ විහිලුවක්..

      …"යමෙක් ඔබට යම් දෙයක් කරන්වාට ඔබ කැමතිද, ඔබද එය අනෙකාට කරන්න" ශුද්ධ වූ බයිබලයේ මෙහෙම කියල තියනවා.. ඒකේ විලෝමය අපි අකමැති දේවල් අනිත් අයටත් කරන්න එපා කියලා.. අපි අපේ ආගමට අපහස කරනව අකමැති නේද? එහෙමන් අනිත් අයගෙ ආගම් වලටත් එහෙම කරන්න එපා.. අපේ ආගමට ගරු කරනාවා වගේම අනිත් ආගම් වලටත් ගරු කරන්න.. දහම් පාසලේ අපිට එහෙම උගන්නලා තියෙනවා..

      …සතුටු වෙනවා මේ වගේ බ්ලොග් එකකින් මිනිසුන්ට නොදන්න දෙයක් ගැන අවබෝදයක් ලබා දීම ගැන වගේම ..අදාල කොමෙන්ට් එක සම්බන්දයෙන් කතා කරපු හැම කෙනෙක් ගැනම හුගක් සතුටුයි ..

      …සමාවෙන්න ඕනේ කොමෙන්ට් එක දිග වැඩි තමයි.. ඒත් මේක දැක්කම කොමෙන්ට් නොකර ඉන්න බැරි උනා..

      Delete
    14. කමෙන්ට් එක කොච්චර දිගවුනත් කමක් නෑ.. කියන්න තියෙන දේවල් කියන එක තමයි වටින්නෙ...

      Delete
  11. පොඩිකාලේ අපිට කියලා දීලා තිබුනා පූප හපන්ඩ එපා හැපුවොත් ලේ එනවා කියලා. ඉතින් ඒ දවස්වල හරි ප්‍රවේසම්.

    මචන් ක්‍රි.ව. පටන් ගන්නේ ජේසු ඉපදුන දවසේ ඉඳලද, මැරුන දවසේ ඉඳලද ?

    ජේසුගෙ මරනෙන් පස්සෙ නේද මේ දැන් සමරන පාස්කුව පටන් ගත්තේ. ඊට කලින් තිබුනේ මම හිතන්නේ මිසරයෙන් පලා ආ දවස තමයි පාස්කු හැටියට සැමරුවේ. අර උලුවස්සේ ලේ එහෙම ගාලා..

    ReplyDelete
    Replies
    1. //මචන් ක්‍රි.ව. පටන් ගන්නේ ජේසු ඉපදුන දවසේ ඉඳලද, මැරුන දවසේ ඉඳලද ? //

      ipaduna dawase indalaa...

      Delete
    2. අපිටත් ඒ කාලෙ කියනවා හපන්න හොඳ නෑ කියල..

      ක්‍රි.ව. ගැනනම් ඉතිහාස විශේෂඥවරියක් අදහස් ප්‍රකාශ කරලා තියෙන නිසා මගේ උත්තරේ වලංගු වෙයිද මන්දා?
      කොහොමත් මැරුන දවසේ ඉඳලා නෙමෙයි.
      සමහරු කියනවා ඉපදුන අවුරුද්දෙ ඉඳලා කියලා..සමහරු කියනවා අවුරුදු එකේදි කියලා..සමහරු කියන්නෙ අවුරුදු පහේදි පමණ වෙන්නැති කියලා...ඔය වගේ මත ගැටුම් ගොඩක් තියනවා..

      ජුදා ආගමේ පාස්කුව කියන්නෙ මිසරයෙන් පලා ආ දවස..ඒ සම්බන්ධ ජුදා චාරිත්‍ර තියෙනවා.. ඒ ජුදා පාස්කු දවසෙ තාමයි ජේසුතුමා උත්ථාන වුනෙත්..ඒක නිසා එකම දවසෙ ජුදා පාස්කුවත් ජේසුස් වහන්සේගේ උත්ථානයත් කතෝලිකයින් සමරනවා ජුදා චාරිත්‍ර නොකළත්..

      Delete
    3. ස්තුතියි සයුරි

      Delete
  12. අදත් හැමදේම අලුත් හරී අයියේ. අහලවත් තිබුණේ නෑ. ගොඩක් පිං!

    ReplyDelete
    Replies
    1. බොහොම සංතෝසයි නොදන්නා දෙයක් කියාදෙන්න ලැබීම ගැන...

      Delete
  13. හරී ගොඩක් ස්තූතී මගේ ඉල්ලීම ඉටු කලාට,මේක ලියන්න කිවුවේ අපේ බ්ලොග් හිත මිතුරියක් මගෙන් මේ ගැන අහලා එදා මම විස්තර කලාට පස්සේ, අද ආයෙත් ඒ මිතුරිය ඔයාගේ පෝස්ට් එක කියවලා දැන් නම් හරියටම තේරුනා කිවුවා ඒ ගැන. මම සත්ප්‍රසාද ලබපු දා මතක් උනා මේ ලිපිය කියවගෙන යද්දී,

    ReplyDelete
  14. පූප දෙනව දැකල තිබුනට ස්ටෝරිය දැනන් හිටියෙ නෑ...ඔන්න ඒකත් දැනගත්ත.

    ReplyDelete
  15. හරී ඔන්න මමත් හාහා පුරා කියල වෙඩේට බැස්ස ..... හබි තවම බ්ලොග් ගැන එච්චර දන්නේ නැහැ ... සමහර විට ඔයාට මට ටිකක් උදව් කරන්න පුළුවන් වෙය් ... බලන්නකෝ එහෙනම් ... http://suduwarawisthara.blogspot.com/2012/03/08-03-1495-08-03-1550.html?spref=fb

    ReplyDelete
    Replies
    1. ගියා . .. කියෙවුව. කියවපු පලමු ලිපියෙන්ම ගොඩක් දේදැනගත්ත.

      කවුරු හරි මුස්ලිම් කෙනෙකුත් මේ වගේ දෙයක් පටන් ගන්නවනං ගොඩක් වටිනව. මොකද මුස්ලිම් දහම කියන්නෙ බාහිරට එතරම් විවෘත නොවන ආගමක් නිසා මුස්ලිම් නොවන ගොඩක් අයට මුස්ලිම් දහම ගැන තියෙන්නෙ ගොඩක් ලොකු වැරදි වැටහීමක් නිසා.

      Delete
    2. විස්තර ටිකක් හොයලා බලන්න ,විවෘත නොවන්නේ ඇයි කියලා, තේරැර්‍මගන්න පුළුවන් එතකොට ඔයාට (වරදවා වටහාගන්න එපා මාගැන)

      Delete
  16. ඩිලාන්ටයි ඔබාමාමාටයි ඇනෝටයි රිප්ලයි කරන්න ගූගල් මාමගෙ රිපල්යිය වැඩ කරන්නේ නෑනෙ..මම සෑහෙන්න ට්‍රයි කොළා..

    ඩිලාන්ට,

    බොහොම සන්තෝසයි නොදන්න කෙනෙක්ට යමක් කියාදෙන්න ලැබීම ගැන...ඒ මිතුරිය ඇහුවාම ඩිලාන් ඒක ලියන්න කිව්වද නැත්නම් ඩිලාන් ඒක ලියන්න කිව්වාම ඒ මිතුරිය ඇහුවාද? මට පැහැදිලි නෑ..

    කොයික වෙතත් එයාට යමක් තේරුනා නම් බොහොම සන්තෝසයි..

    ReplyDelete
  17. ඔබාමාමට,

    ඔබාමා ඉතින් කතෝලික යාලුවො ගොඩක් ආස්‍රය කරන මනුස්සයා නිසා මේ ගැන ගොඩක් දේ දැනගෙන ඉන්න ඇති..
    දවසක ඔබා මාමලෑ පල්ලිය පැත්තෙත් යන්න ඕනෙ..

    ReplyDelete
  18. ඇනෝට,
    මම් ඒ පැත්තේ ඇවිල්ලා ඉන්නවා දකින්න ඇතිනෙ...දිගටම ලියන්න..පටන් ගැන්ම ටිකක් අමාරු තමා..

    ReplyDelete
  19. කතෝලික රූපවාහිනී වැඩසටහන් වලදි නම් මේ සත්ප්රුසාද ලබාදිම දැකල තියනවා. ඒත් හරියටම මෙහි වැගත්කම දැනගත්තෙ අදයි.
    මේවගේ ලිපි අපි අතරේ ආගමික දැනුම වර්ධනය කරගන්න ඉවහල් වෙනවා. මට නම් හිතෙන්නෙ ඒ තුළින් අපි අතර ආගමික සහජීවනය සහ සුහද සිතුවිලි ඇති කිරීමයි වැදගත්. එය මෙවන් ලිපි මගින් ඉටුවෙනවා.
    ඔබට බෙහෙවින්ම ස්තූතියි මෙවැනි කරුණු ලියනවට

    ReplyDelete
    Replies
    1. ඒවගේම ආගම් භේදයකින් තොරව මේ වගේ ලිපි කියවන ඒවාට ප්‍රතිචාර දක්වන දයා අයියලා වගේ පාඨකයන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕනෙ...

      ඒවගේ පාඨකයෝ නැත්නම් මෙවැනි ලිපි ලියන්න හිතෙන එකකුත් නෑ...

      Delete
  20. මොකක්ද මේ බෙන්තිඤ්ඤය ?

    ReplyDelete
    Replies
    1. බෙන්තිඤ්ඤය කියන්නෙ බොරලික්කම් වගේම කිතුනුවන්ගේ පළඳනාවක්..පින්තූරෙ බලන්නකො ඔය තියෙන රූපවලින් එකක් පපුවටත් අනික පිටටත් එන විදිහට පළඳින්නෙ..

      Delete
  21. හොඳ ලිපියක්! මම දැකලා තිබුනත් හරියටම මේ විස්තර දැනගෙන හිටියේ නෑ... ගොඩක් ස්තුතියි :)

    මගෙනුත් ඉල්ලීමක් තියෙනවා... ක්‍රිස්තු ආගමේ තියෙනවානේ Holy Trinity කියලා දෙයක්. මම දන්න හැටියට මේ කියන්නේ පියාණන්, පුත්‍රයා සහ ශුද්ධාත්මය කියන තුන්දෙනා ගැනයි. මෙතන කියන 'ශුද්ධාත්මයාණන්' යන්නෙන් අදහස් කරන්නේ කවුද/මොකක්ද කියන එක පැහැදිලි නෑ... ඒ ගැනත් ලිපියක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගය කිරීමට..ඒවගේම අලුත් යමක් කියා දීමට හැකිවීම ගැන සංතෝසයි...

      "Holy Trinity" ඔව් ඒ ගැන මම දන්නවා..ඒත් ඒක ටිකක් බරපතල සංකල්පයක්...තේරුම් ගන්න වගේම තවකෙනෙකුට තේරුම් කරන්නත්..මම ලිපිය අනිවාර්යෙන්ම ලියන්නම්..හැමෝටම තේරෙන විදිහට ලියන්න උපරිමෙන් උත්සාහ කරන්නම්..

      Delete
  22. කතෝලිකයෙක් හා කතෝලිකයන් වෙනුවෙන් වෙන් වූ ෆේස්බුක් පිටුවක නිර්මාතෘ කෙනෙක් විදිහට අද මට දැනුනේ අසීමිත සතුටක්. මොකද මම පවත්වාගෙන යන ෆේස්බුක් පිටුව සඳහා අවශ්‍ය තොරතුරු, ඡායාරූප හා ගීත වැනි දෑ අන්තර්ජාලය තුල සොයා යද්දී මට නිතරම හමු වුනේ කතෝලික ධර්මයට අසීමිත ලෙස වෛර කල ශ්‍රී ලාංකික අදහස්. දැඩි සේ වියරුවෙන් කතෝලිකයන්ට හා කතෝලික නායකයන්ට සිදු කළ දෝශාරෝපන. එහෙත් ඒවා විවේචනය කිරීමට මම කිසිම විටක ඉදිරිපත් නොවුනේ එසේ කිරීමෙන් තවතවත් ආගම් වාදය හරහා පුංචි රටක වෙසෙන අපි වෙන්වීම වැලැක්විය නොහැකි නිසායි. එහෙත් කාලයක් තිස්සේ මා ඇසුරු කල අන්‍යාගමිකයන් නිසා මම අවබොධ කරගෙන සිටියා මේ මඩ ව්‍යාපාර හරහා එළිදැක්වෙන්නේ බහුතර ශ්‍රී ලාංකික අන්‍යාගමික මතය නොවන බව. ඒ නිසා මම කිසිම විටක මගේ ෆේස්බුක් පිටුව හරහා කිසිදු ආගමකට, ජාතියකට හෝ පුද්ගලයෙකුට විරුද්ධව කතා කර නැහැ. මට ආඩම්බරයි ඔබලා ගැන. මන්ද ඔබලා මගේ ආගමට ගරු කරන නිසාම නොවේ. ඒ තුලින් සැබෑ බෞද්ධකම නිරූපණය කිරීමට ඔබ සමත් වී ඇති නිසායි. ස්තූතියි!

    ReplyDelete
  23. කතෝලිකයෙක් හා කතෝලිකයන් වෙනුවෙන් වෙන් වූ ෆේස්බුක් පිටුවක නිර්මාතෘ කෙනෙක් විදිහට අද මට දැනුනේ අසීමිත සතුටක්. මොකද මම පවත්වාගෙන යන ෆේස්බුක් පිටුව සඳහා අවශ්‍ය තොරතුරු, ඡායාරූප හා ගීත වැනි දෑ අන්තර්ජාලය තුල සොයා යද්දී මට නිතරම හමු වුනේ කතෝලික ධර්මයට අසීමිත ලෙස වෛර කල ශ්‍රී ලාංකික අදහස්. දැඩි සේ වියරුවෙන් කතෝලිකයන්ට හා කතෝලික නායකයන්ට සිදු කළ දෝශාරෝපන. එහෙත් ඒවා විවේචනය කිරීමට මම කිසිම විටක ඉදිරිපත් නොවුනේ එසේ කිරීමෙන් තවතවත් ආගම් වාදය හරහා පුංචි රටක වෙසෙන අපි වෙන්වීම වැලැක්විය නොහැකි නිසායි. එහෙත් කාලයක් තිස්සේ මා ඇසුරු කල අන්‍යාගමිකයන් නිසා මම අවබොධ කරගෙන සිටියා මේ මඩ ව්‍යාපාර හරහා එළිදැක්වෙන්නේ බහුතර ශ්‍රී ලාංකික අන්‍යාගමික මතය නොවන බව. ඒ නිසා මම කිසිම විටක මගේ ෆේස්බුක් පිටුව හරහා කිසිදු ආගමකට, ජාතියකට හෝ පුද්ගලයෙකුට විරුද්ධව කතා කර නැහැ. මට ආඩම්බරයි ඔබලා ගැන. මන්ද ඔබලා මගේ ආගමට ගරු කරන නිසාම නොවේ. ඒ තුලින් සැබෑ බෞද්ධකම නිරූපණය කිරීමට ඔබ සමත් වී ඇති නිසායි. ස්තූතියි!

    ReplyDelete
  24. මේක කියව්වෙ අද මම.. කමෙන්ට් නොකර යන්න මට හිතදුන්නෙම නැහැ.. ඇත්තටම මට මම ලබපු හැටි මතක් වුනා... එතකොට මම හතර වසරේ ගම්පහ සිරිකුරුස විදුහලේ ඉගනගන්නවා.. අපිට ලබන පන්ති යේ ඉගැන්නුවෙ සිස්ටර් දර්ශීකා දැන්නම් එතුමිය සිරිකුරුස විදුහලේ විදුහල් පතිද කොහෙද.. හරි වසයි.. මට අදවගේ මතකයි මම තමයි පලමුවෙනි කියවීම කියෙව්වෙ දිව්‍ය සත්ප්‍රසාද දානය කිරිමෙ දිව්‍ය පුජාවෙදි..
    …දාලා තිබුන සිලුම කමෙන්ට් කියව්වා.. මට ගොඩක් සතුටු හිතුනා කොතරම් ලස්සන රටකද මම ඉන්නෙ කියලා.. කොතරම් විවිදත්වයක් තියෙන රටක්ද.. මේ සමගිය තමයි අද අපේ රටට ඔනේ...
    …බොහොම ස්තුති අයියේ..

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි බුද්ධිත.. පරණ මතකයක් අලුත් කිරීමට ලැබීම ගැන මට සංතෝසයි.. අපී ලබන පූජාවේත් පළවෙනි කියවීම කියෙව්වෙ මම..

      Delete
  25. කාටහරි ඔස්ති ගන්න ඔනේනම් මම දන්නවා තැනක්... තෙවත්ත පල්ලියෙ,, පල්ලිය පිටිපස්සෙ තියෙනවා පොඩි කැන්ටින් එකක් ඒකට සිකුරාදා දවස් වලට ඔස්ති එනවා.. හබැයි පැය කිහිපයයි තියෙන්නෙ ටක් ගාලා ඉවර වෙනවා... මමත් මාර ආසයි ඔස්ති කන්න.. හැබැයි ඉතින් හොයාගන්න තමයි අමාරු...

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ඔය කියන තැන.. මම එතනින් ඔස්ති අරගෙනත් තියෙනවා..

      හැබැයි සිකුරාදා දවස්වල තියෙන්නෙ කියලානම් දන්නෙ නෑ.. මෑතක් ඉඳන් ගියගිය හැමදාම තිබුනෙ නෑ...

      ඔත්තුවට ස්තුතියි.. සිකුරාදාට ගිහින බලන්නම්..

      Delete
  26. කතෝලික සහෝදරතුමකු වශයෙන් මම, ඔබේ උත්සාහය අගය කරනවා. ඔබට ජේසු පිහිටයි !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරතුමෙනි!

      ජේසු පිහිටයි!

      Delete
  27. හරි මෙ වැඩෙ මාර වටිනවා.මට තිබිර්‍චච ප්‍රශ්න වලට පිළිතූරැ එකඑක ලැබෙනවා.දිගටම ලියන්න.බලන්ඩ කමෙන්ර්‍ට්‍ වැඩිපුරම කරලා තියෙන්නේ කිතූනුවො නෙමෙයි කියලයි මට හිතෙන්නේ.උඹ ලියනවා නෙමෙයි කොටලා පොවනවා.හරිම රසයි.

    ReplyDelete
  28. @අටර්‍මපහුර : අගය කිරීමට ස්තුතියි!

    කිතූනුවො නෙමෙයි තමයි මොකද සිංහල බ්ලොග් අවකාසෙ කිතුනුවො ඉන්නෙ බොහොම ස්වල්පයයි. අනික මේක දැනුම බෙදාදීමේ උත්සාහයක් විතරනෙ..

    මෙහෙම අගය කරනකොට ශේප්වෙලා ඉන්නෙ කොහොමද? අද ලිපියක් ලියලා දාන්නම්..

    ReplyDelete
  29. අපේ ගෙදර කිට්ටුව පල්ලියෙ තිබුන පියතුමෙකුගෙ අවමඟුලට සහභාගි වුනු වෙලාවෙ, පූපෙ බෙදනකොට (අපේ ෆාදර් නෙවෙයි වෙන කෙනෙක් හිටියෙ ) මමත් ගිහින් කාල බැලුව කුතුහලයට මොන වගේද බලන්න. මෙච්චර තේරුමක් තියෙනෙව කියල දන්නවනම් ඇත්තමයි එහෙම කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් දිව්‍ය සත්ප්‍රසාද ලබා නැති කෙනෙකුට ලබන්න දෙන්නෙ නෑ..

      දැන් ඉතින් තේරුම දන්නවනෙ.. :)

      Delete
  30. මම අගම් ගැන ඒවයේ සන්ස්කුර්තිය ගැන උනන්දු උනාට ආගම අදහන්න කැමතක් නෑ ඒත් ලියන දේ හා ලියන ආකරය නිසා ආගම ගැන නිරමිස සතුටක් ලබනව මම බොහොම කලෙක ඉදන් මේ පිටුවට එනව කියවනකොට හිතට හරි සැහැල්ලුවක් දැනෙනව මම හිතන්නෙ ලියන ආකරය බොහොම ආකර්ශනීය නිසවෙන්න ඇති ........ ස්තූතියි

    ReplyDelete
    Replies
    1. මමත් ගොඩක් වෙලාවට ආගම් වල ඇතුළෙ තියෙන සංස්කෘතීන් වලට කැමතියි. ඒවා ආපු විදිහ ගැන එහෙම හොයන්න කැමතියි. මම හිතන විදිහට ඔය එක එක චාරිත්‍ර වාරිත්‍ර කරන අයත් එව්වල අගක් මුලක් හරියට දන්නෙ නෑ.

      ස්තුතියි අගය කිරීමට. පුළුවන් වෙලාවක තව ලිපියක් ලියන්න ඕනෑ.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...