බ්ලොග් ජීවිතයේ පළවෙනිපාරට ඔන්න කෑමක් හදන හැටි ලියන්න යන්නෙ. මීට කලින් මම එහෙම එකක් ලියලා නැද්ද?.. ම්.ම්ම්ම්.. මතකනම් නෑ.
මේ කෑම නම් හදලා ටිකක් කල්. විස්තරෙත් ලියලා තිබ්බට පබ්ලිශ් කරන්න වෙලාවක් හම්බුනේ නෑ. ඉතින් අද තමයි අඩුපාඩු ටිකත් හදලා පබ්ලිශ් කරන්න හිතුවේ.
හදන්න යන කෑමෙ නම තමයි ෆ්‍රෙන්ච් ටෝස්ට්. සිංහල නමක් නම් නෑ. කැමති නම් ප්‍රංශ රෝස්පාන් කියලා දාගමු. කෑම හදන්න කලින් මම විකියෙ පොඩ්ඩක් කරක් ගහලා බැලුවා. මේ ජාතියෙ පාන්, බිත්තර, කිරි පාවිච්චි කරපු කෑමක් ක්‍රි.ව. 4වෙනි 5වෙනි ශතවර්ෂවල තිබුණු Apicius කියන රෝමානු කෑම වට්ටෝරු එකතුවේ තිබුනාලු. ඒ ඇරුනාම මධ්‍යතන යුගයේ ජනප්‍රිය කෑමක්ලු ෆ්‍රෙන්ච් ටෝස්ට්.
1. පාන් පෙති 6ක්
එක්කෙනෙකුට පාන් පෙති තුනක් වගේ තමයි කන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නෙ. ඉතින් 6ක් ගත්තොත් දෙන්නෙකුට කන්න පුළුවන් තරම් හදාගත්තැකි. අපි නම් පාන් අරගෙන පෙති කපන්න ගියේ නෑ. කඩේ තිබ්බ පෙති කපපු පාන් තමයි ගත්තෙ.
2. කිරි, තරමක් ලොකු කෝප්පයක්.
කිරි ප්‍රමාණෙ හරියටම කියනවා නම් පාන් පෙති හයම තෙත බරියන් වෙන්න පොඟවන්න පුළුවන් තරම් කිරි. සාමාන්‍යයෙන් ටිකක් ලොකු කෝප්පයක් ඇති. මේකට උතුරවා ගත්තු එළකිරි ගන්නත් පුළුවන්. අපි නම් කළේ කිරි පිටි වලින් පිටි කිරි කෝප්පයක් හදාගත්තු එක.
3. බිත්තර 2ක්
සුදු හෝ රතු, කිකිළියෝ දාන බිත්තර දෙකක්.
4. බටර් හෝ මාගරින් ටිකක්
5. කුරුඳු කුඩු ටිකක්
6. වැනිලා තේ හැඳි බාගයක්
මුලින්ම කිරි කෝප්පය, බිත්තර දෙක, කුරුඳු කුඩු හා වැනිලා එකට දාලා හොඳින් බීට් කරගන්න ඕනෙ. කේක් හදද්දි බිත්තර බීට් කරනවා වගේ. ඒ ටික හොඳින් කලවම් උනාට පස්සෙ පාන් පෙත්ත පෙත්ත හොඳට මිශ්‍රණයේ පොඟවා ගන්න.
පාන් පෙත්ත පෙත්ත හොඳට මිශ්‍රණයේ පොඟවා ගන්න |
ඒ අතරෙම නොඇලෙන භාජනයක් ලිපේ තියලා බටර් ටිකක් එහෙම දාලා රත් කරගන්න.
දැන් පොඟවා ගත් පාන් පෙති එක සැරේකට එක ගානෙ භාජනයේ දාලා රන්වන් පාට වෙනකන් රත් කරගන්න. දෙපැත්තම හරවලා රත්කරගන්න ඕනෙ. මතක ඇතුව ගින්දර අඩුවෙන් නිවාඩු පාඩුවෙ රෝස්වෙන්න දෙන්න. නැත්නම් කරවෙන්න පුළුවන්. අනික තෙතගතිය සම්පූර්ණයෙන් ඉවත් වනතෙක් රත්කරන්න එපා. එහෙම කළොත් ඒක වෙන කෑමක් වෙයි.
රන්වන් පාට වෙනකන් |
හරිම ලේසියෙන් ඔන්න අපි ෆ්‍රෙන්ච් ටෝස්ට් හදාගෙනත් ඉවරයි. දැන් තියෙන්නෙ මොනාහරි දෙයක් එක්ක වළඳන්න තමයි. මස්, ජෑම්, සීනි වගේ දෙයක් එක්ක කන්න පුළුවන්. වැඩියෙන්ම හොඳ maple syrup එක්කලු.අපි නම් හොඳට උම්බලකඩ, තක්කාලි දාලා ලුනුමිරිසක් කොටා ගත්තා.
ෆ්‍රෙන්ච් ටෝස්ට් හා සිංහල ලුණුමිරිස් |
මේ තියෙන්නෙ අපි හදපු ෆ්‍රෙන්ච් ටෝස්ට් හා සිංහල ලුණුමිරිස්. ඕගොල්ලොත් හදලා කාලා බලලා රහ කියන්නකෝ.
පින්තූර :
- http://www.wikihow.com/Make-French-Toast
නියම කෑමක් වගෙයි. තුනයි කිව්වට එක්කෙනෙක්ම හයම කන්න ඇති.
ReplyDelete//කිකිළියෝ දාන බිත්තර දෙකක්.// කුකුළො දාන බිත්තර නොගන්න හේතුව කියනවද?
රහයි තමයි ඒත් තුනකට වඩා කන්න අමාරුයි.
Deleteකිකිළි බිත්තරම ගන්න වෙන්නෙ මේ පැත්තෙ ඉන්න එක කුකුළෙක්වත් බිත්තර දාන්නෙ නැති නිසා. හොයාගන්න පුළුවන් නම් කුකුළු බිත්තරත් අවුලක් නෑ.
හොදයි බන්
ReplyDeleteස්තුතියි
Deleteඅළුත් කෑම ජාති හදන එක නම් මාත් ආස දෙයක්. මේකත් හදලා බලන්න ඕනෙ. අහලා තිබුනට හදන හැටි දැන ගත්තෙ අද. ඔය කිරි වලට බිත්තර දාන කෑම වල අවුල තමයි බිත්තර වලින් එන ගඳ.
ReplyDeleteකුරුඳු කුඩු දැම්මම ගඳ එන්නෙනෑ.
Deleteමේ ඇනෝ කිව්වා වගේ කුරුඳු කුඩුයි වැනිලයි දැම්මා පස්සෙ එහෙම කිසිම ගඳක් එන්නෙ නෑ.
DeletePFrench toast nam kala epaa wela ban. Okath ekka peanut butter hari veginite marmite chocolate paste negala yanawa. Side eken plain tea ekakuth ekka. Yum yumm..
ReplyDeleteදවසක ඒ විදිහට කාලා බලන්නම්.
Deleteදැන් අැප්ලිකේෂන් ඒකක් දාලා ඉල්ලීමක් කරා.... බලමු ළගදී දවසක හදලා දෙයිද කියලා..... අාය ඔ්වා අපි හදාගන්න යෑ.. හදලා දුන්නොත් කාලා බලලා රහ කියතඅැහැකි
ReplyDeleteවැඩේ ලේසි හින්දා ඉල්ලීම ඉටුවෙයි.
Deleteහරී දැන් උයන පිහන වැඩ වලටත් උනන්ඩුවක් දක්වන්න පටන් අරගෙන වගේ! හොඳයි හොඳයි. :)
ReplyDeleteමොනා කරන්නද? මමවත් උයා පිහාගෙන කන්න එපායැ :P
Deleteඅපිත් කනවා. නමුත් බං ලුණු මිරිස් එක්ක නම් කාලා නෑ. හොඳයිද?
ReplyDeleteමම පැණි රහට කැමති නෑ. අනික ඒ වෙලාවෙ හදාගන්න තිබ්බ ලේසිම දේ තමයි ලුණු මිරිස්. වරදක් නෑ ඉතින්.
Deleteඅපි නම් අර මිශ්‍රණයට සීනි දානවා. මාර රහයි. ලුණුමිරිස් එක්ක කාලා නෑ.
ReplyDeleteමම පැණි රහට එච්චර කැමති නෑ.
Deleteකියන්ට අමතක වුනා. බැන්දට පස්සේ හරී උයන්ටත් අරගෙන. හී හී...
ReplyDeleteහොහ් හෝ.............දැන් අලුත් අණදෙන නිලධාරී තුමිය සොල්දාදුවාට කුකරි උගන්වලා, ඒයි.........මට ෆ්‍රෙන්ච් ටෝස්ට් ටිකක් හදලා දෙනවා කියනවද? එහෙම නැත්නම් අලුත් මනමාලි උයන එව්වා කටේ තියන්ඩ බැරි හින්දා මනමාල මහතා කුකරි ඉගෙනගත්තද?
ReplyDeleteබලන්ඩ අප්පා කෑමක් හදන හැටි දැම්මත් ලෝකයා කියන කයි කතන්දර
Deleteනාහ වලදී වළඳලා තිබුනට නම දැනන් උන්නෙත් නෑ හදන විදියක් දනන් උන්නෙත් නෑ.. හැබැයි පට්ට රහයි සහ පෙති දෙක තුනකට වැඩිය කන්න බෑ කියන කාරනා දෙකටම එකඟයි.
ReplyDeleteදවසක හදලම කාලා බලන්න
Deleteඔච්චර කිරි ඕනෑ නෑ, එක බිත්තරයකින් පාන් පෙති දෙකක් හදාගන්න හැකියි. පෙති දෙකක් කෑවාම ඇඟට ඇති.
ReplyDeleteඇඟට ඇති උනත් හිතට මදිනෙ.. :)
Deleteමගෙ ෆේවරිට්ම කෑම තමයි.. හැබැයි පෙති තුනක් නං හොඳටෝම මදි... හි හි....
ReplyDeleteමෙව්වා වැඩිපුර කෑවොත් අලියෙක් වෙලායි නවතින්නෙ..
Deleteඅනේ ඔය උයන පිහන වැඩ නම් බැහැ.හදලා දෙනවා නම් කාලා උදව් කරන්න නම් පුළුවන්.
ReplyDeleteමේක පොඩි වැඩක්නෙ..
Deleteකාල රස බලන්න නම් ඕනි වෙලාවක ඇහකි :)
ReplyDeleteහරී ගුණ කෑමක් වගේ...
ReplyDeleteමෙව්වා ලුණුමිරිස් එක්ක කනවා කියන්නේ නිකම් අළුකෙහෙලුයි කොණ්ඩකටුයි වගේ කියල හිතෙනවා. එත් ඉතින් නැගල ගියා කියල තියනවනේ...
නෝනා මහත්තයා හරී ගෙන් වැඩ ගන්නවා වගේ. :D
ReplyDeleteමම මේක හදලා තියෙනවා සීනිත් එකතු කරලා. මම නම් ඉතින් පාන් පෙති 4 ක් ම කෑවා. :)