8.09.2015

ෆ්‍රෙන්ච් ටෝස්ට් (French Toast) හදමු

බ්ලොග් ජීවිතයේ පළවෙනිපාරට ඔන්න කෑමක් හදන හැටි ලියන්න යන්නෙ. මීට කලින් මම එහෙම එකක් ලියලා නැද්ද?.. ම්.ම්ම්ම්.. මතකනම් නෑ. 

මේ කෑම නම් හදලා ටිකක් කල්. විස්තරෙත් ලියලා තිබ්බට පබ්ලිශ් කරන්න වෙලාවක් හම්බුනේ නෑ. ඉතින් අද තමයි අඩුපාඩු ටිකත් හදලා පබ්ලිශ් කරන්න හිතුවේ.

හදන්න යන කෑමෙ නම තමයි ෆ්‍රෙන්ච් ටෝස්ට්. සිංහල නමක් නම් නෑ. කැමති නම් ප්‍රංශ රෝස්පාන් කියලා දාගමු. කෑම හදන්න කලින් මම විකියෙ පොඩ්ඩක් කරක් ගහලා බැලුවා. මේ ජාතියෙ පාන්, බිත්තර, කිරි පාවිච්චි කරපු කෑමක් ක්‍රි.ව. 4වෙනි 5වෙනි ශතවර්ෂවල තිබුණු Apicius කියන රෝමානු කෑම වට්ටෝරු එකතුවේ තිබුනාලු. ඒ ඇරුනාම මධ්‍යතන යුගයේ ජනප්‍රිය කෑමක්ලු ෆ්‍රෙන්ච් ටෝස්ට්. 

හරි..දැන් අපි වැඩ පටාන් ගමු. මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරගන්න ඕනෙ.
1. පාන් පෙති 6ක්
       එක්කෙනෙකුට පාන් පෙති තුනක් වගේ තමයි කන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නෙ. ඉතින් 6ක් ගත්තොත් දෙන්නෙකුට කන්න පුළුවන් තරම් හදාගත්තැකි. අපි නම් පාන් අරගෙන පෙති කපන්න ගියේ නෑ. කඩේ තිබ්බ පෙති කපපු පාන් තමයි ගත්තෙ.

2. කිරි, තරමක් ලොකු කෝප්පයක්.
       කිරි ප්‍රමාණෙ හරියටම කියනවා නම් පාන් පෙති හයම තෙත බරියන් වෙන්න පොඟවන්න පුළුවන් තරම් කිරි. සාමාන්‍යයෙන් ටිකක් ලොකු කෝප්පයක් ඇති. මේකට උතුරවා ගත්තු එළකිරි ගන්නත් පුළුවන්. අපි නම් කළේ කිරි පිටි වලින් පිටි කිරි කෝප්පයක් හදාගත්තු එක.

3. බිත්තර 2ක්
      සුදු හෝ රතු, කිකිළියෝ දාන බිත්තර දෙකක්.

4. බටර් හෝ මාගරින් ටිකක්

5. කුරුඳු කුඩු ටිකක්

6. වැනිලා තේ හැඳි බාගයක්

මුලින්ම කිරි කෝප්පය, බිත්තර දෙක, කුරුඳු කුඩු හා වැනිලා එකට දාලා හොඳින් බීට් කරගන්න ඕනෙ. කේක් හදද්දි බිත්තර බීට් කරනවා වගේ. ඒ ටික හොඳින් කලවම් උනාට පස්සෙ පාන් පෙත්ත පෙත්ත හොඳට මිශ්‍රණයේ පොඟවා ගන්න.
පාන් පෙත්ත පෙත්ත හොඳට මිශ්‍රණයේ පොඟවා ගන්න
ඒ අතරෙම නොඇලෙන භාජනයක් ලිපේ තියලා බටර් ටිකක් එහෙම දාලා රත් කරගන්න.

දැන් පොඟවා ගත් පාන් පෙති එක සැරේකට එක ගානෙ භාජනයේ දාලා රන්වන් පාට වෙනකන් රත් කරගන්න. දෙපැත්තම හරවලා රත්කරගන්න ඕනෙ. මතක ඇතුව ගින්දර අඩුවෙන් නිවාඩු පාඩුවෙ රෝස්වෙන්න දෙන්න. නැත්නම් කරවෙන්න පුළුවන්. අනික තෙතගතිය සම්පූර්ණයෙන් ඉවත් වනතෙක් රත්කරන්න එපා. එහෙම කළොත් ඒක වෙන කෑමක් වෙයි.
රන්වන් පාට වෙනකන්
හරිම ලේසියෙන් ඔන්න අපි ෆ්‍රෙන්ච් ටෝස්ට් හදාගෙනත් ඉවරයි. දැන් තියෙන්නෙ මොනාහරි දෙයක් එක්ක වළඳන්න තමයි. මස්, ජෑම්, සීනි වගේ දෙයක් එක්ක කන්න පුළුවන්. වැඩියෙන්ම හොඳ maple syrup එක්කලු.අපි නම් හොඳට උම්බලකඩ, තක්කාලි දාලා ලුනුමිරිසක් කොටා ගත්තා.

ෆ්‍රෙන්ච් ටෝස්ට් හා සිංහල ලුණුමිරිස්
මේ තියෙන්නෙ අපි හදපු ෆ්‍රෙන්ච් ටෝස්ට් හා සිංහල ලුණුමිරිස්. ඕගොල්ලොත් හදලා කාලා බලලා රහ කියන්නකෝ.

පින්තූර :
  • http://www.wikihow.com/Make-French-Toast

31 comments:

  1. නියම කෑමක් වගෙයි. තුනයි කිව්වට එක්කෙනෙක්ම හයම කන්න ඇති.

    //කිකිළියෝ දාන බිත්තර දෙකක්.// කුකුළො දාන බිත්තර නොගන්න හේතුව කියනවද?

    ReplyDelete
    Replies
    1. රහයි තමයි ඒත් තුනකට වඩා කන්න අමාරුයි.
      කිකිළි බිත්තරම ගන්න වෙන්නෙ මේ පැත්තෙ ඉන්න එක කුකුළෙක්වත් බිත්තර දාන්නෙ නැති නිසා. හොයාගන්න පුළුවන් නම් කුකුළු බිත්තරත් අවුලක් නෑ.

      Delete
  2. අළුත් කෑම ජාති හදන එක නම් මාත් ආස දෙයක්. මේකත් හදලා බලන්න ඕනෙ. අහලා තිබුනට හදන හැටි දැන ගත්තෙ අද. ඔය කිරි වලට බිත්තර දාන කෑම වල අවුල තමයි බිත්තර වලින් එන ගඳ.

    ReplyDelete
    Replies
    1. කුරුඳු කුඩු දැම්මම ගඳ එන්නෙනෑ.

      Delete
    2. මේ ඇනෝ කිව්වා වගේ කුරුඳු කුඩුයි වැනිලයි දැම්මා පස්සෙ එහෙම කිසිම ගඳක් එන්නෙ නෑ.

      Delete
  3. PFrench toast nam kala epaa wela ban. Okath ekka peanut butter hari veginite marmite chocolate paste negala yanawa. Side eken plain tea ekakuth ekka. Yum yumm..

    ReplyDelete
    Replies
    1. දවසක ඒ විදිහට කාලා බලන්නම්.

      Delete
  4. දැන් අැප්ලිකේෂන් ඒකක් දාලා ඉල්ලීමක් කරා.... බලමු ළගදී දවසක හදලා දෙයිද කියලා..... අාය ඔ්වා අපි හදාගන්න යෑ.. හදලා දුන්නොත් කාලා බලලා රහ කියතඅැහැකි

    ReplyDelete
    Replies
    1. වැඩේ ලේසි හින්දා ඉල්ලීම ඉටුවෙයි.

      Delete
  5. හරී දැන් උයන පිහන වැඩ වලටත් උනන්ඩුවක් දක්වන්න පටන් අරගෙන වගේ! හොඳයි හොඳයි. :)

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද? මමවත් උයා පිහාගෙන කන්න එපායැ :P

      Delete
  6. අපිත් කනවා. නමුත් බං ලුණු මිරිස් එක්ක නම් කාලා නෑ. හොඳයිද?

    ReplyDelete
    Replies
    1. මම පැණි රහට කැමති නෑ. අනික ඒ වෙලාවෙ හදාගන්න තිබ්බ ලේසිම දේ තමයි ලුණු මිරිස්. වරදක් නෑ ඉතින්.

      Delete
  7. අපි නම් අර මිශ්‍රණයට සීනි දානවා. මාර රහයි. ලුණුමිරිස් එක්ක කාලා නෑ.

    ReplyDelete
    Replies
    1. මම පැණි රහට එච්චර කැමති නෑ.

      Delete
  8. කියන්ට අමතක වුනා. බැන්දට පස්සේ හරී උයන්ටත් අරගෙන. හී හී...

    ReplyDelete
  9. හොහ් හෝ.............දැන් අලුත් අණදෙන නිලධාරී තුමිය සොල්දාදුවාට කුකරි උගන්වලා, ඒයි.........මට ෆ්‍රෙන්ච් ටෝස්ට් ටිකක් හදලා දෙනවා කියනවද? එහෙම නැත්නම් අලුත් මනමාලි උයන එව්වා කටේ තියන්ඩ බැරි හින්දා මනමාල මහතා කුකරි ඉගෙනගත්තද?

    ReplyDelete
    Replies
    1. බලන්ඩ අප්පා කෑමක් හදන හැටි දැම්මත් ලෝකයා කියන කයි කතන්දර

      Delete
  10. නාහ වලදී වළඳලා තිබුනට නම දැනන් උන්නෙත් නෑ හදන විදියක් දනන් උන්නෙත් නෑ.. හැබැයි පට්ට රහයි සහ පෙති දෙක තුනකට වැඩිය කන්න බෑ කියන කාරනා දෙකටම එකඟයි.

    ReplyDelete
    Replies
    1. දවසක හදලම කාලා බලන්න

      Delete
  11. ඔච්චර කිරි ඕනෑ නෑ, එක බිත්තරයකින් පාන් පෙති දෙකක් හදාගන්න හැකියි. පෙති දෙකක් කෑවාම ඇඟට ඇති.

    ReplyDelete
    Replies
    1. ඇඟට ඇති උනත් හිතට මදිනෙ.. :)

      Delete
  12. මගෙ ෆේවරිට්ම කෑම තමයි.. හැබැයි පෙති තුනක් නං හොඳටෝම මදි... හි හි....

    ReplyDelete
    Replies
    1. මෙව්වා වැඩිපුර කෑවොත් අලියෙක් වෙලායි නවතින්නෙ..

      Delete
  13. අනේ ඔය උයන පිහන වැඩ නම් බැහැ.හදලා දෙනවා නම් කාලා උදව් කරන්න නම් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේක පොඩි වැඩක්නෙ..

      Delete
  14. කාල රස බලන්න නම් ඕනි වෙලාවක ඇහකි :)

    ReplyDelete
  15. හරී ගුණ කෑමක් වගේ...
    මෙව්වා ලුණුමිරිස් එක්ක කනවා කියන්නේ නිකම් අළුකෙහෙලුයි කොණ්ඩකටුයි වගේ කියල හිතෙනවා. එත් ඉතින් නැගල ගියා කියල තියනවනේ...

    ReplyDelete
  16. නෝනා මහත්තයා හරී ගෙන් වැඩ ගන්නවා වගේ. :D

    මම මේක හදලා තියෙනවා සීනිත් එකතු කරලා. මම නම් ඉතින් පාන් පෙති 4 ක් ම කෑවා. :)

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...