3.03.2013

ඔරු දෙකක් රැගෙන යන ආසියාත්‍රා බලන්ට ගියෙමි.

මොනවද මේ ඔරු දෙකක් රැගෙන යන ආසියාත්‍රා කියන්නෙ? වෙන මොකුත් නෙමෙයි අර සිංහලෙන් සී ප්ලේන් (sea plane) කියන්නෙ අන්න ඒවා. ඉතින් මම දැන් ටිකකට කලින් ලංකාවෙ පළවෙනි ජලතර ගුවන්යානා නැවතුම්පොළ බලන්ඩ ගියානෙ. ඔන්න අද කියන්ඩ යන්නෙ ඒ විස්තර. විස්තරවලට වඩා තියෙන්නෙ පින්තූර ඉතින්.

මුල්ම පින්තූරෙ (පැනෝරාමාව පේන්නෙ නැත්නම් කොටා බලන්ට.. )
මම යනකොට ඉතින් එක ආසියාත්‍රාවක් වත් නෑ නැවතුම පාළුවට ගිහින්. හැබැයි ආසියාත්‍රා බලන්ඩ ආපු කට්ටිය නම් ගොඩාක් හිටියා.  ඒවගේම ඒවල එන අය පිළිගන්ඩ බලා ඉන්න සුඛෝපභෝගී වාහනත් තිබ්බා. ඉතින් මම එතන තිබ්බ බංකුවකට වෙලා (නැරඹුම් මැදිරියෙ), ගඟේ වතුර දිහා බලන් කල්පනා කළේ මේ ගුවන්තොටුපොළට ලෝකයේ පොඩිම ගුවන්තොටුපොළ වගේ වාර්තාවක් තියන්ඩ බැරිවෙයිද කියලා. මොකද කියනවානම් කුඩාම දුම්රිය නැවතුමකටත් වඩා මේක කුඩායි. පොඩි වහල කෑල්ලයි කන්ටේනර් පෙට්ටි දෙකයි. මට හිතාගන්ඩ බැරි උනා මේ ගුවන් තොටුපොළක්ද කියලා..

ආසියාත්‍රාවක් එනකම් ටිකක්වෙලා බලන් ඉඳලා ඇතිවුනාම හිතුවා අධිවේගෙ පැත්තෙවත් යන්ඩ.  අධිවේගෙ තියෙන්නෙත් අහල පහලනෙ. පොඩි වටයක් කාරිය කැරකිලා ඔන්න මගේ රථය ඇතුළු කළා අධිවේගෙට. මේ තියෙන්නෙ පාර ඉද්ද ගැහුවා වගේ.
හයිවේ.. කොකෙකුත් ඉන්නවා
හයිවේ එකේ සිට දඬුගම් ගඟ
මුතුරාජවෙල අභය භූමිය (පැනෝරාමාව පේන්නෙ නැත්නම් කොටා බලන්ට.. )
ටිකක් දුර ඉතින් එහාට මෙහාට ගියා. එහෙට හැරෙව්වා. මෙහෙට හැරෙව්වා. කැරකුවා. ඉස්සුවා. ආ.. තව පොඩ්ඩෙන් අමතක වෙනව. අධිවේගෙ යන හැමෝම දානවානෙ මම මෙච්චරට ගියා කියලා. මම විතරක් නොදා කොහොමද? ඔන්න මගෙ මීටරේ. බලන්ඩකො වේගෙ.

කොහොමද වේගෙ?
ඊටපස්සෙ වටින් ගොඩින් දැනගත්තා හවස පහ වෙනකොට ආසියාත්‍රාවක් සම්ප්‍රාප්ත වෙන වග. පහට දහයයි. ඉතින් අධිවේගෙන් බැහැලා ආයෙමත් ආසියාත්‍රා තොටුපොළ පැත්තට පාගලා ආවා  ආසියාත්‍රාවක් බාන හැටි බලන්ඩත් එක්ක. ඒත් එයා ඇවිත් වෙලාවට කලින්. මගේ අවේලාව. :(

අනේ එයා ඇවිල්ලා
ඉතින් ගොඩබානවා බැලිල්ල එතනම සුන්.  ඒක නිසා පොඩ්ඩක් වටේ කැරකිලා නවත්තලා තිබ්බ ආසියාත්‍රාව බැලුවා. දොරෙන් පොඩ්ඩක් ඇතුළ බැලුවම පෙනුන විදිහට නම් ඇතුළෙ එච්චර පහසුකම් නෑ වගේ. ඒක එච්චර හරි නෑ. තේරුමක් නෑ. නරියත් කිව්වලුනෙ මිදි තිත්තයි කියලා. :P

ටිකක් වටේ යද්දි දැක්කා පොඩි ස්මාරක කෑල්ලක්. ඔය තියෙන්නෙ.

ස්මාරකය
මුළු ගුවන්තොටුපොළම මෙච්චරයි
ආසියාත්‍රා කෑල්ල  හෝදනවා හෝදනවා ඉවරයක් නෑ. ඕක ඔහොමම ගඟේ ගිල්ලලා ගන්ඩ හැදුවනම් ඉවරනෙ. කිසි කරදරයක් නෑ. :) ඉතින් මාත් තවත් බලන් ඉන්නෙ නැතුව එන්ඩ පිටත්වුනා. ආපහු එනගමන් විශේෂ තැනක පින්තූරෙකුත් ගත්තා. ඒ ගැන විස්තර කියන්නෙ පස්සෙ.

ලොකු කතාවක් සඟවාගෙන සිටින සා. මරියාගොරෙත්ති පල්ලිය
මෙතනින් තමයි හැරෙන්ඩ ඕනෙ
 එහෙනම් තවත් චාරිකාවකින් හමුවෙමු.

සටහන : පින්තූරවල කොලිටිය අඩු කරන්න බැරි වුනා. ඒ ගැන සමාවෙන්න.

73 comments:

  1. //..ඔන්න මගේ රථය ඇතුළු කළා අධිවේගෙට. මේ තියෙන්නෙ පාර ඉද්ද ගැහුවා වගේ....//

    නිල රථේ ගැන අහන්න හැදුවා විතරයි රථේ පින්තූරයකුත් දාලාම තියෙනවා. අනිත් කතාව කවදටද කියන්නේ ??

    ReplyDelete
    Replies
    1. "නිල රථේ ගැන අහන්න හැදුවා විතරයි රථේ පින්තූරයකුත් දාලාම තියෙනවා" කොහොමද රථේ..

      "අනිත් කතාව කවදටද කියන්නේ ?? " ඒක රඳාපවතින්නේ අධිවේගෙ සම්පූර්ණ කරන වේගය මත තමයි.. :)
      මොකද ඔය පල්ලිය හැදුන කතාව වගේම ඒ පල්ලියේ මංගල්ලෙට කෙරෙන විශේෂ චාරිත්‍රයකුත් තියෙනවා.. මේ අධිවේගෙ හැදිල්ල නිසා ඒ චාරිත්‍රය අඩපණ වෙලායි තියෙන්නෙ.. නැවත පටන්ගත්තාම බලමු.. ඒක නොකියා පල්ලිය ගැන කියලත් වැඩක් නෑ..

      Delete
  2. මෙහෙ ඩොමෙස්ටික් ෆ්ලයිට් වලින් වැඩිය හරිය ඔය වර්ගයේ තමයි. මම හිතන්නෙ මාලේ නගරයේ ඕනෑම මොහොතක උඩ බැලුවොත් සී ප්ලේන් එකක් හෝ දෙකක් දකින්න පුලුවන්.

    අරක plane බං. plain නෙවෙයි

    ReplyDelete
    Replies
    1. "මම හිතන්නෙ මාලේ නගරයේ ඕනෑම මොහොතක උඩ බැලුවොත් සී ප්ලේන් එකක් හෝ දෙකක් දකින්න පුලුවන්. " :O ඒ තරමට සී ප්ලේන්..

      මම මාලේ ගැන අහපු තව දෙයක් තමයි එහෙ දුර දුවන්ඩ දක්ෂ අයත් දුර පීනන්ඩ දක්ෂ අයත් නැති බව..

      "අරක plane බං. plain නෙවෙයි" ස්තුතියි ගුරුතුමෙනි.. මම ඒ වැරැද්ද හදාගත්තා..

      Delete
  3. ආ.. නියමයි.. අධිවේග පාරේ ඔය වාහන ධාවනයටත් අවසර තියෙනවද?

    ඔන්න ආව වැඩේ නොකර එහේ මෙහේ ගියාට දඬුවම.. දැන් ඉතින් ඊළඟ දවසේ ගිහින් සීප්ලේන් ඔයට බස්සන වෙලාවක පංතූර ගන්න. මේටික අපුරුයි

    "ලංකාවෙ පළවෙනි ජලතර ගුවන්යානා" මේ ටික කලකින් "ජල්තර"ුවන්යානා වෙන එකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. "ලංකාවෙ පළවෙනි ජලතර ගුවන්යානා" මේ ටික කලකින් "ජල්තර"ුවන්යානා වෙන එකක් නැද්ද?

      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. "ආ.. නියමයි.. අධිවේග පාරේ ඔය වාහන ධාවනයටත් අවසර තියෙනවද?" තාම හදනවනෙ.. :)

      අගය කිරීමට ස්තුතියි.. ආයෙ දවසක ගිහින් බලන්ඩ ඕනා..

      "මේ ටික කලකින් "ජල්තර"ුවන්යානා වෙන එකක් නැද්ද?"
      :D

      ජල්තර කෙසේවෙතත් ටික කාලෙකින් මාමා කෙනෙකුගෙ පෞද්ගලික සමාගමකට මේක අයිතිවෙන්ඩ යන බවට නම් කතාවක් තියෙනවා..

      Delete
  4. හොද trip එකක් වගේ

    ReplyDelete
  5. බොලේ නිල රථය දැක්කම ඉරිසියාවේ බෑ බොල.දැං ඉතිං ජොගිං ට්‍රැක් හදනවා වගේ මේවත් හැම වතුර වලක් වලක් ගානේ හදයිද දන්නෑනේ??

    ReplyDelete
    Replies
    1. "බොලේ නිල රථය දැක්කම ඉරිසියාවේ බෑ බොල" හික්..හික්..

      "දැං ඉතිං ජොගිං ට්‍රැක් හදනවා වගේ මේවත් හැම වතුර වලක් වලක් ගානේ හදයිද දන්නෑනේ??" අමුතුවෙන් හදන්ඩ දෙයක් නෑ.. දැනටමත් වතුරවල් ගොඩක මේක තියෙනවාලු..

      Delete
  6. බ්ලොග් එකේ අලුත් පෙනුම බොහොම ලස්සනයි. ගරු ගාම්භීර ලාංඡනයකුත් දාලා තියෙන්නේ. අධි වේගේ කිව්වම මම හිතුවේ දකුණට යන අධි වේගේ කියලා. දැන් කොච්චර ඉවරද කොළඹ කටුනායක (ඉස්සර ආණ්ඩු මාරුවුනාම කටු කපලා බණ්ඩාර ගහනවා ඊළඟ ආණ්ඩුව බණ්ඩාර කපලා කටු ගහනවා :D)අධිවේගී මාර්ගය.

    යූ සී ද සී ප්ලේන්? අයි සී ද සී ප්ලේන්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. Sede vacante වෙනුවෙන් තමයි පෙනුම වෙනස් කළේ...

      කොළඹ කටුනායක අධිවේගය 60% - 75% ප්‍රමාණෙකට ඉවර බව පේනවා.. හැබැයි සමහර තැන්වල අලංකරණ කටයුතු විතරක් ඉවරවෙලා තියෙද්දි සමහර තැන්වල පස් පුරවලත් නෑ.. ඒක නිසා ප්‍රතිශතය කොතරම් දුරට නිවැරදිද මන්දා?

      "ඉස්සර ආණ්ඩු මාරුවුනාම කටු කපලා බණ්ඩාර ගහනවා ඊළඟ ආණ්ඩුව බණ්ඩාර කපලා කටු ගහනවා :D" තව ටික කාලෙකින් දෙකම කපලා ම.රා. ගහන්ඩත් බැරිකමක් නෑ..

      අධිවේගෙ ගැන කියන්ඩ කතා එක්දාස් නමසිය බරගණන්වල ඉඳලා තියෙනවා.. මම හදිස්සි උනානෙ.. නැත්නම් ඒ ටිකත් මේ පෝස්ට් එකටම දාන්ඩ තිබ්බා..

      ෂී සෙල්ස්, සී ෂෙල්ස් (She sells sea shells)

      Delete
    2. මරා දැන් ඔක්කොටම ගහලා ඉවරයිනේ. අපේ බඩටත් ගහලා ඉවරයි. ඔය කැටුනායකට අධිවේගී මාර්ගයක් හදන එක එක්දාස් නවසිය බුදු ගණන් වල ඉඳලා කතා කලේ. කොන්ක්‍රීට් කණු උඩ යන රේල් පාරක් ගැනත් කතාවක් තිබුනා.

      She sells sea shells at the sea Shaw මේ වාක්‍යය ඉක්මනට කියාගෙන කියාගෙන යන්න.


      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. මෙහෙම ගියොත් වැසිකිළිත් 'ම.රා. පොදු වැසිකිළිය' වෙයි කියලා කොහෙදෝ තැනක තිබ්බා.. :)

      ඔය අධිවේගෙ ජේ.ආර්. සීයගෙ ප්ලෑන් එකක්නෙ.. ශක්‍යතා අධ‍යනයකින් පස්සෙ නවත්තපු එකක්ද කියලා නම් මම දන්නෙ නෑ.. ජේ. ආර්. සීයා කරන්ඩ පුළුවන් එව්වා ඉක්මනට ඉවර කළානේද?.. මට වඩා විචාරක මහත්මයා දන්නවානෙ ඒ ගැන.. ආයෙ මොකටද ගහ දන්න මනුස්සයට කොළ කඩා පාන්නෙ..

      ඔය කටුනායක අධිවේගයක් කියලා දන්නෙ නෑ ඒ දවස්වල.. මේ කියන්න මට අවුරුදු හතරෙදි වගේ.. එතකොට මිනිස්සු කිව්වෙ ලොකු පාරක් යනවා කියලා.. අපි ඒ කාලෙ ඔය කිට්ටුව ගමක හිටියා.. ඒ මිනිස්සු පාර ගැන ඒ කාලෙ කිව්වෙ මෙහෙමයි..

      'පාර යන එක හොඳයි. එතකොට ඉතින් අපිට ආයෙ අමුතුවෙන් රස්සාවල් කරන්න ඕනෑ නෑනෙ. අඩුම ගානෙ පාර අයිනේ තැඹිලි වල්ලක් තියාගෙන විකුණලා හරි බඩ වියත රැකගන්ඩ බැරියැ. බුලත් විටි කඩයක් වත් දාන්ඩ බැරියැ.' :D

      දක්ෂිණ අධිවේගෙ ගල් ගහන්නෙත් ඔය වගේ බලාපොරොත්තු සුන් වෙච්ච පිරිසක් කියලා කියනවා මට ඇහිලා තියෙනවා..

      "She sells sea shells at the sea Shaw මේ වාක්‍යය ඉක්මනට කියාගෙන කියාගෙන යන්න." වෙද මහත්තයෙක් හොයන් යන්ඩ වෙනවා දිවට පත්තු බඳින්ඩ..

      Delete
  7. සික්.... ප්‍රතිරූප කුඩු වුනා.....

    මම හිතුවා ප්ලේන් එක ලස්සනට පාට ගාලා තියන හින්දා එයාර් පෝර්ට් එකත් ලෙසටම ඇති කියලා.. බලන් ගියාම මේක අර අහවල් ස්ටේෂමටත් වැඩිය පොඩියිනෙ බන්..

    ගං වතුරක් එහෙම දැම්මොත් එයාර්පෝර්ට් එක යට වෙනවා ඇති නේද :-)

    අර වාහනේනම් මරු ඈ.. :-) ඕවට අදිවේගී මාර්ග වල විතරයි මම හිතන්නෙ යන්න දෙන්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. "සික්.... ප්‍රතිරූප කුඩු වුනා....." :)

      "මම හිතුවා ප්ලේන් එක ලස්සනට පාට ගාලා තියන හින්දා එයාර් පෝර්ට් එකත් ලෙසටම ඇති කියලා.. " පොත්තේ රතට රැවටෙන්ඩ එපා කියන්නේ නිකන්ද? ඇත්තම කිව්වොත් මම දැක්ක විදිහට සීට් එහෙම ප්‍රයිවට් බස් එකක සීට් වගේ.. මම හරියටම දැක්කෙ නැද්ද කියන්ඩ බෑ ඉතින්..

      "බලන් ගියාම මේක අර අහවල් ස්ටේෂමටත් වැඩිය පොඩියිනෙ බන්.." අහවල් ස්ටේසමේ අලුතෙන් හදපු කෑල්ල මීට වඩා ලොකුයි.. තැන පොඩි උනාට වියදම් වෙච්ච ගාන නම් පොඩි නැතුව ඇති..

      "ගං වතුරක් එහෙම දැම්මොත් එයාර්පෝර්ට් එක යට වෙනවා ඇති නේද :-)" මේ හරියෙ අඩි දහයක් විතර වතුර දානවා.. ඒත් ඕක හදන්ඩ කලින් ගං මෝයවල් හාරලා පළල් කළා.. ඒක හින්දා එච්චර ගංවතුර තර්ජනයක් එන එකක් නෑ..

      "ගං වතුරක් එහෙම දැම්මොත් එයාර්පෝර්ට් එක යට වෙනවා ඇති නේද :-)" ඕ.. යෑස්..

      Delete
    2. "ගං වතුරක් එහෙම දැම්මොත් එයාර්පෝර්ට් එක යට වෙනවා ඇති නේද :-)" ඕ.. යෑස්..

      ඔය ටික වෙනුවට මේ ටික...

      "ඕවට අදිවේගී මාර්ග වල විතරයි මම හිතන්නෙ යන්න දෙන්නෙ."ඕ.. යෑස්..

      Delete
    3. කපිතාන් උතුමාණෙනි,
      ඔබේ නාවික ඥානයෙන් පහදා දෙන්න නැංගුරම් දානහැටි.. බ්ලොග් පෝස්ටුවක් වුනත් කමක් නෑ..
      අපේ මාමා කියපු විදිහට නිකම්ම නැංගුරම මූදට අතාරින්නෙ නෑලු.. හිරවෙන විදිහට පොළවට තද කරනවලු..

      Delete
    4. අනේ බන් මම දන්න නැංගුරම් දැමිලි.. මටත් ඕක ප්‍රශ්ණයක්.. කපිතාන් කෙනෙක්ගෙන් අහලා නිවැරදි පිළිතුර යථාකාලයේදී ලබා දෙන්නම්.. එතකන් මෙන්න මෙතන බලහන්.. ඒකෙ කියන විදිහටනම් බිම වදිනකම්ම දානවා..ඉස්සරහා උල වගේ තියන නිසා බරට කාගන යටට යනවා ඇති කියලා හිතෙනවා..

      http://www.ehow.com/how_6901_drop-anchor.html

      Delete
    5. නාවිකයෙක් තමා මට කිව්වෙ ඕක මුහුදට දාලා මොකක්ද ක්‍රමයකට ගස්සලා හිරකරනවාලු.. ඒවගේම කුණාටු වගේ අවස්ථාව නැව බැලන්ස් කරන්ඩ නැංගුරම් එකකට වැඩි ගනනකුත් දාන වෙලාවල් තියෙනවාලු..

      වෙලාවක හොයලා බලන්ඩ ඕනා..

      Delete
    6. සාමාන්‍යය නැවක නැංගුරම් දෙකයි තියෙන්නෙ.. නාවිකයෙක්නම් කිව්වෙ වැඩේ හරි ඇති..

      Delete
    7. කිව්වෙනම් දෙකයි කියලා වගේ තමයි මටත් මතක.. ඒත් ශුවර් නැති නිසයි එකකට වැඩි ගණනක් කිව්වෙ.. මම හොයලා බැලුවා.. ඇත්තමටම නැංගුරම නිකන් අතාරින්නේ නෑ.. පොළවට හිරකරවනවා..

      Delete
  8. ෂාහ්.. ලංකාවට ඇවිත් සී ප්ලේන් එකකින් ගෙදර යන්න ඇත්තන්.. කොහෙද ඉතිං.. නුවර වැවේ ඕවා බාන්න දෙන්නේ නෑ නේ දැන්..

    ReplyDelete
    Replies
    1. නුවර වැවේ බාන්ඩ දෙන්නැත්නම් ක්සැන්ඩර් අයියාට තියෙන්නෙ මේ වගේ තැනක් ගේ ගාව ඇළක දොළක හදාගන්ඩ.. වැඩි වියදමකුත් නෑනෙ.. :)

      Delete
    2. මම නම් ගෙදර යන්න ලොකුම එකක් හදාගත්තා ඔන්න

      Delete
    3. @ සුජියා:

      එහෙනම් ප්ලේන් එකකුත් ගන්ඩයි තියෙන්නෙ.. සල්ලි සල්ලි කියලා බලන්ඩ එපා.. :)

      Delete
  9. ගඟේ නවත්වල තියද්දි වතුර පාරත් එක්ක පහලට ගහගෙන යනවට නැව් වලදන්නේ නැව් ගුරන්නම් මේකට දන්නේ ප්ලේන් ගුරම් ද?. දන්නේ නැති නිසා ඇහුවේ.

    ඔන්න බලහං ලංකාවේ බස් කොච්චි වගේද කියල කියන වෙලාවට කලින් එන්නේ. එකෙත් තියෙන ප්‍රශ්නේ බල පාවෙ බ්ලොග් කියවන අපිට.

    ReplyDelete
    Replies
    1. "ගඟේ නවත්වල තියද්දි වතුර පාරත් එක්ක පහලට ගහගෙන යනවට නැව් වලදන්නේ නැව් ගුරන්නම් මේකට දන්නේ ප්ලේන් ගුරම් ද?" ගුවන්ගුරම්.. :)

      සෙන්නාගෙන් අහන්ඩ ප්‍රශ්නයක් මතක් උනා..

      "ඔන්න බලහං ලංකාවේ බස් කොච්චි වගේද කියල කියන වෙලාවට කලින් එන්නේ. එකෙත් තියෙන ප්‍රශ්නේ බල පාවෙ බ්ලොග් කියවන අපිට." අනේද කියන්නෙ..

      Delete
  10. හරී අලුත් ඇඳුමකුත් ඇඳල !

    අපිටත් ඇහෙනව ඕව මේ මූද අයිනෙන් යනව එනව සද්දෙ නම් සමහරදාට. ඉඳල හිටල පැහැදිලිව දකින්නත් ලැබෙනව ටිකක් පහතින් යනවෙලාවට.

    හරී ඕව අස්සෙ කැමරා මානන්න ගිහින් ත්‍රස්තවාදියෙක්ය කියල කට්ටිය වටකරගත්තෙ නැතෙයි.

    හරීගෙ රථයත් මගේ රථය වගේනේ. මමත් ඔය අරහෙට මෙහෙට යන්නෙ ඔය පුටාර් එක පාගගෙන තමා. බලපන්කෝ, එච්චර මහන්සිවෙලත් මගේ බර අඩුවෙන්නෙ නෑනේ. :)

    ReplyDelete
    Replies
    1. "හරී අලුත් ඇඳුමකුත් ඇඳල !" Sede vacante වෙනුවෙන් තමයි ඇඳුම මාරු කළේ..

      "ඉඳල හිටල පැහැදිලිව දකින්නත් ලැබෙනව ටිකක් පහතින් යනවෙලාවට. " පොඩ්ඩෝ කෑගහන්නේ නැද්ද 'අන්න ප්ලේන් එකක් ඔරු ගෙනියනවා' කියලා..

      "හරී ඕව අස්සෙ කැමරා මානන්න ගිහින් ත්‍රස්තවාදියෙක්ය කියල කට්ටිය වටකරගත්තෙ නැතෙයි. " මට ඔයිට වඩා ළඟට යන්ඩ තිබ්බා.. මම ළඟට යන්ඩ කිට්ටු කරා.. එතකොටම බලන්න ඇවිල්ලා ඉන්න සේනාව කුලප්පු වෙලා උන්දැලත් එනවා රිංගන්ඩ.. ඒක නිසා නිකා හිටියා..

      මාත් පුටාරයේ තමා යන්නෙ එන්නෙ.. බර නම් අඩුවෙන්නෙ නෑ මගෙත්..

      Delete
    2. වතිකානුවේ පාප්ධූරය අරාජික කාලය Sede vacante නම් වේ. දැන් අහන්ඩ එපා බොට පිස්සුද ඒක හින්දා බ්ලොගේ ඇඳුම් මාරුකරන්ඩ කියලා.. :)

      සාමාන්‍යයෙන් මේ අරාජික කාලෙ දුක්බර කාලයක්. මොකද මෙච්චරකල් ධූරය දරපු පාප්තුමා මියගිහින්නෙ තියෙන්නෙ..

      ඒත් මෙදා පාර ටිකක් වෙනස්.. එතුමා විශ්‍රාමනෙ ගියෙ.. ඒත් වතිකානුව නම් මළගෙයක් වගේ කියලා තමයි එහෙ ඉන්න මගේ මිත්‍රයෙක් කිව්වෙ..

      Delete
  11. අහස් යාත්‍රා දැක්කා. කෝ ඔයාගේ ඔය අධි වේගී වාහනේ. මම මේ ඒක හොයනවා. :)

    ReplyDelete
    Replies
    1. ඇයි අර තියෙන්නෙ උඩ.. හොඳට බලන්ඩ... :)

      Delete
  12. thena kothanada kiyala damme nathi eka thamai ithin aduwa. mama eth baluwa dakshina adiwegeda kiyala. matath kiyanna thiyenne giya wade nokara rasthiyadu gahuwata hoda wade kiyala thamai :D

    ReplyDelete
    Replies
    1. එදා සෙන්නට සල්ලි නොගෙව්ව හින්දද කොහෙද අද නම් පරිවර්තනය කර දීලා නෑ..

      ස්ථානය : දඬුගම් ඔය ජලතර ගුවන්යානා පර්යන්තය.

      අපෝ කවුද අනේ ඒ අධිවේගෙ යන්නේ.. :)

      හොඳ වැඩේ කියන්නෙ මොකෝ.. මම ගිහින් බලනවා වෙන දවසක.. :P

      Delete
    2. සයුරි, ඇත්තටම හිංගල වලට මක්කැයි වුනේ ?

      Delete
    3. //අපෝ කවුද අනේ ඒ අධිවේගෙ යන්නේ//

      heh..enda epa harida

      //ඇත්තටම හිංගල වලට මක්කැයි වුනේ//

      wadakata nathi software uninstall kara kara inna athare mekath uninstall welane. dan apahu daganna eke namawath mathaka na appa.

      Delete
    4. දාගන්න Firefox සමඟ සිංහල කොටන ඇඩෝනය qsFox

      Delete
    5. සයුරි,

      සාමාන්‍යයෙන් වින්ඩොස් විස්ටා සහ එයින් පස්සෙ ආපු කම්පියුටර් වල සිංහල දාලමයි එන්නෙ, අමුතුවෙන් දාන්න දෙයක් නෑ.. ඊට කලින් එකක් නම් මේක ඉන්ස්ටෝල් කරලා බලන්න..

      http://moodle.schoolnet.lk/mod/resource/view.php?id=1541

      ඊට පස්සෙ යුනිකෝඩ් කන්වර්ටරයකින් කොටා ගන්න පුලුවන්නෙ..

      මම පාවිච්චි කරන්නෙ මේක.
      http://unicode.malindaprasad.com/

      Delete
    6. thanku harii and senna.

      aththama kiwwoth oya convertare thamai uninstall une. poddak wachane tapalila :D.

      meka try korala balannam.

      Delete
    7. හපොයි බන්... උඹව දිවියම කන්න එපැයි.. :D නිකමට ගූගල් දෙයියගෙන් ඇහුවනම් යුනිකෝඩ් කන්වර්ටර් කීයක්නම් දෙයිද ?

      Delete
    8. අර 64 පාවිච්චි කරන හැටි දැනගන්ඩ ඕන නම් ඔන්න අවස්ථාව..

      අනේ මේ සයුරියා දන්නේ නෑලුනෙ යුනිකෝඩ් කන්වටර් එකක් හොයාගන්ඩ..

      මගෙ කට කොකියනවා..

      Delete
    9. hihiiii. ane aththatama mama hoyala hoyala hoda ekak dagena hitiye. dan eke nama mathaka na. duminda silwage lede hadila. inna me deka try karanna ona.

      Delete
    10. dagena hitiya kiwwe web converter ekak nemei. system ekata embed karanna puluwan ekak. ayyooo :(

      aa senno ethakota oya post kotanne oya web site ekata gihinda? :o

      adon ekak ita lesi nadda ara hari kiwwa wage.

      Delete
    11. මගෙ ඔක්කොම ලිපි මේකෙන් තමා කොටලා තියෙන්නෙ...ඇඩෝන් හොඳයි.. ඒත් දැන් මම මේකට හුරු වෙලා.. අද නිකන් ජොලියට වගේ Google IME එකෙන් කමෙන්ට් එකක් කෙටුවා.. අයියෝ පැය භාගයක් විතර ගියා.. එපාම වුනා... :D

      Delete
    12. ඒකටනම් තෑග්ගක් දෙන්න වටිනවා. ඔන්න මමත් දාගත්තා ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක්. ඇයි දෙයියනේ මෙහෙමත් නෝන්ඩි කන්න පුලුවන්ද? hihi

      Delete
    13. මොකක්ද ඒ ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් ??? අපිටත් කිව්වනම්..

      Delete
    14. මම මේ සිංහල බ්ලොග් වැඩේට පාවිච්චි කරන්නේ ක්‍රෝම් නේ. ගිනි නරියා නෙවෙයි. මෙන්න මෙතනට ගිහින් ඉන්ස්ටෝල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් කියන්න විතරයි තියෙන්නේ. ගිනි නරියාගේ ඇඩෝන් එකක් වගේ තමයි.

      http://www.google.com/inputtools/

      හැබැයි මම ඔන්න මේක කොච්චර හොඳද කියලනම් තාම දන්නේ නා. ;)

      Delete
    15. මම මුලින් පාවිච්චි කළේ UCSC යුනිකෝඩ් කන්වර්ටරය.. ඒත් කොපි පේස්ට් කරන්ඩ ගියාම එපා වෙනවා..

      ඊටපස්සෙ තමයි මොරටුවෙ qsFox ඇඩෝන් එක ගත්තෙ. දැන් වැඩේ ලේසියි.. බ්‍රවුසරය උඩ කොටන්ඩ පුළුවන් ඕනෑම තැනක සිංහලෙන්ම කොටන්ඩ පුළුවන්..

      මම ගූගල් ට්‍රාන්ස්ලිටරේශන් බ්ලොග් ලියන්ඩ පාවිච්චි කරලා නෑ.. වචනයක් දෙකක් කොටලා බලලා තියෙනවා.. ඒත් පැනලා දෙන ගතිය තමයි අල්ලන්නෙ නැත්තෙ.

      Google IME දාගත්තම ඕනෑම තැනක සිංහල දැම්මකිනෙ.. ෆෝල්ඩර් නම් වලට පවා.. ඒත් අවුල තියෙන්නෙ ඌ වචනය ගහන්ඩ කලින් පැනලා දෙනවා.. අනික සිංග්ලිශ් ටයිප් කරද්දි සෑම වචනයකටම අදාළ වෙන්නෙ එකම ඉංග්‍රීසි අකුරු නෙමෙයි.. සරලව කිව්වොත් වෙලාවකට 'ka' 'ක' වෙනකොට තව වෙලාවකට 'කැ' වෙනවා.. කොටාගෙන කොටාගෙන යද්දි කුනුහර්පයි වැදිලා තියෙන්නෙ..

      Delete
  13. මං දැක්ක පෑලියගොඩ හරියෙ කැලණි ග‍ඟේ එකක් නවත්තලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කැළණි ගඟෙත් සී ප්ලේන් බානවා සරත් අයියේ..

      Delete
  14. කොහොමද වාහනේ... සුපිරියි ඈ.. ඕක පැද්දම ප්ලේන් එකේ ගියාට වඩා ආතල් ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..

      එසේම වේවා! එසේම වේවා!

      Delete
  15. බෝඩ් එකේ සයිස් එක දැක්කාම මමත් හිතුවෙ ගුවන්තොටුපල ලෙසටම ඇති කියලා..හයියෝ බලාපොරොත්තු සුන් වුනානෙ..!!

    ඊළඟ කතාව එනකම් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ ඉතින් ලෙසටම.. බෝඩ් එකට වඩා චුට්ටක් ලොකුයිනෙ අනේ.. :)

      ළඟදීම ඊළඟ කතාව දාන්නම්..

      Delete
  16. ස්තුතියි සහෝ!

    ReplyDelete
  17. උඹ කොහේ රිංගනවද මන්දා... :D ඉතුරු ටිකත් ලියපං...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ රිංගපු තැන් සේරම.. :D

      Delete
  18. හරී, හරී වේගයකින් නෙව ගිහින් තියන්නේ. :) කෙටි ගමන් වලට කියාපු වාහනේ තමයි.

    පින්තූර ටික ලස්සනයි. හා හා ඉතින් ලියන්න අනිත් සංචාරේ..

    ReplyDelete
    Replies
    1. "හරී, හරී වේගයකින් නෙව ගිහින් තියන්නේ." ඒකනෙ.. දැක්කා නේද මීටරේ.. :)

      බලමු ලබන සතිය දිහාටත් එකක් යන්ඩ.. :)

      Delete
  19. හොඳ වෙලාවට හදන හයිවේ එකට දැම්මෙ වාහනය...නැත්තම් පෝස්ටුව ලියන්න වෙන්නෙ පොලෝසියේ බංකුවේ ඉඳගෙන...:)

    ගිය වේගය නම් වැඩියි වගේ....පරිස්සමෙන් ඕං...

    ReplyDelete
    Replies
    1. "හොඳ වෙලාවට හදන හයිවේ එකට දැම්මෙ වාහනය." මේකට දාන්ඩත් මම පොඩ්ඩක් කැරකි කැරකි හිටියා.. ඇත්තටම වැරදි වැඩක්නෙ මේක..

      "ගිය වේගය නම් වැඩියි වගේ." :)

      Delete
  20. හප්පට සිරි...හරී අයිය ළඟ පාතම පොඩි සංචාරයක් ගොහින් වගෙයි... මං නම් මෙව්වා දැකලාම නැත...

    ReplyDelete
    Replies
    1. සී ප්ලේන් ද දැකලා නෑ කිව්වෙ..

      ඔය පැත්තෙත් කොහෙහරි වෙලකට ළඟදිම බාන්ඩ ගනී.. :)

      Delete
  21. ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
    Replies
    1. හැමතැනම මේක පේස්ට් කරන් ගිහිල්ලනෙ..

      Delete
  22. අහස් යාත්‍රාව වගේම නිල රථයත් මරු. ස්තූතියි විස්තරයට හරී.

    ReplyDelete
    Replies
    1. නිල රථයත් වෙලාවකට අහස් යාත්‍රාව වගේ තමයි.. :)

      මට පුදුම හිතෙන්නෙ මම කොතනකවත් නොලියපු 'නිල' කියන වචනය කියවන අයට පේන්නෙ කොහොමද කියලා?

      Delete
    2. නුවනැත්තන්ට විතරයිලු ඒක පේන්නෙ

      Delete
  23. අනේ අප්පා හරීට හිතෙන ඒව

    ReplyDelete
    Replies
    1. හිතෙන ඒවා නෙමෙයි අප්පා බලපු ඒවා.. :)

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...