11.05.2012

ලෝකයේ ලස්සනම පල්ලි (හැබැයි පින්තූර තමයි)

අද පොඩි වෙනසකටත් එක්ක පින්තූර ටිකක් විතරක් දාන්න හිතුවා. ඉතින් මම අද ඔයාලාට පෙන්වන්න යන්නෙ ලෝකයේ ලස්සනම කතෝලික පල්ලි කිහිපයක්. ඇත්තම කිව්වොත් මේ ලිපිය ඉංග්‍රීසි ලිපියක අමු කොපියක්. ඒ ලිපියට පාර අන්තිමට ඇති.  පල්ලි ලෑස්තුගත කරලා තියෙන්නෙත් ඒ ලිපියෙ විදිහටම තමයි. හැබැයි මම ඒ ලිපියට වඩා පින්තූර එකතු කළා.

10.  ස්වර්ගාරෝහණයේ බැසිලිකා සිද්ධස්ථානය (Basilica of the Shrine of the Assumption, Baltimore, USA)

මගේ පරිවර්තනයට අනුව ස්වර්ගාරෝහණයේ බැසිලිකා සිද්ධස්ථානය වුනත් බැල්ටිමෝර් බැසිලිකාව කියන නම තමයි ජනවහරෙ තියෙන්නෙ. ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ තමයි මේ බැසිලිකාව තියෙන්නෙ.  ඇමරිකාවෙ හදපු පළමුවෙනි බැසිලිකාවලු. 1821 දි තමයි මේ පල්ලිය හදලා තියෙන්නෙ.

9. ස්ථම්භයේ අප ස්වාමිදූ බැසිලිකාව ( Basilica of Our Lady of the Pillar, Zaragoza, Spain)

පාෂාණ කනුව හා ප්‍රතිමාව

 ස්ථම්භයේ අප ස්වාමිදූ බැසිලිකාව, නම හරිද මන්දා? වැඩිය හිතන්නෙපා මගේ පරිවර්තනයක්නෙ. ස්පාඤ්ඤයේ සzරගෝසා (Zaragoza) නගරයේ එබ්‍රො (Ebro) ගංගා ඉවුරෙ තමයි මේ පල්ලිය තියෙන්නෙ. ක්‍රි.ව. 40දි සා.ජේම්ස් මුනිතුමාට මේ ස්ථානයේදි දේව මෑණියන් දර්ශනය වුනාලු. සූරියකාන්ත පාෂාණ වලින් තැනූ කණුවක්  හා කුඩා ලී ප්‍රතිමාවක් සා. ජේම්ස් මුනිතුමාට දුන්නු දේවමෑණියෝ තමන්ට ගෞරව පිනිස එම ස්ථානයේ දේවස්ථානයක් ඉදිකරන ලෙස ඉල්ලුවාලු. අදටත් එම කණුව උඩ ඒ ප්‍රතිමාව තබා තිබෙනවාලු. ස්පාඤ්ඤ සිවිල් යුද්ධය වෙලාවෙ දේවස්ථානයට බෝම්බ ප්‍රහාර තුනක් එල්ලවූවත් ඒ එකක්වත් පුපුරා ගියේ නෑ. ඒක ප්‍රාතිහාර්‍යයක් විදිහටයි මිනිස්සු සළකන්නෙ.


8. පැරීසියේ අප ස්වාමිදූගේ බැසිලිකාව හෙවත් නෝට්‍රැඩෑම් බැසිලිකාව (Notre Dame de Paris, Paris, France)

Notre Dame කියන්නෙ Our Lady කියන එක. මේ බැසිලිකාවෙ සිත්ගන්නාසුලු වැහිපීලි පද්ධතියක් තිබෙනවාලු. බොහෝ අවස්ථාවල විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයේදී මේ දේවස්ථානයට ප්‍රහාර එල්ලවුනත් එය තවමත් නොසැලී ඉන්නවා.

7. සා. පැට්‍රික්තුමාගේ ආසන දෙව්මැදුර (St Patrick’s Cathedral, Melbourne, Australia)


සා. පැට්‍රික් තුමාගේ ආසන දෙව්මැඳුර තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ මෙල්බර්න් නුවර. 1858 වැඩ පටන් අරන් 1939දි තමයි ඉවරවෙලා තියෙන්නෙ.

6. ශු. මාර්ක්තුමාගේ බැසිලිකාව (St Mark’s Basilica, Venice, Italy)


1617දි තමයි විවෘත කරලා තියෙන්නෙ. ඉතිහාසඥයෝ කියන විදිහට නම් පුරාණ වැනීසියේ සෞභාග්‍යය, ඉසුරුමත් බව පෙන්වන්න පුළුවන් හොඳ නිදර්ශනයක්ලු මේ දේවස්ථානය. තියෙන්නෙ වැනීසියේ.

5. වික්ෂෝපමාතා බැසිලිකාව ( Basilica of Our Lady of Dolours, Thrissur, India)

අපේ අල්ලපු රටේ ත්‍රිසූර් නගරයේ තමයි සුදෝසුදින් බැබලෙන  වික්ෂෝපමාතා බැසිලිකාව තියෙන්නෙ. මේක තමයි ආසියාවේ උසම පල්ලිය. (වැඩිය ප්‍රසිද්ධ කරන්නෙපා) 1929දි වැඩ පටන් අරන් 1940දි ඉවර කරත් උසම කුළුණෙ වැඩ ඉවරවෙලා තියෙන්නෙ 2007දි. බයිබල් කුළුණ කියන මේ කුළුණ උඩ විශාල කුරුසියක් තියෙනවාලු. රෑට ආලෝකමත් කළාම හැතප්ම ගානක් දුරට ඒ කුරුසෙ පේනවාලු.

4. ආරක්ෂාවේ අප ස්වාමිදූගේ දේවස්ථානය ( Notre-Dame de la Garde, Marseille, France)

කුළුණ උඩ ඇති දේවමෑණියන්ගේ ප්‍රතිමාව
මේ දේවස්ථානය  තියෙන්නෙ ප්‍රංශයේ මාර්සෙලී නගරයේ උසම ස්ථානයේලු. ඒවගේම මීටර් 60ක් උස කුළුණ උඩ ඇති දේවමෑණියන්ගේ ප්‍රතිමාව සෑහෙන ඈතට පේනවලු.

 3. ලීච්හි අප ස්වාමිදූගේ බැසිලිකාව (Basilica of Our Lady of Liche?, Liche? Stary, Poland )


තනිකරම වන්දනාකරුවන්ගේ ආධාරවලින් හදපු දේවස්ථානයක්ලු පෝලන්තයේ ලීච්හි තියෙන මේ බැසිලිකාව. 2004දි තමයි වැඩ නිමකරලා තියෙන්නෙ. ලෝකයේ විශාලම දේවස්ථාන වලින් එකක්ලු.

2. Las Lajas Cathedral, Ipiales, Colombia


මේ දේවස්ථානයේ නම පරිවර්තනය කිරීමට නොදනිමි.  ඒත් මට නම් ලස්සනම මේ පල්ලියයි. කොලොම්බියාවෙ Guaitara ගංඟා නිම්නයේ තමයි තියෙන්නෙ.  දේවස්ථානය සෑදීමට මුල්වූ කාරණාවත් හරිම පුදුම සහගතයි. Maria Mueces කියන කාන්තාවත් එයාගේ ගොළු-බිහිරි දියණිය රෝසාත් මේ නිම්නයේදි කුණාටුවකට මැදිවෙලා තියෙනවා. ඒ වෙලාවේදී එතන ඇතිවූ අමුතු බැබලීමක් දිහාට අතදිගුකරපු පුංචි රෝසා 'අර කාන්තාව මට කතා කරනවා' කියා කීවාලු. රෝසාට දර්ශනයවෙලා තියෙන්නෙ දේව මෑණියෝ. රෝසාට වගේම අදටත් මේ දේවස්ථානයට පැමිණ පිහිට පතන අයට සුවය ලැබෙනවාලු.

1. සා. පීතර තුමාගේ බැසිලිකාව (St. Peter’s Basilica, Vatican City)

මේ ගැන නම් හැමෝම වගේ දන්නවා. වතිකානුවේ සා.පීතර බැසිලිකාව ගැන මීට කලින් කතා කීපෙකම කීවානෙ. සා. පීතර තුමාගේ සොහොන උඩ තමයි බැසිලිකාව ඉදිවෙලා තියෙන්නෙ ඒවගේම ලෝකයේ විශාලම පල්ලිය වෙන්නෙත් මේ බැසිලිකාව තමයි. සා. පීතර තුමාගේ බැසිලිකාවට ගියොත් මයිකලැන්ජලෝගෙ චිත්‍රත් බැලුවැකි.

මම දන්නවා දැන් මේක කියවපු ඕගොල්ලො සමහරුන්ට තියෙන ප්‍රශ්නෙ. මොනවාද මේ ආසන දෙව්මැඳුරු එතකොට බැසිලිකා කියන්නෙ? ඒ ප්‍රශ්නෙට උත්තරේ මම කලින් දුන්නනෙ. මෙතනට ගිහින් කියවන්ඩ.

 කියන්නකො බලන්න ඔයාල මෙතනින් අංක එකට තෝරන්නෙ මොන දේවස්ථානයද කියලා.

ලෝකෙම බැසිලිකා පෙන්නපු එකේ ඔන්න අපේ බැසිකාව, ලංකාවේ අප ස්වාමිදූගේ බැසිලිකාව ( Basilica of Our Lady of Lanka, Tewatta, Sri Lanka)


තේවත්තෙ බැසිලිකාවෙ ලස්සන පින්තූර ජාලෙ නැත. ඒ උනාට පල්ලිය නම් ලස්සනයි. මෙම බැසිලිකාව හදලා තියෙන්නෙ දෙවන ලෝක යුද්ධයෙන් ලංකාවට හානියක් නොවීමට වෙච්ච භාරයක් ඔප්පු කිරීමක් විදිහට.

54 comments:

  1. මොකක්ද මේ සෑම මසකම 7, 14, 21 හා 28 වැනිදාවල පළවේ කියන එකේ තේරුම :D

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ පල්ලිය ග්‍රීක සම්ප්‍රදායකට හදලා වගේ. ඉස්සරහ කණු ටික දැක්කාම ග්‍රීසියේ, රෝමේ තියෙන ගොඩනැගිලි මතක් වුණා. නෝට්‍රැඩෑම් බැසිලිකාව ගැණ අපි දන්නවානේ. නොත්‍රදාමයේ කුදා කියන කතාවෙන් ඒ පල්ලිය ගැන පොඩි කාලේම අහලා තියෙනවා :)

      Delete
    2. ඒ දවස්වල තමයි මූ ලිපි ලියන්නේ. අනිත් දවස් වලට අළුත් ලිපි නෑ.. :)
      අද දිනේ බලන්න. අද 7 වෙනිදා. ආයේ අළුත් ලිපියක් කියවන්න වෙන්නේ 14 වෙනිදට.

      Delete
    3. මලා..... මූ මේ ලිපිය කලින්ම ලියලා නෙහ්..... :(

      Delete
    4. @ hasitha,

      කලින් එහෙම කිව්වට බං එහෙම කරන්න වෙන්නේ නැති පාටයි... :)

      මම ඒ පොත කියෝලා නෑනෙ..

      @ මධුරංග,

      :)

      Delete
    5. @ හරී

      මාත් පොතක් නම් කියවලා නැහැ. ඒ කාටූන් එක තමා බලලා තියෙන්නේ

      Delete
  2. පල්ලියෙ තියෙන ගෘහ නිර්මාණශිල්පයට තමයි මම ආසම. පල්ලියක හැම කොටසටම කියන විශේෂ නමකුත් තියෙනවා නේද?

    මොකක්ද බං පින්තූර විතරයි කිව්වෙ? ඔය විස්තරත් ලියලා තියෙන්නෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ් අයියේ මොගොප්පුව, අල්තාරය වගේ ඒ ඒ කොටස්වලට කියන වෙන වෙන නම් තියෙනවා..

      මම මේ ලිපියෙ ඔය දේවස්ථාන අයිති සම්පදායත් ලිව්වා.. ඊටපස්සෙ කට්ටියට නොතේරෙයි කියලා ඒවා පැහැදිලි කළා.. ඊටපස්සෙයි දැක්කෙ ඒකත් දිග විස්තරයක් වෙලා කියලා.. පින්තූර විතරනෙ දාන්න ගියෙ .. ඒක නිසා විස්තරය ඩිලීට් කළා..

      'මොකක්ද බං පින්තූර විතරයි කිව්වෙ? ඔය විස්තරත් ලියලා තියෙන්නෙ.' ඒ ටිකත් දැම්මා නම් මාව මරයි.. :)

      Delete
  3. ඇත්තෙන්ම මමත් අහන්න ගියේ මේ එක එක ඒවයි ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව, ඔය හෙන්රි අයියත් ඒ ගැන කියල තියෙන්නෙ.

    මම වැඩිපුරම අහල තියෙන්නෙත් වතිකානුවේ සා.පීතර බැසිලිකාව ගැන. ඒ වගේම අර සුප්‍රකට කලාකරුවා නිසාම මෙතනින් මම වැඩියම කැමති ඒකට. අර කොලොම්බියාවෙ පල්ලියෙත් පිහිටීම නම් අපූරුයි.

    ආසියාවේ උසම පල්ලිය ගැන වැඩි ප්‍රසිද්ධියක් නොදෙන එකට මමත් මනාපයි, මෙහේ උන්නැහේලට තියෙන අමාරුවෙ හැටියට හෙටම පටන්ගනී අපේ එක. :)

    ReplyDelete
    Replies
    1. //ආසියාවේ උසම පල්ලිය ගැන වැඩි ප්‍රසිද්ධියක් නොදෙන එකට මමත් මනාපයි, මෙහේ උන්නැහේලට තියෙන අමාරුවෙ හැටියට හෙටම පටන්ගනී අපේ එක. :)//

      DDTයාගෙ කී බෝඩ් එකට මසුරන් දාන්න ඕනෙ ඒ කතාවට. ඒක නම් පට්ට ඇත්ත බං.LOL! :D

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. @ DDT,
      ගෘහ නිර්මාණ විස්ස්තරේට වෙච්චිදේ ඩූඩ් අයියට කිව්වා.. ඒකත් අහන්න වටිනවා උනාට ටිකක් බෝරින් වගේ.. අනික මම ඒ ගැන හරි විස්තරයක් කරන්න දන්නෙ නෑ.. අඩුම ගානෙ මම චිත්‍ර විශයවත් කරලා නෑනෙ.. ඒ නිසා දන්න කෙනෙක්ම කිව්වානම් තමා හොඳ..

      ඒකම තමා මම වැඩි ප්‍රසිද්ධියක් දෙන්න එපා කිව්වෙ.. අම්මෝ.. ආසියාවේ ආශ්චර්‍යය..

      @ ඩූඩ්,

      හි..හි.. ආසියාවේ ලොකුම...

      Delete
  4. මටත් ලස්සනම කොලොම්බියාවේ පල්ලිය. ඒක හරිම නිර්මාණාත්මකයි.

    ReplyDelete
    Replies
    1. පිහිටීම තමා මරු...

      Delete
  5. යුරෝපේ හිටි අවුරුද්දක කාලෙදි මටත් වාසනාව ලැබුනා ගොඩක් නිර්මාන බලන්න. එහෙම ගිය වෙලාවෙ එකතුකල පින්තුර බොහොමයක් නරක් උනා ඒ කාලෙ ඉතින් ඩිජිටල් තාක්ශනය තිබුනේ නැහැනෙ.. පැරිසියෙ එවුවත් දැක්කා. ලෝක උරුමයන්ට එකතු වියයුතු අපූරු නිර්මාන..

    ReplyDelete
    Replies
    1. අපේ අම්මලාගෙ කාලෙ තලවිල පල්ලි මඩු පල්ලි ගිය පින්තූරත් ඔහොම විනාශවෙනවා සරත් අයියේ..

      Delete
  6. Notre Dame de Paris, Paris, France, St Patrick’s Cathedral, Melbourne, Australia, Notre-Dame de la Garde, Marseille, France, මේ ටික බැලුවා. තව ලස්සන පල්ලියක් දැක්කා මෙක්සිකෝවෙදි. ප්‍රසිද්ධ ශාන්තුවරයෙක් හිටපු. එයාලගේ කාමර තාම දකින්ට පුලුවන්. අඳුරුයි. සරලයි. දැක්කාම කියන්ට බැරි හැඟීමක් හිතට එන්නේ. හැබැයි නම මතක නෑ.

    අනෙක් එක තමා ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර ( capital city of South Australia and the fifth-largest city in Australia) තියන ප්‍රසිද්ධ පල්ලිය. ආයෙම නම මතක නෑ හී හී...ඒ නගරයට කියන්නේ City of Churches කියලා. ඔන්න හරී බලන්ට යනවා නම් තවත් තැනක්.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි අක්කා නම් ගොඩක් තැන් බලාගන්න තරම් වාසනාවන්ත වෙලානෙ.. මෙක්සිකෝවෙ පල්ලිය ගැන හෙව්වත් හොයාගන්ඩ බැරිවුනා අක්කේ..

      ඇඩිලේඩ් වල පල්ලියත් හොයන්න බැලුවා... අයියෝ ඇඩිලේඩ් කියන්නෙ පල්ලි පුරයක්නෙ.. හරියට ලංකාවෙ මොරටුව වගේ.. හැම සභාවකම පාහේ පල්ලි එකම නගරයේ..

      මට නම් ඔව්වල යන්ඩ ලැබෙන එකක් නෑ අක්කේ.. ඕං ගිය වෙලේක අපිවත් මතක් කරන්නකො.. :)

      Delete
  7. උබ තේ වත්තත් දාලනේ මම මුලින් තියෙන පින්තුර ටික බලාගෙන එනකොට හිතා ගත්තා කමෙන්ට් එකක් දාන්න ඕනේ කියලා තේ වත්ත බැසිලිකාව පින්තුරෙකුත් ඕකට එකතු කරපන් කියලා... අන්තිමට තේවත්ත දැක්කම පට්ට සතුටුයි ..

    ReplyDelete
    Replies
    1. චමීලාගේ ගෙවල් වලට තේවත්ත කිට්ටුයි නේද? ජීවිතේ එකපාරක් හරි යන්ඩ වටින පල්ලියක්..

      Delete
  8. අර ගග ලග හදාපු පල්ලිය පට්ට ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මගෙත් ප්‍රියතම..

      Delete
  9. සිරා විස්තර ටිකක් මචං...

    ReplyDelete
  10. හරි අපූරු ලිපියක් මල්ලි... පල්ලි ටිකත් ලස්සනයි... මේ විදියට හරි දකින්න ලැබුණු එකත් කොයි තරම් දෙයක්ද? මේ පල්ලි අතරින් මෙල්බර්න් වෙල සාන්ත පැට්රිකක් ආසන දෙව්මැදුරට මම ගිහින් තියෙනවා. තව ඉතින් තේවත්තෙ පල්ලියත් නිතර යන්න ලැබෙන මම ආසම පල්ලියක් ලංකාවෙ පල්ලි අතරින්.

    ReplyDelete
    Replies
    1. අක්කාට මෙතනින් එක පල්ලියක් හෝ බලාගැනීමට ලැබීම ගැන සන්තෝසයි.. නිතර යනවා එනවා කිව්වෙ ඒ අහල පහල වෙන්ටෑ ඉන්නෙ..

      Delete
  11. පිස්සු හැදෙනවනෙ බන්. මිනිස්සුන්ට කොච්චර මෙව්වා එකක් තියෙන්න ඕනද මේ වගේ විශිශ්ඨ නිර්මාණ කරන්න..

    අර ක්‍රි.ව. 40 දි, කාටද දේව මෑණියන්ව දර්ශණය වුනා කියපු එකනම් ටිකක් ගැටලු කාරියි වගේ. දේව මෑණියො එතකොටත් ජීවතුන් අතර නේද ?

    ReplyDelete
    Replies
    1. //මිනිස්සුන්ට කොච්චර මෙව්වා එකක් තියෙන්න ඕනද මේ වගේ විශිශ්ඨ නිර්මාණ කරන්න..// සෙන්නාට පුළුවන් නම් Don Justo කියලා සර්ච් එකක් දාලා බලන්නකො..

      ඔව්.. දේවමෑණියෝ ජීවතුන් අතර.. සෙන්නා බොහෝම පරීක්ෂාවෙන් කියවනවනෙ.. මමත් ඒක එච්චර හිතුවෙ නෑ.. මේ කමෙන්ට් එකට පස්සෙ තමයි සොයා බැලුවෙ.. මම හිතන්නෙ මේක අර අන්තෝනි මුනිතුමා වගේ දෙතැනක පෙනී හිටීමක් වෙන්න පුළුවනි..

      Delete
    2. පිස්සු හැදෙනෙවනෙ බන්.. 1961 ඉඳන් තාම හදනවා.. තවත් අවුරුදු 20ක්වත් යයිලු ඉවර කරන්න.. මාරම මෙව්වා එකක් තමයි ඒකනම්.

      Delete
  12. සිස්ටස්ල බල කරපු නිසා ගීතිකා කියන්න කාලයක් පල්ලි ගියා..
    ඊට පස්සේ මාරම ආසාවෙන් පල්ලි යන්නත් පටන් ගත්තා..
    ඔබේ අඩවියට ආවම කොහොමත් මට ඒ කාලේ තමා මතක් වෙන්නෙ..

    අපුරුයි!
    ජයම වේවා සහෝ

    ReplyDelete
    Replies
    1. පල්ලි යන්න බලකළාද? එහෙම කළා නම් ඒක බොහෝම නරක වැඩක්..

      ඔබටත් ජය වේවා..

      Delete
  13. කොලොම්බියාවෙ පල්ලිය නම් බොහොම ලස්සනයි...ඔබේ වගේම මගේ තේරීමත් එයයි...

    ReplyDelete
    Replies
    1. මගේ තේරීමත් එයයි..

      Delete
  14. කොලොම්බියාවේ පල්ලිය නම් මාර ලස්සනයි තමා,උඩින්ම තියෙන ඇමෙරිකාවේ පල්ලිය නම් මම ෆිල්ම්ස් වල දැකලා තියෙනවා.උත්සාහය අගේ කරනවා හරී

    ReplyDelete
    Replies
    1. ඇයි එතකොට නිශාන්ලාගෙ අල්ලපු වැටේ පල්ලිය?

      Delete
  15. වතිකානුව බොහොම ගාම්භීරයි. ඒ පෙනුම වෙනත් දේවස්ථානවල නැහැ. මමත් ආසයි අර කොලොම්බියාවේ දේවස්ථානයට. ඒ නම ස්පාඤ්ඤ භාෂාවෙන් ලියලා තියෙන්නේ. උච්ඡාරණය වෙන්නේනම් ලා ලශාස් කියලයි. කොයි දෙයියද ඉතින් ඒකෙ තේරුම කියලා දෙන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ප්‍රංශ භාෂාවෙන් ඇති නම් පරිවර්තනය කළේ ගූගල් ට්‍රාන්ස්ලේටර් එකෙන්.. ඒත් ඔය වචනය පරිවර්තනය කළාම එන්නෙ තුනී තහඩුව වගේ තේරුමක්..:)

      Delete
  16. මේ ලස්සනම දේවස්තාන 10 දවල්ට වගේම රැට දි්වන පිංතුර ටිකත් මාර ලස්සනයි.නියම පිංතුර ටිකක්.

    ලංකාවෙ මම දැකපු ලස්සනම සිත බඳින දේවස්තාන අතර කඳාන දේවස්ථානයත්, රාගම බැසිලිකාවත්, ගාල්ල උඩුගම කල්වාරියත්,තියෙනවා.

    ReplyDelete
    Replies
    1. රෑ පින්තූර නම් නියමයි නේද? කඳාන දේවස්ථානයේ මට නම් ලස්සනක් පෙනිලා නෑ.. නිතර යන එන හින්දද මන්දා? ගාල්ල උඩුගම කල්වාරිය කිව්වෙ හිනිදුම කල්වාරියද?

      Delete
  17. ලස්සන පින්තූර ටික. අඩේ දවසක තේවත්ත පල්ලි යන්ඩ ඕන කියලා හිතුනා.
    වෙලාවක සෙට් වෙමුද ?

    ඔන්න මචං අළුත් ජීවිතයට මගෙන් සුබ පැතුම්. මම් අපේ අම්මටත් විස්තරේ කිව්වා. උන්දැටත් මාර හැපි !!!


    ReplyDelete
    Replies
    1. මොකද්ද ඔය අළුත් ජීවිතය ?
      මූ බඳින්නවත් යනවද ?

      Delete
    2. @මධුරංග

      වෙලාවක යං..

      ස්තුතියි.. ස්තුතියි..

      @ මින් විසිතුරු,

      අපෝ පරස්තාවක් නෙමෙයි බන්..

      Delete
  18. මේ වගේ තැන් බලන්න යන්නත් ආස හිතෙනවා. මම තේවත්තේ බැසිලිකාවට, තලවිල, වහකෝට්ටේ පල්ලි එහෙම ගිහින් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. ලංකාවෙත් ලස්සන පල්ලි තියෙනවා.. දවසක එව්වත් කියන්නම්කො..

      Delete
    2. මම පෝස්ට් දැම්මා බලන්ඩෝ.. !

      Delete
  19. මටනම් වැඩියෙන්ම ලස්සනයි කියල හිතුනෙ ලන්කාවෙ එක තමා.

    ReplyDelete
    Replies
    1. සිරිලක දේ සිරිසැපදේ.. :)

      Delete
  20. ලස්සන පින්තූර ටිකක්..නොදන්න දේවල් පරිවර්තනය නොකර ඒ විදිහටම නම දැම්මනම් හොඳයි කියලා හිතෙනවා..:)

    ReplyDelete
    Replies
    1. රූ අක්කේ පරිවර්තනය අවුල්ද? :)

      Delete
  21. හය වෙනිය ට තියෙන එක නම් හැමදාම දකිනවා. ඒත් මේක ලස්සනම පල්ලි දහය අතරෙ තියෙනවා කියලා දැනගෙන හිටියෙ නෑ....

    අංක එකත් දැකලා තියෙනවා.... ඒක ඉතින් දකින්නම ඕනෙම තැනක් නෙ....

    දෙවෙනියට තියෙන කොලොම්බියාවෙ එක නම් මාර ගති....

    ReplyDelete
    Replies
    1. ශශී ඉන්නෙ වැනීසියෙද? දකින්නම ඕන තැනක් කිව්වට ඉතින් මම නම් ඔය එකක්වත් දැකලා නෑ..

      කොලොම්බියාවේ පල්ලියේ පිහිටීම තමයි නියම..

      Delete
  22. පිංතූර වුනත් සෙට් වෙනවා. මරු. මෙහෙමත් පල්ලි තියෙනවනේ

    ReplyDelete
    Replies
    1. මීට වඩා අමුතු අමුතු තාලෙ පල්ලිත් තියෙනවා..

      Delete
  23. ම්ම්... ලස්සන පිංතූර ටික.අර දෙවැනියට තිබ්බ එක තමා මටත් ලස්සන.

    ReplyDelete
  24. ජර්මනියේ හැම පැරණි නගරයකම ඉතාම ලස්සන ලැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ පල්ලි තිබේ

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...