2.23.2013

තවමත් පවතින ලොව ඉපැරණිම හමුදාව

නිල ධජය
මධ්‍යතන යුගයේ අවසාන භාගය (ක්‍රි.ව. 1300 -1500) වන විටත් ස්විට්සර්ලන්තය (Switzerland) දිළිඳුකමේ ගිලී පැවති රටක් විය. විරැකියාවද ඉතා ඉහළ මට්ටමක තිබුණි. කර දඬු උස්මහත්වී තමන් විසින් තමන් යැපිය යුතු වයසට පැමිණි ස්විස් තරුණයෝ රැකියා විරහිතව උකටලීව උන්හ. නමුත් ඔවුන්ට තෝරාගැනීමට එකම මඟක් ඉතිරිව තිබුණි. ඒ ස්විස් කුලී හමුදාවට බැඳී තමුන් නොදන්නා රටක් වෙනුවෙන් යුද්ධයට යාමයි. අඟ හිඟකම් ඉහවහා ගිය සමයක, යුද්ධයෙන් නොමැරුනොත් බඩගින්නේ මැරෙන්න වෙන සමයක හිත හිතා සිටීමෙන් පලක් නොවන බව තේරුම්ගත් බොහෝ තරුණයෝ ස්විස් කුලී හමුදාවට බැඳුනහ. මේ ඔවුන්ගේ කතාවයි.

ඉතා දරුණු සටන් කරුවන්වූ ස්විට්සර්ලන්ත කුලී හේවායෝ
මෙකල මුළු යුරෝපය පුරා දරුණු වශයෙන් යුද්ධයන් ඇවිලී ගිය වකවානුවක් විය.  සියවසරක යුද්ධය ( Hundred Years War) හා අනෙකුත් යුද්ධයන් යුරෝපය වසාගනිද්දී යුරෝපීය පාලකයෝ හුරුපුරුදු යුධෝපක්‍රම අතැර අලුත් යුධෝපක්‍රමයකට යොමුවූහ. නගුල්, කැති ආදී ගෙදර දොරේ ආම්පන්න රැගත් කම්කරුවන් සමඟ සීමිත ප්‍රමාණයක්වූ සොල්දාදුවන් යොදවා කල යුද්ධය යල්පැන ගියේය. ඒ වෙනුවට යුද්ධයේ හපන් තම සොල්දාදුවන්ට වඩා පුහුණුවේ හා යුධෝපායේ දක්ෂ වෘත්තීයමය කුලීහමුදාවන්ගේ සහය ලබාගැනීමට ඔවුන් තීරණය කළෝය. මේ ඉල්ලුමේ ප්‍රධාන සැපයුම්කරු වූයේ එවකට විරැකියාවෙන් පෙළෙමින් සිටි ස්විට්සර්ලන්තයයි. නමුත් විරැකියාවෙන් පෙලුනු නිකම්ම නිකම් රස්තියාදුකාරයන්ගේ ගොන්නට මේ ස්විස් කුලී හේවායන් එකතු කළ නොහැක. මන්දයත් ඔවුහු යුධෝපායේ කෙළ පැමිණියවුන් වූවා පමණක් නොව එකල කෙරුණු හෙල්ල, කෙටේරි යුද්ධයේත් උපන් හපනුන් වූහ. ඈත තියාම එල්ලවන ස්විස් හෙල්ල පහර ප්‍රතිවාදීන් මවිතයට පත් කලේය. ඇරත් ඉතා සුළු ගිවිසුමකින් ස්විස් හේවායන් කුලියට ගැනීමේ හැකියාවත් ස්විස් සෙබළුන්ගේ ජනප්‍රියත්වය තව තවත් නැංවීය.
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com
ලන්ඩ්ස්කනෙෂ්ට්වරු
පෙර කී පරිදි ස්විස්වරුන්ගේ අතිශූර යුධෝපායන් තේරුම්ගෙන ඔවුන් මෙල්ල කළහැකි කිසිවෙක් පසළොස් වන ශතවර්ෂයේදී බිහි නොවීය. ඉතා විශාල කණ්ඩායම් වශයෙන් ඉතා දිගු හෙල්ල රැගෙන සටන්බිමට පිවිසීමත් යටත් වන්නන් සිරකරුවන් වශයෙන් භාරනොගෙන සියළුදෙනා මරාදැමීමත් දිගින් දිගටම ලබාගත් යුධ ජයග්‍රහණයත් නිසා ප්‍රතිවිරුද්ධ සේනාවෝ ස්විස් භටයන් කියූ සැණින් බයින් බීරාන්තව ගියහ. එමඟින් සතුරන් මානසිකව වැට්ටවීමේ වරමද ඔවුන් ලබාගෙන තිබිණි.

ස්විස් භටයන්ගේ සේවය තව තවත් ගුණාත්මක බවට පත්කළේ ඔවුන් තම වැටුප් ගෙවන්නා වෙත දක්වන පක්ෂපාතීත්වයයි.  සෙසු කුලී හමුදාවෝ යුද්ධය පැරදීගෙන එනවිට සටන තබා පලා ගියද වැඩි වැටුප් පිණිස ප්‍රතිවාදීන්ට එකතු වුවද ස්විස් භටයෝ එවැනි දේවලින් කීර්ති නාමය කෙළසා ගත්තහු නොවූවෝය. ඔවුහු එකා පිට එකා මැරෙනතුරුත් සටන අත් නොහැරියෝය. අවසානය දක්වා වැටුප් ගෙවන්නාට ලැදිව සේවය කළෝය. මේ නිසා ස්විස් කුලීහේවායන් ඉතා විශ්වාසදායක විය.

කුලීහේවායන් සතු කීර්තිනාමය හේතුකොටගෙන යුධ කටයුතු වලින් තොර පෞද්ගලික ශරීරාරක්ෂක වෘත්තියටද යුරෝපයේ ඉල්ලුමක් ඇතිවිය. රජවරු මෙන්ම විවිධ ප්‍රභූවරුද තම ශරීරාරක්ෂකයන් වශයෙන් ස්විස් සෙබළුන් භාවිතා කිරීමට පෙළඹුනු බව පෙනේ. ඒ ගැන තව මොහොතකින් සළකා බලමු.
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com
පසළොස්වන ශතවර්ෂය අවසානය කරා පැමිණෙමින් තිබුණි. ස්විස් සේනාවෝ ධනයෙන් පිරී සිටියෝය. එහෙත් වැඩිකල් නටන්නට ලැබුණේ, ඔවුන්ට නොවේ. ස්විස් භටයින්ගේ යුධෝපක්‍රම තම තීක්ෂණ යුධ ඥානයෙන් විශ්ලේෂණය කොට ඊට ප්‍රතිවිරුද්ධ යුධෝපක්‍රම හඳුන්වා දුන් පිරිසක් එකණෙහිම යුරෝපයේ පහළවිණි. ඒ ලන්ඩ්ස්කනෙෂ්ට්වරුය (Landsknecht). ජර්මානු කුලී හමුදාවක් වූ ඔවුන් ස්විස්වරුන්ට දැනෙන තරමේ සටනක් දීමට තරම් දක්ෂයෝ වූහ.
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com
එහෙත් තවමත් ස්විස්වරු දුර්වලයින් ලෙස හංවඩු ගැහී තිබුනේ නැත.  යුධෝපක්‍රම සතු වුවත් හෙල්ලෙයේ හා කෙටේරියේ පාලනය තවමත් පැවතියේ ස්විස්වරුන් අතය. යුද්ධයේ කරට කර සටනක් දීමට හැකිවුවත් ලන්ඩ්ස්කනෙෂ්ට් කුලීහේවායෝ ජනප්‍රිය වූයේද නැත. පෙර තරම් ජයග්‍රහණයන් නොවූවත් ස්විස්වරු තවමත් පෙරමුණේ සිටියහ.
ස්විස් කුලීහේවායන් ගෙදර යැවූ අත් තුවක්කුව

සියල්ල උඩුයටිකුරු කළ යුද්ධය Bicocca ( Battle of Bicocca) හි ආරම්භය සනිටුහන් වුණි. ඒ 1522 වර්ෂයයි. එක් පසෙක හෙල්ල හා කෙටේරි අතින්ගත් කුලීහේවා ස්විස්වරු වූහ. අනෙක්පස වූයේ ස්පාඤ්ඤවරුත් ඔවුන්ගේ කුලී හේවායන්වූ ලන්ඩ්ස්කනෙෂ්ට්වරුත්ය. යුද්ධය දරුණුවට ඇවිලී ගියේය. එහෙත් වෙනදා මෙන් ඈත සිට හෙල්ලයෙන් ඇන සතුරන් බිම දැමීමේ වරම ස්විස්වරු සතු නොවීය. ස්පාඤ්ඤයන්ගේ අත් තුවක්කු (Arquebus) වලින් නිකුත්වූ උණ්ඩ පියඹාවිත් ඔවුන්ගේ ජීවිත රැගෙන ගියේය. ස්විස්වරු යුද්ධයෙන් පරාජවූවා පමණක් නොව වසර සියයකට එහා සිට රඳවාගෙන සිටි 'රණශූර' නාමයද ඔවුන්ගෙන් ගිලිහිණි.
 --------------------------
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com
 පෙර පැවසූ ලෙසම කුලී හමුදාවන්ගේ කීර්තිනාමය මත ඔවුන් පෞද්ගලික ආරක්ෂකයන් කරගැනීමට බොහෝ ප්‍රභුන් පෙළඹී සිටි බව පෙනේ. ප්‍රංශයේ කිරීටය දැරූ එකළොස්වන ලුවී රජු හා හා පුරා කියා තම ශරීරාරක්ෂව ස්විස් භටයින්ට භාරකළේය. ඔහුට අති විශාල ප්‍රමාණයේ ස්විස් සේනාංකයක සේවාව ලැබී ඇති අතර ක්‍රි.ව.1497 සිට ක්‍රි.ව. 1830 වනතුරුම ප්‍රංශ අධිකරණයේ ආරක්ෂාව භාරව තිබී ඇත්තේ ස්විස් භටයන් වෙතය.
ප්‍රංශයේ ඇතිවූ ස්විස් ශරීරාරක්ෂක රැල්ල එතනින් ඕලන්දයටත්, පෘතුගාලයටත්, වියානාවටත් පැතිර ගියේය. එතනිනුත් එය නතර නොවුණි. ඉතිහාසඥයන් පවසන පරිදි එකල යුරෝපයේ සෑම රටකම පාහේ ස්විස් ශරීරාරක්ෂක සෙබළු රාජකාරි කළෝය.

මේ සියළුම ස්විස් ශරීරාරක්ෂක සේවාවන්ටත් කුලී හමුදා සේවාවන්ටත් නැවතීමේ තිත තැබෙන්නේ 1874 සම්මතවූ ස්විට්සර්ලන්ත ව්‍යවස්ථා සංශෝධනයත් සමඟිනි.  එයින් නොනවතින ස්විට්සර්ලන්ත රජය 1927 පැනවූ තවත් නීතියක් මඟින් ස්විස් පුරවැසියන්ට වෙනත් රටක යුධ ක්‍රියාකාරකම්වලට සහභාගී වීම තහනම් කළෝය. නමුත් ඒ සියලු නීති පැනවූයේ විශේෂ ස්ථානයකට බලනොපාන පරිද්දෙනි. ඒ නීති මඟින් ස්විස් සෙබළුන්ට වතිකානු රාජ්‍යය තුළ සේවය කිරීමේ හැකියාව අහිමිවූයේ නැත.
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com
පළමුව ස්විස් ශරීරාක්ෂකයන් වතිකානුවට වැද්දගන්නේ හතරවන සික්ස්ටස් පාප්තුමා ( Pope Sixtus IV) විසිනි. එයින් පසු අටවන ඉනසන්ට් පාප්තුමාත් (Innocent VIII) ස්විස් භටයින් පාවිච්චි කළේ මිලාන් නුවර වාසය කළ වංශාධිපතියෙකුගෙන් ආරක්ෂාවීම සඳහාය. මේ අවස්ථා දෙකේදීම ස්විස් භටයින් වතිකානුව තුළ සිටියද ඔවුන් ස්ථිර ආරක්ෂකයන් වූයේ නැත. තර්ජනයක් පැමිණි කෙණෙහි සේවය ලබාගත්තා සේම එය පහව ගියපසු මුදල් ගෙවා ඔවුන් පිටමන් කරන ලදී.

දෙවන ජූලියස් පාප්තුමා
ස්විස් භටයන් වතිකානුව තුළ පැළපදියම් වීමට අඩිතාලම වැටෙන්නෙ ප්‍රංශයේ රජකළ අටවන චාල්ස් රජතුමා ( Charles VIII of France ) නිසා. එක්දහස් හාරසිය ගණන්වල අගභාගයේදී  ප්‍රංශයේ අටවන චාල්ස් රජු ( Charles VIII of France ) නේපල්ස් නුවරට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේය. රජු යුද්ධය මෙහෙයවන අතර එවකට රජුගේ හිතවතෙක්වූ Giuliano della Rovere නම් කාදිනල්වරයාගේ සහයද රජුට ලැබුණි. යුධ වාතාවරණය නිසා කාදිනල්වරයාට යුද්ධ පිළිබඳවත් ඔවුන් යොදාගත් ස්විස් සෙබළුන් පිළිබඳවත් දැනුම ලැබී තිබිණි. යුධ ගණුදෙනු නිසාම ස්විට්සර්ලන්තය හා මිතුරුකම් ඇතිවී තිබිණි.

ක්‍රි.ව. 1503දි  දෙවන ජුලියස් (Pope Julius II ) නමින් පාප්ධූරයට පත්වෙන්නේ මේ කාදිනල්වරයාය. පාප්ධූරයට පත්වීමෙන් පසු ස්විස් සෙබළුන්ව තම ආරක්ෂාවට යොදාගැනීමට ගත් තීරණය ඉල්ලීමක් ලෙස ස්විට්සර්ලන්ත රජයට ඉදිරිපත් විය. පාප්තුමාගේත් ස්විට්සර්ලන්තයේත් එකඟතාවය මත වතිකානුවේ සේවයට එක්වූ සෙබළ පිරිස දෙසීයකි. ගිවිසුමෙන් පසු 1505 සැප්තැම්බර් මාසෙදි පිටත්වන මේ සේනාංකය රෝමයට පැමිණෙන්නෙ1506 ජනවාරි 22වැනිදා. ඒ හේතුකොටගෙන මෙදින පාප්තුමාගේ නිල ආරක්ෂක සේනාංකය පිහිටවූ දිනය ලෙස සැළකේ. පාප්තුමාගේ ආරක්ෂාවේ වගකීම භාරව සිටිය ද මොවුන් නිල වශයෙන් පාප්තුමාගේ ශරීරාරක්ෂකයින් හෝ වතිකානු රාජ්‍යයේ ආරක්ෂකයින් ලෙස නොසැළකේ. ඔවුහු සමස්ත රෝමානු කතෝලික සභාවේව නිල ආරක්ෂකයෝය. දෙවන පූලියස් පාප්තුමා විසින් "කතෝලික සභාවේ නිදහසේ ආරක්ෂාකරුවෝ" (Defenders of the Church's freedom) ගෞරවනාමය ද ඔවුන්ට පිරිනමා තිබේ.
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com
සාමාන්‍යයෙන් ලොව ඕනෑම හමුදාවකට ඇතුළුවීමට මූලික සුදුසුකම් සැපිරීම අවශ්‍යවන්නාසේම ස්විස් සේනාංකයට ඇතුළුවීමටත් සැපිරියයුතු මූලික සුදුසුකම් ඇත්තේය. විසුළු ඇඳුමකින් සැරසී සිටියත් ඔවුන් එසේ මෙසේ පුද්ගලයන් නොවන බව පහත දැක්වෙන මූලික සුදුසුකම්වලින් වැටහේවි.

1. වයස අවුරුදු 19ත් 30ත් අතර උස අඩි 5යි අඟල් 8.5ට නොඅඩු අවිවාහක පිරිමි අයවලුන් විය යුතුය.
2. ආගම රෝමානු කතෝලික වියයුතු අතර ස්විට්සර්ලන්ත පුරවැසියන් වියයුතුය.
3. මූලික හමුදා පුහුණුව ලැබූබවටත් මනා චරිතයකින් හෙබි බවටත් ස්විට්සර්ලන්ත හමුදාව විසින් ලබාගත් සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
4. වෘත්තීයමය මට්ටමේ පිළිගත් උපාධියක් හෝ යටත් පිරිසෙයින් උසස් ඩිප්ලෝමාවක් තිබීම අනිවාර්‍යය වේ.

සෑම වසරකම මැයි 6වෙනදා යනු ස්විස් භටයන්ට විශේෂ දිනයකි. එය ස්විස් වීරවරුන් සැමරීමේ දිනයයි.

දිවුරුම්දීම
Passetto di Borgo  මාර්ගය
1527 මැයි 6 වෙනිදා පස්වන චාර්ල්ස් රෝම අධිරාජ්‍යයාගේ සේනාව රෝමය ආක්‍රමණය කිරීමට වූහ. රෝමයට ඒ වනවිටත් ඇතුළුවී මහත් විනාශයක් කරමින් සිටි ඔවුන්ගේ ඉලක්කය වූයේ වතිකානුවයි. දහස් ගණනක සේනාවකට මුහුණදීමට වතිකානුව සතුවූයේ ස්විස් භටයින් 189දෙනා පමණි. එහෙත් සතුරාට එරෙහිව සටන්කර තම වගකීම ඉටුකළයුතුයැයි ඔවුන් සතු හැඟීම සියල්ලට ප්‍රබල විය. එකා පිට එකා මැරෙනතුරු ඔවුහු සටන් කළහ. දහස් ගණනක භට පිරිසක් හමුවේ 189කට කළහැකි කිසිවක් නොමැති බව අමුතුවෙන් කිවයුතු නොවේ. නමුත් පාප්තුමාව සතුරන්ගෙන් ගලවා Passetto di Borgo  රහස් මාර්ගය හරහා වතිකානුවෙන් පිටමං කිරීමට තරම් ඔවුහු ශූර වූහ. පාප්තුමා පිටවනතුරු වතිකානුව අල්ලා සිටීම වෙනුවෙන් සෙබළු147දෙනෙක්ම දිවි දුන්හ. ගැලවී ගියේ පාප්තුමා සමඟ ගිය සෙසු පිරිස පමණි.

රාජකාරීය දිවිහිමියෙන් සුරැකි රණකාමීන් වෙන්වූ දිනයකි, මැයි හය. එදින දිවි දුන් විරුවන් සැමරෙන අතරම සුදුසුකම් සැපිරූ නවක සෙබළුන් දිවුරුම් දී සේනාංකයට එක්වනු ලබයි. මෙලෙස එක්වන සෙබළෙකුට වර්තමානයේ මාසිකව යූරෝ 1300ක වැටුපකුත් ඊට අමතරව අතිකාල දීමනාත් නවාතැන් හා කෑම බීමත් ලැබේ. ඒ වෙනුවෙන් වසර 2ත් 25ත් අතර කාලයක් රෝමානු කතෝලික සභාවට සේවය කිරීමට ඔහු බැඳී සිටී.

උත්සව අවස්ථාවකදී නිල ඇඳුම
දැන් ස්විස් භටයෙකුගේ නිල ඇඳුම පිළිබඳ විමසා බලමු. ස්විස් භටයෙක් සතුව නිල ඇඳුම් දෙකකි. එකක් උත්සව අවස්ථාවන්හිදී අඳින නිල ඇඳුම වන අතර අනෙක දෛනික රාජකාරී නිල ඇඳුමයි.

උත්සව වෙනුවෙන් වෙන්වූ ඇඳුම රැළි සහිත උස් කොලරයකින් සමන්විත නිල්, රතු, තැඹිලි හා කහ වර්ණයන්ගෙන් වර්ණවත්වූ ඇඟලුමකි. ඊට අමතරව ඔවුන් රතු, සුදු, කහ, කළු, දම් වර්ණයන්ගෙන් යුතු පැස්බර පිහාටු සහිත මොරියන් හිස්වැසුම පළඳිනු ලැබේ. මේ පැස්බර පිහාටුවල වර්ණය උත්සවයේ ස්වභාවය අනුව වෙනස්වන අතර හිස්වැස්මේ වර්ණය තීරණය කරන්නේද උත්සවයේ ස්වභාවයයි.

සාමාන්‍ය හමුදා සොල්දාදුවන් පළඳින 'බෙරර්' වර්ගයේ කාලවර්ණ හිස්වැස්මට තද නීලවර්ණ ඇඟලුමක් යෙදීමෙන් සාමාන්‍ය දෛනික රාජකාරී නිල ඇඳුම නිර්මාණය වී තිබේ.

දෛනික නිල ඇඳුම

මීට අමතරව ආයුධ වශයෙන්  කඩුවත්, බැටන් පොල්ලත්, හෙල්ලයත්, කිරිච්චියත් සේම සිරුරේ ඉහළ කොටස ආවරණය වන සන්නාහයක්ද භාවිතයට ගැනේ.  නමුත් 1981දි ඇතිවූ දෙවන ජුවාම් පාවුළු පාප්තුමා ඝාතන උත්සාහයත් සමඟ ස්විස් භටයින් ආයුධ රහිත සටන් කලාවන් කෙරෙහි ද යොමුවූ අතර දැන් දැන් වර්තමානයට ගැළපෙන සුළු අවි පුහුණුවක්ද ඔවුන්ට ලැබේ. ඒ අනුව SIG P220 (P75), Glock 19 , Heckler & Koch MP5A3 , Heckler & Koch MP7, SIG SG 550 , SIG SG 552  වැනි අවි භාවිතයේ පලපුරුද්ද දැන් ඔවුන් සතුය. නමුත් නවීන අවි ප්‍රසිද්ධියේ දරා සිටීමක් තවමත් දකින්නට නැති සෙයකි.
හෙල්ලය

වසර පන්සිය ගණනක සිට රෝමානු කතෝලික සභාවේ නිල ආරක්ෂකයින් ලෙස කටයුතු කරන ඔවුන්ට විටින් විට වතිකානු රාජ්‍යයට අනුයුක්තව සේවය කළ විවිධ හමුදා සේනාංකයන් සමඟ කටයුතුකරන්ඩ සිදුවී ඇති අවස්ථා ඉතිහාසයෙන් සොයාගත හැක. 1860දි විසුරුවා හැරි Corsican Guard සේනාංකය සමඟත් 1870දි විසුරුවා හැරි  Papal Zouaves සේනාංකය සමඟත් 1970දි විසුරුවා හැරි Noble Guard  හා Palatine Guard  සේනාංක සමඟත් ඔවුන් බොහෝ සුහදව වැඩකළ බව පෙනේ. කිසිඳු ගැටුමක් වාර්තා නොවේ.
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com
නමුත් 1506න් ඇරඹි වතිකානු ස්විස් භට ඉතිහාසයේ  එකම කළු පැල්ලම ඇතිවන්නෙ 1998 මැයි 4 වෙනිදාය. ඒ Cédric Tornay  නම් සෙබළා තම සගයෙකු වූ Alois Estermann නම්සෙබළාවත් ඔහුගේ බිරිඳවත් මරාදමා සියදිවි හානිකරගැනීමයි.                                                                                 

Papal Zouaves සේනාංකයේ භටයෙක්
Noble Guard  සේනාංකයේ භටයෙක්
Palatine Guard සේනාංකයේ භටයෙක්
2006 වසර එළඹියේ ස්විස් භට ඉතිහාසයේ නව පිටුවක් පෙරලමිනි. 1506දී වතිකානුවට පැමිණි ස්විස් භටයෝ ඒ වන විට වසර පන්සීයක් අඛණ්ඩව එකම හාම්පුතෙක් යටතේ සේවය කර තිබිණි. මෙම මොහොත ඔවුන් සැමරුවේද අමුතුම ක්‍රමයකටය. එදා 1506දි සේනාව පිටත්වූ තැන සිට ඒ මඟ ඔස්සේම ඔවුන් පාගමින් රෝමයට ආහ.

ස්විස්භටයින්ගේ සේවය තවමත් නිමාවී නැත. තව අවුරුදු ගණනාවක් යනතුරු සමහරවිට රෝමානු කතෝලික සභාව පවතිනතුරු ස්විස් භටයෝත් නිල ආරක්ෂකයින්ව හිඳිනු ඇත. එදාටත් අද මෙන්ම 'ලෝකයේ තවමත් පවතින ඉපැරණිම හමුදාව' යන නාමය ඔවුන් සතුවනු නොඅනුමානය.

"I swear I will faithfully, loyally and honourably serve the Supreme Pontiff [actual Pope] and his legitimate successors, and also dedicate myself to them with all my strength, sacrificing if necessary also my life to defend them. I assume this same commitment with regard to the Sacred College of Cardinals whenever the see is vacant. Furthermore I promise to the Commanding Captain and my other superiors, respect, fidelity and obedience. This I swear! May God and our Holy Patrons assist me!" හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com
 
(විනාඩි 1.30)

 (විනාඩි 2.12)

මූලාශ්‍ර:
  • http://en.wikipedia.org/wiki/Papal_Zouaves
  • http://en.wikipedia.org/wiki/Noble_Guard_%28Vatican%29
  • http://en.wikipedia.org/wiki/Palatine_Guard
  • http://en.wikipedia.org/wiki/Swiss_Guard
  • http://en.wikipedia.org/wiki/Alois_Estermann
  • http://en.wikipedia.org/wiki/Flamberge
  • http://en.wikipedia.org/wiki/Comb_morion
  • http://en.wikipedia.org/wiki/Landsknecht
  • http://en.wikipedia.org/wiki/Arquebus
  • http://en.wikipedia.org/wiki/Swiss_Mercenaries
  • http://en.wikipedia.org/wiki/Charles_VIII_of_France
  • http://en.wikipedia.org/wiki/Military_of_Vatican_City

77 comments:

  1. වටින විස්තරයක්...

    ReplyDelete
  2. මේ ජෝකර් කිට් එක ගහල ඉන්න සෙට් එක දැක්කට දන්නේ අද නේ මේ කවුද කියල.

    ReplyDelete
    Replies
    1. ජෝකර් කිට දැක්කම හැමෝටම හිතෙන්නේ මේ නම් නිකන්ම නිකන් ජෝකර්ලා සෙට් එකක් කියලා.. පහළ සමහරු කියන්නෙ හිනාත් ගියා කියලා.. ඒත් බලන්ඩකො මේ ගොල්ලන්ට තියෙන සුදුසුකම්.. වෘත්තීමය උපාධියක් තියෙන සොල්දාදුවො..

      Delete
    2. ඕ.. මේක දැක්කට මට හිනා යන්නේ නෑ.. ඊට වැඩිය රජ ජෝකර් සෙට් අපේ රටේ ඉන්නේ කිට නැතුවම. :D

      Delete
    3. ඒක නම් ඇත්ත.. ඒ ගොල්ලනත් කිටක් තියෙනවානෙ.. සුදු කිට..

      Delete
  3. ශහ්.. කවදාවත් අහල නොතිබුන හරි අපූරු විස්තරයක්.. ස්විට්සර්ලන්තය කියන්නෙ යුරෝපයේ තියන බොහොම පොඩි රටක්නෙ.. ඒ අතින් ඔවුන් හරි ශූරයි... දන්නවද ගොඩ බිමින් වට වුනු, මුහුදක් නැති ස්විට්සර්ලන්තයට තමයි ලෝකෙ දෙවෙනි විශාලම Shipping Line එක අයිති.. කොහොමද ඒක ?

    >> ඒ වෙනුවෙන් වසා 2ත් 25ත් අතර කාලයක් <<

    මෙතන වසරද ? නැත්නම් වසා කියලා මොකක් හරි ආවේනික කාල ක්‍රමයක් තියනවද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ස්තුතියි..

      "දන්නවද ගොඩ බිමින් වට වුනු, මුහුදක් නැති ස්විට්සර්ලන්තයට තමයි ලෝකෙ දෙවෙනි විශාලම Shipping Line එක අයිති" මේක දැක්කම මගේ ඇස් උඩගියා.. ඒ කොහොමද එහෙම වෙන්නෙ.. රටවටේම මුහුද තියෙන රටකටත් වඩා මූද නැතුව නැව් සමාගම් තියාගන්නෙ.. කියමුකො පොඩි විස්තරයක්.. නාවික අත්දැකීමුත් එකතු කරලා..

      "මෙතන වසරද ? නැත්නම් වසා කියලා මොකක් හරි ආවේනික කාල ක්‍රමයක් තියනවද ?" සමාවෙන්න සෙන්නා එතන පොඩි වැරදීමක් වෙලා.. වසර වෙන්න ඕනා.. ඕන් මම ඒක හැදුවා..

      Delete
    2. චැහ්.. මේක ගුග්ලියනෙ බන්.. :D හරිද ?

      මෙහෙමයි හරී, Shipping Line එක අයිති වුනාට ඒ නැව් ඒ රටේම නවත්තලා තියන සිරිතක් නෑ.. නැව හැම තිස්සෙම මුහුදෙ දුවන එක තමා කරන්නෙ. නැව මුහුදෙ දුවන තරමට තමා Shipping Line එකට ලාබය වැඩි. එතකොට තමන්ගෙ නැව නවත්තන් ඉන්න තමන්ගෙ රටේම වරායක් තියෙන්න ඕනා නෑ.. ප්‍රායෝගිකව එහෙම කරන්ඩත් බෑ.. කාලයක් දුවලා අළුත් වැඩියා කරන්න ඕනා වුනාම ඩ්‍රයි ඩොක් එකකට යනවා. ඊට පස්සෙ ආයෙ මුහුදෙ...

      ඕක හින්දා තමා Land lock country එකක් වෙච්ච ස්විට්සර්ලන්තෙට ලෝකෙ දෙවෙනි විශාලම Shipping Line එකේ හිමිකාරයා වෙන්ඩ පුළුවන් වෙලා තියෙන්නෙ.. ඒකට අපි නේද ? රට වටේම මුහුද තියාගන බෝට්ටුවක්වත් නෑ.. තිබුන එකත් ( Ceylon shipping Co-operation ) කාබාසිනියා කරගත්තා..

      ඔය ඇති වෙයි නේද වැඩේ තේරුම් ගන්න.

      වැඩි විස්තර ඕනනම් මේ සබැඳි ටික ඔස්සේ ගිහින් බලන්න ඇදහසක් ගන්න පුළුවන් වෙයි...

      සබැඳිය 1

      සබැඳිය 2

      සබැඳිය 3

      Delete
    3. "චැහ්.. මේක ගුග්ලියනෙ බන්.. :D හරිද ?" :)

      Shipping Line එක කියන්නේ නැව් සමාගම කියන එකට වෙන්ටැ.. සල්ලි තියෙනවා නම් මේක කරන්ඩ පුළුවන් වගේ.. ඒත් මට ප්‍රශ්නයක් උනේ රට වටේ මුහුද නෑ කියන්නෙ ස්විස් කාරයින්ට නාවික ඉතිහාසයක් නෑ කියන එකනෙ.. ඉතින් එහෙම නාවික අත්දැකීම් නැති මිනිස්සු බය නැතිව මේ වගේ ක්ෂේත්‍රයක ආයෝජනය කරයිද කියන එක.. කොහොමහරි ඉතින් ඒක වෙලානෙ..

      "රට වටේම මුහුද තියාගන බෝට්ටුවක්වත් නෑ.." යුධ නැව් ඇරුනාම ලංකාව සතුව වෙළඳ නැව් නැද්ද?

      බොහෝම ස්තුතියි මේ විස්තරවලට.. සැබැඳිත් කියවා බලන්නම්..

      Delete
    4. ඔය කියන නැව සමාගම ලොකු ඉතිහාසයක් තියන එකක් නෙමේ.. සල්ලි තියනවන ඉතින් ආයෝජය කරන්න විතරයි තියෙන්නෙ. ඉතිහාසයක් වැඩක් නෑ. සමහර වෙලාවට කොහෙ හරි රටක විකුණන එකක් ගන්න උනත් පුලුවන්නෙ.. මේ කියන සමාගමේ ඉතිහාසය මම එච්චරම දන්නෙ නෑ..

      අපිට තිබුනා CSC එක.. ඒක කට්ටිය එකතු වෙලා කෑවා..

      දැන් තියනවා Mercantile Shipping Line කියලා Private එකක්.. ඒකෙ තියනවාලු නැව් හතර පහක්.. ඉස්සර උතුරට කෑම එහෙම ගෙනිච්චෙත් ඒ සමාගමේ නැව් වල.

      Delete
    5. අපේ නැවු සංස්තාව බාගයක් කෑවෙ දෙස්පලුවො..ඉතිරි බාගෙ හොර නිලදාරියො..

      Delete
    6. @ සෙන්නා,

      ඔව්.. ඒක ඇත්ත.. සල්ලි තියෙනවානම් ගොඩාක් දේවල් කරන්ඩ පුළුවන්නෙ..

      විස්තර ඔක්කොටම ස්තුතියි..

      @ සරත් ලංකාප්‍රිය,

      කියලා වැඩක් නෑ සරත් අයියේ.. තව මොනාද කන්න ඉතුරුවෙලා තියෙන්නෙ..

      Delete
  4. ක්‍රිස්තියානිය පතුරවන්න හෙනට ළමයි හෙම පතුරවන්න ඇති නේද? ආඩම්බරයි ආඩම්බරයි.

    ReplyDelete
    Replies
    1. තේරුනේ නෑ සහෝ කමෙන්ටුව..

      Delete
  5. විස්තරාත්මක ලිපියක් ඔස්සේ අපිව දැනුවත් කළ ඔබට ස්තුතියි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. කියවන්ඩ එන ඕගොල්ලන්ටත් ස්තුතියි

      Delete
  6. ඒ කාලේ මමත් යුද්දෙට ගියාද දන්නෑ... මේ විස්තර දකිද්දි මාර ගටක් එනවා! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි බන් උඹ රජෙක්නෙ.. රජ්ජුරුවෝ යුද්දෙට නොයා ඉන්නවද? :ඪ්

      එසේම වේවා! එසේම වේවා!

      Delete
  7. හොඳයි හොඳයි.
    ඔය වගේම විදේශික කුලී හේවායන්ව mercenaries ගන්න හමුදාවක් තියෙනවා දන්නවද French Legionnaires කියලා? ඒක ගැනත් රසවත් විස්තර තියෙනවා. එයාලත් මාර වැඩ්ඩොලු.

    ඔය ස්විස් සොල්දාදුවෝ වගේම ඉට්ටැයිල් එකට ගන්න තවත් ජාතිය හා බැඳුනු සේවාවන් තියෙනවා.

    සල්ලි තියෙන උන් English butler කෙනෙක්, French Cook කෙනෙක්, Japanese Gardner කෙනෙක් හෙම තියා ගන්න කැමතියි වැඩට.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියා කිව්වට පස්සෙ මම ඒ ගැන ටිකක් කියෙව්වා.. French Legionnaires කියන්නේ විදේශීකයන් වෙනුවෙන් වෙන්කරපු ප්‍රංශ හමුදාවේ සේනාංකයක්.. ප්‍රංශයින්ටත් මේකට බැඳෙන්ට පුළුවන්ලු.. ඒත් වෙන රටක කෙනෙක් බැඳෙනවනම් දාන්නෙ මේ සේනාංකයටලු..

      "ඒක ගැනත් රසවත් විස්තර තියෙනවා." හීන්සැරේ කියමුකො..

      "සල්ලි තියෙන උන් English butler කෙනෙක්, French Cook කෙනෙක්, Japanese Gardner කෙනෙක් හෙම තියා ගන්න කැමතියි වැඩට." ඩූඩ් අයියලාගේ ගෙදරත්?? :)

      මේ කමෙන්ටුවෙන් අලුත් දේවල් කීපයක් දැනගත්තා..


      Delete
  8. //...පළමුව ස්විස් ශරීරාක්ෂකයන් වතිකානුවට වැද්දගන්නේ හතරවන සික්ස්ටස් පාප්තුමා...//

    ඉතාලිය එක්සේසත් වෙනකම් ඉතාලි ප්‍රදේශ රාශියක්ම පාප්තුමාගේ යටතේ නේද තිබුණේ ? එතකොට වතිකානු රාජ්‍යයට නිල හමුදාවක් ඒ දවස්වල තිබුණේ නැද්ද ?

    //...පාප්තුමාගේ ආරක්ෂාවේ වගකීම භාරව සිටිය ද මොවුන් නිල වශයෙන් පාප්තුමාගේ ශරීරාරක්ෂකයින් හෝ වතිකානු රාජ්‍යයේ ආරක්ෂකයින් ලෙස නොසැළකේ....//

    වතිකානුවේ පොලිසියක් තියෙනවා නේද ? හමුදාවක් නේද නැත්තේ ? එහෙමත් නැත්නම් ඉතාලි හමුදාවද වතිකානු හමුදාව විදිහටත් ක්‍රියා කරන්නේ ?

    ආහ් පාප්තුමා එක්ක ඉන්න කළු කෝට්කාරයෝ ස්විස් හමුදා භටයෝ නෙමෙයිද ?

    //..උත්සව වෙනුවෙන් වෙන්වූ ඇඳුම රැළි සහිත උස් කොලරයකින් සමන්විත නිල්, රතු, තැඹිලි හා කහ වර්ණයන්ගෙන් වර්ණවත්වූ \ඇඟලුමකි....//

    …මේ ඇඳුම නිර්මාණය කළා කියන්නේ මයිකල් ආන්ජලෝ හරි ලියනාඩෝ ඩාවින්සි හරි නේද ??

    //..වයස අවුරුදු 19ත් 30ත් අතර උස අඩි 5යි අඟල් 8.5ට නොඅඩු අවිවාහක පිරිමි අයවලුන් විය යුතුය...//

    මෙයාලට විවාහ වෙන්න තහනම්ද ? සේවා කාලය වයස කීයෙන්ද ඉවර වෙන්නේ ?

    මේ විදිහට පඩි ගෙවලා තියාගත්තු හමුදා සේනාංක ලංකාවේ රජවරුන්ටත් තිබිලා තියෙනවා. ඔවුන්ටත් විශේෂ වගකීම් පවරපු බව කියවෙනවා.

    අගම් පඬි සේනාව කියලා තමා මෙයාලාව හඳුන්වලා තියෙන්නේ. පොළොන්නරු කාලේ වේලයික්කාරයන් නමින් මේ වගේ පඩි ගෙවපු හමුදාවක් ඉදලා තියෙනවා. දළදාව භාර කරලා තියෙන්නේ මෙයාලගේ ආරක්ෂාවට. උඩරට කාලෙත් දකුණු ඉන්දියාවෙන් මේ විදිහට හමුදා ගෙන්වලා තියෙනවා. ලංකාවට ආපු පෘතුගීසි ලන්දේසීන් ලස්කිරිඤ්ඤ හමුදාව කියලා ලාංකිකයන් හිටපු සේනාංක පවත්වාගෙන ගිහින් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දැනට වතිකානුවේ ස්විස් භටයෝ කීයක් විතර ඉන්නවාද ? ඒ වගේමයි ස්විස් හමුදා සේනාංකයේ උසස්වීම් නැද්ද ?

      Delete
    2. හසිත අහන ප්‍රශ්න වලට බඩත් කොරවෙනවා..
      කමක් නෑ අහන එක හොඳයි ඒක හින්දා මමත් ඒවා හොයන්ඩ පෙළඹෙනවා.. තව තව අහන්ඩ.. :)

      "ඉතාලිය එක්සේසත් වෙනකම් ඉතාලි ප්‍රදේශ රාශියක්ම පාප්තුමාගේ යටතේ නේද තිබුණේ ?" ඔන්න මම කෙටියෙන් කියන්නම්..
      පේදුරුතුමා රෝමයේ ධර්ම ප්‍රචාරයට ගිය නිසානෙ කතෝලික ආගම එහෙට ගියෙ.. ඉතින් පස්සෙ ටික ටික කතෝලිකයින් ප්‍රමාණය වැඩිවෙද්දි වගේම දානපතියන් කතෝලිකයන් වෙද්දි කතෝලික සභාවට වැඩි වැඩියෙන් ආධාර හම්බෙනවා.. ඉඩ කඩම් ලැබෙනවා.. රෝම අධිරාජ්‍යයා කතෝලික වීමත් එක්කම පාප්තුමාගේ ඉඩ කඩමුත් ප්‍රමාණයෙන් විශාල උනාලු.. ඉතින් මේ ඉඩ කඩම් වල පාලනය අයත් වෙන්නෙ පාප්තුමා යටතට.. මේවාට කියනවා Papal states කියලා..

      කතෝලික සභාවේ වසර 2000ක ඉතිහාසය තුළ මේ භූමි ප්‍රමාණය අඩු වැඩි වෙමින් තිබිලා තියෙනවා.. අද පවතින ප්‍රංශය, ඉතාලිය, සැන් මැරිනෝ, වතිකානුව කියන රටවලට අයත්ව ඇති භූමියේ සමහර කොටසුත් පාප්තුමාගේ අණසක යටතේ කාලයක් පාලනය වෙලා තියෙනවා..

      පස්සෙ ඉතාලිය එක්සේසත් වීමත් එක්ක මේ සියලු බලතල පාප්තුමාගෙන් ගිලිහිලා තියෙනවා.. ඒ කිව්වෙ සියලුම බලතල ඉතාලි රජය යටතට පත්වෙනවා.. ඒත් 1929දී වතිකානු රාජ්‍යය පිහිටුවලා පාප්තුමාට එහි සියලු බලතල ලැබෙනවා..

      "එතකොට වතිකානු රාජ්‍යයට නිල හමුදාවක් ඒ දවස්වල තිබුණේ නැද්ද ?" එහෙම තිබ්බ හමුදා ගැන තමයි මෙහෙම ලියලා තියෙන්නෙ.. //1860දි විසුරුවා හැරි Corsican Guard සේනාංකය සමඟත් 1870දි විසුරුවා හැරි Papal Zouaves සේනාංකය සමඟත් 1970දි විසුරුවා හැරි Noble Guard හා Palatine Guard සේනාංක සමඟත්// මෙතන මම දාලා තියෙන්නෙ විසුරුවා හැරපු වර්ෂය..

      "වතිකානුවේ පොලිසියක් තියෙනවා නේද ?" ඔව්.. Corpo della Gendarmeria dello Stato della Città del Vaticano නමින් පොලීසියක් තියෙනවා..

      "හමුදාවක් නේද නැත්තේ ? " වතිකානුව හඳුවන්නේ ලෝකයේ හමුදාවක් නැති රාජ්‍යයන් අතරින් එකක් විදිහට..

      "එහෙමත් නැත්නම් ඉතාලි හමුදාවද වතිකානු හමුදාව විදිහටත් ක්‍රියා කරන්නේ ? " වතිකානුව තියෙන්නෙ ඉතාලි දේශසීමාව ඇතුලෙ නිසා පිටින් මොකක් හරි එනවා නම් ඉතාලිය පහුකරන් එන්ඩ ඕනනෙ.. එතකොට ඉතාලිය බලා ගනීවි.. ඒත් ඉතින් ඉතාලියෙන්ම තර්ජනයක් ආවොත් මූණදෙන්න ඉන්නෙ ස්විස්ගාඩ්ලා විතරයි..

      //...පාප්තුමාගේ ආරක්ෂාවේ වගකීම භාරව සිටිය ද මොවුන් නිල වශයෙන් පාප්තුමාගේ ශරීරාරක්ෂකයින් හෝ වතිකානු රාජ්‍යයේ ආරක්ෂකයින් ලෙස නොසැළකේ....// මම මෙතනින් කියන්ඩ උත්සාහ කළේ ස්විස් භටයින් කියන්නෙ වතිකානුවට පමණක් අයිති පිරිසක් නොවෙන වග.. ඔවුන් මුළු ලෝකයේම පැතිරුණු කතෝලික සභාවෙ නිල ආරක්ෂක හමුදාව..

      "ආහ් පාප්තුමා එක්ක ඉන්න කළු කෝට්කාරයෝ ස්විස් හමුදා භටයෝ නෙමෙයිද ? " මේ අය වතිකානු පොලිස් භටයෝ කියලයි කියවෙන්නෙ.. ඒත් මේ ඉන්නෙ ඉතාලි බුද්ධි අංශයේ සුපිරි බඩු ටිකක් වෙන්ඩ ඕනෙ.. අර චිත්‍රපටිවල එහෙම ඉන්නෙ..

      Delete
    3. "මේ ඇඳුම නිර්මාණය කළා කියන්නේ මයිකල් ආන්ජලෝ හරි ලියනාඩෝ ඩාවින්සි හරි නේද ??" මයිකලෑන්ජලෝ ඒ කාලෙ ඇඳපු චිත්‍ර වල මුල් ස්විස් භටයන්ව ඇඳලා තියෙන්නෙ ඔය නිල ඇඳුමෙන්.. කාලයත් එක්ක නිල ඇඳුම වෙනස්වීගෙන ගිහින් තියෙනවා.. පස්සෙ කාලෙක සම්ප්‍රදාය රැකගැනීම සඳහා පරණ නිල ඇඳුමට යන්ඩ ඕනෑ වුනාම මයිකලෑන්ජලෝගේ චිත්‍ර බලාගෙන තමයි ඇඳුම ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නෙ..

      "මෙයාලට විවාහ වෙන්න තහනම්ද ? සේවා කාලය වයස කීයෙන්ද ඉවර වෙන්නේ ?"
      //ඒ Cédric Tornay නම් සෙබළා තම සගයෙකු වූ Alois Estermann නම්සෙබළාවත් ඔහුගේ බිරිඳවත් මරාදමා සියදිවි හානිකරගැනීමයි. // මේ වාක්‍යය මඟ ඇරිලා..
      55න් 30+25 =55 යි.. උපරිමය බැඳෙන්න පුළුවන් තිහෙන්නෙ.. සේවය කරන්ඩ පුළුවන් උපරිම කාලය 25යි.. 55න් විශ්‍රාම යනවා ඇති.. මේක නම් හිතලා කිව්වේ.. :)

      "මේ විදිහට පඩි ගෙවලා තියාගත්තු හමුදා සේනාංක ලංකාවේ රජවරුන්ටත් තිබිලා තියෙනවා. ඔවුන්ටත් විශේෂ වගකීම් පවරපු බව කියවෙනවා. " ඔව්.. ඉස්සර රජවරු පැරදිච්ච ගමන් ගිහින් ඉන්දියාවෙන් සෙට් එකක් බස්සනවානෙ.. :) එව්වා ඉතින් කුලී හමුදා තමයි.. ලංකාවේ සේනාත් ඔය විදිහට ඉන්දියාවේ ගිහින් තියෙනවාද?

      "ලංකාවට ආපු පෘතුගීසි ලන්දේසීන් ලස්කිරිඤ්ඤ හමුදාව කියලා ලාංකිකයන් හිටපු සේනාංක පවත්වාගෙන ගිහින් තියෙනවා. " ඉස්සර අපි කියන්නෙ විස්කිරිඤ්ඤ භටයෝ කියලා.. කැප්පටිපොළ එක්ක අනික් පැත්ත ගැහුවෙත් මේ සෙට් එකක් නේද?

      අන්තිමට මතක් උනේ ඔබාමා ඇෆ්ගනිස්ථාන් යවන්න මහින්ද මාමගෙන් සෙට් එකක් ඉල්ලපු කතාව.. :D

      "දැනට වතිකානුවේ ස්විස් භටයෝ කීයක් විතර ඉන්නවාද ?" ගිවිසුමට අනුව තබාගතහැකි උපරිම භට සංඛ්‍යාව 200යි..

      "ඒ වගේමයි ස්විස් හමුදා සේනාංකයේ උසස්වීම් නැද්ද ?" තියෙනවා.. නිල හමුදාවක තියෙන කරුණු කාරණා රාශියක්ම තියෙනවා.. ඒවා ලිව්වම ඉතින් කියවන්ඩ එපා වෙනවනෙ.. මට හිතුනා අර අනික් භටයින්ගෙ පින්තූර දැම්ම එකත් අපරාදයක් කියලා..

      මෙතනම් පෝස්ට් එකක්නෙ.. :D

      Delete
    4. කළු කෝට් කාරයෝ වතිකානු බුද්ධි අංශය,ඒක නොනිල දෙයක්,ඒ අය සාමාන්ය සේවකයෝ විදිහට ඉන්නේ,,අර වතිකානු රහස් එලියට දාපු පොරත් ඒ යන කලු කෝට් කාරයෙක් ඒ වගේම පාප්තුමාට උදේට තේ එක පවා ලගට දීපු එකා,,,,,ලෝකේ ඉතා ප්‍රභල බුද්ධි අංශයක් තියනවා වතිකානුවට

      Delete
    5. @හසිත,

      මෙයා මේ හමුදාව ගැන මෙච්චර හොයන්නේ මොකටද දන්නේ නෑ.:D

      @ හරී,

      ඔයාට විතරක් නෙමේ මටත් ඒක දැකලා බඩ රිදුනා :D:D

      Delete
    6. @ ItalyDilan,

      ස්තුතියි තොරතුරට.. රහස් එළියට ආපු එක ගැන මම එච්චර දැනුවත් නෑ.. කියවලා බලන්ඩ ඕනා..

      @ Podi Kumarihami,

      "ඔයාට විතරක් නෙමේ මටත් ඒක දැකලා බඩ රිදුනා " ඇත්තට??

      Delete
    7. @ හරී

      //...ලංකාවේ සේනාත් ඔය විදිහට ඉන්දියාවේ ගිහින් තියෙනවාද?...//

      කුලී හමුදා විදිහටම නම් නෙමේ ආධාරක සේනා විදිහට ඉන්දියාවට ගිහින් තියෙනවා කීප වරක්ම.

      බඩ කොරවෙනවද මේවා දැකලා :P

      @ Podi Kumarihami

      අනේ අනේ :P

      Delete
    8. @ හසිත,

      තාම මොනාද මොනාද වෙනවා.. :D

      කැප්පටිපොළ එක්ක අනික් පැත්ත ගැහුවෙත් මේ සෙට් එකක් නේද?

      Delete
    9. @ හරී

      ලස්කිරින් එහෙමත් නැත්නම් ලස්කිරිඤ්ඤ භටයන්ගේ සේවය ඉංග්‍රීසීන් නවත්තලා දැම්මා එයාලගේ පාලන කාලයේදී. මොකද ලස්කිරිඤ්ඤ භටයෝ ඉංග්‍රීසීන් යටතේ හිටියත් සිංහල අයනේ. මීට කලින් උඩරටත් එක්ක පෘතුගීසී ලන්දේසී අය සටන් කරද්දී හුඟක් වෙලාවට ලස්කිරින් අය උඩරට හමුදාවට එකතු වුණු නිසා ea අවදානම ඉංග්‍රීසීන් ගන්න අකමැති වුණු නිසා.

      කැප්පෙටිපොළ නිළමේතුමා එක්ක හිටියේ ඉංග්‍රීසි සොල්දාදුවන්ගේ සේනාංකයක් වගේම සිංහල භටයෝ කීප දෙනෙක්. එතුමා කැරලිකාරයන්ට එකතු වෙද්දී ඉංග්‍රීසි භටයින්ට ආපහු නිරුපද්‍රිතව යන්න ඉඩකඩ සලසනවා

      Delete
    10. @ Hasitha,

      කුලී හමුදාවක තියෙන තව අවදානමක් තමයි සල්ලි හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් පැත්ත මාරුකරන එක.. නැත්නම් පැරදීගෙන වගේ එනවානම් අතහැරලා දුවන එක.. ඒත් ස්විස් භටයෝ එහෙම කළේ නෑලු..

      මම මේ කල්පනා කළේ දෙපැත්තෙම කුලී හේවායො විධිහට ස්විස් භටයෝ හිටියානම් මොනවා කළාද කියලා..

      ඒත් ඉංග්‍රීසි ඉන්දියාවෙ නම් ස්වදේශික කුලී හමුදා පාවිච්චි කරා නේද? අර මංගල් පාණ්ඩේ කතාවෙ එහෙම පෙන්වන්නෙ..

      සමහරු නම් කියනවා කැප්පෙටිපොළ එකතුවෙච්ච නිසයි කැරැල්ලට හෙන ගැහුවේ කියලා..

      Delete
  9. බලන් ගියාම ස්විට්සර්ලන්තකාරයොත් සෙල්ලම් නෑ, වසයි. මම හිතන් හිටියෙ යුරෝපෙටම ලේ හලන්න එකපයින් හිටියෙ ස්පාඤ්ඤකාරයො විතරයි කියල.

    මටත් ඇති වුනු ප්‍රශ්න ඊටත් වැඩිය එක්ක ඔන්න හසිතයි ආයෙ අර වචනෙ වැරැද්දක්ද කියල හිතිච්ච එක සෙන්නයි අහල තියෙනව. උත්තර ලැබෙන තුරු බලා සිටිමි.

    ඒ කාලෙ පාප් වහන්සේත් එක්ක යුද්ධ කරන්නත් රජවරු කල්පනාකරේ පාප් තනතුරට අද තරම් ගෞරවයක් ඒ කාලෙ තිබුනෙ නැති නිසාද? එහෙමත් නැත්නම් ඒ කාලෙ හිටපු පාප්තුමන්ල අද වගේ ආගමික ජීවිතයක් ගතකරන ධාර්මිකයො උනේ නැති නිසාද?

    ReplyDelete
    Replies
    1. "මම හිතන් හිටියෙ යුරෝපෙටම ලේ හලන්න එකපයින් හිටියෙ ස්පාඤ්ඤකාරයො විතරයි කියල. " ස්පාඤ්ඤකාරයෝ ලේ හැලුවෙ රට තමුන්ට අල්ලගන්ඩ.. ඒත් ස්විස්කාරයෝ ලේ හැලුවේ වෙන එවුන්ට රටවල් අල්ලා දෙන්ඩ.. හැබැයි මේ රස්සාවෙන් ඔවුන් හොඳ ගානක් හොයාගත්තා.. ඒ මුදල් තමයි දුප්පත්කමේ පතුලෙ හිටපු ස්විට්සර්ලන්තයේ දියුණුවට පාර කපන්ඩ ඇත්තේ..

      "උත්තර ලැබෙන තුරු බලා සිටිමි" අන්න දුන්නා..

      "එහෙමත් නැත්නම් ඒ කාලෙ හිටපු පාප්තුමන්ල අද වගේ ආගමික ජීවිතයක් ගතකරන ධාර්මිකයො උනේ නැති නිසාද?" පාප් ඉතිහාසයේ නම් ධාර්මික පාප්වරු වගේම පාප්කමටත් ලජ්ජා කරපු පාප්වරු හිටියා.. සමහරු ධූරය විකුණන් කෑවා.. සමහරු බලයට කෑදරකමට අල්ලස් දීලත් පාප්කම ලබාගෙන තියෙනවා.. සමහරු ආගමේ නාමයෙන් මිනිස්සු මැරුවා.. හැබැයි මේ යුද්ධ වලට නම් මූලික හේතුව ධාර්මික නොවීම නෙමෙයි..

      පාප්තුමා කියන්නේ ආගමික නායකයෙක් පමණක් නෙමෙයි ලෝක බලවතෙක්.. කොච්චර නෑ කිව්වත් පාප්තනතුර දේශපාලනිකයි.. ඒවගේම ලෝකය තුළ ලොකු දේශපාලනික බලයක් පාප්වරයා සතුයි..(පිළිගනීද මන්දා?) පාවිච්චි කිරීම නොකිරීම වෙනම කතාවක්.. ඉතින් ලෝකයේ විශාල පිරිසක් පාප්තුමාගේ ආධිපත්‍යය පිළිගැනීම පිළිබඳව අනෙක් පාලකයෝ එච්චර කැමැත්තකින් නෙමෙයි හිටියේ.. මේක තමයි යුද්ධ වලට හේතුව.. මෑත උදාහරණයකින් කියනවා නම් පෝලන්තයේ කාදිනල් කැරෝල් වොයෙටිල්ලා පාප්ධූරයට පත්වුනාම සෝවියට් රුසියාව යකා නටන්ඩ ගත්තේත් තමුන්ට එරෙහිව නැඟිය හැකි දේශපාලනික බලය නිසා..

      තවදුරටත් කියනවා නම් වර්තමානයෙත් මේ තියෙන තර්ජන එහෙමම තියෙනවා.. දැන් තියෙන්නෙ තිරය පිටුපස යුද්ධ හෙවත් සීතල යුද්ධ.. දීමනා දී ආගම් වලට හැරවීම වගේ දේවල් මතුවෙන්නේත් මේවාවල ප්‍රතිඵල හැටියට..

      Delete
  10. නොඇසූ විස්තරයක් අළුත් දෙයක් දැනගහ්ට්ත.ගොඩක් ස්තුතියි හරි.

    ReplyDelete
    Replies
    1. කියවන්ඩ එනවටත් ස්තුති කරන්ඩ ඕනා ඔයගොල්ලො ඔක්කොටම..

      Delete
  11. මං දැනගෙන හිටියේ නෑ මේ ටික අද වෙනකං.....
    හරිම වටින විස්තරයක්.......
    නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරියා..

      Delete
  12. බොහොම හොඳින් කරුණු සොයාගෙන ලියන ලද ලිපියක්. දැනුම දියුණු කරන ලිපියක්. ප්‍රශ්න ගොඩකුත් අහලා තියනවා සමහර පාඨකයෝ. ඒවාට පිළිතුරු දුන්නම අපේ දැනුමත් දියුනු වෙනවා.

    අර ස්විස් භටයන් පාවිච්චි කරන සමහර ආයුධ පිස්තෝල නේ. ඒවා නිල ඇඳුම අස්සේ හංගගෙන ඉන්න පුළුවන්. මම දන්නා තරමින් මේ භටයන්ට අනිවාර්යයෙන් භාෂා කීපයක් කතා කිරීමට සිදුවෙනවා සුදුසුකම් සැපිරීමේදී. ඒ භාෂා මොනවාද කියා මතක නැත.

    වෘත්තිමය කියන වචනය වෘත්තීයමය කියලා නිවැරදි කරන්න.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය කාලෙකට කලින් ලියලායි තිබුනෙ.. ප්‍රශ්න වලටත් උත්තර දුන්නා.. ඒවාත් කියවලා බලන්ඩ..

      "අර ස්විස් භටයන් පාවිච්චි කරන සමහර ආයුධ පිස්තෝල නේ. ඒවා නිල ඇඳුම අස්සේ හංගගෙන ඉන්න පුළුවන්." ඇත්ත නේන්නම්.. මම එච්චර හිතුවේ නෑ.. සමහරවිට නිල ඇඳුමෙ හංඟාගෙන ඇති..

      "ඒ භාෂා මොනවාද කියා මතක නැත. " ස්විස් භටයෙක් කියන්නෙ ස්විස් පුරවැසියෙක්නෙ ඉතින් කොහොමත් ඒ භාෂාව දන්නවා.. මීට අමතරව වතිකානුවේ රාජ්‍යය භාෂාව වෙච්ච ලතින් භාෂාව ලිවීමේ කියවීමේ කතාකිරීමේ හැකියාව තියෙන්න ඕනෙ.. ඉතාලිය ඇතුලෙ වැඩ කෙරෙන්නෙ ඉතාලි භාෂාවෙන් නිසා ඒකත් දැන්ගන්ඩ ඕනා ඇති..

      කතෝලික සභාවේ පියතුමන්ලාද නිල භාෂාව වන ලතින් භාෂාව දැනසිටිය යුතුයි..

      "වෘත්තිමය කියන වචනය වෘත්තීයමය කියලා නිවැරදි කරන්න. " වරද පෙන්වාදීම ගැන ස්තුතියි.. නිවැරදි කළා.. ඒවගේම මින්පසු ඒක නොකර ඉන්නම්..

      Delete
  13. මේ සිද්දිය මාත් කලින් දැනන් හිටියේ නැහැනේ.නියම විස්තරය හරි.ස්තුතියි ලිපියට!

    ReplyDelete
  14. ඔය භටයෝ දකිනකොට ඇත්තටම හිනා යනවා බන්,,,සමහර වෙලාවට මිනිස්සු උන් ඉස්සරහින් යද්දි හිනා වෙනවා,,උන් නෙමේ මිනිස්සුන්ගේ මූනවත් බලන්නේ,,,

    ReplyDelete
    Replies
    1. මට හිතුනේ අර විකටයෝ දාන රතුපාට රවුම් නහයක් හයි කරානම් මරු කියලා.. :)

      මම හිතන්නේ මිනිස්සු හිනාවෙනකොට ගනන් නොගෙන, තරහ නොගෙන ඉන්ඩත් සෑහෙන පුහුණුවක් අවශ්‍යයි නේද?

      ඩිලාන් අයියා පියවි ඇහෙන් කට්ටියව දැකලා ඇතිනෙ.. නැද්ද එකට ඉඳලා පොටෝ එකක්වත් ගත්තෙ..

      Delete
  15. //Noble Guard සේනාංකයේ භටයෙක්//
    මේ එයා කොන්ඩේ වවලද? නැත්නම් වෙන මොකක් හරිද? :)))

    ReplyDelete
    Replies
    1. නෑ අනූ ඒ කොණ්ඩෙ නෙමෙයි.. ඒ ගොල්ලන්ගේ මෝරියන් හෙල්මට් එකේ තියෙන විලාසිතාවක්..

      Delete
  16. මම මේ බැලුවේ මේ හමුදාවට ලංකාවෙන් කට්ටියක් පටවන්ට බැරිවෙයිද?

    අර උත්සව අවස්තාවට අඳින ඇඳුම කැතයි කීවොත් එයාලා මට මොනවත් කරන්නේ නැතිවෙයි නේද හී හී...

    දෛනික ඇඳුම නම් නරක නෑ.

    ReplyDelete
    Replies
    1. "මම මේ බැලුවේ මේ හමුදාවට ලංකාවෙන් කට්ටියක් පටවන්ට බැරිවෙයිද?" වැඩේ හරියන්නෙ නෑ.. ස්විට්සර්ලන්ත පුරවැසිකම ඕනනෙ..

      "අර උත්සව අවස්තාවට අඳින ඇඳුම කැතයි කීවොත් එයාලා මට මොනවත් කරන්නේ නැතිවෙයි නේද " අවුලක් නෑ හැබැයි ඒ පැත්තෙ යන්ට එපා.. :D
      අනේ හැබෑට අර අන්තිම පින්තූරෙ ඉන්න හැන්ඩි කොල්ලා දිහා බලන්නෙ ඔහොම කිව්වෙ.. :D

      Delete
    2. ඇත්තටම එයා හැන්ඩි...ෂිහ් ලංකාවේ නෑනේ මේ වගේ හැන්ඩි කොල්ලෝ..:(

      .. හී හී...

      Delete
    3. පොඩ්ඩි හසිතගෙ කලින් පෝස්ට් එකේ දාපු මගෙ තර්කෙ දැකලා නෑ වගේ... බොහොම නිරවුල්ලව ඔප්පු කරලා තියනවා.. :D

      Delete
    4. @ පොඩ්ඩි,

      ඒ පින්තූරෙ දාද්දිම මට මතක් උනා.. :)

      @ සෙන්නා,

      බ්ලොග් ලියන්නෝ ඔක්කොම හැන්ඩියෝය.
      මම බ්ලොග් ලියන්නෙක්මි.
      එම නිසා මම හැන්ඩියෙක්මි.

      කියන තර්කය නේද? :)

      Delete
  17. මේ සේනාව ගැන කලින් දැනගෙන හිටියෙ නෑ...සෑහෙන වෙහෙසක් දරලා හරී අපි වෙනුවෙන් මේ විස්තර ලිව්වාට බොහොම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. මේ වගේ කමෙන්ට් දැක්කම ඒ වෙහෙස අපතේ ගියේ නෑ කියලා හිතෙනවා සිරා.. ස්තුතියි ඇවිත් ගියාට..

      Delete
  18. ස්විස් හමුදාව ගැන ෆල්ම්වලින් බලලතියෙනවා ඒත්එහි ඉතිහාසය දැනගත්තේ අදයි. එතකොට වතිකානුවේ ආරක්සාව සපයන්නෙ ස්ව්ස හමුදාවමද? ඒ හමුදාවට බදවගන්න සුදුසුකම් අතර මම කැමතිම 4 වන කාරණයට

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන වශයෙන් ස්විස් හමුදාව සහ වතිකානු පොලීසිය. ඊට අමතරව විශේෂ අවස්ථා වලට ඉතාලි පොලීසියේ සේවයද ලැබෙනවා.

      Delete
    2. @ දයා අයියා,

      ගිහාන් සහෝදරතුමා කියනවා වගේ ස්විස් භටයොයි වතිකානු පොලීසියයි තමා.. ඒත් ඉතාලි පොලීසිය මැදහත් වෙන බව මම දැනහිටියේ නෑ..
      හතරවෙනි කාරණාව නම් වෙනත් කිසිම හමුදාවක සාමාන්‍ය සෙබලෙකුට තියෙනවා කියා මම හිතන්නේ නෑ.. :)

      @ Gihan (ගිහාන්),

      පිළිතුරට ස්තුතියි..

      Delete
  19. wachanaye parisamaptha arthayenma niyama hamudawak. ara uthsawa welawata andina anduma thamai maru :) kalu pallama amathaka kaloth owun methek kal katayuthu karala thiyana widiya prashansaniyayi.

    ReplyDelete
    Replies
    1. වචනයේ පරිසාමාප්ත අර්ථයෙන්ම නියම හමුදාවක්. අර උත්සව වෙලාවට අඳින ඇඳුම තමයි මරු :) කලු පැල්ලම අමතක කලොත් ඔවුන් මෙතෙක් කල් කටයුතු කරල තියන විදිය ප්‍රශංසනීයයි.

      ( Translation fee = Usd 10.00 :D )

      Delete
    2. happe thankiyu translate korala dunnata :) gasthuwa gewannamko welawaka..hehe

      Delete
    3. @ සයුරි,

      මොකෝ සයුරි අක්කේ සුද්දගෙ අකුරුවලින් කොටන්නේ..
      අදත් බ්ලොග් කියවන්නෙ ඔෆීසියෙ ඉඳන් නේද? :)

      @ සෙන්නා,

      අලුත් රස්සාවකට බැහැලා වගේ.. හොඳයි හොඳයි..

      (හොරෙන්)මගේ කොමිස් එක එවන්ඩ..

      Delete
    4. වැඩේ පාඩුයි බන්.. මුන් එක්ක බෑ.. ඔය පේන්නැද්ද.. වෙලාවක ගෙවන්නම් කියලා කියන්නෙ.. :D

      Delete
    5. :D gasthuwa 10i. transfer karanna 40i. ithin padui appa :)

      @ hari : sinhala mota wii atha :(

      Delete
    6. අප්පට සිරි 40ක් යනවද ? අපිටනම් මෙහෙ සල්ලි වලින් 15යි. ඒ කියන්නෙ ඩොලර් 4.0871934604904632152588555858311

      Delete
    7. aa

      //ඒ කියන්නෙ ඩොලර් 4.09//

      onna gaana watayala dunna. gasthuwa $10 i :)

      Delete
    8. මගේ බ්ලොගයේ බිස්නස් කරන්ඩ දුන්නාට කෝ ගන්ඩ දෙන්නම දහය දහය..

      Delete
  20. ඉතා වටිනා ලිපියක් හරී. මට මේ කට්ටිය නැවතිලා ඉන්න තැනට යන්න අවස්ථාවක් හම්බුනා. ඒක ඇතුලේ එළිමහන් ස්ථානයක ඉරි ඇඳලා තියෙනවා දැකලා අපි ඇහැව්වා මොකටද කියලා. එතකොට කිව්වා, හමුදාවට අලුතෙන් බැඳෙන කෙනෙක්ට ලැබෙන මූලික පුහුනුවක් තමා මේ ඉරි වල හරියට කෙළින් පැය කිහිපයක් සිටගෙන සිටීම කියලා. ඒ පුහුණුව නිසා තමා ඒ අයට පුළුවන් ඒ විදියට සිටගෙන ඉන්න.

    මෙතනින් බලන්න පුළුවන් මම ගත්ත ෆොටෝ කිහිපයක්

    https://www.facebook.com/media/set/?set=a.10150523757058748.404723.572408747&type=3

    ReplyDelete
    Replies
    1. ගිහාන් සහෝදරතුමාගේ අත්දැකීමුත් එකතු කරපු එක හොඳයි.. මම ඉතින් පියවි ඇහෙන් ඔය කට්ටියව දැකලා නෑනෙ.. ඒගොල්ලො කරන්නේ හිටන් ඉන්න එක විතරද?

      පින්තූර ටික බලන්නයි යන්නෙ..

      Delete
    2. පින්තූර ටික නම් පංකාදු පහයි..

      Delete
    3. හිටන් ඉන්න එක විතරක් නෙමේ, ඒ කට්ටියට හොඳ පුහුණුවක් තියනවාහැම දෙයක් ගැනම විමසිළිමත්ව ඉන්න. අපිට එතන එක්කෙනෙක් කියපු විදියට එක් එක් ආකාරයේ තර්ජන එනවාලු මොනවාහරි උත්සවයක් තියෙද්දී. ඉතින් ඒ හැම දේටම ලෑස්තිපිට ලු ඉන්නේ.

      Delete
    4. විචාරක මහත්මයා කියපු විදිහට එහෙනම් අවි ආයුධ හංගාගෙන වෙන්ඩ ඕනා ඉන්නෙ..

      Delete
  21. ස්විස් හමුදාවත් බලාගෙන ගිහාම වැඩ කාරයෝනේ..දැන් ඉතින් යුද්ධ කරන්නැති නිසා කොස් කොටන්න තමා වෙන්නෙ..!!

    ReplyDelete
    Replies
    1. යුද්ධ නොකළට හමුදාවනෙ ඉතින්.. :)

      Delete
  22. මම දන්නා තරමට ස්විස් වල ඉතා ප්‍රබල ගුවන් හමුදාවකුත් ඉන්නව. ඒ වගේම න්‍යශ්ෂ්ටික යුද්දයකදී උනත් ආරක්ෂාව ගැන හිතල ක්‍රමවේද යොදල තියන ප්‍රධානතම රටක්.
    වැදගත්ම දේ දෙවන ලෝක යුද්දයට සක්‍රීයව සහභාගි නොවීම.
    ආ,, ඔරලෝසු සහ චොකලට් වලටත් ප්‍රසිද්දයි.

    ReplyDelete
    Replies
    1. ජාන වලින් එන යුධ හැකියාව තාමත් ස්විස්වරුන්ගේ ඇඟේ ඇති... දෙවන ලෝක යුද්ධයට සහභාගි නොවුනේ කුලී හේවාකම් කරලා කීයක් හරි හොයාගන්ඩද මන්දා? :)

      මටත් ස්විස් කිව්ව ගමන්ම මතක් වෙන්නෙ ඔරලෝසුයි චොක්ලටුයි තමා.. ස්විට්සර්ලන්තය හරි ලස්සන රටක්ලු..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...