මිලදීගත් රඹුටන් වල්ලෙන් එකිනෙක ගිලිහෙද්දී ඇයත් මමත් මාවත අද්දර දොඩමළුවී සිටියෙමු. රඹුටන්වල මිහිරටත් වඩා කීමෙහි බිණීමෙහි මිහිර ගතසිත වෙලා ගොස් තිබිණි.
ඈ තවත් එක් රතුවන් රඹුටමක් ගෙන ලෙලි හැර කටේ රුවා ගත්තාය. මම එය ඇඟේ දකුණු කම්මුලටත් වම් කම්මුලටත් මාරුවනු බලා සිටියෙමි. තවත් මොහොතකින් මදයෙන් මිදුණු ඇටය බිමට පතිත විය.
"දැන් මෙතන ඇට දාලා ගිහින් ආයෙ එන්නකොට රඹුටන් ගස් තියෙයි මෙතන"
"අර පොප්ලර් ගස් වගේද?" ඇය සිනහාසෙමින් පැවසුවාය.
"පොප්ලර් ගස්?"
"ඇයි අර ගුරුගීතයෙ පොප්ලර් ගස්? කියවලා නැද්ද ඒක?" ඈ විමතියෙන් මා විමසුවාය.
"ම්හ්හ්හ්"
එතනදි ගුරුගීතය ඇසීමි. අද කියවීමි.
පරණ මතක අලුත් වන්නට යළිත් දුයිෂෙන්ට අල්තීනායි හමුවේවා. පාර අද්දර රඹුටන් ගස් පැළවේවා.
“අල්තීනායි, දැන් උඹයි මමයි එක වැඩක් කරමු.“ යි ඔහු මඳ සිනා පෑවේ ය, “අපි මේ පැලෑටි දෙක හිටවමු. මේ පැලෑටි දෙක වැඩී ගොස් ලොකු ගස් වී, ශක්තිමත් වෙන්නා වගේම නුඹත් හැදිලා, වැඩිලා, හොඳ කෙනෙකු වේවි. නුඹේ උපන් වෙලාවේ හැටියට නුඹට එහෙම හොඳ කලදසාවක් යන බව මට හොඳටම විශ්වාසයි. නුඹ තවම ලපටියි. හරියට මේ පොප්ලර් පැලෑටි වගේ. අල්තීනායි අපි දැන් මේ පැලෑටි හිටවමු හොඳේ! නුඹට ඉතා හොඳින් ඉගෙන ගන්ට වාසනාව ලැබේවායි කියා පතාගෙන පැලෑටි හිටවමු....“

දුයිෂෙන්ලාත් අල්තීනායිලාත් තවම ඉන්නවා... හැබැයි ගුරුගීතය වගේ ලියනොවුන...
ReplyDeleteලියවෙච්චි කතාවලට වඩා ලියනොවෙච්චි කතා බොහෝමයි.
Deleteහ්ම්..............දැන් කාර්ය බහුලයි කියලයි මම හිතුවේ.
ReplyDeleteනරකද දෙන්නම එකතුවෙලා ගෙවත්තේ රඹුටන් පැලයක් හිටෙව්වොත් සිහිවටනයක් හැටියට? ඒ ගහේ ගෙඩි, පුංචි එවුන් රහ කර කර කනකොට, කාටද ආඩම්බර?
කාර්‍යබහුලයි තමයි. ඒත් ඉතින් පෝස්ටුත් ලියලා දානවා.
Deleteවත්තේ එළෝළු හිටෙව්වා. රඹුටන් නම් හිටවන ඉඩ මදි.
නොස්ටැල්ජික්?
ReplyDeleteහ්ම්ම්ම්.. හ්ම්ම්..
Deletehttp://nelumyaya.com/?p=2652
ReplyDeleteThank you
Deleteආ දැන් දෙන්න එක්ක රඹුටනුත් කනවා.අපිට පොල් ටොපියක්වත් නැහැ එහෙනම්.:D
ReplyDeleteමේ ඉස්සර කාපු හැටි. :D
Deleteදෙන්නත් එක්ක රඹුටන් කෑවට කමක් නෑ. පාරේ අයිනේ පොතුයි ඇටයි දාන එක තමා හොඳ නැත්තේ...:D
ReplyDeleteඑහෙම දැම්මෙ නැත්නම් කොහොමද අර වගේ මතක හිටින්න රඹුටන් ගස් පැළවෙන්නෙ. :)
Deleteඕඕ රඹුටන්..හිහි පාරේ පොතු ඇට නොදා විනීතව කෑවනම් තවත් රහයි :)
ReplyDeleteහි..හි... අවිනීතවද කාලා තියෙන්නෙ.. ?
Deleteගුරු ගීතයේ අසංක්ෂිප්ත පරිවර්තනයක් හොයා ගන්න විදිහක් දන්නවද ? ලයිබ්‍රරි වල තියෙන්නෙම අනුවාද විතරයි...
ReplyDeleteමම කියෙව්වෙ ජාලෙන් හොයාගත්තු එකක්. දැන්නෙ දැක්කෙ ඒකත් අනුවාදයක් කියලා. දැන් දැනෙන්නෙ හරියට පොත කියවලා නෑ නෑ වගේ.
Deletehttp://www.mediafire.com/download/s8q74y28zo8sgwo/Guru_Geethaya.pdf
ගුරු ගීතයේ අල්තීනායි දුයිෂෙන්ව කාලයක් තිස්සේ අමතක කරල දාල තියෙන එක නරකයි නේද...
ReplyDeleteඅමතක කරලා මදිවට මග ඇරලත් යනවා
Deleteඔය කතාවේ අල්තීනායි දෙවැනි බ්රිඳක් හැටියට විවාහ කර දෙනවා.
ReplyDeleteමට තියෙන ගැටලුව ඒක සමාජවාදයට විරුද්ධ වෙන්නෙ කොහොමද කියලා
ඒ වගේම විවාහක අයට අධ්‍යාපනය ලබන්න තහනම්ද.
මෙතන තියෙන්නේ සෝවියට් පාලනය මඟින් මුස්ලිම් සංස්කෘතිය විනාශ කිරීම ගැන කතාවක් කියන්න බැරිද?
පළතුරු ඇට ගිල්ලාම බඩේ පැලවෙලා ඔලුව පලාගෙන මතුවෙයි කියලා පොඩි කාලේ බය වුනා මතකද?
ReplyDeleteහරි මට ඔයාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද
ReplyDeleteMail me hareenlaks@gmail.com
Deleteදැන් හරී ගේ රඹුටන් ගස් දෙකේ කතාවත් අපිට කිව්වොත් නරකද?
ReplyDeleteහරි ඔබටත්, ඔබේ ඇයටත් මම ණය ගැතියි.
ReplyDeleteමමද ගුරු ගීතය කියෙවීමි.
ගුරු ගීතය රසවිදින්නට, හඩන්නට සංවේදී හදවතක් දායාද කල ගුරුවරියක් වූ ම ආදරණීය අම්මටත් අප්පච්චිටත් දීර්ගයුෂ ලැබේව.
හරී............. මේ පෝස්ටුව කියවන්න ලැබුනේ නැහැ...
ReplyDeleteමෙතනින් තමා පාර කිව්වේ.... http://bluejeansntshirts.blogspot.com/2015/07/133.html
මොනවා වුණත් ගුරුගීතය කියන්නේ මගේ ජීවිතයේ මග කියපු කතාවක්.... අද මමත් ගුරුවරයෙක්..... ඒ හින්දාම ගුරු ගීතය පනස් වෙනි හැටවෙනි වතාවටත් කියවනවා.... හැමදාම කියවනවා.......