9.25.2015

මා කියවූ චරිතාපදාන

“Truth is stranger than fiction, but it is because Fiction is obliged to stick to possibilities; Truth isn't.”      ― Mark Twain

ප්‍රබන්ධ වලට වඩා මම පෞද්ගලිකව චරිතාපදාන ප්‍රිය කරමි. සමහර ප්‍රබන්ධවල කෙළවර අනුමාන කළහැකි නිසාත් කෙතරම් රසවත් දෙයක් වුවත් මෙලොව සැබවින්ම සිදුවූවක් යැයි නොසිතෙන නිසාත් මම ප්‍රබන්ධ වලට එතරම් ඇල්මක් නොදක්වමි. නමුත් වන්දිභට්ට චරිතාපදානද ස්වයං ලිඛිත චරිතාපදානද ඇතිබැවින් 'සත්‍යය' පිළිබඳ දෙවරක් සිතාබැලිය යුතු අවස්ථා ද නැත්තේම නොවේ.

පහළින් දැක්වෙන්නේ මා කියවූ චරිතාපදාන වලින් මට මතක ඇති සිත්ගත් කිහිපයකි. ඒත් සමහරක පොතේ නම මතක නැත. තිබූ කරුණුද මතකයේ ඇත්තේ අඩුවැඩි වශයෙනි. ඒ නිසා පොත ගැන විස්තර කිරීම පසෙක තබා පුද්ගලයාගේ තොරතුරු ස්වල්පයක් කියන්නට අදහස් කළෙමි. එයත් කම්මැලි කාර්‍යයක් වූයේ ඒ ඒ පුද්ගලයන් පිළිබඳ විස්තර අන්තර්ජාලය තුළ සිංහලෙන් අඩංගු වීම නිසාය. එනිසා අදාළ තැනින් යම් උපුටා දැමීමක් කොට උපුටාගත් ස්ථානය කරා සබැඳියක් දැමුවෙමි. කැමති කෙනෙකුට පොත කියවීම පසෙක තබා අදාළ සබැඳියෙන් විස්තර ලබා ගත හැකිය.

ලී ක්වාන් යූ
මඩ ගොහොරුවක සිටි සිංගප්පූරුව කොළඹ තත්වයට ගෙන ඒමේ ඉලක්කයෙන් ඇරඹි ගමන නතරවූයේ කොළඹද පසුකරයාමෙනි. ඒ අසාහය කාර්‍යයේ නියමුවා සිංගප්පූරු හිටපු අගමැති ලී ක්වාන් යූ ය. පොතේ නම මතක නැතත් ඔහු මුල සිටම සිංගප්පූරුව ගොඩනැවීමෙහි දැක්වූ කාර්‍යයශූරත්වය පොතේ සඳහන් වී තිබිණි.මා මුලින්ම ඔහු ගැන දැනගත්තේ ධනාත්මක චින්තනය පිළිබඳ දේශනයකදීය. ඊට පසුකලෙක මා විමසා බැලීමේදීත් ඔහු ගැන දන්නෝ ඉතා අල්ප දෙනෙක් විය.


මහත්මා ගාන්ධි
මහත්මා ගාන්ධි පිළිබඳ නොදන්නෝ සිටිය හැක්කේ ඉතාම අල්පදෙනෙකි. එතරම්ම ඔහු ප්‍රසිද්ධ චරිතයකි.
දිරුබායි අම්බානි
ලෝ සුපතල බිලියනපතියන් වන අනිල් අම්බානි හා මුකේෂ් අමබානිගේ පියා, දිරුභායි අම්බානිය. රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ආරම්භ කිරීමේ කතාවයි. මනිරත්නම්ගේ ගුරු හින්දි චිත්‍රපටයට පාදක කොටගෙන ඇත්තේ මේ ජීවිත කතාවයි.

හිට්ලර් ගැන සඳහන් පොත් කීපයක්ම කියවා ඇත. විශේෂයෙන්ම හිට්ලර්ගේ ලේකම්වරියක විසින් රචිත පොත මා සිත්ගත්තේය.

මර්සලීන් ජයකොඩි පියතුමා
කතෝලික පියතුමෙක් වුවත් බෞද්ධ සංස්කෘතිය කෙරෙහිද සංගීතය කෙරෙහිද විශේෂ නැඹුරුවක් දැක්වීය.

එන්. එම්. පෙරේරා
එංගලන්තයේ විශිෂ්ට ආර්ථික මහාචාර්යවරයෙක් වූ හැරල්ඩ් ලැස්කි (Harlod laski) ගේ විශිෂ්ටතම ශිෂ්‍යා බවටද එන්. එම්. පත්විය. තම ගෝලයා ගැන මහා ඉහළින් කතා කළ හැරල්ඩ් ලැස්කි වරක් පැවැසුවේ ‘’එන්. එම්. පෙරේරා, එංගලන්තයේ උපත ලැබුවේ නම්, හේ එංගලන්ත අගමැති පදවිය හෝ මුදල් ඇමැති පදවියට පත්වන්නට බොහෝ දුරට ඉඩ තිබුණ බව‘යි. කෙසේ වුවද හේ වසර කීපයක් සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ මුදල් ඇමැති පදවිය ඉසුළුවේ ය. රටට හිතැති ප්‍රගතිශීලී යෝජනා රැසක් ඔහු දායාද කෙළේ ය. මෙහිලා මැණික් සංස්ථාව ස්ථාපනය කිරීම කැපී පෙනෙන ප්‍රගතිශීලී සමාජ සත්කාරයකි. (උපුටා ගැනීම)
ප්‍රභාකරන් උපන් ගමෙහි පිහිටි වැල්වැටිතුරෙයි මහා විද්‍යාලය, දහස්‌ ගණන් දරු දැරියන්ගේ නුවන් පෑදූ පාසලකි. එහිදී අ.පො.ස. (සා.පෙළ) දක්‌වා අධ්‍යාපනය ලැබුව ද ප්‍රභාකරන්ගේ සිත යොමුවූයේ ත්‍රස්‌තවාදී ක්‍රියා වෙතය. හුදෙකලාව සිටීමට නිතර උත්සුක වූ ඔහු කරාටේ, ජූඩෝ ක්‍රීඩාවලට උනන්දුවෙන් සහභාගි විය. (උපුටා ගැනීම)

1942 මාර්තු මස 20වනදා ඓතිහාසික කන්ද උඩරට කොත්මලේ පුරවරයේ මාස්වෙලදී මෙලොව එළිය දුටු පින්බර පුත් රුවන නමින්ලයනල් ගාමිණී දිසානායක නම් විය. දක්ෂ ව්‍යාපාරිකයකු වූ ඇන්ඩෲ දිසානායකයන්ගේත්, සමරතුංග වෙලගෙදර කුමාරිහාමිගේත් දෙවැනි දරුවා ලෙස මෙලොව එළි දුටු ගාමිණීට එම නම යෝජනා කර ඇත්තේ එවක යතුරුගහලියැද්ද පන්සලේ ලොකු හාමුදුරුවන්ව වැඩ සිටි දිඹුල සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. (උපුටා ගැනීම)



"මයිකල් රුදිගු පියතුමා, සම්ප්‍රදායික කතෝලික පියතුමෙකුගේ භූමිකාවෙන් මිදිලා විප්ලවීය විදිහට ජනතාවට සේවය කරන්ඩ උත්සාහ දරපු පියතුමෙක්. සාම්ප්‍රදායික ලෝගුව අතෑරලා සරම බැනියම ඇඳගෙන දුෂ්කර ගම්මානයක දිළින්ඳන් සොයාගෙන තමයි එතුමා යන්නේ. ඒත් ඒ වෙනුවට එතුමාව සොයාගෙන එන්නෙ වෙඩි උණ්ඩයක්.  ඒ උණ්ඩය යන්නෙ එතුමාගේ ජීවිතයත් අරගෙන. මේ එතුමාගේ කතාවයි. "

වීරප්පන්
කර්ණාටක ප්‍රාන්තයේ ගෝපිනාතම් ගම්මානයේ දී කූසේ මුනිස්වාමි වීරප්පන් උපත ලැබූයේ 1952 ජනවාරි 18 වැනිදාය. වන්නියාර් කුලයේ ගවයන් ඇති කරන පවුලක උපන් ඔහු කුඩා කල ගම්මානයේ ප්‍රකට වූයේ ‘මොලකායි’ යන නමිනි. පවුලේ අය හා ඥාතීන් දඩමස් හා සුදුහඳුන් දැව ජාවාරමේ ද නියැළි අය වූ අතර වීරප්පන් කුඩා කල පටන්ම එම ජාවාරම්වල යෙදුණු තම ඥාතියකු වූ ක්සේවියර් ගෞන්දර් ගේ සහායකයා ලෙස කටයුතු කළේය. (උපුටාගැනීම)


පියවරෙන් පියවර කණිෂ්ඨත්වයේ සිට ජ්‍යෙෂ්ඨත්වයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය හොබවන වික්‍රමසිංහ මහතා පක්ෂ විපක්ෂ බහුතර ගෞරවයට පාත්‍ර වන්නේ සියලූ ගුණයන්ගෙන් සපිරි නිකැලැල් මහත්මා දේශපාලනඥයෙකු වශයෙනි. අඩුවෙන් කතා කොට වැඩියෙන් වැඩ කිරීම ප්‍රායෝගිකව ලෝකයට පෙන්වා දුන් අවංක ජනතා සේවකයෙකු වූ හෙතෙම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන්නේ 1994 දීය. (උපුටාගැනීම)


කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මොහු අධ්‍යාපනයට වඩා සිත යොමු කළේ කෙළි සෙල්ලම් සඳහාය. ටෙනිස්, කි‍්‍රකට්, පෝලෝ, බොක්සිං ,මල්ලවපොර පමණක් නොව අසුන් පිටයාමට ද මනා දස්කමක් දැක්වූ අතර මොහු නමින් ජෝන් ලයනල් කොතලාවල නම් විය.යුධහමුදා නිලධාරියකු වූ ජෝන් කොතලාවල මහතාගේත් ඇලිස් ආටිගල මැතිනියගේත් පුතකුව 1895 දී බණ්ඩාරගම කොතලාවල දී උපත ලද ජෝන්ට වයස අවුරුදු එකොළහ පමණ වන විට පියා මියගියේය. (උපුටාගැනීම)

ජෝන් කොතලාවල කතාවේ සමහර තැන් මට අපැහැදිලි විය. ඒ පියාගේත් පුතාගේත් දෙදෙනාම ජෝන් කොතලාවල වූ බැවිනි. මම හිතන්නේ නෙයිනගෙ සූදුපොළ වැටලුවේ ජෝන් කොතලාවල පියාය. 

කියමු බලන්න දන්න මේ වගේ පොත් ටිකක් ගැන විස්තර.

20 comments:

  1. ලී ක්වාන් යූ ගැන අහල නැති අය ඉන්නව කීවමත් පුදුමයි.. ගුරු චිත්‍රපටයට පාදක වුනේ අම්බානි ගෙ කතාව කියල දැනන් උන්නෙ නෑ. ඒක බැලුවෙ මනිරත්නම් හින්ද.. ඒ විතරක් නෙළුී සෑහෙන්න සාර්තක මට්ටමක තිබ්බ චිත්‍රපටයක්
    ඇත්තම කියනව නං චරිතාපදා කියවල නැති තරං.. ඒ හින්ද සජෙස් කරන්න තරං පොතක් මතකෙට එන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. //ලී ක්වාන් යූ ගැන අහල නැති අය ඉන්නව කීවමත් පුදුමයි.. // දවසක් ආචාර්‍යවරයෙක් විශ්ව විද්‍යාල ශිෂ්‍යය පිරිසකගෙන් ලී ක්වාන් යූ කියන්නෙ කවුද කියලා උත්තරේ දැනගෙන හිටියෙ මම විතරයි. දැන් තවත් පුදුමයි නේද? ගොඩක් කට්ටිය ඒ නම ඇහුවෙත් එදාලු.

      ගුරු රූපවාහිනියෙ බලපු දවස්වල නම් පුදුම ආසාවකින් බැලුවෙ. මේ ළඟදි මතක්වෙලා ඩවුන්ලෝඩ් කරන් ආයෙ බැලුවා. එදා තරම් ගතියක් දැනුනෙ නෑනෙ. සමහරවිට ඒ කාලෙ ඒ තරම් බටහිර චිත්‍රපටි බලලා නොතිබිච්ච නිසා වෙන්න ඇති. හැබැයි සින්දු ටික නම් ලස්සනයි තාමත්.

      Delete
  2. මා උසස්පෙළ පන්තියේ ඉගෙනගන්නා කාලයේ ඇන්. ඇම්. පෙරේරා මහතා මුදල් ඇමැතිවරයාය. සති අන්තයේ නිවසට එන ඔහු, බොක්සින් බැනියමක් සහ පිජාමා සරමක් හැඳ, තුවායක් කරේ දමාගෙන, සෙරෙප්පු දෙකක්වත් නොපැළඳ, අපේ පාසලේ ක්‍රීඩාපිටිය හරනා, නාන්නට කැළණි ගඟට යයි. තුවක්කු පිස්තෝල සහිත ආරක්ෂකයන් වෙනුවට ඔහු සමග ගියේ බාල්දිය සහ සබන් කෑල්ල ගත් සේවකයකු පමණි.

    මා පාසල් ශිෂ්‍යභට ඛණ්ඩයේ සැරයන් ලෙස කටයුතු කළ කාලයේ සවසක ක්‍රීඩාපිටියේ ශිෂ්‍යභට ඛණ්ඩය පුහුණු කරමින් සිටියදී මෙතුමා ගඟට යන්නට පැමිණියා. ඇමති කෙනෙක් නේද කියා සිතා මම වහාම ඛණ්ඩය සීරුවෙන් සිටින් කියා අණදී, Good afternoon Sir කිව්වා. මා අසලට පැමිණි ඔහු මහේ උරහිසේ අත තබා සිනාසී, 'දැන් මේ ට්‍රේනිං එක කොච්චර කම්මුතු කරලද තියෙන්නේ' කියා ඇසුවා. කම්මුතු කියන වචනය මට නුහුරු වුනත් මා කිව්වා, 'සර් මාස තුනක් විතර' කියලා. හා හොඳයි කියූ එතුමා, අර සේවකයාගේ කණට කර යමක් පවසා, ඔහුව ආපසු හරවා යවා, තනියම නාන්න ගියා. විනාඩි 10 කට පමණ පසු, නගරයේ ප්‍රසිද්ධ හෝටලයක වැන් එකක් ආවා, අපේ ඛණ්ඩයට උණු උණු ටී බනිස් සහ කිරිතේ සමග. මුදල් ඇමතිතුමා ගානේ.

    1977 වසරේදී ගාමිණී දිසානායක මහතාව ටිකක් ඇසුරු කරන්න ලැබුනා. ඔහුගේ උගත්කම දේශපාලනයට නොයොදා රටට යෙදුවානම් හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. gamini dissanayake lokoththara kapatiyeka mrua eka thama Honda. mata awul thiyenne Lalith athulath mudalith Gamainige gata wlata ahu una eja gana

      Delete
    2. මහත්මයා ගාමිණී දිසානායකගේ කපටිකම් මොනවාද කියා පැහැදිලි කලානම් හොඳයි.

      Delete
    3. @විචාරක,
      අපූරු කතාවක් විචාරක මහත්මයා. ඊටපස්සෙ ඇන්. ඇම්. ලොක්කා කවදාවත් පුහුණුවීම් වෙලාවෙ නාන්න ආවෙ නැතිලු. :)

      ගාමිණී දිසානායක කියන පුද්ගලයා රටට නැතිවුනේ රටේ තිබ්බ කරුමෙකට කියලයි ගොඩක් අය කියන්නෙ.

      @ රන්සතු,
      උදාහරණයක් දෙකක් කිව්වා නම් හොඳයි වගේ.

      Delete

  3. සුටුස් ගාල මතක් වුනේ තිස්ස අබේසේකර මහත්තයාගේ අයාලේ ගිය සිතක සටහන් පොත.අතීතයේ රස්තියාදුවෙන්න මරු පොත ඒක.
    ම්ම්ම් තව වී.ඩී.ද ලැනරෝල් මහත්තයාගේ හපන්කම් මෝඩකම් හා පුරසාරම් පොතත් D F කාරියකරවන මහත්තයාගේ දසක සතක මතක පොතත් මතකයට එනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, පොත් තුනම හොයාගෙන කියවන්න ඕනෙ.

      Delete
  4. lokka Black Boy kiyawapan hoyagena hari

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, මිත්‍රයා.

      Delete
  5. මම වැඩිය චරිතාපදාන කියවලා නෑ. කියවපු ඒවයෙන් වැඩිය මතන තිටයන්නේ නෙල්සන් මැන්ඩලාගෙ කතාවයි, ඩේව් පෙල්සර්ගෙ චරිතාපදානයයි.

    ReplyDelete
    Replies
    1. ඩේව් පල්සර් කියන්නෙ කවුද? මම දන්නෙ නෑනෙ. ස්තුතියි ඔත්තුවට

      Delete
  6. චරිත කතා කියවීම නම් අැත්තට ම දරුවන්ටත් වටිනා දෙයක්..

    ReplyDelete
    Replies
    1. මාත් ඒක හිතනවා. කතෝලික පොඩි ළමයින්ට කියවන්න ශුද්ධවන්තයන්ගේ ජීවිත කතා නිර්දේශ කරලා තියෙනවා.

      Delete
  7. ඔය ජනප්‍රිය ප්‍රසිද්ධ පුද්ගලයො ගැන චරිත කතා වෙනත් අය ලියද්දි බොහෝ විට ලියන්නෙ ඒ චරිතෙ හොඳ පැත්ත, ලබපු ජයග්‍රහණ ගැන විතරයි. මටනම් ඒවයෙ කිසි රසක් නෑ. ඒත් ස්වයං ලිඛිත චරිතාපදානයකදි බොහෝ විට ඒක ලියන පුද්ගලයා තමන්ගෙ දුර්වලකම්, තමන් කරපු වැරදි වැඩ, ජීවිතෙ පසුබාපු අවස්ථා, ඒ ඒ අවස්ථාවලදි යම් යම් දේ ගැන ඔහුට ඇතිවුනු හැඟීම් - ඔහුගෙ අදහස් වගේ හැම දෙයක්ම සඳහන් කරනවා. ඒ වගේ පොත් නම් කිසි කම්මැලිකමක් නැතුව කියවන්න පුළුවන්.

    //ජෝන් කොතලාවල කතාවේ සමහර තැන් මට අපැහැදිලි විය. ඒ පියාගේත් පුතාගේත් දෙදෙනාම ජෝන් කොතලාවල වූ බැවිනි. මම හිතන්නේ නෙයිනගෙ සූදුපොළ වැටලුවේ ජෝන් කොතලාවල පියාය.//

    ඔව් අර ජැක්සන් ඇන්තනී කියන විරිඳුවෙ තියෙන නෙයිනගෙ සූදුපොළ සිද්ධියෙ කියන්නෙ සර් ජෝන්ගෙ පියා ගැන තමයි. සර් ජෝන් ලාබාල වියේදිම පියා මියගියේය කිව්වට ඔහු මැරුණෙ හිරේදි කියල හරී අහල ඇති. මම අහල තියෙන හැටියට ඩී.සී.ජී. ආටිගල මහ මුදලිගෙ දූවරු දෙන්නෙක් තමයි සර් ජෝන්ගෙ පියාත් (ඇලිස් ආටිගල), ඩී. එස්. සේනානායකගෙ සහෝදර එෆ්. ආර්. සේනානායකත් (ඇලන් ආටිගල) සමඟ විවාහ වෙන්නෙ. (අනෙක් දුව ජේ.ආර්. ජයවර්ධනගෙ පියා වෝල්ටර් ජයවර්ධනගෙ සහෝදර කර්නල් ටී.ජී. ජයවර්ධන සමග විවාහ වෙනව-මම හිතන්නෙ ඔය ප්‍රසිද්ධ පවුල් තුන අතර ඥාති සබඳකම් ඇති වුනේ ඒ විදියට) සර් ජෝන් ඩී. එස්ගෙ බෑණා වෙන්නෙ ඒ නෑ කමෙන්. මහමුදලි ආටිගලගෙ මරණෙන් පස්සෙ බූදලෙ උරුම වෙන්නෙ සර් ජෝන්ගෙ මාමා වුනු එවකට ලාබාල තරුණයෙක් වුනු ආටිගල පුතාට. ඔහු අඩුවයස් නිසා දේපල පාලනය කරන වැඩේ සර් ජෝන්ගෙ පියා විසින් ඉටුකරනවා. ඒ අතරෙදි නාඳුනන පුද්ගලයෙකු අර ලාබාල ආටිගල තරුණයට වෙඩි තියල මරණව. ඒකෙ සැකය එල්ල වෙන්නෙ සර් ජෝන්ගෙ තාත්තට. ඝාතනය වන විට ඔහු ලංකාවෙ නොහිටියත් දේපල අත්පත්කරගැනීමේ අරමු‍ණෙන් කුමන්ත්‍රණය කිරීමෙ වරදට ජේෂ්ඨ කොතලාවල ලංකාවට එද්දි අත්අඩංගුවට පත්වෙනව. ඔහු හිරේදි සියදිවි නසාගත්තා කියල තමයි මම අහල තියෙන්නෙ. මිනිරන් කර්මාන්තයෙන් පාඩු වුනු ඒ කාලෙදි අධ්‍යාපනය ලබපු සර් ජෝන්ටත් මවටත් ඇතිවුනු ආර්ථික ප්‍රශ්නවලට සේනානායකල උදව් උපකාර කළාලු.

    ReplyDelete
    Replies
    1. //ඔය ජනප්‍රිය ප්‍රසිද්ධ පුද්ගලයො ගැන චරිත කතා වෙනත් අය ලියද්දි බොහෝ විට ලියන්නෙ ඒ චරිතෙ හොඳ පැත්ත, ලබපු ජයග්‍රහණ ගැන විතරයි. // මම ඩීඩීටී දරපු මතයට වෙනස් මතයක් දැරුවෙ. මම හිතාගෙන හිටියෙ තමුන්ගෙ චරිතාපදානය ලියද්දි අතිශෝක්තියත් එකතු කරනවා ඇති කියලයි.

      ඒත් මට නම් හිතෙන්නෙ ඔබගේ මතයත් මගේ මතයත් 100% නිවැරදි නෑ. චරිතාපදානයේ අඩංගු කරුණු වලට බලපානවා ඇත්තේ චරිතාපදානය ලියන කෙනාගෙත්, ලියවෙන චරිතයේත්, ඊට කරුණු සපයන අයගේත් ආකල්ප නේද? උදාහරණයකට කිව්වොත් තමුන්ගේ පම්පෝරියම ගහන කෙනෙක් තමුන්ම චරිතාපදානයක් ලිව්වොත් එයාගේ නරකත් ලියයිද නැත්නම් අතිශෝක්තියෙන් වර්ණනාවක යෙදෙයිද?

      පහළින් දක්වපු වටිනා විස්තරයට ස්තුතියි. පොත කියවන්න කලින් මම හිතාගෙන හිටියෙ අගමැති වෙච්චි සර් ජෝන් තමයි එළුවගෙ පස්සට පයින් ගැහුවෙ කියලා.

      Delete
  8. සන්තෝසයි සන්තෝසයි....

    -------
    මටනම් මචෝ චරිතාපදාන වැඩිය කියවන්න ලැබිලා නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා එකක් කියෝලා බලමු.

      Delete
  9. mama charithapadana kiyawala nhe. Namuth mehema sanwada godanagima pilibadawanm godak sathutui me wage yugayaka.

    ReplyDelete
  10. mama charithapadana kiyawala nhe. Namuth mehema sanwada godanagima pilibadawanm godak sathutui me wage yugayaka.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...