5.25.2015

ගුරු ගීතය හා රඹුටන් ගස්

මිලදීගත් රඹුටන් වල්ලෙන් එකිනෙක ගිලිහෙද්දී ඇයත් මමත් මාවත අද්දර දොඩමළුවී සිටියෙමු. රඹුටන්වල මිහිරටත් වඩා කීමෙහි බිණීමෙහි මිහිර ගතසිත වෙලා ගොස් තිබිණි.

ඈ තවත් එක් රතුවන් රඹුටමක් ගෙන ලෙලි හැර කටේ රුවා ගත්තාය. මම එය ඇඟේ දකුණු කම්මුලටත් වම් කම්මුලටත් මාරුවනු බලා සිටියෙමි. තවත් මොහොතකින් මදයෙන් මිදුණු ඇටය බිමට පතිත විය.

"දැන් මෙතන ඇට දාලා ගිහින් ආයෙ එන්නකොට රඹුටන් ගස් තියෙයි මෙතන"

"අර පොප්ලර් ගස් වගේද?" ඇය සිනහාසෙමින් පැවසුවාය.

"පොප්ලර් ගස්?"

"ඇයි අර ගුරුගීතයෙ පොප්ලර් ගස්? කියවලා නැද්ද ඒක?" ඈ විමතියෙන් මා විමසුවාය.

"ම්හ්හ්හ්"

එතනදි ගුරුගීතය ඇසීමි. අද කියවීමි.

පරණ මතක අලුත් වන්නට යළිත් දුයිෂෙන්ට අල්තීනායි හමුවේවා. පාර අද්දර රඹුටන් ගස් පැළවේවා.

    “අල්තීනායි, දැන් උඹයි මමයි එක වැඩක් කරමු.“ යි ඔහු මඳ සිනා පෑවේ ය, “අපි මේ පැලෑටි දෙක හිටවමු. මේ පැලෑටි දෙක වැඩී ගොස් ලොකු ගස් වී, ශක්තිමත් වෙන්නා වගේම නුඹත් හැදිලා, වැඩිලා, හොඳ කෙනෙකු වේවි. නුඹේ උපන් වෙලාවේ හැටියට නුඹට එහෙම හොඳ කලදසාවක් යන බව මට හොඳටම විශ්වාසයි. නුඹ තවම ලපටියි. හරියට මේ පොප්ලර් පැලෑටි වගේ. අල්තීනායි අපි දැන් මේ පැලෑටි හිටවමු හොඳේ! නුඹට ඉතා හොඳින් ඉගෙන ගන්ට වාසනාව ලැබේවායි කියා පතාගෙන පැලෑටි හිටවමු....“

25 comments:

  1. දුයිෂෙන්ලාත් අල්තීනායිලාත් තවම ඉන්නවා... හැබැයි ගුරුගීතය වගේ ලියනොවුන...

    ReplyDelete
    Replies
    1. ලියවෙච්චි කතාවලට වඩා ලියනොවෙච්චි කතා බොහෝමයි.

      Delete
  2. හ්ම්..............දැන් කාර්ය බහුලයි කියලයි මම හිතුවේ.

    නරකද දෙන්නම එකතුවෙලා ගෙවත්තේ රඹුටන් පැලයක් හිටෙව්වොත් සිහිවටනයක් හැටියට? ඒ ගහේ ගෙඩි, පුංචි එවුන් රහ කර කර කනකොට, කාටද ආඩම්බර?

    ReplyDelete
    Replies
    1. කාර්‍යබහුලයි තමයි. ඒත් ඉතින් පෝස්ටුත් ලියලා දානවා.

      වත්තේ එළෝළු හිටෙව්වා. රඹුටන් නම් හිටවන ඉඩ මදි.

      Delete
  3. Replies
    1. හ්ම්ම්ම්.. හ්ම්ම්..

      Delete
  4. ආ දැන් දෙන්න එක්ක රඹුටනුත් කනවා.අපිට පොල් ටොපියක්වත් නැහැ එහෙනම්.:D

    ReplyDelete
    Replies
    1. මේ ඉස්සර කාපු හැටි. :D

      Delete
  5. දෙන්නත් එක්ක රඹුටන් කෑවට කමක් නෑ. පාරේ අයිනේ පොතුයි ඇටයි දාන එක තමා හොඳ නැත්තේ...:D

    ReplyDelete
    Replies
    1. එහෙම දැම්මෙ නැත්නම් කොහොමද අර වගේ මතක හිටින්න රඹුටන් ගස් පැළවෙන්නෙ. :)

      Delete
  6. ඕඕ රඹුටන්..හිහි පාරේ පොතු ඇට නොදා විනීතව කෑවනම් තවත් රහයි :)

    ReplyDelete
    Replies
    1. හි..හි... අවිනීතවද කාලා තියෙන්නෙ.. ?

      Delete
  7. ගුරු ගීතයේ අසංක්ෂිප්ත පරිවර්තනයක් හොයා ගන්න විදිහක් දන්නවද ? ලයිබ්‍රරි වල තියෙන්නෙම අනුවාද විතරයි...

    ReplyDelete
    Replies
    1. මම කියෙව්වෙ ජාලෙන් හොයාගත්තු එකක්. දැන්නෙ දැක්කෙ ඒකත් අනුවාදයක් කියලා. දැන් දැනෙන්නෙ හරියට පොත කියවලා නෑ නෑ වගේ.

      http://www.mediafire.com/download/s8q74y28zo8sgwo/Guru_Geethaya.pdf

      Delete
  8. ගුරු ගීතයේ අල්තීනායි දුයිෂෙන්ව කාලයක් තිස්සේ අමතක කරල දාල තියෙන එක නරකයි නේද...

    ReplyDelete
    Replies
    1. අමතක කරලා මදිවට මග ඇරලත් යනවා

      Delete
  9. ඔය කතාවේ අල්තීනායි දෙවැනි බ්රිඳක් හැටියට විවාහ කර දෙනවා.
    මට තියෙන ගැටලුව ඒක සමාජවාදයට විරුද්ධ වෙන්නෙ කොහොමද කියලා
    ඒ වගේම විවාහක අයට අධ්‍යාපනය ලබන්න තහනම්ද.
    මෙතන තියෙන්නේ සෝවියට් පාලනය මඟින් මුස්ලිම් සංස්කෘතිය විනාශ කිරීම ගැන කතාවක් කියන්න බැරිද?

    ReplyDelete
  10. පළතුරු ඇට ගිල්ලාම බඩේ පැලවෙලා ඔලුව පලාගෙන මතුවෙයි කියලා පොඩි කාලේ බය වුනා මතකද?

    ReplyDelete
  11. හරි මට ඔයාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද

    ReplyDelete
  12. දැන් හරී ගේ රඹුටන් ගස් දෙකේ කතාවත් අපිට කිව්වොත් නරකද?

    ReplyDelete
  13. හරි ඔබටත්, ඔබේ ඇයටත් මම ණය ගැතියි.

    මමද ගුරු ගීතය කියෙවීමි.

    ගුරු ගීතය රසවිදින්නට, හඩන්නට සංවේදී හදවතක් දායාද කල ගුරුවරියක් වූ ම ආදරණීය අම්මටත් අප්පච්චිටත් දීර්ගයුෂ ලැබේව.

    ReplyDelete
  14. හරී............. මේ පෝස්ටුව කියවන්න ලැබුනේ නැහැ...

    මෙතනින් තමා පාර කිව්වේ.... http://bluejeansntshirts.blogspot.com/2015/07/133.html

    මොනවා වුණත් ගුරුගීතය කියන්නේ මගේ ජීවිතයේ මග කියපු කතාවක්.... අද මමත් ගුරුවරයෙක්..... ඒ හින්දාම ගුරු ගීතය පනස් වෙනි හැටවෙනි වතාවටත් කියවනවා.... හැමදාම කියවනවා.......

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...